Thursday 9 August 2018

Digital marketing හි SEO ගැන දන්නවාද


ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් තම අලෙවිකරණ කටයුතුවලට නැඹුරුවීම දිනෙන් දින ඉහළ යයි. ශ‍්‍රී ලංකාවද පසුගිය වසර කිහිපයක කාලයක සිට මෙම ක්ෂේත‍්‍රය කෙරෙහි තම අවධානය යොමු කර ඇත. ලාංකික සංචාරක හෝටල් ක්ෂේත‍්‍රය, සංචාරක කර්මාන්තය මෙන්ම වෙළද ප‍්‍රජාව ද තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගැනීමේ පහසු මගක් ලෙස දැන් දැන් ඩිජිටල් අලෙවිකරණය වෙත යුහුසුලූ වේ. එමෙන්ම දේශපාලන පක්ෂ, රාජ්‍ය සමාගම්, සමාජ සහයෝගිතා කණ්ඩායම් මේ කෙරෙහි අවධානය යොමු කර ඇති බව අපි කාටත් නොරහසකි. අන්තර්ජාල වෙළඳාම පුළුල් පරාසයක් ඔස්සේ දිවෙයි. ඩිජිටල් අලෙවිකරණය ^Digital Marketing&"  විද්‍යුත් වෙළෙඳකරණය ^e-commerce ලෙසද අන්තර්ජාල අලෙවිකරණය හඳුන්වයි. මෙය එකවරම රටවල් ගණනාවක සිටින පුද්ගලයන්ට සැනින් තොරතුරු යැවිය හැකි මාධ්‍යයකි. බොහෝ දියුණු රටවල මෙන්ම ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවද තමන්ට අවැසි භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමට පෙළෙඹී තිබේ. මෙමගින් කාලය හා මුදල් යන දෙකම ඉතිරි කර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. වර්තමාන ආයතනය සතුව වෙබ් අඩවියක් ඇත්නම් ඩිජිටල් අලෙවිකරණය මගින් විශාල වාසි අත්කරගත හැකිය.

ඩිජිටල් අලෙවිකරණයේ  හි ප‍්‍රධාන අංශ 3කි.
1. සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණය : (SEO - Search Engine Optimization&'
2. සෙවුම් යන්ත‍්‍ර අලෙවිකරණය ^SEM - Search Engine Marketing&'
3. සමාජ ජාල අලෙවිකරණය   (SMM - Social Media Marketing&'

ඩිජිටල් අලෙවිකරණයේ ක‍්‍රියාකාරී ප‍්‍රධානම අංශයකි. සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණ (SEO - Search Engine Optimization&.වෙබ් අඩවියක් ඇත්නම් එය සෙවුම් යන්ත‍්‍රයන්හි මූල පදයන් ^Keyword ඇතුළත් කළ විට මුල්ම සෙවුම් ප‍්‍රතිඵල අතරට එන්නට නම් එම වෙබ් අඩවිය අනිවාර්යෙන්ම සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණයට ලක් කළ යුතුය. එමගින් ඔබට සෙවුම් යන්ත‍්‍ර මිත‍්‍ර ^Search Engine Friendly වෙබ් අඩවියක් හිමිකරගත හැකිය. දැනට ලෝකයේ භාවිතා වන ප‍්‍රධාන සෙවුම් යන්ත‍්‍ර 3කි. එනම් Google" Yahoo හා Bing ය. එහි ප‍්‍රධාන තැන උසුලන්නේ Google" ය. ඔවුන් කාලයෙන් කාලයට තම සෙවුම් යන්ත‍්‍රයට විවිධ භාවිතයට පහසු අංශ එකතු කිරීම මීට හේතුවයි.
ීෑධ යනු කුමක් web අඩවි Search engine result page එකෙහි ඉහළ ස්ථානයකට ගෙන එ්ම සදහා  භාවිත කරන සියලූම ක‍්‍රමවේදයන් වේ. SEO යනු කෙටි යෙදුමක් (Abbreviation). එනම් මෙහි දිගු නම ^Search Engine Optimitation) ලෙස හදුන්වයි. සිංහල නම සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තකරණයයි. මෙය ඉතා තරගකාරී තාක්‍ෂණික මෙවලමක් වේ. වෙබ් අඩවි හිමිකරුවන් විසින් මසකට ලක්‍ෂ ගණන් වියදම්කර තම වෙබ් අඩවිය කෙසේ හෝ සෙවුම් යන්ත‍්‍ර නොහොත්  Search engine උදහරණ ලෙස Google, yahoo, bing වැනි යෙදවුම් යන්ත‍්‍රවල ඉහළම යෙදවුම් ප‍්‍රතිඵලවල දිස්කරගැනීමට උත්සහ කරයි.

 ප‍්‍රධාන අරමුණු
Google, Yahoo, Bing,MN ,Ask, ABOUT  වැනි Search engine  වල result page එකෙහි ඉහළින් ම  web අඩවිය ප‍්‍රදර්ශනය වු විට එයට විශාල පිරිසක් පිවිසීමේ හැකියාව වැඩිය. එසේ Search engine result page එකෙහි ඉහළ ස්ථානයක ඔබගේ web අඩවිය පවතින විට කිසිදු ගෙවීමකින් තොරව විශාල පිරිසක් web අඩවි වෙත ගෙන්වා ගැනීමට හැකිවනු ඇත.