Friday 11 June 2021

ගුවන් විදුලිය නව මාවතක් ඔස්සේ



 ශ‍්‍රව්‍ය මාධ්‍යයක් වශයෙන් ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය සිය ජීවිත කාලය වු අවුරුදු 90 වෙන් අවුරුදු 70වක පමණ කාලයක් වැඩුණේ රාජ්‍ය රැුකවරණ යටතේය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඒ තරම් කාලයක් ලංකාවේ ගුවන් විදුලිය පාලනය වුයේ රාජ්‍ය මාධ්‍යයක් ලෙසිනි. මේ නිසා මෙය ඉතා සෙමින් එහෙත් කිසියම් ස්ථාවර බවකින් යුතුව වැඩෙමින් තිබුණි. එහෙත් 1927 න් පසු බිහිවු රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ප‍්‍රබල වෙනස ගුවන් විදුලියට බලපෑවේය. එහිදී එතෙක් ගුවන් විදුලි මාධ්‍යයට බැදී සියලූ මායිමා සීමා වැට කඩුලූ බිඳහරින ලදී. එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ එවැනි විවෘත හා නිඳහස් ආර්ළුක ප‍්‍රතිපත්තියක් ආරම්භ කර දශක එකහමාරක් හෙවත් අවුරුදු 15 ක් යන තෙක් ගුවන් විදුලි මාධ්‍ය රාජ්‍ය පාලනය යටතේ පැවති බවයි. ඒ හා විශාල කාලයක් ගුවන් විදුලි මාධ්‍ය පෞද්ගලික අංශයට විවෘත නොවුනේ එවැන්නක ඇති බැරැුරුම්කම එකල පැවති රාජ්‍යයක් අවබෝධ කොට ගත් නිසා දැයි මෙහිදී නිශ්චිතව කිවනොහැකිය. මේ දක්වාම ගුවන් විදුලිය රාජ්‍යයත්වයෙන් මීදීමට හේතු වු සාධක ගණනාවක් ගොනු කළ හැකිය. 1990 දශකයේදී මෙරට ගුවන් විදුලිය තුළ සුවිශේෂි සංදිස්ථාන රැුසක් ලඟා කරගත් යුගයක් ලෙෂ හැදින්විය හැකිය. ඒත් සමඟම පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහිවීමට  මෙකී සාධක බලපානු ලබයි. 

                                සමාජ

                                ආර්ථික

                                දේශපාලන

                                සංස්කෘතික                                                                                      

සාධක බලපාන්නට ඇත.

එකී දැඩි තරගකාරිත්වය සමඟ පෞද්ගලික නාලිකා විවිධ අයුරින් වෙනස් විය. එසේ වෙනස් වු සධකයන්ට අනුකූලව ගුවන් විදුලිය නව මානයකට යොමු විය. ඒ පිළිබඳ පුළුල් අධ්‍යනයක් මෙහිලා සිදුකරනු ලබයි. එහිදී පෞද්ගලික ගුවන් විදුලි නාලිකා මෙන්ම රාජ්‍ය නාලිකාද අවධානයට ලක් කරනු ලබයි. මෙහිදී ගුවන් විදුලි ආයනකයන් ලබා දුන් තොරතුරු වලට අනුව මෙහි කරුණු පෙළ ගස්වනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

  සුවිශේෂි සංදිස්ථාන

1990  විදේශීය සේවාවක් වු කොළඹ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය (COLOMBO INTERNATIONAL REDIO) ආරම්භ කිරීම.

 ගුවන් විදුලි බලපත‍්‍ර අංශය පිහිටු වීම.

1991  ”ආරාධිත අමුත්තා” වැඩසටහන ආරම්භ කිරීම.

  ”සුනිල් ගී” මැයෙන් කැසට් පටයක් කිරීම. 

   පළමුවරට සුසංහිත තැටි(සී ඞී තැටි) මාර්ගයෙන් ගීත නිකුත් කීරීම.

  සංවර්ධන තොරතුරු ගමට ගෙන යාමේ අරමුණින් ග‍්‍රාමීය සේවය ආරම්භ කිරීම.

 යාපාපටුන සේවය පලාලි සේවය නමින් හැදින්වීම.

කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලි සේවය නිල වශයෙන් ආරම්භ කිරීම. 1989 පෙබරවාරිි 12 වන දින අත්හදා බැලීමේ විකාශනය ආරම්භ විය. දකුණු කොරියානු රජය අවශ්‍ය උපකරණ මේ සඳහා පරිත්‍යාගය කළේය.

1992 පළමුවරට ශුද්ධ වු මක්කමේ සිට චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගත් හජ්ජි වන්දනා පැයක ගුවන් කාලයක් සජීවීව ප‍්‍රචාරය කිරීම.

කාලීන තොරතුරු ඇළත්ව නව අධ්‍යාපන සේවය ඔස්සේ ප‍්‍රචාරය වු සුභාරතී වැඩසටහන සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප‍්‍රචාරය ආරම්භ කිරීම. 

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වන්නා ප‍්‍රදේශිය සේවය ඔස්සේ ප‍්‍රචාරය ආරම්භ කිරීම.

  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වන්නි ප‍්‍රදේශීය සේවය ආරම්භ කිරීම. එල් ටී ටී ත‍්‍රස්ථවාදි ක‍්‍රියා නිසා  මාර්තු 30 වෙනි දින සිට විකාශන කටයුතු නතර කරනු ලැබිණ.

 ස්ටීරියෝ පහසුකම සහිත නව බහුකාර්ය මැදිරිය (NEW MULTI STUDIO CMPLEX)විවෘත කිරීම ගුවන් විදුලි සඟරාව ශ‍්‍රව්‍යවාහිනී  නමින් නිකුත් කිරීම 

 ජනසවිය ගී පද මාලා තරඟය පැවැත්වීම

1994 දෙණියාය විකාශනාගාරය එෆ් එම් (FM) පද්ධතිය දියුණු කිරීම. 

 ගුවන් විදුලි සඟරාව ඇසිදිසි නමින් ආරම්භය කිරීම.

 ශ‍්‍රාවක ප‍්‍රතිචාර සම්මාන උළෙල පැවැත්වීම.

1995 මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එෆ් එම් තාක්‍ෂණය යොදා ගැනීම. 

  ජපන් රජයේ ආධාරය යටතේ ලැබුණ බහුකාර්ය මැදිරිය මෙදින සිට ආනන්ද සමරකෝන් බහුකාර්ය මැදිරිය ලෙස නම් කිරීම. 

 ශ්‍රී ලංකා එෆ් එම් සේවයේ ගුවන් කාලය පැය 24 ක් දක්වා දීර්ඝ කිරීම.

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විශ්වශ‍්‍රවණී සේවය ආරම්භ කිරීම.

 ගුවන් විදුලි සංස්ථාව ප‍්‍රථමවරට ජනාධිපති උළෙලක් පැවැත්වීම. අසන්නන්ට, හොඳම නිශ්පාදනයන්ට සහ සේවාදායක ආයතන සඳහා ද මෙහිදී සම්මාන පිරිනමන ලදී.

1996 දෙමළ වෙළඳ සේවයක් වෙනම සේවයක් ලෙස ආරම්භ කිරීම.

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතිරේක ප‍්‍රධාන ප‍්‍රවෘත්ති සේවයක් ආරම්භ කිරීම. 

