Tuesday 1 January 2019

මාධ්‍ය විචාරය

 


විචාරය පිළිබඳව බටහිර විචාරකයන් අතර ප්ලේටෝගේ -රිපබ්ලික් ජනරජය, ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත‍්‍රය, සහ 15 වන සියවසේ ශතවර්ශයේ සිට ඇදහැලූණු යුරෝපයේ පුනරුද සමය අධ්‍යයනය කිරිමෙන් හඳුනාගත හැකි ය. නූතන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ප‍්‍රමුඛ ආචාර්යවරයෙකු වන ආතර් අසාර් බජර් විසින් මාධ්‍ය විශ්ලේෂණ ශිල්ප ක‍්‍රම 04ක් දක්වා ඇත.
ජනමාධ්‍ය කි‍්‍රයාකාරිත්වය කවරාකාර ද යන්න මාධ්‍ය අන්තර්ගතය විශ්ලේෂණය කිරීමට ආතර් අසාර් බජර් විසින් ඵැාස් ්බ්කහිසි ඔැජයබසුමැි නම් කෘතිය තුළ සඳහන් කරයි.
1. සංඥාර්ථවේදී මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය
2. මාක්ස්වාදී මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය
3. මනෝ විශ්ලේෂණවාදී මාධ්‍ය ශිල්ප ක‍්‍රමය
4. සමාජ විද්‍යාත්මක මාධ්‍ය විශ්ලේෂණ ශිල්ප ක‍්‍රමය
1. සංඥාර්ථවේදී මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය
සංඥාර්ථවේදය වාග් විද්‍යාවේ විෂය ක්ෂේත‍්‍රයකි. ස්විස් ජාතික ෆර්ඩිනන්ඩි සොව්සියෝ නැමති මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කරන ලදී. 1857-1913 තුළ ජිනීවා විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කරන ලද දේශන සහ ඇමරිකා එක්සත් ජනපද මහාචාර්ය චාර්ල්ස් පියර්ස් (1839-1914* විසින් ඉදිරිපත් කර ඇති සංඥා විද්‍යාව මත පදනම් වෙමින් මාධ්‍ය හා මාධ්‍ය සන්දේශ විග‍්‍රහ කිරීම මෙහි ස්වභාවයයි. තෝමස් එම් ස්ටෙයින්ෆැට් දක්වන ආකාරයට සන්නිවේදනය යනු තොරතුරු සංඥා සංකේත ආශි‍්‍රත කි‍්‍රයාවලියයි. සන්නිවේදනයට අනුව සෑම මාධ්‍ය සන්දේශයක්ම මූලික විග‍්‍රහ දෙකකින් සකස්ව ඇත.එනම් සංඥපිතය හා සංඥාපකයයි.
සෑම සන්දේශයක් ම අර්ථ නිෂ්පාදනයේ දී නිරන්තරයෙන්ම ද්‍රව්‍යමය මෙවලමක් සංකේතයක් ලෙස භාවිතා කරයි. මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය තුළ නිරන්තරයෙන් දැකිය හැක්කේ සංඥා, සංකේත, දෘශ්‍ය මාධ්‍ය, ශ‍්‍රව්‍ය හා ලේඛන මාධ්‍ය තුළ යොදා ගැනීමයි. ඒ අනුව මාධ්‍ය විශ්ලේෂණය කිරීමේ දී ඒවායේ අන්තර්ගතය හඳුනාගැනීමත් හුදු මතුපිට ආකර්ශණයට ඔබ්බෙන් ගැබ්ව තිබෙන අර්ථ මැනවින් හඳුනා ගැනීම අවශ්‍යය. ඒ අනුව සංඥාර්ථෙවේදී මාධ්‍ය විශ්ලේෂණය දක්වන පරිදි ග‍්‍රාහකයා විසින් මාධ්‍ය හුදු නරඹන්නක් හෝ ශ‍්‍රවණය කරන්නක් හෝ කියවන්නක් නොවී ගැඹුරු විශ්ලේෂණයකින් කියවිය යුතු බව මෙමගින් පෙන්වා දෙයි. සෑම සංඥාවක් හා සංකේතයක්ම යම් සමාජකට අර්ථගෙන එන්නේ නිෂ්චිත සංස්කෘතික පරිසරයක් තුළ ය. මේ අදහස් රෝලන්ඞ් බාත් විසින් ඉදිරිපත් කර ඇත. සංඥාර්ථවේදය මුසු විවිධ චිත‍්‍රපටි නිර්මාණය වී ඇත.
