Thursday 30 June 2022

වෙළඳ දැනවීම් කලාව තුළ සෞන්දර්ය

 




වර්තමාන වෙළඳ දැනවීම් කලාව තුළ සෞන්දර්ය පදනමක් දක්නට නොලැබේ. බොහෝ වෙළඳ දැන්වීම් තුළ අත්තේ අව්‍යාජත්වයයි. සැඟවුණ අර්ථ දක්නට ලැබේ. සැඟවුණු අර්ථ වල මතුපිට ස්වරූපය වංචාකාරිය. සමාජ සෞන්දර්යය පදනම දෙස විමසිල්ලෙන් බැලීම සන්නිවේදනයේ අරමුණයි.

සෞන්දර්ය යනු යම් රසයක් ඉන්ද්‍රිය ප‍්‍රසාදයක් පවතීමේ විශේෂයෙන් ඇතිවෙන අන්තර් ඥානය ලෙස සරළව අර්ථ දැක්විය හැකිය. කලාවේ දර්ශනය සෞන්දර්යයි. මෙකී කියමනට අදාල වූ නිර්වචනයක් මෙසේ දැක්විය හැකිය. 

“Aesthetics or the philosophy of art is the study of beauty and taste, it is about interpreting works of art and art movements or theories. The tern aesthetics is also used to designate a particular style, for example the “Chess aesthetics”, or the “Japanese aesthetic” 

http://www.en.wikipedia,org/wiki/

සෞන්දර්ය  පිලිබඳ කතාකිරීමේදී 18 වන සියවසේ සෞන්දර්ය උපත ලබන්නේ කලාත්මකභාවය ලස්සන සංගීතය ගීතමය ඉතා උසස් ලෙස බව දැකිය හැකිය සෞන්දර්යන් මත අන්තර්ගතය තුළ දර්ශනාත්මක ඓතිහාසිකමය සංස්කෘතිමය යන ආදිය ගැබ්ව තිබීමයි.

නමුත් 19 වන සියවසේ මෙය වඩාත් වෙනස් ස්වරූපයෙන් ක‍්‍රියාත්මක විය. කාලයෙන් කාලයට විකාශනය වන සෞන්දර්යාත්මක පසුබිම 20 වැනි සියවසවන විට සෞන්දර්්‍ය කලාවේ දර්ශනය වේ.

සෞන්දර්යය පසුබිම පිළිබද සාකච්චා කිරීමේදී සන්නිවේදනය වඩාත් වැදගත් වේ. සන්නිවේදනය හා සෞන්දර්යය අතර ඇත්නේ අවියෝජනීය සබදතාවයකි. ඒ අනුව සෞන්දර්යය පදනම මත පිහිටා ගීතය, නාට්‍ය, නර්තනය, සංගීතය, චිත‍්‍රපටයක්, වෙළඳ දැන්විමක් මෙන්ම කතාවක් දෙස බැලිය යුතුය. යම් දෙයක් දෙස සෞක්දර්යය පදනමක් ඔස්සේ බලන විට අප එය සන්නිවේදනයේදී හදුන්වනු ලබන්නේ පෙළ කියවීම යන්නයි. මෙකී පෙළ කියවීමේ දී ශ‍්‍රව්‍ය දෘශ්‍ය පෙළ ඉතා වැඳගත් වේ.
වෙළඳ දැන්විමක පෙළ කියවිමේදී එහි අන්තර්ගතය පිළිබඳ සැළකිලිමත් ව්ය යුතුය. මෙහි සෞන්දර්යාත්මක පදනම දෙස බැලීමේදී එහි අන්තර්ගතය 
1. දෘශ්‍ය ප‍්‍රතිරූප 
2. කැමරා රූප 
3. කැමරා කෝණ
4. කැමරා චලනය
5. ස්ථාපනය කිරීම 
6. වර්ණ ගැන්වීම
7. ආලෝකය 
8. ඇඳුම් පැළඳුම්
ආදිය පිළිබඳ සැළකිලිමත් වෙමින්, සෞන්දර්යාත්මක පදනම මෙන්ම, එහි අන්තර්ගතය පිළිබඳ සහ සන්නිවේදනාර්ථ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ප‍්‍රධාන අරමුණ වේ.

ඇවිල්ලා ඇවිල්ලා පුතා ඇවිල්ලා....

මයේ පුතුයි පුතුගේ පුතුයි

සේරමල්ල ගමේ ඇවිල්ලා....

ඉය වහ ගිය සංතෝසෙට
 
මහ ගෙයි මහ උජාරුවට

පිරී ඉතිරිලා....

පුතා ඇවිල්ලා 

පුතාල අවුරුදු ගෙනවිල්ලා....


අලුත් අවුරුදු සමය තුළ විකාශනය වු දැන්වීමේ සෞන්දර්යාත්මක පසුබිම

පළමු දර්ශනය  ගෙදරට (මහ ගෙදරට) අවුරුදු ගෙන එන පුතාගේ වාහනයේ පැමිණීමත් සමඟ බුලත් හෙප්පුවක බුලත් ඇතිරිම තුළින් පිළිගැන්විම  සංකේතවත් කරනු ලබයි. ”ඇවිල්ලා ඇවිල්ලා පුතා ඇවිල්ලා” යන්න තුළින් ”ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා” සිංහල සිරිත් විරිත් වලට මුල්තැන ලබාදීම මෙන්ම වියැකී යන ගැමි සම්ප‍්‍රදායික සමාජය අර්ථ දක්වනු ලබයි. බුලත් කොළය තුළින් හෙළ සංස්කෘතියේ සෞහාග්‍යත්වය පෙන්නුම් කරනු ලබයි.


මුනුබුරා සහ සීයා අතර ඇති සම්බන්දතාවය පෙන්නුම් කරමින් දිව එන දරුවාගේ ස්වාභාවය, මග බලා සිට්න සීයාගේ බලාපොරොත්තුව ඉවසිලිවන්තභාවය උද්යෝගිත්වය උදෑසන පරිසර සුන්සරත්වය සමඟ මුසුවී ඇති ආකාරය මොනවට පෙන්නුම් කරනු ලබයි. වෙළඳ දැන්වීම තුළ ග‍්‍රාමීය වචනාර්ථයන් ගැබ්ව ඇති අකාරය තුළින් සමාජ සංස්කෘතිමය වටපිටාවක් පෙන්නුම් කරනු ලබයි.”ඉයවහ, මයේ පුතු, පුනුගේ පුතු” යක්ක තුළින් පැහැදිලි වේ. මෙම වචන තුළින් දෙමව්පිය ආදරය,කරුණාව,දයාව,නොඉවසිලිවන්තභාවය පෙන්කුම් කරනු ලබයි. දෙමව්පියන්  තුළ පවත්නා සෙනහෙබර ආඩම්බරය ”මහ ගෙයි මහ උජාරුවට පිරී ඉතිරිලා ” යන්න තුළින් සතුට,පි‍්‍රතිය තුළින් ගෙදර කිරි ඉතිරිලා ගිය වග සන්නිවේදනය කරනු ලබයි.තවද ගැමි සුන්දරත්වය විදහාපාන සලකුණු ලෙස කැවුම් පිසීම, චීත්තය හැට්වය හැද සිටින කාන්තාව,දාගැබ,වෙල් යාය,ඇල දොළ ආදිය තුළ සෞන්දර්යත්වය පෙන්වා දෙනු ලබයි. පිරුණු නැවුම් කැවුම තුළින් සමාජය තුළ බෙදා හදාගෙන ජීවත් වීමේ කලාව ගැමි ජීවිතය තුළ පුරුදු පුහුණු කර ඇත. අවුරුද්දට පෙර සුදානම වැදගත්වන ආකාරය ගෙදර පිරිසිදු කිරිම්, කෙසෙල් ඉදවීම, අස්වනු ගෙට ගැනිම ආදිය තුළින් සෞභාග්‍ය පෙන්වනු ලබයි.

”සේර මල්ල ගමෙන් ඇවිල්ලා” යන්න තුළින් අපට හුරු පුරුදු රබන් පදයක් පසුබිමෙන් වාදනය වේ. එය ” එගොඩ ගොඩෙත් රත්තරන්” යන්නයි. මෙහි ”පිරී ඉතිරීලා” යන පදයත් සමඟ වී සුළං කිරීමේ දර්ශනය මගින් රටේ සෞභාග්‍ය සංකේතවත් කරනු ලබයි. බත බුලතින් වගේම සතුටින්, සෞභාග්‍යයෙන් , සාර්ථකත්වයෙන් යන සෑම දෙයකින්ම අංග සම්පූර්ණ බවය.”රන්වන් වී එහි සංකේතාර්ථය වේ. ”පුතාලා අවුරුදු ගෙනවිල්ලා....” යන්නෙන් වෙළඳ දැන්වීම අවසන් වේ. 
වෙළඳ දැන්වීම අවසාන කරනු ලබන්නේ අපූර්වතම වදනක් සමගයි. ”රැකගමු අපේකම මතුවටත් ” යන ප‍්‍රකාශයත් සමඟ පසුබිම දර්ශනය තුළ පන්සල වෙත වෙල්යායක් මැදින් පේලියට ගමන් කරන ආකාරය තුළින් සමාජයෙන් වියැකී යන සිරි’් රැකගැනීමට ප‍්‍රයත්න දරා ඇත. සීය විසින් මුණුබුරා අත තබන මල් වට්ටිය තුළින් එකී සිරිත් විරිත් මතු පරපුරට දායාද කළ යුතු බවය සංකේතවත් කරනු ලබයි.

වෙසක් පෝය දින විකාශනය වු දැන්විමේ සෞන්දර්යාත්මක පසුබිම 


ගමෙන් ඇවිල්ලා
වෙසක් සිරි ගෙනවිල්ලා
පොඩිපුතු සිත සතුටින් පිරිලා
සිල් සුවදයි පැතිරෙන්නේ
මේ වෙසක් පෝදා
උතුරු සලූවෙන හමන සුවඳයි හිතේ උතුරන්නේ           ි

මේ වෙසක් පෝදා//






පෝය දින වෙනුවෙන් ෘස්කදට ආයතනය නිර්මාණය කරන ලද අවුරුදු සමය තුළ විකාශනය වු වෙළඳ දැන්වීමට පිළිතුරු වශයෙන් ලබා දෙන වෙළඳ දැන්වීමක් ලෙස හැදින්විය හැකිය. මෙය පෝය දිනට මහ ගෙදරින් පුතාලාගේ ගෙදර යන ගමනකි. මහ ගෙදරින් එන සීය ආච්චිලාව දරුවා පිළිගන්නා ආකාරය. හොඳ පුරුදු පුරුදු විය යුතු අකාරය මෙයින් අදහස් කරයි. ”සිල් සුවඳයි පැතිරෙන්නෙ”් යන්න තුළින් සමාජය තුළ සිල් සුවඳ දේම හොඳ ගති ගුණද පැතිර යා යුතු බවය.”හමන සුවඳයි හිතේ උතුරන්නේ” යන පද පේලියත් සමඟ ”කළගෙඩිය” සංකේතවත් කරයි. හිතේ උතුරා ගිය යුත්තේ මෛති‍්‍රය බව සංකේතවත් කරයි.නිර්වාණය සංකේථවත් කිරීම දැක්වීමට ”නෙළුම් මල” සංකේථවත් කරයි. වෙළඳ දැන්වීම අවසාන වෙන්නේ ”රැකගමු අපේකම මතුවටත්”








                    සංසන්දනාත්මක පසුබිම
වර්තමාන වෙළඳ දැනවීම් කලාව තුළ සෞන්දර්ය පදනමක් දක්නට නොලැබේ. බොහෝ වෙළඳ දැන්වීම් තුළ අත්තේ අව්‍යාජත්වයයි. සැඟවුණ අර්ථ දක්නට ලැබේ. සැඟවුණු අර්ථ වල මතුපිට ස්වරූපය වංචාකාරිය. සමාජ සෞන්දර්යය පදනම දෙස විමසිල්ලෙන් බැලීම සන්නිවේදනයේ අරමුණයි.


ගමෙන් ඇවිල්ලා
වෙසක් සිරි ගෙනවිල්ලා
පොඩිපුතු සිත සතුටින් පිරිලා
සිල් සුවදයි පැතිරෙන්නේ
මේ වෙසක් පෝදා
උතුරු සලූවෙන හමන සුවඳයි හිතේ උතුරන්නේ           ි

මේ වෙසක් පෝදා//





පෝය දින වෙනුවෙන් ෘස්කදට ආයතනය නිර්මාණය කරන ලද අවුරුදු සමය තුළ විකාශනය වු වෙළඳ දැන්වීමට පිළිතුරු වශයෙන් ලබා දෙන වෙළඳ දැන්වීමක් ලෙස හැදින්විය හැකිය. මෙය පෝය දිනට මහ ගෙදරින් පුතාලාගේ ගෙදර යන ගමනකි. මහ ගෙදරින් එන සීය ආච්චිලාව දරුවා පිළිගන්නා ආකාරය. හොඳ පුරුදු පුරුදු විය යුතු අකාරය මෙයින් අදහස් කරයි. ”සිල් සුවඳයි පැතිරෙන්නෙ”් යන්න තුළින් සමාජය තුළ සිල් සුවඳ දේම හොඳ ගති ගුණද පැතිර යා යුතු බවය.”හමන සුවඳයි හිතේ උතුරන්නේ” යන පද පේලියත් සමඟ ”කළගෙඩිය” සංකේතවත් කරයි. හිතේ උතුරා ගිය යුත්තේ මෛති‍්‍රය බව සංකේතවත් කරයි.නිර්වාණය සංකේථවත් කිරීම දැක්වීමට ”නෙළුම් මල” සංකේථවත් කරයි. වෙළඳ දැන්වීම අවසාන වෙන්නේ ”රැකගමු අපේකම මතුවටත්”


 සංසන්දනාත්මක පසුබිම

වර්තමාන වෙළඳ දැනවීම් කලාව තුළ සෞන්දර්ය පදනමක් දක්නට නොලැබේ. බොහෝ වෙළඳ දැන්වීම් තුළ අත්තේ අව්‍යාජත්වයයි. සැඟවුණ අර්ථ දක්නට ලැබේ. සැඟවුණු අර්ථ වල මතුපිට ස්වරූපය වංචාකාරිය. සමාජ සෞන්දර්යය පදනම දෙස විමසිල්ලෙන් බැලීම සන්නිවේදනයේ අරමුණයි.


















Friday 24 June 2022

උද්දමනයට විසදුමක් ? 02

 


ආහාර මිල ඉහළ යාමෙන් දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ඇති අභියෝග

තිරසාර ජෛව ඉන්ධන (එතනෝල්ල ජෛව ඩීසල් සහ පුනර්ජනනීය ඩීසල්) ගොඩබිම් ප්‍රවාහනය සඳහා වැදගත් පොසිල ඉන්ධන ආදේශක වන අතර ශුද්ධ ශුන්‍ය තත්ත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ. ගෝලීය වශයෙන්, ඉරිඟු නිෂ්පාදනයෙන් සියයට 13 ක් සහ ගෝලීය උක් නිෂ්පාදනයෙන් සියයට 20 ක් එතනෝල් නිෂ්පාදනයට යන අතර ගෝලීය එළවළු තෙල් නිෂ්පාදනයෙන් සියයට 11 ක් ජෛව ඩීසල් සඳහා යොදා ගනී. රුසියානු සමූහාණ්ඩුව සහ යුක්රේනය මෙම භාණ්ඩවල ප්‍රධාන නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් වන බැවින් යුද්ධයල විශේෂයෙන් තිරිඟුල ඉරිඟු සහ එළවළු තෙල් වැනි අයිතම සඳහා ආහාර මිල ගණන් ඉහළ නංවා ඇත.

වර්ධනය වන ආහාර සහ බලශක්ති සුරක්ෂිතතා ගැටළු ජෛව ඉන්ධන සඳහා ආහාර භෝග භාවිතය පිළිබඳ ප්රශ්න මතු කරයි. උදාහරණයක් ලෙස ක්‍රොඒෂියාවල ෆින්ලන්තය සහ ස්වීඩනයල බලශක්ති මිල පීඩනය අඩු කිරීම සඳහා මෑතකදී ජෛව ඉන්ධන මිශ්‍ර කිරීමේ විධාන ලිහිල් කළේය. අනෙක් අතට, එක්සත් ජනපද පරිපාලනය අධ්‍යයනය කරමින් සිටින්නේ ජෛව ඉන්ධන මිශ්‍ර කිරීමේ වරම අත්හැරීමෙන් ධාන්‍ය මිල ඉහළ යාම පියවා ගත හැකි දැයි අධ්‍යයනය කරමින් සිටින අතරල ඒ අතරතුර ඉහළ ඉන්ධන පිරිවැය මැඩපැවැත්වීම සඳහා ගිම්හානයේදී ඉහළ ජෛව ඉන්ධන මිශ්‍ර පෙට්‍රල් ලබා ගැනීමේ හැකියාව දීර්ඝ කරයිග ඉහළ ආහාර මිල ගණන් පවතින වර්තමාන කාල පරිච්ඡේදය තුළ ජෛව ඉන්ධන භාවිතය අඩු වුවහොත් ගොඩබිම් ප්‍රවාහනයේ කාබන් තීව්‍රතාවය සැලකිය යුතු ලෙස වැඩි වනු ඇත. යුරෝපා සංගමය තුළල භාවිතා කරන ජෛව ඉන්ධනවල අනුපාතයෙහි ප්‍රතිශත ලක්ෂ්‍ය 0.4 කින් අඩු කිරීම මාර්ග ප්‍රවාහන ඉන්ධනවල විමෝචන තීව්‍රතාවය සියයට 0.6 කින් වැඩි වීමට හේතු විය හැක.

වාග පුරන්වීම

ඉහළ ආහාර මිල ගණන් කෘෂිකාර්මික පිළිවෙත් තීව්‍ර කිරීමට සහ කෘෂිකාර්මික කටයුතු පුරන් වූ හෝ වන වැස්ම යටතේ ඇති ඉඩම්වලට ව්‍යාප්ත කිරීමට ද හේතු විය හැක. නිදසුනක් වශයෙන්ල මාර්තු මාසයේදී යුරෝපීය නිලධාරීන් ගොවීන්ට ආහාර වගා කිරීමට සහ පුරන් ඉඩම්වල බෝග වැපිරීමට ඉඩ දීමට එකඟ විය. ඉඩම් පරිහරණය වෙනස් වීම GHG විමෝචනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමත් සමඟ (2019 දී මුළු ප්‍රමාණයෙන් සියයට 10 ක් පමණ) මෙවැනි බලපෑම් අඩුවෙමින් පවතින කාබන් අයවැයෙන් තවදුරටත් ලබා ගත හැකිය.

දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ජාතික සහ ගෝලීය සහයෝගය

COVID-19 වසංගතය අතරතුර G20 උත්තේජක වියදම් අවම කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ - සහ විමෝචනය අඩු කිරීමට දායක වේ - ඉටු වී නැතග වාහන විද්‍යුත්කරණය කිරීම, ගොඩනැගිලි වඩාත් බලශක්ති කාර්යක්ෂම කිරීම සහ පුනර්ජනනීය ද්‍රව්‍ය ස්ථාපනය කිරීම ඇතුළුව විමෝචනය අඩු කිරීම සඳහා මුළු උත්තේජක වියදම්වලින් සියයට 6ක් පමණ වැය විය. යුක්රේන ගැටුමට මුහුන දීල බලශක්ති සහ ආහාර සුරක්ෂිතතා ගැටළු ප්‍රතිපත්ති කතිකාවේ ආධිපත්‍යය දරයි. දේශගුණික විපර්යාස අභියෝග පසුපස ආසනයක් ගෙන ඇත. කෙසේ වෙතත්ල දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) හයවන තක්සේරු වාර්තාව අවධාරනය කළේල ව්‍යසනකාරී ගෝලීය උණුසුම වළක්වා ගැනීමට ලෝකයට කාලය අවසන් වී ඇති බවයි.

මහ බැංකුව මොකද කියන්නේ



දේශගුණික ක්‍රියාමාර්ග කෙටි කාලීනව බාධකවලට මුහුණ දිය හැකි නමුත්ල දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම සහ තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ලබා දීමේ ප්‍රයත්නයන් පුළුල් කිරීම ඉතා වැදගත් වේ. බලශක්ති decarburization සඳහා විශාල දේශපාලනික සහ පාර්ශවකරුවන්ගේ පෙළඹවීමක් බලශක්තියට සහ ජාතික ආරක්ෂාවට ඇති සම්බන්ධය හඳුනා ගැනීමෙන් මතු විය හැකිය. ඒ අතරම, යුක්රේනයේ ගැටුම බලශක්ති හා ආහාර සුරක්ෂිතතාවල දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය අතර ඇති සංකීර්ණ සබඳතා ඉස්මතු කරයිග එවැනි සංක්‍රාන්තියක පිරිවැය අවම කරමින් තිරසාරත්වය කරා සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්තිල ඉලක්කගත ආයෝජනල ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් මෙම සංකීර්ණතා විසඳීමට අර්බුදය නව සහ අද්විතීය අවස්ථාවක් ඉදිරිපත් කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI, 2013 = 100) වසරින් වසර (Y-0-Y) වෙනස මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2022 මාර්තු මාසයේ 18.7්‍% සිට 2022 අප්‍රේල් මාසයේදී 29ග8්‍ර දක්වා වැඩි වියග (Y-0-Y)  උද්ධමනයේ මෙම වැඩිවීම සිදු වියග ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මාසික වැඩිවීම් මගින්ග පසුවල ආහාර උද්ධමනය (Y-0-Y)  2022 මාර්තු මාසයේ 30.2්% සිට 2022 අප්‍රේල් මාසයේදී 46ග6්‍ර දක්වා ඉහළ ගිය අතරල ආහාර නොවන උද්ධමනය (Y-0-Y)  2022 මාර්තු මාසයේ 13.4්‍% සිට 2022 අප්‍රේල් මාසයේදී 22.0්‍% දක්වා වැඩි විය.

