Friday 27 July 2018

පුවත්පත සහ සංහිදියාව



වික‍්‍රමරත්න පවසන ආකාරයට විධිමත් අධත්‍ාපන පද්ධති සහ අවිධිත් සන්නිවේදන ක‍්‍රම මඟින් තොරතුරු ලබාගැනීමත් සාරධර්ම ගොඩනැගීමත් සිදුකෙරේ. මිනිස් සිත්සතන් හැඩගස්වනු ලබන හා ඔවුන්ගේ ක‍්‍රියාවන් මෙහෙයවන බලගතු මෙවලම් ලෙස පාසල් හා ජනමාධ්‍ය හදුන්වා දිය හැකිය.(වික‍්‍රමරත්න,2001:83)
සන්නිවේදනය හා සමාජය යන පොතෙහි ජනමාධ්‍ය යන්න විවරණය වී ඇත්තේ මෙසේය.
ජනමාධ්‍ය යනු පෞද්ගලිකත්වයෙන් ඇත් වු හෙවත් නිෂ්පුද්ගල සන්නිවේදනය යන අර්ථය දෙන දෘශ්‍යමය වු හෝ ශ‍්‍රව්‍යමය හු හෝ ග‍්‍රාහකස්ථානකට සෘජු ලෙස යොමු වු සංදේශාවලියකි. එහිලා ජනමාධ්‍ය යනු රූපවාහිනිය, ගුවන් විදුලිය,චලන චිත‍්‍ර හෙවත් චිත‍්‍රපට,පුවත් පත්, සඟරා පොත් සහ එළිමහන් දැන්වීම් පුවරු වශයෙන් සැලකිය හැකිය.(සන්නිවේදනය හා සමාජය,2010:29)
ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයකට සන්නිවේදනය ද ඉතා අවශ්‍ය අංගයකි. මෙම පාලන ක‍්‍රම තුළ සන්නිවේදනය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවනවා නම් ඒ තුළ නියම පාලනයක් පැවතිය නොහැකිය. සන්නාවේදන ක‍්‍රියාවලිය  දුර්වල නම් අනෙකුත් කිසිදු අයිතිවාසිකමක් ද ආරක්‍ෂා නොවේ. සමාජයේ මුලික සන්නිවේදන ක‍්‍රියාවලිය සිදුවන්නේ ජනමාධ්‍ය හරහාය. ජනමාධ්‍ය හතරවන රාජ්‍යය ලෙසද හදුන්වන්නේ මේ හේතුව නිසාය. ඒ අනුව පෙනී යන්නේ ජන මාධ්‍ය හරහා සමාජයට සුවිශාල බලපෑමක් කල හැකි බවයි.
සන්නිවේදනය යන්න මානව ගවේෂණ මාර්ග රාශියක් සමඟ බැදී පවතින්නකි. ඇමරිකානු මනෝ විද්‍යාඥයකු වන ජර්ගන් රුමේධ දක්වා ඇති පරිදි සන්නිවේදන යන සංකල්පය මත මනෝ විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය යනාදි වශයෙන් විෂයන් හතලිහනට අධික සංඛ්‍යාවක් සමඟ අත්‍යන්තයෙන් බැදී පවතී. එහෙයින් එය නිර්වචනයකින් පමණක් සන්නිවේදනය යන්න ක‍්‍රමාණුකූලව විග‍්‍රහ කොට දැක්විය නොහේ. (දිසානායක,1974:06 )

පුවත්පත එතෙර හා මෙතෙර මහත්සේ ප‍්‍රචලිත වුයේ තොරතුරු සම්පාදන මාධ්‍යය වශයෙන්ය. එය සොයා ගැනීමත් සමඟම එක් සොයා ගැනීමත් සමඟම එක් මුලාශ‍්‍රයකින් (source )බහුතරයකට තොරතුරු සැපයීම් සඳහා මුදාණය කරන ලද පුවත්පත මුලින්ම දුත මෙහෙවරක් (Courier Service) බව පෙනේ. හඩ දුතයකු ක‍්‍රියාවට නැගිණි. මුදාිත අකුරවල පවතින මහිමය මේ අනුව තක්සේරු කරගත හැකිය. පුවත් සම්පාදනය පත‍්‍රය ප‍්‍රවෘත්ති පති‍්‍රකාව යන්න