Sunday 17 December 2023

හීන පාට කරන්න.. ඒන්න



කුමටද වෙන වෙන පාට

බොඳවුණ කඳුළුයි වැරහැලි ඇඳුමයි

හිල් පොල්කට්ටයි......

නටමු අපි පදේට

TAX තරිකිට TAX

 

ගැහැණු

 


                                        වැඩ ඇරී හනික දුවති වැඩට

සෙනේ

 


මොලොක් මගේ අතින් සිනිදු නුබේ අත කොහොමද සිඹින්නේ...

තුරුලට ආ දින සිට නුඹ මහ බරකි මට ජීවණ බරට වඩා

මන්ද මා නුඹ වෙනුවෙන් තැනු ලොවේ හිස් තැන් බොහෝමයි

ඒ හිස් තැන හිසතැනක් මය.

 නුඹ අසයි දිනෙක.................

තාත්තේ අම්මා කෝ මගේ කියා

කොහොමද මම පිසදා ලන්නේ එ කඳුළ

නුඹට හොරා

Monday 27 March 2023

කැලණිය විශ්වවිද්‍යාලයෙන් චිත්‍රපටයක්

 චිත්‍රපටය - වියසිදුරු

අධ්‍යක්‍ෂණ  ප්‍රභාත් අඟම්පොඩි

නිශ්පාදනය කැලණිය විශ්වවිද්‍යාලය

 

නිහඬ සිනමා යුගයෙන් අනතුරුව “කඩවුණු පොරොන්දුව” කථානාද චිත්‍රපට යුගය ආරම්භවීමේ මුලාරම්භය සනිටුවන් කරන්නට විය. එදා මෙදා තුර චිත්‍රපට නිර්මාණයේ දී මෙරට ආවේණික හැඩතලයක් නොතිබුණු අතර සිංහල සිනමාවට ඉන්දියානු සිනමාව අභියෝගයක් විය. සිනමාවේ එකී අභියෝගය ජයගැනීමට “රේඛාව” චිත්‍රපටයට හැකි විය. මෙරට ජනයා සිංහල සිනමාව කෙරෙහි ඇද බැද තබා ගැනීමට ලෙස්ටර් ජෙම්ස් පිරීස් මහතා දැරු ප්‍රයත්නය සාර්ථක විය. ඉන් පසුව සිනමාව තුළ ලාංකීය අනන්‍යතාවය රුගෙන යාමට සමත් චිත්‍රපට රුල්ලක් ප්‍රේක්‍ෂක ගත විය. වර්තමාන සිනමාව තුළ ද එකී හැඩතලයේ අක්මුල් සොයන සිනමා කරුවෝ තම නිර්මාණය අතැතිව බලා හිදිති. යුග පෙරළි පසු කරමින් ආ ගමන තුළ ලාංකීය සිනමාවට යට ගියාවෙහි පැවති සිනමා අභියෝග ජය ගැනීමට හේතු වී ඇත.

සිනමාව හුදෙක් බලා රසවිදීමට එහා ගිය ගැඹුරු පරිකල්පනාවකි. එදා මෙදා තුර සිනමා ඉතිහාසය පුරාවට සිනමා කර්මාන්තය ගොඩ නැගීමට විවිධ නිශ්පාදකවරු රැසකගේ හා පෞද්ගලික ආයතන රැසකගේ දායකත්වය ලැබුණි. ලාංකීය සිනමාව පිළිබද විවිධ කතා කන ගැටෙද්දී නොබෝ දිනක අසන්න ලැබුණේ ප්‍රථම වරට ජාතික විශ්වවිද්‍යාලයක් චිත්‍රපටයක් නිර්මාණය කළ බවයි. ඒ පිළිබද වැඩිදුර අදහස් දැනක්වීමට ”වියසිදුර” අධ්‍යක්‍ෂක වන කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යය වන ප්‍රභාත් අගම්පොඩි මහතා ය. ඔහු සිනමා හා රූපවාහිනි ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන සම්බන්ධීකාරක ලෙසින් ද කටයුතු කරයි. අපුර්වතම වු කර්තව්‍යයකට මුල පිරීමක් කිව්වොත් නිවැරදි. ජාතික විශ්වවිද්‍යාලයක් මෙවැනි කටයුත්තක් සඳහා උර දරන්නේ ඇයි ? කුමක්ද මෙහි අරමුණ? සාර්ථක අවසානය කවදාද එළිදකින්නේ? වැනි ප්‍රශ්ණ රාශියකට උත්තර බදිමින් අගම්පොඩි මහතා සාකච්ඡාවට එක් විය.

සිනමාව” මෙන්න මේකයි යන්න අර්ථකතනය කළ නොහැකිය. “වියසිදුර” දිග හැරෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වරට හදුන්වාදුන් සිනමා හා රූපවාහිනි ඩිප්ලෝමා පාඨමාලාව මුල් කරගනිමින් ය. සාමුහික ප්‍රයත්නයක අවසානයක් කිවහොත් නිවැරදිය. මෙකී පදනමක් තුළ ගොඩ නැගුණ “වියසිදුරු” පිටුපස විවිධ බාධක ඔස්සේ පැමිණි ගමනාන්තයක මංසලකුණු ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යනාංශය පසුකාලීනව මෙරට විද්‍යාර්ථින් සඳහා සිනමාව සහ රූපවාහිනි අධ්‍යයන පාඨමාලාවක් හදුන්වා දුනි. වර්තමානයේ වනවිට අවුරුදු 50 ක් වයසැති අධ්‍යනාංශයේ සියල්ල පිටුපස සිටින මහාචාර්යය ප්‍රැක්ටි්‍රක් රත්නායක මහතා සහ අධ්‍යනාංශයේ ප්‍රවීන සහ දක්‍ෂ ඇදුරු මඩුල්ල හමුවේ දිගු ගමනක් පැමිණීමට හැකි වී ඇත. සිනමාව බැරූරුම් එහි විෂය පරාසයේ පුළුල් බව වටහා ගත්  මහාචාර්යය ප්‍රැක්ටික් රත්නායක මහතා තම සිත තුළ නිර්මාණය වු සංකල්පනාවක් ක්‍රියාවට නංවමින් “සිනමාව” සදහා පමණක් වෙන් වු පාඨමාලවක් 2016 දී ආරම්භ කෙරුණි. පසුව මෙම පාඨමාලාවට අවශ්‍ය උපදෙස් මහාචාර්යය ඩී. බී. නිහාල්සිංහ මහතා විසින් සිදුවිය. මෙහි විෂය නිර්දේශය හා අනෙකුත් කටයුතු එතුමා අතින් සිදුවිය. නොනැවතුණු අධ්‍යනාංශයේ මීළඟ අභිප්‍රාය ලෙස 2017 දී සිනමා හා රූපවාහිනි පාඨමාලාවේ ආරම්භය සනිටුවන් කෙරුණි.

2017 දී ආරම්භ වු මෙම පාඨමාලාවෙන් බිහි වු නවමු අංකුරය එළිදැක්වීමට කටයුතු සුදානම්ය. ඒ“ වියසිදුරු” සිනමා කෘතියත් සමගය.

සිනමා හා රූපවාහිනි පාඨමාලාව මුලික වශයෙන් විවෘත වුයේ සිනමාව පිළිබද දැඩි ඇල්මක් ඇති සිනමාව නගා සිටුවීමට, සිනමා කේෂේත්‍රයට ඇළුම් කරන විශ්වවිද්‍යාලයට පරිභාහිර ශිෂ්‍ය පිරිසක් අරමුණු කරගනිමින් ය. මෙකී අරමුණ පෙරදැරි කරගනිමින් ආරම්භ වු පාඨමාලාවේ මුල් අඩිතාලම වුයේ ප්‍රයෝගික තලයක් සදහා සිසුන් හැසිරවීමයි. “වැඩකරමින් ඉගෙන ගැනීම සංකල්පයක් අපේ රටේ සියට සීයක් ක්‍රියාත්මක නැති සංකල්පයකි. එකී ඉගෙනුම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වීම මෙහි ප්‍රධාන අරමුණයි. ක්ෂේත්‍රයත් සමග එහි රසතැන් ස්පර්ශ කරමින් අභියෝගවලට මුහුණ දෙමින් ක්‍රියාකිරීම මෙකී පාඨමාලාවේ අරමුණ බව” අධ්‍යක්‍ෂ අංගම්පොඩි මහතා පැවසීය. තවද සිනමාව ප්‍රයෝගික සිසුන් අතරින් ගොඩ නැගීමේ අභියෝගය ජාතික විශ්වවිද්‍යාලයක් මුල පිරීම එක්තරා අභියෝගයක්. ඒ පිළිබද අගම්පොඩි මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි “සිනමාව ජාතික විශ්වවිද්‍යාලයකින් මුල්වරට ආරම්භ කිරීමේ දී එය සමස්ත ප්‍රජාවට පුර්වාදර්ශයක් සැපයිය යුතුයි. යන එන මගට චිත්‍රපට කිරීම සාර්ථක සිනමාවකට මඟ අහුරන්නකි.”

