Tuesday 5 June 2018

නිර්මාණාත්මක ගීයක අරුත

                         චාරු දේහේ නුරා මා දෑසේ මැවේ


චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත‍්‍රියේ රැු සදේ ඈ සිනා ශ‍්‍රීය දේ //
චාරු දේහේ නුරා.....

පිහින පීනා රසෝඝේ
සරාගී විලේ රාත‍්‍රී යාමයේ //
ඇගේ දෑසේ ප‍්‍රමෝදේ
නුරා ගී නැගේ
ජිවිතේ යෞවනේ
පේ‍්‍රමයේ ජීවිතේ

චාරු දේහේ නුරා...

සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවෝ //
මිහිතලාවේ තුසිතේ
මැවේ මා හදේ//
ජිවිතේ යෞවනේ
පේ‍්‍රමයේ මී වනේ

චාරු දේහේ නුරා....
                                                                       ගායනය     අමරසිරි පීරිස්
                                                                       පද රචනය  පේ‍්‍රම කීර්තිද අල්විස්
                                                                       සංගීතය     අමරසිරි පීරීස්


”ගයාගීති ගිතං” ගායනා කරන්නේ ගීතයයි. ගීතය අතිශයින් ම භාවාත්මක වුවකි. මානව චිත්ත සන්තානය ඒකාත්මික කරන්නකි. ගීතය ඒ තරමට ම හෘදයංගම වුවකි. මානව චිත්ත සන්තානය ඒකාත්මික කරන්නකි. ගීතය ඒ තරමටම හෘදයාංගම වුවකි. එය විසදීමට නොව විදීමට බිහිවන්නකි. එය ඒ තරමටම ආස්වාද ජනකය. විවිධ නිර්මාණ කරුවෝ විවිධ තේමාවන් යටතේ ගීත නිර්මාණ කරති. එයට සීමා මායිම්  වැට කඩුලූ නැත. එය විශ්ව සාධාරණ වුවකි. ත්‍රෛකාලීන පැවැත්මක් සහිත වුවකි. එවන් ගීතය සංවේදී මනස හෘදයාංගමව ස්පර්ශ කරන්නකි. සංවේදී නොවු මනසට ඒ සදහා ආමන්ත‍්‍රණය කරන්නකි. ගීතය තුළ ශබ්ධ රසය මෙන් ම අර්ථ රසය ද සාපේක්‍ෂව අන්තර්ගත විය යුතුමය. එය වඩාත් සාර්ථක වන්නේ එවිටය.
ගීතයක් නිර්මාණය වන්නේ අංග තුනක සංකලනයෙනි. ගීත ප‍්‍රබන්ධය, තනුව සහ ගායනය යන අංග තුන ගීතයක හොදින් සුසංයෝගී වී ඇත්තම් :්‍ය්රපදබහ* එම ගීතය සාර්ථක ගීතයක් ලෙස හදුනාගත හැකිය.
එවැනි වු ආකාරයේ සුසංයෝගයකින් සැදුම් ලත් ”චාරු දේහේ නුරා” ගීතය තුළින් මනාව ඔපවත් වේ. මෙම ගීතය සදහා අපුර්වතම පදවැල් ගෙතීමට සමත් අප ආදරණීය කලා කරුවානන් ගීත පද රචක පේ‍්‍රම කීර්ති ද අල්විස් සුරීන්ගේ පද සංයෝජනයත් අමරසිරි පීරීස් සංගීත මුසුවෙන් ද ඔහුගේ ම හඩ මාතූර්වයෙන් ඔපවත් වු  මෙම ගීතය හුදෙක් සහෘද සිත් කකියන ලයාන්විත වුත්, හඩ මාතූර්වයකින් සුපෝෂිත වු ගීතයකි.
ගීතයේ ප‍්‍රස්තූතය වනුයේ යෞවනය, පේ‍්‍රමය, සෘංගාරය යන සියල්ල එකට කැටිකොට ගත් ඉතාම අලංකාර වු පද වැල් සමුදායකින් සුසැදි ගීතයකි.

