අනියත කදුළු කැට සඟවා සිනාසුන
තනි නොතනියට වැල් ඇඳ දුක නිවාලන
සිය තනියට සිටි සඳ දැන් අමාවක
තනිකම දැනේ තරු නොමැතිව හිස් අහසට
සුවඳ ඔබේ ගෙපිලේ සිට අතවනනා
නුඹ නොමැතිව ගෙපිලද රැදුම් දෙනා
සිහිනෙන් අත වනයි කවුදෝ නිතර
මා දුටුවේ එසැනින් සිහිනේ අදුර
මා ලොවට හිරු ද අදුරු වී පුතුනි
ඒ ඔබ ලොව තනන්නයි නිතිනි
අමාවක ද ඇත අහසේ පසළොස්වක සඟවා
ඇඹුල් ගහෙන් සැමදා කපුටෙක් හැඩුවා
සෙනෙහස දෝතින් ගෙන එන්ට
ගිය දුර තරම පෙනේ නම් පුතුනි
පැලදු රන් ඔටුණුත් රැගෙනම එන්ට
ගමේ සුවඳ තාමත් බාල දා වාගේමනි
පැලදු රන් ඔටුණුත් රැගෙනම එන්ට
ගමේ සුවඳ තාමත් බාල දා වාගේමනි
සෙනේ දියෙන් උතුරා ගිය දහබිදු සඟවා
ලයේ සැඟවු සෙනෙහස දෝතින් පිදුවා
අවුරුදු එන තෙක් පිළ උඩ නිදිමැරුවා
නාවත් පුතුනි තුනුරුවනින් සෙත් පැතුවා
චලනි කරුණාතිලකජන සන්නිවේදනය
විශේෂවේදී දෙවන වසර
කැලණිය විශ්වවිද්‍යාලය
Lassanaai
ReplyDeletelassani
ReplyDelete