Tuesday 1 January 2019

මාධ්‍ය විචාරය


යමක් පිරික්සීමෙන් විමසා බැලීම විචාරය යන්නෙන් සරල ව දැක්විය හැකිය. මානව සමාජය බිහි වූ මුල් වකවානුවේ සිට ම තමන්ගේ පාරිසරික සම්බන්ධතා, මානව සම්බන්ධතා හා මනෝ ක‍්‍රියාකාරකම් විවිධාකාරයෙන් විමසා බැලීමට පුද්ගලයා ක‍්‍රියා කළ බව පෙනේ. මෙහි විශේෂත්වයක් ඇති වන්නේ සමාජයේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද විවිධ නිර්මාණ විමසා බැලීමට ජනයා ක‍්‍රියා කිරීමෙනි. ජනයා අතර සිටි අපූර්ව චින්තනයකින් යුක්ත වූවෝ මෙම නිර්මාණ සාමාන්‍ය ජනයාට සාපේක්ෂව වෙනස් ලෙස විමසීමට ක‍්‍රියා කළහ. නාට්‍ය, සාහිත්‍ය, චිත‍්‍ර, ආදී විවිධ නිර්මාණ මේ ආකාරයෙන් විමසීමට ලක් විය. එපමණක් නොව ඒ ඒ නිර්මාණ ස්වරූපයට අනුව විවිධ විචාර න්‍යායයන් ද බිහි වූ බව ඉතිහාසය පිරික්සා බලන විට පෙනේ. ඒ අනුව නාට්‍ය විචාරය, කාව්‍ය විචාරය, සාහිත්‍ය විචාරය ආදී වශයෙන් විවිධ ස්වරූපයේ විචාර ක‍්‍රම බිහි විය. ඒවා මත පදනම්ව මාධ්‍ය විචාරය ද ඇරඹී තිබේ. 
මාධ්‍ය විචාරය හඳුනා ගැනීම
මාධ්‍ය විචාරයේ ස්වභාවය
පෞරාණික නාට්‍ය විචාරය, සාහිත්‍ය විචාරය, කාව්‍ය විචාරය ආදී විවිධ විචාර ක‍්‍රම විධි පදනම් කර ගෙන මාධ්‍ය විචාරය ගොඩ නැංවී ඇත. පසු කාලයේ දී මාධ්‍ය විචාරය සඳහා අනන්‍ය ලක්ෂණ සහිත විචාර ක‍්‍රම විධි ගොඩ නැගිණ. මාධ්‍ය විචාරය සඳහා නව මිණුම් ද`ඩු යොදා ගන්නට සිදු වී ඇත. මාධ්‍ය නිර්මාණකරුගෙන් වෙන් වූ මාධ්‍ය විචාරය ස්වාධීන අනන්‍යතාවකින් යුක්තය. මාධ්‍යයේ සුවිශේෂ ලක්ෂණ මත පදනම් වූ මාධ්‍ය භාෂාව අර්ථකථනය කරමින් එම මාධ්‍ය නිර්මාණ සමාජය සමග ඇති කර ගන්නා ගනුදෙනුව මාධ්‍ය විචාරය මගින් හෙළිදරව් කෙරේ. යම් මාධ්‍ය නිර්මාණයක් විවරණය කරනුයේ එම මාධ්‍ය විචාරකයාගේ ස්වාධීන අනන්‍යතාව මතයි. මාධ්‍ය නිර්මාණය පිළිබඳ ව විශ්ලේෂණයක් හා සංශ්ලේෂණයක් ද මාධ්‍ය විචාරය මගින් සිදුවෙයි. මාධ්‍ය විචාරය යනු නිර්මාණකරුගේ නිර්මාණාත්මක දෘෂ්ඨිය හා නිර්මාණ කාර්යය නිර්මාණයට සම්බන්ධ නො වූ බාහිර පාර්ශ්වයක් විසින් අර්ථ දැක්වීමක් ලෙස දැක්විය හැකිය. මාධ්‍ය විචාරය යනු එම මාධ්‍යයේ සුවිශේෂ ගුණාංග මත පදනම් ව, එම මාධ්‍ය නිර්මාණයේ හැඩ රුව නැවත විනිශ්චයකට ලක් කිරීමක් ද වෙයි. 