                                චාරු දේහේ නුරා මා දෑසේ
                                මැවේ...
                                රාත‍්‍රියේ රූ සදේ ඈ සිනා ශ‍්‍රීය
                                දේ...

මෙම ගීතයේ තරුණයකු තරුණියක් වෙනුවෙන් හෝ පෙම්වතෙකු තම පෙම්වතිය වෙනුවෙන් සැමියකු තම බිරිද වෙනුවෙන් ඉපැදුණු සිතුවිලි ඉතා අලංකාරව ඉදිරිපත් කිරීමක් ලෙසින් ගීතය සුසංවිත වේ. මේ සදහා වඩාත් සමීප වනුයේ පෙම්වතෙකු හා පෙම්වතිය යන චරිත ද්විත්වයයි. රාගය ආදරය පදනම් වු මෙම ගීතයෙහි අපුර්වතම සංයමයක් මනාව ගලපා ඇත. මනුෂ්‍ය සංතානයෙහි රාගය ඇති වීම කෙරෙහි කරුණු කිහිපයක් පදනම් වේ. එනම් සද එළිය, සීතල, මල් සුවද සහ රාත‍්‍රිය පදනම් කරගනිමින් ය. එකී කාරණාව අපුර්වත්වයෙන් යෙදීමට රචකයාත්, සංගීතාඥ්ඥයාත් මනාව දායක වී ඇත.
ගීතයේ මුල් ම වචනාර්ථයෙන් ගීතයට අලංකාරයක් එක් කොට ඇත. ”චාරු” යනු ශෝභන සුන්දර යන්නයි. ඇයගේ රුව ගුණයෙන් අනුන වු ඇය දෙස ඇසි පිය නොහෙලා ඔහුට බලා සිටිය හැකි බව ඔහු සහෘදයාට හගවනු ලබන්නේ ඇයගේ අනුරාග දනවන සුන්දර රුව ඔහුගේ සිතේ (දෑසේ යන්න මෙහි දී අගවනු ලබන්නේ ඔහුගේ සිතේ ඇයගේ රුව දෑස ඉදිරිපිට මෙන් මැවීමයි* ජනිත වේ. එසේ දෑසේ ජනිත වීමට නම් ඇයගේ රූ සපුවෙහි අගනා වු හැඩය සහෘද මනසෙහි ද මැවේ. අපුර්වතම පද සංකලනයන්ගෙන් සුසැදී ගීතයේ ව්‍යාංගාර්ථවත් බොහෝ දේ විෂද කිරීමට කවියා තුළ ඇති ශක්තිය අගය කළ මනාය. රාත‍්‍රියට පායන සද කැලූම් කාන්තිය ඔහුට ආකර්ශනීයයි, ආදරණිය වේ. ඇයගේ සුන්දරත්වයට අගනා සමාන කිරීමක් ලෙස කවිය දෘශ්‍යමාන කරණු ලබන සදකැන් තුළින් ”දෘශ්‍ය ශෘංගාරය” මතු කරනු ලබයි. සදේ සෞම්‍ය බව නිබද සිසිලෙන් දෑස් ඉවතට ගැනීමට ඉඩ නොදේ. ඒ අයුරින් ම ඇගේ ගතේ කාන්තිය ඔහුව ජීවත් කරවනු ලබයි. සද කැලූම් නිබද සබදතා ශක්තිමත් කරවනු ලබන්නකි. විවාහය සහ සද අනුරාගයේ සංකේතයයි.



පිහින පීනා රසෝඝේ
සරාගී විලේ රාත‍්‍රී යාමයේ
ඇගේ දෑසේ ප‍්‍රබෝදේ නුරා ගී
මැවේ...
ජීවිතේ...
යෞවනේ...        පේ‍්‍රමයේ...    මීවනේ...

