Saturday, 19 August 2017
Tuesday, 8 August 2017
බුදු දහම හා ගීතය
ආගම් සංකල්පය හා නිර්මාණකරණයමිනිසුන් පීඩාවට පත් කරන කරුණු සම්බන්ධයෙන් බුදු දහම මඟින් කෙරෙන විවරණය ප්රශ්න කිරීම සන්දර්භය අතින් සැලකීමේ දී, එක්තරා ආකාරයකට කාව්ය සාහිත්යයේ සන්ධිස්ථානයකි, සිංහල කවිය. එහි සමස්ත ඉතිහාසයේ ආධිපත්යය දරන ලද්දේ බුදු දහම වීම ඊට හේතුවයි. ලාංකේය සමාජ සංස්කෘතියේ පදනම වන සිංහල – බෞද්ධකම හා බුදුදහමේ නිර්මාතෘවරයා වන බුදුන්ගේ චරිතය යුග යුග කවීන්ගේ නොමද අවධානයට පාත්ර වූ චරිතයකි. සම්භාව්ය කවීන් බුදුන් තත්සමව වර්ණනා කළ අතර එය උත්තරාරෝපිත බුදුන්ගේ ප්රතිරූපය තවත් උත්කර්ෂයට නැංවූ ප්රයත්නයක් විය. ලොව සියලූ ආගමික නායකයින් මනුෂ්යත්වය ඉක්මවූ පිරිසක් බවට වන නිර්මාලාපය සෑම ආගමකම පදනම් කරුණකි. ආගමික පදනම භක්තියයි. මෙනිසාම, සෑම ආගමික කර්තෘවරයෙක්ම භක්තිය අවධාරණය කළ අතර ඒ අනුව යමින් පසුකාලීන ආගමික කතුවරු එය උත්කර්ෂයට නැංවූහ. සිංහල පද්යය ආරම්භයේ සිටම ”පද්යයෙන් නම් බුදු දහම වර්ණනා කළ යුතුය” (පෙදෙන් බුදු සිරිත – බසින්වත් සිරිත් ඈ) යනුවෙන් සියබස්ලකර කතුවරයා පැනවූ සීමාව පසුකාලීන කතුවරු එලෙසම අනුගමනය කළහ. මෙම කරුණ අභියෝගයට ලක් කිරීම සැබැවින්ම නිර්භීතකමක් නොවන්නේ ද? මහගම සේකර අතින් ජනප්රිය බුදුදහම ප්රශ්න කිරීමට ලක්වේ.යශෝධාමම පසක් කළා තවත් සත්යයක්සාගතයෙන් පෙළෙන තැනකවගා නොවන බව ධර්මයසාගින්නෙන් පෙළෙන අයටපසක් කර ගත නොහැක ධර්මය(ප්රබුද්ධ)මෙලොව කාර්යයන් සියල්ලම දෛවයට හෝ කර්මයට භාර දී පරලොව විමුක්තිය සෙවීමට යෝජනා කරන ආගම, සිය දාර්ශනිකයා දේශනා කළ කරුණු පවා අමතක කර ඇති බව කවියාගේ අදහසයි.”ආනන්දමොහු බඩසයින් පෙළෙයිඑබැවින් බණ අසනට සුදුසු නොවෙයිහැමට පෙර මොහුට ආහාර දෙව”(ප්රබුද්ධ)කවියාගේ සීමාව යථාර්ථය විදහාපෑම වුවත් එම කඩඉම ඉක්මවා යමින් කළ සේකර වඩා යහපත් ලොවක් නිර්මණය කළ යුතු බවට සිය රසිකයාට අවධාරණය කරයි.ධර්මය වටහාගත හැකිසත්යය සුන්දර බව දැකගත හැකිඋත්තර සමාජයක් ගොඩ නැඟීමේ මුල් පියවරකෑමෙන් – බීමෙන්ඇඳුමෙන්ගෙයින් දොරින්තෘප්තිමත් වූ ලොවක් තැනීමය(ප්රබුද්ධ)කාරණාව බුදු වෙනවා ලකුණු දැනේනෑර කැටිව ආවා මම සරණ ගෙනේභාවනාව තොර නොකරමි සිතින් අනේමාලිගාව අද අඳුරුයි සුවාමිනේසිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යාමෙන් අනතුරුව යශෝධරා දේවියගේ හැසිරීම ඉහත කවියේ වර්ණිත යශෝධරාව හා නොගැලපේ. ඇය අනුගමනය කරන