2. මාක්ස්වාදී මාධ්‍ය විශ්ලේෂණ ශිල්ප ක‍්‍රමය 
සම්භාව්‍ය මාක්ස්වාදය ඉදිරිපත් කොට ඇත්තේ කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් මානව ජන සමාජය තුළ මාධ්‍ය කි‍්‍රයාකාරිත්වයේ දක්නට ලැබෙන බලය පිළිබඳ අදහස මෙම විශ්ලේෂණය සඳහා පදනම් වෙයි. සම්භාව්‍ය මාක්ස්වාදයේ මූලික දර්ශනය වශයෙන් හඳුනාගත හැකි පන්ති විභේදනය හා සමාජ අසමානතාවය දුරලීමට නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් මගින් ධනපති පන්තිය නැති කළ යුතුය යන අදහස මාධ්‍ය කි‍්‍රයාකාරිත්වයේ බල තුලනය සමග බද්ධ කොට දැක්වීම එහි අදහසයි. ඒ අනුව මාධ්‍ය නිරන්තරයෙන් පන්ති විභේදනය ඇති කරවන්නක් වන අතර අනෙක් අතට ජනමාධ්‍ය පාදක කොටගෙන ධනපති පන්තියේ දෘෂ්ඨිමය සමවාදය ජීවන අපේක්ෂා යනාදී අනෙක් සුලූ පන්තිය වෙත ප‍්‍රක්ෂේපණය කිරීමේ මෙවලමක් ලෙස ජනමාධ්‍ය නිරන්තරයෙන් කටයුතු කරනවා යන්න මෙම විශ්ලේෂණයේ දී පාදක කරයි. මාක්ස්වාදී විචාරයට අනුව ජනමාධ්‍ය ඔස්සේ ගොඩනැගෙන මාධ්‍ය සංස්කෘතිය, ජනපි‍්‍රය සංස්කෘතිය නිරන්තරයෙන් කටයුතු කරනවා යන්න මෙම විශ්ලේෂණයේ දී පාදක කරයි. මාක්ස්්වාදී විචාරයට සංස්කෘතිය නිරන්තරයෙන් සුපිරි පැලැන්තියේ ජීවන අපේක්ෂා හා පදනම් කරගන්නා බව මෙහි දී දැකිය හැකි ය. මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ විමසීමේ දී මහාචාර්ය ඩග්ලස් කෙන්ලර් දක්වන අදහස වන්නේ ජනමාධ්‍ය නිරන්තරයෙන් බලය හා ධනය සහිත පන්තියේ සමවාදය අනෙක් සුලූතර සමාජය වෙත විසුරුවා හරින බවයි. මාධ්‍ය තුළ නිරූපණය වන විවිධ සාදක බලය හා ධනය නැමති සංකල්ප සමග මුසු කරමින් දේශපාලන විද්‍යාත්මක හා ආර්ථික විද්‍යාත්මක කෝණයෙන් සමස්ත මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය විමර්ශනය කිරීම මාක්ස්වාදී ශිල්ප ක‍්‍රමයේ දී හඳුනාගත හැකි ය. මෙහි පුරෝගාමීන් ලෙස අන්තෝනියෝ ශ‍්‍රාම්ස්කි, ලූවී අලූතුසර්, ඩැනියෙල් චාන්ද්ලර් වැනි මාක්ස්වාදී විචාරකයන්ගේ මාධ්‍ය විශ්ලේෂණයෙන් කතිකාවකාවන් වැදගත් කොට සලකයි.
03. මනෝ විශ්ලේෂණවාදී මාධ්‍ය විශ්ලලේෂණ ක‍්‍රමය
නූතන මනෝ විද්‍යාවේ කර්තෘවරයෙකු වන සිග්මන් ප්‍රොයිඞ් වියනා විශ්වවිද්‍යාලයේ දී ඉදිරිපත් කොට ඇති මනෝ විද්‍යාත්මක දේශන ඔස්සේ පසුකාලීනව මනෝ විශ්ලේෂණය බිහිවිය. ඒ් අනුව මනසේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ සියුම් විශ්ලේෂණයක් ඉදිරිපත් කොට ඇත. සෑම මානව කි‍්‍රයාකරකමක්ම සවිඥානය මෙන්ම අවිඥානය මත පදනම් වෙමින් සිදුවන බව පෙන්වා දෙයි. ඒ අනුව මනස කොටස් තුකට බෙදා දක්වයි.