”රසෝඝය” යනු රසය නමැති දිය පහර යන අර්ථය දේ ඔහුත් ඇයත් එක් ව ගත කරනු ලබන සුයාමය ඔහුට කෙතරම් සුන්දර රාත‍්‍රියක් ද යන්න ඉතා අලංකාරව මෙම පද පෙළින් මනාව ගලපා ඇත. ”පිහින පිනා තුළින්” ද රසය නමැති දිය පහරේ යන වචනාර්ථයෙන් ද ඔහුගේ මනස කුල්මත් කරවනු ලබන ඔවුන් දෙදෙනාගේ කායික මානසික රමණය තුළ පිනවමින් රාත‍්‍රිය ගෙවයි. ”රසය” යන්න තුළින් කෙතරම් රාගිකව හා ආදරණියව වෙළී ඇති ද කියතොත් ඔවුන් ජීවිතය දෙදෙනෙකු එකතු චීමේ ඇති රසය විදී එය කෙතරම් ද යත් රසය නමැති ගංගාව ඉතා ප‍්‍රචණ්ඩව ගලා යන මුත් එහි පීනා විනෝද වන තරමටම එය මිහිරිය. ව්‍යාංගාර්ථවත් පද සංකලනයක් යෙදීම තුළින් අදහස් මනාව තිවෘ කිරීමට සමත් වේ. ”ඇගේ දෑසේ ප‍්‍රමෝදේ” යන්න තුළින් කායික රමණයේ දී ඔවුන්ගේ ඇති සතුට, උනන්දුව, පිබිදීම ඇයගේ දෙනෙතෙහි ඇති රාගික ප‍්‍රබෝධය දැකීම ඔහු සිත තව තවත් රසය සොයා යෑමට ඇය කරනු ලබන ආරාධනාවක් ලෙසින් ඔහුට දැනේ. එය කෙතරම් සුන්දර ද යත් ඔහුට අනුරාගයේ ( නුරා යනු පස්කම් සැපය පිළිබද යන අරුත දේ* හි ඔහු සිත තුළ මවාලයි. මේ ඔහුගේ ජීවිතයයි. තාරුණ්‍යයේ  ආදරය, රාගය කැටි වු පස්කම් සැපයම විදගනු ලබන ආකාරය අලංකෘත ලෙස විෂද කරනු ලබයි. ඔහුගේ තාරුණ්‍යය පේ‍්‍රමය එමෙන් ම මෙය ඔහුට ”මී වන” හා සමවේ. ”මී වන” යනු විශාල වු වපසරියක පැතිරුණු සුන්දර දසුනකි.  ”මී පැණි” සෞභාග්‍ය අරුත ගෙන දේ. එකී රසය ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යට කෙතරම් වු රසයක් ඒ තුළින් විදහා දක්වනු ලවයි ද යන්න හැගවේ.


සීත මිහිදුම් වලාවෝ වෙළිලා
සදේ තාරකාවේ
මිහි තලාවේ තුසිතේ මැවේවා
හදේ...
ජිවිතේ
යෞවනේ ...  පේ‍්‍රමයේ ... මී වනේ...