ලද්දේ, දැඩි ප්රතිපත්තියකි. ඇය කිසිවෙකුත් සමග කතා බහකට නොගොස් මාලිගයේ, උඩුමහලේ හුදකලාව වාසය කළාය. දළ රළු රෙදි පෙරෙදි ඇන්දාය. ආහාර වර්ජනය කළාය. අවසන වසර හයකට පසු බුදුව කිඹුල්වත් නුවරට පැමිණි බුදුන් පිළිගැනීමට ඇය මාලිගයෙන් පහළට නොබැස්සාය. බුදුන්වහන්සේට යමා මහපෙළහර පා, සියලූ ශාක්යයන්ගේ මන් බිදීමට හැකි වුවද යශෝධරා සිය කුටියෙන් එළියට කැඳවීමට නොහැකි විය. අවසන ඇගේ කුටියටම වැඩ ඇයට ධර්මය දේශනා කිරීමට බුදුන්වහන්සේට සිදු විය. එහෙත්, ජන කවියා මැවූ යශෝදරාවතේ එන යශෝධරාව නම් බුදුන්ගේ ඡායාමාත්රයක් දුටු ඇසිල්ලේම උන්වහන්සේ වෙත ගොස් බදා වැළඳ සිය සතුට පළ කරනු නොඅනුමානය. මෙම ජනකවි ආභාසය අනුව බුදුන්වහන්සේ යනු සාමාන්ය මනුෂ්යයෙකු බව සේකර සිය නිර්මාණ තුළින් විවරණය කරයි.බුදුන් වහන්සේ පිරිනිවන් අපේක්ෂාවෙන් රජගහ නුවර සිට කුසිනාරා නුවරට වඩින දිනක් අතරමඟදී ආනන්ද හිමියන් අමතා ‘ආනන්ද මා උපන් නුවර සිට හමා එන සුළඟ පවා මට සැපයක්’ යැයි කීවෝය. අල්පේච්ඡතාවෙන් දිවි ගෙවූ උපේක්ෂා සහගත බුදුන්ගේ වදන් කවියා විමසීමට ලක් කරයි. එමඟින්, බුදුන් යනු මානව විමුක්තිය සොයා ගිය විමුක්තිකාමියෙකු ලෙස දක්වන කවියා වක්රාකාරයෙන් වත්මන් සංඝ සමාජය හා එහි ඇවැතුම් පැවැතුම් ප්රශ්න කරයි. දේශපාලනයෙන් මත්ව, පාලක පංතිය හා එක්ව සිටිගෙන පිණ්ඩපාතයෙන් හා පාංශකූලයෙන් පමණක් යැපිය යුතු බවට වදාල පිරිස් ”චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය” වෙනුවට ”චරත භික්ඛවේ චාරිකං මහරජ හිතාය, මහරජ සුඛාය” යන්න තේමාව බවට පත් කර ගෙන සිටීම කවියා අවඥාවට ලක් කරයි.පොදු ජනතාව තම දිවි පෙවෙතත් බුදුදහමත් එකක් කොට සැලකූ®හ. ඒ නිසාම ඔවුන් අතරින් පහළ වූ ජන කවියන්ද සිය සිතැගි පැවසීමේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත් තම ට්ත්තාභ්යන්තරයේ පැවති ගෞරවය සිහිපත් කිරීමට අමතක නොකළහ. ගොවිතැන, ආශි්රත කවි, ජන කවි අතර බෙහෙවින් දක්නා ලැබේ. වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදය පතමින් ගොවියා කරන ගොවිතැන අපේක්ෂා නොකළ පරිදි නියඟින් විනාශ වී යයි. තමන්ගේ පමණක් නොව තම අඹුදරුවන් ගේ ද කුසගිනි නිවාලනු සඳහා මහත් වෙහෙස දරා කරන ලද කුඹුරු පාලුවීම ඔහුට ඉවසිය නොහැකි වේදනාවකි. සංසාරය මෙවන් දුක් වේදනාවලින් ගහන වූවක් බවත්, ඇති එකම පිළියම නිවන් දැකීම බවත් බුදුදහමින් ඔහුට උගන්වා ඇත. එය තම එකම අපේක්ෂාව බව කවියා පවසන්නේ මෙසේ ය.
කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැසිපල නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
x
Monday, 7 August 2017
සොදුරියේ
Saturday, 29 July 2017
තාරුණ්යයට වටිනාකමක්
අතැත Smart phone දෙස අතැගිලි එහා මෙහා
යවමින් ඇතැම් දේ දෙස විශ්මිතවත් තවත් දෙයක් දෙස ඩැහැගැනීමෙන් විටෙක සිනා වෙන විටෙක
බිරන් තට්ටු වී යමක් දෙස එක එල්ලේ බලා සිට්න තාරුණත්යේ විපරිහානියට වගකිව යුත්තේ
ජංගම දුරකථනය ද තාක්ෂණය ද අන්ධානුකරණ තාක්ෂණික පලහිලච්වක ද , තාරුණ්ය අතරමං වෙලා දැනුම සොයන සමාජයක් තුළ
විනෝදාස්වාදය වින්දනය ප්රමුඛ වෙලා හුදු මානසික තෘප්තිය, විවිධ වු සමාජීය කාරණා මත පැල්බැද ගනී. තමා තමා තුළ
නිර්මාණය කරගනු ලබන ලෝකය තවත් කෙනෙකුන් ඉදිරියේ නිරුවත් කිරිමත් තම ප්රතිරූපය
වෙනසක් නැතුව ත්්ජැ ඉදදන ඉදිරියේ එළිදක්වන අයට තම ප්රතිරූපයට හොද නරක විනිශ්චය
කරනු ලබන්නේ Face book
හරහාය. Face book photo upload කරන තාරුණය වෙළඳ පොළ ආක්රමණය
කර ඇත. පෙර පැවති ජංගම දුරකථනය වෙනුයට පැමිණි Smart phone
එක සමඟ Selfie, Viber, Imo, Whatsapp වැනි අංගයන් එක්වීම මත තමා රුවී පරිදි තම සිතැගි හැඩ ගැස්විය හැකිය.
සමාජ ජාල වින්දනය හුදු විනෝදාස්වදයක් පමණක් ම විනා බුද්ධිමත් විනෝදාස්වාදයක් නොවන
බවය. එකල පොත පතට ලොල් බැඳි සමාජය ජීවත් වුණ මිනිසා නැවත පියවරෙන් පියවර හීන වු
බුද්ධිය සමඟ වෙස් බැඳි වනචාරි Smart යුගය වැඩි ඇතක නොවේ.
