Friday 27 July 2018

පුවත් පත සහ සමාජ වගකීම


මානව සන්නිවේදනය මානව ශිෂ්ටාචාරය තරමටම පැරණිය. සත්ත්ව සන්නිවේදනයෙන් ආරම්භ වි මානවයින් අතර පුද්ගලාන්තර සන්නිවේදනයක් බවට වර්ධනය වි වත්මන් දියුණු ලෝකයේ චන්ද්‍රිකා තාක්‍ෂණය දක්වා තාක්‍ෂණය ඉදිරියට ගිය ආකාරය දීර්ඝ කතා පුවතකි. ඒ අතර පුවත් පතට හිමි වන්නේ වැදගත් ස්ථානයකි.
ක‍්‍රිස්තු පුර්ව 59 වැනි වර්ෂයේ දී ”ඇක්ටා ඩියුර්නා” (Acta diurnal) නම් වු ලෝකයේ ප‍්‍රථම පුවත් පත එළි දුටු දා සිට මේ දක්වා කාලයේ දී පුවත් පත් කලාව හා පුවත් පත් කර්මාන්තය තුළ සිදු වි ඇත්තේ විශ්මිත පරිවර්තනයකි. ශ්‍රී ලංකාවේ මුලින් ම බිහි වුයේ ඉංග‍්‍රිසි පුවත් පත්ය. සිංහල පුවත් පත්වල ඉතිහාසය ශ්‍රී ලංකාවේ ජාතික ආගමික පුනරුදය සමඟ බැදී පවතී. මුල් කාලයේ දී බිහි වු විවිධ ජාතික පත් කලක දී අභාවයට පත් විමෙන් පසුව මේ දක්වා පවතින ප‍්‍රථම ජාතික පුවත් පත් සේ සැලකිය හැකි දිනමිණ සහ සළුමිණ යන පුවත් පත් බිහිවිය. මුලින් සවස පුවත් පතක් ලෙස ආරම්භ වු ”ලංකාදීපය ” වැඩි කලක් යන්නට මත්තෙන් උදෑසන පලවන ජාතික පුවත් පතක් බවට පත්විය. ලංකාදීපය මෙරට පුවත් පත් කලාවේ නව යුගයක ආරම්භය සන්ටුවන් කළේය. කාලය ගෙවී යත්ම දවස, දිවයින හා ලක්බිම වැනි ජාතික මට්ටමේ තවත් පුවත් පත් ද පාඨකයා අතට පත් විම ලංකාදීපය ආරම්භ කළ සෘජු වක‍්‍ර ප‍්‍රතිඵලයකි.
ලංකාදීපයට පසුව බිහි වු මේ හැම සිංහල පුවත්පතක් ම පාහේ එක් පැත්තකින් ජාතිකවාදි නැඹුරුවකින් යුක්ත වු අතර තවත් පැත්තකින් රුඩිකල්වාදි ස්වරූපයක් ඉසිලීය. මේ සෑම සිංහල පුවත් පතකම අඩුවැඩි වශයෙන් කිසියම් ආකාරයක ප‍්‍රගතිශීලි සහ රුඩිකල්වාදි ස්වභාවයක් දක්නට ලැබුණි.
මාධ්‍ය දෙස පොදුවේ විමසා බැලීමේදී ඇමරිකාෙවි ඇල්බර්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්යයවරයෙකු වන විලියම් මෙලඩි පවසන අන්දමට මාධ්‍ය නිදහසට සහ අදහස් පල කිරීමේ අයිතියට ප‍්‍රධානම බාධාව එල්ල වී ඇත්තේ එක් පැත්තකින් රාජ්‍යයේත් අනෙක් පැත්තකින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ග‍්‍රහණයට හසුවී ඇති මාධ්‍යයෙනි. මාධ්‍ය හිමිකාරිත්වයේ ඒකාධිකාරය හිමි කරගෙන සිටින අය අදහස් වෙළඳ පොළේද ඒකාධිකාරයක් පවත්වා ගැනීමට උත්සහ කරයි. ඔවුන් එසේ කරන්නේ එක් පැත්තකින් දේශපාලන බලය රදවා ගැනීමේ  චේතනාවන් නිසාය. ෙමි නිසා සිදුවන්නේ විවිධ අඳහස් උදහස් පලකිරීෙමි අයිතිය වරප‍්‍රසාද ලත් අතලොස්සකට පමණක් සීම වීමය. මහජනතාවට සිදු වී ඇත්තේ මාධ්‍ය හරහා ඔවුන් පළ කරන අදහස්වලට සවන් දීමට නැරඹීමට හෝ කියවීමට පමණි.