අනුව news paper (නිව්ස් පේපර්) බවට පත්විය. පුවත් සොයාගෙන පැමිණිම දුෂ්කර කාර්යයක් වුවද සමාජ ක‍්‍රමෝපාය (Social strategy) අනුව සූක්‍ෂම ක‍්‍රියාදාමය විය. නවතම යන්න අපරදිග හදුන්වනු ලැබුවේ (Newne) (නිව්නස්) යනුවෙනි. මේ අනුව නවතම පුවත් සෙවීමේ පදනම විය. තමත් සමහරු දස දිසාවට ගොස් ලබාගන්නා පුවත් හේතුවෙන North, East, West, South යන්න මුල් අකුරු ගෙන පුවත් (N.E.W.S) ගැන සැලසුම් වු බවක් හඟවති. ඒත් නවතම යන්න වඩාත් නිවැරදියයි අපි සලකමු.(මහේන්දා,2015:104)
මුදිත මාධ්‍ය තුළ භාෂාව භාවිතයේ දී
බියෙන් හෝ බැදීමෙන් හෝ තොරව හැකි සෑම අයුරින්ම ජනතා හිත සුව පිණිස අව්‍යාජව කැපවීම ස්වකීය යුතුකම හා වඟකීම බවට පත්කර ගත් මුදාිත හා විද්‍යුත් මාධ්‍ය, භාෂාව උපයෝගී කොට ගෙන ජනතාව සමඟ සන්නිවේදනයෙහි යෙදෙන්නේය, ඒ කාර්යභාරය ඉටු කිරීමේ දී ජනතාවට තොරතුරු සැපයීමම පමණක් නොව වරින් වර ස්මතුවන හෝ දැනටද ඉස්මතුව පවත්නා හෝ ජාතික ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම, ජන ජීවිතය සමඟ  නිරක්තරයෙන් බැදෙන හා ජන ජීවිතයට වැදගත් වන සමාජ ආර්ථික හා අධ්‍යාපන හා දේශපාලන යනාදි කරුණු පිළිබඳව පුළුල් දැනුමක් හා පැහැදිලි අවබෝධයක් ඔහුනට ලබාදීම  ආනන්දයෙන් ප‍්‍රඥාව  කරා ජනතාව ගෙන යා හැකි අන්දමේ සාහිත්‍ය සහ අනෙක් කලා විෂය මලින් ඔවුන්ගේ රසාස්වාද ශක්තිය නංවාලීම යනාදියද මාධ්‍ය වෙත පැවරෙන වගකීම් වශයෙන් පවත්නේය.
20 වෙනි සංවත්සරය ලංකාදීප විශේෂ අතිරේකයේ අතීත පුවත් පත පිළිබඳ කතා කිරීමේදී
පුවත් පත් ප‍්‍රවාහය එක්තරා  ආකාරයකට මේ රටේ ජන මතය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සර්වජන ඡුන්ද බලය යනාදිය ගැන විශාල අවදි කිරීමක් ජනමතයක් සංවිධානය කිරීමක් කර මේ රටේ සමාජය ගොඩ නැගීමට පුවත් පත් දායක වුවාය යන්න ඉතාම පැහැදිලිය.(ලංකාදීප විශේෂ අතිරේකය,2010)
මාධ්‍ය ක්ෂේත‍්‍රවල ඇතැමුන් ඉතා සහාසික අන්දමින් භාෂාව විකෘති කරන, කෙලෙසන මෙවැනි යුගයක අත්‍යවශ්‍ය කාර්යයකි.(ලංකාදීප විශේෂ අතිරේකය)
ජන මාධ්‍ය කාර්යයභාරය යටතේ සංස්කෘතික ප‍්‍රවර්ධනය යටතේ,
සෑම ජාතියකටම සෑම ජන කොට්ඨාසයකට තමන්ට අනන්‍යයවු සංස්කෘතියක් තිබේ. එය බාහිර සංස්කෘතීන් සමඟ ගැටි පෝෂණය වීම නිරතුරුවම සිදුවන්නකි. ජාතියක ජන කොට්ඨාසයක හෝ සංස්නෘතිය හදුනා ගැනීම, ආරක්‍ෂා කිරීම හා ප‍්‍රවර්ධනය සඳහා ජන මාධ්‍ය දායක විය යුතුය. විවිධත්වය සමඟ ඒකත්වය පවත්වා ගැතීම සඳහා සංස්කෘතින ප‍්‍රවර්ධනය අත්‍යයවශත්‍ය වේ.(ලංකාදීප විශේෂ අතිරේකය,2010:03)