----------------------------------------------------------------------
මාධ්‍ය විචාරයේ සමාජීය අවශ්‍යතාව
මාධ්‍ය ග‍්‍රහණය කර ගන්නා සාමාන්‍ය ජනයාට එය විනිවිද දැකීමට ඇති හැකියාව අවමය. ඒ නිසා විචාරයක සහාය අවශ්‍යය. සංජානනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට මාධ්‍ය විචාරකයාගේ විවරණය ග‍්‍රාහකයාට වැදගත් වෙයි. මාධ්‍ය විචාරය මගින් මාධ්‍ය විවරණය කිරීම නිසා නිර්මාණකරුවන්ට තම නිර්මාණ පු`එල් ලෙෂ විමර්ශනය කරන්නට හැකියාව ලැබේ. මාධ්‍ය විචාරය මගින් ග‍්‍රාහකයන්ගේ ග‍්‍රාහක ශක්තිය ඉහළ නැංවෙන නිසා, ඒ මගින් ග‍්‍රාහකයන් හා මාධ්‍ය අතර කෙරෙන ගනුදෙනුව වඩාත් ඉහළ මට්ටමකට ළ`ගාවෙයි. නව නිර්මාණ බිහි කිරීම සඳහා තම චින්තනය මෙහෙයවීමට මාධ්‍ය විචාරය මගින් නිර්මාණකරුවන්ට මග පෙන්වීමක් ලැබීම ද මෙහි වැදගත්කමකි. සමාජීය ප‍්‍රවේගයන්ට අනුගාමී ව මාධ්‍ය නිර්මාණ දිශාගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම මාධ්‍ය විචාරය මගින් ලැබේ. 
----------------------------------------------------------------------------------
මාධ්‍ය විචාරයේ මූලිකාංග
මාධ්‍යකරුවන් මාධ්‍ය නිර්මාණ කළ යුතුය. මාධ්‍ය නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ මාධ්‍ය මගිනි. මාධ්‍ය නිර්මාණ ග‍්‍රහණයට ග‍්‍රාහකයන් සිටිය යුතුය. මාධ්‍ය නිර්මාණ විචාරය මගින් මාධ්‍ය නිර්මාණ හා ග‍්‍රාහකයා අතර සම්බන්ධය විවරණය කරයි. ඒ අනුව මාධ්‍ය විචාරයේ මූලිකාංග ලෙස මාධ්‍යකරුවන් - මාධ්‍ය නිර්මාණය - මාධ්‍ය - ග‍්‍රාහකයා හා මාධ්‍ය විචාරකයා දැක්විය හැකිය. මාධ්‍යකරුවන් වශයෙන් පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය හා චිත‍්‍රපට යන බහුජන මාධ්‍යයන්හි නියැලී සිටින්නන් පමණක් මීට ඇතුළත් කර ගැනේ.

මාධ්‍ය විචාරකයා
මාධ්‍යවේදියකු මෙන් ම ග‍්‍රාහකයකු ද ලෙස මාධ්‍ය විචාරකයාගේ ස්වභාවය විශේෂිතය. මාධ්‍ය විචාරකයා මාධ්‍යවේදී වෘත්තිය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තකු විය යුතුය. මාධ්‍ය විචාරකයා බුද්ධිමත් ග‍්‍රාහකයකු ලෙස සාමාන්‍ය ග‍්‍රාහකයන්ට වඩා වෙනස් ආකාරයකින් මාධ්‍ය විමර්ශනය කිරීමේ දක්ෂතාවක් සහිත පුද්ගලයෙකු විය යුතුය. අසාමාන්‍ය ලෙස ලෝකය විනිවිද දැකීමේ චින්තනයකින් යුක්ත විය යුතු අතර මාධ්‍ය විචාරකයා විවිධ මාධ්‍ය විචාර න්‍යායයන් හා දෘෂ්ඨීන් පිළිබඳ නිපුණතාවකින් යුක්ත ව තමන්ගේ ම අනන්‍යතාවකින් යුක්ත මාධ්‍ය විචාර කලාවක් ගොඩ නංවා ඇත්තකු වීම ද වැදගත්ය. මාධ්‍ය විචාරකයා මාධ්‍යයේ ද ග‍්‍රාහකයාගේ ද සමස්තයක් ලෙස සමාජ සංස්කෘතියේ ද වෘද්ධියක් අපේක්ෂා කරන්නකු විය යුතුය. මාධ්‍ය විචාරකයා මාධ්‍යවේදීන්ට - මාධ්‍යයට - මාධ්‍ය නිර්මාණයන්ට පහර දෙන්නකු නොව, සද් චේතනාවෙන් යුක්ත ව මග පෙන්වන්නකු වීම ද අතිශය වැදගත්ය. මාධ්‍ය විචාරකයා මාධ්‍ය කර්මාන්තය පවත්වා ගෙන යාමට උපකාර කරන්නකු විය යුතුය. 
