Monday 26 November 2018

බලය, ලිංගිකත්වය සහ දේශපාලනයට මීනීමරා ගන්නා සමාජය තුරන් කරමු.



සමාජයේ ඇසෙන සිදුවීම්, දකින දේවල්වලට වගකිව යුත්තෝ කවරහු ද? රොබට් නොක්ස් දැකපු එදා හෙළ දිව අපිට තාමක් තියෙනවා. වෙනස් වුනේ මිනිස්සුයි. සමාජයේ මිනිස්සු ජීවත් වෙන්නේ පිටකර ගත නොහැකි වු පීඩනයකින්. තවත් එකෙක් සමග වාද විවාද කිරීම, කුලල් කා ගැනීම සාමාන්‍ය වෙලා රටේ උත්තරීතර සභාව තුළ රටේ ප‍්‍රශ්ණ විසදන්නෝ හැසිරෙන්නේ හවසට බාර් එකට සෙට් වෙන බේබද්දෝ ගානට ය. රටක ඉදිරි ගමන සංවර්ධනය වීමෙහිලා පාලක පන්තිිය රටට ආදර්ශයක් විය යුතු විනා එය උත්තරීතර පර්ලිමේන්තුව රගහලක් නොකර ගත යුතුයි. මේ කලබල මැද්දේ නොසන්සුනු තා මැද්දේ ඇමතිලාට නිල් චිත‍්‍රපට බලන්නත් වෙලා තිබිලා. පුදුම රටක් යැයි විටෙක හිනෙවා. ඔවුනොවුන් එකතු වී රට විනාශ කරනවා. කවුරුත් බලයට ආසාවේ කෙල පෙරනවා යතාර්ථය ඒකයි. සල්ලිවලට  ඕනම ජරාවක් බාර ගන්නා රටක බලයත් සල්ලිවලට දෝලනය වෙනවා. ඡන්දදායකයෝ අසරණ වී සිටින්නේ මෙහෙම පිරිසක් ද රට හදන්න යැව්වේ කියලා. කොහොම හරි දේශපාලනය අතිනුත් රට අරාජිකයි. කලකිරීමක් සහ ශෝකාන්තයක් ඉතිරිකරමින් ඉකුත් සතිය ගෙවුනි.
ඒ අතර පාසල් යන දරුවෝ මීනී මරුවෝ වෙලා පාසල් පද්ධතියේ වැරුද්දක් ද, හැදු වැඩු දෙමව්පියන්ගේ වැරුද්දක් ද, ජීවත් වන පරිසරයේ වැරුද්දක් ද. පේ‍්‍රමය, තණ්හාව, කාමය, නොලැබීම සහ වෛරය අතර මිනිසුන් දෝලනය වෙනවා. පාලකයා දුසිරිත් නම් රට වැසියාද දුසිරිත් වේ ලූ. ළමයා මොනවා ද ඉගෙන ගත්තේ විනය ගරුක පාසල් පද්ධතියක වැඩෙන දරුවා ද මේ , ගුණ ගරුක සමාජයක් බිහිවීමට අවශ්‍ය පියවර ගන්නේ නම් මැනවි. මන්ද රටේ යුද්ධය නැති කරාට වැඩක් නෑ. සමාජයේ මිනිස්සු අනාක්‍ෂිත නම්, වර්තමාන සමාජ භූමිකාව රගමඩලක් වගේ ඇතැමෙක් පාරේ මාරා ගන්නවා. තවත් එකෙක් ඒක වීඩියෝ කරනවා. තාක්‍ෂණය වැරදි නෑ මිනිසුන්ගේ ආධ්‍යාත්මය, දියුණු මනස වල් වැදිලා. තවකෙක් යටපත් කර ඉදිරියට යාම විනා පණ අදින මිනිසෙක්, තවකෙකුගේ පීඩනයට ලක් වන්නෙක් බේරා ගැනීමට මින්සුන් පසුබට නොවිය යුතුයි. මේක අපේ රට අපිට ලස්සන ගුණ සුවද හදවත් ඇති මිනිසුන් ඇති රටක් අවශ්‍යයි. පාලකයාගේ සිට සමාජය වෙනස් විය යුතුයි. සමාජය වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය කොතන ද රට යන විදියට ජීවත් වීම ඉදිරි අනාගතයට භයානකය. දුසිරිත වෙනුවට ශිෂ්ඨ සමාජයක් ගොඩ නැගීමට පෙළ ගැසෙමු. අපි සමාජයේ ඇසෙන දකින දේවල් හීනෙකින් වත් නොවුණු දේවල්, සත්තු දඩයම් කරනවා මෙන් මිනිස්සු දඩයම් කරන්නේ මිනිස්සුමයි. කොතනින් ද වැරදුනේ. රට තුළ පෙනෙන දේ මෙයයි නමුත් නොපෙනෙන දේ කෙතෙක් ඇත් ද.
විනාශ වීමට යන රට යළි ගොඩ නගමු. කුලල් කා ගන්නා සමාජයක් නොව සාමකාමී සමාජයක් ලෙස අත්වැල් බැදගමු. සුදුසු පාලකයන් පත් කරමු. දරුවන්ට හොද නරක කියා දෙන දැහැමි සමාජයක් ගොඩ නැගීමට අතිවැල් බැදගමු. ලස්සන ලංකාව දුසිරිතෙන් නොවසනු. සමාජයට නව්‍යකරණයක් අවශ්‍යයයි. බලය, ලිංගිකත්වය සහ දේශපාලනයට මීනීමරා ගන්නා සමාජය තුරන් කරමු.