හුදකලා වු ලෝකයක Smart ලෝකයක ජීවත්වෙමින් තමන් පමණක් තනිව තාක්ෂණික ලොවක ජීවත්වන කාලයක්
වුදා වෙවී එදාට මිනිසුන් බෝහෝ දෙනාගේ මියයෑමේ ප්රවණතාවය වැඩි වෙයි. වර්තමාන
සමාජය තුළ වැඩි වශයෙන් සියදිවි නසාගැනීමට හේතුන් ලෙස නව තාක්ෂණය හා ඒ තුළින්
බැහැර වීමට නොහැකි වීමේ බැදීම මෙයට හේතු වේ. නසා ගැනීමේ තාරුණ්යය සමග ඉදිරි
පරපුරක් තුළින් රටට අවැසි සමාජ සංවර්ධනය, සමාජීය ගුණාත්මයන්, තරුණ ශ්රමය වෙනුවට මානසිකත්වය දුර්වල සමාජ සංස්ථාවක්, යමක් දෙස වෙනස් ම අයුරින් දකින පිරිසක් අහිමිව යාම සමාජ
ඛෙදවාචකයකි. මුහුණු පොත තාරුණයේ කැඩපතක් නොකර ගනිමු. මුහුණු පොතෙන් ලැබෙන පේ්රමාරාධනා
හුදු හැගුමාරාධනාවක් නොකර තරුණ සිතින් යාථාර්තය දකිමු. තාක්ෂණය පරිහරණයේ දී යමක් ලබා ගැන්මට විනා තියෙන දේත්
අහිමි කර ගැනීමක් නොකර, අපතේ යන කාලය ඔබට
දිනෙක සිනාසෙවි එදාට ඔබ පසුතැවේවි. සුන්දර තාරුණය කඩතොළු නොකර සමාජයේ තාක්ෂණික
මෙවලම් හමුවේ එය පරයා අභියෝගයක් විය යුතුය. සුන්දරත්වය රදා පවතින්නේ Face book profile එක මත නොව තම ව්යාජ
ජීවිතයන් මත බව අපි කවුරුත් සිහියට ගත යුතු වේ.
චලනි කරුණාතිලක
ජන සන්නිවේදන
විශේෂවේදී දෙවන වසර
කැලණිය විශ්ව විද්යාලය
Wednesday, 26 July 2017
Study leave සහ අපි
උසස් අධ්යාපනයක් ලැබීම හීනයක් වුන කාලයක A/L හොදට පාස් වෙන්න කියලා, හොදට ම පාඩම් කරපු අපි Campus ආවා. Campus ජීවිතයේ අලඟිය මුලගිය තැන් ස්පර්ශ කරමින් සිටින අතර ම අපිට ම උරුම අධ්යාපන රටාවක ගැලවුම්කාරයෙක් වෙන්න බැරුව Assignment, presentation වලට මුහුණ දෙනගමන් බරටම මදි නොකියන්න ගිරා දානවා( කටපාඩම් Campus අධ්යාපනයේ ගිරා දැමීම, කුප්පි දැමීම (එකට එකතු වී පාඩම් කිරීම) සාමාන්යයයි. අධ්යාපනය කටු අත්තක් යන හැගිම ඔනවාටත් වඩා දැනෙන කාල පරිච්චේදයක් තමයි Study leave මේ කාලය තුළ සියලූ ම නොකරපු වැඩත් බදාගෙන සති දෙකක කාලයක් තුළ මහන්සි වෙලා නින්දක් නැතුව ගොඩ දානවා. ඇනයක් නැතුව බේරෙන්න(Repeat නොවීම) ඹ්න කියන කාරණාවත් හිතේ කොනකින් තියාගෙන මෙන්න මේකයි කියන ක්රමවේදයකට සාමාන්යයෙන් අනුගත වෙමින් ලබන මෙකී හරබර නැති ක්රමවේදයක් විද්යාර්ථයකුට නම් ගැලපෙන්නේ ම නෑ. මෙම අධ්යාපන රටාව තුළ ඇල් මැරුන බවක් හෝ නීරස දෙයක් විදියට එක් අතකින් දැකීම එය අධ්යාපන රටාවේ යම් අඩුපාඩුවක් ද නොඑසේ නම් විද්යාර්ථ භුමිකාව ඊට අනුවර්තනය වීමේ සක්යතාවයේ දුබලතාවයක් ද යන්න ගැටලූවකි. නමුත් අධ්යාපන පරිපථය තුළ විභාග ක්රමවේදය තුළ යම් ආකාරයක සංවර්ධනයක් පැහැදිලි ලෙස සිදුවිය යුතුය. විශ්ව විද්යාල අධ්යාපනය තුළ විෂය කේන්දීය අධ්යායනයක් වටා අධ්යාපනය සිදුවේ නම් විෂය මුලික ප්රයෝගිකත්වයකට සුවිශේෂි මුලිකත්වයකට ලක් විය යුතුය. විශ්ව විද්යාල අධ්යාපනයෙන් අනතුරුව ඉගෙන ගත් දැනුම නොව ප්රයෝගිකත්වය මත රැකියා මාවතක් විවර කළ යුතුය. අධ්යාපනය කටපාඩම් කිරීමක් හෝ ප්රශ්ණ පත්රයකට පිළිතුරු සැපයීමක් ද නොවේ.