------------------------------------------------------------------------------
මාධ්‍ය විචාරයේ අන්තර්ගතය
බහුජන මාධ්‍යයේ සමාන - අසමානකම්
බහුජන මාධ්‍යයේ දී පුවත්පත් - ගුවන් විදුලිය - හා රූපවාහිනිය මූලික වෙයි. මාධ්‍ය විචාරය සඳහා සාකච්ඡුා කිරීමේ දී මුද්‍රිත මාධ්‍ය වශයෙන් පුවත්පත් ද, සඟරා ද, පොත් ද අවධානයට ලක් කළ හැකිය. සිනමාව ප‍්‍රධාන වශයෙන් ම බහුජන මාධ්‍යයට අයත් නොවන නමුත්, මාධ්‍ය විචාරයේ දී සිනමාව ද විචාරයට ලක් කෙරේ. පොත් - පුවත්පත් - සඟරා - ගුවන් විදුලිය - රූපවාහිනිය - සිනමාව පොදුවේ මාධ්‍ය වුචත් එම මාධ්‍ය අතර විවිධ වෙනස්කම් තිබේ. කුමන මාධ්‍යයකින් වුවත් කරනුයේ ග‍්‍රාහකයා වෙත යම් ස්වරූපයකින් සංදේශයක් ඉදිරිපත් කිරීමයි. සියලූ මාධ්‍යයන්හි සමානකම වනුයේ ඒ මගින් සන්නිවේදන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වීමයි. ඒ ඒ මාධ්‍යයන්හි අසමානකම වනුයේ ඒ ඒ මාධ්‍යයට ආවේණික ලක්ෂණ සහිත ව වෙනස් ආකාරයන්ගෙන් සිය සන්නිවේදන ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීමයි. 
----------------------------------------------------------------------------------
මුුද්‍රිත මාධ්‍ය රීතිය
මුද්‍රිත මාධ්‍ය සමස්තයක් වශයෙන් හා සාපේක්ෂ ව උදාසීන මාධ්‍යයකි. මුද්‍රිත මාධ්‍ය සන්නිවේදනය සඳහා යොදා ගන්නා ප‍්‍රධාන උපකරණය භාෂාවයි. ඡුායාරූප හා සිත්තම් ද කාටුන් ද මුද්‍රිත මාධ්‍යයේ දී යොදා ගැනේ. අන්තර්ගතයට උචිත වන සේ හා පාඨකයාට ගැලපෙන සේ ව්‍යක්ත ලෙස භාෂාව යොදා ගැනීම මුද්‍රිත මාධ්‍යයේ රීතියයි. පොත් - සඟරා - පුවත්පත් යන මුද්‍රිත මාධ්‍ය නිෂ්පාදන තුළ විවිධ නිර්මාණ ස්වරූප ඉදිරිපත් කළ හැකිය. මුද්‍රිත මාධ්‍යයේ කුමන නිර්මාණ ස්වරූපයක් වුවත් මූලික වශයෙන් ග‍්‍රාහකයා විසින් කියවා ග‍්‍රහණය කර ගත යුතු වීම විශේෂත්වයයි. ඉලක්ක පාඨකයාට උචිත ලෙස භාෂාව හැසිරවීම පොත් හා ස`ගරාවල රීතිය වන අතර, පුවත්පත්වල දී පොදු පාඨකයා ඉලක්ක කර ගෙන භාෂාව හසුරුවනු ලැබේ. පොත් -ස`ගරා හා පුවත්පත් කියවීමේ පාඨක චර්යාව වෙනස් බැවින් එයට ගැලපෙන ලෙෂ භාෂාව ද, භාෂා රටාවන් ද, භාෂා ව්‍යවහාරය ද යොදා ගැනේ. කවි පොතක් කියවීම හා පුවත්පතක කවි පිටුව කියවීම අතර චර්යාත්මක වෙනසක් ඇත. නවකතා පොතක් වෙනුවට පුවත්පතක හෝ ස`ගරාවක කොටස් වශයෙන් පළ වන නවකතාවක අන්තර්ගතය, භාෂා රටාව හා භාෂා ව්‍යවහාරය අතර පැහැදිලි වෙනස්කම් පවතී. 