චලනි කරුණාතිලක

ලංකාවේ prosthetic කලාව




ලංකාවේ සිනමාවට prosthetic කලාව 
  
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමතයන කියමනට එකග විය හැකිය. එයින්  පරයා එක් දෙයකින් සීමා නොවු උපන්හපන් ඇත්තෙක් ගැනයි අද කතාකරන්නේ, කලාව තමන් ලද අපුරු දායාදයක් බව පසක්කර ගනිමින් කලාවේ රස තැන් ස්පර්ශ කරමින්යන ගමනේදී හොදම දේවල් ඉගෙන ගනිමින්, ජයග්‍රහණ ලබමින් තවත් එක් පරපුරකට කලාව දායද කරන්න වෙර දරන  අපුර්වතම වු තාරුණයාව අගයකරමු. කලාව පසුපස හතිවැටෙමින් දුවන ඔහු නමින් ඔෂාන් යාපාඅමරසේකර.

ඔෂාන් අපි ඔබ ගැන විස්තරයකින් සාකච්චාව පටන් ගනිමු.
ගම මාතර වැලිගම. ජීවිතය ගෙවෙන්නේ කලාවත් එක්ක. මගේ සහජ හැකියාවට ශක්තියක් වුනේ පාසල් අධ්‍යාපනයෙන් කිව්වොත් නිවැරදියි. ඒ මුලික අධ්‍යාපනය ලැබු ගා/ අන්දුගොඩ කනිශ්ඨ විද්‍යාලයෙන් ඒ වගේම මාර/තෙලිජ්ජවෙල මධ්‍ය විද්‍යාලයෙන් අ.පො.ස උසස්පෙළ හැදැරුවා. සියලු ගුරුහරුකම් සහ දෙමවිපියන්ගේ කැපවීම මැද්ෙද්  උසස්පෙළ ඉහළින් සමත්වෙන්න මට පුලුවන් වුනා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයට එන්න පාර කිව්වෙත් පාසල් අධ්‍යාපනයයි. සුපුරුදු විදියට කලාකටයුතු කරගෙන යනවා ඒක මගේ විනෝදාංශයක්.
මොකක්ද මේ prosthetic කියලා කියන්නේ
ලංකාවේ සිනමාවට සුවිශේෂි වු වචනයක් කිව්වොත් නිවැරදි. සිනමාවේ දී මෙය කලාවක් වශයෙන් හදුන්වා දෙන්න පුලුවන්. නිවැරදි වචනය වෙන්නේ prosthetic make upsfx කියලා. සිංහල වචනයෙන් කියනවානම් කායවියච්ඡේද කියලා සිංහලෙන් හදුන්වන්න පුල්වන්. එහෙම වුනත් මෙහි නියම අර්ථය සිංහල අර්ථය තුළ නැ. ලෝක සිනමාව සදහා මෙම කලාව 1940 ගණන්වල තිබු බව විශ්වාස කරනවා. නමුත් නිශ්චිත කාල වකවානුවක් පිළිබද සදහන් වෙන්නේ නැහැ.

