ස්ත්‍රී පුරුෂ
සමාජභාවය පිළිබඳ සංකල්පයේ තේරුම කුමක් ද
සෑම සමාජයකම
පිරිමි සහ ගැහැණු ළමුන්ගේ, වැඩිහිටි ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ ආකල්ප, භූමිකාවන්
වඟකිම් හා හැසිරීම් රටා කෙරෙහි බලපාන් සමාජ නිර්මාණයකි. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමේ වැඳගත්කම කෙරෙහි ඉහළ අවධානයක් යොමු
වී ඇත.
ස්ත්‍රී පුරුෂ
සමාජභාවය FAO විසින් පිරිමි හා
ගැහැණු අතර ඇති සංජානනීය හා භෞතිකමය සම්බන්ධතාව ලෙස හදුන්වා දී ඇත.
ස්ත්‍රින්
පුරුෂයින්ගේන් වෙන්කරලීම පැහැදිලිවම දක්වන සමාජ සංස්කෘතික නිර්මාණයක් ලෙස ස්ත්‍රී
පුරුෂ සමාජභාවය සැලකිය හැකි අතර ගැහැණුන් සහ පිරිමින් අන්තර් ක්‍රියා කළ යුතු
ආකාරය දක්වයි.
ස්ත්‍රි පුරුෂ
සමාජභාවය යනු ආර්ථික, සමාජීය, දේශපාලන හා සංස්කෘතික ලක්ෂණ හා අවස්ථා පදනම් වු
ගැහැණු පිරිමි වශයෙන් පැවතීමේ ශූමිකා හා වගකීම් හා බැදුණු සමාජීය ආකෘතික
ස්වභාවයකි.
පහත සඳහන්
නියමයන් කෙටියෙන් පැහැදිලි කරන්න
(අ.) ස්ත්‍රී
පුරුෂ සමාජභාවී භූමිකාව
ස්ත්‍රී පුරුෂ
සමාජභාවි භූමිකාව ලෙස හදුන්වන ලබන්නේ සංස්කෘතික ප්‍රතිමාන හා සම්භවය අනුව සමාජය විසින් නිර්දේශ කරනු ලබන ස්ත්‍රීයගේ
පුරුෂයාගේ වැඩකටයුතු හා චර්යයා වේ.
(ආ).ස්ත්‍රී
පුරුෂ සමාජභාවී සමානතාව
ගැහැණු පිරිමි
හා ගැහැණු ළමුන් පිරිමි ළමුන් වශයෙන් අන්‍යෝන්‍ය ලෙස එක් එක් පාර්ශවයන්ට සාපේක්ෂව
සමානකම් දැක්වීමේ සංඛ්‍යාත්මක සංකල්පයකි. දෙන ලද දර්ශනයක් තුළ සිටින ස්ත්‍රීන් සංඛ්‍යාවට
අනුව පුරුෂ සංඛ්‍යාව හෝ පුරුෂ සංඛ්‍යාවට අනුව ස්ත්‍රී සංඛ්‍යාවට හෝ දරණ අනුපාතික අගයන්
දැක්වෙයි.
ගුරු අධ්‍යාපන
ආයතන තුළ ගැහැණු පිරිමි අභ්‍යාසලාභින් දෙපාර්ශවය සංඛයාත්මකව සමානවීම, යාවත්කාලීනවීමේ
පුහුණු සැසි සඳහා සහභාගීවන ලබන ගැහැණු පිරිමි ගුරු භවතුන් සංඛ්‍යාත්මකව සමානවීම හෝ
පාසල් තුළ හෝ ගුරු අධ්‍යාපන ආයතන තුළ ප්‍රධානීන් එම එක් එක් පාර්ශවයන් සමාන සංඛ්‍යාවකින්
පැවතීම ගුරු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාව ලෙස
හැදින්වේ.