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ගුවන් විදුලි මාධ්‍ය රීතිිය
මිනිස් හ`ඩ - සංගීතය - ශබ්ද භාවිතය මගින් සන්නිවේදන කාර්යය ක‍්‍රියාත්මක කිරීම ගුවන් විදුලි මාධ්‍යයේ රීතියයි. ගුවන් විදුලි මාධ්‍යය ශ‍්‍රව්‍ය මාධ්‍යයක් පමණි. ගුවන් විදුලි මාධ්‍යයේ ශක්තිය වන්නේ ශ‍්‍රාවකයා තුළ පරිකල්පනය යොදා ගැනීමයි. ගුවන් විදුලි මාධ්‍යයේ දී සමස්තයක් වශයෙන් පොදු ශ‍්‍රාවකයාට ගැලපෙන සේ භාෂා ව්‍යවහාරයන් යොදා ගැනේ. භාෂාව සරල ලෙස යොදා ගැනීම ගුවන් විදුලියේ මූලික රීතියයි. විශේෂ ශ‍්‍රාවක කණ්ඩායම් ඉලක්ක කර ගෙන ඉදිරිපත් කරනු ලබන නිර්මාණවල දී එම ශ‍්‍රාවක පිරිසට ගැලපෙන ලෙස භාෂා ව්‍යවහාරයන් යොදා ගත යුතුය. ගුවන් විදුලි මාධ්‍යය තුළ විවිධ ස්වරූපයේ නිර්මාණ ඉදිරිපත් වන අතර, ඒ ඒ නිර්මාණවලට අදාළ ශිල්පීය ක‍්‍රම අනුගමනය කළ යුතුය. 
----------------------------------------------------------------------------------
රූපවාහිනී මාධ්‍ය රීතිය
රූපවාහිනිය ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයකි. රූපවාහිනී මාධ්‍යය පොදු ග‍්‍රාහකයන් ඉලක්ක කර ගන්නා නිසා, ඔවුන්ට පොදුවේ ගැළපෙන ආකාරයෙන් නිර්මාණ කළ යුතුය. ඇතැම්විට විශේෂ ග‍්‍රාහක කණ්ඩායම් සඳහා ද රූපවාහිනී නිර්මාණ කරනු ලබන අතර, එහි දී එම විශේෂ ග‍්‍රාහක කණ්ඩායමට ගැලපෙන පරිදි නිර්මාණ කළ යුතුය. දෘශ්‍ය රූපයන්ට ප‍්‍රමුඛතාව දීම රූපවාහිනියේ දී සිදුවෙයි. රූපවාහිනී තිරයේ කුඩා බව සමග සසඳමින් රූප ඉදිරිපත් කිරීම කළ යුතුය. රූපවාහිනිය නැරඹීම ගෘහස්ථ කාර්යයක් වන නිසා එයට උචිත වන සේ රූපවාහිනී නිර්මාණ කිරීම වැදගත්ය. ඒ ඒ රූපවාහිනී නිර්මාණ ස්වරූපයන්ට අනුකූල වන සේ ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍ය යොදා ගැනීම කළ යුතුය. 
----------------------------------------------------------------------------------
චලන මාධ්‍ය රීතිය
ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයකි. භාවිතය රූපවාහිනියට වඩා වෙනස් ආකාරයෙනි. රූපවාහිනියට වඩා දැවැන්ත තිරයක් සිනමාවේ දී යොදා ගැනේ. සිනමාව නැරඹීමට ඒ සඳහා ම සිනමා ශාලාවකට යා යුතුය. රූපවාහිනිය මෙන් නොව සිනමාව අඳුර සමග එක් වූ මාධ්‍යයකි. සිනමාව මගින් කෙරෙන නිර්මාණ වෘත්තාන්තමය ස්වරූපයක් ගනී. විවිධ අන්තර්ගතයන්, විවිධ ආකෘතීන් හා විවිධ ශෛලීන් යොදා ගෙන සිනමාව නිර්මාණය කළ හැකිය. කෙසේ වුවත් සිනමා භාෂාව වෙන ම අනන්‍යතාවක් ඇති ව යොදා ගන්නා ශිල්පීය ක‍්‍රම සමුදායකින් යුක්තය. 