ඔවුන්ගේ මනරම් ආලිනංගනය පරිසරය සුන්දරත්වය මත තව තවත් තිවෘර වන බවය. සද තරු වසා ගත් සීතල මීදුම වාළාකුළු වෙලි රාත‍්‍රිය තවත් පේ‍්‍රමයට ම සිත කැදවයි. ඒ තුළින් ඔහු ආදරයෙන් රාගයෙන් මුසපත් වී ඇයට තුරුළු වීමට සිත් දෙයි. ඇය හා එක්ව ගත කරකු ලබන රාත‍්‍රීය අමුතු ලොවක් මැවුවා සේය.  තුසිතය යනු දෙව්ලොවකි. නමුත් ඔහුට මේ මහ පොලව මතු පිට (මිහිතලාවේ ”මිහි” මහ පොලව යන අරුත ද දක්වයි* තුසිත දෙව්ලොව මිහිතලය මත බව සිත පිරී ඇත. ආලිංගනය අවසානයේ ඔහුට දැනෙන සතුට ”දෙව්ලොව” යන වචනාර්ථයෙන් අපුර්වත්වයෙන් රාගාන්විත පේ‍්‍රමයේ අර්ථය, සතුට සහෘද මනසක ආලිංගනයක් ඇති කරයි. ඔහුගේ ජීවිතය පේ‍්‍රමය තාරුණ්‍යයේ සුන්දරම සිදුවීම් ජාලයයි. පැණි මෙන් රසවත් සම්භෝගයක් ලෙස ඔහුට බොහෝ සේ දැනේ. ඔහුට දැනෙන මිහිරි ජීවිතය ඔහු අපුර්වත්වයෙන් අගය කරයි.
ආදරය සමග ගොඩ නැගෙන රාගය පේ‍්‍රමය සමගම ගොඩ නැගෙන්නෙකි. එකී සුන්දර ආලිංගනය මත ආදරයේ ඇති සුන්දරත්වය ලගා කරගනු ලබයි. ලිංගිකත්වයට අවතීර්ණය වීමට ඇය සතු ඇති සුන්දරත්වය, සිත ආදරය සහ රාගාන්විත සිතුවිලිවලින් අන්ධ වන අයුරු එකී කාර්යයට අවතීර්ණ වීමත් අපුර්වතම පද සංකලනයක් දැක ගත හැකිය. සිංහල භාෂා භාවිතයෙහි ඇති අපුර්වත්වය ගීතයේ අර්ථයන් වෙත සමීප කරනු ලබයි. ගීතයට බොහෝ වශයෙන් යොදා ගෙන ඇත්තේ පරිසර අලංකාරත්වයන්ය. පරිසර සුන්දරත්වයේ සමීපත්වය ලිංගික ජීවිත සාර්ථකත්වය සදහා අපුර්වත්වයෙන් යොදාගෙන ඇත. සුන්දර රාතී‍්‍ර අහස, සුන්දර දිය දහරාවන්, සීතල මිහිදුම්, වළාවෝ , තාරකාවෝ සහ මී වනය යන වචනාර්ථයන් තුළින් සුවබර පරිසරයක් ඔවුන්ගේ ආලිංගනයට සුව කැදවන බවයි. ආලිංගනයට සුදුසු පරිසරය සහ මානසිකත්වය, කායික සැහැල්ලූව නිර්මාණය කරගන්නා අයුරුත් පියවරෙන් පියවර සබදතා වෙත ඇරමුණු ගොඩ නැගෙන අයුරු සහ ජීවිතය ජීවත් කරවන අයුරු දනවයි. ඒ නිසාමයි ඔවුන්ගේ ජීවිතය යෞවනේ පේ‍්‍රමයේ මී වනයක් බවට පත්වන්නේ. ජීවිතයේ සුන්දර වු කාරණයක් අපුර්වත්වයෙන් යුත් පද සංකලනයත් සමග ගලපා ඇත.
මෙම සංගීත හැඩ පිළිබද බැලීමේ දී ”චාරු දේහේ නුරා මා දෑසේ මුවේ” ගීතයට ගීතමය පසුබිමින් වින්දනාත්මක පරිචයක් ලගා කරවමින් ගීතයේ භාවිතයට ගෙන ඇති හඩ මාධුර්වයක් එහි වින්දනයට සාර්ථකත්වයට උපරිම මෙහෙයක් කොට ඇත. සංගීත භාණ්ඩ භවිතයේදී ගීතයේ දී ගීතයේ අර්ථ තව තවත් ධ්වනිත කිරීමට හේතු විය.සංගීත භාණ්ඩ අතර,