උදාහරණයක් ලෙස හලාල් ප‍්‍රශ්ණය සිංහ ලේ යන මත ව්‍යාප්තිය දැක්ය හැකිය. මේ නිසා සිදු වන්නේ විවිධ අදහස් උදහස් පල කිරීමේ අයිතිය වරප‍්‍රසාද ලත් අතලොස්සකට පමණක් සීමාවීමය. මහජනතාවට සිදුව ඇත්තේ මාධ්‍ය හරහා ඔවුන් පළ කරන අදහස්වලට සවන් දීමට නැරඹීමට හෝ කියවීමට පමණි.
ජනමාධ්‍ය පිළිබඳ කීර්තිමත් විශාරදයකු වන ඇමරිකාවේ නොආමි චොම්ස්කි කියන පරිදි ”වර්තමාන ජනමාධ්‍ය සත්‍ය සොයා යන මෙවලමක් ය. යන විශ්වාසය සම්පුර්ණයෙන් ම මිත්‍යාවකි.
ඒ වගේම පුද්ගල මතයන් මෙන්ම පුද්ගල මනස වෙනස් කිරීමෙහිලා ද ජනමාධ්‍ය උත්සහ කරනු ලබයි.
වියට්නාම යුද්ධය නිකර ගුවාවේ හා එල්සෙල්ව දෝරයේ ඇති වු අර්බුධ ඇෆ්ගනිස්ථානය හා ඉරානයට ඇමරිකානු හමුදා යැවීම සහ කාම්භෝජයේ ජන ඝාතන යන සෑම සිදුවීමක් ම ඇමරිකානු මතය උපක‍්‍රමශීලි ලෙස ලෝක ජනමතයට කාවැද්දීමට බටහිර ජනමාධ්‍ය උත්සාහ දරා ඇතැයි චොම්ස්කි වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව මාධ්‍ය තුළින් මත නිර්මාණය කිරීම සුලබය. ඒ අනුව මත ගොඩ නඟනවා සේම එම මතයන්හි නිරවද්‍ය පැතිකඩක් ද වාර්තාකල යුතු වේ.
ජනවාර්ගික සාමය ඇතිකිරීමේ දී මාධ්‍යවේදීන්ට පැවරෙන වඟකීම ඉමහත්ය. වඟකීම් තේරුම් ගෙන නොතිබීමත් තරඟකාරිත්වය මත පදනම් විමත්, අත්දැකීම් අඩුකම සහ නොමේරුකම නිසාත් අදිසි දේශපාලන හස්තයන් නිසාත් ඒ වඟකීම් බොහෝ තැන්වලදී අමතක වී ගොසිනි. ඇතැම් විට උවමනාවෙන්ම අමතක කර ඇත.(වික‍්‍රමරත්න,2001:15*
ජන මාධ්‍යයේ සමාජ වගකීම හා සාමය පිළිබඳ කතා කිරීමේදී Thomas hanitzsch:2014*  දක්වන ආකාරයට ගැටුම් සාමකාමි විසදුමට සාම මාධ්‍යයක් ඇතිකිරීමෙහිලා ජන මාධ්‍යය වගකීම විශේෂ කොට සලකනු ලබයි. මෙම සංකල්පය පුළුල් ලෙස සාකච්චා කර ඇති නමුත්
දශක තුනක අධික කාලයක් තිස්සේ රටේ ප‍්‍රධානම ව්‍යසනය වු ජනවාර්ගික ගැටලූව උත්සන්න වීමට ශ්‍රී ලාංකීය පුවත් පත් කලාවේදීන් දැන හෝ නොදැන සෘජු කාර්යයභාරයක් ඉටුකර ඇත.
ජනවාර්ගික අර්බුධයෙන් පසු රට අපේක්‍ෂා කරනු ලබන සාමය ගොඩනැගීමට ජනමාධ්‍ය අතරින් ද පුවත් පත සියල්ලන්ගේ සාක්‍ෂරතාව මත පදනම් වු ප‍්‍රධාන මාධ්‍යයක් වශයෙන් ජාතීන් අතර පවත්නා ආකල්ප හැගීම් චර්යාවන් පාලනයට හේතු වේ. එමගින් බහුවිධ සමාජයක් නියෝජනය කරන ජනමාධ්‍ය සතු ප‍්‍රධාන කාර්යය වන්නේ ජනතාවලේ සිතුම් පැතුම් තේරුම් ගැනීමයි. බහුවිධ සමාජ යථාර්ථය මැනවින් අවබෝධ කරගනිමින් ස්වකීය මාධ්‍ය භාවිතාව ක‍්‍රියාවේ යෙඳවීමයි.