----------------------------------------------------------------------------------
කලාත්මක, ශිල්පීය හා අන්තර්ගත විවරණය
කුමන මාධ්‍ය නිර්මාණයක් තුළ වුව ද, කලාත්මක බව, එම නිර්මාණ ස්වරූපයට අයත් ශිල්පීය ගුණාංග හා යෝග්‍ය අන්තර්ගතයක් තිබිය යුතුය. කලාත්මක බව සාපේක්ෂ වන අතර, එක් එක් නිර්මාණකරු විසින් විවිධ කලාත්මක සංකල්ප යොදා ගනී. විවිධ ශිල්පීය උපක‍්‍රම යොදා ගනිමින් සිනමාව නිර්මාණය කරනු ලබයි. අන්තර්ගතය විමර්ශනය කිරීම අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ඨි කෝණයෙන් කළ යුතුය. කලාත්මක උපාය මාර්ග හා ශිල්පීය ප‍්‍රයෝගයන් යොදා ගනිමින් රසිකයන්ගේ සිත් කෙසේ කම්පනය කරන්නේද? යන්න විචාරය තුළ අන්තර්ගත වීම වැදගත්ය. 
---------------------------------------------------------------------------
මාධ්‍ය විචාර ප‍්‍රවේශය
සංසන්දනය හා විශ්ලේෂණය
මාධ්‍ය විචාරයේ දී යම් නිර්මාණයක් වෙනත් නිර්මාණ සමග සංසන්දනය කිරීමට හා එම නිර්මාණය තනි ව ගෙන විශ්ලේෂණය කිරීමට සිදුවෙයි. සංසන්දනය මගින් යම් නිර්මාණයක් තවත් එකකට වඩා හොඳද? නරකද? සමානද? අසමාන ද? යන්න පිළිබඳ විවරණයක් කළ හැකිය. සංසන්දනය මගින් ඒ ඒ නිර්මාණයන්හි යොදා ගෙන ඇති විවිධ කලාත්මක සංකල්පය, ශිල්පීය ක‍්‍රම, සෞන්දර්යාත්මක ප‍්‍රවේගයන් හා අන්තර්ගතය ආදී බොහෝ දේ තක්සේරු කළ හැකිය. යම් මාධ්‍ය නිර්මාණයක් පෙර නිර්මාණයකට වඩා හොඳින් රසිකයා කම්පනය කරනු ලබන්නේදැයි තක්සේරු කිරීමට සංසන්දනය මගින් හැකිවෙයි. විශ්ලේෂණය මගින් යම් මාධ්‍ය නිර්මාණයක් එම මාධ්‍යයට අයත් සීමා රාමුව හා ශිල්පීය ආකෘතීන් තුළ කෙසේ කටයුතු කර ඇත්තේද? ඒ මගින් රසිකයා කෙබඳු කම්පනයකට ලක් කරන්නට සමත් වී ඇද්ද? යන්න තක්සේරු කළ හැකිය.

සෞන්දර්යාත්මක ප‍්‍රවේශය
ඕනෑ ම කලාත්මක නිර්මාණයක ප‍්‍රධාන ම කාර්යය වන්නේ සෞන්දර්යාත්මක වින්දනයක් රසිකයාට ලබා දීම බැවින්, ඕනෑ ම මාධ්‍ය නිර්මාණයක් සෞන්දර්යාත්මක ප‍්‍රවේශයකින් විවරණය කළ හැකිය. සෞන්දර්යාත්මක ප‍්‍රවේශයේදී මුලික පදනම ලෙස සැලකෙන්නේ සුන්දරත්වයයි. සෞන්දර්යය පිළිබඳ ව නිර්මාණකරුගේ ප‍්‍රතිපත්තිය හා දර්ශනය වෙන් ව හඳුනා ගැනීමකින් තොරව සෞන්දර්යය ප‍්‍රවේශය මගින් විවරණය කළ නොහැක. සෞන්දර්යය පිළිබඳ ව නිර්මාණකරුවන් තුළ විවිධ මතිමතාන්තර ඇත. ඒ අනුව ඔවුන් තම නිර්මාණ බිහි කරනු දක්නට ලැබේ. මාධ්‍ය නිර්මාණයෙහි අන්තර්ගත සෞන්දර්යාත්මක නියෝජනය යම් සමාජයකට පිළි ගත හැකි ද? යන්න තක්සේරු කළ යුතුය. සෞන්දර්යාත්මක ව යම් මාධ්‍ය නිර්මාණයක් විවරණය කරන්නට නම්, මාධ්‍ය විචාරකයාට සෞන්දර්යාත්මක සංකල්ප පිළිබඳ මනා නිපුණතාවක් තිබීම අවශ්‍ය වෙයි. සෞන්දර්යාත්මක ලෙස යම් නිර්මාණයක් තක්සේරු කිරීම මගින් එම නිර්මාණය පිළිබඳ සමස්ත විවරණයක් කළ නො හැක. ඇතැම්විට සෞන්දර්යාත්මක වශයෙන් ඉතා ඉහළ මට්ටමක ඇති මාධ්‍ය නිර්මාණයක් අන්තර්ගතය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ ඉතා පහළ මට්ටමක තිබිය හැකිය. යම් මාධ්‍ය නිර්මාණයක් කෙරෙහි රසිකයා ආකර්ෂණය කර ගනු ලබන්නේ සෞන්දර්යය මගින් වන නිසා, ඒ අනුව එම නිර්මාණය විවරණය කිරීමේ යථාර්ථයක් පවතී.