01. උඩු සිත-:ෂෘ*
02. යටිසිත-(ෑඨධ*
03. අධි අහම-:ීඹඡුෑඍ ෑඨධ*
යනුවෙන් තල තුනකින් දක්වා ඇත. සෑම මානව කි‍්‍රයාකාරකමක් ම මානවයාගේ මතුපිට පෙනෙන වාගාලාපය, භාවිත මත පදනම් වෙමින් හඳුනාගත නොහැකිය යන්න මනෝ විශ්ලේෂණවාදයේ තර්කයයි. ඒ අනුව මාධ්‍ය ඔස්සේ මිනිසාගේ යටිසිත තුළ තැන්පත් ව ඇති චින්තන,අදහස් හා හැගුම් ප‍්‍රකාශ කිරීමට හැකි ය යන අදහස මෙහි දී හඳුනාගත හැකි ය. මාධ්‍ය භාවිතාව තුළ සෑම විටම විවිධ සවිඥානිකයන් සෘජුව ප‍්‍රකාශ කරනවා යන්න මෙහි අදහසයි.
ජනමාධ්‍ය සමකාලීන කි‍්‍රයාකාරිත්වය පිරික්සීමේ දී එහි නිරූපිත බොහෝමයක් වැඩසටහන්, වාර්තා ශෛලීන් එම මානව සමාජයේ මනස සහ ජන විඥානය නිරන්තරයෙන් පාදක කරගන්නා බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ. මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය යනු මනසේ ප‍්‍රතිනිර්මාණයක් වන බවත්, එම මනසේ විවිධ ස්ථරයන්ට සමානුරූපීව සවිඥානිකව හා අවිඥානිකව කි‍්‍රයාත්මක වන ආකාරය මෙහි දි පැහැදිලි කරයි. විශේෂයෙන්ම මෙයින් ඉදිරිපත් කරන්නේ ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන් ම මිනිසාට සෘජුව ප‍්‍රකාශ කළ නොහැකි එහෙත් ඒවා අවිඥානිකව මිනිස් මනසේ කාලාන්තරයක් තැන්පත්ව ඇත. අවිඥානික රුචිකත්වයන්, ආශාවන්, අවශ්‍යතාවන් සියුම්ව ජන සමාජය වෙත ලබාදෙන ආකාරයත්, ඒ හේතුකොටගෙන ඇති වන සියුම් සමාජ මනෝවිද්‍යාත්මක බලපෑමත් මෙහිදී මනෝ විද්‍යාත්මක විශ්ලේෂණ ප‍්‍රස්තුතය බවට පත්වෙයි.
04. සමාජ විද්‍යාත්මක මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය.
ජනමාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සහ එහි සමාජ බලපෑම පිළිබඳව මුල්ම විග‍්‍රහය බිහි වූයේ සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශයකිනි. ෆෝල් ලැසාස්ෆෙල්ඞ්, එලිග‍්‍රා කැට්ස්, විල්බර් ශ‍්‍රාම්, එවරට් එම් රොජර්ස් යනාදීන් ඒ අතර කැපී පෙනේ. 