මෙම නිර්මාණයට සිනමා හා රූපවාහිනි පාඨමාලාවෙන් මුල පිරීම පිළිබද අගම්පොඩි මහතා දැක් වුයේ මෙවන් අදහසකි. “ පෙරහැරේ කසකාරයෝ ගමන දියත් කරා ..... ඉදිරියේ දී හොද හොද නැටුම් තියෙවි...” පෙරහැරේ කසකාරයා සද්දේ වැඩිලු. මුලාරම්භයේ දී ම ප්‍රයෝගිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණශීලි කලා කෘතියක් බිහිවීම සතුටට කාරණාවකි. සිනමාවක් හැදැරීමේ දී න්‍යාය පමණක් ඉගෙන ගැනීම සාර්ථක ඉගෙනුම් ඵල නෙලා ගැනීමක් නොවේ. ඒ පිළිබද ඔහු පවසන්නේ මෙබන්දකි “මෙහි තිර පිටපතේ සිට අවසානයේ තිරගත වීම දක්වා සිසුන්ට ප්‍රයෝගික පරීක්‍ෂණ වලට පෙනී සිටීමට සිදු වේ. සිසුන්ගේ පරීක්‍ෂණය අවසන් වන්නේ තිරගත වීමෙන් අනතුරුවයි.” ප්‍රයෝගිකත්වය අරමුණු සඵල කරගැනීමේ එක් යාන්ත්‍රණක් ලෙස වැඩකරමින් ඉගෙන ගැනීම සාර්ථකය. සිනමාව ප්‍රයෝගිකව අත්වින්දෙකුට එහි අස්සක් මුල්ලක් නෑරම ස්පර්ශ කළ හැකිවීම පහසුය.

වර්තමාන සිනමා කේෂේත්‍රය පිළිබද කතාකිරීමේ දී එහි කලා පකෂය පමණක් ප්‍රේක්‍ෂකගත කළ නොහැක. වර්තමාන සිනමා ශාල තුළ ප්‍රේක්‍ෂකත්වය බිඳවැටෙන කාලයක වාණිජත්වයෙන් තොර සිනමාවක් අපේක්‍ෂා කළ නොහැක. සිනමාව තුළ කලාව පෙරටු කරගත් වාණිජත්වයේ සංයෝජනයක් තිබිය යුතු මනාය. වර්තමාන සිනමාවේ යථාර්ථය එයයි.

කැලණිය විශ්වවිද්‍යාලය සිනමා නිර්මායක් සදහා දායකත්වයක් ලබා දීම සහ එහි පිටුපස යෝධ ශක්තියක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතා මතක් කළ යුතුය. එතුමාගේ අදහසක් ක්‍රියාවට නංවමින් “ප්‍රතිරූප කළමනාකරණය” නමින් නව සංකල්පයක් ගෙන ඒම විශ්වවිද්‍යාලීය ප්‍රතිරූපය ඉහළ නැංවීම මුලික අරමුණක් විය. මෙකී පදනම සහ අධ්‍යයක්‍ෂ ඇතුළු කාර්යයභාරයට උරදුන් සැමගේ මුල්‍යදායකත්වයෙන් “වියසිදුරු” සදහා අඩිතාලම වැටුණි.

සිනමාව රැල්ලක් වු කාලයක සිනමාවක් කිරීම භාරදුර කටයුත්තක් නම් නොවේ. මේ පිළිබද විමසීමේ දී ඔහු මෙසේ පැවසීය. “එකී භාරදුර කටයුත්ත පිටුපස දිරිදුන්නෝ සේම බොහෝ අවශ්ථාවල බිඳ වැටීම්වලට හේතු වු අදහස්, අභියෝගවලට මුහුණ දුන් අවස්ථාද තිබුණා. සිනමාවේ මුල් අඩිතාලම එනම් පුර්ව නිශ්පාදන කටයුතුවලදී සියල්ලෝම ලහි ලහියේ වැඩ උනන්දුවෙන් පටන් ගත්තා. ඒ අතර තිර පිටපත් සිසුන් අතරින් ඉදිරිපත් වුණා. නිර්මාණශීල්වයෙන් පොහොසත් බොහෝ නිර්මාණ සිත්ගත් අතර වර්තමාන සිනමා වාණිජත්වය මත යම් යම් නොගැලපීම් ඇතිවුණා. පසුව තිරපිටපත ලිවීම ආරම්භ වුනා. අධ්‍යනාංශයේ බොහෝ විද්වතුන්ගේ උදව් උපකාර මත නිර්මාණශීලි තිරපිටපතක් ලියවුණා.”

සිනමාව හදාරන්නෙකුට නිර්මාණය කරනු ලබන අධ්‍යක්‍ෂකට උචිත රීතියක් පවතී. ඒ ආකාරයේ රීතියකට යටත් වීම ලෙහෙසි පහසු කාර්යයක් ද නොවේ. “වියසිදුර” චිත්‍රපටයට කුරසෝව රසෝමන්ගේ සිනමා රීතිය මෙහි ගැබිව පවතී. රසෝමන්ගේ සිනමා කෘතිවල ගැඹුරු අර්ථකථන අනුගමනය කරනු ලබයි. එනම් එකම මනුෂයා එකම සිදුවීම පිළිබද විවිධ උපකල්පනයන් දෙනු ලබයි. “වියසිදුර” ද එවැන්නකි. “කවුරුත් අත්හදා නොබලපු ශෛලියක් මම අනුගමනය කරා. මම හිතන්නේ ලංකාවේ සිනමාව තුළ මෙය දැකගන්න නැහැ.” යන්න ඔහු ප්‍රකාශ කර සිටියේය.

චිත්‍රපට කතා සාරාංශය පිළිබඳ විමසීම නොවැදගත් කාර්යයක් ලෙස මා සලකනවා .මන්ද සිනමාව රසවිදින කෙනා අනුව සිනමා අඛ්‍යානය වෙනස් විය හැකිය. කතාව එක හුස්මට කියා දැමිය හැකි වුවත් එය සිනමා කෘතියට හානියක්. මම මෙහෙම කියන්නම් “වියසිදුරු” මිනිස් මනස චිත්‍රණය කිරීමට ද ජීවිතය විනිවිද දකින්නකි. ජීවිතය හරි අපුරු තෝතැනනක්, මිනිස් ජීවිතයට පැමිණෙන බොහෝ දේ අහම්භකාරයි. ඒ අහම්භකාරයට මිනිස්සු කැමති නමුත් මිනිස්සු එය පිළිගැනීමට සුදානම් නොවන අවශ්ථා තිබෙනවා. ඒකී අහම්භකාරකයන් පිළිගැනීම් හමුවේ ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන අවශ්ථා ද නැතුවාම නොවේ.”

