Saturday 19 August 2017

නිදහස් රටක උරුම කරුවෙකු වෙමු

                                     

රටක අරාජිකත්වයට මුලික වශයෙන් බලපාන්නේ ආර්ථිකසංවර්ධනයේ කඩතොළු වීම ම නොවේ. ඒ මන් ද යත් ආර්ථික සංවර්ධනය හුදෙක් රෙටි මුලික සංවර්ධනයනොවේ. අධ්‍යාත්මික සංවර්ධනය සාර්ථක සංවර්ධනයේ පදනමයි. එසේ කඩතොළු වු සංවර්ධනයේආර්ථික සංවර්ධනය ගැනම පාරම්භනය නම් උමතු ක‍්‍රියාවකි. සංවර්ධනයේ මුලික අඩිතාලමට ප‍්‍රජාවබලගැන්විය යුතුමයි. ප‍්‍රජාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන රටක සංවර්ධනයේ සාර්ථකත්වයක්උගහට. මුලික මිනිස් අයිතිවාසිකමක් වු තොරතුරු දැනගැනීමේ අයිතිය ද පෙරුම් පුරලා පෙරුම් පුරලා19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනය වුවද තවමත් තොරතුරු පිපාසිත පිරිසත් මෙකී තොරතුරුදැනගැනීම පිළිබද නොදැනුවත් ය. කෙසේ නමුත් නොතේරෙන බොහෝ අයට දැන ගනන්නයි කියන්නේලොකුවට හිස් මුදුන් කරගත් පුටු රත් කරන බලධාරීන් ජනතාවට ඔවුනට අවශ්‍ය තොරතුරු සගවන්නේනම් නීති පියවර පැතිය හැකිය. මුල්‍යමය වංචා, ජවතාවගේ දෙදනික ගැටලූ හෙමින් සීරුවේ යට ගහනඇතැමුන් නොදන්නවා මෙන් සිටි බොහෝ දෙනා මෙකී නීතිය නොදනී. බොහෝ දෙනා බලය,නම්බුවපමණක් කර පින්නා ගනිමින් සිටීම මත පැහැදිලි වන්නේ මර නින්දේ පසුවන රාජ්‍ය පද්ධතීන්හිස්වභාවයයි. මුලික මිනිස් අයිතීන් අමු අමුවේ උල්ලංගනය කරන උල්ලංඝනය වන රටක කඩදාසි වලටසීමා වු කෙටුම් පත් චක‍්‍රලේඛණ,පනත් කුමට ද තොරතුරු දැනගැනීම මෙන්ම ප‍්‍රකාශන අයිතීන් දඋල්ලංගණය කරනු ලබන රටක අප ජීවත් වීම කණගාටුවකි. එකී උල්ලංගණය ද දැන් දැන් සිදුවුයේ දසිදු වන්නේ ද රාජ්‍ය ගෞරවය මත බවය. මන් ද යත් වරින් වර කතා බහට ලක් වු තාමත් කතා බහටලක්වන මාධ්‍යවේදී නඩුහබ අතර රජය ලෙහා ගන්න බැරි තරමට පැටලීලා ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයතවත් එක් නොවිසදුණකි. එවන් නඩුහබ දිගින් දිගටම ඇදෙමින් පවතී. ජුනි මස සිට මේ දක්වා එකමනඩුව රස පරීක්‍ෂණ වාර්තාවල නොගලපීන් මත කල් ගියද වරද කරුවන් නිදැල්ලේ ය. තවත් ලසන්තලා,පොද්දලලා, ප‍්‍රගීත්ලා නිදහස් අදහස් උරුමකරුවෝ වෙති. උරුමකරුවන් ට පන්නරයේත් උත්තමාචාරයපුද කරමින් කල කිරුණු සියලූ මාධ්‍යවේදීන්ගේ සැනසුමට මෙම ලිපිය රුකුලක් වේ යැයි සිතමි. අදහස්දැක්වීම කාටත් පොදුය. සගවා සිටින අදහස් තුළින් ජාතියක් ගොඩ නැගිය නොහී. අදහස් උල්ලංඝනයකරනු ලබන රටක නීතියේ අසිපත කුමට ද නීතියේ දෙවගන ද වංචනික ලෙස රවටා ඇති පාලකයින්මුනිවත රකිති. නිදහස් රටක ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය සර්ව සාධාරණ විය යුතුය. නො එසේනම් සිවුවන ආණ්ඩුවකට බලය මෙහෙය වන්නට සිදුවනු ඇත. තිත්ත වුනත් අමාරුවෙන් හෝ ගිලගත්තොතින් ඇගට ගුණයි. රටක නිදහසේ ජීවත් වීම යනු සාම මාවත විවර කිරීම පමණක් ම නොවනබව සියල්ලන්ගේ දැන ගැනීම පිණිසයි. 