පෙරේරා  දක්වන ආකාරයට මහජනතාවට වැදගත් වන්නා වු (බලපාන්නා වු)කරුණු පිළිබඳ ප‍්‍රවෘත්ති මත, විවේචන සහ තොරතුරු සාධාරණ ලෙස නිවැරඳිව, අගති විරහිතව,මධ්‍යස්ථව, සහ ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් ජනතාවට සේවය කිරීම පුවත්පත් කලාවේ මුලික අරමුණ වේ. සදොස්, පදනම් විරහිත, අවිනීත, නොමඟ යවන සහ විකෘති කරන ලද දෑ පල කිරීමෙන් වැළකිය යුතුය.(ලංකාදීප විශේෂ අතිරේකය,2010:57)
සෙසු ජනමාධ්‍ය වඩා වැඩි විශ්වාසයක් හා ලැඳියාවක් සමාජය තුළ පුවත්පත් සම්බන්ධයෙන් පවතී. ප‍්‍රකට මාධ්‍ය විශාරද පැන්සිස් විලියම්ස් මෙසේ කියයි.”තමා ජීවත්වන යුගයේ සමාජ තත්ත්වය වෙනත්  ඕනෑම ජනමාධ්‍යයකට වඩා පැහැදිලිව පුවත්පත පෙන්වා දෙයි. එය සමාජය නම්වු දේශයේ වායු පීඩන මානකයක් (වායු පීඩනය මනිනු ලබන යන්ත‍්‍රයක් බදුය.)”
පුවත් පත් නිදහස යනු ප‍්‍රකාශකයන් හෝ පුවත් පත් කලාවේදීන් හෝ සතු වරප‍්‍රසාදයක් නොවේ. හය සමස්ථ ජාතියටම හිමි වු මුලික අයිතියකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම හෝ බිඳවැටීම පුවත් පත් නිඳහස හා බැඳී පවතී.(පෙරේරා,
පුවත් පත තම නිඳහස බුක්ති විදීමේ දී මාධ්‍ය ආචාර ධර්ම පිළිපැදිය යුතු වේ.
ආචාර ධර්ම යනු හැසිරීමේ ප‍්‍රමිතියයි. එබැවින් ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිපැදීම මඟින් ජනමාධ්‍යයන්ගේ ප‍්‍රමිතිය ඉහළ නැංවීමට පුළුවන.
එහෙත් ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීමට බලපාන හේතු රුසක් තිබේ. එනම්
ජනමාවේදීන්ගේ දැනුමේ උ‍්‍රෟනතාවන්
දේශපාලන දර්ශනයක කොටුවීමෙන් ඇතිවන පක්‍ෂග‍්‍රාහි 
සංහිඳියාව යනු ඉංග‍්‍රිසි භාෂාවේ  “REST” යන්න යොදා ගනු ලබයි. සංහිඳියාව අර්ථ දැක්වීමේ දී ”මානසික හෝ ආත්මික සන්සුන්,ශාන්ත ” යන අර්ථය දැක්විය හැකිය.
 Peace of mind or spirit සංහිඳියාව යන්න merriam_webstar.com dictionary හි දක්වයි.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල සංවර්ධනයට බාධා පමුණුවන අභ්‍යන්තරික කැරලි සහ සිවිල් අරගල විශේෂයෙන් ම හානි පමුණුවයි. මෙම සිවිල් අරගල මෙහෙයවනු ලබන්නේ පෞද්ගලික අරමුණක් සදහාද නැතිනම් සමාජ අසාධරණය සඳහාද යන්න විශේෂයෙන්ම සාකච්චඡුාවට භාඡුනය විය යුතු කරුණකි.
 මෙවැනි ආකාරයේ සිවිල් යුද්ධ නිර්මාණය වීමට ජාතිවාදය බලපානු ලබයි.