ජනමාධ්‍ය සහ සමාජය අතර ඇතිි සබඳතාව අනුපූරක තත්ත්වයකි. සමාජ විද්‍යාත්මක සංකල්පනා විශ්ලේෂණ පාදක කොට ගනිමින් මාධ්‍ය අන්තර්ගතය හා කි‍්‍රයාකාරිත්වය විමසීමට ලක් කිරීම මෙහි ස්වභාවයයි. ඒ අනුව මාධ්‍ය නිරන්තරයෙන් සාමාජීය ස්වභාවය හා රැුචිකත්වය තේමා කොට ගන්නවා යන්න මෙහි තවත් අදහසකි. මෙහි දී මාධ්‍ය සාමාජීය විද්‍යාත්මක පදනමක පිහිටමින් මානව සමාජයේ අපේක්ෂා මුදුන්පත් කරන ආකාරය පෙන්වා දෙනු ලැබේ. ප‍්‍රජාව, ජන ආගම, ආගම, කුලය, පන්තිය, වාර්ගිකත්වය වැනි සාමාජීය විද්‍යාත්මක ස්වභාවය මාධ්‍ය හා සම්බන්ධ වන ආකාරය මෙහි දී පෙන්්වා දෙනු ලැබේ. ඒ අනුව ජනමාධ්‍ය යනු හුදු තාක්ෂණික හෝ ද්‍රව්‍යමය භාවිතාවක් නොව සමකාලීන සමාජය නිරූපණය කරන එම සමාජයේ විද්‍යාත්මක විද්‍යාත්මක ගති ලක්ෂණ මැනවින් විදහාපාන ප‍්‍රකාශනයක් ලෙස විග‍්‍රහ කෙරේ. මෙහිදී මූලික වශයෙන් කි‍්‍රයාත්මක කෙරෙන්නේ සමාජ විද්‍යාව තුළ භාවිත මූලික මූලික සංකල්ප හා න්‍යායන් ජන මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සහ එහි සමාජ බලපෑම හා සම්බන්ධයෙන් ගෙන විග‍්‍රහයක නිරත වීමයි.
මෙයට අමතරව මාධ්‍ය හා එහි කි‍්‍රයාකාරිත්වය සකී‍්‍රයව විවරණය කිරීමෙහිලා නොයෙකුත් විචාර අධ්‍යයනයන් මේ වන විට භාවිත කරන ආකරයක් දැකගත හැකි ය. මේ අතර වඩාත් නවීනව භාවිත කරන විචාර අධ්‍යයනයන් අතර පශ්චාත් නූතන මාධ්‍ය විචාරය සහ තාක්ෂණික මාධ්‍ය වැදගත් වේ.
05. පශ්චාත් නූතනවාදී මාධ්‍ය විචාරය
පශ්චාත් නූතනවාදය පදනම් කොටගෙන ඒ ඇසුරෙන් මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය විවරණය කිරීම මෙම විචාර අධ්‍යයනයෙහි ස්වභාවයයි. පශ්චාත් නූතනවාදය යනු 1960 දශකයේ දී මූලික වශයෙන් කලා, ලේඛනය, සංගීතය, රංග කලාව යනාදී ක්ෂේත‍්‍රයන් හා සම්බන්ධව යුරෝපයේ 1980 හා 1990 යන දශකයන්හි බෙහෙවින් ව්‍යාප්ත විය. මෙය තුළ අතීතයේ සිට වර්තමානය දක්වා වන කාල පරිච්ඡේදය තුළ අඩංගු නොයෙකුත් කලා, සාහිත්‍ය හා සමාජ සංස්කෘතික මතවාද හා විග‍්‍රහයන් අඩංගු වේ. ඒ අනුසාරයෙන් බිහිව ඇත්තේ කිසිඳු නිෂ්චිත න්‍යායක පරිධියකට යටත් නොවන යම් ආකාරයක ගතානුගතික අදහස් වලින් තොර විප්ලවකාරී නමුත් අසම්මත ගණයේ බුද්ධිය අදහස් මාලාවකි. මෙය සාරය වශයෙන් ගෙන මාධ්‍ය හා සමාජය විග‍්‍රහ කිරීම මෙම විචාර අධ්‍යයනයෙහි ගත ස්වභාවයයි. 
මෙහි දී විශේෂයෙන් ම යුරෝපයේ බිහි වූ සමාජ සංස්කෘතික මතවාදය ඔස්සේ පැනනැගුණු නව දර්ශයනුගත විග‍්‍රහයක් හඳුනාගත හැක. එය ඉදිරිපත් කළ අය අතර ජැක්විස් ලේඛාන්, මිචේල් ෆූකෝ, පුන්සුවා ලියෝටා, ජිල් ඩෙලූස්,මාර්ටින් හයිඩෙගර්, අන්තෝනීයෝ ශ‍්‍රාම්ස්කි, ජැක්විස් ඩෙරිඩා, රෝලන්ඞ් බාත්, ජොක් බ්‍රොඩිලාඞ් වැනි අයගේ ශ‍්‍රාස්ත‍්‍රීය දායකත්වය කැපී පෙනේ.