කාලාකෘතියක රසය තීවෘ වීමට රචකයාගේ අත්දැකීම් කෙතරම් දුරට බලපානු ලබනවා ද ඒ පිළිබද අධ්‍යයක්‍ෂක තුමාගෙන් පිළිතුරක් ලැබුණි. “සිනමාවට අත්දැකීම් වැදගත්, සමස්ත සමාජයේ ම මිනිසුන් හොද නරක දෙයාකාරයක් පවතින්න පුලුවන්. සමාජයේ සිදු වුණ අත්දැකීම් සමග ගැලපීමේ දී මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවා උදව් උපකාර සහ විවිධ සිදුවීම්. මිනිස් සිතෙහි තාවකාලික වෙනස්වීම පදනම් කරගෙන විවිධ ගැටළු හටගන්නවා. එකී චිත්ත චෛතසික කියාවලිය සිනමාව තුළ දැකගන්න පුලුවන්”

දර්ශන තලයේ නළු නිළියන්ගේ භුමිකාව අගය කළ යුතුමය. අංගම්පොඩ් මහතා ප්‍රකාශ කර සිටියේ මෙසේ ය.“ රංගනය තුළ මෙසා විශාල කැපවීමක් කරනු ලබන, විශාල අභියෝග හමුවේ මුහුණ දෙන, තමන්ගේ ඇගෙන්ම රංගන භූමිකාවේ නියැලුණු දක්‍ෂ නළු නිළි කැල අගය කළ යුතු මනාය.”

සිනමාවට දායක වුවන් අමතක නොකළ යුතුය. කලන ගුණසේකර, තුමිදු දොඩන්තැන්න, ශලනි තාරකා, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, රූගත කිරීම් සහ දර්ශන තලයන්හි විවිධ අභියෝග හමුවේ සියල්ල සාර්ථකව නිම වු බව ද

 වර්තමාන සිනමාව පිළිබද අධ්‍යක්‍ෂක ප්‍රකාශ කරේ මෙවැන්නකි. “වර්තමාන සිනමාව පිළිබද කතා කිරීමේ දී අනාගතයේ දී යහපත් සිනමා කර්මාන්තයක් සේම ලාංකීය අනන්‍යතාවයේ මං සලකුණු ගොඩ නැගෙන කාලයක් කියලා කියන්න පුලුවන්.”

සිනමාවේ අවසානය දැඩි වෙහෙසකර පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. ඒ සදහා වචනයෙන් හෝ දායක වු බොහෝ දෙනෙක් ඇත. යම් නිර්මාණයක සාර්ථකත්වය රැදිී ඇත්තේ මත සහ අදහස් වගේ විවේචන සහ අභියෝග මතයි. “

ගොඩාක් කල් බලන් හිටිය වියමනක් රසවිද නැවත විචාරයක් ගෙන එමින් නවතිමි-

ආදරණීය මතක් කිරීමයි සිනමාව රසවිදින්න ආරාධනා

 

සාකච්චාව - 2019 මැයි 25 අධ්‍යක්‍ෂණ  ප්‍රභාත් අඟම්පොඩි මහතා සමග

සටහන  - චලනි කරුණාතිලක

 

Tuesday 31 January 2023

නිදහසට ෙපර සිතන්න යමක්

 



ෙගාඩාක් මිනිසුන්ට අමතක ෙවන්ෙන්ම මුල නි, ඔන්න පුෙත්  ෙමදා පාර නම් මුල අමතක කරලා නම් බෑ  ෙමාකද  ෙහලුව වසා ගන්නට අැන්දට අබුෙඩ බාෙගට බාගයක් අමුෙහලුව ප්‍රදර්ශනනය වු අාණ්ඩුවක් රට කරන්ෙන්. කන්න නැති රටක, ඉන්න  ෙනාහිෙතන රටක ජනතා පරමාධිපත්‍යය, ජනතා අයිතිවාසිකම් උඩු හුලෙග් පාෙවන කල දසාවකට උරුමකම් කියති. ණය උරචක්‍රමාලය ඔතන් සීරුෙව්න් අැවිදින මිනිසුන්ට ජීවත්වීමත් උමතුවක් වී හමාරයි. ණයක් සමග ගමනක් යන අෙත් සෙත් නැති, කනස්සල්ල, අවිෙව්කිත්වය, භීතිය සහ අෙව්ගශීලිත්වය කර පින්නාෙගන අහස ෙපාළව හැටගැසිය හැකිද . ඒදා  ෙව්ල හම්බකරන් කන්න, ජීවත් ෙවන්න ඔය කියන මානව හිමිකම් අතර තිෙයන් මුලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වී හමාරය. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත්, මිනිසුන්ට නිදහෙස් ජීවත් ෙවන්නත් උදුරාගත්ත සතුට සල්ලි වලට ගන්න පුලුවන්ද.

ෙලඩට දුකට සල්ලිවලට ගත්ත ෙබෙහත්වත් නෑති රටක නිදහස කලුනික ෙසවීමක් වැනිය. පීඩිතයින් අතර පීඩාවටම පත්ෙවමින් කන්න ෙබාන්න මුදල් ෙහායන්න මාර කට්ටක් කන මිනිස්සු ඉන්න රටක්. සප්ත අපහරිහානි ධර්ම බුදුරාජාණන් වහන්ෙස් වදාෙළ් ඒ්වා අනුගමනය කරන්න. නමුත් අෙප් රෙට් ෙල්බල් ෙබෟද්ධ පාලකයන්ට ධර්මෙය් අග මුල ෙහායාගන්න තියා බුදුදහෙම් හරය දන්නැති අෙප් අැත්ෙතා් අදුෙර් ුතපත ගානවා. රෙට් පාලකයා ධාර්මික විය යුතුය රටක් පවතින්න. ෙසාරකම්, මිනී මැරැම් අාදී භයානක විපත් හමුෙව් පලකයා අැතුළු අාණ්ඩුව වගකියයුත්ෙතා්ය. ෙසාරා යනු මිනිසාය කන්න ෙබාන්න නැති නිසා ෙසාරකම් කිරීම සමස්ත සමාජෙය් වරදක් ෙනාෙව්. දැන් මුදල් පරිස්සම් කරගන්න ෙවලා තිෙයන්නෙන් රෙට් පාලකයාෙගන් විනා අෙනෙකකුෙගන් ෙනාෙව්. ෙමාකද ඒ් ගහන බදු දරන්න පුලුවන්කමක් නෑ මිනිස්සුන්ට ඒ බදු  ෙහාරාකෑමකටත් ඒහා ය.

යහපත් සමාජයක් ෙගාඩ නගන්න කලින් පාලකයන්ට හැෙදන්න කියමු. රටක නායකත්වය තුළ අවවාධයට වඩා අාදර්ශය උතුම් ෙකාට සලකමු. වැස්සකටවත් පාසල් ගියාද කියලා අහන්න හිෙතන රටක් ෙම්ක, අදුරට සාප කරමින්  උසස් ෙපළට මුහුණ ෙදන දරුවන් සිටින රටක පාලකයන් ෙදපැත්තට කඹ අදිති. ෙලාක්ෙකා් ෙසාක්ෙකා් පුටු රත් කරමින් සීත කාමරවල ඉදිමින් රටවැසිෙයා් තලති, පිඩාකරති. ෙකෙස් නමුත් ෙමම පාලක ප්‍රතිපත්ති හමුෙව් ෙබාෙහා් ෙදනා සිටින්ෙන් පීඩනයකින්, මිනිස්සු සල්ලිවලට බල්ෙලාත් මරන කාලයක් ෙම්ක මුදලට දරුවන් විකුණන , මුදලට බිරිද විකුණන ෙකෙලසුන රටක් බවට පත් වී හමාරයි. මුදල් විනාශ ෙකෙරු පාලකයින් වගකිව යුත්ෙතා් ෙව්.