තබ්ලාව
ී්ංදචයදබැ
ගෙජ්ජි
වයලිනය
ගිටාරය
රිදම් ගිටාරය
ස්වර මණ්ඩලය
තබ්ලාව සහ ගෙජ්ජි භාවිතය තුළින් ”සරාගි බව” නිරූපණය කරනු ලබයි. (චාරු ලතා දේහේ....* යුත් ස්ත‍්‍රිය නිසැකවම සරාගී විය යුතුය. වචනාර්ථයට ගැලපෙන අයුරින් සංගීත භාණ්ඩ යොදා ගැනීමේ සංගීතඥ්ඥ විශාරදත්වය හේතු වේ. මෙකී භාණ්ඩ භාවිතය හුදෙක් ඉන්දියානු ”කතක් නර්තනය” මගින් සිදු කරනු ලබන භාව ප‍්‍රකාශනයන්ට වඩාත් සමීප වේ. මන්ද යත් ”කතක් නර්තනය” තුළින් සාරාගි ස්ත‍්‍රි නර්තනය දෘෂ්‍යමාන වේ. එනම් ඉන්දියනු සරාගී ස්ත‍්‍රීන් (අභිසරිකා නර්තනය* තුළ ඉහත සදහන් ගෙජ්ජි සහ තබ්ලා භාවිතය දක්නට ලැබේ. එවැනි කතක් නර්තනයක් ”දෙව්දාස්” චිත‍්‍රපටයේ දක්නට ලැබේ.
මීළග සංගීත භාණ්ඩයක් ලෙස ී්ංදචයදබැ සහ වයලීනය තුළින් තීවෘ භාව ප‍්‍රකාශනයක් ලබාදිය හැකි බටහිර වාද්‍ය භාණ්ඩ දෙකකකි. වාතය මුසු කර ගනිමින් නිදහසේ ක‍්‍රියාත්මක වන වාද්‍ය භණ්ඩ ද්විත්වයකි. (අසබා සබිඑරමපැබඑ* ගායනයට පහසු වාද්‍ය භාණ්ඩ ද්විත්වයක්   :ීඑරසබට* වන මෙය අපූර්වතම භවයන් නිර්මාණයක් සදහා ගීතයට මනා අයුරින් දායක වී ඇත.
ගීතයේ වින්දනාත්මක ශක්තියකින් අපූර්වතම වූ සංයමයන් භාවිත කර තිබීම අපූර්වත්වයකි. ඒ සදහා ලීඞ් ගිටාරය භාවිතයේ දී එ්කාකාරිත්වයෙන් මිදුණු එනම් යම් චංචල ස්වාභාවයක් වාද්‍ය භණ්ඩය ඔස්සේ ලබාදෙනු ලබයි.
රිදම් ගිටාරය භවිතය ගායකයාට පහසුවක් ලබා දෙනු ලබයි. එනම් වාද්‍යයේ අඛණ්ඩභාවයත් සන ගීතයේ ජයදරාි වාදනය කිරීම තුළ එකී සරල භාවය ලගාකර ඇත. රිදම් ගිටාරයේ ඇති ලයන්විත හඩ හෙතුවෙන් ගීතයේ රාගික හැගීම් උද්දීපනය කරයි.
මෙහි ස්වර මණ්ඩලය පිළිබද සලකා බැලීමේ දී ”නැවතුම් භාවය” ගෙන දෙයි. ගීතයේ ”පූර්ව කොටස” තුළ මෙකී නැවතුම් භාවය දක්නට ලැබේ.
ගීතයේ ලය භාවිතය (ගීතයේ වේගය* මෙම ගීතයේ ලය මධ්‍යම භාවයෙන් යුක්තයි. මෙම ගීතයට ආභාෂය හින්දුස්ථානී ආභාෂයයි. එනම් උත්තර භාරතීය හින්දුස්ථානී ගීත ආභාෂය පුර්ණ වශයෙන් ගීතයට ලැබී ඇත. මෙම ගීතය සදහා මූලික වූ රාගයක් නැත. නමුත් මෙහි ශාස්ත‍්‍රීය ලක්‍ෂණ මොනවට පෙන්නුම් කරනු ලබයි.