(ඇ.) ස්ත්‍රී
පුරුෂ සමාජභාවී සමානත්මතාවය
ස්ත්‍රී පුරුෂ
භූමිකා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘතීන් විසින් අගතිගාමී බලපෑම් හා පනවනු
ලැබෙන සීමා කිරීම්වලින් බැහැර වු ස්වකීය කැමැත්ත පරිදි ක්‍රියාකිරීමේ නිදහස හා
පෞද්ගලික හැකියා දියුණුකර ගැනීමේ නිදහස භුක්ති විදීම පිණිස සමස්ත ගැහැණු හා පිරිමි
පාර්ශව සමාජිකයින්ට ලැබෙන නිදහස නම් වු සංකල්පය ස්ත්‍රි පුරුෂ සමාජභාවී
සමානාත්මතාවය වේ.
(ඉ.) ස්ත්‍රී
පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත්භාවය
සමාජානුයෝගී
චර්යා මත පදනම් වු සමාජීය හා සංස්කෘතික වශයෙන් ස්ත්‍රී පක්ෂය හා පුරුෂ පක්ෂය අතර
තීරණය කෙරෙන්නාවු වෙනස්කම් ඔවුන්ගේ ඉපයීමේ හා ආදායම් පාලනයේ හැකියාව වෙත කරන බලපෑම
අවබෝධ කර ගැනීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත්භාවය වේ.
(ඊ) ස්ත්‍රී
පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාව
ස්ත්‍රී පුරුෂ
සමාජභාවයේ පවතින වෙනස්කම් ගැටළු හා අසමානකම් හදුනාගැනීමට හා ප්‍රතිචාර දැක්වීමට මෙන්ම
ක්‍රමෝපායන් සම්පාදනය කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මෙයින් දැක්වේ.
පුර්ව සේවා ගුරු අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය කටයුතුවල නියැලෙන්නවුන්ගේ ස්ත්‍රී
පුරුෂ සමාජභාවය කෙරෙහි පවතින සංවේදිතාව ගම්‍යමාන වේ.
(උ) ස්ත්‍රී
පුරුෂ සමාජභාවය පිළිබඳ විශ්ලේෂණය
ස්ත්‍රී පුරුෂ
පාර්ශවයන් සමාන අවශ්ථාවන් භුක්ති විදින බව සංවර්ධනයේ ප්‍රතිලාභ හා සම්පත් සම
සාධාරණ ලෙස ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය වෙතට යොමු කෙරෙන බව හෝ එහිදී එක් පාර්ශවයකට
අසාධාරණයක් සිදු වී නැති බව හදුනා ගැනීම හා ඊට හේතු විමසීම සඳහා දත්ත යොදාගැනීමේ
ක්‍රියාවලිය වේ.
(ඌ) ස්ත්‍රී
පුරුෂ සමාජභාවයේ මුලප්‍රවාහය
ස්ත්‍රී පුරුෂ
සමාජභාවය තුළ පැන නැගෙන අසමානතා හා ඒවට හේතුවන කරුණු මෙන් ම ඒහිලා ගම්‍යවන්නා වු
සෙසු කරුණු සියල්ල පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම හා ඒවා පිටුදැකීම සඳහා නිසි
පියවර ගැනීම සහතික කරන ක්‍රියාවලියකි.
(එ) ස්ත්‍රී
පුරුෂ සමාජභාවී සමානතාවය
ගැහැණු පිරිමි
හා ගැහැණු ලමුන් පිරිමි ලමුන් වශයෙන් අන්‍යෝන්‍ය ලෙස එක් එක් පාර්ශවයන්ට සාපේක්ෂව
සමානකම් දැක්වීමේ සංඛ්‍යාත්මක සංකල්පයකි එහිදී දෙන ලද දර්ශකයක් තුළ සිටින ස්ත්‍රීන්
සංඛයාවට අනුව පුරුෂ සංඛ්‍යාව හෝ පුරුෂ සංඛ්‍යාවට අනුව ස්ත්‍රීන් සංඛයාවට හෝ දරණ
අනුපාතික අගයන් දැක්වෙයි.