ණය ෙනාෙගන රටක් දුවන්න බෑ. ණය ෙනාගත්ෙතාත් ගෑස් ෙපා්ලිෙම්, ඉන්දන ෙපාලිෙම් , බඩු ෙපාලිෙම් ඒකී ෙමකී ෙනාකී ෙපාලීම්වල ඉන්න ෙවනවා. ණය බෙරන් මිරිකි මිරිකි ණය ගැනීම අරුමයක් ෙනාෙව්. නැත්තම් අපිට අාෙය්ම ෙපාලීම්වල මැරිලා වැෙටන්න ෙවයි. ඒ්නයි දැන්ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සැරෙසන්ෙන්

 නිදහස අයදින රටකට කුමකටද ෙවඩි මුර, ප්‍රීති ෙගා්සා, සැළෙකලි සහ නැටුම් ගැයුම් රට වැසියා  ෙනාපිනවන වින්දනයක් කුමකටද  ෙලාක්ෙකාන්ට, සමාෙවලා අනවශ්‍ය වියදම් සීමා වු නිදහස් උත්සවයක් පනවනු අැයි බැරි. නිදහෙස් නියම අරුත නිදහස් උත්සවෙය්දී පිළිබිඹු  ෙවනවා ද ප්‍රශ්ණයකි. ණයක් අරන් හරි රට තිබුණ තත්ත්වයට පත්ෙවනවා නම් ෙලාකු ෙදයක්. ඒ් ණය  ෙගවන්න ෙවන්ෙන් අපි අතුළු නුපන් දරුපරපුරකටත් ඒහා ගිය අතීතයකටයි. වෙළන් නැගිටිලා අැවිත් ණය  ෙගවන්න සිද්ද  ෙවන රටක්  ෙම්ක. රජෙය්  ෙහාරනෑ අහන්න මිනිස්සු කිසිම සුදානමක් නෑ දැන්නම්.

නිදහස් දවසට ජාතික ෙකාඩිය ඔසවා පාර්ථනා කරමු  ෙමෙස්

නිදහස් රටක නිවහල්ව ජීවත්වන අනාගතයක් පාර්ථනා කරමු, සියළු දනන්ෙග්  ෙසා්සුසුම් නිමාවන හිත්ගිනි නිවාලන, බත බුලතින් මුදලින් සරුෙවන්න කියා.

Thursday 26 January 2023

ඡන්දයට ෙපර අයිතිවාසිකම් 02

 



වර්තමාන ලෝකයේ මිනිස් වර්ගයා භුක්ති විඳින නිදහස මෙන්ම ඒ හා බැඳුුනු මානව අයිතිවාසිකම් බොහෝය. විශේෂයෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් තුළ රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය හිමිව ඇත්තේ එරට ජනතාවටය. ජනතාව විසින් තෝරාගනු ලබන නියෝජිතයින් මඟින් රාජ්‍යය පාලනය සිදුවන අතර පාලකයන් ජනතාවට වගකීිමට බැදී සිටීම තුළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීිමක් පාලකයන්ට පැවරී ඇත. මෙවැනි බලයක් හා නිදහස් ජනතාව වෙත උරුම වී ඇත්තේ දීර්ඝ වු මානව ඉතිහාසය පුරා සිදුවු අරගලයන් හි ප්‍රතිඵල විලසය.  

මානව හමිි කම් යනු මිනිසා විසින් ඇති කරගත යුත ු දෙයක් නොව මෙලොවට බිහිවන සෑම කෙනෙකුටම ජන්මයෙන්ම උරුම වුවක් බවට මතවාදයක් පවතිී. ඒ සැබෑවක් නමුත් ජන්මයෙන් ලත් එම උරුමය අහිමි කරගෙන ඇත්තේ ද මිනිසා විසින්ම බව පෙනේ.  එනම් මිනිසා විසින් ගොඩනඟා ගෙන ඇති සමාජ සංස්ථා තුළන් ද මිනිසා පාලනය කිරීම සඳහා මිනිසා විසින්ම බලය පවරා ඇති පාලකයන්ගේ අත්තනෝමතික පාලනය තුළින් ද මිනිස් අයිතිවාසිකම් අහිමි කිරිම සිදු වීමයි. මානව ඉතිහාසය මුල්ම යුගය වන වනචාරී යුගයේ සිටම ආරක්ෂාවේ අවශ්‍යතාව පදනම් කරගෙන කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට පුරුදු වුූ මිනිසුන් විරුද්ධ බලවේග සමඟ සටන් මෙහෙය වීමේ අවශ්‍යතාවටත් කණ්ඩායම තුළ සිදුවන ගැටුම් වළක්වා ගැනීිමටත් නායකයෙකු පත් කර ගැනීම තුළින් පාලකයන් බිහි විය. 

පාලන බලය ලබා ගැනීිමටත් ආරක්ෂා කිරීිමටත් අරගල ඇති වීමටත් ඒ සඳහා සැහැසි ක්‍රියාමාර්ග යොදා ගැනීිම හේතුවෙන් ආරම්භයේ සිටම පාලිතයන්ගේ අයිතිවාසිකම් පාලකයන් මඟින් පාලනය ආරම්භ විය. එසේම පාලන බලය දරණ පන්තියක් බිහවීි මත් සමාජයේ වැඩි වරපප්‍රසාද භුක්ති විඳීිමට පටන් ගැනිීමත් සෙසු පිරිස් පාලක පන්තියේ සේවය සඳහා පාවිච්චි කිරීමක් තුළින් ඇති වන පන්ති භේදයක් පසු කාලීිනව නිර්මාණය වේ. බලලෝභි පාලකයන් බලය ව්‍යාප්ත කරමින් බොහෝ රටවල් යටත් කර ගැනිීම ඒ සඳහා ඒ ඇති වන යුද්ධ යටත්විජිත ඇතිවීම හා අධිරාජ්‍යවාදි පාලන ක්‍රම බිහිවීමත් සමඟ මිනිස් අයිතිවාසිකම් ක්‍රම ක්‍රමයෙන් අහිමි වෙමින් මිනිසා වහල් මෙහෙයේ යෙඳවීම දක්වාම මිනිස් ජීවිතයේ වටිනාකම පිරිහිී ගිය ආකාරයත් ඉතිහාසය විසින් පෙන්නම් කරනු ලබයි.  

මිනිස් අයිතිවාසිකම්වල මෙම පරතරය නැති කිරිම සදහා ඉතිහාසයේ නොයෙක්වර චින්තකයන් බුද්ධිමතුන් හා ආගමික ශාස්තෘවරුන් බිහිවීමත් ඒ හා සමගාමීව බිහිවන සංස්කෘතික වටිනාකම් හා බැඳීම් පද්ධති බිහිවීමත් එම සංස්කෘතික බැඳීම මත මිනිස් අයිතිවාසිකම් සංකල්පයක් ලෙස එක් වීම සිදු වී ඇත. 

කෙසේ වෙතත් වර්තමානයේ මිනිසා භුක්ති විඳින මානව අයිතිවාසිකම් පද්ධතිය බිහිවීමට මුල් වූයේ ආගමික ඉගැන්වීම මත සමාජයේ පළපැදියම් ව සමාජ සාධාරණත්වය සංකල්පයන් බව පෙනේ. සමාජ සාධාරණත්වය නිර්මාණය කර ගැනිීම තහවුරු කර ගැනීම හා ආරක්ෂා කර ගැනිම මිනිසාට උපතින්ම උරුම වූ සමාජ වගකීමකි. සමාජ සාධාරණත්වය පවත්නා සමාජයන් තුළ සියලුම මිනිසුන්ට නිදහස්ව හා නිවහල්ව ජීවත් වීමට සුදූසු පරිසරයක් තිබේ. තම දේපළ අත්පත් කර ගැනීිමට හා තම දේපළ ආරක්ෂා කර ගැනිමටත්, බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමටත්, මිනිස් ගරුත්වය ආරක්ෂා කර ගැනීමටත් හැකි ඉඩකඩක් හා ආරක්ෂාවක් නිරන්තරයෙන් ම මිනිසාට තිබිය යුතුය. මානව ඉතිහාසයේ මුල් යුගයේදී මෙම කරුණු නීිති වශයෙන් නොව සමාජ ධර්ම හා චාරිත්‍ර වශයෙන් පැවතුණ බව පෙනේ. 

“මිනිසාට තම සමාජ ජීවිතය යහපත් අයුරින් පවත්වා ගෙන යාමට අවශ්‍ය කොන්දේසි 

අයිතිවාසිකම් ලෙස මහාචාර්ය ලැස්කි හදුන්වා දීි ඇත. (සොයිසා,1993) 

යම් රාජ්‍යයක ස්වාභාවය කුමක්ද යන්න තීිරණය කිරීම සඳහා යොදා ගත හැකි හොඳම මිනුම් දණ්ඩ එම රාජ්‍ය විසින් පුරවැසියන්ට ප්‍රදානය කර ඇති අයිතිවාසිකම් වල ස්වාභාවය බව ලැස්කි 

තවදුරටත් ප්‍රකාශ කරයි.  

