Wednesday 26 July 2017

Study leave සහ අපි

                              

   


උසස් අධ්‍යාපනයක්  ලැබීම හීනයක් වුන  කාලයක A/L හොදට පාස් වෙන්න කියලා, හොදට ම පාඩම් කරපු අපි Campus ආවා. Campus  ජීවිතයේ අලඟිය මුලගිය තැන් ස්පර්ශ කරමින් සිටින අතර ම අපිට ම උරුම අධ්‍යාපන රටාවක ගැලවුම්කාරයෙක්  වෙන්න බැරුව Assignment, presentation වලට මුහුණ දෙනගමන් බරටම මදි නොකියන්න ගිරා දානවා( කටපාඩම් Campus අධ්‍යාපනයේ ගිරා දැමීම, කුප්පි දැමීම (එකට එකතු වී පාඩම් කිරීම) සාමාන්‍යයයි. අධ්‍යාපනය කටු අත්තක් යන හැගිම ඔනවාටත් වඩා දැනෙන කාල පරිච්චේදයක් තමයි Study leave මේ  කාලය තුළ සියලූ ම නොකරපු  වැඩත් බදාගෙන සති දෙකක කාලයක් තුළ මහන්සි වෙලා නින්දක් නැතුව ගොඩ දානවා. ඇනයක් නැතුව බේරෙන්න(Repeat නොවීම) ඹ්න කියන කාරණාවත් හිතේ කොනකින් තියාගෙන මෙන්න මේකයි කියන ක‍්‍රමවේදයකට සාමාන්‍යයෙන් අනුගත වෙමින් ලබන මෙකී හරබර නැති ක‍්‍රමවේදයක් විද්‍යාර්ථයකුට නම් ගැලපෙන්නේ ම නෑ. මෙම අධ්‍යාපන රටාව තුළ ඇල් මැරුන බවක් හෝ නීරස දෙයක් විදියට එක් අතකින් දැකීම එය අධ්‍යාපන රටාවේ යම් අඩුපාඩුවක් ද නොඑසේ නම් විද්‍යාර්ථ භුමිකාව ඊට අනුවර්තනය වීමේ සක්‍යතාවයේ දුබලතාවයක් ද යන්න ගැටලූවකි. නමුත් අධ්‍යාපන පරිපථය තුළ විභාග ක‍්‍රමවේදය තුළ යම් ආකාරයක සංවර්ධනයක් පැහැදිලි ලෙස සිදුවිය යුතුය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ විෂය කේන්දීය අධ්‍යායනයක් වටා අධ්‍යාපනය සිදුවේ නම් විෂය මුලික ප‍්‍රයෝගිකත්වයකට සුවිශේෂි මුලිකත්වයකට ලක් විය යුතුය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව ඉගෙන ගත් දැනුම නොව ප‍්‍රයෝගිකත්වය මත රැකියා මාවතක් විවර කළ යුතුය. අධ්‍යාපනය කටපාඩම් කිරීමක් හෝ ප‍්‍රශ්ණ පත‍්‍රයකට පිළිතුරු සැපයීමක් ද නොවේ.