ජගත් ව්‍යවහරය තුළ, ජාතිවාදය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ යම් ජයවාර්ගික කණ්ඩායමක අභිප‍්‍රායයන් උදෙසා අන් ජනවර්ගයන් අවතක්සේරු කරමින් තමාගේ ජනවර්ගය සඳහා වඩාත් කැපවීමය. එයින් රාජ්‍යය නමැති සංස්ථාව අනිවාර්යෙන්ම අදහස් නොවේ. එහෙත් ජාතික නමැති විශේෂළ පදය යෙදෙන්නේ ජාතික රාජ්‍යයක් සදහාය.    
ශ්‍රී ලංකාවේ ජාතිය යන්න රට හා ජනරජය යන්නට සමාන සහ විකල්ප ව්‍යවහරයක් නොවේ. ජාතිවාදය යන්න දේශපේ‍්‍රමය යන්න පාසල්වල ඉගෙන්වීමට භාවිත වන පාඩම් පොත්වලදී හැර, ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාරවන්නේ කලාතුරකිනි. එහි එවැනි අඳහසක් දක්නට ලැබෙන්නේ විදේශකයින් විසින් රචිත ලිපිවල පමණි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ විදේශිකයින් විසින් රචිත ලිපිවල පමණි. ශ්‍රී ලංකාවේ ජාතිය යන්නට සිිංහල/දෙමළ හෝ මුස්ලිම් යන්න සදහන් කරනු ලැබේ.
ජාතික සමඟිය තහවුරු කිරීමේදී ජාතිය යනු කුමක් ද ජාතික සමගිය ගොඩ නැගීමට ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය විමසීමේදී
ජාතික සමගිය ගැන කථා කිරීමේදී ජාතිය යනු කුමක් ද යන්න ඉතා වැදගත්ය. ජාතිය යනු රටක මහා ජාතිය නොවේ. බොහෝ රටවල් බහුවාර්ගික සංයුතියක් ඇති රටවල්ය. ඒ සංයුතියේ සමස්ථය ජාතිය ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේදී නම් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් යුත් සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය ලෙස සැලකිය යුතුය.(දිසානයක,2005:113)
වික‍්‍රමරත්න පවසන ආකාරයට සාමය නමැති අතිදීර්ඝ ඉලක්කයට ලගාවීම උදෙසා ජනමාධ්‍යයවේදීන් වාර්තාකරණය කෙසේ දායක වන්නේ යන්න පිළිබඳව සැබවින්ම ජනමාධ්‍ය වේදීන් විසින් සිතා බැලිය යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ සාමයට බලපාන එක් ප‍්‍රධානම තර්ජනයක් නම් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් යන පිරිස අතර ඇති ගැටුම් ප‍්‍රවර්ධනය වන අන්දමින් ඇතැම් ජනමාධ්‍යයන් මගින් ක‍්‍රියාකිරීමය. මෙය දැනුවත්ව සහ නොදැනුවත්ව ද,  සෘජුව සහ වක‍්‍රව ද සිදුවේ.
ක්‍නවාර්ගික සාමය ඇතිකිරීමේදී මාධ්‍යවේදීන්ට පැවරෙන වඟකීම ඉමහත්ය. එහෙත් මෙම වඟකීම තේරුම් ගෙන තිබේ ද තරඟකාරිත්වය මත පදනම් වීම නිසාත්, අදිසි දේශපාලන හස්තයන් නිසාත් ඒ වඟකීම බොහෝ තැන්වලදී අමතක වී ගොසිනි.
ජනමාධ්‍ය නිදහස් අද බහුලව සාකච්ඡුා කෙරෙන මාතෘකාවක ඒ සමඟම නීතිය පිළිබඳව ද  වාද විවා ද පැවැත්වෙනු අසන්නට ලැබේ. මේ නිසාම ජනමාධ්‍ය නිඳහස සහ ඒ හා බැදෙන නීතිය කුමන ආකාරදැයි සරළව සොයා බැලීම ට අඳහස් කරමු.