 ශ්‍රී ලංකා එෆ් එම් සේවය හා එකාබද්ධ වීම පසුව එම සේවය සිටි එෆ් එම් ලෙස නම් කරන ලදී. 

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව  ලක්හඩ සේවය ආරම්භ කිරීම. 

 මුවන්පැළැස්ස නාට්‍යය ප‍්‍රචාරය නතර කිරීම.

1997 මධ්‍යම තරංග භාවිත කරමින් විසුරුවා හරින ලද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දේශීය සේවාවන් හී ප‍්‍රචාරණයන් සම්පුර්ණයෙන් නතර කිරීම.

 යාපාපටුන සේවය නැවත යාපනය සේවය ලෙස නම් කිරීම. 

 විවිධ සේවාවල පවත්නා ගෙන ගිය තරඟ විස්තර ප‍්‍රචාරය වෙනම සේවාවක් ලෙස ක‍්‍රීඩා විකාශනය නමින් ආරම්භ කිරිම. මෙය ශ්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩා විකාශන සේවයයි. 

 ලක්හඩ සේවය ගුවන් විදුලි සංස්ථාවෙන් වෙන්වී ස්වාධීන රූපවාහිනී සේවය සමඟ අනුබද්ධ වීම.

 කරගහතැන්න නව එෆ් එම් විකාශනාගාරය විවෘත කිරීම  නව එෆ් එෆ් ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය සැලකිය හැකිය. 

1998 ශ‍්‍රද්ධ තරංග ව්‍යාපෘතිය ( MICROWAVE PROJECT) ආරම්භ කිරීම.

 කන්තලේ මධ්‍යම තරංග (MW) විකාශනාගාරය වසා දැමීම.

  පස්වන ප‍්‍රජා ගුවන් විදුලිය වශයෙන් පුලතිසිරාවය ප‍්‍රජා ගුවන් විදුලි සේවය ආරම්භ කිරීම. 

1999 කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලි සේවය ආරම්භ කිරිම. 

2000 විසිර ගුවන් විදුලි සේවය ආරම්භ කිරීම. ක‍්‍රඩා විකාශනයේ තරංග මාලා ( සංඛ්‍යාත) මේ සඳහා යොදා ගන්කා ලදි. 

2001 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 75 වන සංවත්සරය සැමරීම.

වෙළඳ සේවය පවන Redio Slanka ලෙස නම වෙනස් වි ආරම්භ වීම.

දෙමළ වෙළඳ සේවය තෙන්ඩ‍්‍රල් නමින් හැදින්වීම. 

අග්නිදිග ගුවන් විදුලි සේවය නතර කිරීම.

අමර ස්වර බැති පුද නමින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට උපහාර දැක්වීම.සුභාවිත සංගීතය ඇගයීමක් ලෙස ගුවන් විදුලි සංස්ථාවේ ”ආචාර්ය අමරදේව මැදිරිය” ලෙස නම් කිරීම.

ක‍්‍රිඩා විකාශනයේ වැඩසටහන් පවන ගුවන් විදුලි සංස්ථාවේ හා සම්බන්ධ කිරීම.

සිටි එෆ් එම් සේවයේ වැඩසටහන් සිංහල දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් නැවත ප‍්‍රචාරය කිරීම. රජයේ ත්‍රෛභාෂා ප‍්‍රතිපත්තිය ජනතාව අතරට ගෙනයාමේ අරමුණින් මෙසේ සිදුකිරීම. 

2003.07.27

ප‍්‍රවෘත්ති අංශය නූතන තාක්‍ෂණ ක5මවේද අනුව ජාලගත කිරීම සහ ප‍්‍රවෘත්ති සඳහා මාර්ග දර්ශකයක් එළිදැක්වීම.

සිටි එෆ් නැවත ආරම්භ කිරීම සහ ප‍්‍රවෘත්ති සඳහා මාර්ග දර්ශකයක් එළි දැක්වීම.

වෙළඳ සේවය නැවත ආරම්භය කිරීම.

හජ්ජි වන්දනාව ඇතුළත් පළමු මුස්ලිම් කැසට් පටය නිකුත් කිරීම.

මතකයේ රුදුණු ගී වැඩසටහන නැවත වෙළඳ සේවයෙන් ප‍්‍රචාරයකිරීම වැඩසටහනේ නිවේදක ජයන්ත පිරීස් මහතා ය. 

සිටි එෆ් එම් (  city fm)  සේවයේ උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය පෙරවරු 7.00ට ආරම්භය කිරීම.

යාපනයේ විකාශනය නැවත කිරීම.

ඉංග‍්‍රිසි සේවය ප‍්‍රචාරය වන බී.බී.සී (BBC) වැඩසටහන් වෙනුවෙන් පැය 04ක ගුවන් විදුලි කාලයක් විකාශන කටයුතු සඳහා ලබාදීම.

පළමු වරට සිටි එෆ්.එම් සහ සහ තෙන්ඩ‍්‍රල් යන සේවා දෙක සඳහා අන්තර්ජාල සම්බන්ධය ඇති කිරීම. 

දෙමළ වෙළඳ සේවය නැවත ආරම්භ කිරීම. 

ආර්.එන්.එන් සේවය නැවත ආරම්භ කිරීම. 

ක‍්‍රිඩා සේවය නැවත ආරම්භ කිරීම.

යුරෝපා සේවය නැවත නතර  කිරීම.

ආර් එන් එන්  සේවය ඔස්සේ සමස්ථ ආසියා හින්දි සේවය නැවත ආරම්භ කිරීම.

සිංහල ස්වදේශීය සේවයට අන්තර්ජාල සබඳතා ඇති කිරීම.

2006

ආර් එන් එන්  සේවය නතර කිරීම.

විදුල ළමා ගුවන් විදුලිය ආරම්භ කිරීම.

සිංහල ස්වදේශීය සේවය වැඩසටහනන් පෙරවරු 4.45ට ආරම්භ කිරීම. 

සිටි එෆ් එම් සේවයේ උදෑසන ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය ප‍්‍රචාරය පෙරවරු 6.00 ට ආරම්භ කිරීම.

භාෂා විද්‍යාගාරයක් කොත්මලේ ගුවන් විදුලි සේවයේ ආරම්භ කිරීම.

මුවන්පැළැස්ස නාට්‍යය නැවත වෙළඳ සේවයෙන් ප‍්‍රචාරය කිරීම.

2007

ගුවන් විදුලි කෞතුකාගාරය නැවත විවෘත කිරීම.

ගුවන් විදුලි භාෂා විද්‍යාගාරය සහ ආපදා සන්නිවේදන මැදිරිය විවෘත කිරීම

ගිරාªකෝට්ටේ ප‍්‍රජා ගුවන් විදුලිය කටයුතු ආරම්භවීම.

2008

සිංහල ස්වදේශිය සේවයේ වැඩසටහන් පෙරවරු 4.30ට ආරම්භ කිරීම.

සිංහල ස්වදේශිය සේවයේ ශ‍්‍රවණ තත්ත්වය වැඩි දියුණු කිරීම, ඒ අනුව කොළඹ 93.3 සංඛ්‍යාතයේ ධාරිතාව කිලෝවොට් (KW)300 සිට 1500 දක්වා වැඩි කිරීම.