පා්රථමික අධ්යාපනයේ සිට විශ්ව විද්යාල අධ්යාපනය
දක්වා මෙකී කි්රයාවලිය තුළ ප්රයෝගික අධ්යාපන කි්රයාවලියක් කි්රයාත්මක විය
යුතුය. උසස් අධ්යාපනය තුළ උපාධියෙක් පසු අපිටම කියා උරුම රුකියාව ස්ථිරවම ස්ථිර
කරගැනීමට ගිරා දාන සංස්කෘතියක් තුළ එය රැකියාවට ගලපන්නේ කොහොමඳ අධ්යාපනයේ විභාග ක්රමය
යාවත්කාලීනව ශක්තිමත් නැත. අකුරු පුරවන පත්රයකට සමාජයේ පුර්ණ මිනිසෙකු වීමට බැහැ
විභාග රටාවෙන විතැන් වන දැනුම මැන බැලීමේ ප්රයෝගික ක්රමවේදයක් නැද්ද එවැනි ක්රමවේදයක්
තුළ අධ්යාපන ක්රමවේදයේ වෙනසක් කළ නොහැකිද මුලිකවම සංවර්ධනය විය යුත්තේ මිනිස්
මොළයයි විශ්ව විද්යාල ශිෂ්යා සම්පුර්ණයෙන්ම
ප්රායෝගික නෑ. ප්රායෝගික සමාජය අත්ලට ගෙන හැඩරුව බලන්නට නොව එහි ගැඹුර
සොයා යාමටත් එය විනිවිද දැකීමටත් පුර්ණ
ලෙස ශක්තිමත් විම එහි වැදගත් කමයි. ඒත් එක්ක ම ලාංකීය අධ්යාපනය ඉබි ගමනින් ක්රියාත්මක
වීම කණගාටුවට කරුණකි. හේතුව මුලික අධ්යාපනික අඩුතාලමේ සිට සැලකිය යුතු අධ්යාපනික
වැඩසටහනක් ක්රියාත්මක විය යුතුය. එසේ නොවුණ විට උපාධිය පැත්තක දමා ලද දෙයින්
තුටු වීමටයි. සාමාන්ය ශිෂයෙක් උසස් අධ්යාපන ක්රියාවලිය ශ්රමය සැපයිය යුතු ශ්රම කණ්ඩායමට අයිති විය
යුතු කාල පරාසය තුළ අධ්යාපනය අවසන් කළ යුතුය. නමුත් ලාංකීය අධ්යාපනය තුළින්
සමාජගත වන ප්රජාව ශ්රම කණ්ඩායමට එකතු වන්නේ හෙම්බත් වු අධ්යාන පීඩනය තුළ බිහි
වුන අලස පුද්ගලයෙක් ක්රියාකාරිත්වය අඩපන වුන පුද්ගල කණ්ඩායමකි. රටේ සංවර්ධනයට
දායක වන පිරිස මත ඉදිරි සංවර්ධනයේ ජීවනාලිය ක්රයාත්මක වේ. රටේ බොහෝ රාජ්ය ආයතන
තුළ අලසකාරි ක්රියාවලියක් ක්රියාත්මක වන්නේ මෙම හේතුව නිසා නොවේද ආයතන තුළ
තරුණ පරපුරක දායකත්වය කප්පාදු වී ඇත.