වාර්තාකරණයයේ දී පුද්ගලයින්/ස්ථාන හදුනාගැනීම
අපරාධකරුවන් හදින්වීමේදී ජනවාර්ගික සම්භවය අනුව ඔවුන් හැදින්ටීම නොකළල යුතුය. එමඟින් වැරදි හැඟීමක් ඇතිටීමට හැකිය. ඔවුගේ ජාතිය මුල්කරගෙන සමාජය ඉදිරියේ ඔහු දාමරිකයකු ලෙස හැදින්ටීම වැරදි සහගතය මක්නිසාදයත් ඔහු අපරාධකාරයකු වී ඇත්තේ ජාතිය නිසා නොවන හෙයිනි.
මේ නිසා අපරාධකරුවන් හැඳින්වීමේ දී ජනමාධ්‍යයවේදීන් යොදාගත යුතු හොදම මාර්ගය ලෙෂ දැක්විය හැකිවන්නේ ඔහු සිටින ප‍්‍රදේශය අනුව හදුන්වාදීම මගිනි.(දිසානයක,:83)
සාමය මාධ්‍ය ගැටුම් සාමකාමි ලෙස විසඳා ගැනීම සඳහා දායකත්වයක්,සමාජ වඟකීමක් ලෙස ජනමාධ්‍ය විශේෂ මාධ්‍යයක් ලෙස අර්ථ දක්වා ඇත. මෙම සංකල්පය පුළුල් ලෙස සාකච්චා නර ඇති වුවද සන්නිවේදන න්‍යායේ ඉදිරි දර්ශනය සිට එහි පසුබිම් දර්ශනය කිසිදු තක්සේරුවක් සි දු වී නැත. දේශපාලනයේ කාර්යභාරය හෝ මිලිටරි නිසා ගැටුම් සාමකාමි ලෙස විසදීමේ දී ක‍්‍රියාකාරිව සහභාගි වීමට ජනමාධ්‍ය කාර්යයභාරය විය නොහැකිය. කෙසේ නමුත් මාධ්‍යයට ගැටුම් සාමකාමිව විසදීමට දායක වීමට කිසදු අපහසුවක් නැත. කෙසේ වෙතත් එහි ඇති බලපෑම් සීමා වේ. දශක තුනක කාලයත් පුරා සාමය මාධ්‍ය සාකච්චා කිරීමෙන් පසු බොහෝ ප‍්‍රශ්ණ නොවිසු දුණු නිසා මෙම දායකත්වය තවත් පර්යේෂණ සඳහා වැදගත්වන කරුණු කිහිපයක් ඇත.,2004:483 )
මෙම ප‍්‍රශ්ණයේ දී ජනමාධ්‍යවේදීන් සමඟ එකතු වී ජනමාධ්‍ය සදහා වු ආචාරධර්ම මාලාවක් ඇති කරගත යුතුය. ඒ සදහා මාර්ගෝපදේශ කිහිපයක් ඉදිරිපත් කරයි. ජනමාධ්‍යවේදීන් ජනවාර්ගික ගැටුම් ගැන වාර්තා කිරීමේදී ඊට සම්බන්ධ සියලූ පැති සහ අදාල ජන කොට්ඨාශවල ගැටළු ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රශ්ණයේ ආරම්භය හා යථාර්ථය ජනතාවට එවිට දැනගත හැකිවනු ඇත.
බොහෝ ජනමාධ්‍යවේදීන් කිසිම අවශ්‍යතාවයක් නැතිව යම් යම් අයගේ ජනවර්ගය සහ ආගම සඳහන් කරන්නට පෙළගැසී ඇත. මෑතකදී වෛද්‍යවරයෙකු රෝගී කාන්තාවක් දුෂණය කරන්නට උත්සහ කිරීමේ පුවතක් වාර්තා කිරීමේදී බොහෝ ජනමාධ්‍යවේදීන් වෛද්‍යවරයා දෙමළ යැයි සදහන් කළේය. ඔහුලේ දෙමළකම මෙතැකට අදාළ වන්නේ කෙසේද
සිංහල ,දෙමළ, මුස්ලිම් කවුරුත් වංචා දුෂණවල යෙදේ. සමහර සිංහල පුවත් පත්් මේවා වාර්තා කිරීමේදී සොරා බඩු ගෙන ආ පුද්ගලයා සිංහල නම් ජාතිය සඳහන් කරන්නේ නැත. ඔහු දෙමළ හෝ මුස්ලිම්   ජාතිය සදහන් කරන්නේ නැත. ඔහු දෙමළ හෝ මුස්ලිම් නම් ජාතිය සඳහන් කරති. මේ නිසා කාලයකදී දෙමළ මුස්ලිම් නම්  දුෂිතය යන හැගීමක් ඇතිවිය හැකිය. (රාජපක්‍ෂ,2003:07 පිටුව)
ජනවාර්ගික වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු පොදුවේ පිළිගත යුතු දෑ
x සැබවින්ම සිංහල/දෙමළ/මුස්ලිම් ගැටුමක් කියා දෙයක් නොමැත. ශ්‍රී ලංකාව බහුවිධ සමාජයකි. එහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පුද්ගල නිදහස අනුමත. මේවා සැබවින්ම ජනවාර්ගික හෝ ආගමික ගැටුම් නොවේ.