2022 අප්‍රේල් මාසයේදී CCPI හි මාසික වෙනස 9.25්‍%ක් ලෙස වාර්තා වූයේල ආහාර නොවන සහ ආහාර යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල පිළිවෙළින් 4.95්‍% සහ 4.31්% ලෙස නිරීක්ෂණය වූ මිල වැඩිවීම් හේතුවෙනිග ඒ අනුවල ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) අධ්‍යාපන (උපකාරක ගාස්තු) නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන (නිවාස කුලියල නඩත්තු කිරීම) යන ක්ෂේත්‍රවල දක්නට ලැබෙන මිල වැඩිවීම් හේතුවෙන් ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ඉහළ යාමක් වාර්තා විය. ප්‍රතිසංස්කරණය සහ ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩග තවද, ආහාර කාණ්ඩය තුළ, මාසය තුළ කිරිපිටිල සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවලවල මිල ගණන්වල ඉහළ යාමක් නිරීක්ෂණය විය.
(ශ්‍රි ලංකා මහ බැංකුව)

ඕනෑම දෙයක් අතිරික්තය සෞඛ්ය සම්පන්න නොවේ

 මෙම වැකිය උද්ධමනය පාලනය කිරීමේ අවශ්‍යතාවය නිවැරදිව විස්තර කරයි. රටක් උග්‍ර උද්ධමනයකට මුහුණ දෙන විටල ඉහළ පොලී අනුපාතිකයක් පවතින අතරල එම නිසා මිනිසුන්ට ආර්ථික හා වියදම් අධික ව්‍යාපෘති භාර ගැනීමට නොහැකි වන අතරල අවසානයේදී සමස්ත ජනතාවම උද්ධමනයෙන් පීඩා විඳිතිග මෙම සන්දර්භය තුළ මෙම තත්වයට තුඩු දෙන ප්‍රමුඛ සාධක මොනවාදල උද්ධමනය පාලනය කිරීමේ ක්‍රම මොනවාද සහ RBI හෝ ඉන්දීය රජය ඉන්දියාවේ උද්ධමන අනුපාතය පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න අපි ඉගෙන ගනිමු.


උද්ධමනය මැඩලීමට නම්

මුදල් ප්‍රතිපත්තිය හැකිලෙන මුදල් ප්‍රතිපත්තියක් මගින් උද්ධමනය පාලනය කිරීමේ එක් පොදු ක්‍රමයකි. හැකිලීමේ ප්‍රතිපත්තියක් මගින් බැඳුම්කරවල මිල පහත හෙළීම සහ පොලී අනුපාත ඉහළ යාම මගින් ආර්ථිකයක් තුළ මුදල් සැපයුම අඩු කිරීම අරමුණු කරයි. මේ අනුවල පරිභෝජනය පහත වැටේල මිල පහත වැටේ සහ උද්ධමනය මන්දගාමී වේග හැකිලීමේ මුදල් ප්‍රතිපත්තිය උද්ධමනය කළමනාකරණය කිරීමේ එක් පොදු ක්‍රමයකිග හැකිලීමේ ප්‍රතිපත්තියක් මගින් බැඳුම්කරවල මිල පහත හෙළීම සහ පොලී අනුපාත ඉහළ යාම මගින් ආර්ථිකයක් තුළ මුදල් සැපයුම අඩු කිරීම අරමුණු කරයිග මේ අනුවල පරිභෝජනය පහත වැටේල මිල පහත වැටීම සහ උද්ධමනය මන්දගාමී වේග උද්ධමනය පාලනය කිරීමේ ක්‍රම මහ බැංකුව සහරැහෝ රජය සාමාන්‍යයෙන් උද්ධමනය නිරීක්ෂණය කරයිග මුදල් ප්‍රතිපත්තිය යනු භාවිතා කරන ප්‍රධාන ප්‍රතිපත්තියයි (පොලී අනුපාත වෙනස් කිරීම) කෙසේ වෙතත්ල න්‍යායාත්මකව උද්ධමනය කළමනාකරණය කිරීම සඳහා උපකරණ කිහිපයක් ඇතල ඒවා ඇතුළුවථ මුදල් ප්‍රතිපත්තියථ ඉහළ පොලී අනුපාත ආර්ථිකයේ ඉල්ලුම අඩු කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ආර්ථික වර්ධනයක් සහ උද්ධමනය අඩු වේග මුදල් සැපයුම් කළමනාකරණය කියා සිටින්නේ මුදල් සැපයුම සහ උද්ධමනය අතර ආසන්න සහසම්බන්ධයක් පවතින බවයි. මුදල් සැපයුම නියාමනය කිරීම මගින් උද්ධමනය නියාමනය කළ හැකගසැපයුම් පාර්ශ්ව ප්‍රතිපත්ති යනු ආර්ථිකයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සැලසුම් කර ඇති ප්‍රතිපත්ති වේල දිගුකාලීන වියදම් මත පහළට පීඩනයක් ඇති කරයිග මූල්‍ය ප්‍රතිපත්තියථ ඉහළ ආදායම් බදු අනුපාතයකින් වියදම්ල ඉල්ලුම සහ අඩු කළ හැකග රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හරහා උද්ධමන පීඩනග මිල සීමාවන් ප්‍රතිපත්තිමය වශයෙන්ල වැටුප් නියාමනය කිරීමට උත්සාහ කිරීමෙන් උද්ධමන පීඩනය සමනය කිරීමට උපකාරී වේග කෙසේ වෙතත්ල 1970 ගණන්වල හැරල එය ඉතා කලාතුරකින් භාවිතා විය.
උද්ධමනය පිරික්සීමට ඇති ක්‍රියාමාර්ග මොනවාද? උද්ධමනය යනු භාණ්ඩ හා සේවා සඳහා මිල ඉහළ යාම සඳහා වසරින් වසර භාවිතා කරන ආර්ථික සංසිද්ධියකිග මෙය පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීමට හේතු වූයේ වැටුප් හා ආදායම් වර්ධන අනුපාතය උද්ධමන අනුපාතයට නොගැලපෙන බැවිනිග කෙසේ වෙතත් උද්ධමන කළමනාකරණය පහසු මෙහෙයුමක් නොවේග සමස්ථ ඉල්ලුමල මුදල් සැපයුම වැඩි වීම යනාදී කරුණු කිහිපයක් නිසා මිල ඉහළ යාමට හේතු වේග උද්ධමනය පාලනය කිරීමට අපට එකට වැඩ කිරීමේ පියවර රාශියක් අවශ්‍ය වේග උද්ධමනය පාලනය කිරීමට රාජ්‍ය වියදම්ල රාජ්‍ය ණය ගැනීම් සහ බදු රාජ්‍ය වියදම්ල රාජ්‍ය ණය ගැනීම් සහ බදු ඇතුළත් වේග උද්ධමනය මර්දනය කිරීමටග කේන්සියානු ආර්ථික විද්‍යාඥයන් බොහෝ විට ,ෆිස්කල්, ලෙස හඳුන්වනු ලබන අතරල සමස්ථ සැපයුමට වඩා සමස්ථ ඉල්ලුම අතිරික්තයක් හේතුවෙන් ඉල්ලුම-අදින්න උද්ධමනය ඇති වන බව තර්ක කරතිග පුද්ගලයන්ල සමාගම් සහ රජය විසින් වියදම් කිරීම හේතුවෙන්ල සමස්ත ඉල්ලුම ඉහල යයි (සාමාන්‍යයෙන් රජය විසින් කරන අධික වියදම්) රජයේ හෝ ගෘහ වියදම් හේතුවෙන් මෙම ඉල්ලුම ඉහළ යාම මූල්‍ය ප්‍රතිපත්ති මගින් ඵලදායී ලෙස නියාමනය කළ හැකග මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය මූලාරම්භයන් ඉල්ලුම-ඇදීම උද්ධමනය කළමනාකරණයේ ඵලදායී ආයුධ වේගඉල්ලුම්-ඇදීමේ උද්ධමනය පිටුපස ඇති ප්‍රධාන ප්‍රේරකය රජයේ වියදම් නම්, රාජ්‍ය වියදම් අඩු කිරීමෙන් එය නියාමනය කළ හැකග පුද්ගලික ආදායම් සහ පරිභෝජන වියදම් අඩුවීමත් සමඟ රාජ්‍ය වියදම් පහත වැටීමත් සමඟ භාණ්ඩ හා සේවා සඳහා වන මහජන ඉල්ලුම පහත වැටේග පුද්ගලික වියදම් ඉහළ යාම හේතුවෙන් ඉල්ලුම වැඩි වන අවස්ථා වලදීල උද්ධමනය කළමනාකරණය කිරීමේ වඩාත් ඵලදායී මාර්ගය වන්නේ ලාභ මත බදු පැනවීමයිග පුද්ගලික ආදායම් බදු පැනවීම ප්‍රශ්නගත ඉවත දැමිය හැකි ආදායම අඩු කරන අතර පාරිභෝගික වියදම් ද අඩු කරයිග මෙය සමස්ථ ඉල්ලුම අඩු කිරීමේ බලපෑමක් ඇති කරයි. ඉතා ඉහල නොනැසී පවතින උද්ධමන අනුපාතිකයක දීල උද්ධමනය පාලනය කිරීම සඳහා රජය විසින් එවැනි පියවර දෙකම එකවර ගත හැකියග රාජ්‍ය වියදම් අඩුවීමකදී ඉල්ලුම පාලනය කර ගැනීම සඳහා පුද්ගලික ආදායම මත බදු අනුපාතය වැඩි කරනු ලැබේග මෙම පියවර දෙකම සමගාමීව භාවිතා කිරීමේ මෙම ප්‍රතිපත්තිය "අතිරික්ත අයවැය ප්‍රතිපත්තිය" ලෙස හැඳින්වේල එහි සඳහන් වන්නේ ,රජය බදු ආදායමට වඩා අඩුවෙන් වියදම් කළ යුතු, බවයි.

උද්ධමනය පාලනය කිරීමට මුදල් පියවර මුදල්වලින් ලැබෙන ආදායම අඩු කිරීම සඳහා මුදල් මැදිහත්වීම් ඉලක්ක කර ඇතග (අ) ණය කළමනාකරණයථ මුදල් ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය මූල්‍ය මැදිහත්වීම්වලින් එකකිග ණය ප්‍රමාණය සහ ගුණාත්මකභාවය නියාමනය කිරීම සඳහා රටේ මහ බැංකුව විසින් විවිධ උපාය මාර්ග භාවිතා කරයි. ඒ සඳහා. බැංකු අනුපාත ඉහළ නංවාල සුරැකුම්පත් විවෘත වෙළෙඳපොළේ විකුණනු ලැබේ. සංචිත අනුපාතය ඉහළ නංවාල ආන්තික සීමාවන් ඉහළ නැංවීම සහ පාරිභෝගික ණය පාලනය කිරීම වැනි තෝරාගත් ණය කළමනාකරණ පියවර ගණනාවක් ගනු ලැබේග උද්ධමනය පිරිවැය තල්ලු විචල්‍යයන් නිසා සිදුවන විටල උද්ධමනය කළමනාකරණය කිරීමේදී මුදල් ප්‍රතිපත්තිය ඵලදායී නොවේග ඉල්ලුම-ඇදීම විචල්‍යයන් හේතුවෙන්ල මුදල් ප්‍රතිපත්තිය ඵලදායී විය හැක්කේ උද්ධමනය කළමනාකරණයට පමණි. (ආ) මුදල් අවභාවිතය මුදල් පියවරවලින් එකක් වන්නේ ඉහළ වටිනාකම් සහිත මුදල් අයකිරීමයිග එවැනි පියවරක් සාමාන්‍යයෙන් ගනු ලබන්නේ රටේ කළු මුදල් අතිරික්තයක් ඇති විටය. (ඇ) නව මුදල් නිකුත් කිරීම පැරණි මුදල් ඒකකය වෙනුවට නව මුදල් ඒකකයක් පිළිබඳ ගැටලුව වඩාත් දරුණු මූල්‍ය පියවර වේ. මෙම ක්‍රියාවලිය යටතේ පැරණි මුදල් නෝට්ටු කිහිපයක් සඳහා නව නෝට්ටුවක් හුවමාරු වේ. එලෙසම, බැංකු තැන්පතු වල වටිනාකම ද ඒ අනුව සකසා ඇත. එවැනි පියවරක් හඳුන්වා දෙනු ලබන්නේ නෝට්ටු නිකුත් කිරීම අධික වන විට සහ කලාපයේ අධි උද්ධමනය සිදුවන විටය. එය ඉතා සාර්ථක පියවරකි.

චලනි කරුණාතිලක


මොකක්ද මේ උද්දමනය - 01

මොකක්ද මේ උද්දමනය 



කිසියම් කාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින්වේ. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වේනස් වේ. දියුනු රටවල උද්ධමනය 2්‍% 3්% මට්ටමක පවති. ඵය සාමාන්‍යය තත්වයකි. නමුත් ඵය 8්% 9්‍% පවති, නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයකි.

ලෝක ආර්ථික තත්ත්වය හමුවේ යුක්රේන් යුද්ධය සහ වසංගත තත්ත්වය

යුක්රේනයේ යුද්ධය මධ්‍යයේ ගෝලීය වර්ධන අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස දුර්වල වී ඇත. 2022 මැද භාගය වන විට ලෝක ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් අනතුරු අඟවන්නේ ගෝලීය ආර්ථිකය වසංගතයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතරම නව අර්බුදයක් නිර්මාණය විය හැකි බවයි.

 යුක්රේනයේ යුද්ධය යුරෝපයේ විනාශකාරී මානුෂීය අර්බුදයක් අවුලුවාලීමට සමත්ව ඇත.

ආහාර හා භාණ්ඩ මිල ඉහල දැමීම.

ගෝලීය වශයෙන් වර්ධනය මන්දගාමී වීම සහ ලොව පුරා උද්ධමන පීඩන උග්‍ර කිරීම.

මේ වන විටත් බිඳෙනසුලු ගෝලීය ප්‍රකෘතිය ඉහල නංවා ඇත. භූ දේශපාලනික සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් ව්‍යාපාරික විශ්වාසය හා ආයෝජන හීන කරන අතර කෙටි කාලීන ආර්ථික අපේක්ෂාවන් තවදුරටත් දුර්වල කරයි.

ඉහත පසුබිමට එරෙහිවල ලෝක ආර්ථිකය දැන් 2022 සහ 2023 දී සියයට 3.1 කින් පමණක් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

අපගේ මූලික පදනම ඉදිරි දැක්ම යුක්රේනයේ යුද්ධය තවදුරටත් තීව්‍ර කිරීම, වසංගතයේ නව රැල්ල සහ සංවර්ධිත රටේ මහ බැංකු විසින් බලාපොරොත්තු වූවාට වඩා වේගවත් මුදල් දැඩි කිරීම වැනි විශාල අවාසි සහගත අවදානමකට මුහුන දෙයි.

වර්ධන අපේක්ෂාවන්හි පහත වැටීම් පුළුල් පදනමක් ඇතග ඉහළ උද්ධමන පීඩනල ෆෙඩරල් සංචිතයේ ආක්‍රමණශීලී මුදල් දැඩි කිරීම සහ ශුද්ධ අපනයන මත බර පටවන ශක්තිමත් එක්සත් ජනපද ඩොලරයක් හේතුවෙන් එක්සත් ජනපදයේ වර්ධනය 2022 දී සියයට 2.6 දක්වා අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇතග චීනයේ,GPD වර්ධන අපේක්ෂාවන්ට අහිතකර ලෙස බලපාන දැඩි ශුන්‍ය COVID-19 ප්‍රතිපත්ති සමඟින්ල දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.5 කින් ප්‍රසාරණය වනු ඇතැයි පුරෝකථනය කර ඇතග මේ අතරල යුරෝපීය සංගමයේ ආර්ථිකයට සුවිශේෂී ලෙස විශාල හානියක් ඇතථ එහි දළ දේශීය නිෂ්පාදිතය 2022 දී සියයට 2.7 කින් ප්‍රසාරණය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ජනවාරි මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා සියයට 1.2 ක් අඩු .
පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍යයන් සහ ජෝර්ජියාව සඳහා වන ආර්ථික අපේක්ෂාවන් ද තියුනු ලෙස පහත වැටී ඇතග රුසියානු සමූහාණ්ඩුවේ ආර්ථිකය 2022 දී සියයට 10 කින් පමණ හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර ඇතග යටිතල පහසුකම්වල දැවැන්ත විනාශයල ජනගහන අවතැන්වීම් සහ ආර්ථික ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීම මධ්‍යයේල යුක්‍රේන ආර්ථිකය 2022 දී සියයට 30 සිට 50 දක්වා හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.

2022 දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.1 කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ජනවාරි මාසයේ දී පුරෝකථනය කරන ලද ප්‍රතිශත අගයට වඩා සියයට 0.4 කින් අඩු වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල ඉදිරි දැක්ම ද පිරිහී ඇත. ඉහළ බලශක්ති සහ ආහාර මිල ගණන්ල උද්ධමන පීඩනය ඉහළ යන හේතු මත එක්සත් ජනපදයේල යුරෝපා සංගමයේ සහ චීනයේ වර්ධනය මන්දගාමී වීම ඔවුන්ගේ වර්ධන අපේක්ෂාවන් දුර්වල කරයිග එක්සත් ජනපදයේ මුදල් දැඩි කිරීම ඔවුන්ගේ ණය ගැනීමේ පිරිවැය තියුනු ලෙස වැඩි කරනු ඇත. අඩුම සංවර්ධිත රටවල් කිහිපයක් ඇතුළුව - වර්ධනය වෙමින් පවතින රටවල් සංඛ්‍යාවක් - ඉහළ මට්ටමේ ණය පීඩාවන් මධ්‍යයේ එකතැන පල්වෙන වර්ධන අපේක්ෂාවන්ට සහ තිරසාර සංවර්ධනය

සඳහා ඉහළ යන අවදානම් වලට මුහුණ දෙයිග විශේෂයෙන් අප්‍රිකාවේ සහ බටහිර ආසියාවේ නරක අතට හැරෙන ආහාර අනාරක්ෂිත භාවය මගින් සෘණාත්මක දැක්ම සංකීර්ණ වේ.

COVID-19 හි බලපෑම

අඩු එන්නත් අනුපාත නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් නව COVID-19 ආසාදනවලට ගොදුරු වේ. 2022 අප්‍රේල් මාසය අවසන් වන විටල සංවර්ධිත රටවල පුද්ගලයින් 100 දෙනෙකුට මාත්‍රාව 190.8 ක් වූ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල 143.5 ක් සහ අප්‍රිකාවේ 35.5 ක් පමණි.

තෙල් හා ආහාර ප්‍රශ්ණයට හේතු

යුක්රේනයේ යුද්ධය සහ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි සම්බාධකල සැපයුම් පාර්ශවයේ කම්පන උග්‍ර කරමින් භාණ්ඩ වෙලඳපොලවල් අවුල් කර ඇත. 2022 දීල ගෝලීය වෙළඳ වර්ධනය 2021 දී ශක්තිමත් ප්‍රබෝධයකින් පසු කැපී පෙනෙන ලෙස මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ගැටුම බොරතෙල්ල ස්වාභාවික වායු, ධාන්‍ය, පොහොර සහ ලෝහ අපනයන සෘජුවම කඩාකප්පල් කරල බලශක්තිල ආහාර සහ භාණ්ඩ මිල ඉහළ නංවා ඇතග රුසියානු සමූහාණ්ඩුව සහ යුක්රේනය කෘෂිකාර්මික භාණ්ඩවල ප්‍රධාන සැපයුම්කරුවන් වන අතර, ගෝලීය තිරිඟු අපනයනයෙන් සියයට 25 ක්ල ඉරිඟු අපනයනයෙන් සියයට 16 ක් සහ සූරියකාන්ත තෙල් අපනයනයෙන් සියයට 56 ක් වේ.

ලෝක ආර්ථිකය සැලකිය යුතු උද්ධමන පීඩනය



ලෝක ආර්ථිකය සැලකිය යුතු උද්ධමන පීඩනයකට මුහුන දී සිටීග ගෝලීය උද්ධමනය 2022 දී සියයට 6.7 දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත, එය 2010-2020 කාලය තුළ වාර්තා වූ සියයට 2.9 ක සාමාන්‍යය මෙන් දෙගුණයක් වේ. එක්සත් ජනපදයේ මූලික උද්ධමනය දශක හතරකින් ඉහළම මට්ටමට පැමිණ තිබේග සංවර්ධනය වෙමින් පවතින කලාපවලල බටහිර ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ උද්ධමනය ඉහළ යමින් පවතී. බොහෝ ආර්ථිකයන්හි ද මූලික උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් පිළිබිඹු වන පරිදි, ඉහළ යන ආහාර සහ බලශක්ති මිල ගණන් ආර්ථිකයේ සෙසු කොටස් කෙරෙහි බලපෑම් ඇති කරයි.


අඩු ආදායම්ලාභී කුටුම්භයන්ට බලපෑම

ඉහළ යන උද්ධමනය ආහාර ද්‍රව්‍ය සඳහා තම ආදායමෙන් විශාල කොටසක් වැය කරන අඩු ආදායම්ලාභී කුටුම්භයන්ට අසමානුපාතිකව බලපාන බැවින් ඇතුළත් ප්‍රකෘතියකට අමතර අභියෝගයක් එල්ල කරයි. දරිද්‍රතාවය වැඩි වශයෙන් පවතින, වැටුප් වර්ධනය සීමා සහිත, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට තෙල් සහ ආහාර මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා මූල්‍ය ආධාර ක්‍රියාමාර්ග වඩාත් සීමිත වන සංවර්ධනය වෙමින් පවතින රටවල සැබෑ ආදායමේ පහත වැටීම විශේෂයෙන් ප්‍රකාශ වේග ආහාර උද්ධමනය ඉහළ යාම ආහාර අනාරක්ෂිත භාවය නරක අතට හැරෙමින් පවතින අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් තවමත් වසංගතයෙන් ආර්ථික කම්පන සමඟ පොරබදමින් සිටින බැවින් බොහෝ දෙනෙකු දරිද්‍රතා රේඛාවෙන් පහළට තල්ලු කරයි.

ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම් කෙරෙහි යුක්රේනයේ යුද්ධය

COVID -19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් 2020 පළමු භාගයේ තාවකාලික පහත වැටීමකින් පසු ඔවුන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාව නැවත ආරම්භ කර ඇති අතර, ගෝලීය CO2 විමෝචනය සර්වකාලීන ඉහළ මට්ටමක පවතින අවස්ථාවක යුක්රේනයේ යුද්ධය දිග හැරේ. 2019 දී මුළු හරිතාගාර වායු (GHG)ඨ්විමෝචනය කාබන් ඩයොක්සයිඩ් සමාන (GtCO2-eq) ඒකක ගිගා ටොන් 59 ක් පමණ ළඟා විය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 1.50ක්‍ දක්වා සීමා කිරීමේ සියයට 50ක සම්භාවිතාවකට අනුරූප වන ඉතිරි කාබන් අයවැය (GtCO2-eq) ඒකක 500ක් ලෙස තක්සේරු කර ඇති අතරල කෙටිකාලීන විමෝචන වැඩි වීම වඩාත් ගැටලුකාරී වේග විමෝචනය වැඩි වීමට ඉඩ ඇතල උදාහරණයක් ලෙසල බලශක්ති නිෂ්පාදනයේදී ගල් අඟුරු සමඟ ස්වාභාවික වායු - සාපේක්ෂව පිරිසිදු පොසිල ඉන්ධන - ශුද්ධ ආදේශ කිරීමක් තිබේ නම්, 

කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජෛව ඉන්ධන භාවිතය අඩු කිරීම හෝ ඉඩම් එළිපෙහෙළි කිරීම සඳහා ආහාර මිල වැඩි වුවහොත්ත හෝ මිලිටරි වියදම්, සාමාන්යයෙන් විශාල GHG පියසටහන් සමඟ සම්බන්ධ වී නම්, සැලකිය යුතු ලෙස වැඩි වේ.