සංවර්ධනයේ මිනුම් දණ්ඩ ලෙස සැලකෙන අධ්යාපනය විෂයානුබද්ධ
කරුණු ප්රයෝගික කිරිමෙහිලා වැඩපිලිවෙලක් තිබිය යුතුය. දක්ෂ යනු කටපාඩම් කරන
ඉගෙනුම් කි්රයාවලිය නොව එය සාර්ථක අධ්යාපනයක ඉගෙනුම් ඵල අවබෝධයක් හා එහි මුදුන්
මුල ස්පර්ශ කරන්නට සමත් වීම ඉගෙනුමේ අර්ථාන්විත අවබෝධයයි. නියුටන් සොයාගනු ලැබු
ගුරුත්වාකර්ෂණ බලය තුළ ඔහු ඇපල් ගෙඩියේ කතාව නොකිව්වනම් අපිට ඔය කියන කාරණව තේරුම්
ගැනීමට හෝ ධාරණයට අවබෝධයට හැකියාවක් නොලැබෙන්න තිබුණා. Theory තුළ practical අධ්යාපනයක්
දැකීම සාර්ථක ඉගෙනුම් පල නෙලා ගැනීමක් ලෙස ද ලිඛ්ත අධ්යාපනයෙන් තොර අධ්යාපනයක
උරුමක්කාරයෝ වෙමු ද දවසින් දවස පැන නගින විරැුකියාව ට විසදුමක් ශ්රම බලකායෙන්
උපරිම ප්රයෝජන ලබා ගැනීමටත් ඉදිරි අධ්යාපනය පුළුල් මාවතක් ඔස්සේ ගමන් කළ යුතු
අතර ශක්තිමත් වැඩපිළිවෙලක් ක්රියාත්මක විය යුතුය. තරුණ පරපුරක් රට සංවර්ධනය
කිරීමට මුලික වශයෙන් දායක කරවා ගත යුතුය.
Sunday, 23 July 2017
තරුණ අරගල
විශ්ව විද්යාලය
හුදෙක් විශ්වීය දැනුම් ගබඩාගාරයක් කෙසේ නමුත්
එහි සුවද සොයන්න
නිදහසේ ජීවිත ගත කරන්න කුරුළු කූඩුවලින් මුදා හරින කෝඩුකාර පිරිසකි
තාරුණ්ය ශිෂ්ය
ප්රජාව. නමුත් බොහෝ දෙනාගේ ජීවිත පෙරළිය පටන් ගන්නේත් මෙතනින්. කොහෝම
හරි දුක් විදලා
ඉගෙන ගෙන හොද තැනකට යනවා කියලා එන තරුණ ජීවිත ජාතියේ සමාජ ප්රශ්ණ
ගනනාවක අයිතිකරු
වගකිය යුත්තා වේ. ඔහොම කියලා මුලින්ම විශ්ව විද්යාලයට එන කෙල්ලෝ
කොල්ලෝ අරගලය
කියන වචනෙට කලින් ජොලියට පිකට් එකකට පාරට බහිනවා පස්සේ තමයි මෙක
ජාතික වගකීමක් කර
ගක්නේ කන්නේ නැතුව බොන්නේ නැතුව පෝස්ටර් ඇදලා අට්ටාල වල
රැය
පහන් කරන ගමන්
උපාධි සහතිකේ ගෙදර ගෙනියන්න කන්න දුන් අම්මාට ශක්තිනක් වු තාත්තාට
පෙන්නන්න හරි
හරියට කුප්පි දාන්නත් අමතක නොකරයි. සතුට අරගලය ඇතුලේ සගවා ගෙන හඩන
සියල්ලෝ ඇත. ඒ
බැටන් පොලූවලට ඇග කකියන නිසා නෙමෙයි අම්මා තාත්තාගේ ණය ගෙවා ගන්න
බැරිව. කාල බීලා
සැපට හැදුන වැඩුන වුන් අරගල භුමියේ නෑ අහිංසක දෙමව්පියන්ගේ දුක දන්නා
කෙල්ලෝ කොල්ලෝ
ටිකක් විතරයි. අරගල භූමියේ සද්දෙට කෑගහන්න, ගුටි කන්න, අව්වේ පිච්චෙනවා
බලන්න කොයි අම්මා
තාත්තාත් කැමති නෑ දේශපාලනයේ අතකොලූ වු සමාජයන ප්රජාතන්ත්රවාදී
අදහස් උල්ලංඝනය
වෙලා මිනිස්සු ඉබා ගාතේ හැසිරෙනවා අදහස් දරන්නෝ සියල්ලෝ ම හිට්ලර්ලා
වෙති.
