Saturday 29 July 2017

තාරුණ්‍යයට වටිනාකමක්



අතැත Smart phone දෙස අතැගිලි එහා මෙහා යවමින් ඇතැම් දේ දෙස විශ්මිතවත් තවත් දෙයක් දෙස ඩැහැගැනීමෙන් විටෙක සිනා වෙන විටෙක බිරන් තට්ටු වී යමක් දෙස එක එල්ලේ බලා සිට්න තාරුණත්‍යේ විපරිහානියට වගකිව යුත්තේ ජංගම දුරකථනය ද තාක්‍ෂණය ද අන්ධානුකරණ තාක්‍ෂණික පලහිලච්වක ද , තාරුණ්‍ය අතරමං වෙලා දැනුම සොයන සමාජයක් තුළ විනෝදාස්වාදය වින්දනය ප‍්‍රමුඛ වෙලා හුදු මානසික තෘප්තිය, විවිධ වු සමාජීය කාරණා මත පැල්බැද ගනී. තමා තමා තුළ නිර්මාණය කරගනු ලබන ලෝකය තවත් කෙනෙකුන් ඉදිරියේ නිරුවත් කිරිමත් තම ප‍්‍රතිරූපය වෙනසක් නැතුව ත්‍්ජැ ඉදදන ඉදිරියේ එළිදක්වන අයට තම ප‍්‍රතිරූපයට හොද නරක විනිශ්චය කරනු ලබන්නේ Face book හරහාය. Face book photo upload කරන තාරුණය වෙළඳ පොළ ආක‍්‍රමණය කර ඇත. පෙර පැවති ජංගම දුරකථනය වෙනුයට පැමිණි Smart phone එක සමඟ Selfie, Viber, Imo, Whatsapp  වැනි අංගයන් එක්වීම මත  තමා රුවී පරිදි තම සිතැගි හැඩ ගැස්විය හැකිය. සමාජ ජාල වින්දනය හුදු විනෝදාස්වදයක් පමණක් ම විනා බුද්ධිමත් විනෝදාස්වාදයක් නොවන බවය. එකල පොත පතට ලොල් බැඳි සමාජය ජීවත් වුණ මිනිසා නැවත පියවරෙන් පියවර හීන වු බුද්ධිය සමඟ වෙස් බැඳි වනචාරි Smart යුගය වැඩි ඇතක නොවේ. හුදකලා වු ලෝකයක Smart ලෝකයක ජීවත්වෙමින්  තමන් පමණක් තනිව තාක්‍ෂණික ලොවක ජීවත්වන කාලයක් වුදා වෙවී එදාට මිනිසුන් බෝහෝ දෙනාගේ මියයෑමේ ප‍්‍රවණතාවය වැඩි වෙයි. වර්තමාන සමාජය තුළ වැඩි වශයෙන් සියදිවි නසාගැනීමට හේතුන් ලෙස නව තාක්‍ෂණය හා ඒ තුළින් බැහැර වීමට නොහැකි වීමේ බැදීම මෙයට හේතු වේ. නසා ගැනීමේ තාරුණ්‍යය සමග ඉදිරි පරපුරක් තුළින් රටට අවැසි සමාජ සංවර්ධනය, සමාජීය ගුණාත්මයන්, තරුණ ශ‍්‍රමය වෙනුවට මානසිකත්වය දුර්වල සමාජ සංස්ථාවක්, යමක් දෙස වෙනස් ම අයුරින් දකින පිරිසක් අහිමිව යාම සමාජ ඛෙදවාචකයකි. මුහුණු පොත තාරුණයේ කැඩපතක් නොකර ගනිමු. මුහුණු පොතෙන් ලැබෙන පේ‍්‍රමාරාධනා හුදු හැගුමාරාධනාවක් නොකර තරුණ සිතින් යාථාර්තය දකිමු. තාක්‍ෂණය  පරිහරණයේ දී යමක් ලබා ගැන්මට විනා තියෙන දේත් අහිමි කර ගැනීමක් නොකර, අපතේ යන කාලය ඔබට දිනෙක සිනාසෙවි එදාට ඔබ පසුතැවේවි. සුන්දර තාරුණය කඩතොළු නොකර සමාජයේ තාක්‍ෂණික මෙවලම් හමුවේ එය පරයා අභියෝගයක් විය යුතුය. සුන්දරත්වය රදා පවතින්නේ Face book profile එක මත නොව තම ව්‍යාජ ජීවිතයන් මත බව අපි කවුරුත් සිහියට ගත යුතු වේ.


                                                                           චලනි කරුණාතිලක
                                                                           ජන සන්නිවේදන
                                                                           විශේෂවේදී දෙවන වසර

                                                                           කැලණිය විශ්ව විද්‍යාලය


No comments:

Post a Comment

අදහස්