“සමාජ ජීවිතයක් ගත කිරීමේදී ඉටු කළ යුතු සමාජ කාර්යන් සපුරාලීම සදහා පුරවැසියන් තුළින් ඉදිරිපත් වන සාධාරණ  ඉල්ලීම් අයිතිවාසිකම් ලෙස  හැදින්විය හැකිය.”  මෙසේ නිර්වචනය  ප්‍රකාශ කරනුයේ වයිල්ඩ් විසිනි. (සොයිසා,1993) අයිතිවාසිකම් පිළිබඳව හොබ්හවුස් පහත සඳහන් අදහස ඉදිරිපත්  කරන ලදි.  

 “යහපත් සමාජ ජීවිතයක් ගත කිරීිමට අවශ්‍ය වන අනුන් අපෙනුත් අප අනුන්ගෙනුත් අපේක්ෂා කරන සමාජ ඉඩ ප්‍රස්තාවන් අයිතිවාසිකම් ලෙස හැඳින්විය හැකිය. තාර්කික සමාජ සත්වයෙකු වීමටත් සමාජය සමාජය විසින් පුද්ගලයින්ගෙන් අපේක්ෂා කරන්නා වු සමාජ කාර්ය්‍යන් ඉටු කිරීිම සඳහාත් මිනිසුන්ට අයිතිවාසිකම් අවශ්‍ය වේ.” (සුචේතනා,2010). 

’‘මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අයිතිවාසිකම් යන්න හඳුන්වා ඇත්තේ මිනිසාගේ පෞද්ගලිකත්වය පරිපූර්ණ කර ගැනීමට තිබිය යුතු රටාව ලෙසය.”(හිග්ගොඩ,1992). 

’‘හොබ්හවුස් නැමැති චින්තකයා ප්‍රකාශ කරන්නේ මිනිසාට ස්වාභවයෙන්ම සෑම දෙයක්ම සම්බන්ධයෙන්ම අයිතිවාසිකමක් පවතින බවය.”(හිග්ගොඩ,1992). 

යහපත් සමාජ ජීවිතයක් ගත කිරිම පිණිස තම පෞද්ගලිකත්වය වර්ධනය කරගැනිීමට මිනිසාට අවශ්‍ය සමාජ ඉඩප්‍රස්ථාවන් අයිතිවාසිකම් වශයෙන් සැළකෙන බව ඉහත දැක්වූු නිර්වචන මඟින් පැහැදිළි වේ. 

 නමුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ අයිතිවාසිකම් වුූ කලි හුදෙක් පුද්ගල මමත්වය වර්ධනය කරගැනීිම සඳහා පමණක් පවතින දෙයක් නොවන බවය. කෙනෙකු අයිතවි ාසිකම් භුක්ති විඳිය යුත්තේ තමන්ගේ මෙන්ම සමස්ථ සමාජයේද අභිවෘද්ධිය ඇතිවන අයුරිනි. එහිදීි මිනිසුන්ට අයිතිවාසිකම් නිසි ලෙස භුක්ති විඳිය හැකිවන්නේ තම පෞද්ගලික යහපත නිරන්තරයෙන් පොදු යහපත සමඟ එකට සම්බන්ධ කොට පවත්වා ගෙන යන්නේ නම් පමණක් වන බවය. අයිතිවාසිකම් භුක්ති විඳිීම පිළිබඳ නියමයේ මුලික හරය මෙය වේ. මෙය බොසැන්ක්වේ විසින් පහත අකාරයට විස්තර කර ඇත.  

“අපට අයිතිවාසිකම් තිබෙනවාය යනුවෙන් අදහස් වන්නේ සමාජ අභිවෘද්ධිය අයත් කර ගැනිීම සඳහා සමාජ ගමන් කරමින් අපගේ පෞද්ගලික අභිවෘද්ධිය ලඟාකර ගැනිීම සදහා කටයුතු කිරිීමය. පොදු සමාජ යහපතෙන් අපේ පෞද්ගලික යහපත වෙන්කර ගැනිීමට නොහැකි වීම එයට හේතු වේ.”  

 මෙයින් අදහස් වන්නේ මිනිසුන්ට අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ සමාජය තුල ජීිවත් වීමෙන් පමණක් බවය. වෙනත් අයුරකින් පවසන්නේ නම් අයිතිවාසිකම් සමාජයෙන් පරිබාහිරව තනිව භුක්ති විඳිය හැකි දෙයක් නොවේ. 


2023 ඡන්දයට ෙපර - අයිතිවාසිකම් යනු

 




අයිතිවාසිකම් යන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැඳගත් කොන්දේසියක් ලෙස සලකනු ලැබේ. වර්තමානයේ ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල අයිතිවාසිකම් යන්න ඉතා වැඳගත් මාතෘකාවක් බවට පත්ව තිබේ. මිනිසාට පරිපුර්ණ ජීවිතයක් ගතකිරීම උදෙසා අයිතිවාසිකම් යන්න ඉතා වැදගත් මාතෘකාවක් බවට පත්ව තිබේ. මිනිසාට පරිපුර්ණ ජිවිතයක් ගතකිරීම උදෙසා අයිතිවාසිකම් අත්‍යවශ්‍යය වේ. ඒ අනුව මිනිසාට සමාජගත ජීවිතයක් සාර්ථක අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත් සංකල්පයක් ලෙස අයිතිවාසිකම් තවදුරටත් හදුන්වා දියහැකිය. 

අයිතිවාසිකම් වර්ගීකරණය තුළ මානව අයිතිවාසිකම්වලට හිමිවන්නේ ප්‍රමුඛතාවයකි. මානව අයිතිවාසිකම් පිළිබඳ ලෝක ඉතිහාසය හා වර්ධනය පිළිබඳ සලකා බැලීමේ දී මානව අයිතිවාසිකම් යනු මනුෂ්‍යාට උරුම වන්නා වු අත්‍යවශ්‍යය මුලික හා ස්වාභාවික අයිතිවාසිකම් සමුහයක් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. මානව අයිතිවාසිකම්වල ඉතිහාසය මානවයාගේ ඉතිහාසය තරම්ම පැරණි වේ. මානවයා ශිෂ්ඨසම්පන්න මිනිසෙකු වුයේ කවදාදැයි මේ වනතුරු නිශ්චිත නිගමනයකට පැමිණීමට ගවේෂකයන් සමත්ව නැත. නමුත් නොදියුණු යුගයේ මානවයා අශිෂ්ඨ වෙනත් තත්ත්වයන්ට සමාන ලෙස තවත් එක් සත්වයෙකු ලෙස ජීවත්ව,ක්‍රමයෙන් මානවයාගේ මනස පරිණාමයට පත් වී බුද්ධිය වර්ධනය වීමෙන් ශිෂ්ඨ මිනිසෙකු බවට පරිවර්තනය විය. මානව සංහතියේ සංවර්ධනයන් සමඟ මිනිසා සංකීර්ණ අක්ෂර වචන සහිත නුතන මානව භාෂාව නිර්මාණය කරගෙන ඇත. මානව භාෂාව නිසා මිනිසාට සමාජය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකිවීමෙන් මිනිසා සමාජශීලියෙකු බවට පත්විය. මේ නිසාම මිනිසාට සංස්කෘතියක් හිමි වු අතරම එමගින් සමාජය තුළ අන්‍යයන් හා අවමන් සහගත සැගකීම්වලට භාජනය නොවීමටත් ජීවත්වීමේ අයිතියටත් යනාදි වශයෙන් ස්වාභාවික අයිතිවාසිකම් රැසකට වර්තමානයේ දී මිනිසා හිමිකම් ලබා සිටී. 