භාෂාත්මක ප‍්‍රවේශය
භාෂාව යනු ද්විත්ව ස්වරූපයක් ඇති සන්නිවේදන මෙවලමකි. ඒ නිසා එය නිර්මාණශීලී ලෙස මාධ්‍ය නිර්මාණවල දී අපූරුවට යොදා ගත හැකිය. සාමාන්‍යයෙන් භාෂාව භාවිත කිරීම හා මාධ්‍ය නිර්මාණවල දී භාෂාව භාවිත කිරීම අතර වෙනසක් පවතී. මාධ්‍ය නිර්මාණවල දී අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා භාෂාව ඉතා නිර්මාණශීලී ව භාවිත කළ හැකිය. මාධ්‍ය නිර්මාණවල අන්තර්ගතය රසිකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා භාෂාව ඉතා බලවත් මෙවලමක් ලෙස භාවිත කළ හැකි වීම ද විශේෂත්වයකි. ඒ ඒ මාධ්‍ය නිර්මාණයට අදාළ වන සේ භාෂාව නිවැරදි ව ලිඛිත භාෂාවක් ලෙස හෝ ඒ ඒ පුද්ගලයාට අනුබද්ධ වූ ව්‍යවහාරික භාෂාවක් ලෙස හෝ යොදා ගැනීමේ හැකියාව තිබේ. ඒ ඒ මාධ්‍යයට අදාළ ව භාෂා භාවිතය අතර වෙනස් කම් හා විශේෂතා ද පවතී. මාධ්‍ය විචාරයේ දී භාෂාත්මක ප‍්‍රවේශයට අනුව එය විවරණය කිරීමට නම් විචාරකයාට මාධ්‍ය නිර්මාණයන්හි භාෂා භාවිතය පිළිබඳ මනා නිපුණතාවක් තිබිය යුතුය. රුචිකත්වය වර්ධනය කිරීම සඳහා භාෂාව අදාළ මාධ්‍යයට උචිතව යොදා ගැනීම වැදගත්ය. යම් දෙයක් ප‍්‍රතිනිර්මාණයට භාෂාවේ ශක්තීන් උපරිමයෙන් යොදා ගත යුතුය.