Prosthetic කියන්ෙන් සිනමාෙව් ෙව්ෂ නිරෑපණයට ද
prosthetic සිනමාවේ Make up effect යන ක්‍රියාවලියේ අන්තර්ගත එක්කොටසක් ලෙස හදුන්වන්න පුළුවන්. සිනමාවේ Make up අංශය තුළින් සිදුවන්නේ වේෂ නිරූපණ කටයුතුයි. prosthetic අංශය කියන්නේ ඇඹීම මුලික කරගත් කලාවක්. ලංකාවේ සිනමාවේ නම් Make up Artist විසින් prosthetic සිදුකරන්න උත්සහ කරනවා. නමුත් ඒක සාර්ථක නෑ. බොලිවුඞ් සහ වොලිවුඞ් තුළ වෙනම අංශයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. Make up අංශය සහ prosthetic කියන්නේ කොටස් දෙකක්, මම දකින විදියට prosthetic කියන්නේ prosthetic කලාවටම විතරයි. prosthetic කලාව ශ්‍රි ලංකාවේ සිනමාවට අවශ්‍යයි. වර්තමානය වනවිට ලාංකීය සිනමාවේ මෙම කලාව භාවිතය අවමයි, එය කණගාටුවට කාරණාවක්, ලාංකීය සිනමාව තුළ රුධිරය, බිහිසුණු ජවනිකා පෙන්වීම සිනමා වාරණයට හේතු විය හැකි නිසා prosthetic කලාවේ පල නෙලා ගැනීම අසීරු වී ඇත.
ලාංකීය සිනමාව තුළ prosthetic භාවිතය පිළිබද ද ඇත්තේ අවම දැනුමක්. නමුත් ශ්‍රි ලාංකීය සිනමාවේ prosthetic නොවන වැඩකරලා තියෙනවා. ඒක මම දැක්කේ සුදෝසුදුචිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා රග පෑ ජවනිකාවක බෝම්බයට හසුවු ඔහුගේ මුහුණේ තිබුණ පිළිස්සුම් තුවාල යි. නමුත් ඒ prosthetic නෙමෙයි. වර්තමාන චිත්‍රපටිවලත් prosthetic වැඩ යම්තාක් දුරට කෙරිලා තියෙනවා.
prosthetic කලාව මිල අධික ක්‍රියාවලියක් විශාල ලෙස ආදායම් ලබන චිත්‍රපට සදහා වඩාත් උචිත කලාවක් කිව්වොත් නිවැරදියි. මෙම ක්‍රියාවලිය සදහා විවිධ ඇඹීම් ද්‍රව්‍ය, ජෙලි වර්ග සහ විවිධ ද්‍රව ද්‍රාවණයන් භාවිතයට ගනු ලබයි. ඒ වගේම ලංකාව තුළ මිලට ගත නොහැකි රසායනික ද්‍රව්‍ය, වර්ණ මේ සදහා භාවිතයට ගනු ලබයි.
මෙම කලාව ලංකාවට හදුන්වා දෙන්න ඔබ සුදානම් ද ඒ කොහොම ද
ඔව් සුදානම්. මේ කලාව ගැන උනක් තියෙන කෙනෙක්ට මම උදව් කරන්න සුදානම්. අනිත් දේ තමයි ප්‍රයෝජනයක් ඇති කෙනෙක්ට මේ කලාව කියා දෙන්න යන්න Davy Jones සර්ගේ ඉල්ලීමක් වුනා. මම මුලින් ම මෙම කලාව ඉගෙන ගත් විශ්වවිද්‍යාලයෙන් පටන් ගත්තා. ශ්‍රි ලංකාවේ ප්‍රථම prosthetic work shop එක විදියට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින් පිරිසකගෙන් ආරම්භ කලා. මම හිතෙනවා ලාංකීය සිනමාවට prosthetic කලාව අවශ්‍ය යුගයක සිටින්නේ කියලා. ඉදිරියේ දී prosthetic exhibition  එකක් Davy Jones සර්ගේ සහභාගිත්වයෙන් සිදුකරන්න නියමිතයි. Work shop දිගටම කරගෙන යන්නත් සුදානම්.

