Sunday 23 July 2017

තරුණ අරගල

                                                   


                                       විශ්ව විද්‍යාලය හුදෙක් විශ්වීය දැනුම් ගබඩාගාරයක් කෙසේ නමුත්
එහි සුවද සොයන්න නිදහසේ ජීවිත ගත කරන්න කුරුළු කූඩුවලින් මුදා හරින කෝඩුකාර පිරිසකි
තාරුණ්‍ය ශිෂ්‍ය ප‍්‍රජාව. නමුත් බොහෝ දෙනාගේ ජීවිත පෙරළිය පටන් ගන්නේත් මෙතනින්. කොහෝම
හරි දුක් විදලා ඉගෙන ගෙන හොද තැනකට යනවා කියලා එන තරුණ ජීවිත ජාතියේ සමාජ ප‍්‍රශ්ණ
ගනනාවක අයිතිකරු වගකිය යුත්තා වේ. ඔහොම කියලා මුලින්ම විශ්ව විද්‍යාලයට එන කෙල්ලෝ
කොල්ලෝ අරගලය කියන වචනෙට කලින් ජොලියට පිකට් එකකට පාරට බහිනවා පස්සේ තමයි මෙක
ජාතික වගකීමක් කර ගක්නේ කන්නේ නැතුව බොන්නේ නැතුව පෝස්ටර් ඇදලා අට්ටාල වල 
රැය

                            





පහන් කරන ගමන් උපාධි සහතිකේ ගෙදර ගෙනියන්න කන්න දුන් අම්මාට ශක්තිනක් වු තාත්තාට
පෙන්නන්න හරි හරියට කුප්පි දාන්නත් අමතක නොකරයි. සතුට අරගලය ඇතුලේ සගවා ගෙන හඩන
සියල්ලෝ ඇත. ඒ බැටන් පොලූවලට ඇග කකියන නිසා නෙමෙයි අම්මා තාත්තාගේ ණය ගෙවා ගන්න
බැරිව. කාල බීලා සැපට හැදුන වැඩුන වුන් අරගල භුමියේ නෑ අහිංසක දෙමව්පියන්ගේ දුක දන්නා
කෙල්ලෝ කොල්ලෝ ටිකක් විතරයි. අරගල භූමියේ සද්දෙට කෑගහන්න, ගුටි කන්න, අව්වේ පිච්චෙනවා
බලන්න කොයි අම්මා තාත්තාත් කැමති නෑ දේශපාලනයේ අතකොලූ වු සමාජයන ප‍්‍රජාතන්ත‍්‍රවාදී
අදහස් උල්ලංඝනය වෙලා මිනිස්සු ඉබා ගාතේ හැසිරෙනවා අදහස් දරන්නෝ සියල්ලෝ ම හිට්ලර්ලා
වෙති. ස්වාධිනත්වය එකගත්වය අහිමි වු රජයක් වෙලා. සයිටම් ප‍්‍රශ්ණයේ දෙපත්තකට දෝලනය
වෙනවා මෙ කියන කඹ ඇදිල්ල ප‍්‍රශ්ණයට විසදුමක් නෙමෙයි. සියල්ලෝම උගුරට හොරා බෙහෙත්
බොති. පාලකයන් ට ඩෙංගු වලටත් වඩා දරුණු ලෙඩක් වැලදී ඇත. රටේ පාලනය තීරණ ගැනීම්
තාමත් අඩ නින්දේ. රටකට අවශ්‍ය රොහල් පිරෙන්න වෙද්දු නෙමෙයි සිත පිරෙන්න ලෙඩක් හොද
කරගන්න පුලූවන් වෙද්දු ය අවශ්‍යයි. මෙකී ප‍්‍රශ්ණවලට විශ්වවිද්‍යාල ශිෂ්‍යා පාරට නොපැමිනිය හොත්
එදාට ලංකාව කොතන ද කියලා හිතන්නත් බෑ අවසානෙදී ශිෂ්‍යාට අරගලෙත් අහිමිව උපාධියත් අහිමි
වුනොත් ඊට ඉදිරිපත් වන්නෝ කවුරුන් ද ශිෂ්‍යයන්ට පමණක් වදින කදුලූ ගෑස් පොලූ ප‍්‍රහාර අරගල
නොනවතී. නොවිසදෙන බොරු පොරොන්දුවලින් මිදෙන්න කාලයත් ඇවිත්. උගුරට හොරා බෙහෙත්
බිව්වට ඒක හොදට දැනෙනවා

චලනි කරුණාතිලක
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment

අදහස්