මධ්‍ය කාලීන සිට දිගු කාලීනවල GHG විමෝචනය පිළිබඳ ඉදිරි දැක්ම සාධක කිහිපයක් මත රඳා පවතී. බලශක්ති වෙලඳපොලවල තිරසාර මිල ඉහළ යාම පුනර්ජනනීය හා වඩා කාර්යක්ෂම විකල්ප භාවිතා කිරීම වේගවත් කළ හැකි නමුත්ල අමතර අතරමං වූ වත්කම් ඇති කරන ෆොසිල ඉන්ධන සඳහා ආයෝජනය වේගවත් කිරීම සඳහා ලාභය උපරිම කිරීමට උත්සාහ කරන තෙල් හා ගෑස් සමාගම් දිරිමත් කළ හැකිය. අනෙක් අතටල බැටරි නිෂ්පාදනයේ පිරිවැය වැඩිවීම හෝ සැපයුම් දාම ගැටළු විදුළි වාහන සඳහා ඇති ඉල්ලුම අඩාල කළ හැකිය.

යුක්රේනයේ යුද්ධය ගෝලීය බලශක්ති භූ දර්ශනය නැවත සකස් කරයි

යුක්රේනයේ යුද්ධය සහ රුසියානු සමූහාණ්ඩුව මත පනවා ඇති පුළුල් පරාසයක ආර්ථික සම්බාධක ගෝලීය බලශක්ති භූ දර්ශනය මූලික වශයෙන් නැවත සකස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේග ගැටුම ලොව පුරා බලශක්ති වෙලඳපොලවල් කඩාකප්පල් කර ඇති අතර බලශක්ති ආරක්ෂණ ගැටළු පෙරට ගෙන ඇතග බලශක්ති මිල ඉහළ යාමේ බලපෑමෙන් කුටුම්භ සහ ව්‍යාපාර ආරක්ෂා කිරීමට ලොව පුරා රජයන් පියවර ගෙන ඇතග අඩු ආදායම්ලාභී කුටුම්භ සඳහා සෘජු ආදායම් සහායට අමතරවල මෙම පියවරයන්ට බලශක්ති පරිභෝජනය මත අගය එකතු කළ බදු කපා හැරීමල බලශක්ති මිල සීමා කිරීම්ල ඉන්ධන වට්ටම් සහ පිරිවැය සහනාධාර ඇතුළත් වේග උදාහරණයක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤයල යුරෝ බිලියන 80 ක ඒකාබද්ධ වටිනාකමකින් යුත් බලශක්ති ආධාරක පියවරයන් නිවේදනය කර ඇතග කෘතිමව අඩු බලශක්ති මිල ගණන් අඩු බලශක්ති පරිභෝජනය සඳහා කුටුම්භ සහ ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් විකෘති කරයි. මීට අමතරවල දුර්වල ලෙස ඉලක්ක කර ඇති බලශක්ති සහනාධාර හිඟ අයවැය සම්පත් වලට බාධා කළ හැකි අතර දේශපාලනිකව ආපසු හැරවීමට අපහසු වේ.

ඉහළ යන මිල ගණන් වලට ප්‍රතිචාර වශයෙන්ල බොහෝ රටවල් දේශීය බලශක්ති සැපයුම් පුළුල් කිරීමට බලාපොරොත්තු වේග කෙටිකාලීනවල මෙම උත්සාහයන් ෆොසිල ඉන්ධන නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වනු ඇත. ලෝකයේ විශාලතම තෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදකයා වන එක්සත් ජනපදයේ, ඉහළ මිල ගණන් සහ වැඩෙන බලශක්ති ආරක්ෂණ ගැටළු කැණීම් කටයුතුවල වැඩි වීමක් පොළඹවා ඇත. අප්‍රේල් මැද භාගයේදීල සක්‍රීය තෙල් ළිං සංඛ්‍යාව මනින එක්සත් ජනපද රිග් ගණන වසරකට පෙරට වඩා සියයට 58කින් වැඩි විය. මේ අතරල බලශක්ති මිල පහත හෙලීම සඳහා එක්සත් ජනපද ආන්ඩුව සිය උපාය මාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් ඉදිරි මාස හය සඳහා දිනකට බොර තෙල් බැරල් මිලියන 1 ක් නිකුත් කරන බව නිවේදනය කර ඇත.


ගෑස්වලට මොකද වෙන්නේ 

යුරෝපයේල බලශක්ති මිල ඉහල යාම මධ්‍යයේ භූ දේශපාලනික සහ බලශක්ති ආරක්ෂණ උත්සුකයන් දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලට ගොස් ඇතග යුද්ධය බොහෝ ආන්ඩු ඔවුන්ගේ බලශක්ති ප්‍රතිපත්ති සහ රුසියානු සමූහාණ්ඩුව මත බලශක්ති යැපීම නැවත සලකා බැලීමට හේතු වී තිබේග 2020 දී රුසියානු සමූහාණ්ඩුව යුරෝපීය සංගමයේ ස්වාභාවික ගෑස් ආනයනයෙන් සියයට 41 ක්ල තෙල් ආනයනයෙන් සියයට 37 ක් සහ දෘඩ ගල් අඟුරු ආනයනයෙන් සියයට 19 ක් පමණ විය. 2022 අවසානය වන විට න්‍යෂ්ටික බලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නියමිත ජර්මනියටල 2020 දී මුළු ගෑස් ආනයනයෙන් සියයට 65ක් රුසියානු ගෑස් සතු වියග විකල්ප විධිවිධානයකින් තොරව රුසියානු සමූහාණ්ඩුවෙන් ගෑස් සැපයුම ක්ෂණිකව කපා හැරීම දරුණු ප්‍රතිවිපාක ඇති කරයිග ජර්මනිය වැනි රටවල ගැඹුරු අවපාතයක් ඇති කළ හැකිය.

රුසියානු ගෑස් ආනයනය ඉවත් කිරීම හෝ අඩු කිරීම සඳහා පියවරක් ආර්ථික කඩාකප්පල් කිරීම අවම කිරීම සඳහා විකල්ප සඳහා පොරකෑමක් වනු ඇත. මධ්‍ය කාලීනව යුරෝපා සංගමයට වෙනත් බලශක්ති අපනයනකරුවන් වෙත හැරවිය හැකිය. කෙසේ වෙතත්ල මෙයටල නල මාර්ගල ගබඩා පර්යන්ත සහ ටැංකි වල යටිතල පහසුකම් කඩිනමින් විසඳීමට යුරෝපා සංගමයට අවශ්‍ය වනු ඇත. සියලුම ෆොසිල ඉන්ධන වලින් අවම වශයෙන් දූෂණය කරන ස්වභාවික ගෑස් ආනයනය තෙල් සහ ගල් අඟුරු මගින් අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කළ හැකියග යුරෝපය තුළ රුසියානු තෙල් සහ ස්වභාවික වායු මත යැපීම අඩු කිරීමේ මාර්ගයක් ලෙස න්‍යෂ්ටික බලය කෙරෙහි නව උනන්දුවක් ද පවතීග රුසියානු සමූහාණ්ඩුව නැගෙනහිර සහ දකුණු ආසියාවේ ෆොසිල ඉන්ධන සඳහා නව වෙළඳපොළක් සොයා ගනු ඇති අතරල එහි තෙල් හා ගෑස් අපනයනය අපිරිසිදු ෆොසිල ඉන්ධනය වන ගල් අඟුරු වෙනුවට ආදේශ කළ හැකිය. නැගෙනහිර සහ දකුණු ආසියාවේ ගල් අඟුරු බලශක්ති මිශ්‍රණයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

ඉහළ බලශක්ති මිල ගණන් ද පුනර්ජනනීය හා බලශක්ති කාර්යක්ෂමතාව සඳහා ආයෝජන ඉහළ නංවනු ඇත. ෆොසිල ඉන්ධන වලින් ඉවත් වීමට සහාය විය හැකිය. බොහෝ රටවල සූර්ය බලශක්තිය දැනටමත් ලාභම නව විදුලිය බවට පත්ව ඇත. මෑත වාර්තාවකට අනුවල 2020 දී එකතු කරන ලද මුළු පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් සියයට 62 ක් ලාභම නව ෆොසිල ඉන්ධන විකල්පයට වඩා අඩු පිරිවැයක් දැරීයග වෙරළ සහ මුහුදේ සුළං සහ සූර්ය බලය සංකේන්ද්‍රණය කිරීම වැනි අනෙකුත් පුනර්ජනනීය ද්‍රව්‍ය සඳහා වන ඒකක පිරිවැය ද පොසිල ඉන්ධන පිරිවැයට වඩා අඩුයග කෙසේ වෙතත්, ඉහළ පොසිල ඉන්ධන මිල ගණන්වල පූර්ව කාල පරිච්ඡේදල කෙසේ වෙතත්ල ප්‍රධාන තෙල් හා ගෑස් නිෂ්පාදකයින් පොසිල ඉන්ධන යටිතල පහසුකම් සඳහා ආයෝජනය වේගවත් කිරීමට හේතු වියග මේ අවස්ථාවේ සමාන ප්‍රතිචාර - කෙටි කාලීන ප්‍රතිපත්ති පියවර ඇතුළුව - ලෝකය ඉහළ කාබන් අනාගතයකට අගුළු දැමිය හැකිය. නමුත් පුනර්ජනනීය ද්‍රව්‍යවල මිල අඛණ්ඩව පහත වැටීම සහ දේශගුණික ක්‍රියාමාර්ග සඳහා බහු පාර්ශ්වකරුවන්ගේ කැපවීම් අතරමං වූ වත්කම්වල අවදානම වැඩි කරන බැවින්ල බලශක්ති සහ මූල්‍ය සමාගම් නව ෆොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට දැන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැත.

විභව ඛනිජ හිඟතා මධ්‍යයේ වාහන විද්‍යුත්කරණයට ඇති අභියෝග

යුක්රේනයේ යුද්ධය පුනර්ජනනීය ද්‍රව්‍යවල මිල කෙරෙහි ඇති විය හැකි බලපෑම් සමඟ ලෝහ සඳහා ගෝලීය වෙලඳපොලවල් ද සොලවා ඇත. උදාහරණයක් ලෙස සාමාන්‍ය විදුලි කාර් බැටරියක නිකල් රාත්තල් 80ක් පමණ අඩංගු වේග රුසියානු සමූහාණ්ඩුව ලෝකයේ ඉහළ ශ්‍රේණියේ නිකල් වලින් සියයට 20 ක් සකසන බැවින් නිකල් මිල පසුගිය වසරට සාපේක්ෂව සියයට 50 කින් පමණ වැඩි වී ඇත. ඉහළ ලාභ අපේක්ෂාවන් ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ වැසි වනාන්තර ඇතුළු පරිසර දූෂණය සහ පරිසර විනාශකාරී තීරු පතල් කැණීම් වලින් අතිරේක නිකල් නිෂ්පාදනය දිරිමත් කරනු ඇති බැවින් ඉහළ නිකල් මිල ද අහිතකර පාරිසරික බලපෑම් ඇති කළ හැකියග සමස්තයක් වශයෙන්ල පසුගිය වසරට සාපේක්ෂව EV බැටරි ලෝහ කූඩයක මිල සියයට 64 කින් ඉහළ ගොස් ඇති අතරල එමඟින් ෑඪ එකක අවසාන මිල ඩොලර් 2,000 දක්වා ඉහළ නැංවිය හැකි අතර EV අලෙවිය මන්දගාමී විය හැකියග වසංගත ආශ්‍රිත සැපයුම් දාම ගැටලු මත අත්‍යාවශ්‍ය ලෝහවල මිල කම්පනවලට EV වල ඇති අවදානම මෙයින් හෙළිදරව් කර ඇත.



Saturday 18 June 2022

පර්යේෂණවල දී සාහිත්‍යය විමර්ශනය අධ්‍යයනය කිරීමේ වැඳගත්කම


පුර්ව අධ්‍යයන විමර්ශනය / සාහිත්‍යය විමර්ශනය 

සාහිත්‍ය විමර්ශනය පර්යේෂණ යෝජනාවලියක ඇති වැඳගත්ම අංගයකි. සාහිත්‍යය විමර්ශනය යන්නෙන් අඳහස් කරන්නේ, අධ්‍යයනයට භාජනය කරන තේමාවට නැතහොත් ගැටලුවට සම්බන්ධව පවත්නා ශාස්ත්‍රිය ඥානය, විචාරාත්මක ඇස්තමේන්තුවකට ලක් කිරීමයි. එය පවතින ශාස්ත්‍රිය සාහිත්‍යය, අදාළ න්‍යාය, සංකල්ප, විග්‍රහ, තොරතුරු, නිගමන යනාදිය සමඟ විචාරාත්මක සංවාදයට එළඹීමට පර්යේෂකයාට අවකාශ සපයයි. පර්යේෂණ යෝජනාවලිය ලියන අවස්ථාවේ දී සකස් කරන හරවත් සාහිත්‍යය විමර්ශනයක් නිබන්ධනය ලියන අවස්ථාවේදී ද ප්‍රයෝජනවත්ය. 

යෝජිත පර්යේෂණය මඟින්, පර්යේෂණයට ලක් කෙරෙන කේෂ්ත්‍රය හා සම්බන්ධ ව, සංක්ෂිප්ත විමර්ශනයක් සැළැස්මේ මෙම පියවරෙහි ඇතුළත් කළ යුතු වේ. එමඟින් මීට පෙර මෙම ගැටලුවට අදාළ ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදු කරන ලද, ප්‍රමුඛ ඒවායින් තම පර්යේෂණයේ යුක්ති යුක්තභාවය තහවුරු කළ යුතු වේ. එහිදී තමන් අවධානයට ලක් කිරීමට යෝජිත ක්ෂේත්‍රය, මෙන් ම පුර්ව අධ්‍යයනවලට මඟ හැරී ඇති අන්දම, මෙන්ම පුර්ව අධ්‍යයනවල අන්තර්ගතය, පර්යේෂයකයින්ගේ නම්, අදාළ පර්යේෂණ කෘති/පර්යේෂණ වාර්තා ලිපි, ආදිය ඇතුළත් මුලාශ්‍ර දත්ත උපුටා දක්වමින්, සම්පිණ්ඩිත ව මෙම පියවර ලිවිය යුතයු . 

සාහිත්‍යය විමර්ශනය තුළින් ගැටලුව හදුනා ගැනීමට මෙන්ම පර්යේෂණ ක්‍රමවේදය සකස් කර ගැනීමට ද පහසුවක් වේ. සාහිත්‍යය විමර්ශනයේ දී අංශ 4ක් යටතේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ජාතික අධ්‍යාපන 

හා පර්යේෂණ හා ඇඟයීමේ මධ්‍යස්ථානය පෙන්වා දේ. 

සාමන්‍ය සාහිත්‍ය 

පෙර සාහිත්‍ය අනාවරණ  

යෝජිත අධ්‍යයනයට සමාන වු සුවිශේෂි අධ්‍යයනය 

ක්‍රමවේදය හා සම්බන්ධ හා සාහිත්‍යය (භෑඍෑක්‍ල 2000) 

සාහිත්‍යය විමර්ශනය යනු සාහිත්‍ය මුලාශ්‍ර විස්තර කිරීම නොවේ. යෝජිත පර්යේෂණය සඳහා පෙර අනාවරණයක් කොතෙක් දුරට වැඳගත් වේ දැයි හේතු සහිතව විග්‍රහ කිරීමයි. 

සාහිත්‍ය විමර්ශණයේ දී න්‍යායාත්මක විමර්ශනය හා අනුභාවික යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ විස්තර කළ හැකිය. 

 සාහිත්‍යය විමර්ශනයකදී වැඳගත් වන කරුණු 05කි. 

පර්යේෂණ ගැටලුව ඉස්මතු කිරීම 

සංසන්දනය කිරීම 

ඒ සඳහා වාද, විවාද, තර්ක ආදිය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. තම න්‍යාය සමඟ සංසන්දනය තම න්‍යායේ පරතරය තේරුම් ගනිමින් ඊට වැඩි අවධානයක් යොමු කිරීම තම ක්‍රමය හා තෝරා ගත් පර්යේෂණයේ න්‍යායන්, ක්‍රමවේදය, අඩුපාඩු සහ එහ ි පවතින විද්‍යාත්මකභාවය සොයා බැලීම ආවරණය නොවු කරුණු සොයා ගැනීම. 

 

සමාන අසමානතා  

ක්‍රමවේදය, අරමුණ, තේමාව ආදියෙහි කුමන පර්යේෂණයේද වඩාත් සාර්ථකව ඉදිරිපත් කර ඇත්තේ ? ඊට හේතු කුමන ප්‍රවේශයද වඩාත් හොඳ සහ යුක්ති සහගත. 

 

විවේචන 

යුක්ති සහගත බව හා වලංගුභාවය උපුටා දැක්වීම මඟින් විවේචනයට ලක් කිරීම. 

 

පර්යේෂකයාගේ පර්යේෂණ න්‍යායන් තම න්‍යාය වෙනස් වන්නේ කෙසේද (ක්‍රමවේදය, අරමුණ, තේමාව) 

 

සාහිත්‍ය විමර්ශනයේ අරමුණු 

තමන් අධ්‍යයනය කරන තේමාවට සම්බන්ධව පවත්නා ශාස්ත්‍රිය සාහිත්‍යයේ ඇති හිස්තැන් හඳුනාගැනීමට එමඟින් පර්යේෂකයාට හැකිය 

තමන් අධ්‍යයනය කරන තේමාවට අදාළ ඉතාම සමකාලීන අධ්‍යයන න්‍යාය, විග්‍රහ ගැන හදුනා ගැනීමට ඒමඟින් පර්යේෂකයාට හැකියාව ලැබේ. 

ශාස්ත්‍රිය පර්යේෂණ සාහිත්‍යය හදුනාගැනීම මඟින් තමන්ගේම පර්යේෂණ ගැටලුව, පර්යේෂණ ප්‍රශ්ණ, විධික්‍රම, න්‍යායකරණය යන මේවා වඩාත් තියුණු සහ සුසංගත කර ගැනීම සඳහා එම සාහිත්‍යයේ ආලෝකය පර්යේෂකයාට ආධාර කරයි. 

තමන් ගවේෂණය කරනු ලබන ගැටලුව අලුත් එකක් බව පෙන්වා දීමට පර්යේෂකයාට හැකිවිය යුතුය. මෙය කළ හැකි වන්නේ හරවත් සාහිත්‍යය විමර්ශනයක් මගිනි. 

සාහිත්‍යය විමර්ශනයේ පියවර 

1පියවර අදාළ සාහිත්‍ය පිළිබඳ පුළුල් ග්‍රන්ථ නාමාවලියක් සකස් කර ගනී.  

පළ වී ඇති ග්‍රන්ථ මෙන්ම, ශාස්ත්‍රිය සඟරාවල ලිපි ද, පළ නොවී ඇති අත්පිටපත්, වාර්තා ආදියද මෙය එකතු කළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වී ඇති ශාස්ත්‍රිය සාහිත්‍යය සහ මුද්‍රණය කර ඇති ශාස්ත්‍රිය සාහිත්‍යය හා මුද්‍රණය කර නැති පශ්චාත් උපාධි නිබන්ධන යන මේවාය. ග්‍රන්ථවලිය සකස් කිරීමේ දී පස් ආකාර සාහිත්‍යයක් ගැන සොයා බලයි. 

පිටරටවල පලවී ඇති නැතහොත් තුලනාත්මක සාහිත්‍යය 

මේ රටේ පල කර ඇති සාහිත්‍යය 

න්‍යායික සාහිත්‍යය 

අනුනාමික සාහිත්‍යය 

මුද්‍රණයෙන් ඵල නොකළ සාහිත්‍යය 

 ලෝක මට්ටමේ නැතහොත් තුලනාත්මක සාහිත්‍යය 

පිටරටවල මුද්‍රිත පොත්වල මෙන්ම ශාස්ත්‍රිය සඟරාවලද විශේෂයෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට 

තමන්ගේ ක්ෂේත්‍රයට සම්බන්ධ තුලනාත්මක සාහිත්‍යය ගැන දැනුමක් තිබිය යුත ු යැයි අපේක්ෂා කෙරේ.  

 න්‍යායික සාහිත්‍යය 

මේවා සාමාන්‍යයෙන් පවතින්නේ විශ්වීය මට්ටමේ සාහිත්‍යයේ ය. ලංකාවේ පළවන ශාස්ත්‍රිය සාහිත්‍යයේ න්‍යායික සාකච්චා දක්නට ලැබෙන්නේ අඩුවෙනි. 

 

මුද්‍රණයෙන් පළ නොවු සාහිත්‍යය මේවා ඛාණ්ඩ 2කි.  

පළමු වැන්න පශ්චාත් උපාධිවලට ඉදිරිපත් කර, එහෙත් මුද්‍රණයෙන් පළ වී නැති නිබන්ධනය 

දෙවැන්න ප්‍රතිපත්ති අධ්‍යයනයන් සඳහා රජයේ ආයතන, විදේශ ආධාර දෙන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන යනාදිය විසින් කර ඇති සමීක්ෂණ වාර්තාය 

 

(2) දෙවැනි පියවරේදි තම සාහිත්‍යය විමර්ශනය පියවර 03කින් කිරීමට පර්යේෂකයාට පුලුවන  

 

2 පියවර 

තම සාහිත්‍ය විමර්ශනය පියවර 03කින් සමන්විත විය යුතුය.  

විමර්ශනය කරන එක් එක් කෘතියේ ඇති ප්‍රධාන තර්ක විග්‍රහය හා නිගමනය සාරාංශ කිරීම. 

ඉහත විග්‍රහයේ හා තර්කවල ඇති ශක්තිය මෙන්ම අඩුපාඩුද සාකච්චා කිරීමයි.  

මෙහිදී විමර්ශනය කරන සාහිත්‍යයන් තමන්ගේ යෝජිත පර්යේෂණයට ලැබෙන ආලෝකය ගැන කෙටියෙන් විස්තර කිරීමට ද පර්යේෂකයාට පුලුවන 

 

3 පියවර 

විමර්ශනය කරන සාහිත්‍යය සමස්තයක් ලෙස ගෙන එක් එක් කෘතීන් විමර්ශනය කිරීමේ දී ලබාගත් විචාරාත්මක අඳහස් සංයෝග කර යළි ඉදිරිපත් කිරීමක් කළ හැකිය. පවත්නා දැනුම සමස්ථයක් වශයෙන් 

ගත්විට එහි ඇති හිස්තැන් හදුනාගෙන ඒවාට අවධානය යොමු කිරීමට ඉඩ ලැබෙන්නේ එවිටය. 