එමෙන්ම පශ්චාත් නූතනවාදී අදහස් ඉන් සුළු කාලයකට පසුව ඉමහත් විවේචනයට ද බඳුන් විය. පශ්චාත් නූතනවායේ හරය හරිහැටි අවබෝධ කරගත් තවත් එක් ප‍්‍රවේශයක් වන්නේ පශ්චාත් නූතනවාදී අදහස් වලට එරෙහිව කි‍්‍රයාත්මක වූ ශ‍්‍රාස්තී‍්‍රය සම්භාෂණ ද මෙනෙහි කිරීමෙනි. ඒ මගින් කියා පෑවේ මෙමගින් සම්ප‍්‍රදාය, ඉතිහාසය, සහ සමාජ සංස්කෘතික වටිනාකම් නොසකා විකාරරූපි අදහස් වලට ශාස්ත‍්‍රීය වටිනාකමක් ලබා දීමක් ලෙස පශ්චාත් නූතනවාදය සමාජයේ සම්භාෂණයට පාත‍්‍ර වන බවයි. මෙම අදහස් ඉදිරිපත් කළ අය අතර ෆ්‍රෙඞ්රික් ජෙම්සන්, ටෙරී ඊගල්ටන් ජුර්ගන් හබර්මාස් දැක්විය හැකි ය.
විශේෂයෙන් ම ඩෙරීඩා ෆූකෝ වැනි අය සන්නිවේදනය හා මාධ්‍යයට අදාළව පළ කළ පශ්චාත් නූතනවාදී අදහස් හා ජුර්ගන් හබර්මාස් විසින් ඔහු ඉදිරිපත් කළ මාධ්‍ය හා සන්නිවේදන තාර්කිකත්වය පිළිබඳ ගැඹුරු අදහස් බඳුන් කර ඇත.
එසේම බටහිර යුරෝපීය දර්ශනවාදය අනුසාරයෙන් බිහිව ඇති මෙම විචාරාභාසය ආසියාතික රටවලට කොතරම් සාධාරණීයත්වයක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව කථිකාවවට ලක්ව තිබේ. අනෙක් අතට පශ්චාත් නූතනවාදී අදහස් ආසියාතික රටවලට ගැළපෙන අයුරින් සකස් කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ අය අතර ඉන්දියානු ගයාතී‍්‍ර වක‍්‍රවර්ති ස්විපිවැක්, චීනයේ ෂූ ඩොං පං, ජපානයේ නඞීම් සකායි, පිලිපීනයේ වින්ස් රෆාල් සහ හොංකොංහි රේ චෞ යන ශාස්ත‍්‍රඥයින් කැපී පෙනේ. මේ අය පශ්චාත් නූතනවාදයේ අගය පිළිබඳ නිශ්චිත අදහසක් පළ නොකරයි.
06. තාක්ෂණික මූලික මාධ්‍ය විචාරය
ජන මාධ්‍ය මූලික වශයෙන් ම තාක්ෂණික උපකරණයකි. ජන සන්නිවේදන අධ්‍යයනයේ දී බෙහෙවින් පෙළඹෙන්නේ එහි න්‍යායික හා නිර්මාණාත්මක පැතිකඩ හැදෑරීමටයි. නමුත් ඒ හා සමාන අවධානයක් ජන මාධ්‍යයෙහි තාක්ෂණික හා විද්‍යාත්මක අංශය හැදෑරීම කෙරෙහි ඉංජිනේරු විද්‍යාව, සන්නිවේදන ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය යනාදී ක්ෂේත‍්‍රයන් මෙහි දී මාධයෙහි තාක්ෂණික පැතිකඩ විශ්ලේෂණාත්මකව හදාරනු ලැබේ.
තාක්ෂණික මූලික මාධ්‍ය විචාරයේ දී සිදු කරන්නේ මාධ්‍ය හා එහි කි‍්‍රයාකාරිත්වය ජනමාධ්‍ය තාක්ෂණික මෙවලම් භාවිතය හා සමග ගෙන විවරණය කිරීමෙනි. තවද මාධ්‍ය තාක්ෂණය හා එහි ස්වභාවය මානව සමාජයට දක්වන සෘජු හා වක‍්‍ර බලපෑම් කවරාකාර ද යන්න ගෝලීය හා ජාතික වශයෙන් හඳුනා ගැනීමයි. මානව පරිණාමය තුළ මේ වන විට විද්‍යාව බවට පත්ව ඇත්තේ ජනමාධ්‍ය කි‍්‍රයාකාරිත්වයයි. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය තාක්ෂණය මේ වන විට ඉතාම සීඝ‍්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇත. තත්ත්පර කිහිපයකින් පිටපත් කිහිපයකින් පිටපත් මිලියන ගණනාවක ප‍්‍රකාශනයක් එකවර ලබා ගත හැක. විද්‍යුත් මාධ්‍ය තාක්ෂණය මානව පරිණාමයේ වේගයේ සීමාව පවා ආක‍්‍රමණය කර ඇත.