ගුවන් විදුලි ධර්මදේශනා දිනපතා පෙරවරු 8.00 සිට 9.00 දක්වා සහ රාත‍්‍රී 8.00 සිට 9.00 දක්වා ස්වදේශිය සේවය ඔස්සේ ප‍්‍රචාරය ආරම්භ කිරීම. මීට පෙර බදාදා සහ ඉරිදා දිනවල පමණක් ධර්මදේශනා ප‍්‍රචාරය කළේය.

විදුල ළමා ගුවන් විදුලියේ ගුවන් කාලය සංශෝදනය කිරීම. ඒ අනුව කොළඹ 93.3 සංඛාතයේ ධාරිතාව කිලෝ වොට් (KW) 300 සිට 1500 දක්වා වැඩි කිරීම

කොළඹ ජාත්‍යන්තර රේඩියෝව (COLOMBO INTRE NATIONAL REDIO) නතර කිරීම.

විදුල ළමා ගුවන් විදුලි සේවය සිංහල ස්වදේශී සේවය සමඟ ඒකාබද්ධ කිරීම. මේ සමඟ විදුල යේවයේ වැඩසටහන් පස්වරු 3.00 සිට පස්වරු 6.00 දක්වා ප‍්‍රචාරය විය.

සන්ධ්‍යා සේවය ”ගොවි ගෙදරින් මහ ගෙදරට” යන නමින් නැවත ආරම්භ කිරීම.

සමස්ථ ඉන්දීය සේවය  (ALL INDIAN SERVICE ) හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය COLOMBO INTERNATIONL RADIO& ආරම්භ කිරීම.

රුහුණු සේවයේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව පෙරවරු 5.30ට ආරම්භ කිරීම.

2009

තරංගා ගුවන් විදුලි සඟරාව නමින් නිකුත් කිරීම.

කොළඹ ප‍්‍රදේශයේ ශ‍්‍රවණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කිලෝ වොට් 1.5 ධාරිතාවයෙන් යුත් ට‍්‍රාන්ස්මීටර් යොදා ගන්නා ලදී. 

වයඹ හඩ ප‍්‍රාදේශීය ගුවන් විදුලි සේවය ආරම්භවීම. 

පළමුවරට දෙමළ භාෂාවෙන් සජීවී ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරය ආරම්භ කිරීම.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙබ් අඩවිය මෙදින පරිශීලනය කළ ප‍්‍රමාණය ලක්‍ෂ 19 කි.

වෙළඳ සේවය උදෑසන ප‍්‍රවෘත්ති විකාශනය ආරම්භ කිරිම

හඞ්සන් සමඟ පුවත්පත් සිරස්තල වැඩසටහන ආරම්භ කිරීම.

සෑම දිනකම උදෑසන 06.30 ට වැඩසටහන ප‍්‍රචාරය විය. සිටි එෆ් එම් සේවය, වෙළඳ සේවය, සියළුම ප‍්‍රාදේශිය සේවා සහ ජාතික රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය කළේය. පුවත්පත්, වෙබ් අඩෙවි, රූපවාහිනී නාලිකා, සඟරාවල තොරතුරු සංසන්ධනය කරමින් විග‍්‍රහාත්මකව ගෙන ඒම අරමුණයි.

සංඛ්‍යාංක සංරක්‍ෂණ ඒකකය පිහිටුවීම. එ් අනුව පැරණි තැටි සහ පටිවල අඩංගු ගීත හා කතා කොටස් ඩිජිටල් තාක්‍ෂණය ඩස්සේ සංරක්‍ෂණ කෙරේ.

දෙණියාය විකාශනාගාරයේ ධාරිතාව කිලෝවොට් (ණඵ* 05 දක්වා වැඩි කිරීම.

රජරට රුහුණු යන ප‍්‍රාදේශීය සේවාවන්හි ගුවන් කාලය පෙරවරු 5.30 සිට පස්වරු 7.30 දක්වා වෙනස් කිරීම.

සමස්ථ ඉන්දීය සේවය හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය නතර කිරීම.

සිටි එෆ් එම් , තෙන්ඩ‍්‍රල් සහ ඉංග‍්‍රිසි යන සේවා අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හැරීම.

පුලතිසිරාවය ප‍්‍රාජා ගුවන් විදුලි සේවය නැවත ආරම්භ කිරීම.

රුහුණු ප‍්‍රාදේශීය සේවය් ගුවන් කාලය රාත‍්‍රි 8.00 දක්වා දීර්ඝ කිරීම.

පලාලි සම්පේෂණාගාරය විවෘත කිරීම සහ මෙම ස්ථානයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලූම දෙමළ සේවා විසුරුවා හැරීම.

දඹාන රේ්ඩියෝ ගුවන් විදුලි සේවය ආරම්භ කිරීම. ගිරාඅදුරුකෝට්ටේ ගුවන් විදුලි සේවයේ සංඛ්‍යාත භාවිතයට ගනි.

සිංහල, දෙමළ, අළුත් අවුරදු වැඩසටහන් පුනරීන් සිට විසුරුවා හැරීම.

සිංහල ස්වදේශී සහ දෙමළ සේවා ඔස්සේ ඛී.ඛී.සී. සංදේශය වැඩසටහන නැවත ආරම්භ වීම.

2011

සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් විසුරුවා ලීම.

පළමු වරට මොබිටෙල් ආයතනය හා එක්ව ජංගම දුරකථන ඔස්සේ ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති ශ‍්‍රවණයට අවශ්ථාව ලබාදීම.

සිටි ත්‍ප සේවයේ වැඩසටහන් සිංහල , දෙමළ , ඉංග‍්‍රිසි භාෂාවන්ගෙන් නැවත ප‍්‍රචාරය කිරීම, රජයේ ත්‍රෛයි භාෂා ප‍්‍රතිපත්ති ජනතාව අතර ප‍්‍රචලිත කිරීම අරමුණ විය. පසු කලක සිංහල භාෂාවේ වැඩසටහන් ප‍්‍රචාරය සිදු වුයේය.

ටයිම් රේඩියෝ  ආරම්භ කිරීම. දෙස් විදෙස් කෙළිබිමේ නැවුම් තොරතුරු, කලා පුවත් සහ ගීත ශ‍්‍රාවකයාට ගෙන ඒමේ අරමුණින් මෙම සේවය ආරම්භ විය. 2014 මාර්තු 11 දින සිට විකාශනය කටයුතු නතර කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය සෙරන්ඩිබ් යනුවෙන් අන්තර්ජාල ගුවන්විදුලි සේවනක් ආරම්භ විය. 2014 මාර්තු 11 දින සිට විකාශය කටයුතු නතර කළේය.

2013

බී.බී.සී.  සංදේශ ප‍්‍රචාරය නැවත නතර කිරීම.

සිටි එෆ්.එම්. සංදේශය  ප‍්‍රචාරය නැවත කිරීම.

තරුණ ගොවි සමාජ ගුවන් විදුලි පැණ විසදුම් තරඟය නැවත ආරම්භ කිරීම. ගොවි බිමයි ජය ටැබයි යන නමින් වැඩසටහන නම් කර ඇත. තරුණ පරපුර නුතන තාක්‍ෂණය යමතේ කෘෂිකර්මයට සම්බන්ධ කරගැනීම සහ පාසල් සිසුන්ට කෘෂිකර්මය පිළිබඳ දැනුම ලබා දීම අරමුණයි.

පළමුවරට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සම්ප‍්‍රදායික යුගාසන ධර්මදේශනාවක් ආනන්ද සමරකෝන් මැදිරියේ දී පේ‍්‍රක්‍ෂක සහභාගීත්වයෙන් පැවැත් වීම.