 

සාහිත්‍යය විමර්ශනය හැදින්වීමේ දී ඔබගේ අරමුණ විය යුත්තේ තම අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළව මේවන තෙක් පැවති ස්ථාපිත ඥානය එහි ප්‍රබලතා සහ දුබලතා ද සමඟින් පාඨකයා වෙත ගෙන ඒමයි. සාහිත්‍යය විමර්ශනය මගින් උපදේශනාත්මක සංකල්පයකින් යුක්තව නිශ්චිත විවරණයක් කළ යුතු වෙයි. එය පවත්නා කෘති ලයිස්තුව පිළිබඳ හුදු විස්තරයක් හෝ ඒවා පිළිබඳ සාරාංශවල එකතුවක් නොවිය යුතුය. සාර්ථක සාහිත්‍යය විමර්ශනයක් කිරීමට දෙයාකාරයක හැකියාවක් තිබිය යුතුය. 

1. තොරතුරු අන්වේෂණය - සාහිත්‍යය කාර්්‍යක්ෂමව සුපරීක්ෂා කොට ඵලදායි කෘති සොයා ගැනීමට ඇති හැකියාව 

2. විවේචනාත්මක අර්ඝනය - අපක්ෂපාති හා වටිනා අධ්‍යයන හදුනා ගැනීමට විවේචනාත්මක මුලධර්ම 

භාවිතා කිරීමට ඇති හැකියාව 

 සාහිත්‍ය විමර්ශන මඟින් වැඳගත් කාර්යය කිහිපයක් ඉටු වේ.  

පර්යේෂණය මගින් මැනවින් විවරණිත ක්ෂේත්‍රයක් නැවත පිරීක්සීම නොකෙරෙන බව නිශ්චිත ලෙස දැනගැනීම. 

පර්යේෂණය සඳහා පදනම සැකසු පුර්වගාමීන් හදුනා ගැනීම. 

පර්යේෂණ ගැටලුව පිළිබඳ ඔබගේ දැනුම ප්‍රදර්ශනය කිරීම. 

පර්යේෂණ ගැටලුවට අදාළ න්‍යායික හා පර්යේෂණාත්මක වාදවිෂයන් පිළිබඳ ඔබගේ අවබෝධය ප්‍රදර්ශනය කිරීම. 

අදාළ සාහිත්‍යයික තොරතුරු විචාර පුර්වක අර්ඝනය කිරීමෙහිලා ඔබගේ හැකියාව පෙන්වා දීම. 

පවත්නා සාහිත්‍යය සමෝධානය කිරීමට සහ සංස්ලේෂණය කිරීමට ඇති හැකියාව පෙන්වා දීම. 

පර්යේෂණය සඳහා නව න්‍යායික අන්තර්දෘෂ්ඨීන් හෝ නව හැඩයන් සහිත සංකල්පික රාමුවක් සම්පාදනය කිරීම.  

 

සාහිත්‍යය විමර්ශනය තේමාත්මක වර්ගීකරණය 

 

හුදෙක් සාහිත්‍ය විමර්ශනය සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම පර්යේෂණ ක්‍රියාවලියෙහි යෙදෙන්න් පොදුවේ මුහුණ දෙන අභියෝග සහ අඩුපාඩු රාශියකි. එනම්, 

හුදෙක් ග්‍රන්ථනාමාවලියක් පමණක් ඉදිරිපත් කිරීම. 

කෘති ගැන කෙටි හැදින්වීමක් පමණක් ඉදිරිපත් කිරීම. 

විමර්ශනයක් කළත් එය කෘතිවල අකාරදිමය අනුපිළිවෙලට ඉදිරිපත් කිරීම 

පළමුවන දෙක කිසිසේත්ම සාහිත්‍යය විමර්ශනයක් නොවන අතර තුන්වැන්න ගුණාත්මක වශයෙන් දුප්පත් සාහිත්‍යය විමරශනයකි. සාහිත්‍යය විමර්ශනය ගුණාත්මක ලෙස ඉහළ මට්ටමකින් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ හැක්කේ සාහිත්‍යය විමර්ශනය තේමාත්මකව ව්‍යුහයක් තුළ සංවිධානය කොට ඉදිරිපත් කිරීමෙනි. එසේ කිරීමට විමර්ශිත සාහිත්‍යය තේමාත්මක ලෙස වර්ගීකරණය කළ යුතුය. එම තේමාත්මක වර්ගීකරණය තුළින් පර්යේෂකයාගේ විචාරාත්මක හැකියාව ද ප්‍රදර්ශනය වේ. විමර්ශිත සාහිත්‍යය තේමාත්මක වර්ගීකරණය අනුව සංවිධානය කිරීමට නොයෙක ක්‍රම තිබිය හැකිය.  

විමර්ශනය කරන සාහිත්‍යය වර්ගීකරණය කරන තේමා සහ ශිර්ෂ කල් ඇතිව තීරණය කළ යුතු දෙයක් නොවේ. ඒවා විමර්ශනයට භාජනය කළ සාහිත්‍යයේ සමස්තය තුළින් මතුවිය යුතුය. එලෙස නිර්මාණාත්මකව සහ තේමාත්මකව ව්‍යුහගත කරන සාහිත්‍යය විමර්ශනයකින් තම පරීක්ෂණයට දෙන පණිවුඩය නම් තමන් පරිණත ශාස්ති්‍රීය ශික්ෂණයක් අත්පත් කරගෙන ඇත යන්නයි. 

 

 

එනම් සාහිත්‍ය විමර්ශනය තුළින් පර්යේෂණයටත් පර්යේෂකයාටත් මහඟු පිටුවහලක් සපයයි. ඒ අනුව පර්යේෂකයා පරිණත ශාස්ත්‍රිය ශික්ෂණයකින්, පුලුල් දැක්මකින් යුක්ත හරවත් පර්යේෂණයක් සිදු කිරීමේ පර්යේෂකයා සතු ශක්තිය සන්නද්ද කිරීම, විචාරාත්මක සාහිත්‍යය විමර්ශන හැකියාව සාහිත්‍යය විමර්ශනය තුළින් පර්යේෂකයා හිමිකර ගනු ලබයි. එනම් මතුපිටින් කෙරෙන නොගැඹුරු, සරල සාහිත්‍යය විමර්ශනයකින් තොර ශාස්ත්‍රීය කෞශල්‍ය පිළිබඳ ඥාන විචාර තුළින් පුලුල් දැක්මක් මෙන්ම පුලුල් අවබෝධයකට මඟපෙන්වනු ලබයි. පර්යේෂණයේ ක්‍රමවත් සාහිත්‍යය විමර්ශනයක් තුළින් සාර්ථක උපන්‍යාසයක් ගොඩනගා ගත හැකි වේ. මේ මගින් පර්යේෂණවල දී සාහිත්‍යය විමර්ශණය සිදු කිරීමේ වැඳගත්කම විග්‍රහ කළ හැකිය. 

 

 

Friday 3 June 2022

Digital marketing යනු



ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් තම අලෙවිකරණ කටයුතුවලට නැඹුරුවීම දිනෙන් දින ඉහළ යයි. ශ‍්‍රී ලංකාවද පසුගිය වසර පහක පමණ කාලයක සිට මෙම ක්ෂේත‍්‍රය කෙරෙහි තම අවධානය යොමු කර ඇත. ලාංකික සංචාරක හෝටල් ක්ෂේත‍්‍රය, සංචාරක කර්මාන්තය මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවද තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගැනීමේ පහසු මඟක් ලෙස දැන් දැන් ඩිජිටල් අලෙවිකරණය වෙත යුහුසුලූ වේ. එමෙන්ම දේශපාලන පක්ෂ, රාජ්‍ය සමාගම්, සමාජ සහයෝගිතා කණ්ඩායම් මේ කෙරෙහි අවදානය යොමු කර ඇති බව අපි කාටත් නොරහසකි. අන්තර්ජාල වෙළඳාම පුළුල් පරාසයක් ඔස්සේ දිවෙයි. ඩිජිටල් අලෙවිකරණය විද්‍යුත් වෙළෙඳකරණය ලෙසද අන්තර්ජාල අලෙවිකරණය හඳුන්වයි. මෙය එකවරම රටවල් ගණනාවක සිටින පුද්ගලයන්ට සැනින් තොරතුරු යැවිය හැකි මාධ්‍යයකි. බොහෝ දියුණු රටවල මෙන්ම ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවද තමන්ට අවැසි භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමට පෙළෙඹී තිබේ. මෙමගින් කාලය හා මුදල් යන දෙකම ඉතිරි කර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. ඔබ සතුව එසේත් නොමැති නම් ඔබ සේවය කරන ආයතනය සතුව වෙබ් අඩවියක් ඇත්නම් ඩිජිටල් අලෙවිකරණය මගින් විශාල වාසි අත්කරගත හැකිය.
ඩිජිටල් අලෙවිකරණයේ  හි ප‍්‍රධාන අංශ 3කි.
1. සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණය 
2. සෙවුම් යන්ත‍්‍ර අලෙවිකරණය 
3. සමාජ ජාල අලෙවිකරණය    
ඩිජිටල් අලෙවිකරණයේ ක‍්‍රියාකාරී ප‍්‍රධානම අංශයකි සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණය :ීෑධ - ීැ්රජය ෑබටසබැ ධචඑසපස‘්එසදබ*. ඔබට සතුව වෙබ් අඩවියක් ඇත්නම් එය සෙවුම් යන්ත‍්‍රයන්හි මූල පදයන් (ණැහඅදරාි* ඇතුළත් කළ විට මුල්ම සෙවුම් ප‍්‍රතිඵල අතරට එන්නට නම් ඔබේ වෙබ් අඩවිය අනිවාර්යෙන්ම සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණයට ලක් කළ යුතුය. එමගින් ඔබට සෙවුම් යන්ත‍්‍ර මිත‍්‍ර (ීැ්රජය ෑබටසබැ ත්‍රසැබාකහ* වෙබ් අඩවියක් හිමිකරගත හැකිය. දැනට ලෝකයේ භාවිතා වන ප‍්‍රධාන සෙවුම් යන්ත‍්‍ර 3කි. එනම් ඨදදටකැ, ශ්යදද හා ඊසබට ය. එහි ප‍්‍රධාන තැන උසුලන්නේ ඨදදටකැ ය. ඔවුන් කාලයෙන් කාලයට තම සෙවුම් යන්ත‍්‍රයට විවිධ භාවිතයට පහසු අංශ එකතු කිරීම මීට හේතුවයි.
ීෑධ හි ප‍්‍රධාන අංශ 2කි. 
1.  - වෙබ් අඩවියේ සිදුකරන ප‍්‍රශස්තිකරණය.
2 - පිටුවෙන් පිටත සිදුකරන ප‍්‍රශස්තිකරණය.
- වෙබ් අඩවියේ සිදුකරන ප‍්‍රශස්තිකරණය.මෙහිදී ප‍්‍රධාන වශයෙන් සිදුවන්නේ භාණ්ඩය හෝ සේවාවට අදාළ මූල පදයන් (ණැහඅදරා* හා කෙටි හැඳින්වීමක් මගින් සෙවුම් යන්ත‍්‍රයට වෙබ් අඩවිය හා එහි ඇති ඡුායාරූප හඳුන්වාදීමට අවැසි කොටස් සැකසීමයි. එමෙන්ම සෙවුම් යන්ත‍්‍රයට අදාල වෙබ් අඩවිය යොමු කිරීම සිදුකරයි. එමෙන්ම වෙබ් අඩවියේ විශ්ලේෂණයට අවැසි කේතයන් ලබා දේ. සරලව පැවසුවොත් සෙවුම් යන්ත‍්‍රයට වඩාත් පහසුවෙන් වෙබ් අඩවිය සොයාගැනීමට හැකිවන ආකාරයට වෙබ් අඩවිය සූදානම් කිරීම මෙම ක‍්‍රියාවලියයි. එමෙන්ම ඔබේ වෙබ් අඩවියේ කරුණු ඔබට අවේණික  සකස් කිරීම සිදු කළ යුතුය.
ධෙෙ ච්ටැ ධචඑසපස‘්එසදබ - පිටුවෙන් පිටත සිදුකරන ප‍්‍රශස්තිකරණය.මෙහිදී සිදු කරන්නේ මූලික වශයෙන් වෙනත් අඩවිවලට අප සතු වෙබ් අඩවිය අතුළත් කිරීමයි. එය අපි ඊ්ජන කසබන ඇතිකරගැනීම ලෙස හඳුන්වනු ලබයි. මෙහිදී වෙබ් අඩවි නාමාවලිවල, එමෙන්ම බ්ලොග් අඩවිවල, සමාජ ජාලවල යොමුවන් ඇති කිරීම සිදු කරනු ලබයි.
මෙම ක‍්‍රියාවලිය සිදු කිරීමෙන් විටෙක ඉතා ඉක්මනින් මාසයක් ඇතුළත වෙබ් අඩවිය සෙවුම් යන්ත‍්‍රයේ මුල් පිටු අතරට ගෙන යා හැකි අතර, ඉතා තරඟකාරී සේවාවන් හා භාණ්ඩ ඇතුළත් වෙබ් අඩවියක් නම් මාස 6ත් අවුරුදු 2ත් අතර කාලයක් පිටුවෙන් පිටත සිදුකරන ප‍්‍රශස්තිකරණයට ලක් කළ යුතුය. එමෙන්ම එය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු ක‍්‍රියාවලියක් වන අතර, සමස්ත ක‍්‍රියාවලිය සිදුකරගෙන ප‍්‍රතිඵල භුක්ති විඳීමට ඔබට ඉවසීම ප‍්‍රගුණ කිරීම මෙන්ම අන්තර්ජාල සෙවුම්යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණ ඉංජිනේරුවෙකුගේ සහාය ලබාගැනීම අත්‍යාවශ්‍යය.
ඔබත් අදම ඔබේ, ඔබේ ආයතනයේ වෙබ් අඩවිය සෙව්ම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණයට ලක්කර ඩිජිටල් අලෙවිකරණය අරම්භ කරන්න. ඔබට නිසැක ප‍්‍රතිඵල ලැබෙනු ඇති.

Sunday 29 May 2022

බුත්සරණ සහ අමාවතුරෙහි භාෂා අනන්‍යතාවය

 බුත්සරණ සහ අමාවතුරෙහි භාෂා අනන්‍යතාවය


හැදින්වීම

පොළොන්නරු යුගය ක්‍රි.ව. 1058-1234 දක්වා කාල පරිච්චේදයට අයත් වේ. එම කාලය වනවිට සාහිත්‍යකරණයට අවශ්‍ය සාමකාමි පසුබිමක් නොතිබුණ හෙයින් පළමුවන විජයබාහු රජු රාජ්‍යත්වයට පත්වීමත් සමග ඊට අවකාශය ලැබුණි. ඉන්පසුව රජ වු පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් මෙරට සාහිත්‍ය උදෙසා නොමද සහයක් ලැබුණි. ඒත් සමග පොළොන්නරු යුගයේ බිහි වු ගද්‍ය නිර්මාණ බොහෝමයක් දක්නට ලැබේ. 

පොළොන්නරු යුගයේ බිහි වු ගද්‍ය නිර්මාණ බොහෝමයක් දක්නට ලැබේ. වෙසතුරු දා සන්නය, මහා බෝධි වංශ ග්‍රන්ථපද විවරණය, ජාතක ගාථා සන්නය, පොළොන්නරු කතිකාවත, අභිධර්මාර්ථ සංග්‍රහ සන්නය, ධම්මපද පුරාණ සන්නය, මේඝදුත සන්නය, සිංහල ථුප වංශය, මහාබෝධි වංශ ගැටපදය ආදිය පමණක් නොව මෙකළ රචනා වු බොහෝ දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වු ග්‍රන්ථ 4ක් ඇත. එනම්,

ජාතක අටුවා ගැටපදය

ධර්ම ප්‍රදීපිකාව

අමාවතුර

බුත්සරණ  ලෙස දැක්වි හැකිය.

අමාවතුර සහ ගුරුළුගෝමිගේ පාණ්ඩිත්‍යය දේශපාලනික හේතු පදනම් කරගෙන කෙරෙන යුග වර්ගීකරණයක දි පොළොන්නරු යුගයටත් (1051-1234) භාෂාත්මක හේතු පදනම් කරගෙන කෙරෙන යුග වර්ගීකරණයකදි මධ්‍යකාලීන යුගයටත් ( ක්‍රි.ව 8වන සියවසේ සිට ක්‍රි.ව 13වන සියවසේ මැද දක්වා අයත් වන ගද්‍ය කාව්‍යයකි අමාවතුර. පොළොන්නරු සමය ලංකාවේ පමණක් නොව අග්නි දිග ආසියාවේම පරිවර්තනයක් ඇති කළ අවධියකි. මෙම අවධියේ ක්‍රම මාර්ගය හා ඥාන මාර්ගය යටපත් කරමින් ගංවතුරක් සේ ගැලූ හින්දු භක්කිමාර්ගයට එරෙහි වූවෝ නම් ලක්වැසියෝය. ඔවූහු හින්දු භක්ති වාදයට එරෙහිව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මත ගොඩනැගුණ බුද්ධ භක්තිවාදයක් බිහි කළහ. මෙහි විද්‍යමාන ආදිතම කාව්‍ය අමාවතුරයි. එහෙයින්ම මොහු මේ සඳහා පුරුෂදම්යසාරථි පදවර්ණනා යන නාමය තබයි. එහෙත් මෙය අප අතර ප්‍රචලිතව ඇත්තේ අමාවතුර යන නමිනි. ග්‍රන්ථාවසානයේ දැක්වෙන ගුරුළුගොමින් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථි  පදවර්‍ණනා නිමි යන පාඨයට අනුව මෙහි කතුවරයාණෝ වනාහි ගුරුළුගෝමීහු ය. ගුරුළුගෝමි සිටි යුගය පිළිබඳ මත භේද දෙකක් වේ. පොළොන්නරු යුගය හා අනුරාධපුර යුගය වශයෙනි. වඩා සම්භාවනීය මතය වන්නේ රත්මලානේ ශ්‍රි ධම්මාරාම හිමියන් ඉදිරිපත් කළ පොළොන්නරු යුගය යන මතයයි. ජන්මස්ථානය කවරක් වුවත් හෙතෙම වනාහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතෙකු බව නම් ඉඳුරා කිව හැකිය. ත්‍රිපිටකයෙන් හා අර්ථකථාවන්ගෙනි. පාලි භාෂව සිංහලයට පරිවර්තනය කිරීමේ නෛසර්ගික කෞශල්‍යයක් ඔහු සතු වීය.

බුත්සරණ රචනා කොට ඇත්තේ විද්‍යාචක්‍රවර්තීය. ඒ බව ග්‍රන්ථාවසානයේ එන, 

“විද්‍යාචක්‍රවර්තීන් විසින් කළ අමෘත වහ නම් බුද්ධ චරිතය නිමි”

යන පාඨයෙන් එය සනාථ වේ. සියලු ලෝ වැසියා දුකින් මුදවා සුවයෙහි පිහිටුවීමේ උදාර චේතනාවෙන් බුත්සරණ රචනා කර ඇත. දීර්ඝ වාක්‍ය භාවිත කරමින් බුදුන් කෙරෙහි අවංක ශ්‍රද්ධා භක්තියෙන් රචනා වු මේ ප්‍රබන්ධය බොහෝ විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වු ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. 

භාෂාව යනු

මානව සංස්කෘතියේ අසහාය නිර්මාණයක් වශයෙන් භාෂාව හැදින්විය හැකිය. එය මානවයා අන්‍ය සත්ත්වයින්ගෙන් සුවිශේෂ තත්ත්වයට පත් කරන්නකි. භාෂාව කෙදින කෙසේ ඇති වී ද? යන්න පිළිබදව ශිෂ්ටාශිෂ්ට සමාජීය මානවයාගේ විචාරාක්ෂිය ඉතා ඈත අතීතයේ සිට යොමු වූ බවට සාධක පවතී. එසේම භාෂාව යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්ද? යන්නද විවිධ විද්වත්හු විවිධ න්‍යායයන් තුළින් නිර්වචනය කළහ. ඒ අතර බහු සම්භාවිත නිර්වචනයක් වශයෙන් ජෝර්ජ් එල්. ටේ‍රගර් සහ බර්නාඞ් බ්ලොක් විසින් දක්වන ලද අදහස දැක්විය හැකිය. ඒ අනුව භාෂාවක් යනු මිනිසුන්, සමාජීය සමූහයක සාමාජිකයන්ද, සංස්කෘතික කොටස්කරුවන්ද වශයෙන් අන්‍යෝන්‍ය  ක්‍රියාකාරිත්වය හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සම්මුතික වූ වාග් සංකේත පද්ධතියක් බව පැහැදිලි වේ.

බුත්සරණ භාෂා අනන්‍යතාව



දොළොස්වන ශතවර්ෂයේ අඟ භාගයේ දී හෝ දහතුන්වන ශතවර්ෂයේ මුල් භාගයේ දී හෝ විද්‍යාචක්‍රවර්තීන් විසින් රචනා කරන ලද බුත්සරණ, සමිභාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ වශයෙන් සැලකේ. තවද මෙම ග්‍රන්ථය පොළොන්නරු යුගයේ ලියැවුණු භක්තියට මුල් තැන දුන් ග්‍රන්ථයකි. මෙම බුද්ධ ගුණ විස්තර කොට ඇත්තේය. මෙය ලියා ඇත්තේ ධර්ම දේශනා ශෛලියෙන් යැයි සමහර උගත්තු කියති. 

විද්‍යාචක්‍රවර්ති මේ ග්‍රන්ථයෙන් අසන්නවුන්ටත් කියවන්නවුන්ටත් ශ්‍රද්ධාව ඇතිවන පරිද්දෙන් පොත සකස්කොට තිබේ. විද්‍යාචක්‍රවර්තීගේ කවීත්වය, ප්‍රතිභා ශක්ති වර්ණනා චාතූර්ය හා උගත්කම මෙහි මැනවින් ප්‍රදර්ශනය වේ. (විමලවංසහිමි,1964)

බුදුසරණ තුළින් පිළිබිඹු වන්නේ සිංහල ගද්‍යයේ අතිශයින් දියුණු වකවානුවකි. මේ වනවිට සිංහල භාෂාව ඊට ආවේණික ලක්ෂණ සහිතව ප්‍රවර්ධනය වී තිබිණ. මෙකල සිදු වු භාෂා පරිණාමය ඉන්පසු අවධියේ දී (දහඅටවන සියවස දක්වා) සිදු වු භාෂා පරිණාමයට සාපේක්ෂව වාක්‍ය විචාරය සම්බන්ධයෙන් සුවිශේෂි වැදගත්කමක් දරයි. (විජේමාන්න,1984)

“බුත්සරණින් හෙළිවනුයේ බුද්ධියෙන් හා වැටහෙන නුවණින් එතරම් සකස් නොවුණු නොදැමුණු, විශද විපුල කල්පනා ශක්තියකි. තම සිත් බඳුන උතුරා යන තරම් වු ශ්‍රද්ධාභක්තියකින් බුත්සරණ රචනා කළ විද්‍යාචක්‍රවර්තීහුගේ කවීත්වය, විචාර බුද්ධිය, ඇත්තකුගේ සිත් භක්ති රසයෙන් පිනවීමේ නොපොහොනා එකකි. ශබ්ධාලංකාරයෙන් හා විස්තරාර්ථයෙන් පිරුණු ඔහුගේ බොහෝ වර්ණනා, පාඨකයන් භක්ති රසයෙන් පිනවනු...” (වික්‍රමසිංහ,2011)

සිංහල ව්‍යාකරණ භාෂාවේ තවත් එක් ලක්ෂණයකි. ඒ අනුව නිපාත භාවිතය බුත්සරණයෙහි වැඩි වශයෙන් දක්නට ලැබේ.