Tuesday 8 August 2017

බුදු දහම හා ගීතය










ආගම් සංකල්පය හා නිර්මාණකරණයමිනිසුන් පීඩාවට පත් කරන කරුණු සම්බන්ධයෙන් බුදු දහම මඟින් කෙරෙන විවරණය ප‍්‍රශ්න කිරීම සන්දර්භය අතින් සැලකීමේ දී, එක්තරා ආකාරයකට කාව්‍ය සාහිත්‍යයේ සන්ධිස්ථානයකි, සිංහල කවිය. එහි සමස්ත ඉතිහාසයේ ආධිපත්‍යය දරන ලද්දේ බුදු දහම වීම ඊට හේතුවයි. ලාංකේය සමාජ සංස්කෘතියේ පදනම වන සිංහල – බෞද්ධකම හා බුදුදහමේ නිර්මාතෘවරයා වන බුදුන්ගේ චරිතය යුග යුග කවීන්ගේ නොමද අවධානයට පාත‍්‍ර වූ චරිතයකි. සම්භාව්‍ය කවීන් බුදුන් තත්සමව වර්ණනා කළ අතර එය උත්තරාරෝපිත බුදුන්ගේ ප‍්‍රතිරූපය තවත් උත්කර්ෂයට නැංවූ ප‍්‍රයත්නයක් විය. ලොව සියලූ ආගමික නායකයින් මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසක් බවට වන නිර්මාලාපය සෑම ආගමකම පදනම් කරුණකි. ආගමික පදනම භක්තියයි. මෙනිසාම, සෑම ආගමික කර්තෘවරයෙක්ම භක්තිය අවධාරණය කළ අතර ඒ අනුව යමින් පසුකාලීන ආගමික කතුවරු එය උත්කර්ෂයට නැංවූහ. සිංහල පද්‍යය ආරම්භයේ සිටම ”පද්‍යයෙන් නම් බුදු දහම වර්ණනා කළ යුතුය” (පෙදෙන් බුදු සිරිත – බසින්වත් සිරිත් ඈ) යනුවෙන් සියබස්ලකර කතුවරයා පැනවූ සීමාව පසුකාලීන කතුවරු එලෙසම අනුගමනය කළහ. මෙම කරුණ අභියෝගයට ලක් කිරීම සැබැවින්ම නිර්භීතකමක් නොවන්නේ ද? මහගම සේකර අතින් ජනප‍්‍රිය බුදුදහම ප‍්‍රශ්න කිරීමට ලක්වේ.යශෝධාමම පසක් කළා තවත් සත්‍යයක්සාගතයෙන් පෙළෙන තැනකවගා නොවන බව ධර්මයසාගින්නෙන් පෙළෙන අයටපසක් කර ගත නොහැක ධර්මය(ප‍්‍රබුද්ධ)මෙලොව කාර්යයන් සියල්ලම දෛවයට හෝ කර්මයට භාර දී පරලොව විමුක්තිය සෙවීමට යෝජනා කරන ආගම, සිය දාර්ශනිකයා දේශනා කළ කරුණු පවා අමතක කර ඇති බව කවියාගේ අදහසයි.”ආනන්දමොහු බඩසයින් පෙළෙයිඑබැවින් බණ අසනට සුදුසු නොවෙයිහැමට පෙර මොහුට ආහාර දෙව”(ප‍්‍රබුද්ධ)කවියාගේ සීමාව යථාර්ථය විදහාපෑම වුවත් එම කඩඉම ඉක්මවා යමින් කළ සේකර වඩා යහපත් ලොවක් නිර්මණය කළ යුතු බවට සිය රසිකයාට අවධාරණය කරයි.ධර්මය වටහාගත හැකිසත්‍යය සුන්දර බව දැකගත හැකිඋත්තර සමාජයක් ගොඩ නැඟීමේ මුල් පියවරකෑමෙන් – බීමෙන්ඇඳුමෙන්ගෙයින් දොරින්තෘප්තිමත් වූ ලොවක් තැනීමය(ප‍්‍රබුද්ධ)කාරණාව බුදු වෙනවා ලකුණු දැනේනෑර කැටිව ආවා මම සරණ ගෙනේභාවනාව තොර නොකරමි සිතින් අනේමාලිගාව අද අඳුරුයි සුවාමිනේසිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යාමෙන් අනතුරුව යශෝධරා දේවියගේ හැසිරීම ඉහත කවියේ වර්ණිත යශෝධරාව හා නොගැලපේ. ඇය අනුගමනය කරන ලද්දේ, දැඩි ප‍්‍රතිපත්තියකි. ඇය කිසිවෙකුත් සමග කතා බහකට නොගොස් මාලිගයේ, උඩුමහලේ හුදකලාව වාසය කළාය. දළ රළු රෙදි පෙරෙදි ඇන්දාය. ආහාර වර්ජනය කළාය. අවසන වසර හයකට පසු බුදුව කිඹුල්වත් නුවරට පැමිණි බුදුන් පිළිගැනීමට ඇය මාලිගයෙන් පහළට නොබැස්සාය. බුදුන්වහන්සේට