2014

තෙන්ඩ‍්‍රල් සේවය ආරම්භ කළ එස් එල් කළ සිගින්ග් ස්ටාර් වැඩසටහනේ අවසන් තරඟය සහ ජයග‍්‍රහයකන්ට ත්‍යාග පිරිනැමීම.

රජරට නිවාඩු නිකේතනය නැවත ආරම්භ කිරීම.

විදුල ළමා ගුවන් විදුලියේ උදෑසන ප‍්‍රචාරණ කටයුතු නතර කිරීම.

පළමුවරට අපදානාත්මක හඩනළුව නම් වු වැඩසටහන සජීවීව ප‍්‍රචාරය කිරීම. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහන් සඳහා එක් වු නව ආකෘතියකි.

හින්දි සේවයේ ගුවන් කාලය පැයකින් අඩුකිරීම.

ළමාපිටිය වැහසටහන නැවත ආරම්භ කිරීම.

ධර්ම දේශනාව අනුග‍්‍රාහකයාගේ නිවසේ සිට පළමුවරට සජීවීව  ප‍්‍රචාරය කිරීම, රුහුණු ප‍්‍රසේශීය සේවය මෙම වැඩසටහන විකාශනයන කළේය.


Thursday 10 June 2021

සු සැට ආභරණ


අාභරණ



හෙළ කුළ සිරිතට විරිතට, සිරිකත ලෙස කුළගෙට පියමන් කරන දිනයට සිංහල ආරෙට නියම සිංහල ඔසරියෙන් හැඩවීමට වර්ථමානයේ තරුණියන් බොහෝ සේ ප්‍රියකරනවා. සම්ප්‍රධානුකුල ඔසරියෙන් හැඩවිම යනු හුදෙක් ඔසරිය ඇදීමම නොවෙයි. සම්ප්‍රධානුකුල ඔසරිය අංග සම්පුරණ වීමට නම් ආභරණ කට්ටලය නිවැරදිව තිබීමද අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. නිවැරදි ආභරණ කට්ටළය කියන්නේ මොකක්ද, අභරණ කට්ටලයේ කොටස් මොනවද, ඒවායේ තේරුම් මොනවාද, පළදින්න හේතු මොනවද කියලා අපි කතාකරමු.

නළල් පටිය

තැල්ල කියන්නේ මනාලියක් වීමේ සංකේතයක්. නළල් පටිය සහ ඉර හඳ විශේෂවන්නේ එම නිසයි. මෙහිදීත් රන් තැල්ල ඉතා විශේෂයි. එයින් කියවෙන්නේ දෙදෙනෙකු දෙපැත්තකින් පැමිණ මැදින් එකතු වීමයි. නළල් පටිය පලදීමේදී පිරිත් ගායනා කිරීම සිදුකර, මනාලියගේ මව අතින් එය පැළදවීම නිවැරදි සිරිතයි.

ඉර හඳ

ඉර හඳ පැළදීමෙන් අදහස් වෙන්නේ ඉර හඳ පවතින තුරු විවාහය පැවත්ම සිදු වේවායි යන්නයි.

කඩුක්කන්

කන් සැරසීමට බාවිතා කරන කරාබු මෙයින් අදහස් කෙරේ. මෙයට නිශ්චිත මෝස්තරයක් පෙන්වා නැති බැවින් මනාලිය වඩාත් සුන්දර වන ආකාරයට, ඇඳුමට කොන්ඩ මෝස්තරයට ගැලපෙන ආකාරයට වර්තමානයේදී කඩුක්කන් දමනු ලබයි.

මාල

සම්ප්‍රධානුකුල මාල කට්ටලය පතිනි දෙවියන්ගේ අභරණ කට්ටලය ලෙස මතයක් පවතී. එම නිසා මාල කට්ටලය මනාලියට කලඑළියක් ගෙන එනවා පමණක් නොවෙයි, ආරක්ෂාවක් ආශීර්වාදයක් ගෙන එන දෙයක් ලෙස හැඳින්විය හැක.
නිවැරදි මාල කට්ටලය සඳහා මාල දහයක් අඩංගු වේ. ඒ මෙසේය;
පදක්කම් මාල පහක්
පෙති මාල එකක්
අගස්ති මාල එකක්
කරමාලය
ගෙඩි මාලය
මකර මාලය
විශේෂයෙන් මකර මාලය තුළින් සියලු වස් දොස් දුරුකරනු ලබයි.

අත් පළදනා

අත් සැරසීම සඳහා බන්ඩි වළලු, සැලි වළලු සහ අතැගිලි පැලදීම කරනු ලබයි.

හවඩිය

ඉනේ හැඩය මානව ඔප් නංවා පෙන්වීමට හවඩිය අඳිනු ලබයි.

අතීතයේදී චේචිනම නමින් හදුන්වනු ලබූ අභාරණයක්ද තිබී ඇත. මෙය ආරක්ෂාවක් ලෙස යොදාගත් බවට මතයක් තිබේ. කෙසේ නමුත් අද වන විට මේ චේචිනම නම් ආභරණය භාවිතයෙන් ඈත් වී ඇත.

 

කාන්තා හිංසනයට ඉඩ ෙනාතබන්නට



 

දිගු ඉතිහාසයක් කරා දිවෙන ලාංකීය සමාජ සංස්කෘතිය තුළ එකී අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට නිතැතින්ම අපට හැකි වී ඇත. අපටම ආවේණික වු සදාචාරාත්මක සම්ප‍්‍රදායක් හා සාරධර්ම රැුසක් ශි‍්‍ර ලාංකිකයන් වු අපට උරුම වී ඇත. මව, පියා, දු පුතුන් ප‍්‍රධානව සැකසුණු පවුල් සංස්ථාව අප සමාජය තුළ සංකේතානුගතව ඇත. මේ අනුව ස්වාමියාගෙන් භාර්යාවට, භාර්යාවගෙන් ස්වාමියාට, ඔවුන්ගෙන් දරුවන්ට, වැඩිහිටියන්ගෙන් බාලයන්ට ආදි වශයෙන් ඉටුවිය යුතු කාර්යය කොටස් බෞද්ධ ඉගැන්වීමෙන් ඔප් නැංවී සදාචාරාත්මක රාමුවක යුතුකම් හා වත්පිළිවෙත් ජාලයක් ලෙස පවතී. එකී සදාචාර රාමුව තුළ කාන්තාව යනු මව, දියණිය, සොහොයුරිය මෙන්ම බිරිද ප‍්‍රධාන භූමිකාවන් රැුසක් කාන්තාව නියෝජනය කරනු ලබයි. 

දණ්ඩ නීති සංග‍්‍රහයේ කාන්තාව ලෙස වර්ග කර ඇත්තේ වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි යන්නයි.