බුත්සරණයෙහි අන්තර්ගත නිපාත තුළින් සිංහල නිපාත විකාශනයේ වැඳගත් සන්ධිශ්ථානයක් සනිටුවන් වී තිබේ. නිපාත අයත් වන්නේ අව්‍යපද ගණයටයි. අව්‍ය පද යනු පුර්ණ වරනැගීම්වලට හසුනොවන පදයි. (කරුණාතිලක,2003)

නිපාත තුළින් ඉටුවන කාර්යයභාරය අනුව ඒවා විවිධ ප්‍රභේද යටතේ වර්ගීකරණය කොට දැක්විය හැකිය. 

යමක් තවත් දෙයකට සමාන කොට දැක්වීම සඳහා යොදා ගනු ලබන නිපාත “තුල්‍යාර්ථයේ නිපාත” නම් වේ. “මෙන් ” “සේ ” “සෙයින් ” “වැනි” “බඳු” හා “ලෙසින්” ආදී නිපාත තුල්‍යාර්ථයේ යෙදේ. මෙබඳු උපමා වාචක කතාවලට පෙර යෙදෙන නාම පද අනුක්ත රූප ගනී.(දයානන්ද)

“... දෙරැ දෙරැ නැගි සඳක් සේ මරු කතරෙහි දුටු මහ විලක් සෙ ....”(04)

“ නරකයෙහි උපදනෝ වවුලන් මෙන් සක්වළගලැ තියෙන් එළී ගෙනැ හොවිති.”(56)

“සසර සහමුලින් දැවු සව–ඥ වියතාණන් වැනි ගුරුන් ලදිමි,...” (276)

“නිවන්පුර වදනා කැමතිවුන් විසින් සාවධානව කන් යොමා ඇසිය යුතු” යනුවෙන් විද්‍යාචක්‍රවර්තීන් විසින් බුත්සරණෙහි කරන ලද ප්‍රකාශනය පෙන්වා දෙන්නේ කතා කලාව කවර රීතියකින් පෝෂණය කොට ඇත්ද යන්නයි. එහි පැසසිය යුත්තේ අනුප්‍රාසයෙන් යුතු දීර්ඝ වාක්‍යවලින් සැකසුණු මිශ්‍ර සිංහල බස් වහරයි. ගුරුළුගෝමීන් මේ රීතිය අමාවතුරේදී ප්‍රතික්ෂේප කරද්දී විද්‍යාචක්‍රවර්තීහු බුත්සරණේ දී ඉතා සාර්ථකව භාවිත කළහ.

පොළොන්නරු යුගයේ රචිත ගද්‍ය කෘති අතර බුත්සරණට සුවිශේෂී තැනක් හිමිවන්නේ ඔහුගේ මේ භාෂා සම්ප්‍රදාය යැයි කීවොත් එය නිවැරදි ය. බුත්සරණ කතුවරයා පාලි ග්‍රන්ථ රාශියක් ම මූලාශ්‍රකර ඇතත් ඒ පාලි රීතිය කිසි විටෙකත් තම කතා පුවත් සඳහා භාවිතයට නොගත්තේ ය. පාලි මූලාශ්‍රයන්ගෙන් ගත් විෂය කරුණු සහ වස්තු බීජ විද්‍යාචක්‍රවර්තීන් සතුව පැවති නිර්මාණ කෞශල්‍යය උපයෝගී කොට ගෙන තමාට අභිමත ලෙසින් රසාලිප්ත කොට ඉදිරිපත් කිරිම ඔහුගේ රීතියේ කැපී පෙනෙන ලක්ෂණයයි.

විද්‍යාචක්‍රවර්තීන් කිසිදු පාලි රීතියකට අනුගත නොවී ස්වතන්ත්‍ර රීතියක පිහිටා වර්ණනා ඉදිරිපත් කිරීම කෘතිය පුරා දැකිය හැකියි. එබැවින් ඔහු කළේ යමක් වර්ණනා කළ හැකි උපරිම අයුරින් දීර්ඝව වර්ණනා කිරිමයි. එය ශ්‍රාවකයාගේ කනට මිහිරි වන ලෙසින්, ශබ්ද මාධූර්ය ඇතිවන ලෙසින්, භක්තිය ජනිත වන ලෙසින්, අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම ඔහුගේ රීතියයි. ඔහුගේ පාඨකයා උගත් බුද්ධිමත් පිරිසකට වඩා කියවනු ඇසීමෙන් රසවිඳින පොදුජන ශ්‍රාවක පිරිසක් වීම ද කැපී පෙනෙන ලක්ෂණයකි. විදුසක්විතිගේ මේ රීතිය මාර්ටින් වික්‍රමසිංහයන් “සිංහල සාහිත්‍ය නැඟීම” කෘතියෙහි දුටුවේ මෙසේය.

”අමාවතුරු බස හඬ නඟා කියවන විට හලන්ත ශබ්ද නිසා වාග්ධාරාව නිතර බික්‍ෂෙයි. බුත්සරණ භාෂාව හඬ නඟා කියවන විට අසා සිටින්නන්ට ඇසෙන්නේ ගීත රසයෙන් යුතු වාග්ධාරාවක් ලෙසිනි. තමාම හඬ නොනඟා කියන විට තරම් වෙහෙසක් අන්‍යයකු කියනු ඇසීමෙන් ඇති නොවේ.”(වික්‍රමසිංහ,2011)

බුත්සරණ හොඳින් නිරීක්ෂණය කළ විචාරකයකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ විද්‍යාචක්‍රවර්තීන්ගේ කතා රීතියේ සුවිශේෂී බවයි. බසින් වැඩ ගැනීමෙහි ලා සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ටතම ලේඛකයා විද්‍යාචක්‍රවර්තීන් බව පැහැදිලි ය. මේ පිළිබඳ ව බුත්සරණේ ජනප්‍රිය නිදසුන් හමුවන්නේ නාලාගිරි දමනය ඉදිරිපත් කළ ආකාරයෙනි.

නාලාගිරි දමනය යනු බුදුරදුන්ගේ පුරිස දම්ම සාරථි ගුණය ප්‍රකට කෙරෙන බුදු සිරිතේ ඉතා වැදගත් සංසිද්ධියකි. එය බොහෝ කථාකරුවෝ විවිධ ලෙස වර්ණනා කළහ. විද්‍යාචක්‍රවර්තීන් එය ඉදිරිපත් කරන්නේ ඔහුගේ සමස්ත වර්ණනා චාතූර්යය ප්‍රකට කරවමිනි. දෙව්දත්ගේ ඉල්ලීමෙන් නාලාගිරි හස්තියා සුරාවෙන් මත් කරවා බුදුන් නසන්නට වීථියට එවන පුවත මුළුමහත් නුවරවැස්සෝම එදින දැන සිටියහ. මෙය සංවේගයෙන්, භීතියෙන් නරඹන්නට රජගහනුවර වීථි දෙපස මහජනයා රැස්ව සිටි ආකාරය මැවුවේ මෙසේය.

“මේ ඇත්හු අද තමන්ගේ ශ්‍රිපාද පද්මයට බට බමරක්හු පුඹුනා පරිද්දෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑ එහි පහන් බොහෝ දෙනා අමා මහ නිවන්හි ලති. සියලු මනුෂ්‍යයෝ සේම සේම තැන මැසි මත්තහෙි මැසි බඳිමින් සඳලු සිය දහස් පුරා නැගෙමින්, මහරුක් උඩට නැඟෙමින්, පවුරු පදනම් පිටට නැඟෙමින් මහා ප්‍රාසාද බිඳී නැමී යන පරිද්දෙන්, දූන් පුතුන් කර හිඳුවා නොයෙක් කුහුලින් සිට ගත්හ.”

දිගු වැනුමෙන් උපුටාගත් මේ වැකි සමූහයෙහි ප්‍රබල රූපයක් ශ්‍රාවකයා ඉදිරියේ මවන්නට කතුවරයා සමත් වෙයි. වත්මනෙහි වුවත් ඉතා ත්‍රාසජනක සිදුවීමක් නැරඹීම උදෙසා කුහුලින් යුතුව රැස් කකා බලා සිටින පිරිසක් අප හමුවෙහි මැවෙයි. එහි ප්‍රබල බව කියා පාන්නට කතුවරයා භාවිත කරන්නේ මහා ප්‍රාසාද මත නැඟුණු ජනයා හේතුවෙන් ඒවා කැඩී බිඳී යන තරම් බව පෙන්වීමෙනි. ප්‍රාසාද නැමී කැඩී යන තරම් බව කීමෙන් ගම්‍ය කරනුයේ ඒවා මත රැඳුණු ජනයාගේ තරමයි. එමෙන් ම කුඩා දරුවන් දෙමාපියන්ගේ කර මත හිඳුවාගෙන සිටි බව කීමෙන් පෙනෙන්නේ එහි ජනයා තුළ පැවති උද්යෝගයයි. කකුල් දෙපසට ලා කර මත වාඩිවී මෙවැනි දෑ නරඹන නූතන දරුවන් දකින පාඨකයාගේ නෙත් ඉබේම විවරව තමන් ද රජගහ නුවර වීථියේ රැඳුණු ප්‍රේක්ෂකයකු බවට පත්වෙයි. මෙසේ සිටින ජනයා වීථියේ දෙපස බලමින් කවර දිශාවකින් හස්තියා වීදියට පැමිණෙනු ඇතැයි ද බුදුහිමියන් කවර දිශාවකින් වඩිනු ඇතැයි ද බලා සිටී.

මෙසේ බලා සිටි ජනයා ඉදිරියට විද්‍යාචක්‍රවර්තී හස්තියා කැඳවන්නේ මෙසේය. උගේ රෞද්‍ර ස්වභාවය පාඨකයා ඉදිරියේ මවන්නේ බසෙහි අරුමය ද ගෙන හැර පාමිනි. “එකෙණෙහි මුහුදු දිය කඳ දවා ගෙණැ වඩබාමුඛයෙන් පිටත්ව ගිය අවීචියෙහි ගිනි කඳක් සේ රළු, මතැත් තෙම සොඬ හකුළුවා මහපොළොව යදමෙකින් ගැසූ ඝණ්ටාවක් සේ අනුරාව දෙවමින්, ගිගුරූ හඩින් මුළු නුවර අසනිපාතයක් සේ තතුණුවමින් කෝපයෙන් පය බැඳලූ යදම් ඇදලූ කෙණෙහිම මකුළුහුයක් කඩන්නා ලෙස් යදම් බිඳ සුණු විසුණු කෙරෙමින් .... කෝපයෙන් සොඬ කටැලා ගෙණ හිස සල සලා ගුගුරමින් දොර, අටලු පවුරු පදනම් ඇහැ හෙළා සුණු විසුණු කෙරෙමින් අවුත් වීථියට වැද ගියේය.”

අතිශයෝක්තියට නංවමින් වුව කථාකරුවා බිහිසුණු හස්තියකුගේ ස්වභාවය අපූර්ව ලෙස පාඨකයා හමුවේ තබා තිබෙයි. ඕනෑම කාලයක පාඨකයා බුත්සරණ ඔස්සේ නාලාගිරි දමනය නරඹන්නට කතුවරයා අවකාශ සලසා දී ඇති ආකාරය මේ අනුව පෙනේ.

කතුවරයා ප්‍රිය කළ දීර්ඝ වර්ණනා රීතිය මෙහිදී අනුගමනය කරමින් අවස්ථාවත් සිද්ධියත් පාඨක මනසෙහි චිත්‍රණය කරන්නට දැරූ තැත බුත්සරණ පුරාම දැකිය හැකි වෙයි. යමක් වාර්තා නොකිරීමත්, එහි ස්වභාවය නාටf්‍යා්චිත ස්වභාවයෙන් ඉදිරිපත් කිරීමත් නිසා බුත්සරණේ කථා රසය පාඨකයාට ඉතා තීවෘර ලෙස විඳගන්නට අවකාශ සලසා තිබෙයි.

නාලාගිරි දමනයෙහි ඉතා උද්වේගකර අවස්ථාව වන්නේ හස්තියා සහ බුදුරදුන් එකම වීදියේ දෙපස සිට ක්‍රම ක්‍රමයෙන් ළංවන ආකාරය නිරූපණය කළ ආකාරයයි. මෙය සිංහල සාහිත්‍යාවලියේ විශිෂ්ටතම වර්ණනා අතරින් එකකි.

”ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ඝන බුදුරැසින් සැදීගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය.”

මෙහි ඉදිරිපත් කිරීම කර ඇත්තේ නාට්‍යක නාටf්‍යා්චිත අවස්ථාවක් ලෙසිනි. විශේෂයෙන් ඈත සහ මෑත යන වදන් දෙක භාවිත කර ඇත්තේ නූතන කැමරා කාචයකින් ලබාගන්නා දූරදර්ශන සහ සමීප දර්ශන අප හමුවට ළංකරන්නාත් පරිද්දෙනි. එය කිසිදු ගත්කරුවකුට කළ නොහැකි වූ භාෂා වික්‍රමයකි. නූතන තාක්ෂණය පරයා බස ඔස්සේ රූප එවන්නට විදුසක්විති හැර වෙනත් කවුරු සමත් වේද?

පොළොන්නරු යුගයේ අපට දායාද විශිෂ්ට සාහිත්‍ය උරුමයන් වන අමාවතුර සහ බුත්සරණ කෘති දෙක දෙයාකාරයෙන් රස මවන ගද්‍ය කාව්‍යයෝ වෙති. අද එහි ආකෘතික රසය පිළිබඳව අවධානය යොමු කරවීම අරමුණයි. අමාවතුර පිළිබඳ කළ විවරණ තුළ ගුරුළුගෝමී විශිෂ්ට ගත් සැලසුම්කරුවා බවයි. ඊට ඔහු අමාවතුරෙහි ආකෘතිය සැලසුම් කළ අපූර්ව පිළිවෙළයි. එය ආකෘතියේ ඒකීයත්වය කියා නම් කිරීම උචිත ය. බුත්සරණ නම් කළ හැක්කේ ආකෘතික විවිධත්වය ලෙස ය.

විදුසක්විති ධර්මධර පඬිවරයකු මෙන් ම සැදැහැබර උවසුවෙකි. ගුරුළුගෝමී ලියූ සෑම වදනක් වදනක් පාසා ගලා එන්නේ ප්‍රඥාවට බුද්ධියට කරන ආමන්ත්‍රණයයි. එහෙත් විදුසක්විති කියන කියන පාඨයක් පාසා ගලා එන්නේ හදවතට කරන ආමන්ත්‍රණයයි. ශ්‍රද්ධාව වඩවන වර්ණයෙහි විද්‍යාචක්‍රවර්තී හු අතිශූරයෙකි. ඒ බව විශද කරලන්නට ඔහුගේ මෙම ආකෘතික විවිධත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.

බුත්සරණේ ඇතුළත් මුළු පරිච්ඡේද සංඛ්‍යාව 16 කි. එහි මුල් පරිච්ඡේද 11 සඳහා විෂය වී ඇත්තේ බුදුන්ගේ විවිධ ආධ්‍යාත්මික ගුණාංග පිළිබිඹු කෙරෙන කථා පුවත් සඳහා ය. බුදුරදුන්ගේ දේශනා ශෛලිය වර්ණනා කිරීමට 12 වන පරිච්ඡේදය යොදා ගනී. බුදුන්ගේ රූපකාය වර්ණනා කරලීමේ අටියෙන් 13 පරිච්ඡේදය ගොඩනඟන අතර එහිදී බුදු සිරුරේ තිබූ දෙතිස් මහා පුරිස ලක්ෂණ වර්ණනාවට ලක් වෙයි.

බුදුන්ගේ ධර්මකාය සම්පත්තිය විවරණය කිරීම සඳහා 14 වන පරිච්ඡේදය යොදා ගනී. 15 වන පරිච්ඡේදය පුරාම බුදුරදුන් විෂයෙහි ගොඩ නැඟූ රසවත් උපමාවලියක් ඉදිරිපත් කරයි. 16 වන අවසාන පරිච්ඡේදය ඉතා රසවත් ලෙස වෙස්සන්තර ජාතකය විවරණය කිරීමට කතුවරයා උත්සුකව තිබෙයි. එය සිංහල සාහිත්‍යයේ රසවත්ව වෙස්සන්තර ජාතකය වෙයි. ජාතක පොතෙහි පවා නොමැති ලෙස කතුවරයාගේ වර්ණනා ශක්තිය මෙම කථාව ගොඩනැගීම සඳහා භාවිත කරයි.

මේ අනුව ආකෘතික විවිධත්වය පිළිබඳ පැහැදිලි ය. ආකෘතිය විවිධ වුව ද අංශුමාත්‍රයකින් පාඨකයාගේ හෝ ශ්‍රාවකයාගේ රසයට හානියක් නොවන සේ එකම අරමුණක් ඔස්සේ ඔවුන් රැගෙන යන්නට මෙම කතුවරයා සමත් විය. කවර වැනුමක් ඔස්සේ වුව ද බුදුරදුන්ගේ අප්‍රමාණ බුදුගුණ ගලා එන්නට සලස්වමින් බුදුහිමියන් කෙරෙහි සැදැහැ වඩන්නට හැකි වන ලෙස තම වර්ණනා පෙළ ගැස්වීය.

“කවුඩුවැ උපන් කලැ පොවා තමන්ගේ අසූ දහසක් කවුඩුවන් අතරෙන් එක කවුඩුවක්හු ලවා බරණැස් නුවර පහරවා ගන්නට පොහොසත්, කුද්දාල පණ්ඩිත කල්හිදු හුදලු කෙටියක ගත් ලෝහයෙන් සත් හිඩෙක මහණදම් නොකට හී අවුත් අන්තයෙහි හුදැල්ල හිස සිසාරා ගඟට දමාපියා දිනිමියි.

හැඩගහා, මණිචෝර ජාතකයෙහි තමන් ඇඹෙනියන් කෙරෙහි පිළිබඳ රජහු තමන් වඩනා රථයෙහි තමා පලඳනා මාණික ලවාපියා මැණික්සොරා යි තමන් අල්වාගෙණ මරන්නට ගෙණ ගොස් දම් ගෙඩියෙහි හිස තබා හොවාලු කෙණෙහි තමන්ගේ ඇඹෙනියන්ගේ සත්‍ය වචන බලයෙන් ආවා වූ ශක්‍රයා ඇතුපිට හුන් සතුරු රජහු ගෙණ ගොසින් තමන් හොත් දම් ගෙඩියෙහි හොවා...” යනුවෙන් බුදුහිමියන්ගේ බෝසත් ආත්ම භවයෙහි විශිෂ්ටත්වය නිරූපණය කරනු පිණිස උදාහරණයට ගන්නා ජාතක කථා රාශියක් ඉතා දීර්ඝව ගෙන හැර පායි. ඇතැම් ජාතක කථා විස්තර සහිතව ද, ඇතැම් ඒවා කෙටි වාක්‍යයකින් දෙකකින් ද දක්වා තිබෙයි. ගත්කරුවා මේ සඳහා කෙතරම් කථා ප්‍රමාණයක් සොයා අටුවාවන් පරීක්ෂා කළා ද යන්න පුදුම සහගත වෙයි. මේ සෑම කථාවක් ම බුදුහිමියන්ගේ විසිතුරු බව ම ඉස්මතු කරලන්නට යොදා ගත් ප්‍රමාණවත් පෙරවදනක් වැන්න. මහා ප්‍රතාප ජාතකයේදී රාජාභිමානයෙන් මත් වූ රජ තමාගේ ආදරය උදුරා ගත් පුතු වධකයන් ලවා මරවන පුවත ගොඩනැගෙන්නේ නූතන කෙටිකතාවක එන සිදුවීම් මාලාවක් සෙයිනි. කිරිකැටියා වධකයන් නසන කළ චන්ද්‍රා දේවියගේ මුවට නැංවූ වදන් කතුවරයා මවන්නේ බසෙහි ජීවය ද මතු කරවමිනි.

“අනේ පුතනුවෙනි, රන්වන් කුමාරයෙනි, සිවු මැලි සත්මැසි කුඩෙනි, අන්තxපුරයට ඇසක් වැනි රජගෙට ජීවිතයක් වැනි ස්වාමිදරුවාණෙනි, මා වැනි කම් කිළියක බඩට කුමකට අවුද? තොප කළේ කවර වරදක් ද? යනාදින් හඬ හඬා යෙන්ල. මෙම අපූර්ව මනෝ විග්‍රහාත්මක කථා පුවත, කියවා නිම කරන්නේ සත් මසැති බෝසත් කුමරුවා තුළ පැවති ක්ෂාන්ති පාරමිතාවේ බල මහිමය විශද කරලමිනි.

බෝසතුන් විවිධ තිරිසන් ආත්මයන්හි උපන් අවස්ථා රාශියක් එකට නිදසුන් කරන්නා වූ කතාකරුවා බෝසත් බැව්හි පවා ලද සම්පත් පෙන්වන්නේ බුදුරදුන්ගේ අසිරිමත් බව ප්‍රකට කරනු සඳහා ම ය.

අනතුරුව එන ලෝක විවරණ කාණ්ඩය නම් පරිච්ඡේදයේ දී බුදුරදුන් ගේ ලෝක පිළිබඳ පරිපාකගත දැනුමේ තරම විවරණය කරන්නට කතුවරයා ඉදිරිපත් කරන විවරණ ද අසන්නාගෙ සැදැහැ බැතිය තීවෘර කරලයි. පහත නිදසුන ඒ බව පෙන්වන තැනෙකි.