ඔෂාන් කුඩා කල සිටම කලාවට ප්‍රියකල අයෙක් ද 
ඔව් චිත්‍ර කලාවට ආදරෙයි. පෙර පාසල් අවධියේ චිත්‍ර පොත සතියෙන් ඉවරවෙනවා. ඒ තරමට ම චිත්‍ර අදිනවා. ගෙදරින් බැනුනුත් අහනවා. පෙර පාසල් යන කාලෙත් ජයග්‍රහණ ලබලා තියෙනවා. පෙරපාසල් අවධියෙන් පටන් ගත් චිත්‍ර කලාව කලාප, පළාත් වගේම  සමස්ත ලංකා තරග තෙක් මාව ගෙන ආවා. මේ කාලයේ දී චිත්‍ර කලාවට විතරක් ම සීමාවුනේ නෑ. මුර්ති කලාවටත් දැඩි ඇල්මක් ප්‍රියතාවක් තිබුණා. විශේෂ උත්සව අවශ්ථාවලදී ගොක් කොළ පොල්තෙල් පහන හදන්නේ මමයි. උසස්පෙළ වෙන කොට කලාවට පදනම වැටිලා ඉවරයි. එහෙම කිව්වේ පාසලෙන් ලැබුණු අත්තිවාරම මට ආලෝකයක් වුණ නිසායි. පාසල් ජීවිතය තුළ ඒ පදනම ශක්තිමත් කරා විදු කිදු යුරුචිත්‍ර හා මුර්ති ප්‍රදර්ශනය මගේ ජිවිතය තව තවත් ආලෝකමත් කරා කිව්වොත් නිවැරදි.