කෙසේ නමුත් වර්තමානයේ දී හිංසනය සදහා නීති සම්පාදනය බලාත්මක වේ. හිංසනය යනු පුද්ගලිකව ප‍්‍රසිද්ධියේ කාන්තාවට සිදුකරනු ලබන කායික, මානසික හා ලිංගික පීඩාව, තර්ජනය හා බලහත්කාරය සහ අත්තනෝමතික නිදහස අහිමි කිරීමයි. හිංසනය ප‍්‍රධාන කොටස් 03 යි

x ශාරීරික

x මානසික

x ලිංගික

හිංසනයට ලක්වන කාන්තා පසුබිම විමසා බැලීමේ දී විවාහයට පත් කාන්තාවන්, අවිවාහක, රෝගි, මානසික ආබාධ සහිත, අසරණ අවතැන් වු කාන්තාවන් ඒ වගේම වැන්දඹුවන් දුරබැහැර සේවයේ යෙදෙන්නියන් ආදී අය වේ. හිංසනයට ලක්වන ස්ථාන නිවාස, ප‍්‍රවාහන සේවාවන් (බස්, වෑන්, ති‍්‍රවීල්, දුම්රිය සේවාවන්* රාජකාරි ස්ථාන, වැඩබිමේ, මගතොටේ දී විදේශීය සේවා ඒජන්සි, අවතැන් කදවුරුවලදී, සිනමාශාලාවන් වලදී සිදුවිය හැකිය.

හිංසනයේ ප‍්‍රතිඵල අතර මරණය, සියදිවිනසා ගැනීම, දික්කසාද වීම, රෝගී වීම, වෙන්වීම, දරුවන්ගේ ශාරීරික මානසික කඩා වැටීම, නැදෑයින් අතර ගැටුම් ඇතිවීම, සමාජයෙන් වෙන්ව ජීවත්වීම. වැනි කාරණාවන්ට මුහුණ පාන්නට සිදු වේ. මෙකී හේතු පදනම් කරගනිමින් විෂාදය වැනි මානසික රෝගයන්ට ද මුහුණ පෑමට ලක් වේ.

කාන්තා අයිතිවාසිකම් පිළිබ`ද අවධානයට ලක් කිරීමේ දී කාන්තාව සදහා වරප‍්‍රසාදයන් රාශියක් හිමිකර දී ඇත.

x 1923 දී ”ජාතික කාන්තා සංගමය” කාන්තාවන්ට, පිරිමින්ට හා සම අයිතිය දැඩිව ඉල්ලා සිටින ලදී.

x 1952 ”කාන්තා දේශපාලන අයිතිය” එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් පවත්වනු ලබන සමුළුව

1975- 1985 වසර දහසයක කාලය ”එක්සත් ජාතින්ගේ කාන්තා දශකය” යනුවෙන් හදුන්වා ඇත.

x මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ 1975 සාමය සංවර්ධනය සමානත්මතාවය මුලික වශයෙන් සාකච්චා කිරීම :ඹෘ්‍යඍ*

x 1980 1995 බ්ලීජින් නුවර දී කාන්තාවන් පිළිබද විශේෂ අවධානයක් යොමු කර ඇත.

x 1989 කාන්තාවන්ට එරෙහිව සියලූ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතීන් කරුණු 199 ක් සම්මත විය.

x 1993 ශි‍්‍ර ලංකාවේ කාන්තා ප‍්‍රඥ්ඥප්තිය සම්මත විය.

x 1998 ළමා හා කාන්තා කාර්යංශය සම්මත විය.

x 1994 රාජිකා කුමාරි මෙනවිය කාන්තා කටයුතු පිළිබ`ද එක්සත් ජාතික සංවිධාන විශේෂ නියෝජිතවරියක් ලෙස පත් විය.

x 1999 වෛකල්පිත ගිවිසුමකින් කාන්තාවන්ට පුද්ගලිකව පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම ට ඇති හැකියාව ඇතිවිය.

x දේශපාලන හා ඡුන්ද අයිතිය තහවුරු කිරීමට හැකිවිය.

x බේදයකින් තොරව රැුකියා කරන ස්ථානයේ නිසි වැටුප් ලැබීමට කාන්තාවන්ට ඇති අයිතිය.

නමුත් මෙකී අයිතිවාසිකම් හමුවේ කාන්තාවට නිසි ගෞවරවය නොලැබීම මුලික හේතු සාධකයයි. හිංසනයට ලක් වු කාන්තා අයිතිය, නීතිය බලාත්මක වු නමුත් හිංසනයෙන් පසු ඇය කරා පැම්ණෙන මානසික ව්‍යාකුලතාව සහ අසරණභාවයන් හමුවේ ඇය නැවත මානසික හිංසනයකට යටත්වේ. 

”එමෙන්ම 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  12(2* ව්‍යවස්ථාවෙන් ලිංගිකත්වය මත කිසිදු පුරවැසියෙකුට අසාධාරණයක් කළ නොහැකි බව ප‍්‍රකාශ වේ. එමෙන්ම 12(4* වැනි ව්‍යවස්ථාවෙන් කාන්තාවන්ගේ අභිවෘද්ධිය අරමුණු කරගෙන සම්පාදනය කරනු ලබන කිසිම විශේෂ ප‍්‍රතිපත්තියක් තහනමට ලක් නොකරන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශිතය”(දේශපාලන විද්‍යාව වෙළුම් 6 කලාපය*

1978 දී ශි‍්‍ර ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(2* උපවගන්තිය මගින් ස්ති‍්‍රන්ට හා පුරුෂයන්ට අසමාන අයුරින් සැලකීමෙන් මිදීමේ නිදහස ද ඇතුළු මානව හිමිකම් මෙන් ම ස්ති‍්‍රන්ට හා පුරුෂයන්ට එක හා සමානව සැලකීම ද තහවුරු කොට ඇත.(දේශපාලන විද්‍යාව වෙළුම් 6 කලාපය*

Chalani Karuíthilake

රාජ්‍ය පරිපාලනය අර්ථකතනය

 

රාජ්‍ය පරිපාලනය යන අංශය සීඝ‍්‍රයෙන් වර්ධනය වන්නේ දෙවන ලෝක  යුද්ධයෙන් පසු කාලය තුළ ඉස්මතු වන සුබසාධන රාජ්‍යය සංකල්පය සම`ගය. නිර්බාධවාදී රාජ්‍යය සංකල්පයට අනුව රාජ්‍යයට පැවරුනේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණි. නමුත් සුබසාධකවාදය ඉදිරිපත් වීමත් සම`ග ධනවාදයේ ව්‍යාප්තිය සම`ග ඉස්මතු වු විවිධ සමාජ ආර්ථික ප‍්‍රශ්ණ විසදීම ස`දහා රාජ්‍යයේ මැදිහත් වීම වැඩි වන්නට විය. එයාකාරයට වර්ධනය වු කාර්යභාරයන් ඉටු කරගැනීම ස`දහා කාර්යක්ෂම ස්ථාවර නිළධාරි පැලැන්තියක අවශ්‍යතාවය ඉස්මතු වු  අතර එම නිසා සෑම රාජ්‍යයක් විසින්ම වෘත්තිමය නිළධාරී පැලැන්තියක් වර්ධනය කර ගතී. ඒ අනුසාරයෙන් රාජ්‍ය පරිපාලනය දෙවන ලෝක යුද්ධයෙන් පසු වර්ධනය වන ආකාරය දැකිය හැකිය.