අන්තර්ජාලය, ජාල අධ්‍යයනය, ජංගම දුරකථනය, සමාජ ජාල මාධ්‍ය යන වන මාධ්‍ය රටාවන් මාධ්‍ය තාක්ෂණයෙහි ම ප‍්‍රතිඵල හඳුනාගත හැක. ඒවායේ නූතන සමාජ ගෝලීය බලපෑම අතිවේගයෙන් මානව සමාජය වෙනස් කිරීමට හේතු වී ඇත.
සිනමා හා රූපවාහිනී මාධ්‍ය තාක්ෂණයන් අති නවීන යාන්ති‍්‍රක හා ඉලෙක්ට්‍රොනික ප‍්‍රකාශන සමග බද්ධව කි‍්‍රයා කරයි. එමෙන්ම නව විද්‍යාත්මක කථිකාවන් සහ සොයා ගැනීම් තාක්ෂණිකව මෙන්ම නිර්මාණාත්මකව ජනමාධ්‍ය තුළ භාවිත කිරීමට මෙම තාක්ෂණික මාධ්‍ය විචාරයේ දී ඇයයුමට පාත‍්‍ර කෙරේ. ඒ අනුව තාක්ෂණික මූලික සිද්ධාන්තය මුල් කරගනිමින් සිනමා නිර්මාණ බොහොමයක් බටහිර රටවල නිර්මාණය වී ඇත.
මාධ්‍යයේ කි‍්‍රයාවලිය විශ්ලේෂණය කිරීමේ දී පෙරදිග හා අපරදිග සිද්ධාන්ත භාවිතා කරන ආකාරය මේ අනුව අවබෝධ කරගතහැකි ය. මාධ්‍ය කි‍්‍රයාවලිය විශ්ලේෂණය කිරීමේ දී පෙරදිග නිර්මාණකරුවන් සාම්ප‍්‍රදායික මාධ්‍යයන් වන සාහිත්‍ය කලාව, නාට්‍ය, ගද්‍ය පද්‍ය නිර්මාණ ඇසුරින් ස්වකීය අදහස් ප‍්‍රකාශ කිරීමය උත්සාය දරා ඇත. මාධ්‍ය දර්ණනයේ ඉතිහාසය පිළිබඳව විමර්ශනය කිරීමේ දී මුල් කාලයේ පැවතියේ ස්වාභාවිකවාදයයි. ඉතිහාසයේ ඇති වන පළමු විචාරවාදය වන්නේ මෙයයි. වේදිකා නාට්‍ය කාලව තුළින් මෙය පෝෂණය වී තිබුණි. ස්වභාවික සංවාද, ස්වභාවික රූපක, ස්වභාවික දෘශ්‍යමය දේ සඳහා භාවිතා කර තිබුණි.
ඡුායාරූප කලාව, සිනමාව ,නාට්‍ය වැනි කලා නිර්මාණ මෙම යුගයේ දී බිහි වූ නිර්මාණයන් ය.
ඉන්පසුව බිහිවන්නේ යථාර්තවාදයයි. ස්වභාවිකවාදය ඉක්මවා යථාර්ථය ගවේෂණය කිරීම මෙම යුගයේ දී අපේක්ෂාව වී තිබුණි. සත්‍ය හා අසත්‍ය අතර තුළනාත්මක ගවේෂණයක් මෙම යුගයේ දී සිදු විය. මාක්ස්වාදය මේ සඳහා බලපා තිබුණි. මාධ්‍ය තූළින් සෑම විටම යථාස්වභාවය පෙන්නුම් කිරීම මෙම යුගයේ දී සිදු විය.
යථාර්තවාදයෙන් ඔබ්බට යන අධියථාර්ථවාදී යුගය ඉන් පසුව පැමිණ තිබේ. එම යුගයේ දී යම් දෙයක සාමාන්‍ය ප‍්‍රමාණ්‍යවෙනස් කර එය විකෘති කර ඉදිරිපත් කිරීම මෙම යුගයේ නිර්මාණයන්ගෙන් සිදු විය. ලංකාවේ පැරණි කලාවන් තූළ අධියථාර්ථවාදය ගැබ්ව තිබුණි.