x උද්වේගකාරි ප‍්‍රවෘත්ති වාර්තා තවත් ගැටුම් පැතිරියාමට හේතුවිය හැකි බැවින් ඒවායින් වැළකී සිටිය.
x සිංහල, දෙමළ, සහ මුස්ලිම් ජනවාර්ගික වෙනස්කම් ගැන සදහන් කිරීමේදී ඔවුන් අතර පවත්නා පොදු සංස්කෘතිකමය භාවිතයන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. ඔවුන්ගේ සංස්කෘතිමය සංවේදිතාවන්ට හිංසාකාරි වන කරුණු සඳහන් කිරීමෙන් ජනමාධ්‍ය වැළකී සිටිය යුතුය

කලාව සම්ප‍්‍රදායේ කොටසක් වී ඇති බැවින් බොහෝ මාධ්‍ය කරුවන් දකින පරිදි එය සාමාන්‍ය වෘත්තියභාවක් වී තිබේ.එයට හේතුව එය අනන්‍යතා දේශපාලනයෙන් ශක්තිමත් වු මුල් බැසගත් වෘත්තාමය දර්ශනයක කොටසක් වී තිබිමයි. රට හාත්පසින්ම වෙනස් අයුරින් සාම පුවත් පත් කලාව මේ සියලූම සම්ප‍්‍රදායන් හා උපකල්පන විචාරාත්මක ලෙෂ යළි පරික්‍ෂාකර බැලීමට පුවත්පත් කලාවේදීන් උනන්දුකරයි. එය වැඩදායක හා ධනාත්මක ලෙස යළි පරික්‍ෂාකර බැලීමට පුවත් පත් කලාවේදීන් උනන්දු කරයි. එය වැඩදායක හා ධනාත්මක ලෙස මැදිහත්කාර භූමිකාවක් ඉටුකිරීමට පුවත්පත් කලාවේදීන් සකස් කරයි.(උයන්ගොඩ,2010.පි08)

විශ්ව ප‍්‍රකාශනයේ 30 වන වගන්තියට අනුව අන්‍යයන්ගේ අයිතිවාසිකම් අහිමි කරන අන්දමින් අපට කැමති දෙයක් ප‍්‍රකාශ කළ නොහැකිය. යන්න ගම්‍යමාන වේ. මෙයින් අවධාරණය කරන්නේ අප කැමති දෙයක් ප‍්‍රකාශ කළ හැකිය. යන පරම අයිතිය භාෂණයේ නිදහසට ඇතුළත් නොවන බවයි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර ප‍්‍රඥ්ඥප්තියේ 19වන වගන්තියෙන් ලබා දී තිබෙන අඳහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හෙවත් ලේඛනයේ භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස එම වඟන්තියේම ( වන පරිච්ඡේදයේ (අ) සහ (ආ) යන වගන්ති මගින් සීමා කර තිබේ.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 19 වන වගන්තියේ භාෂණයේ ලේඛනයේ හා ප‍්‍රකාශනයේ නිදහස දක්වා තිබේ. එම නිදහස විශ්ව ප‍්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් සීමා කර තිබේ.
(2) වගන්තිය මෙසේය.
සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතුය.යන්නයි(රාජපක්‍ෂ,2003:65)



උපුටා ගන්නා ලද මුලාශ දක්වා අැත.

9 comments:

අදහස්