“තවද එක්සක්වළෙක් අයමින් විතරින් දොළොස් ලක්ෂ තුන්දහස් සාර සිය පණස් යොදානෙක, එමැ සක්වළ වටින් සතිස් ලක්ෂ දස දහස් තුන්සිය පණස් යොදනෙකැයි කියා තමන්ගේ නුවණ නමැති තරාදියෙහි ලා කිරා දන්නා වූ බුදුන් සරන යෙමියි බුත් සරණ යා යුතු”

මෙලෙස දස දහසක් සක්වළ පිළිබඳ විවරණ ගෙනෙන කතුවරයා ඒ සියල්ල පිළිබඳ බුදුහිමියන් අතැඹුලක් සේ දත් බව කියා පායි. සියලු දිව්‍ය ලෝක පිළිබඳව, එහි ඇති විවිධ සැප සම්පත් පිළිබඳව කතුවරයා ඉදිරිපත් කරන තොරතුරු පෙන්වා දෙන්නේ ඔහු මෙම කෘතිය කරලීම පිණිස කවර තරම් මූලාශ්‍ර පරිශීලනය කළා ද යන්නය. එමෙන් ම නිරය පිළිබඳ ව කරන විවරණ ද එසේම ය. මේ කවර අවස්ථාවක වුව කිසිදු වෙහෙසකින් හෝ උදාසීන බවකින් තොරව කියවන්නටත් අසන්නටත් රස විඳින්නටත් හැකි වන ලෙස ගොඩනඟා තිබීමෙන් පෙනෙන්නේ කතුවරයා සතුව පැවති වර්ණනා චාතුර්යය පමණක් නොව භාෂා භාවිතය පිළිබඳ නිපුණතාවයි.

මෙම දීර්ඝ විවරණ පරිච්ඡේදය නිමාවට පත් කරන්නේ දීර්ඝ උපමාවලියකිනි. එනම්,

“තවද මෙරට වැඩි උස් පර්වතයක් නැත්තාසේ මහ පොළොවට වැඩි පළල් අනික් වස්තුවක් නැත්තා සේ දියපොළවට වැඩි ගැඹුරු අනික් ජලධාරාවක් නැත්තාසේ වා පොළවට වඩා මහත් අනික් පවනක් නැත්තා සේ ආකාසයට වඩා අනික් සිස් තැනක නැත්තා සේ ජීවිතයට වඩා අනික් ප්‍රිය වස්තුවක් නැත්තා සේ සියලු සත්වයන්ට වැඩී සිටි බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු”

මෙවන් උපමා දිර්ඝව ගොඩනඟන කතුවරයා ඒ සියල්ල තුළ බුදුහිමියන්ගේ විශිෂ්ට බවම ශාස්තෘත්වයේ අග්‍ර බව ද පාඨකයා හමුවේ කියාපාන්නේ චමත්කාර ලීලාවෙනි. එබැවින් කවර ආකෘතියක රැඳී වුව රසාකරයක් බවට තම වර්ණනා පත් කරවන්නට විදූ සක්විති හැර අන් කවරෙක් සමත් වේද?

අමාවතුර කතුවරයාට වඩා සරල බස් වහරක් යොදා ගත් විදුසක්විති ඔහු යොදනා සෑම වදනකම බුදු බැතිය ගල ගලා එන්නට සලසයි. කතුවරයාගේ හදෙහි උපන් ඒ බැතිබර හැඟීම පාඨක, ශ්‍රාවක රසික ජනයා තුළ ඇති කරලන්නට ඔහු බස අපූර්ව ලෙස යොදා ගෙන තිබෙයි.

“සබ්බ පාපස්ස අකරණං” ගාථාවෙන් කෘතිය අරඹන ගත්කරුවා “බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යෙමි” යන පාඨයෙන් පසු බුදුන් සරණ යාමේ වැදගත්කම පළමු ඡේදයෙහි දක්වයි.

“සුවයෙහි මිහිරි දන්නා, දුක්හි දැඩිකම් දන්නා නිවන්පුර වැඳ සැනහෙනු කැමති. නිරෑහි නම් නොඅසනු කැමති, තිරිසන් යෝනි යෙහි හකුල් හෙළනු කැමති, රාජ භය මෝර භය ආදී භයින් රෝම කූප මාත්‍රයකට: උපදාව නොවැද්ද දෙනු කැමති, ගින්නෙන් සිහිල් විදනා කැමති, හතුරන් මිතුරු කරනු කැමති, බැලු බැලුවන්ට නවබන සඳක් මෙන් මිහිරි වන්නා කැමති තමන් වැඳැ පිදුවන් අමා මහ නිවන්හි ඇර සිටුවනු කැමති සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු”

මෙසේ බුදුන් සරණ යන්නාට ලැබෙන අනේක ඵලයන් දීර්ඝ ඡේදයකින් කියා බුදුන් සරණ යන්නට ආරාධනා කරන්නේ කාට ද? බ්‍රහ්මයා සරණ ගිය අයටය. නූතනයෙහි මෙන් බෞද්ධ නාමයෙන් පෙනී සිටිමින් විවිධ දෙවි දේවදාවන් සරණ ගොස් මිථ්‍යා දෘෂ්ටි වැලඳගත්තවුන්ටය. මිථ්‍යා දෘෂ්ටි ගැනීම දුගතියට මග පාදා ගැනීමකි. එබැවින් නිරයාදි දුගතින්ගෙන් මිදෙන්නට බුදුන් සරණ යා යුතු යයි කතුවරයා පොළොන්නරු යුගයේ සමාජයට ජප කරන්නේ ඒ නිසාය. එහෙත් එහි වැදගත්කම පොළොන්නරු යුගයේ සමාජයට පමණක් නොව ඉන් පසු දේවවාදී ඉගැන්වීම්හි ඇලුණු කවර කාලයක සමාජයක පවා ඔබින්නේය. අදට ද ගැළපේ.

අනතුරුව දෙවන ඡේදය ගත්කරුවා භාවිතයට ගන්නේ බුදුන් සරණ යා යුත්තේ ඇයි ද? යන්න පහදා දීමටය. එහිදී බුදු හිමියන්ගේ ස්වභාවය කියා ඇත්තේ රමණිය උපමා මාලාවකිනි.

“සසර මහ මුහුදට මහ නැවක් බඳු සසර දුක් ගිනි නිවන මහ මේ කුලක් බඳු සසර දුක් මහඟ නසන දිව බෙහෙදත් බඳු සසර මතැත්හු. දළ දප් හළ කේසර සිංහයකු බඳු සසර මහ හිම් නිවු සිහිල් සුවඳ මඳ පවනක් බඳු, සසර දුක් මහ ඇදුරු බුත් ලහිරුමඬලක් බඳු, තමන් නම ලියා කළ මැටි රුවට පුද කළවුන් පිඩක් පමණ බතින්, මිටක් පමණ මලින්, වියතක් පමණ කඩින් පුද කළානට තමන් වන් අමා මහ නිවන් ගෙණැ දෙන බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු”

බුදුරදුන්ගේ ස්වභාවය වර්ණනා කරන ගත්කරුවා ඒ බුදු හිමියන් වෙනුවෙන් කළ මැටි ප්‍රතිමාවකට පවා යමක් පිදීමෙන් නිවන් ලැබිය හැකි බව පෙන්වා දෙන්නේ ඇතැම් විට හිංදු දේවාල තුළ දෙවියන් උදෙසා අප්‍රමාණ පුද පූජා කරනු ලබන බැතිමතුන් උදෙසා ය.

බලන්නන් ඇසට, අසන්නන් කනට, සිතන්නන් සිතට, බණන්නන් බසට, වඳින්නන් වැඳීමට, පුදන්නන් පිදුමට බුදුන් හැර වෙනත් සුදුසු කෙනෙකු නැති බව කියන කතුවරයා බුදු හිමියන්ගේ පහළ වීමේ උත්තම බව කියන්නට යෙදූ උපමා මාලාව මනරම්ය.

දොරැ දොරැ නැඟි සඳක් සේ, නොහැකිළැ

පිපිවණින් සිටිනා රන් පියුමක් සේ, කර රස නැතිවැ අමා රස ගත් මග මුහුදක් සේ, හැම කල්හි මැ අඩු නොවැ සිටිනා පුන්සඳක් සේ, පණුපිලවුන් නොවන් මිහිවදයක් සේ, සෙන භය නැති මහ මේකුළක් සේ මරු කතරෙහි දුටු විලක් සේ මුළු ලොවට අමුතුවැ දුටු මිහිරි බුදුන් සරණ යෙමි’යි බුත්සරණ යා යුතු”

මෙවන් මාලෝපමා යොදා ගනිමින් බුදුගුණ මන්ත්‍රයක් ජප කළ මුල්ම ගත්කරුවා විදුසක්විතිය. මේ කෘතියේ මේ ආරම්භක පියවර මුළු කෘතිය පුරාම රැගෙන යන්නට කතුවරයාට හැකි විය. මහත් භක්තියෙන් කියවා රස විඳින්නට මෙන්ම කියවනු අසා රස විඳින්නට, යෝග්‍ය ලෙස මෙහි වර්ණනා ගොඩ නගා තිබීමෙන් මෙම කතුවරයා ගුරුළු ගෝමීන්ට වඩා බුදුගුණ වැයීමේ සුවිශේෂී සම්ප්‍රදායක් සිංහල සාහිත්‍යයට හඳුන්වා දුන් බව පැහැදිලිය.

ඉපැරණි සිංහල ගද්‍යකරුවෝ ප්‍රධාන ලේඛන රීති දෙකක් භාවිත කළහ. එනම් දෘෂ්ටි ගෝචර සහ ශ්‍රව්‍ය ගෝචර යන්නයි. දෘෂ්ටි ගෝචර රීතිය කියවන පාඨකයා සඳහා ය. ශ්‍රව්‍ය ගෝචර රීතිය කියවනු අසන ශ්‍රාවකයා සඳහා ය. දෘෂ්ටි ගෝචර රීතිය කියවන පාඨකයා වෙනුවෙන් රචිත වූ බැවින් එහිදී ගද්‍යකරුවා සංක්ෂිප්ත වැනුම් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීය. පාඨකයා කියවන පාඨයකින්, වදනකින් පවා නව අරුතක් අපේක්ෂා කරන කෙනෙකි. එකම දේ දීර්ඝ ව කියවෙන අතිශයෝක්ති වැනුම් කෙරෙහි අවධානය යොමු නොකරන මෙම ලේඛන රීතිය විවේක බුද්ධියෙන් රස විඳින රසිකයන් වෙනුවෙන් භාවිත කරයි. විමසුම් ධාරා තීරයෙහි අප මෙතෙක් සාකච්ඡා කළ අමාවතුර කෘතියෙහි ගුරුළුගෝමී භාවිත කළේ මේ දෘෂ්ටි ගෝචර ලේඛන රීතියයි.

ශ්‍රව්‍ය ගෝචර ලේඛන රීතිය ශ්‍රාවකයා සඳහා යෙදෙන අතර එහිදී කර්ණ රසායන වර්ණනා රීතියක් ගද්‍යකරුවා භාවිත කරයි. අනුප්‍රාසාත්මක යෙදුම් සහිත අතිශයෝක්ති යෙදුම් බස්සා ශ්‍රාවකයාගේ හද පිනවීම මෙහිදී සිදු කෙරෙයි. බුද්ධියට වඩා හදවතට අමතන මෙම රීතියේදී ශ්‍රාවකයා විටෙක ප්‍රෙක්ෂකයකු බවට පත් කරවා සිතුවම් මවයි. භක්තියෙන් රස විඳින්නට ශ්‍රාවකයාට අවකාශ සැලසෙයි. පොළොන්නරු යුගයේ බිහිවූ අසහාය ගත්කරු විදුසක්විති මෙම රීතිය භාවිත කළ අයුරු ඔහුගේ ශ්‍රේෂ්ඨ කෘතිය වන බුත්සරණ ඔස්සේ දැකිය හැකියි.

මහාචාර්ය ආනන්ද කුලසූරිය විදුසක්විති ගැන මෙසේ කියයි. “උගත් පඬිවරයකු චතුර ලේඛකයකු, දක්ෂ කලාකරුවෙකු බණ ඇසීමට රස කතා ඇසීමට පුල පුලා සිටින පොදු මහාජනයා ඉදිරියෙහි දහම් දෙසන විලසිනි විද්‍යා චක්‍රවර්ති පඬිතුමන් බුත්සරණ රචනා කොට ඇත්තේ.” (සිංහල සාහිත්‍යය 01)

ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ “සාහිත්‍යය” නමැති කෘතියෙහි විද්‍යා චක්‍රවර්තිගේ ලේඛන ක්‍රමය පිළිබඳව මෙසේ කියයි. “ගුරුළුගෝමීන්ගේ අමාවතුරට වෙනස් ආකාරයකින් ලියා තිබෙන බුත්සරණ බුදුරදුන් පුරුදු පුහුණු කළ ගුණ සන්දෝහය හා උන්වහන්සේගේ අධි මානුෂික බලයන් විස්තර කරන බුද්ධස්ත්‍රෝත්‍ර හා භජන සජ්ඣායනයකි.” මෙම විශිෂ්ට සාහිත්‍යධරයා විද්‍යා චක්‍රවර්තීන්ගේ ශ්‍රව්‍ය ගෝචර ලේඛන සම්ප්‍රදාය හඳුන්වන්නේ භජන සජ්ඣායනයක් වශයෙනි. එයින් ම ප්‍රත්‍යක්ෂ වන්නේ ලේඛන ක්‍රමයේ සුවිශේෂී බවයි. එය හුදෙක් කියවන පාඨකයාට නොව අසන ශ්‍රාවකයාට බව පෙනෙන්නේ සජ්ඣායනාවක් බවට කරන ප්‍රකාශනයෙනි.

බුත්සරණේ ලේඛන රීතිය පිරික්සන මාර්ටින් වික්‍රමසිංහ මහතා “සිංහල සාහිත්‍යයේ නැඟීම” කෘතියෙහි දක්වන්නේ “බුත්සරණ භාෂාව හඬ නඟා කියවන විට අසා සිටින්නන්ට ඇසෙන්නේ ගීත රසයෙන් යුතු වාග් ධාරාවක් ලෙසිනි. තමාම හඬ නොනගා කියන විට තරම් වෙහෙසක් අන්‍යයකු කියවනු ඇසීමෙන් ඇති නොවේ. වැටහෙන නුවණින් අඩු පොදු ජනයාට යම්කිසි කරුණක් අවබෝධ කළ යුත්තේ කිහිප විධියකින් නැවත නැවතත් ඒ කරුණු වර්ණනා කිරීමෙනි.”

බුත්සරණයේ සමහර යෙදුම් මේ කතුවරයාටම පමණක් ආවේණික වී ඇත්තේ ය. එයින් වැකි කිහිපයක් දක්වමු. 

1. සොරහා ගනුම්හ

2. මී වසන බව 

3. ඉන් ඊ වදිමින් 

4. බල එකෙක් මත්න

5. තරුවැලක් වැන්නැයි නොකියමි

6. සංඝයා වහන්සේ වරුන්දෑ (විමලවංශ හිමි,1964)

මේ අනුව විද්‍යා චක්‍රවර්තී තම ලේඛන ක්‍රමය ලෙස යොදා ගන්නේ ශ්‍රැති ගෝචර රටාව බව පැහැදිලිය. 


අමාවතුර භාෂා අනන්‍යතාව

අමා යනු අමෘතයයි. අවත්ථර යන්නෙන් බිදි ආ වතුරු යනු ජලයයි. අමාවතුර යනු ගලාහැලෙන වතුර හෙවත් අමෘතයයි. වතුර යනු නිරතුරුව සිසිල් වෙන දාව විශේෂයකි. ගුරුළුගෝමී මෙය අමෘතවහ යනුවෙන්ද නම් කරති. මෙය ක්‍රි.ව 10 -11 වන සියවස තුළ රචනා වන්නට ඇත. මෙය රචනා වන කාලය වනවිට හින්දූන්ගේ බලපැම බුදු දහම වෙත එල්ල වූ තිබුණි. හින්දු ආගමේ දෙවියන් අධික බලයක් සහිත දෙවියන් බව එකල බොහෝ දෙනෙකු පිළිගන්නට ඇත. මෙම දේව බලපෑම මැඩ පැවැත්වීම කාලීන අවශ්‍යාතාවක් වන්නට ඇත. ඒ අනුව බුත්සරණ වැනි කාව්‍යන් රචනා වී ඇත. කාලීන අවශ්‍යතාවකට අනුව අමාවතුර රචනා කරන්නට ඇත. අමාවතුර රචනා වී ඇති රචනා ශෛලිය දෙස විචාරාක්ෂිය යොමු කිරීමේදි පැහැදිලි වන්නේ මෙහි භාෂාව සමකාලීන භාෂාවට වඩා පැරණි එකක් බවයි. එකල සංස්කෘත බලපෑම සෑම සාහිත්‍යයක්ම නතු වූ බැවින් ගුරුළුගෝමී එය ප්‍රතික්ෂේප කර මිශ්‍ර සිංහලය වෙනුවට අමිශ්‍ර හෙළු බස උපයෝගී කර ගෙන ඇත. මෙම කරුණ නිසාම ඔහු සිය බසින් සංක්ෂිප්තව දක්වන බව සදහන් කර ඇත. ඒ සංක්ෂිප්ත රචනා ශෛලියකින් මෙය රචනා කර ඇත. සංක්ෂිප්තව වුවත් අර්ථ උද්දීපනයේ කෙටි බවක් දක්නට නොලැබේ. මෙම විචිත්‍රත්වය නිසාම ඔහු කාලිංග වාසියෙකු යැයිද මෙම කෘතිය කාලිංග එළුව යැයිද ඇතමෙක් සැළකූහ. භාෂාවේත්, රචනා රීතිමෙත් සංක්ෂිප්තතාව ම කතුවරයා සැබෙව් යන්නෙන් ධ්වනිත කරන්නේ ය. ඔහු වර්‍ණනා කරන අවස්ථාව හා සිද්ධිය පාඨකයාගේ සිතෙහි චිත්‍රණය කරන්නට තරම් එම සැබෙව් රීතිය සමත් වේ. කතුවරයා උපමා අඩුවෙන් දැක්වුවත් එම උපමා ඉතා උචිත කව් ලැකියෙන් ගත් උපමාවන් වේ. බුද්ධිමතුන් සදහා මෙය රචනා කළ බැව් ගුරුළුගෝමී සදහන් කර ඇත.

අමාවතුර දැනට අප අතර ඉතිරි වු සාහිත්‍ය වටිනා කමක් ඇති පැරණි ප්‍රකරණ කිහිපය අතුරින් ඉතාම වැදගත් පොතකි. මෙය ආදිම ගද්‍ය කාව්‍ය නමින් සමහරුන් හදුන්වන්නේ ඒ නිසයි. 

අමාවතුර ග්‍රන්ථය ජනප්‍රිය වීමේ හේතු කිහිපයකි. 

- කෙටි වැකි යෙදීම

- හිස්වචන වලින් තොර අර්ථවත් වචනම යෙදීම.

- කෙටිකතා ස්වරූපය ගත් රසවත් සිද්ධි උපයෝගි කොට ගැනීම.

- කෙළින්ම අඳහස් කියා පෑම.

- අනවශ්‍ය විස්තර හෝ අධික විශේෂණ පද නොයෙදීම.

                                                           යන මේවා ප්‍රධානය.(විමලවංශ හිමි,1964)

අමාවතුරේ භාෂා ලක්ෂණ විවිධය. මේ භාෂා විවිධත්වය ගැන සලකන විට ධම්පියා අටුවා ගැටපදයේ භාෂාවෙහි හමුවන ලක්ෂණ සිහියට නැගේ. අමාවතුර රචනයේ දී ගුරුළු ගෝමී භාවිත කළ වාක්‍ය සංයෝජන විභාග කළහොත් ඒ සම්බන්ධයෙන් මතු දැක්වෙන පරිදි ඇතැම් ලක්ෂණ විග්‍රහ කොට දැක්විය හැකි වෙයි. 

1. බුද්හු, සිට්හු, පිහිට්හු, මහසිට්, සතුට්වුහු, ලද්මි, දින්මි, ගන්නි යනාදි ස්වරමධ්‍යගත හා පදාන්ත හල් රූප මෙන්ම බුදුහු, පිහිටිවුහු, කුමුදුවමින් යනාදි ස්වර සහිත රූපද යෙදීම.

2. සථරහු, පිළිබෙව්, ධැම්ට්, සැබෙවින්, යොජුන්, විසජම්, දායාජ්(දායාද), පැවිදි, යනාදි වශයෙන් සම්පුර්ණයෙන් සංවර්ධනය වු අනෙක් රූපද යෙදීම. 

3. පාලි පද කෙළින්ම සිංහලයට පෙරළා ගැනීමෙන් සිද්ධ කරගත් රූප යෙදිම. උද- භාරියං කම්මං- බැරිකමක්, පල්ලංකං අභුයිත්ව- පලක් අවුළුවා

4. පාලි පද සිංහලයට පෙරළා ගැනීමේ දී සංස්කෘත වචන යෙදීම. මුච්ඡාවසේන අතඤඤිභූතානං- මර්ච්ඡා වශයෙන් 

5. කලාතුරකින් දෙමළ වචන පවා යෙදීම උද- කාඩිදිය, මරමඩිය, අන්නි (සුරවීර, 2008)

මහාබෝධිවංසයට පරිකථාවක් ලෙස වියතුන් සඳහා ලියැවුණු මෙම කෘතියෙහි අර්ථ හා ශබ්ද මාධුර්යයෙන් අනූන වූ භාෂාවක් උපයෝගී කොටගෙන තිබෙන බවට මෙම පාඨය කදිම සාධකයකි. ගුරුළුගෝමීන්ගේම තවත් කෘතියක් වූ අමාවතුර පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහ මෙසේ පවසයි.

“ගුරුළුගෝමීහු අතින් හැඩගැසුණු දේශීය මාර්ගයක් ලෙස සැලකිය යුතු අමාවතුර රීතිය නවීන කවර බසක වුවද උසස් සරල රීතියට දෙවන නොවන්නකි.”

ගුරුළුගෝමි අමාවතුර රචනා කරනුයේ පාලි හා සංස්කෘත නොදත් සිය බසෙහි නිපුණ ජනයා සදහා බව සදහන් කර ඇත. බුදු ගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත් නොපිළිවලින් එහි පුරිසදම්මසාරථි යන පදය ගෙන අප බුදුන් පෙරුම්පුරා බුදු වැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසමින් තුන්ලොව්හි සැරිසැරැ විෂම පුරුෂයන් දමා අමා මහ නිවන් පැමිණිවූ සේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැබෙවින් දක්වනු ලැබේ. 