(03).ස්ත්‍රී
පුරුෂ සමාජභාවය පිළිබඳ නිර්වචනය ප්‍රකාශ
කරන්න
ස්ත්‍රී පුරුෂ
භාවය ලෙස හදුන්වා දීමේදී එය සංස්කෘතියට විශේෂිත වු නිර්මාණයක් වනවා සේම
සංස්කෘියකින් තවත් සංස්කෘතියකට සාපේක්ෂව කාන්තාවන්ට හා පිරිමින්ට කල හැකි හෝ
නොහැකි දේ අතර සැලකිය යුතු වෙනසක් පවතින අතර සංස්කෘතීන් අතර තරමක් දුරට එක සමාන වන
ලක්ෂණය නම් සෑම විටම නිෂ්පාදන සම්පත් වෙත ප්‍රවේශය සහ තීරණ ගැනීමේ අධිකාරිය
සම්බන්ධව කාන්තාවන් අතර වෙන් වු වෙනසක් ඇති බවය.
(04) ලිංගික sex සහ ස්ත්‍රී
පුරුෂ සමාජතාවය Gender
යනු පද දෙකකි. මෙය සාධාරණීකරණ කරන්න
ලිංගිකත්වය
යනු මානවයා තම වර්ගයා බෝ කිරීම සඳහා ජීව විද්‍යාත්මකව ආවේණික කරගන්න ලක්ෂණ අනුව
ගැහැණු හා පිරිමි වශයෙන් බෙදී ුසිටින දෙවර්ගයකි.
ස්ත්‍රී පුරුෂ
සමාජභාවය යනු ආර්ථික, සමාජීය දේශපාලන හා සංස්කෘතික ලක්ෂණ හා අවස්ථා පදනම් වු
ගැහැණු පිරිමි වශයෙන් පැවතීමේ භූමිකා හා වගකීම් හා බැදුණු සමාජීය ආකෘතික ස්භාවයකි.
ලිංගිකත්වය
ජෛව විද්‍යාත්මකව තම වර්ගයා බෝ කිරීමට බැදී සිටියත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයභුමිකා
හා වගකීම් සමඟ බැදුණු සමාජීය ආකෘතික ස්වභාවයකි. ලිංගිකත්වය උපතින්ම උරුම ස්භාවික වන
අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය උපතින් උරැම නොවන අතර හැදෑරීමට යොමු කෙරේ. සමස්ත මානව ප්‍රජාවට
හිමිවුවක් වන ලිංගිකත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඒකීය නොව සංස්කෘතියෙන් සංස්කෘතියට
වෙනස්වන කාලගුණික තත්වයන්ට ද අනුව
වෙනස්වන දෙයකි. ඒසේම වෛද්‍ය ශල්‍යකර්මවලින් පමණක් ලිංගිකත්වය වෙනස් කල හැකි අතර gender වෙනස් වන සුළු
කාලයෙන් කාලයට හා ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ.
මේ අනුව මෙම
පද දෙකේ වෙනසක් ඇති බව ඉහත කරුණු අනුව පැහැදිලි වේ.
(5) පහත සඳහන්
පද කෙටියෙන් පැහැදිලි කරන්න.
(A) සංවර්ධනයේ
කාන්තාවන් පිළිබඳ (WID) ප්‍රවේශය
1970 ගණන්වල
අඟභාගයේ දී, කාන්තාවන් ආර්ථික සංවර්ධන ක්‍රියාවලීන්ගෙන් ඉවත් කර ඇතැයි යන්න
පිළිබඳව සැලකිලිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන ක්ෂෙත්‍රයේ (WID) ප්‍රවේශය නම්
වේ. (WID) ගැහැණු
ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රයෝජනය කිරීම සඳහා පෙනී සිටින්නේ එතුලින් ළමා මරණ
අනුපාතිකය අඩුවීම, මරණ අනුපාතිකය අඩුවීම දැකිය හැක.
(B) සංවර්ධනයේ ස්ත්‍රී
පුරුෂභාවය පිළිබඳ (GAD) ප්‍රවේශය
1980 ගණන්වල
අගභාගය වන විට (GAD) ප්‍රවේශය ඉදිරියට
ආ අතර ස්ත්‍රී පුරුෂභාවයේ අභිමානතාවයට මුලබීජ අභියෝගයට ලක්කිරීමට සහ සම්පත් සහ
සම්පත් සහ තීරණ ගැනීම සඳහා කාන්තා ප්‍රවේශය වැඩි කිරීමට (DFID:2002) උත්සහ දැරීය.