සදාචාරාත්මක ප‍්‍රවේශය
සදාචාරය යනු මානව සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ ද, මානව සමාජය විසින් ම පිළි ගන්නා වූ ද ඇවතුම් - පැවතුම් සමුදායක් බැවින් මාධ්‍ය නිර්මාණයක් තුළ සදාචාරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නිර්මාණකරුට වගකීමක් තිබේ. සම්ප‍්‍රදායයන් හා සම්මතීන් බිඳ දැමීම කළ හැකි වුව ද. එය මානව සමාජයේ යහපතට සිදු විය යුතු බැවින් සදාචාරාත්මක විවරණයක් කළ යුත්තේ මානවවාදී ගුණයන්ගෙන් යුතුවයි. සදාචාරය යනු සාපේක්ෂ පිළි ගැනීමක් වන අතර, නිර්මාණකරු පිළි ගන්නා සදාචාරය සමාජය විසින් පිළි ගනු ලැබිය යුතු යැයි බල කිරීමක් මාධ්‍ය නිර්මාණය තුළින් සිදුවන්නේ දැයි විවරණය කළ යුතුය. මාධ්‍ය නිර්මාණ සැම විට ම බහුජනසමාජයක් ආමන්ත‍්‍රණය කරන බැවින් සදාචාරාත්මක ප‍්‍රවේශය යටතේ මාධ්‍ය නිර්මාණයක් විවරණය කිරීම යෝග්‍ය වෙයි. ඉහළ සෞන්දර්යාත්මක අගයකින් හා මනා භාෂා භාවිතයකින් යුතු වූ මාධ්‍ය නිර්මාණයක් සදාචාරාත්මක වශයෙන් පහළ අගයකින් හා මානව සමාජයට අහිතකර ආකාරයෙන් තිබිය හැකිය. මාධ්‍ය නිර්මාණය මගින් ඉදිරිපත් කරන සදාචාරාත්මක සංකල්පය පුළුල් සමාජයට පිළි ගත හැකිදැයි විචාරකයා විසින් විවරණය කළ යුතුය. ඇතැම් සාම්ප‍්‍රදායික සදාචාරාත්මක පිළිගැනීම් මාධ්‍ය නිර්මාණයේ දී විචාරත්මක ව විමසීම සමාජමය වශයෙන් අතිශය වැදගත් වෙයි.

දේශපාලනික ප‍්‍රවේශය
සමාජය හා සමාජ සම්බන්ධතා විවරණය කරනු ලබන විවිධ දේශපාලන මතවාද පවතී. දේශපාලන චින්තනය මගින් සමාජය විවිධ දිශාවන්ට යොමු කර ඇත. මාධ්‍ය නිර්මාණයක් මගින් ඉදිරිපත් කරනු ලබන ඕනෑ ම අන්තර්ගතයක් දේශපාලනික දෘෂ්ඨි කෝණයෙන් විවරණය කළ හැකිය. දේශපාලනික සංකල්ප පිළිබඳ ව සමාජය තුළ විවිධ මත ගැටුම් පවතී. දේශපාලනික ප‍්‍රවේශයේ දී පන්ති ගැටුම හා පන්ති සහිත සමාජය විවරණය කරන විවිධ දේශපාලනික මතවාද යොදා ගනිමින් ඕනෑ ම මාධ්‍ය නිර්මාණයක් සියුම් ලෙස විවරණය කළ හැකිය. දේශපාලනික ප‍්‍රවේශය මගින් මාධ්‍ය නිර්මාණ විවරණය කිරීමේ දී මාක්ස්වාදී විචාර සංකල්ප මනා ලෙස යොදා ගත හැකි වීමද විශේෂත්වයකි. දේශපාලනික සංකල්ප යොදා ගෙන මාධ්‍ය විවරණය කිරීමට නම් විචාරකයාට විවිධ දේශපාලනික සංකල්ප පිළිබඳ මනා නිපුණතාවක් තිබිය යුතුය.

ඓතිහාසික ප‍්‍රවේශය
මාධ්‍ය නිර්මාණයෙහි නිරුපණය වන ඓතිහාසික සාධක මත මෙය පදනම් වෙයි. ජීවන චරිත, ඓතිහාසික සිදුවිම්, යුග පෙරළි, පෞර්ෂයන්, දත්ත, වකවානු විමර්ශනය කෙරේ. ඓතිහාසික විචාර ප‍්‍රවේශයේ දී අර්ථකථන කෙරෙන්නේ වර්තමානය හා අනාගතය අරමුණු කරගෙනයි. ඓතිහාසික සිදුවීම් නව මානයන්ගෙන් විමසා බැලිය හැකිය. ඓතිහාසික සිදුවිම් ව්‍යාජකරණයෙන් වැළකී සිටීම වැදගත්ය. ඓතිහාසික විවරණයක් කිරීම සඳහා විචාරකයා තුළ ද පුළුල් ඓතිහාසික දැක්මක් හා අවබෝධයක් තිබිය යුතුය. ඓතිහාසික සිදුවීම් පිළිබඳ නිර්මාණකරු ඉදිරිපත් කරණු ලබන චිත‍්‍රය පිළිබඳව තක්සේරුවක් විචාරකයා වෙතින් ඉදිරිපත් වීම අවශ්‍ය වෙයි. ග‍්‍රාහකයාගේ ඓතිහාසික විඥානය පෝෂණය කිරීම ද වැදගත්ය.
උපුටා ගැනීම සුපිරි සන්නිවේදන පන්තියෙන්

1 comment:

අදහස්