මුලික නීතිය හෙවත් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතට අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් ඇතුළත් කිරීම නුතන ව්‍යවස්ථ තුළ දැකගත හැකි ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ එක් උපායක් ලෙසද අණ්ඩුක්‍රම සම්පාදනයක් මෙම අයිතිවාසිකම් හදුනාගෙනය. එනම් මුලික අයිතිවාසිකම් යනු එක් එක් රාජ්‍යයන් විසින් මානව අයිතිවාසිකම් සමුහය අතරින් අත්‍යාවශයෙන්ම රැකිය යුතුයැයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ඇතුළත් කර ඇති නෛතික හා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන වේ. මෙයින් පැහැදිලි වන කරුණක් වන්නේ සෑම රටකම පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙය අදාළ නොවේ. එක් රටක් පිළිගන්නා මුලික අයිතිවාසිකමක් වෙනත් රටක් විසින් පිළිනොගන්නා ස්වාභාවයක් ද පවතී. මානව අයිතිවාසිකම් නොබෙදිය හැකි සංකල්පයකි. නමුත ් මුලික අයිතිනාසකි මක් එසේ නොවේ. ඒ අනුව විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය පිළිගත් බොහෝ රටවල් තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය හා තත්ත්වය සැලකිල්ලට ගෙන යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගන්නා ලදී. ඒ අනුව ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත් කර එයට මුලිකත්වය දීම හේතුවෙන් ඒවා මුලික අයිතිවාසිකම් ලෙස හැදින්වේ. 


Monday 23 January 2023

රෝගි රටක් නිරෝගි කිරීමට නම්

 

ලංකාවේ ආහාර සංස්කෘතිය හරිම අපූරුයි. කාලයක් පුරාවට අපේ රටටම ආවේණික කෑම වට්ටෝරු වගේම අනිත් රටවල් වලින් එකතු වුණු ආහාර වර්ගත් එක්ක එකතු වෙලා හැදුනු අනන්‍ය ආහාර ක්‍රමයක් අපි සතුයි. අනෙක් බොහෝ අංශ වලින් වගේම ආහාර පැත්තෙනුත් අපිට බොහොම සාරවත් උරුමයක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ඇති වුණු අාහාර පුරුදු නිසා ඇති වන ගැටළුත් ඉතින් නැතිවම නෙවෙයි.

ඒ වගේම තමයි රසටත් වඩා අපේ කෑම වල තියෙන පෝෂණීය ගුණය සහ ගුණාත්මක බව. කොළ කැඳ, මැල්ලුම්, දිය බත්, ඇඹුල් තියල්, හැලප, එළවලු ව්‍යංජන වගේ අපේ නිරෝගී බවට බොහෝ සෙයින් බලපාන සමබල ආහාර බොහොමයක් මීට ඇතුළත්. අපේ රට පුරාම රසවත් එළවලු පලතුරු වර්ග ඕන තරම් වැවෙනවා. ඒ වගේම ආහාරයට ගන්න පුළුවන් කොළ ජාතිත් ඇති තරම් හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කිතුල් පැණි මී පැණි වගේ රස ගන්වන දේවල් නිසා කාලාන්තරයක් සීනි පාවිච්චි නොකිරීමෙන් ලබා ගත්තු නිරෝගී බවත් අපේ උරුමයක්

ගොටුකොළ, කංකුං වගේ ගුණවත් කෑම කොයි තරම් තිබුණත් ආහාර නිසා ඇති වන කල් පවතින රෝග වලින් නම් ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් දැන් දැන් පීඩා විඳින්න පටන් අරන්. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හදවත් රෝග නිසා ලංකාවේ මිනිස්සු බහුතරයකට තියෙන ප්‍රධානම රෝග. මේ රෝග තුන නිසා තමයි රටේ සිදු වන මරණ වලින් 18.3%ක්ම සිදු වන්නේ! ලංකාවේ කාටත් ලොකු බඩක් තියෙනවා. (පාරේ යන ගමන් උවමනාවෙන් බැලුවොත් පෙනෙයි වැඩි දෙනෙකුට ලොකු බඩක් තියෙන බව) ඒ වගේම තමයි දැන් ලංකාවේ මිනිස්සු සමස්ථයක් වශයෙන් මහත් වෙන්න පටන් අරන් තියෙන බව පෙනෙන්න තියෙනවා. ජනගහණයෙන් 25.2%ක් ස්ථුල මට්ටමේ ඉන්නේ. ඒ වගේම තමයි යකඩ ඌණතාව, විටමින් – A ඌණතාව සහ ප්‍රෝටීන් හිඟ කම ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැතිරුණු ප්‍රශ්න. විශේෂයින්ම ළමයින්ට මේ වගේ රෝග සුලබව හැදෙන බව පෙනෙන්න තියෙනවා.වර්තමානෙය් පවතින අාර්ථික අර්බුධය ද ෙහ්තු ෙවන්න පුලුවන් ඉතින් ඇත්තටම අපේ රටේ ආහාර ගුණදායක නම් මෙහෙම වෙන්නේ ඇයි?

උත්තරය ඇත්තටම සරලයි. අපිට කන්න කොයි තරම් පෝෂණීය, ගුණාත්මක ආහාර තිබුණත් අපි ඒවා ආහාරයට ගන්නා විදිහේ ලොකු අඩුපාඩු තියෙනවා. අපි දැන් ඔබට කියන්න හදන්නේ ඒ වගේ අනවශ්‍ය පුරුදු නිසා මේ තරම් හොඳ ආහාර තිබිලත් අපේ සෞඛ්‍යය දුර්වල වෙන්න හේතු වන නරක ආහාර පුරුදු කිහිපයක් ගැනයි.

අපි බත් කන ආකාරය හරිද



බත් ආහාරයට ගැනීමේ දී අපේ සාමාන්‍ය පිඟානක කෑම අනුපාතය බත් කොටස් 15ක එළවළු කොටස් 2කුයි මස් මාළු කොටස් 1කුයි වගේ. මේක සම්පුර්ණයෙන්ම වැරදියි. ඒ විතරක් නෙවෙයි අපි මේ වගේ කොත ගහලා බත් කන එක හැම වේලටම කරනවා. ඉතින් ප්‍රතිඵලය වෙන්නේ අපේ ඇඟට කිසිම ප්‍රයෝජනයක් නැති තරම් කාබෝහයිඩ්‍රේට ඇඟ ඇතුළේ ගොඩ ගැහෙන එකයි. ඉතින් තඩි බඩක් ඒන්න ෙහ්තුව ඔකයි.

අපි මේ විදිහට බත් ගොඩක් කන්න පුරුදු වෙලා ඉන්න එකේ තවත් ලොකු සෞඛ්‍ය ගැටළුවක් තියෙනවා. ඒ තමයි සුදු බත් කන එක. බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයට අනුව සුදු බත් නිතර ආහාරයට ගත්තාම දෙවන වර්ගයට අයත් දියවැඩියාව (Type – 2 Diabetes) අවදානම සැලකිය යුතු විදිහට ඉහළ යන්න පුළුවන්. මේකට හේතුව විදිහට ඔවුන්ගේ නිගමනය වෙලා  තියෙන්නේ සුදු බත් වල ග්ලයිසීමික අගය ඉතා ඉහළ වීමයි.

දැන් සමහරු කියයි අපේ මිනිස්සු පරම්පරා ගානක ඉඳන් බත් කෑවා කියලා. ඔව් ඒක ඇත්ත, නමුත් හැමදාම උදේ ඉඳන් රෑ වෙන තුරු වෙහෙසෙන ගොවියෙක් සහ උදේට ඔෆිස් ගිහින් එන කෙනෙක් අතර කැලරි අවශ්‍යතාවයේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ මහන්සි වෙන කෙනෙක් තරමට කෑවොත් වෙන්නේ අනිවාර්යයයෙන්ම ඔබව ලෙඩ වෙන එකයි. අපි බත් ගොඩ ගහගෙන කන්න කොයි තරම් ආස වුණත් පස්සේ කාලෙක ඉස්පිරිතාල වල ලගින්න ආසාවක් නැතිනම් දැන් ඉඳන්ම බත් කන ප්‍රමාණය අඩු කරලා එළවලු හා මස් මාළු කන ප්‍රමාණය වැඩි කර ගන්න බලන්න.