රාජ්‍ය පාරිපාලනය යනු කුමක්ද යන්න විමසීමට පෙර පරිපාලනය යනු කුමක්ද යන්න විමසිය යුතුය. මේ අනුව පාරිපාලනය යන්නට ඉංග‍්‍රීසි භාෂාවේ දී භාවිත කරන්නේ ්ාපසබසිඑර්එසදබ යන්නය. මෙය ලතින් භාෂාවේ ්ා සහ ඵසබසිඑර්රු යන වචනවලින් බි`දී ආවකි. ්ා යන්නහි අර්ථය ”හට” යන්න වන අතර ඵසබසිඑර්රු යන්නෙහි තේරුම සේවය කිරීම හෝ  සැලකීමය. මෙ සරළව ගත් කල්හි පරිපාලනය යනු ”සැළකීම, රැුකබලා ගැනීම, හා පාලනය හෝ රාජ්‍යය කටයුතු පරිපාලනය කිරීමයි.” මේ අනුව ෆිලික්ස් ඒ නිග්‍රෝ පෙන්වා දෙන්නේ ”පරිපාලනය යනු මහජනයා හා භෞතික වස්තූන් සංවිධානය හා උපයෝගි කරගෙන යම් ඉලක්කයක් සපුරා ගැනීමයි. මේ අනුව පරිපාලනය මුලික කරුණු දෙකක් මත පදනම් වන බව පෙනේ. එනම්,

1. සාමුහික වෑයම

2.පොදු අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම

මේ අනුව පරිපාලනය යන කි‍්‍රයාවලිය සමාජයේ සෑම ක්ෂේත‍්‍රයකටම පොදු වේ. එය,

x සුපිරි වෙළ`දසැලක්

x බැංකුවක් 

x විශ්වවිද්‍යාලයක් 

x පාසලක් 

x රෝහලක්

x පළාත් පාලන ආයතනයක්

යන සෑම ක්ෂේත‍්‍රයකම පවතී. ඉහත තත්ත්්වයන් විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ පරිපාලනය යන්න අදාළ වන්නේ රාජ්‍යය අංශයට පමණක් නොවන බවයි. එය පෞද්ගලික අංශයටද අදාළ වේ. ලෙනාඞ් ඞී. වයිට් පෙන්වා දෙන්නේ ”පරිපාලනය හා හැඩය හා අභිමතාර්ථය අනුව ද රාජ්‍ය හා පෞද්ගලික ආයතන තුළ විවිධ මට්ටමින් කි‍්‍රයාත්මක වුවත් ඒ තුළින්  දිවයන පොදු එක`ගතාවයක් නැතහොත් අනන්‍යතාවයක් දැකිය හැකි බවයි. පරිපාලනය පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශයේ සැළසුම්ගත පරිපාලන රටාවක් බිහිකිරීමට පදනම සපයයි.

පරිපාලනය වනාහි රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම අදාළ වන්නකි. ඒ අනුව රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශයේ කටයුතු වඩාත් ක‍්‍රමානුකූලව සහ සැළසුම්සහගතව කි‍්‍රයාත්මක කිරීම ස`දහා උපයෝගි කරගනු ලබන කි‍්‍රයාවලිය පරිපාලනය ලෙසින් හැදින්විය හැකිය. තවත් ආකාරයකට ප‍්‍රකාශ කරන්නේ නම් ප‍්‍රතිපත්ති හා තීරණ කි‍්‍රයාවට නංවනු ලබන කි‍්‍රයාදාමය පරිපාලනය වශයෙන්ද හැදින්විය හැකිය.

ඉහත ආකාරයේ පරිපාලන කි‍්‍රයාවලියක් රාජ්‍ය අංශය තුළ පවතින අතර, එය රාජ්‍යය පරිපාලනයයි. නුතන රාජ්‍යයේ පරිපාලන, සුබසාධක සංවර්ධනය හා සංස්ථාගත කි‍්‍රයාවලීන්ගේ ස්වරූපය නිසා රාජ්‍ය පරිපාලනය පිළිබ`ද අවධාරණය හා භාවිතය පිළිබ`ද වැ`දගත්කම වැඩි වී ඇත. චාල්ස්. ඒ. බෙයර්ඞ්ගේ අදහස වන්නේ පරිපාලනය තරම් වෙනත් විෂයක් වැදගත් නොවන බවයි.ලෙපෙව්ස්කි පවසන අන්දමට ශිෂ්ටාචාරය රැුදී පවතින්නේ විද්‍යාවක් හෝ දර්ශනවාදයක් ගොඩනැගීමේ අප සතු හැකියාව මෙන්ම ශිෂ්ටාචාරයේ අවශ්‍යතා ඉටුකළ හැකි පරිපාලන කි‍්‍රයාවලියකට හිමිකම් කියන රජයක් මත පමණි. රාජ්‍යය පරිපාලනය යන යෙදුමෙන් කරුණු දෙකක් අදහස් වේ. එනම්,

1. ශාස්ත‍්‍රීය විමර්ශනය 

2. අධ්‍යයනයට ලක්වන විෂයක් මෙන්ම කි‍්‍රයාවලියක් වීම.

කි‍්‍රයාවලියක් ලෙස රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම හා බලාත්මක කිරීම නිදසුන් වේ. බොහෝ විද්වතුන් විසින් තමාට ආවේණික වු ක‍්‍රමවේද, කාල පරාසයන් හා පරිසර තත්ත්වයන් යටතේ රාජ්‍ය පරිපාලනය අර්ථ දක්වා  ඇති අතර, පිළිගත් නිශ්චිත වු ක‍්‍රමවේදයක් නොමැත. 

රාජ්‍ය පරිපාලනයේ මව දේශපාලන විද්‍යාවයි. එනම්, රාජ්‍ය පරිපාලනයේ විද්‍යාවක් ලෙස හැඣීරීමට සිදුවනුයේ දේශපාලන විද්‍යාව තුළ එය පිළිසි`ද ගැනීමෙන් පසුවය. රාජ්‍ය පරිපාලනය අනිවාරයෙන්ම දේශපාලනය හා බද්ධ වන්නකි. රාජ්‍ය පරිපාලනය පිළිබ`ද ප‍්‍රථමයෙන්ම විද්‍යාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කළ පුද්ගලයා වන්නේ ලෙනාඞ් ඞී වයිට් ය. ඔහු පෙන්වා දෙන්නේ ”ආඞ්ඩුවේ බල අධිකාරිය විසින් තීරණය කරන ලද රාජ්‍යය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නංවමින් ඒවායේ අරමුණු සාධනය කරලීම ස`දහා කි‍්‍රයාත්මක වන සමස්ත කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනය වන බවයි.” මීට අමතරව රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු නිර්වචන කිහිපයක් පහත පරිදි ස`දහන් කළ හැකිය.

රාජ්‍ය නීතිය විධිමත්ව හා සවිස්තරාත්මකව කි‍්‍රයාවට නැංවීම රාජ්‍ය පරිපාලනයයි.

-වුඞ්රෝ විල්සන්

ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය රාජ්‍ය පරිපාලනය

-පර්සි මක්වින් 


රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැංවීමේ සමස්ත කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනය

මර්සන්

රාජ්‍යයේ අධිකාරි බල ආයතන මගින්  ප‍්‍රකාශයට පත් කෙරෙන රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නංවමින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම හා සම්බන්ධ කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනයයි.

මාර්ෂල්. ඊ. ඩිමොස්

රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ විධායක කාර්යයන් සම්බන්ධ සමස්ත කි‍්‍රයාදාමය වේ.

හර්බට්. ඒ. සයිමන්

රාජ්‍ය පරිපාලනය දේශපාලනමය වටිනාකම කි‍්‍රයාවට නංවන ප‍්‍රධාන ක්ෂේත‍්‍රයේ ලෙස හදුන්වා දිය හැකිය. රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ පුද්ගලයා සාමුහික උත්සහයන් සම්බන්ධීකරණය කිරීම ලෙස දැක්විය හැකිය. එය රාජ්‍යයේ රටානුගත කි‍්‍රයාවලියයි.