විශ්වවිද්‍යාල කලා ජීවිතය කොහොමද මේ ගමනට පාර පෙන්නුවේ

කැලණිය විශ්වවිද්‍යාලයට තේරීම භාග්‍යයක්. මම නිතරම කියපු දෙයක් තමයි අ.පො.ස උසස් පෙළින් ලංකාවෙන් පළමු වෙනියා වුනත් මම කරන්නේ චිත්‍රකියන එක. මට චිත්‍ර කලාව ජීවිතය වගේ ඇත්තටම කිව්වොත් ආශාවකට වඩා උනක්. මේ විදියට කැලණිය විශ්වවිද්‍යාලයට චිත්‍ර කරන්න ආව මට අලුත් විෂයක් ගැන අහන්න ලැබුණා. ඒ තමයි ප්‍රතිබිම්බ කලා අධ්‍යයනය මේ විෂය තුළ සිනමාව ගැඹුරට හදාරන්න මට අවශ්ථාව ලැබුණා. කලාත්මකව අකුරු ලීවිමේ හැකියාව විශ්වවිද්‍යාලයෙන් ලැබුණ තවත් එක් හැකියාවක්, ඒ කොහොම ද කියනවා නම් සටන් පාඨ ලිව්වා, කලා උළෙලහි නිර්මාණ කටයුතුවලදී පුර්ණ දායකත්වය දුන්නා. කලාවට හොදම තෝතැන්න වුනේ විශ්වවිද්‍යාලය තමයි. ඔය දේවල් එක්ක මම විශ්වවිද්‍යාලයට සිත්තරාවුනා.
චිත්‍ර කලාව ඇගේ තිබුණ නිසා ප්‍රතිබිම්බ කලාව යන විෂය තෝරා ගත් නිසාත් අද සුවිශාල ජයග්‍රහණ අත්පත් කරගෙන අවසන්. ප්‍රතිබිම්බ කලා අධ්‍යයනය මට බහුවිෂයික දැනුම් තෝතැන්නක් වුනා.
ඔබේ ජයග්‍රහණ  prosthetic ගමන කරා යන්න මග පෙන්නුවා කිව්වොතින් නිවැරදි ද
ඇත්තෙන් ම ඔව්. මගේ ජයග්‍රහණ සහ හැකියාව prosthetic ඉගෙන ගන්න හේතුවක් වුනා. මම සිත්තරෙක් ලෙස මගේ අනන්‍යතාවය විශ්වවිද්‍යාලය තුළ එළිදැක්වුයේ සළරූසිත්තම් 2015” ප්‍රදර්ශනයෙන් එදින ප්‍රථමවරට මාගේ කුළුදුල් කෙටි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කෙරුණා. තව දෙයක් තමයි විශ්වවිද්‍යාල ජීවිතය අවසන් වන විට මම කෙටි චිත්‍රපට 16ක් සිදුකරලා අවසන් ඒ ගැන මම අසීමිත සතුටක් ලබනවා.
මම ලේඛකයෙක් විදියට පොත් දෙකක් මේවන විට ලියමින් ඉන්නවා. ඒ අතරින් එකක් හෙළසිනමාවේ අක්මුල්මේ පොතේ දී සිනමාවේ අප්‍රසිද්ධ චරිත 100 ක ජීවිත කතාවන්ගේ එකතුවක් ලෙස දෙවැනි පොත ලාංකීය සිනමාවේ හොලිවුඞ් සළකුණකියන පොත මයික් ජේ විල්සන් මහතා ගැන සිදුකෙරෙන චරිතාප්‍රදානයක්.
විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලැබු “More film festival  එකේ ආලිංගනකෙටි චිත්‍රපටය තුන්වන ස්ථානයට හිමිකර ගනු ලැබුවා. රාජ්‍ය භාෂා ආයතනය මගින් සංවිධානය කරන ලද සහජීවනය තේමා කරගත් ස්වප්නයකියන කෙටි චිත්‍රපටය සදහා තුන්වන ස්ථානය හිමිවුනා. මේ අවුරුද්දේ සිග්නීස් සම්මාන උළෙලේ දී  අවරෝධාලෝකචිත්‍රපටය සදහා විශේෂ කුසලතා සම්මානය හිමිවුණා. යෞවන සම්මාන උළෙල් දී   ද එම චිත්‍රපටය හොදම දහදෙනා අතරට තේරි පත්වුණා. ඉදිරියේ දී එම උළෙලින් ද හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා.
මම තවත් වෙලාවකට නිහතමානි සේවයක් කරන නිහඩ ගුරුවරයෙක් මම දුප්පත් පාසල්වල දරුවන් සොයා ගිහින් ඔවුන්ට මගේ දැනුම ලබාදෙනවා. මම දහම්පාසල් ගුරුවරයෙක් ලෙසත් සේවයකරනවා. මම කලාවත් හැකියාත් සමග තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. කලාවේ ජයග්‍රහණ පිළිබද තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ හැකියාව prosthetic වලට පාරා කියන්න  ඇති