අතිරික්ත කාබෝහයිඩ්‍රේට

කලිනුත් කිව්වා වගේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය හරිම වැඩියි. නිකමට හිතලා බලන්න, අපි කෑම වේලකට බත් කන්නේ නැතුව හිටියත් වෙනත් මොනවා හරි පිටි ජාතියක්මනේ කන්නේ. පාන්, කොත්තු රොටී, ඉඳි ආප්ප, ආප්ප, මඤ්ඤොක්කා, බතල, පිට්ටු, රොටී වගේ පිටි කෑමක් තමයි අපි ප්‍රධාන වශයෙන් ගන්නේ. පර්යේෂණ වලින් පෙනෙන විදිහට ලංකාවේ මිනිස්සු ලබා ගන්නා කැලරි වලින් 71.2%ක්ම ගන්නේ කාබෝහයිඩ්‍රේට වලින් කියලා. ඉතුරු කොටසෙනුත් 18.9%ක්ම මේදය. ප්‍රෝටීන් වලින් කැලරි ලබා ගන්නේ 10.8%ක් විතරයි. මේ අනුපාතය කිසිසේත් ගැලපෙන එකක් නෙවෙයි. ලංකාවේ එන්න එන්නම ඉහළ යන දියවැඩියාවට ප්‍රධාන හේතුව පිටි ආහාර මිසක් සීනි නෙවෙයි.




ආහාර අතර විවිධත්වය අඩු කම

අපිට කන්න කෑම ජාති මොන තරම් තිබුනත් අපි අපේ ආහාර වේල් නිවැරදි විදිහට සැලසුම් නොකරන නිසා කවදාවත් ගැලපෙන ආහාර නිසි කාලයක් පුරාවට ලබා ගන්න බැරි වෙනවා. පොඩි වයසේ ඉඳන් සමබල ආහාර වේලක් ගන්න එකේ වැදගත්කම කියලා දුන්නත් අපි හැම වෙලාවෙම කන්නේ කිසිම සම බලයක් නැති ආහාර. ලංකාවේ මිනිස්සුන්ගේ විවිධත්වය අඩු ආහාර සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධය හොයන්න කරපු පරීක්ෂණයකදී තහවුරු වෙලා තියෙනවා සහභාගී වුණු අයගෙන් 5%ක්ම දවස පුරාවටම පිටි ආහාර විතරක් ගත්තු අය බව. (බත් එක්ක අල කරියක් වගේ) එහෙම ආහාර වේලක් ගන්න එකෙන් සිද්ධ වෙන එකම දේ ඔබව මහත් වෙන එකයි රුධිර ග්ලුකෝස් ප්‍රමාණය ඉහළ යන එකයි විතරමයි.

එළවලු පලතුරු වැවීම අතින් ඉහලින්ම ඉන්න රටක් වුනු ලංකාව ඒවා ආහාරයට ගැනීම අතින් නම් ඉන්නේ බොහොම පහළ තැනකයි. (දැන් තියෙන එළවලු පලතුරු වල මිල බැලුවම ආර්ථික තත්වය මේකට පැහැදිලි හේතුවක් කියලා හිතන්න පුළුවන්) ඒ වගේම තමයි කිරි ආශ්‍රිත ආහාර වර්ග ගැනීමත් බොහොම අඩුයි. අපි කවුරුත් බොන තේ එකේ පවා කිරි පිටි වලට වඩා තියෙන්නේ සීනි.


පොල් වලට තියෙන කෑදර කම



බත් අපේ ප්‍රධාන ආහාරය නොවුණා නම් අපේ ප්‍රධාන ආහාරය පොල් කියලා හිතෙන එකේ වරදක් නැහැ.

ලංකාවේ මිනිස්සු කුස්සියකට ගියාම හිරමනේකුයි, සමහර විට ගාල අයින් කරපු පොල් කටු ටිකකුයි තිබුණේ නැත්නම් ඒක කුස්සියක් කියලා වත් සලකන්නේ නැති තරම්. පුඩින්, හොදි, ව්‍යංජන, සම්බෝල, මැල්ලුම්, රසකැවිලි, රොටී, පිට්ටු වගේ අපේ කට්ටිය කන හැම දේකටම පොල් එකතු වෙනවා. පොල් ගාල හරි, මිරිකලා කිරි අරගෙන හරි හැම දේකටම දාන එක ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක්.

පොල් කන එකේ ඇත්තටම ලොකු වැරද්දක් නැහැ. පොල් වල ප්‍රතිඔක්සිකාරක, විටමින් වගේම ඛණිජ වර්ගත් බොහෝ සෙයින් අඩංගුයි. පෙරදිග ආහාර වලින් වඩාත්ම ගුණදායක එකක් බව නිසැකවම කියන්න පුළුවන්. සමහර පරීක්ෂණ වලට අනුව පොල් කිරි එළ කිරි වෙනුවට හොඳ ආදේශකයක් විදිහටත් ගන්න පුළුවන් ලු. පොල් වල සංතෘප්ත මේදය තිබුණත් ඒක සැලකෙන්නේ හොඳ වර්ගයේ මේද විදිහටයි. මොකද එයින් ඔබේ රුධිර නාල ඇතුලත මේදය බැඳීම සිද්ධ වෙන්නේ නැහැ. කාලයක් පොල් තෙල් වලින් හදවත් රෝග වැඩි වන බව විශ්වාස කෙරුණත් එහෙම ගැටළුවක් නැති බවයි දැන් පිළිගැනෙන්නේ. කොහොම වුණත් හැම දෙයක්ම ප්‍රමාණයකට පාවිච්චි කරන්න ඕනේ නේද?

ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමාණයකට පාවිච්චි කරන්න කිව්වාට ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ වගේ. අපි කොයි වැඩෙත් එක්කෝ බාගෙට කරනවා, නැතිනම් ඕනෑවට වඩා කරනවා, පොල් කන එකත් ඒ වගේ. පොල් කියන්නේ කැලරි අධික කෑමක්. මිටි පොල් කිරි කෝප්පයකින් ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සම්පූර්ණ වෙනවා. මේ නිසා නිතරම පොල් සහ පොල් තෙල් ආහාරයට ගන්න එක ඔබේ සෞඛ්‍යයට එතරම් හොඳ නැහැ, විශේෂයෙන් ඔබ බරින් වැඩි කෙනෙක් නම් මේ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් ලංකාවේ කෙනෙක් ඇඟ ලස්සන කර ගන්න කියලා කෑම පාලනය කරන්න හිතනවා නම් කන පොල් ප්‍රමාණය අඩු කරන්න කියන එක බොහොම හොඳ උපදෙසක් වේවි.

කොත්තු ප්‍රශ්නය



කොත්තු නිතරම ආහාරයට ගන්න එක ඔබේ මරණය ඉක්මන් කරන්න හේතුවක්! මේක නිකන්ම කියන දෙයක් නෙවෙයි, වෛද්‍ය පරීක්ෂණ ආයතනය කරපු පරීක්ෂණයක් ඇසුරෙන් ඔප්පු කරපු දෙයක්. ඔවුන් 2012දී කරපු අධ්‍යයනයකට අනුව නිතර කොත්තු හෝ ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගන්න අයගෙන් 50%කටම ඉහළ කොලෙස්ටරෝල් අගයක් සහ අක්මා ගත එන්සයිම ඉහළ සාන්ද්‍රණයක් තියෙනවා. මේක හෘදයාබාධයක් ඇති වෙන්න තියෙන අවදානම බොහෝ සෙයින් වැඩි කරන කාරණාවක්. කොත්තු වල මිනිස් ඇඟට ඉතා අහිත කර ට්‍රාන්ස් මේදය පිරිලා තියෙනවා වගේම කොත්තු විකුණන ගොඩක් තැන් වල සෞඛ්‍යාරක්ෂිත බව ගැන කිසිම සැලකිල්ලක් නැති තරම්. හැම තැනම වගේ ඒ වෙලාවට කොත්තුව හදලා තමයි දෙන්නේ, හැබැයි පැය ගානක ඉඳන් හදන කොත්තු ටික කොත්තු මේසේ තියනවා. දාන එළවලු එහෙමත් අතින් අරගෙනයි දාන්නේ. (සමහර විට වටේ පියාඹන කෘමි සත්තුත් කොත්තු එකටම වැටිලා කෙටෙනවා!) ඉතින් හදවත් රෝග නැතිව ජීවත් වෙන්න ආසයි නම් නිතරම කන කොත්තු ප්‍රමාණය අඩු කර ගන්න බලන්න. දැන් නම් ෙකාත්තු කෑමත් හීනයක් නිසා අාහාර රටාව ෙවනස් ෙවන ඒක නම් ෙගාඩාක් ෙහාදයි.