ජේ. එම්. පීෆ්නර් සහ ආර්.ප්‍රෙස්නස්

ඉහත තත්ත්වයන් විමසීමේ දී පැහැදිලි වන්නේ රාජ්‍ය පරිපාලනය යනු ”ආණ්ඩුවේ තීරණ නැතහොත් රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැංවීම අන්තරගත සමස්ත කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනය” වන බවයි.

රාජ්‍ය පරිපාලනය පිළිබ`ද හදුන්වමින් ෆීලික්ස් ඒ නිග්‍රෝ පෙන්වා දෙන්නේ ”ආණ්ඩුවේ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන අංශ තුනේ පවතින අන්තර් කි‍්‍රයාකාරිත්වය රාජ්‍ය පරිපාලනය බවයි.” නමුත් ඇතැම් අය පෙන්වා දෙන්නේ රාජ්‍ය පරිපාලනය තුළින් අර්ථකතනය වන්නේ ආණ්ඩුවේ විධායක හස්තය පමණක් වන බවයි. මන්ද යත් විධායකයේ කාර්ය වන්නේ පරිපාලනයයි. එය රාජ්‍ය කටයුතුවල අදාළ බැවින් පරිපාලනය යනුවෙන් හැදින්විය හැකි බව ඔවුන්ගේ මතයයි. මේ සම්බන්ධයෙන් පිළිගත් පොදු අදහසක් දැකිය නොහැක. කෙසේ වෙතත් අදවන විට පරිපාලනය යන සාධකය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම  ඕනෑම සංවිධානයක් තම අරමුණු ඉටුකර ගැනීමේ හැකියාව රදා පවතිනුයේ එය සතු පරිපාලනයේ සාර්ථකත්වය මතය. මෙය රාජ්‍යටද අදාළ වේ. විශේෂයෙන් අදවන විට, රාජ්‍ය අංශය සතු සම්පත් අරපිරිමැස්මෙන් ලාභදායිව යොදා ගනිමින් කි‍්‍රයාවට නංවන්නේ මෙම රාජ්‍ය පරිපාලනය මගිනි. එහෙයින් රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවක විධායක හස්තයද වේ. එමෙන්ම එය ශිල්පීය කි‍්‍රයාකාරකම් ඉටුකරන්නා වු අංශය ද වේ.

රාජ්‍ය පරිපාලනය යනු එක් අතකින් ආණ්ඩුවේ වැඩ කටයුතු සංව්ධානය කිරීම, සැළසුම් කිරිම, කි‍්‍රයාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත කි‍්‍රයාදාමයයි. නැතහොත් ආණ්ඩුව විසින් සම්පාදනය කොට විධානය කරනු ලබන නීති හා වෙනත් අණපනත් ප‍්‍රයෝගික වශයෙන් කි‍්‍රයාවට නංවන යාන්ත‍්‍රණයයි. එම යාන්ත‍්‍රණයට 

x අමාත්‍යාංශ

x දෙපාර්තමේන්තු

x බද්ධ සමාගම් 

x සංස්ථා

x අධිකාරි

යන යාන්ත‍්‍රණයන් අයත් වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වු සමාජ සංවර්ධනයත් විශේෂයෙන්ම සමාජ සංරක්ෂණය හා ප‍්‍රසිද්ධ සුභසාධන සේවාවන් වර්ධනය වී සුබසාධන රාජ්‍ය මතුවීමත් සම`ගම පරිපාලන සතු ව`ගකීම් සම්භාරයද අතිවිශාල විය. 1917 න් පසුව සමාජවාදය සම`ග රාජ්‍ය පරිපාලනය සතු වන කාර්යභාරය ද තවදුරටත් වර්ධනය විය. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලනයේදී අවශ්‍යය වන කරුණු කිහිපයකි. එනම්,

1. ශිල්පිය දැනුම 

2. ව්‍යාපාරික ලෙස කි‍්‍රයා කිරීම

4. ව`ගකීම දැරීම


පරිපාලන සේවය

පරිපාලන සේවා විභාගය පිළිබ`දව නවක උපාධිධාරීන්ට මෙන්ම රාජ්‍ය සේවයේ අවබෝධයක් නැත. එකල පැවති සිවිල් සේවය දිසාපති මෙන්ම උපදිසාපති වශයෙන් නම් කෙරුණි. නමුත් මෙය වර්තමානයේ දී හදුන්වන් ලබන්නේ ශි‍්‍ර ලංකා පරිපාලන සේවය යන්නයි. ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේට අදාළව අමාත්‍යය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ම`ගින් පනවනු ලබන සියලූම ප‍්‍රතිපත්ති ලේකම්තුමාගේ අනුමැතිව ඇතිව ශි‍්‍ර ලංකා පරිපාලන සේවා ශාඛාව ම`ගින් කි‍්‍රයාත්මක කරනු ලබයි.

ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ ඉතිහාසය

1796 වර්ෂයේ දී ශි‍්‍ර ලංකාව මුහුදු බඩ පළාත් බි‍්‍රතාන්‍යයට යටත් වීමෙන් පසු එම ප‍්‍රදේශවල පරිපාලන කටයුතු මධුරාසියේ සිට කි‍්‍රයාත්මක වු පෙරදිග ඉන්දීය වෙළ`ද සමාගමේ නිළධාරීන් වෙතින් සිදුවිය. එහිදී ඇති වු ප‍්‍රායෝගික ගැටලූ මත 1802 වර්ෂයේදී පරිපාලන කටයුතු ස`දහා නිළධාරීන් පිරිසක් බි‍්‍රතාන්‍යයෙන් මෙරටට පත් කරන ලදී.

එය මෙරට සිවිල් සේවයේ ආරම්භ වු අතර පසුව මෙම සේවය බි‍්‍රතාන්‍ය සිවිල් සේවය පදනම් කරගනිමින් 1833 දී ලංකා සිවිල් සේවය වශයෙන් නම් කරනු ලැබීය. එය 1963 වසරේ දී එවකට පැවති ප‍්‍රාදේශීය ආදායම් පාලන නිළධාරී සේවයද ඇතුළත් වෙමින් ලංකා පරිපාලන සේවය ලෙස නම් කරනු ලැබීය. පසුව 1972 දී ශි‍්‍ර ලංකාව ජනරජයක් වීමෙන් පසු ශි‍්‍ර ලංකා පරිපාලන සේවය ලෙස නම් කරනු ලැබ මෙරට ප‍්‍රමුඛතම සිවිල් සේවාව වශයෙන් කි‍්‍රයාත්මක වේ.


ම්801 සිට 1833 කෝල්බෲක් කොමිසම දක්වා සිවිල් සේවය

ලංකාවේ එවකට පැවති සිවිල් සේවයේ වැදගත් ම තනතුරු සදහා තෝරා පත්කරගන්නා ලද්දේ නෝර්ත් ආණ්ඩුකාරවරයා සම`ග දිවයිනට පැමිණි නව දෙනා අතුරෙන් සහ ලංඩනයේ රාජ්‍ය ලේකම්වරයා විසින් තෝරා ගන්නා ලද නිළධාරී 24 දෙනාගෙන්ය. මෙම තෝරා ගැනීම් ස`දහා සුදුසුකම් ලෙස වඩාත්ම සැලකුනේ ඔවුන්ගේ සමාජ සම්බන්ධකම් සහ දැනඇදුනුම්කම් වු අතර, අධ්‍යාපන සුදුසුකම් ස`දහා සිදු කෙරුණේ අඩු තක්සේරුවකි. රජය සම`ග සමීප සම්බන්ධකම් ඇති එංගලන්තයේ තරුණයන් හට දැන හැදුනුම්කම් මත සිවිල් සේවයේ පත්වීමක් ලබාගැනීම වඩාත් පහසුවිය.