පා‍්‍රථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා මෙකී කි‍්‍රයාවලිය තුළ ප‍්‍රයෝගික අධ්‍යාපන කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක විය යුතුය. උසස් අධ්‍යාපනය තුළ උපාධියෙක් පසු අපිටම කියා උරුම රුකියාව ස්ථිරවම ස්ථිර කරගැනීමට ගිරා දාන සංස්කෘතියක් තුළ එය රැකියාවට ගලපන්නේ කොහොමඳ අධ්‍යාපනයේ විභාග ක‍්‍රමය යාවත්කාලීනව ශක්තිමත් නැත. අකුරු පුරවන පත‍්‍රයකට සමාජයේ පුර්ණ මිනිසෙකු වීමට බැහැ විභාග රටාවෙන විතැන් වන දැනුම මැන බැලීමේ ප‍්‍රයෝගික ක‍්‍රමවේදයක් නැද්ද එවැනි ක‍්‍රමවේදයක් තුළ අධ්‍යාපන ක‍්‍රමවේදයේ වෙනසක් කළ නොහැකිද මුලිකවම සංවර්ධනය විය යුත්තේ මිනිස් මොළයයි විශ්ව විද්‍යාල ශිෂ්‍යා සම්පුර්ණයෙන්ම  ප‍්‍රායෝගික නෑ. ප‍්‍රායෝගික සමාජය අත්ලට ගෙන හැඩරුව බලන්නට නොව එහි ගැඹුර සොයා යාමටත් එය විනිවිද දැකීමටත්  පුර්ණ ලෙස ශක්තිමත් විම එහි වැදගත් කමයි. ඒත් එක්ක ම ලාංකීය අධ්‍යාපනය ඉබි ගමනින් ක‍්‍රියාත්මක වීම කණගාටුවට කරුණකි. හේතුව මුලික අධ්‍යාපනික අඩුතාලමේ සිට සැලකිය යුතු අධ්‍යාපනික වැඩසටහනක් ක‍්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණ විට උපාධිය පැත්තක දමා ලද දෙයින් තුටු වීමටයි. සාමාන්‍ය ශිෂයෙක් උසස් අධ්‍යාපන ක‍්‍රියාවලිය  ශ‍්‍රමය සැපයිය යුතු ශ‍්‍රම කණ්ඩායමට අයිති විය යුතු කාල පරාසය තුළ අධ්‍යාපනය අවසන් කළ යුතුය. නමුත් ලාංකීය අධ්‍යාපනය තුළින් සමාජගත වන ප‍්‍රජාව ශ‍්‍රම කණ්ඩායමට එකතු වන්නේ හෙම්බත් වු අධ්‍යාන පීඩනය තුළ බිහි වුන අලස පුද්ගලයෙක් ක‍්‍රියාකාරිත්වය අඩපන වුන පුද්ගල කණ්ඩායමකි. රටේ සංවර්ධනයට දායක වන පිරිස මත ඉදිරි සංවර්ධනයේ ජීවනාලිය ක‍්‍රයාත්මක වේ. රටේ බොහෝ රාජ්‍ය ආයතන තුළ අලසකාරි ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වන්නේ මෙම හේතුව නිසා නොවේද ආයතන තුළ තරුණ පරපුරක දායකත්වය කප්පාදු වී ඇත.
සංවර්ධනයේ මිනුම් දණ්ඩ ලෙස සැලකෙන අධ්‍යාපනය විෂයානුබද්ධ කරුණු ප‍්‍රයෝගික කිරිමෙහිලා වැඩපිලිවෙලක් තිබිය යුතුය. දක්‍ෂ යනු කටපාඩම් කරන ඉගෙනුම් කි‍්‍රයාවලිය නොව එය සාර්ථක අධ්‍යාපනයක ඉගෙනුම් ඵල අවබෝධයක් හා එහි මුදුන් මුල ස්පර්ශ කරන්නට සමත් වීම ඉගෙනුමේ අර්ථාන්විත අවබෝධයයි. නියුටන් සොයාගනු ලැබු ගුරුත්වාකර්ෂණ බලය තුළ ඔහු ඇපල් ගෙඩියේ කතාව නොකිව්වනම් අපිට ඔය කියන කාරණව තේරුම් ගැනීමට හෝ ධාරණයට අවබෝධයට හැකියාවක් නොලැබෙන්න තිබුණා. Theory තුළ practical අධ්‍යාපනයක් දැකීම සාර්ථක ඉගෙනුම් පල නෙලා ගැනීමක් ලෙස ද ලිඛ්ත අධ්‍යාපනයෙන් තොර අධ්‍යාපනයක උරුමක්කාරයෝ වෙමු ද දවසින් දවස පැන නගින විරැුකියාව ට විසදුමක් ශ‍්‍රම බලකායෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමටත් ඉදිරි අධ්‍යාපනය පුළුල් මාවතක් ඔස්සේ ගමන් කළ යුතු අතර ශක්තිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක විය යුතුය. තරුණ පරපුරක් රට සංවර්ධනය කිරීමට මුලික වශයෙන් දායක කරවා ගත යුතුය.



3 comments:

අදහස්