ස්වාධිනත්වය එකගත්වය අහිමි වු රජයක් වෙලා. සයිටම් ප්රශ්ණයේ දෙපත්තකට දෝලනය
වෙනවා මෙ කියන කඹ
ඇදිල්ල ප්රශ්ණයට විසදුමක් නෙමෙයි. සියල්ලෝම උගුරට හොරා බෙහෙත්
බොති. පාලකයන් ට
ඩෙංගු වලටත් වඩා දරුණු ලෙඩක් වැලදී ඇත. රටේ පාලනය තීරණ ගැනීම්
තාමත් අඩ නින්දේ.
රටකට අවශ්ය රොහල් පිරෙන්න වෙද්දු නෙමෙයි සිත පිරෙන්න ලෙඩක් හොද
කරගන්න පුලූවන්
වෙද්දු ය අවශ්යයි. මෙකී ප්රශ්ණවලට විශ්වවිද්යාල ශිෂ්යා පාරට නොපැමිනිය හොත්
එදාට ලංකාව කොතන
ද කියලා හිතන්නත් බෑ අවසානෙදී ශිෂ්යාට අරගලෙත් අහිමිව උපාධියත් අහිමි
වුනොත් ඊට
ඉදිරිපත් වන්නෝ කවුරුන් ද ශිෂ්යයන්ට පමණක් වදින කදුලූ ගෑස් පොලූ ප්රහාර අරගල
නොනවතී. නොවිසදෙන
බොරු පොරොන්දුවලින් මිදෙන්න කාලයත් ඇවිත්. උගුරට හොරා බෙහෙත්
බිව්වට ඒක හොදට
දැනෙනවා
චලනි කරුණාතිලක
ජනසන්නිවේදන අධ්යයන
අංශය
කැලණිය විශ්වවිද්යාලය
Saturday, 22 July 2017
පිය සුවද
අනියත කදුළු කැට සඟවා සිනාසුන
තනි නොතනියට වැල් ඇඳ දුක නිවාලන
සිය තනියට සිටි සඳ දැන් අමාවක
තනිකම දැනේ තරු නොමැතිව හිස් අහසට
සුවඳ ඔබේ ගෙපිලේ සිට අතවනනා
නුඹ නොමැතිව ගෙපිලද රැදුම් දෙනා
සිහිනෙන් අත වනයි කවුදෝ නිතර
මා දුටුවේ එසැනින් සිහිනේ අදුර
මා ලොවට හිරු ද අදුරු වී පුතුනි
ඒ ඔබ ලොව තනන්නයි නිතිනි
අමාවක ද ඇත අහසේ පසළොස්වක සඟවා
ඇඹුල් ගහෙන් සැමදා කපුටෙක් හැඩුවා
සෙනෙහස දෝතින් ගෙන එන්ට
ගිය දුර තරම පෙනේ නම් පුතුනි
පැලදු රන් ඔටුණුත් රැගෙනම එන්ට
ගමේ සුවඳ තාමත් බාල දා වාගේමනි
පැලදු රන් ඔටුණුත් රැගෙනම එන්ට
ගමේ සුවඳ තාමත් බාල දා වාගේමනි
සෙනේ දියෙන් උතුරා ගිය දහබිදු සඟවා
ලයේ සැඟවු සෙනෙහස දෝතින් පිදුවා
අවුරුදු එන තෙක් පිළ උඩ නිදිමැරුවා
නාවත් පුතුනි තුනුරුවනින් සෙත් පැතුවා
චලනි කරුණාතිලකජන සන්නිවේදනය
විශේෂවේදී දෙවන වසර
කැලණිය විශ්වවිද්යාලය
Subscribe to:
Posts (Atom)