ගීතයේ පද රචකයානන් පේ‍්‍රම කීර්තී ද අල්විස් සූරීන්ගේ පද සංකලනයෙන් බලපොරොත්තු වූ තේමාව සදහා වඩාත් සමීප වීමටත්, හැගීම් උද්දීපනය කිරීමටත් සංගීත කරුවාට හැකිවී ඇත. එනම් මෙහි සංගීතඥ්ඥ අමරසිරි පීරිස් ශාස්ත‍්‍රීය සංගීතයේ පරතෙර ස්පර්ශකොට ඇති හෙයින් ඔහු මෙහි ගායකයා වීමත් තුළ මෙහි අර්ථයත්, රසයත් රැුකීමට මනා ලෙස දායක වී ඇත. එතුමාගේ ගැඹුරු හඩ මෙම ගීතය ස්වාභවිකත්වය කරා රුගෙන යයි. එනම්, ඔහුගේ හඬේ ප‍්‍රබලත්වය ශ‍්‍රාවකයාට තව තවත් සිත් කැන්දයි.
ගීතයේ ලය ශක්තිමත් වීමෙන් අනතුරුව ගීතයට සංගිත කරුවානන් සංයමය ආරක්‍ෂා කර ඇති අයුරු (අන්තරා* අවසාන කොටසෙහි ”ලග්ගි” වාදනය කරන විට ඉතා සංයමයෙන් නියමිත මත‍්‍රා අනුව ගැයීම මෙකි සංයමය තුළ සංගීත කරුවාගේ ශික්‍ෂණය ප‍්‍රගුණ කරනු ලබයි.
මීළගට වාදන කොටස් හා ගීතාංග සැලකිල්ලට ගැනීමේදී මෙම ගීතය ගායනා කරනු ලබන්නේ :ෑ_ පසබැර ිජ්කැ* පිහිටා ගායනා කරනු ලබයි. ගීතයට අපූර්වතම තාලයක් එක් කරනු ලබන කෙහෙර්වා තාලය වඩා වැදගත් වේ. ගීතයේ මාත‍්‍රා හතරෙන් හතර ගමන් කිරීම තුළ අපූර්වතම ලයාන්විත බවක් සහ සංයමයන් ගීතයට ලබාදී ඇත.
ගීතයේ පූර්ව වාදනය අතුරුවාදනය :ෂබඑරදාමජඑසදබ* :ෂබඑැරකමාැ* දෙකම එකකි. වරින් වර සිදුවන ඊරු්න තුළින් චංචල භාවය පෙන්නුම් කරනු ලබයි. විටින් විට තබ්ලා වාදනය තුළින්  හතරෙන් හතර ගමන් කරන මාත‍්‍රා වලින් පසුව විවිධ හැඩතල වෙත ගමන් කිරීමක් දක්නට ලැබේ.
ගීතයේ හැඩ රුවට අනුව මෙහි පූර්ව, ස්ථායි, අතුරු, අන්තරා යනුවෙන් කොටස් හතරකට බෙදා වෙන්කර ඇති අතර පූර්ව කොටස යනු ගීතයේ ගායකයාට පෙර පවතින කොටසත්, ස්ථායි කොටස  යනු පූර්ව කොටසින් අනතුරුව හමුවන ගායනයත් ය. මෙහි අතුරු කොටස් ලෙස ගීතයේ විරාමයන් ගත හැකිය. අන්තරා කොටස ගීතයේ අවසානය පිළිබිබු කරන ගායන කොටස වේ. මෙහි සථායි හා අන්තරා කොටස් දෙක ගීතාංග වශයෙන් පවතී.
ගීතයේ අවසානය කරා ලගා වීමේ දී තබ්ලාවෙන් ”ලග්ගි පද”  වාදනය කිරීමත් දක්නට ලැබේ. ඒ තුළ දැඩි චංචලකාරී ස්වාභාවය උත්සන්න වීමත් පෙන්නුම් කරයි. එසේනම් ඒ කුමක් දැයි විග‍්‍රහ කර බැලීමේ දී සරාගී භාවයේ අනුලෝමව ගමන් කිරීමේ කූටප්ප‍්‍රාප්තිය පෙන්නුම් කරනු ලබයි. මෙහි එන සියල්ලක් ද කතක් නර්තනය හා බැදේ.
මේ අනුව ගීතයට උපරිම සාධාරණයක් සිදුකිරීමට රචකයානන් වු පේ‍්‍රම කීර්තිද අල්විස් සුරීන් ද, සංගීතය යෙන් සහ ගායනයෙනුත් මනා ලෙස දායක වු අමරසිරි පීරිස් මහතානන් ගීතයේ අර්ථ රසයත් ශබිද රසයත් මනා ලෙස ආරක්‍ෂාකර ඇත.






9 comments:

අදහස්