මෙම prosthetic කලාව පිටුපස ඔබට උදව් කළ බොහෝ දෙනෙක් ඇති ඒ ගැනත් මතක් කරමු ද

ඔව් ඒ අයව අනිවාරයෙන් මතක් කරන්න ඕනි. පළමුවෙන් ම ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය ගයාන් මදුෂංක අයියාටත් ස්තූති වන්ත වෙන්න ඕනි. ඔහු තමයි මාව Film team production houseහි එරල් කෙලී සර්ට හදුන්වා දුන්නේ. එරල්කෙලී සර් ඇතුළු Film team production houseඑකේ සියලුම දෙනාත් ගෞවරවයෙන් මතක් කරන්න ඕනේ. විශේෂයෙන් ම prosthetic ගුරුදෙපළ වනDavy Jones සහ Abbie Bingham මගේ ජිවිතේ දයාබර, නිහතමානි ගුරු දෙපළක්. ගුරු මුශ්ඨියෙන් තොරව කියාදුන්නා. ලංකාවට ආවේණික මේ කලාව ඔවුන් උගන්වා තනියම මාහට වැඩකරන්න දී, නිහතමානිව සතුටු වී, මේ කලාවෙන් අනාගතය සකසා දී මාව තව තවත් දිරිමත් කළ දෙපළට හාදයාංගම ස්තූතිය පුදකරනවා.
අවසාන වශයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ කලාව ගැන ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට කියලා දෙනන් කැමතියි. ඒ සදහා මාගේ විද්‍යුත් ලිපිනය oshan.yapa@gmail.com දුරකථනඅංකයෙන් ද 071 654 4120 මාව සම්බන්ධ කළහැකිය.