( C) මානව හිමිකම්
පදනම් කරගත් ප්‍රවේශය
අධ්‍යාපනය සඳහා යොදාගෙන ඇති පුළුල් සංවර්ධන ප්‍රවේශය
HRBA ය. එය අධ්‍යාපනය
යනු අනෙකුත් මුලික අයිතිවාසිකමක් යන විශ්වාසය මත පදනම්ව ඇත.සම්ප්‍රදායිකව කොන් කරන
ලද කණ්ඩායම්, ගැහැණු ළමයින් සහ කන්තාවන් ඇතුළත් වන නමුත් ඔවුනටම සීමා
නොවන,ආදිවාසීන් ආබාධිත සහ භාෂාමය සහ සංස්කෘතික වශයෙන් සුළුතරය ලෙස සලකනු ලබන අය
ඇතුළු සැමට අධ්‍යාපනයට ප්‍රවේශය වීමේ හැකියාව ඇති බවට තහවුරු කිරීම මෙම ප්‍රවේශයක
ඉලක්ක කරගනී.
(6) සමාජය සහ
සංස්කෘතිය ස්ත්‍රි පුරුෂභාවය භූමිකාවන්
නිර්මාණය කරයි. මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න.
ස්ත්‍රී
පුරුෂභාවය පිළිබඳ බොහෝ දාර්ශනික හා සමාජ විද්‍යාත්මක න්‍යායන් අනුව සමාජීය වශයෙන්
ගොඩනගා ඇති අදහසකි. මෙම දැක්මට අනුව සමාජය
හා සංස්කෘතිය ස්ත්‍රී පුරුෂ භූමිකාවක් නිර්මාණය කරනු ලැබේ.
ස්ත්‍රී පුරුෂ
සමාජභාවය වැඩිහිටිභාවය පිළිබඳ නව යොවුන් දැක්ම සඳහන් කළ හැක. ගැහැණු දරුවෙකු
දෙමව්පියභාවය ලබන වයස පිළිබඳ ව වෙනසක් දක්නට ලැබේ. මානසික අවපීඩන තත්වයටතේ උසස්
පාසල දරැවන්ට අවපීඩනයක් අභියෝගයක් විය හැක. එවිට ඔවුන්ගේ හැසිරීම පාසලට හා සමාජයට
හා සමාජයට පීඩාකාරී වියහැක.
රෑපය අනුව ද විවිධ
බලපෑම් සිදුවිය හැක. යෞවනය තුළ විශාල ශාරීරික වෙනස් වීම් සිදුවේ. එවිට ද ඔවුන්
මානසික අවපීඩනයකට ලක්වේ.
ගණිත සම්පත්
බෙදාගැනීමේ දී ගැහැණු පිරිමි අය අතර පවතින අසමානතාවය ද ස්ත්‍රී පුරුෂ සමාජභාවී
භූමිකාවක් නිර්මාණයට දායක වන බව මෙයින් පැහැදිලි වේ.
7. Gender Dynamics යන්නෙත් ඹබ
අදහස් කරන්නේ කුමක් ද
ලිංග
ගතිකත්වයට පිරිමි ළමයින් ගැහැණු ළමයින් කාන්තාවන් සහ පිරිමින් අතර ඇති සම්බන්ධතා
සහ අන්තර්ක්‍රියා ඇතුළත් වන අතර ලිංග ගතිකත්වයට ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ වු සමාජ
සංස්කෘතික අදහස් මගින් සහ ඒවා නිර්වචනය කරන බල සබදතා පිළිබඳ අදහස් මගින් දැනුම්
දෙන අතර ඒවා ප්‍රකාශ වන ආකාරය අනුව ස්ත්‍රී පුරුෂ ගතිකත්වයට පවතින සම්මතයන්
ශක්තිමත් කිරීමට හෝ අභියෝගයට ලක් කල හැක.