පසුව ප‍්‍රකාශනවාදය පැමිණීම සිදු විය. 20 වන සියවසේ් ජර්මනියෙන් මෙය ආරම්භ විය. මෙය යථාර්ථවාදයට විරුද්ධව ඇතිවන ගොඩනැගීමකි. සත්‍ය සදාකාලික වන බව පෙන්නුම් කිරීමට මින් උත්සාහ ගෙන තිබේ. ඒ සඳහා සිනමාව, චිත‍්‍ර කලාව වැනි මාධ්‍ය උප්‍යුක්ත කරගෙන තිබුණි. 
19 වන සියවසේ දී ඇති වන විචාරවාදය වන්නේ සංකේතවාදයයි. ස්වභාවිකවාදයත් යථාර්ථවාදයත් ආපසු හැරවීමක් ලෙසෙ මය හඳුන්වා දිය හැකි ය. කෘති‍්‍රම බවක් මේ තුළ දැකිය හැකි ය. පරිකල්පනයට, මනෝ ලෝකවලට මුල්තැනක් ලබා දී තිබුණි.
20 වන සියවසේ මුල් භාගයේ සිට නව්‍යවාදය ආරම්භ වෙයි. ප‍්‍රංශය, ජර්මනිය වැනි රටවලින් මෙය ආරම්භ වෙයි. කාර්මීකරණයෙන් පසුව ආ ප‍්‍රබල විචාරවාදයක් ලෙසින් මෙය පෙන්වා දිය හැකි ය. ආගම, කලාව, සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය යල්පැන ගිව දේවල් ලෙස සලකන ලදී. 
පශ්චාත් නව්‍යවාදය සකලවිධ සංකල්පයන් කඩා බිඳ දමමින් පැමිණි විචාරවාදයකි. සියලූ දේම ප‍්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරන බවත් සෑම දෙයක් දෙසම අලූත් ආකාරයෙන් බැලීමක් සිදු වෙයි. ඒ අනුව බලන කල්හි පැහැදිලි වන්නේ මානව සමාජය පරිණාමය වෙමින් විකාශනය වීමත් සමග සමාජයේ පැවති සාම්ප‍්‍රදායික මාධ්‍ය වෙනුවට නූතන මාධ්‍යයන්ගේ ආගමනය වීම සිදු විය. ඒත් සමග සමාජය තුළ සන්නාවේදන කි‍්‍රයාවලිය පෝෂණය වීමේ මාධ්‍යයේ කි‍්‍රයාවලිය ද කාර්ය භාර්ය ද සංකීර්ණ වන්නට විය. මාධ්‍ය මගින් ඉදිරිපත් වන සන්දේශන්ගේ ගුණදොස් ප‍්‍රකාශ කිරීමට වෙනම පිරිසක් නිර්මාණය විය. ඒ අනුව මාධ්‍යයේ කි‍්‍රයාවලිය විශ්ලේෂණය කිරීමේ දී පෙරදිග හා අපරදිග විචාරවාදයක් ගණනාවක් ඇති විය. ඒ අනුව ගද්‍ය පද්‍ය සාහිත්‍යයෙන් ආරම්භ වී අද වන විට නවීන තාක්ෂණික කි‍්‍රයාවලීන් සමග මාධ්‍ය සන්දේශයන් ග‍්‍රාහකගත වෙයි. ඒ අනුව මාධ්‍ය කි‍්‍රයාවලිය විශ්ලේෂණයෙහිදී මාධ්‍ය පිළිබඳ පෙරදිග සහ අපරදිග සිද්ධාන්ත භාවිතා කරන ආකාරය මැනවින් අවබෝධ කරගත හැකි ය.

1 comment:

  1. Borgata Hotel Casino & Spa - JS Hub
    Borgata Hotel Casino & Spa is the premier 이천 출장안마 Atlantic City resort 경상남도 출장마사지 destination. 사천 출장안마 Book your staycation today and start 충주 출장안마 earning points today! Rating: 4.7 · ‎Review 광명 출장마사지 by Tim Chappell

    ReplyDelete

අදහස්