යටත් විජිත සමයෙන් පසු ලංකාවේ පාලන පංතිය රටේ බහුවාර්ගික යථාර්ථය නිසියාකාරව අවබෝධ කොටලෙන කටයුතු කිරීමට අපොසත් වීම නිසා උද්ගත වු මෙරට ජනවාර්ගික දේශපාලන අර්බුධයෙන් පසු ශ්‍රී ලාංක‍්‍රිය මුදාණ මාධ්‍යයන්හි ජාතික පුවත් පත් සංහිදියාව අර්ථවත් ලෙස යොදා ගන්නේ කෙසේ ද යන්න මෙමගින් යෝජනා කරනු ලැබේ.
තත් විෂය සම්බන්ධයෙන් පුවත් පත් කතුවැකි, විශේෂාංග සහ අනෙකුත් ලිපි පළ කිරීමේ දී සිංහල හා දෙමළ පුවත් පත් ස්වකීය පුවත් පතෙන් ප‍්‍රමාණාත්මක ඉඩක් ලබා දී ඇත් ද යන්න සොයා බැලීම. යුද්ධයෙන් පසු ජාතික සංහිදියාවක් අපේක්‍ෂා කරන ජාතීන් තුළ එකී අභිප‍්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා පුවත් පත පසුබිම් වන අතර එබැවින් සිංහල හෝ දෙමළ පාඨකයාට එම අර්බුධයෙන් මිදීමෙන් අනතුරුව සංහිදියාව යන්නහි අරුත අර්ථාන්විතව විදගැනීමට සැලැස්විය යුතුය. මෙරට සංහිදියාව බලාපොරොත්තු වන දෙමළ, සිංහල අන්ත දෙකට අවැසි ජාතික සංහිදියාව පුවත් පත හරහා සාධනීය ලෙස වාර්තා නොවීම මත නතුවන ජනවාර්ගික අර්බුධ වලට මැදිවිය හැකිය.
ජනමාධ්‍ය විසින් වාර්ගික කේන්ද්‍රීය භාවයක් හෝ වෙනත් පටු සීමාවන් හෝ ඒ ක‍්‍රියා කරන්නාවු ජනමාධ්‍ය විසින් වාර්ගික කේන්ද්‍රීය භාවයන් හෝ වෙනත් පටු සීමාවන් හෝ එ් වෙත ගමන් නොකරනු ලැබීමත් සමාජ බහුවිධත්වය තත්වාකාරයෙන් ම නියෝජනය වන පරිදි ස්වකෘය ආකෘතිය හා අන්තර්ගතය Stucctures content නොකෙරේ. එවැන්නක් ප‍්‍රායෝගිකව ඉටු කළ නොහැකිය. මෙහිලා මුලිකව ම අපේක්‍ෂා කෙරෙන්නේ සමාජයේ පවත්නා ඒ ඒ ජනවර්ගයේ හෝ කණ්ඩායම් හෝ ඒ කෙරෙහි පිළිකෙව් කටයුතු හෝ වාර්ගික අඟතීන් Racial prejudice හෝ නිර්මාණය කිරීමට තුඩු දෙන කරුණු වාර්තා කිරීමෙන් විවිධ අර්බුධ ඇති විය හැක.
විශේෂයෙන් ජනවාර්ගිකත්වය පදනම් කරගෙන දේශපාලනික හෝ යුධ ගැටුම් නිර්මාණය වු සමාජයක ජනමාධ්‍ය භූමිකා අතිශය මැදිහත්කමක් උසුලයි. එවන් සමාජයක එක් ජනවර්ගයක් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා පැවැත්ම සාක්‍ෂාත් කිරීම නොව ධරණීය සාමයක් ගොඩ නැන්වීමේ ගොඩ නැංවීමේ කාර්යය මෙන් ම එක් ජන කොට්ඨාසයක් අතර සාමය ස්ථාපිත වන ආකාරයේ සමාජ පසුබිමක් ජන මාධ්‍ය තුළ සිදු නොවන්නේ එකී පරමාර්ථ නිරායාසයෙන් සිදු නොවන බැවිනි.

8 comments:

අදහස්