යමා මහපෙළහර පා, සියලූ ශාක්‍යයන්ගේ මන් බිදීමට හැකි වුවද යශෝධරා සිය කුටියෙන් එළියට කැඳවීමට නොහැකි විය. අවසන ඇගේ කුටියටම වැඩ ඇයට ධර්මය දේශනා කිරීමට බුදුන්වහන්සේට සිදු විය. එහෙත්, ජන කවියා මැවූ යශෝදරාවතේ එන යශෝධරාව නම් බුදුන්ගේ ඡායාමාත‍්‍රයක් දුටු ඇසිල්ලේම උන්වහන්සේ වෙත ගොස් බදා වැළඳ සිය සතුට පළ කරනු නොඅනුමානය. මෙම ජනකවි ආභාසය අනුව බුදුන්වහන්සේ යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකු බව සේකර සිය නිර්මාණ තුළින් විවරණය කරයි.බුදුන් වහන්සේ පිරිනිවන් අපේක්ෂාවෙන් රජගහ නුවර සිට කුසිනාරා නුවරට වඩින දිනක් අතරමඟදී ආනන්ද හිමියන් අමතා ‘ආනන්ද මා උපන් නුවර සිට හමා එන සුළඟ පවා මට සැපයක්’ යැයි කීවෝය. අල්පේච්ඡතාවෙන් දිවි ගෙවූ උපේක්ෂා සහගත බුදුන්ගේ වදන් කවියා විමසීමට ලක් කරයි. එමඟින්, බුදුන් යනු මානව විමුක්තිය සොයා ගිය විමුක්තිකාමියෙකු ලෙස දක්වන කවියා වක‍්‍රාකාරයෙන් වත්මන් සංඝ සමාජය හා එහි ඇවැතුම් පැවැතුම් ප‍්‍රශ්න කරයි. දේශපාලනයෙන් මත්ව, පාලක පංතිය හා එක්ව සිටිගෙන පිණ්ඩපාතයෙන් හා පාංශකූලයෙන් පමණක් යැපිය යුතු බවට වදාල පිරිස් ”චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය” වෙනුවට ”චරත භික්ඛවේ චාරිකං මහරජ හිතාය, මහරජ සුඛාය” යන්න තේමාව බවට පත් කර ගෙන සිටීම කවියා අවඥාවට ලක් කරයි.පොදු ජනතාව තම දිවි පෙවෙතත් බුදුදහමත් එකක් කොට සැලකූ®හ. ඒ නිසාම ඔවුන් අතරින් පහළ වූ ජන කවියන්ද සිය සිතැගි පැවසීමේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත් තම ට්ත්තාභ්‍යන්තරයේ පැවති ගෞරවය සිහිපත් කිරීමට අමතක නොකළහ. ගොවිතැන, ආශි‍්‍රත කවි, ජන කවි අතර බෙහෙවින් දක්නා ලැබේ. වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදය පතමින් ගොවියා කරන ගොවිතැන අපේක්ෂා නොකළ පරිදි නියඟින් විනාශ වී යයි. තමන්ගේ පමණක් නොව තම අඹුදරුවන් ගේ ද කුසගිනි නිවාලනු සඳහා මහත් වෙහෙස දරා කරන ලද කුඹුරු පාලුවීම ඔහුට ඉවසිය නොහැකි වේදනාවකි. සංසාරය මෙවන් දුක් වේදනාවලින් ගහන වූවක් බවත්, ඇති එකම පිළියම නිවන් දැකීම බවත් බුදුදහමින් ඔහුට උගන්වා ඇත. එය තම එකම අපේක්ෂාව බව කවියා පවසන්නේ මෙසේ ය.

කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද     පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැසිපල      නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද             දකින්නේ

x

Monday 7 August 2017

සොදුරියේ



සොදුරියේ ඉමක් අහිමිව
නගන පියවර
දුරක් නම් 
විසිරුණු සුසුමට
දෙනු මැන  හුස්ම පොදක්
සොදුරු මල් දම් මට පෑ සරදම්
අහිමි මොහොතේ
සබැදියාවේ අරණ ක්ෂිතිජය
නුබට හමු නොවෙනා
උරුම පෙම්කවි
නරුම කළ ඔබේ 
හසරැලිත් එපා
මටම පිටු පෑ යුවතියේ ඔබ
සොදුරු සිත් අතර අනග 
සිත් සොයනා