ගුරුළුගෝමී පූර්වොක්ත ග්‍රන්ථය රචනා කර ඇත්තේ සාමාන්‍ය ජනයා අරමුණු කරගෙනය. මොහු ධර්මප්‍රදීපිකා නම් ග්‍රන්ථයක් ද රචනා කර ඇත. එහි එන සුළුකලිගු දා වත තුළින් මොහු තුළ පැවැති බුද්ධිමය පාඨවය පැහැදිලි වේ. ගුරුළුගෝමී පොළොන්නරු යුගයේ ක්‍රි.ව 10 හෝ 11 වන සියවස් අතර විසුවකු ලෙස සැළකිය හැකි බව ඒ.වි සුරවීර සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය නැමැති ග්‍රන්ථයේ සදහන් වේ. අමාවතුර සිංහල සාහිත්‍යයෙහි රචනා වු ශ්‍රේෂ්ඨ මුල්ම ගද්‍ය කාව්‍යය ලෙස හැදින්විය හැක. ගුරුළුගෝමී සැබෙවින් දක්වම් යනුවෙන් දක්වා ඇත්තේ ඒම කාලය වන විට බුදු සිරිත හා ඒ හා ආශ්‍රිත තොරතුරු බොහෝ ග්‍රන්ථවල දැකිය හැකි වූ බැවිනි. ඒම නිසා නවමු මගකින් ගුරුළුගෝමී බුදු සිරිත විශේෂයෙන් පුරුෂ ධම්ම සාරථි ගුණය වර්ණනා කර ඇත. අමාවතුර තෙවලා දහම හා පෙළ අටුවා ආශ්‍රය කරගෙන රචනාකර ඇති බැවින් උසස් කෘතියක් නොවන බැව් ඇතැමෙක් සදහන් කරති. නමුත් මෙහි ගුරුළුගොමී සියලූ විස්තර දක්වා ඇත්තේ හාස්‍ය රසය ජනිත වන අයුරිනි. ගුරුළුගෝමී අවශ්‍ය අවස්ථාවන්වලදී ධර්ම කරුණු සාහිත්‍ය රසය අතරින් මතු කර දක්වයි. 

උපමා සදහා ලෙව් ලැකිය වෙනුවට කව් ලැකිය උපයෝගී කරගනිමින් රචනා ශෛලිය අතින් මෑත කාලය වන තෙක් නොපෑ විරු වෛශරෙද්‍ය බවක් ඔහු දක්වා ඇත. අප කතුවරයා කථා වස්තු තෝරා ගැනීමෙදීත් එහි පිළිවෙල සැකසීමෙදීත් විශේෂ දක්ෂතාවක් ප්‍රදර්ශනය කර ඇත. කථා වස්තු ඉදිරිපත් කිරීමෙදීත් විධිමත් බවක් දක්නට ලැබේ. පොදු ජනයා ආශක්ත වන අමාවතුරේ කව් ලැකිය හා භාෂාව පොළොන්නරු යුගයේදී සිංහල සාහිත්‍යයෙහිලා සංස්කෘත ආභාසය බොහෝවිට දක්නට ලැබුණි. වෙසතුරු දා සන්නේ, ජාතක අටුවා ගැටපදය හා ධර්මප්‍රදිපිකාව රචනා කර ඇත්තේ සංස්කෘත තත්සම වදන් බහුල මිශ්‍ර සිංහලෙනි. මෙම ග්‍රන්ථවල පමණක් නොව සමකාලීන ශිලා ලේඛණවලද මෙම සංස්කෘත මිශ්‍ර සිංහල රිතිය දැක ගත හැකිය. අප බුදුන් කල්පශතසහස්‍රාධික චතුරාසංඛ්ය පරිමිත කාලයක් සමතිස් පැරුම් පුරා මාර සංග්‍රාමභූමි වූ මහා බොධි පර්යංකාරූඪවැ දුර්වාර පරිවාර මාර පරාජය කොටැ සර්වජ්ඤ පද ප්‍රාප්ත වැ පන්සාලිස් හවුරුද්දක් දිවස් චාතුර්ද්වීපක මහා මේඝයක් සෙයින්... අමාවතුර කතු සිය බස වශයෙන් සළකා ඇත්තේ මිශ්‍ර සිංහලය නොවු පාලි හා සංස්කෘත භාෂාවන්ගෙන් තත්භව වචන සහිත හෙළු බස යි. මෙම කතුවරයා බොහෝ සෙයින් ඇසුරු කර ඇත්තේ පාලි ලේඛණවීම පූර්වොක්ත කරුණට හේතුවක් වන්නට ඇත. 

බුද්ධ චරිතය වැනීම සදහා මොහු භාවිත කර ඇති බස්වහර ඊට අතිශයින් යෝග්‍ය විය. අමාවතුරේ දැකිය හැකි ඇ කාරය එහි භාෂාව සම්බන්ධයෙන් සැළකීමෙදී ඉතා වැදගත් වේ. පුර්වක්‍රියා අවසානයේ හා ආධාර විභක්ති ඒක වචනයෙහිද බොහෝවිට ඇ කාරය යෙදී ඇත. අවධාරණාර්ථයේ බොහෝවිට මැ නිපාතය දක්නට ලැබේ. ි. අභිමත ස්ථානයන්වලදි සංස්කෘත හා පාලි තත්සම වචන භාවිත කිරීමට අමාවතුර කතු පසුබට නොවී ඇති. සවන්ඤණ, වායව්‍යා දෙසෙහි, ඍද්ධි පෙළහර, සර්වඥ පවරුනෙන් වැනි වදන්වලදී තත්සම හා තත්භව වදන මිශ්‍රව යෙදී ඇත. ඒහි භික්ඛුභාවයෙන් ,නි්‍යාණික යනාදී පාලි තත්සම වචනද සැබෙවින්, සථරහු, විබෙව්, ධැමිට්, සිමුතජ්ඣන් වැනි අර්ධ තත්සම වචන භාවිත තර ඇත. සිටී වැනි පද අනුරාධපුර යුගයේ භාවිත වචන වූ බැවින් අමාවතුරේ භාෂාව සමකාලීන භාෂාවට වඩා පැරණි වේ. සංස්කෘත වචන හා සම්බන්ධ සජිවි ගුණය වෙසසා සැලකූ බව අමාවතුරේ යෙදෙන යෙදුම් තුළින් පැහැදිලි වේ. යම් සේ ඔහුගේ අස්සජි නම් ප්‍රසිද්ධ මහ සවුවා විසින් පිහිටා කී දැයෙක් ඇත් ද, ඉදින් මහණ ගොයුම් එසෙයින් එහි පිහිටුයේ යම් සේ බල ඇති පුරුෂයෙක් දිග් ලොම් ඇති එළුවක්හු ලොම ගෙන මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරේ ද, එසෙයින් මැ මම් මහණගොයුම්හු හා වාදයෙන් වාද කොට කථාමාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි.  

සච්චකයා හට උහු දකිත් මැ උත්ත්‍රාස ඇති වියැ. උද්වේග ඇති වියැ. රෝමහර්ෂ ඇති වියැ. සියල් සිරිර ස්වේද වැහිණැ. 

අමාවතුර රචනා කළ කාලය වන විට භාෂා පරිණාමය අනුව සිංහල මධ්‍යම මධ්‍යාවධිය උදා වී තිබුණි. මෙම කාලය වන විට මාතෘ භාෂාගත වචනවල ජ’ නාරය වෙනුවට ද’ කාරය ආදේශ වි තිබුණි. නමුදු මෙහි ඇති යොජුන්, පැවිජි යන පද වලින් මෙහි භාවිත වු භාෂාව යම්තාක් දුරකට පැරණි වේ. එම නිසාම ගුරුළුගෝමී සිය බසින් පවසන ලෙස සදහන් කරන්නට ඇත්තේ මෙම භාෂාවයි. සමකාලීන වෙනත් කෘතිවල දක්නට නොලැබෙන අල්ලේ දවස්, ඇක්මෙයි, එප්සෙයි, කළුවණ, ගැඹිලියො, ගොහමින්, පිරිපසමින්, මල්ලරෙක්, රැයිම්මෙහි, රුක් වඩියෙක්, සැමිවටනට, සොසමින්, විරමින් වැනි වදන් දක්නට ලැබේ. 

වාක්‍ය වින්‍යාසයේ දී උක්ත, කර්මය හා ආඛ්‍යාතය පිළිවලින් යෙදීම සාමාන්‍ය සිංහල රීතිය වුවද පොදු ජන රුචිකත්වය හා වාචික භාෂාවට යම්තාක් දුරට සමීප කිරීම සඳහා මෙන්ම අලංකාරීත්වයක් ඇති කිරීම සදහා මෙය වෙනස් කර ඇති අයුරක් දක්නට ලැබේ. පැතිර ගිය ඒ හඬ දෙවියෝ කිසි කෙනෙකුන් නොඇසිය දුන්හු,... චේතනා මුල් කොට ඇත්තේ යැ කර්ම, ....එයින් තා සැවැ ආ පරිදි තෝ නොදන්නි... මෙම වැකිවලදී උක්ත, ආඛ්‍යාත හා කර්මය වෙනස් කර ඇත. 

අමාවතුර රචනා කිරීමෙදි උපමා අඩුවෙන් භාවිත කර ඇත. නමුත් භාවිත උපමාව හා උපමේය සමාන ධර්මය මනාව ගැළපෙන පරිදි සුදුසු ස්ථානයට ඇතුළත් කර ඇත. අළවු යක් ඒ දැකැ, හඟ බුන් ගොනක්හු සෙයින්, දළ බුන් සපක්හු සෙයින් ,තෙජ නැති වැ, මද නැති වැ, මන් නැති වැ,... යම් සේ කිරි මවු කිරි නොබොන දරුවා යමු කවර දැයක් දි නළවා පොවා ද, එ සෙයින් මැ බුදුහු යක්බිළිදුහු ලොව්තුරාදහම් අමාකිරි පෙවියැටි වැ උහු කැමැති දෑ කිරීමෙන් නළවා මෙසෙ කොළො මෙම උපමා අවස්ථාවට ගැළපෙන පරිදි දැක්වේ, එයින් බුදුන් හා ගැටීමෙන් ආළවක යක්ෂයා මුහුණ දුන් ස්වභාවය මැනවින් දැක්වේ. 

ග්‍රන්ථයේ උපමා බොහොමයක් දේශීය ජනතාවට වැටහෙන දේශීය උපමාවන් වේ. එහි උපමා කව් ලැකියෙන් ගත් උපමානේ වේ. උපමා රූපක ගැන විමසා බැලූවත් අමාවතුර හැර අන්‍ය ග්‍රන්ථ සියල්ලම පාහේ තෝරා ගෙන ඇත්තේ පොදු ජනයාගේ මනොවෘත්තීන්ට ගෝචර වන උපමා රූපකයි. එම කරුනෙන්ද අමාවතුර වෙනස් මගක් ගනී. පූජාවලීය, රත්නාවලිය, බුත්සරණ වැනි ග්‍රන්ථවල බහුල වශයෙන් යොදා ගෙන ඇත්තේ ලෙව් වැකියෙන් ගත් උපමා ය. එහෙත් අමාවතුරේ දැකිය හැක්කේ කව් ලැකියෙන් ගන්නා උපමාය. අමාවතුරේ රචනා ශෛලිය පුරාවටම ඖධාර්ය ගුණය පැහැදිලිවම දක්නට ලැබේ. අන් කිසිදු ගත් කරුවෙකුට ගුරුළුගෝමී කතුවරයෙකුට එම ගුණය තුළින් දෙවැනි නොවෙති. අඟුල්මල් සොරහුට වැඩ සදහා දිනක් බුදුන් වහන්සේ දෙව්රමින් වැඩි සේක. එසේ වැඩි අවස්ථාවේ මිනිසුන් බුදුන්ගේ ගමන වැළැක්වීමට ගත් උත්සාහය මෙහි මනාව දැක්වේ. බුදු හිමියො බුදු රුස් විහි නොවිදුවමින් වැඩි සේක. මහණ, එ මගට නො යා. එ මග අගුල්මල් නම් සොරෙක දරුණ. ලෙහෙ මුඬු අත් ඇත්තේ ය. සතුන් කෙරේ කුළුණු නැත්තේ යැ. ගම් නොගම් කෙළේ. මිනිසුන් මර මරා ඇඟිලි විදැ මාලා කොටැ ධරයි. මහණ, තෙල මගට මුරුෂයෝ දස දෙනෙකුදු විසි තිස් සතළිස් පනස් දෙනෙකු දු සැක ඇති වැ සන්නද්‍ධ වැ වග වග වැ යෙති. අමාවතුර කතුවරයාගේ භාෂා නෛපුණ්‍ය අති විශීෂ්ඨ ය. 


ආනන්ද කුලසූරිය මහතා පෙර කරුණ ලක්ෂණ තුනක් යටතේ විස්තර කරයි. 

1. උසස් ලෙඛකයෙකු කෙරෙහි පිහිටා ඇති ශක්තියක් වන වචන ඉතා පිරිමැස්මෙන් යෙදීම. 

2. වදන වලින් සම්පූර්ණ ප්රයොජන ගැනීම. 

3. සිතට කනට දෙනට ම ප්‍රිය වන සේ වචන හැසිරවීයම. කතාව කෙටියෙන් කියමින් වචන පිරිමැස්මෙන් යෙදීම අමාවතුරෙහි දැක්වේ. 

යොදන වචන මනා අලංකාරීත්වයකින් එහි යොදා ඇත. පොළොන්නරු යුගයේ සාහිත්‍ය සදහා සංස්කෘත අලංකාරයේ බලපැම එල්ල විය. මෙම ග්‍රන්ථය මුළුමනින්ම එයට නැඔුරු වී නැති අතර අලංකාර බහුල තැන්ද දැකිය හැක. එය මෙහි කතුවරයාගේ භාෂා ශෛලිය මිස සංස්කෘත අලංකාරය නොවන්නට ඇත. එක හා සමාන උච්චාරණයකින් යුතු ඡේක අනුප්‍රාසය සහිත වැකි මෙහි බහුල වෙයි. ඒ තුළින් ශ්රෝතෘ ජනයාගේ සිත් සතන්හි ප්‍රබෝධ ජනක සිතුවිලි ඇති කිරිමෙහිලා සමත් වේ. 

නියම් ගම් නොනියම් ගම් කෙළේ. මිනිසුන් මර මරා ඇඟිලි විදැ මාලා කොටැ ධරයි. මහණ, තෙල මඟට පුරුෂයෝ දස දෙනෙකුදු විසි තිස් සතළිස් පනස් දෙනෙකු දු සැක ඇති වැ සන්නද්ධ වැ වග වග වැ යෙති. ඔහු දු අඟුල්මල් සොරහු අත නසති’ කී හ. 

අමාවතුරෙහි දැකිය හැකි තවත් සුවිශෙෂි ලක්ෂණයක් වන්නේ මෙහි යෙදී ඇති සුඛනම්ය බසයි. එය ගීතවත් ලෙසින් මෙහි එයි. ගලා හැලෙන දිය දහරක් මෙන් එකිනෙකට බැදි පද්‍ය සමූහයක් මෙන් රසවත් බසකින් ශෝතෘ ජනයා හර්ෂයට පත් කරයි. චිත්තජ රූප මැවෙනා සැටියෙන් වර්ණනා දැකිය හැක. ඔහු දැරියගේ සිරි යහන් ගැබට වැද දැරිය හැරගෙන සුපිපි කැහැල රුකෙක්හි මල් අතු බිදින්නවුන් සෙයින් ඇයගේ සර්‍වාභරණ ගලවා නියෙන් සීමානත දක්වා සැඩොල් කෙහෙ බැඳ නිල් පිළියක් හඳවා නිල් පියල්ලක් අතැ බැඳ කණැ තඹුපට පලඳවා තල්පත් පැසක් දී දෙ අත කර ගෙණ පහයින් බහා අතුර‘තී සැමියා ගෙන ය‘යි මහසත්හු හට දුන්හු’’ තමා රචනා කරන්නේ ධර්‍ම ග්‍රන්ථයක් යැයි ගුරුළුගෝමී නිති සිහි තබා ගත් කරුණක් වේ. තම අභිමතාර්ථයට පටැනි ලෙසින් ග්‍රන්ථයට කිසිවක් ඇතුළත් කිරීමට ඔහු උත්සාහ දරා නැත. 

කෘතිය තුළින් කතුවරයා තුළ වු සංයත බව මැනවින් ප්‍රකට වේ. අවශ්‍ය අවස්ථවේදී යොදන වර්‍ණනා තුළින් පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට ඔහු සමත් වී ඇත. ඒ සදහා දිට්ඨ මංගලිකාව වර්‍ණනා කිීරිමට යෙදෙන වැනීම නිදසුනක් ලෙස විමසා බැලිය හැක. බරුණැස් නුවර හතලිස් කෙළක් ධනය ඇති සිටක්හුගේ දිට්ඨ මංගලිකා නම් එකම දුවක් වුව. යහපතැ පැහැපත රූපත හෝ රූප සමාපත්තීන් කුලසමාපත්තීන් භෝග සමාපත්තීන් සමාපන්න වන බැවින් බොහෝ දෙනා විසින් පතන ලදු බුද්ධිමත් ජනයා මෙහි පාඨක පිරිස, ශ්රෝතෘ පිරිස වන බැවින් කෙටි වාක්‍ය මෙහි බොහෝවිට දැකිය හැකිය. 

කෙටි වාක්‍යයකින් පුළුල් බුද්ධි පරාසයක් ආවරණය කිරීමට ගුරුළුගෝමි සමත් බව ප්‍රකට කරුණකි. නමුත් සෑම විටෙකම කෙටි වාක්‍යයෙන් රචනා කර අසන්නන් තුළ ආලස්‍යයක් ඇති වීමට ඔහු ඉඩදී නොමැත. කෙටි වාක්‍යයන් මධ්‍යයෙහි දීර්ඝ වැකි දක්නට ලැබේ. උහු ගේ ගමනට අන්තරාය කළ මැනවීයි සිතා බැණ-ගෙන, තමා ගේ ගුණ කී කල සතුට් නොවන සතෙක් නම් නැති. උහු පගේ ගුණ කියා වළකවම්හ‘යි උහු කරා ගොස් සැබැවැතා මහණ භවත් ගොයුම්හු කරා යන්නේ යැ ? යි. පිළිවිසැ සැබැවීයි කීයෙන් තෝ ඔහු කරා නො යා. තෝ උහු දක්නට යන්නට නොනිස්සෙහි. හේ තා දක්නට එන්නට නිස්සැ. තෝ ඉදින් උහු කරා ගියෙහි නම්, තාගේ යශස් පිරිහෙයි. ත්‍රිවේදයෙහි පාරයට ගියෙහි, අභිරූපයෙහි සිල්වත්හි, ප්‍රිය තෙපුල් ඇත්තෙහි, තුන්සියක් බමුණු දරුවනට ඇදුරෙහි, නොඑක් දිසායෙන් බමුණු දරුවො අවුදු තා කෙරෙහි ශෘස්ත්‍ර උගනිති බදුන් වහන්සේගේ අති මානුෂික ගුණ ධර්‍ම වැනිම බොහෝ ග්‍රන්ථ වලින් සිදුවි ඇතත් උන්වහන්සේගේ උත්තර මානුෂික ගුණ ධර්ම වැනීම සිදු කර ඇත්තේ අමාවතුරෙහිය. 

බුත්සරණෙහි බුදු ගුණ අති මානුෂික අපුරින් උත්කර්ෂයෙන් වනා ඇත. එහි බුද්ධප්‍රාතිහාර්යන් වනා ඇති අයුරින් අමාවතුරේ වනා නැත. කුතුහලය ,හාස්‍ය හා අද්භූත වැනි දේ කාලීන ආස්වාදනයන්‍ය. මෙවැනි රසාස්වාදනයන්ට වඩා මෙහි රසාස්වාදනය සර්වකාලීනය. සර්ව කාලීන පොදු ජන රුචිකත්වයට අනුව මෙය රචනා කර ඇත. පෙර කවීන් නොපෑ විරූ බුද්ධිමය පෙළහරක් කළ ගුරුළුගෝමී ගුරුළුගෝමී නොවියත් හුදී ජනයන් යන පාඨයෙන් අදහස් කරන්නේ පාලි හා සංස්කෘත භාෂාවන්හි දැනුමක් නොමැති සිය බස දත් බුද්ධිමත් ජනයා වෙයි. අමාවතුර රචනා කර ඇති සැකිල්ල පිළිබද අවධානය යොමු කිරීමෙන්ද එම කාරණය මැනවින් පැහැදිලි වේ. 

ඇතැම් ග්‍රන්ථයන්හි නව ගුණ හැම නොපිළිවලින් කියා තිබෙතත් මෙහි පුරිසදම්ම සාරථි යන පදය ගෙන ගෙන පිළිවෙලකට එය විස්තරවන සේ දමන කථාවන් ගෙනහැර දක්වා ඇත. ඒ අනුව දුර්දාන්තදමන, ස්වසන්තානදමන, පරසන්තානදමන, ගහපතිදමන ආදි ලෙසින් යම් කිසි පිළිවෙලක් අනුගමනය කර ඇත. සමාජයේ උසස් යැයි සම්මතවූවෝ මුලින්ම බුදු හිමියන් විසින් දමනය වූ අයුරු මුලින්ම දැක්වේ. සමාජයේ පහත්ම පිරිස වූ වෛශ්‍යයෝ සමාජයේ පීඩා විද ජීවත්වන්නන් වූ බැවින් දමනය කරීමක් අවශ්‍ය නොවීය. මෙහි රචනා ශෛලීය තුළින්ද පැහැදිලි වන්නේ මෙය බුද්ධිමතුන් සදහා රචනා කර ඇති බවයි. මෙහි කෙටි රචනා ශෛලියක් අනුගමනය කර ඇත. වැඩි විස්තර ඇතුළත් නොවන්නේ මෙය කියවන්නේ හා අසන්නේ බුද්ධිමතුන් බැවිණි. මෙහි ඇති උපමාවලින් වැඩි කොටස කව් ලැකියෙන් ගත් උපමා වේ. 

අමාවතුර භාවිත රචනා ශෛලිය තුළින් අන්තර්ගතය අවබෝධ කර ගත හැක්කේ බුද්ධිමතුන්ට පමණි. අප කතුවරයා බුද්ධියට ආමන්ත්‍රණය කරන කවියෙකි. ඔහු දමනකතා ඇතුළත් කර ඇත්තේ ඉතා බුදධිමත් ආකාරයකට ය. සමාජයේ උසස් යැයි සම්මත වූවන් මුලින් ඇතුළත් කර ඇත. පහත් යැයි සළකන පිරිස මෙහි ඇතුළත් නොවන්නේ ඔහුන් දැමිය යුතු පිරිසක් වශයෙන් නොසැළකු බැවිනි. අවශ්‍ය අවස්ථාවට ගැලපෙන පරිදි කරුණාදි රසයක් ජනිත කරමින් සුදුසු වාක්‍ය රටාවක් අනුගමනය කර ඇත. මොහුගේ ලේඛණ රටාව මෙසේ විමට භාවිත මූලාශ්‍රයන්ද හේතු වී ඇත. තෙවලා දහම හෙ පෙළ අටුවා භාවිත කර ඇති බැවින් ඇතැම් ස්ථානයන්හි පාඨාවලියන් අනුවාද බව පැහැදිලි වේ. නමුත් ගුරුළුගෝමීන් සතු ප්‍රතිභාව එයින් හීන වි නොමැත. ඔහු මෑත කාලය වන තෙක් නොපෑ විරු භාෂා හරඔයක් හා පෙළහරක් සිදු කර ඇත. 