ලෝකයේ බොහෝ
විට පිළිගැනීම් වන්නේ පිරිමි සහ ගැහැණු අසමාන කොට සැලකීමය.
උදාහරණ ලෙස
ස්ත්‍රීවාදී වීම හදුන්වා දිය හැක.
21වන ශතවර්ශයේ
දී දෙමව්පියන් තම පිරිමි දරුවන් රැලි සහිත සාම්ප්‍රදායික ඇදුම්වලින් සැරසු අතර
ගැහැණු සහ පිරිමි දරැවන් හදුනා ගැනීමට නොහැකි වේ. නමුත් අද වන විට දිගු කෙස්
වැටියක් ඇති කරාබු පැලද සිටින පිරිමියෙකු සමාජයෙන් වෙන්කොට තැබීම දක්නට ලෑබේ.
(8) ස්ත්‍රී
පුරුෂභාවයේ භූමිකාවන් විස්තර කරන්න.
මිනිසුන්ගේ
සැබෑ හෝ වටහාගත් ලිංගිකතාවගේ ලිංගිකත්වය මත පදනම්ව පුද්ගලවයන් සඳහා සාමාන්‍යයෙන්
පිළිගත හැකි,සුදුසු හෝ ප්‍රියජනක ලෙස සලකනු ලබන හැසිරීම් වර්ග නියම කරන සමාජ
සම්මතයන් සමුහයක් ලෙස භූමිකාවන් විස්තර කල හැක.
කැරොලයින්
මෝසර්ගේ කෘතියෙන් සංවර්ධනය වු සංකල්පයක් ලෙස මෙය හදුන්වා දිය හැක.
·
ප්‍රජානන භූමිකාව
·
නිශ්පාදන භූමිකාව
·
ප්‍රජා කළමනාකරණ
භූමිකාව
·
ප්‍රජා දේශපාලන
භූමිකාව
·
බහු භූමිකාව
ලෙස භූමිකා
වර්ග කළ හැක.
ගැහැණු සහ
පිරිමි ලෙස වෙන වෙනම ප්‍රධාන භූමිකාවන් ඉටු කිරීම දක්නට ලැබේ.
(9) Gender Relationship matrix යන්නෙහි තේරුම
කුමක් ද
සම්බන්ධතා
අනුකෘතිය යනු ස්ත්‍රී පුරුෂ භේදය පිළිබඳ ගැටලු නිර්වචනය කිරීමට සහ විශ්ලේෂණයට
පහසුකම් සැලසීම සඳහා එයින් පීඩාවට පත් වු ප්‍රජාවන් මගින් භාවිතා කරන, සහභාගීත්ව
ක්‍රමවේදය අනුගමනය කරන විශ්ලේෂාත්මක ක්‍රමවේදයකි.
මෙය කොටස්
දෙකකින් සමන්විතය.
විශ්ලේෂණ
මට්ටම (level of analysis ) සහ විශ්ලේෂණ කාණ්ඩය (category of Analysis ) kම් වේ.
කාන්තාවන් -
ප්‍රජාවේ සියලුම වයස්වල අය පිරිමින්
ගෘහය - සියලුම
පිරිමින් කාන්තාවන්, දරුවන් එකට වාසය කරන විස්තෘත, න්‍යෂ්ඨික පවුල් , ප්‍රජාව
ස්ත්‍රී පුරුෂ
සමාජ භාවය පදනම් කරගත් රැකියා අංශවය ලයිස්තු ගත කරන්න.
හෝටල්
ආපන ශාලා
රෙදි සෝදන
ස්ථාන
ළමා සුරැකුම් මධ්‍යස්ථාන
විනෝදාස්වාද
මධ්‍යස්ථාන
ස්ත්‍රී
පුරුෂභාවය පිළිබඳ ආකල්ප සඳහා උදාහරණ ප්‍රකාශ 5ක් ලයිස්තු ගත කරන්න.
·
පිරිමින් විසින්
කාන්තාවන්ට දොර ඇරිය යුතුයි.
·
පියා සහ මව තම දරුවන්
පෝෂණය කිරීම සහ රැකබලා ගැනීමට සමානව සහභාගී විය යුතුය.