චලනි කරුණාතිලක
           

Monday 12 November 2018

මුරුංගා රෑපලාවන්‍යගාරය


ඉන්දියාව ප්‍රමුඛව ලෝකයේ අනෙකුතු රටවල් පුරා ව්‍යංජන හා සුප් සැකසීමේ දී පමණක් නොව රෑපලාවන්‍ය කටයුතු සදහා ද මුරුංගා යොදා ගන්නේ ගුණාත්මක බව හොදින් ම හදුනාගෙන තිබෙන නිසායි. කාන්තාවන්ගේ රෑප සම්පත්තිය වැඩිදියුණු කිරීම සදහා මෙම අරුම පුදුම අමුද්‍රව්‍යයේ වැදගත්කම වටහා ගනිමින් ලෝකයේ පුරා නිපදවෙන මුරුංගා රෑපලාවන්‍ය නිශ්පාදනය ජනප්‍රිය වෙමින් පවතී.
වයෝවෘද්ධ වීම පාලනය කිරීම
සමමත වයස් ගත වීමේ ලක්ෂණ පහල වීමට ආරම්භ වීම තමන්ගේ ලස්සන ගැන හිතන ඕනෑම කාන්තාවගේ හිතට එක් කරන්නේ වේදනාවක්. නමුත් ඔබට පුලුවන් මුරංගා යොදා ගෙන මේ ලක්ෂණ පාලනය කරන්න. මුරුංගා තෙල් හා මුරුංගා පවුඩර් සමේ ඇති රුළි වැටීම් පාලනය කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේම සමට භාහිරින් ඇතිවන හානි වළක්වන්නත් මුරුංගා වලට පුලුවන්. මුරුංගා ඔබේ මුහුණේ සම ශක්තිමත් කිරීමට සහ කැළැල් ඉවත් කර තරුණ පෙනුමක් ලබා ගැනීමට උදව් වෙනවා.
දෙතොල් මෘදු කිරීමට
දෙතොල් වියළී ගිය විට කාන්තාවගේ මුහුණේ සුන්දරත්වය අඩු වෙනවා. මෙම දෙතොල් වියළිමේ ගැටළුව විසදා ගන්නත් මුරුංගා තෙල් ඔබට උපකාරී වෙනවා. දෙතොල්වල ආලේපය කිරීම සදහා නිපද වු මුරුංගා තෙල් සහිත ලිප් බාම් ඇතුළු තවත් නිශ්පාදන විවිධ රටවල භාවිතා කෙරෙනවා. මුරුංගා තෙල්වලට පුලුවන් ඔබේ දෙතොල් වල ඇති වියළි බව නැති කොට, ඒවාට මෘදු බවක් ලබා දෙන්න.
සමේ පැහැපත් බව වැඩිකර ගැනීම
මුරුංගා ඉස්ම ආලේප කිරීමෙන් ඔබට පැහැපත් සමක් උදා කර ගත හැකියි. එමෙන්ම කැළැල් මත මුරුංගා ඉස්ම අලේප කිරීමෙන් සම මත ඇති කැළැල් ඉවත් කරගන්න ඔබට පුලුවන්
කුරුළෑවලට එරෙහිව අනුව සටන් කිරීම
මුරුංගා තෙල්වල ඇන්ටි බැක්ටීරියා අඩංගුයි. මේ නිසා මුරුංගා සම මත ආලේප කිරීමෙන් බැක්ටීරියා ඉවත් වී කුරුලෑ හටගැනීම පාලනය වෙනවා.එමෙන්ම මේ වෙන කොටත් කුරුළෑ හටගෙන ඇති ස්ථානවල මුරුංගා තෙල් හෝ කොළ ඉස්ම ආලෙප කිරීමෙන් කුරුළෑ අඩුකර ගත හැකිය.
විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා උපකාරි වෙනවා
සමේ කුරුළෑ සහ වෙනත් ආසාදනයන් ඇති වීමට එක් හේතුවක් වන්නේ රුධිරයේ විෂබීජ අඩංගු වීමයි. මුරුංගා පවුඩර් හෝ මුරුංගා බීජ පාරිභෝජනය කිරීම ඔබේ රුධිරය පිරිසිදු කිරීමට උපකාරි වෙනවා.නිසැකවම පැහැදිලි වු සමක් ඔබට හිමි වේ.
සම මත ඇති විශාල සිදුරු වසා දමයි.
මුරුංගාවල අඩංගු කොලජන් ප්‍රෝටීනය සම මත ඇති සිදුරු අඩුවීම සදහා ක්‍රියා කරනවා. ඇදී ඇති සම තද කිරීමක් මේ මගින් සිදුකරයි.
සුන්දර කෙස් කළඹකට
මුරුංගා පවුඩර් යෙදීමෙන් ඔබගේ හිසකෙස් වලට ඉතාම ලස්සන පෙනුමක් ලබා ගත හැකි අතර දිගු. ඝන හා සෙඛ්‍ය සම්පන්න කෙස් කළඹක් ලබා ගත හැකිය. එහි ඇති ප්‍රති බැක්ටීරියා අම්ල හේතුවෙන් ඔබේ හිස් කඹලේ ඉස්සොරි සහ පොතු ගැලවී යාම සුවවෙනු ඇත. 
මුරුංගා face මාස්ක් එකක්
මී පැණි මේස හැන්දක්, ලෙමන් යුෂ මේද හැදි භාගයක් සහ රෝස වතුර මේස හැන්දක් සමග මුරුංගා පවුඩර් මේස හැන්දක් මිශ්‍ර කරන්න. උදෑසන ඔබේ මුහුණෙහි ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ එය තබා, පසුව මද උණුසුම් ජලයෙන් සොදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ පිස දමා , පසුව සුමට හා මෘදු බවක් ලබා ගැනීම සදහා ඔබේ මුහුණේ මොයිස්චරයිසි ක්‍රීම් එකක් ආලේප කරන්න.


                                                              චලනි අයේෂා
                                                                   Health සගරාව