අමාවතුරේ කතා සියල්ලම පාහේ හේතුඵල සම්බන්ධතාව මත විකාශනය කර ඇත. අහිංසක යන පුද්ගලයා අංගුලිමාල වීමත් පසුව අංගුලිමාල තෙරුන් වීම දක්වා සංක්‍රාන්ති අවධි සදහා වූ හේතු හා ඵල දක්වා ඇත. මෙම හේතු ඵල සම්බන්ධය වනාහි වර්තමාන සමාජයේ පුද්ගල විපර්යාසයේ යථාර්ථයටද ඍජුවම සම්බන්ධ වේ. උපාලි දමනය හා සච්චක දමනය වැනි කථාවලින් බෞද්ධ දර්ශනයේ වූ ගැඔුරු දහම් කොටස් ඉතා සරලව විග්‍රහ කරයි. උපාලි දමනය කිරීමේදී සිත සෑම ක්‍රියාවකම මුල් තැන ගන්නා බවට පැහැදිලි කිරීමට යොදා ගන්නා දණ්ඩකාරණ්‍ය වැනි කතා විවිධ දෘෂටි කෝණයන්ගෙන් වැදගත් වේ. එහි මෙධාරණ්‍යය විස්තර කිරීමට ඉදිරිපත් කරන දිට්ඨමංගලිකා කථාව තුළින් කුලීන හා කුලහීන ගැටුම විස්තර වේ. එසේම එහිදි බ්‍රහ්ම වැනි සංකල්ප පිළිබඳව විමර්ෂණාත්මකව බැලිය යුතු බව ගුරුළුගෝමී අවධාරණය කරයි. ඒ තුළින් එම සංකල්ප හා කුලවාදය හිස මුදුනෙන් ගත්තවුන් පිළිබඳද උපහාසක් මතු කර ඇත. 

බුත්සරණ වැනි ග්‍රන්ථයන්හි බුදු ගුණ අති මානුෂික ස්වභාවයෙන් විස්තර කර ඇත. නමුදු අමාවතුරේ බුදු ගුණ ඇතුළත් කර ඇත්තේ උත්තර මානුෂික වශයෙනි. බුත්සරණේ ප්‍රාතිහාර්ය ආදියට විශේෂ ස්ථාණයක් හිමි කර දීමෙන් අද්භූත රසයන්ට මුල් තැනක් හිමි කර දී ඇත. නමුදු අමාවතුර සර්ව කාලීනව පාඨක මනෝ නන්දනය කරන උසස් සාහිත්‍ය අගයකින් යුක්තය. හැදින්වීම ගුරුළුගෝමීන් විසින් රචිත අමාවතුර යනු සිංහල සාහිත්‍යයෙහි පහළ වු විශිෂ්ඨ කෘතියක් වේ. බුදු ගුණ වැනීම විවිධ පුස්තකයන්හි ඇතුළත් වී තිබු නමුදු මෙහි බුදු ගුණ අතුරින් පුරුෂදම්ම සාරථි යන බුදු ගුණය ක්‍රමවත්ව විස්තර වේ. 

පොළොන්නරු යුගය තුළ සංස්කෘත භාෂාව සදහා වැඩි පිළිගැනීමක් පැවතී ඇත. එම නිසාම මෙම යුගයෙහි රචිත කාව්‍යයන්හි සංස්කෘත ආභාසය මැනවින් දැකිය හැකි වේ. භක්තිවාදයටද විශේෂ සැලකිල්ලක් ලැබුණේ හින්දු දහම යම්තාක් දුරට ප්‍රබල වීමත් සමගය. මෙම සාධකයේ බලපෑම නිසාම මෙම යුගයේ රචිත සිංහල සාහිත්‍ය තුළින්ද බුදු හිමියන් කෙරෙහි භක්තිය ඇති කරවන ග්‍රන්ථ රචනා වී ඇත. අමාවතුර සිංහල සාහිත්‍යයහි උසස් කෘතියක වටිනාකම රදවාගෙන ඇත්තේ විවිධ කාරණාවන් ගණනාවක ප්‍රතිඵලයක් ලෙසිනි. 

මෙහි උපයුක්ත භාෂාව විචිත්‍ර ය. කෙටි රචනා ශෛලියක් අනුගමනය කර ඇතත් අර්තෝපත්තියෙහි සංක්ෂිප්ත බවක් ඇති වී නොමැත. මනහර ලෙස භාෂාව හසුරුවා ඇත. කෘතියේ සන්දර්භය දෙස බැලීමෙදීද විධිමත් හා තර්කානූකූලබවක් තිබේ. කථාවස්තු හේතුඵල සම්බන්ධතාව මත විකාශනය කර ඇත. මෙවැනි කරුණු පිළිබඳ විචාරාක්ෂිය යොමු කිරීම මෙහි දි සිදු කර ඇත. අමාවතුරේ කථාවස්තුවලින් පිළිබිඹු වන්නේ රචකයාගේ පාණ්ඩිත්‍යයම නොව පොදුජන බසේත් බුද්ධිමය චින්තනයේත් සංකලනයකි. 

ඔහුගේ පාණ්ඩිත්‍යය පිළිබඳ ගතුගතෙකු වූ ආනන්ද මෛත්‍රිය මාහිමිහු මෙසේ පවසති. ...සකු මගද ඈ බස් දතුවෝ එදා මහා පඬිහු යැ. ඔහු මහ මිහිඳු පරපුරින් ගෙනැ ආ බණ පෙළ බසින් හා හෙළ බසින් හා රැක්කාහ. අන් බොදුනකාහි බණ හා බැහැරි සිප්සතර හා සකු බසින් හදාළහ. ගුරුළුගෝමීහු එහැම දහම් සතරෙහි නිපුණෝ යැ.... මෙයම සෑහේ ගුරුළුගොමීන්ගේ පාණ්ඩිත්‍යයට. අමාවතුරෙන් විශද වන පොදුජන බසේත් බුද්ධිමය චින්තනයේත් සංකලනය සංකේත ලෙස අමාවතුරෙන් ගුරුළුගෝමීහුගේ පාණ්ඩිත්‍යය පසක් වෙතත් එය එයටම සීමා වූවක් නම් නොවේමය. 

ඔහු සතු වූ භාෂා කෞශල්‍යය හා බුද්ධිමය චින්තනය එකට කැටි වුණ සෙයක්ද එමඟින් මතු වේ. ගුරුළුගෝමීන් අමාවතුර රචනයේදි අරමුණු කරගත් ශ්‍රාවක පිරිස නම් නොවියත් හුදී ජනයායි. මෙහි නොවියත් යනු කිසිවක් නොදත් ජනයා නොව, පාලි භාෂාව මැනවින් නොදත් ජනයායි. හුදී යන්න සුධී යන්නෙහි සිංහල ශබ්ද පරිණාම රූපයයි. එහෙයින් නොවියත් හුදී ජනයා යනු පාලි භාෂාව මැනවින් නොහදාළ සත්පුරුෂ ජනයායි. එසේ නම් මෙහි තිබිය යුත්තේ සාමාන්‍ය ජනයාට තේරෙන පොදු ජන වහරකුයි. ගුරුළුගෝමීන් විසින් භාවිත කළ භාෂාව තත් යුගයේ භාෂාව නොවෙතියි යනු පිළිගත් මතය වේ. අනුරාධපුර යුගයේ භාෂාව මෙහිදි භාවිතය. හලන්ත ශබ්ද හා අර්ධතත්සම වචන දක්නට ලැබෙන්නේ අනුරාධපුර යුගයේදීය. පොළොන්නරු යුගයේදි දක්නට ලැබෙන්නේ ස්වරාන්ත ශබ්ද හා සංස්කෘත තත්සම වචන සමූහයක්ය.

 අමාවතුරෙහි භාෂාව පිළිබඳ කොදාගොඩ ඤාණාලෝක හිමියෝ මෙසේ පවසති. පොළොන්නරු අවධියට අයත් මුවදෙව්දාවත - සසදාවත ආදිය ලියූ බස එ කල රටවැසියන් බුණූ බස් නොවේ. එසේ ද වත් ඒ කව් රටවැසියන් පිණිසැ ගෙතිණ. ගුරුළුගොමීන් ලියූ බස ද එ කලැ රටවැසියන් බුණූ බස් නොවතුදු ඔවුන් ගෙතූ ගත් රටවැසියන් පිණිසැ වෙයි. රටවැසියනට බසිනුදු වැඩදා වන සේ ලියයුත්තෝ නම් බස නිසි සේ දත් ව්යක්තයෝ මැ යැ.... කෝදාගොඩ ඤාණාලෝක හිමියන් මේ පවසන්නේ බුත්සරණෙහි හා සෙල්ලිපිවල එන බස පොළොන්නරු යුගයේ සාමාන්‍ය ව්‍යවහාරය යන සිතුවිල්ලෙක්හි පිහිටාගෙනය. සෙල්ලිපිවල හා අනෙකුත් ගද්‍ය ග්‍රන්ථවල බස සංස්කෘතයට නැඹුරුව හා ස්වරාන්තව සිටි පමණකින් එය පොළොන්නරුවේ සාමාන්‍ය ජනයාගේ බසයැයි උපකල්පනය කිරීම අනුචිත යනු අප හැඟීමයි. 

අනුරාධපුර යුගයේ පටන් පොදුජනයාගේ බස වූයේ පාලියට නැඹුරු වූ සිංහලයයි. පොළොන්නරු යුගය වන විට සංස්කෘත භාෂාව එය ආක්‍රමණය කරන්නට පෙළඹුණ සේය. එම පෙළඹීම නොඑසේ නම් සංස්කෘතය විලාසිතාවක් කරගැනීමයි සෙල්ලිපිවලින් හා අනෙකුත් ගද්‍ය ග්‍රන්ථවලින් පෙනෙනුයේ. පොදු ජනයාගේ භාෂාව සංස්කෘතයට නැඹුරු වූ විලාසිතා භාෂාව නොව බුදුදහම ලියා තිබූ හෙවත් අනුරාධපුර සමයේ සිට ක්‍රමිකව විකාශනය වෙමින් ආ භාෂාවයි. අමාවතුර තුළ ඇත්තේ රාජකීය කටයුතුවලිදි හා වියතුන්ගේ පණ්ඩිතමානි බවෙහි විලාසිතාව වූ සංස්කෘතයට නැඹුරු භාෂව නොව පාලියට නැඹුරු වූ පොදුජනයා දත් සාමාන්‍ය ව්‍යවහාරයයි. එහෙයින් අමාවතුර තුළ ඇත්තේ පාලිය ඇසුරෙන් සැකසුණ පොදුජන වහරයි. 

අමාවතුර මූලිකත්වය දී ඇත්තේ භක්තියට වඩා බුද්ධියටයි සියබසින් මා විසින් සැබෙවින් දක්වන ලැබේ. යන පාඨයට අනුව මෙම ගද්‍යය වර්ණනාතික්‍රාන්ත වූ සාටෝපවත් ගද්‍ය රීතියකින් ලියවුණක් නොවේ. සංක්ෂේපයෙන් ලියන ලද්දකි. සංක්ෂේපයෙන් කියූ දෙයක් වටහා ගැන්මෙහි සමර්ථහු නම් උගත්හුමය. එහෙයින් මෙය බුද්ධිය කේන්ද්ර කොටගත් රචනාවකි. අඩුවෙන් යමක් කියා වැඩියෙන් සිතීමට පොළඹවාලූ කෘතියකි. මෙහි එකම දෙය පුනපුනා කීම් ස්වල්පය. මෙම බුද්ධිගෝචර සංක්ෂිප්ත රීතිය ඔහුට පාලියෙන් ලැබුණු සේය. 

අමාවතුරෙහි බුද්ධිගෝචර රීතිය පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ කියති. අමාවතුර කියවන බුද්ධිමතකු තුළ හටගන්නේ බුද්ධියෙන් එළිය වුණු විසිතුරු ලොවකට පිවිසියෙකු තුළ ඇතිවන අදීන හැඟීමය. අනිත් ඇතම් සිංහල ග්‍රන්ථයන් කියවන කල ඇතිවන්නේ නන් විසිතුරු පාටින් බැබළෙන එළියෙන් එළිය වුව ද බොළඳ හැඟීම්වලිනුත් ශ්‍රද්ධාවෙනුත් අවිචාර බුද්ධියෙනුත් අඳුරු වුණු ලොවකට පිවිසියෙකු තුළ හටගන්නා දීන හැඟීමට සම වන හැඟීමකි.... ගුරුළුගෝමීහු තම ගත්හි කථා ඉදිරිපත් කිරිමේ පිළිවෙළ පවා බුද්ධිගෝචර අයුරින් කළ සෙයක් පෙනේ. දුර්දාන්ත දමනයේදි බුදුන් වහන්සේ බෝසත් අත්බැවි හිද විෂම පුරුෂයන් දැමූ බව ධ්වනිත කරයි. මෙලෙස කථාවන් ඉදිරිපත් කිරීමේ අනුක්‍රමය තුළ පවා ගුරුළුගෝමින්ගේ බුද්ධිමය චින්තනය විශද වේ. 

විද්‍යාචක්‍රවර්ති අංගුලිමාල කථාව පටන් ගන්නේ නූතන කෙටිකතා රචකයෙකු සේය. විද්‍යාචක්‍රවර්තිට මතු කිරීමට අවශ්‍ය වන දේ මතුවන තැනින් ඔහු කථාව පටන් ගනී. එහෙත් ගුරුළුගෝමි එම කතාව පටන් ගන්නේ උප්පත්තියේ පටන්මය ...කොසොල් රජහු ගේ භර්‍ග නම් පුරෝහිතයා පිණිස මනාතාණි නම් බැමිණි ගබ් ගෙනැ ? පුතකු ප්රසව කළා. ඔහු මව් කුසින් නික්මෙන කලැ සියලූ නුවර ආයුධ දිලිණ.... ආදි වශයෙනි. අමාවතුර කර්තෘ වූ ගුරුළුගෝමි මහෝපාසකට කථාවෙහි හේතුඵල සම්බන්ධය රකින්නට වුවමනා වූ සේය. බුත්සරණෙහි මෙන් අංගුලිමාල ඉඳුරා සොරෙකැයි කියන්නට ගුරුළුගෝමි රුචි නොවීය. අංගුලිමාල දිවිසොරෙකු වූ පරිදි කිසෙයැ කියන්නට ඔහු රුචි විය. එහෙයින්ම ඔහු කථාවේ මුලසිටම ගෙන හැර දැක්වීය. නමුත් මෙහි අනුරාධපුර යුගයේ සිට පාලියට හුරුව ක්‍රමිකව විකාශනය වූ බස් වහරකි. 

මෙහි ඇති භාෂාව නූතන භාෂාවෙන් පාවා වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. වචන කිහිපයක් හැරුණ කොට අනෙක් වචන සියල්ලම නූතනයේදී ද භාවිත වේ. එහෙයින් මෙම භාෂාව එකල පොදුජන වහරම වන්නට ඇත. එහි ඇති වෙසෙස් නම් කාව්‍යාත්මක භාවයයි. නොඑසේ නම් පද ගළපා ඇති පිළිවෙළයි. බුදුසමය විසින් පොදුජනයාට ලබා දී ඇති බුද්ධිමය චින්තනයක් නම් පුද්ගලයා කර්මානුරූපීව උප්පත්තිය ලබන බවයි. අමාවතුරෙන් මැනවින් එය ඉස්මතු වේ. 

බුදුන් වහන්සේ බෝසත් අත්බැව්හිදී චණ්ඩාල කුලයෙක්හි උපත ලැබූ බවක් දිට්ඨමංගලිකා කථාවස්තුවෙහි එයි. එයට හේතු වශයෙන් කර්ම පරවශ වීම දක්වයි. දිට්ඨමංගලිකා කථාවම උපයෝගි කොට ගෙන ඇත්තේ කුල සම්මුතියේ පවතින අඳුරු පැතිකඩ කෙරෙහි ශ්‍රාවක බුද්ධිමය චින්තනය අවධියෙන් තැබීමට සේය. ඒ සඳහා ගුරුළුගෝමී විසින් භාවිත කොට ඇති බස් වහරද අතිශය රමණීය වේ. තමා පහත් කුලයකට අයත් වීමට ඇති බියෙන් ලහි ලහියේ පිළියම් සොයමින් හැසිරෙන අයුරක් භාෂාව තුළින් පවා මතු වේ. එහිදීද පොදුජන වහරම වහල් කොටගෙන ඇත. කුලීන-කුලහීන ගැටුම පිළිබඳ අමවතුර තුළ ඇති බුද්ධිමය චින්තනය විශිෂ්ටය. “මේ නියායෙන් දවස් යත් යත්, දෙපස්හි සත් සත් ගෙහි මිනිස්හු නැඟී ඇපි තොප නිසා සැඬල් වන්නට නො නිස්සම්හ. අප නො නසව. දැරිය දී උහු හොත් තැනින් නඟා පියව යි කීහ.” 

පාලිය ඇසුරෙන් පෝෂණය වූ පොදුජන බසටත් මෙම කථාවම මැනවින් දෙස් දෙයි පොළොන්නරු යුගට වන විටත් පොදුජනයා මැනවින් පාලි භාෂාව දැන සිටින්නට ඇත. පාලියට හුරු වූ භාෂා ශෛලියට මෙවැනි නිදසුන් කොතෙකුත් උද්ධෘත කළ හැකිය. මානෙල් මලකුදු ඉතා බරැයි නොපළඳනා සිවුමැලි දැරි නැඟෙවි හිමි කියන්නී  උට්ඨාහි සාමි යි කිවැ. මහසත් උට්ඨාහ’ නම් නො වෙමි කී යැ. වැළි කුම් යෙම් දැ යි කිව. නැඟෙව, හිමි මාතඬ්ගය, කියා යි කී යැ. ඇය එසේ කී කල්හි, තී ගේ මිනිස්හු මා නැඟී හිඳුනා පමණ ශක්ති නැති කළහ. 

බුද්ධිමය චින්තනයකට අවශ්‍ය පසුබිම පාවා ඇතිවන පරිදි ගුරුළුගෝමින් ස්වකීය ග්‍රන්ථයට කථාවස්තු තොරාගෙන ඇත. අදාළ අනදාළ දෑ තෝරාගැනීමෙහි ගුරුළුගෝමිහු සමර්ථයහ. ඔහු උපාලි ගෘහපති හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවන බුද්ධිමය සංවාදය විෂයයෙහි ශ්‍රාවක කුහුල වඩවන සේ හේ බස හැසිර වීය. තම පාණ්ඩිත්‍යය පෙන්වා මහාජනයා අතර ක්‍රිර්තිශ්මි කදම්භයක් පතුරවනු රුචි වූවකගේ ගම්භීර පුරසාරමක මනෝවෘත්තීන් මැනවින් ධ්වනිත කිරීම්හි දස්කම් ගුරුළුගෝමීහු පෑහ. “යම්සෙ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවක්හු ලොමැ ගෙනැ මොබට ඔබට ඇදැ ආකර්ෂණ පරිකර්ෂණ සම්පරික්ෂණ කෙරේ ද, ඒ සෙයින් මැ ඒ සෙයින් මැ මහණ ගොයුම්හු ගේ වාදයෙන් වාද කොටැ කථාමාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි”  පොදුජනයා රජවරුන් කෙරෙහි කවදත් යම් යම් චින්තනයන් පැවැත්වූහ. 

පොදුජනයා අතර පැවති සාටෝපවත් නොවූ සරල සුගම අව්‍යාජ භාෂාවෙහි නොමැකෙන සටහන් ලෙස අමාවතුරු භාෂාව අපට පෙනේ. පොදුජනයා අතරට සංස්කෘතය විලාසිතාවක් ලෙස නොගියේ නූතන ඉංග්‍රීසි විලාසිතාව නොගොස් ඇති සේය. එහෙයින් එය අව්‍යාජ වූ පොදුජනයාගේ භාෂාව නොවෙයි. එසේම පොළොන්නරු යුගයේදි පාණ්ඩිත්‍ය විදහා පෑමෙහි මාණික්‍යමය ඔටුන්න වූ සංස්කෘත භාෂාව පොදුජන භාෂාව නොවෙයි. පොදුජන භාෂාව නම් සංකේත නිදර්ශන මගින් මතු කළ පෙළ දහම ඇසුරෙන් පෝෂණය වූ අව්‍යාජ වූ සරල භාෂාවයි. 

සමාලෝචනය අචල ශ්‍රද්ධාවකින් ඔද වැඩි මහෝපාසකයෙකු වූ ගුරුළුගෝමී උගත් සමයසමායන්තරයන්හි හා භාෂාන්තරයන්හි පාටවයට දෙස් දෙන අමාවතුරු කව පොදුජන බස කාව්‍යාත්මකව හැසිරීමට හා බුද්ධිමය චින්තනයටද දෙස් දෙයි. සියලු ගද්‍ය රචකයන්ම සංස්කෘත රීතිය ඔස්සේ ගමන්කළ යුගයෙක පොදුජන වහර ඔස්සේ හුදෙකලාව ගමන් කළ අමාවතුර කර්තෘ ඒ තුළ පොදුජනබසත් බුද්ධිමය චින්තනයත් සංකලනයෙන් මවන ප්‍රතිභාව ප්‍රශංසාර්හය. සැබැවින්ම ගුරුළුගෝමි ග්‍රන්ථාවසානය දක්වාම තම කව නොවියත් හුදී ජනන් උදෙසා බව අමතක නොකළ සේය. එහෙයින්ම ඔහු ස්වකීය ග්‍රන්ථය පුරාවටම පාලියට සමීප වූ පොදුජන බස හැසිරවීය. ඒත් සමඟම එයට මුසු කොට බුද්ධිමය චින්තනය ද මතු කළේය. ඒ හේතුවෙන්ම අමාවතුරේ කථාවස්තුවලින් පිළිබිඹු වන්නේ රචකයාගේ පාණ්ඩිත්‍යයම නොව පොදුජන බසේත් බුද්ධිමය චින්තනයේත් සංකලනයකි යන්නෙහි සත්‍යතාවක් පවති.






ආශ්‍රිත ග්‍රන්ථ


විමලවීර ස්ථවීර, බැද්දේගම (1964) අනුලා මුද්‍රණාලය, කොළඹ 10

වික්‍රමසිංහ. මාර්ටින් (2011) සිංහල සාහිත්‍යයේ නැගීම, සමයවර්ධන පොත්හල, කිරිබත්ගොඩ

මහාචාර්යය සුරවීර, ඒ. වී (2005) සාහිත්‍ය විචාර ප්‍රදීපිකා, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10

තිලකසිරි, සිරි (2002)  සාහිත්‍ය අටුවාව - පොළොන්නරු සාහිත්‍ය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10

මහාචාර්යය සුරවීර, ඒ. වී (2005) සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10

මහාචාර්යය ඒ. ඒ, අභයසිංහ, (1998) බුත්සරණ, අභය මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ, කඩවත

සෝරත හිමි, වැලවිටියේ, (1948) අමාවතුර, 

සිංහල සාහිත්‍ය,(1961) ආනන්ද කුලසුරිය,