·
පිරිමින් මුලිකවම
මුදල් ඉපැයීමේ සහ ඔවුන්ගේ පවුල සඳහා සැපයීමේ වගකීම දරයි.
·
කන්තාවන් විවාහයෙන්
පසු සැමියාගේ ගෙදර සියලු වැඩ කල යුතුය.
·
කාන්තාවන් විවාහයෙන්
පසු තම සැමියාගේ වාසගම දැරිය යුතුය.
ගැහැණු
ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳව සාකච්චා කරන්න.
ලෝකයේ බොහෝ රටවල්
කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංගණය වන ලෙස කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. බොහෝ විට
මැදපෙර දිග රටවල් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම අල්ලංඝනය කර ඇත. ඔවුන් අවුරුදු 13
සම්පුර්ණ වීමටත් ප්‍රථම අකමැත්තෙන් විවාහ කර දී ස්වාමියාගේ නොයෙකුත් අඩම්තේට්ටම්
කරදර , හිරිහැරවලට භාජනය වන අයුරු විමසා බලන විට මැදපෙරදිග සමාජයෙන් තහවුරු වේ.
ස්ත්‍රීන්ට
ආ/මික නිදහස දක්වන එම රටවල් තුළ දක්නට නොමැත. ඔවුන් හිරකාරියන් බවට පත්ව දුක්විදින
ආකාරය සමාජමාධ්‍යයන් තුළින් ද අපහට දැකගත හැක. ස්ත්‍රී උපත පවා අවාසනාවක් ලෙස සලසා
ඔවුන්ගේ සියලු අයිතිවාසිකම්, බලාපොරොත්තු උල්ලංඝණය කරන සමාජයක අප ජීවත්වන ආකාරය
හදුනාගත හැක.
ඔවුන් නිවස
තුළට වී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය අපහට දැකගත හැක ඒ අනුව ආයිතිවාසිකම්,
බලාපොරොත්තු උල්ලංඝනය කරන සමාජයක අප ජීවත්වන ආකාරය හදුනාගත හැක.
ඔවුන් නිවස
තුළට වී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය අපහට දැකගත හැක. ඒ් අනුව ආසියාතික රටවල්
ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරය දක්නට ලැබේ.
13 ඔබේ රටේ
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටළු සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැහැදිලි කරන්න.
බෞද්ධ රටක් වන
අපේ රටේ ස්ත්‍රීය සාමාන්‍ය පරිදි අධ්‍යාපනය ගෘහ ජීවිතය සියල්ල සාධාරණ ලෙස
භුක්තිවිදින අයුරු දැක ගත හැක. මා දකින ආකාරයට පිරිමියා මෙන්ම ගැහෑනියට ද සම
අයිතිවාසිකම් අප රට තුළ හිමිව ඇත.
අධ්‍යාපන
අවස්ථා
විනෝදවීමේ
අවස්ථා
විවිධ ඇදුම්
ඇදීමේ
අවස්ථා හිමිව
ඇත. එසේම නීතිය ද කාන්තාවන්ට වාසිවන ලෙස ස්ථාපිත වී ඇති අයුරු හදුනාගත හැක. නමුත්
ඇතැම් අවස්ථාවලඅවස්ථාවල බොහෝ ප්‍රදේශවලින්
කාන්තාවන්ට
සිදුවන අතවර
අඹුසැමි
ආරවුල් (අනියම් සබදතා සහ බීමත්කම නිසා ඇතිවන )
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
පුරුෂාධිපත්‍යය
වැනි ගැටළු
දක්නට ලැබේ. මෙම ගැටළු සහගත තත්ත්වයන් විසඳීමට ව්‍යවස්ථානුකූලව නීතිමය පියවර ගෙන
ඇත. එවිට එම ගැටළු තුලනය කර ගත හැකි අයුරින් මෙරට සංස්කෘතිය ගොඩනැගී ඇත.
මේ අනුව බලන
කල ලෝකයේ අයිතිහාසික අනෙක් රටවලට වඩා අපේ රට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ගැටළු මද
රටක් ලෙස හදුන්වා දිය හැක.