රෑට කන්නේ රජෙක් වගේ



උදේට රජෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියන කතාව කවුරුත් අහලා ඇති නේද? පේන විදිහට ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.

සාමාන්‍යයෙන් අපේ මිනිස්සු මොකක් හරි දෙයක් කරන්න හරි විදිහක් තියනවා නම් ඒකෙ අනිත් පැත්තනේ කරන්නේ, කන්න ගියාමත් එහෙමයි. රෑට තමයි රජෙක් වගේ කන්නේ. සාමාන්‍යයෙන් හැමදාම රෑට බත් හරි, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් හරි ලොකුවට කාලා ගොඩක් රෑ වෙලා නිදා ගන්න එකයි කරන්නේ. (සාක්ෂි ඕන නම් අපේ රටේ පාටි එකක් හරි කෑම කඩයක් හරි දිහා බලාගෙන ඉන්නකෝ) නමුත් දිගින් දිගටම තහවුරු වෙලා තියෙන විදිහට මෙහෙම රෑට ගොඩක් කන එක සෞඛ්‍යයට අහිතකරම දේවල් වලින් එකක්. මේක දැන් කාලේ ඉන්ටනෙට් එකේ පිරිලා තියෙන බර අඩු කර ගන්නා ක්‍රමයක්ජාතියේ මිත්‍යාවක් නෙවෙයි, කාලයක් පුරා කරපු පරීක්ෂණ බොහොමයකින් තහවුරු වුණු කාරණාවක්. ඒ නිසා රෑට කන ප්‍රමාණය අඩු කරගෙන අනිත් කෑම වේල් වල ප්‍රමාණය වැඩි කර ගත්තොත් හොඳයි.

අපේ අයගේ තවත් නරක ආහාර පුරුද්දක් තමයි මිලෙන් අඩු පිරිපහදු කරපු පොල් තෙල් අපි කන හැම දේකටම දාන එක.

දැන් කාලේ අපි හැම දෙයක්ම බදින්නයි, තෙල් දාන්නයි, තෙම්පරාදු කරන්නයි පටන් අරගෙන. තියෙන වැඩ කොටසත් එක්ක තෙම්පරාදු කරපු ආහාර ඉක්මනින් නරක් වෙන්නේ නැති එක ලොකු පහසුවක්. ඒ වගේම තමයි හදිස්සියට කන ෂෝට් ඊට්ස්. මේවත් හදන්නේ ගැඹුරු තෙලේ බැදලා නිසා තෙල් ප්‍රමාණයෙන් ඉහළයි. ඒ වගේම තමයි අපි බහුතරය පිරිපහදු කරපු පොල් තෙල්ම පාවිච්චි කරන එකෙත් ප්‍රශ්නයක් තියනවා. ලංකාවේ බොහෝ පොල් තෙල් නිෂ්පාදකයන් (SLS තියන ආයතන පවා) පොල් තෙල් හදද්දී නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පාවිච්චි නොකරන බවට පෙන්න තියෙනවා. මේ නිසා පිරිපහදු කරන්න පාවිච්චි වෙන රසායනික වර්ග පොල් තෙල් එකට කවලම් වෙලා තියෙන්නත් පුළුවන්. ඇතැම් නිෂ්පාදන විධි නිසා විෂ ද්‍රව්‍ය හැදෙන්නත් ඉඩක් තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා.

උත්සව ආහාර



විවිධ ජාතීන් හා ආගම් ඉන්න රටක් වෙන එකේ ප්‍රතිඵලයක් තමයි අපි සිංහල/දෙමළ නොවුණත් අවුරුදු ලබන එක. ඒ වගේම තමයි රාමසාන් එකට ඔබ මුස්ලිම් නොවුණත්, නත්තලට ඔබ ක්‍රිස්තියානි නොවුණත් මේ හැම උත්සවයකටම කොයි කවුරුත් සහභාගී වෙනවා. විශේෂත්වය කියන්නේ ඒ හැම එකක්ම අපි සමරන්නේ තෙල් පිරුණු කෑම වලින්. කැවුම්, දොදොල්, වටලප්පන්, ක්‍රිස්මස් කේක් වගේ මොන උත්සව කෑමක් ගැන හිතුවත් මේක පැහැදිලියි. උත්සව කාලෙට කට්ටිය අඩි ගහලා පාටි දාන එකටම මේ තෙල් කෑම රොත්තත් එකතු වුණාම අවුරුද්ද පුරාවටම සෞඛ්‍ය ගැන හිතන්න කාලයක් නැති වෙන අහන්න දෙයක් නෙවෙයි.

බටහිර මිනිස්සුත් උත්සව තියනවා, නමුත් කලින් කිව්වා වගේ හැමෝම තමන්ගේ උත්සව තියන නිසා රටක් විදිහට ගත්තාම අපි උත්සව ගොඩාක් තියනවා. ඒ වගේම තමයි මේ උත්සව වල ප්‍රධානම වැඩේ තමයි බඩ පිරෙන්න කන එක. (නිකමට හිතන්න අවුරුද්දට කැවුම් නැතිව, රාමසාන් එකට වටලප්පන් නැතිව හරි යයිද කියලා)  හැම වෙලාවකම ගැඹුරු තෙලේ බැදලා හරි, සීනි, පිටි වලින් පුරවලා හරි හදන මේ ආහාර හැම එකක්ම වගේ සෞඛ්‍යයට හරිම අහිතකර, ඔබව මහත් කරවන වගේම පරිපූර්ණත්වයෙන් හරිම අඩු ඒවා.

මෙහෙම කිව්වාට ඉතින් මේ වගේ උත්සව මග හරින එක හෝ ඒවාට ගිහින් කන්නේ නැතිව ඉන්න එක කවුරුත් කරන්නේ නැහැනේ. ඉතින් හොඳම දේ තමයි ටිකක් වැඩිපුර ව්‍යායාම වල යෙදෙන එක. කැවුම්, දොදොල්, වටලප්පන් මොන තරම් රස වුණත් ඒවා කන්න ගිහින් ලෙඩ වෙනවා වෙනුවට ටිකක් පාලනය කර ගන්න එක හොඳයි.

අපි මේ ලිපියෙන් අදහස් කරේ කටට රස දැනෙන ආහාර සේරම අයින් කරලා ඇඟට ගුණදේවල් විතරක් කන්න කියන එක නෙවෙයි. එහෙම කරන්න ගියොත් ඇත්තටම ජීවත් වෙන එකත් අප්පිරියා වේවි කෑම වගේම. නමුත් අපි කාටත් පුළුවන් අපි කන කෑම වේලට පොඩි පොඩි වෙනස් කම් කරන්න. පිටි ආහාර ගනිද්දී පුළුවන් තරම් කුරක්කන් පිටි වලින් හදපු ආහාර ගන්න බලන්න. බත් බෙදා ගනිද්දී ටිකක් අඩුවෙන් දා ගන්න. බඩගිනි එන වෙලාවට පළතුරක් කන්න උත්සාහ කරන්න. එළවලු, මස් මාළු වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. පොල් සහ පොල් තෙල් කන එක සීමා කරන්න බලන්න. තේ බොද්දි සීනි හැඳි තුන හතර දාන එක නවත්තන්න. මේ වගේ සරල වෙනස්කම් කිහිපයක් කළොත් ඔබේ සෞඛ්‍යයට ලොකු වෙනසක් ඇති කර ගන්න පුළුවන්. හැමෝම මෙහෙම කලොත් ලංකාවම කාලයක් යද්දී ලෙඩ අඩු රටක් කර ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නේද?



අන්තර්ජාලය ඇසුරින්