මේ අයට ගෙවු වැටුප් ප‍්‍රමාණයන් ඔවුන් ඉසුලූ තනතුර සහ පුද්ගලයා අනුව වර්ෂයකට පවුම් 300- 3000 අතර පැවතිණි. සිවිල් සේවයේ ප‍්‍රධානියා ලෙස සැළකුණු ප‍්‍රධාන ලේකම්වරයාගේ වාර්ෂික වැටුප 3000 පමණ විය. 

බ‍්‍රිතාන්‍යයේ රාජ්‍ය ලේකම්වරයා විසින් තෝරා ගන්නා ලද පළමු සිවිල් සේවා නිළධාරි කණ්ඩායමට අයත්වුයේ වයස අවුරුදු 16-28 අතර ඉතා ලාබාල තරුණයන්ය. මෙලෙස ලාබාල අය තෝරා ගැනීමේ ඔවුන්ගේ පරමාර්ථය වුයේ එවැනි තරුණයන් තුළ ලංකාවේ දීර්ඝ කාලයක් සේවය කරමින් මෙරට පරිපාලනය හා රටේ තත්ත්වය සම්බන්ධයෙන් උගෙනුම ලැබීමේ හැකියාවක් ඇතැයි ද නිවර්තන කලාපීය රටවල කටුක තත්ත්වයන්ට හැඩගැසීමේ හැකියාවක් ඔවුන් තුළ තිබේ යයි ද යන පිළිගැනීමයි. මේ අයගේ සේවා උසස්වීම් ස`දහා පිළිගත් නිර්ණායකයන් දීර්ඝ කාලීන සේවය සහ ජේ්‍යෂ්ඨත්වය වු අතර, කුසලතාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදැක්විණි. මෙලෙස තෝරා ගත් ස්වල්ප දෙනෙකුගෙන් සැදුම්ලත් ලංකාවේ සිවිල් සේවාව ක‍්‍රමයෙන් සුවිශේෂි සේවාවක් හා වරප‍්‍රසාද ලත් පංතියක් බව වර්ධනය විය.

නෝර්ත් ආණ්ඩුකාරවරයාට පසුව මෙරට ආණ්ඩුකාර ධුරයට පත් වු මෙට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා විසින් මෙරට සිවිල් සේවය ස`දහා පුද්ගලයන් තෝරා ගැනීමේ දී අනුගමනය කළ මෙම පිළිවෙල සම්බන්ධයෙන් විරුද්ධත්වය දැක් වු අතර සේවයට ඇතුල්වන්නන් අවම වශයෙන් වයස අවුරුදු 22- 26 අතර අය විය යුතුය. යන්න ඔහුගේ පිළිගැනීම් විය. මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා වෙතින් වැඩභාර ගත් බර්න්ස් ආණ්ඩුකාරවරයා එවකට සිවිල් සේවයේ නියුතු පුද්ගලයන් සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය දක්වමින් කියා සිටියේ එවකට මෙරට සේවයේ නිරත සිවිල් නිළධාරීන් දස දෙනාගෙන් නව දෙනෙකු පාසල් හැරයාමේ ලාබාල වයසේ සිටි අය බවයි.

එවකට ලංකාවේ සිවිල් සේවයට ඇතුළු වන්නන් සදහා වයස් සීමාව අවු 20-23 අතර විය. නිවර්තන කලාපීය රටවල කටුක තත්ත්වයන්ට හැඩගැසීම ස`දහා තරුණ වයසේදීම සේවයට බදවා ගැනීම අවශ්‍ය කෙරිණි. මුල් කාලයෙහි දිවයිනෙහි සේවය කළ බි‍්‍රතාන්‍ය සිවිල් සේවකයන්ගෙන් වැඩි දෙනෙකුම අවුරුදු 20ට වැඩි කාලයක් සේවය කළ අතර, ඇතැම් අය විසින් දිවයින ස්ථිර වාසස්ථානයක් ලෙසද තෝරා ගැනුණි. සිවිල් සේවය තුළ බි‍්‍රතාන්‍ය ඒකාධිකාරය දිගින් දිගටම රදවා ගැනීම ස`දහා ද සේවයට ඉතා අඩු වයසින් ඇතුල් කරවා ගැනීම අවශ්‍ය කෙරිණි.


සංක‍්‍රාන්ති අවධිය - 1931-1946 දක්වා නිලබල තාන්ති‍්‍රක අනුවර්තනය ඇති වු වකවානුවක්  

 

සමාජ හා ආර්ථික වශයෙන් වැදගත් වු වෙනස් කම් රාශියක් ඇති වුයේ ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය පැවැත කාල පරිච්ඡේදය තුළ දීය. එබැවින් එම කාලපරිච්ඡේදය, ලංකා සිවිල් සේවයේ භූමකාව කෙරෙහි මහත් බලපෑමක් ඇති කළ සමාජ-ආර්ථික සංවර්ධන සමයක ආරම්භ වී යැයි පහසුවෙන්ම පැවසිය හැකිය. ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ මහජනතාවට අත්වුණු දේශපාලන බලතල හමුවේ, ආණ්ඩුවේ අරමුණු හා පරමාර්ථ බෙහෙවින් සංශෝධනය කළ යුතුවිය. දිවයිනේ යටත් විජිත පරිපාලනයේ ප‍්‍රධානතම අවිය වු සිවිල් සේවය කලින් පැවති තත්ත්වයට ඉදුරාම වෙනස් වු තත්ත්වයකට මුහුණ පෑවේය. වෙනත් අයුරකින් කිවහොත් ආණුඩුකාරවරයාගේ හා නිලලත් සාමාජිකයන්ගේ ආධිපත්‍යය යටතේ පැවති ව්‍යයස්ථාදායකය විසින් පාලනය කරනු ලැබු මෙහෙයවනු ලැබු සිවිල් සේවය, ජනතා ඡුන්දයෙන් පත්වුණු ව්‍යවස්ථාදායකයේ බලපෑමට නතු විය. ජනතා ඡුන්දයෙන් පත්වුණු මෙම ව්‍යවස්ථාදායකයේ අරමුණ වුයේ යටත් විජිත පරිපාලන යන්ත‍්‍රය, සමාජ හා ආර්ථික සංවර්ධන පිළිවෙල කි‍්‍රයාත්මක කිරීමේ යන්ත‍්‍රණයක් බවට පරිවර්තනය කිරීමයි. මෙහි අදහස නම් ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදුන්වා දීමත් සම`ග අනුවර්තනය (අනුහුරු වීම* පිළිබ`ද බලගතු අභියෝගයට මුහුණ දීමට ලංකා සිවිල් සේවයට සිදු වු බවයි. මෙහිලා ලංකාවේ අත්දැකීම අද්විතීය වුවකි. තෝරා පත් කරගත් ව්‍යවස්ථාදායකයත් සිවිල් සේවයත් අතර ඇති වුයේ අන්‍යෝන්‍ය අවබෝධයකි. මේ අතර ලාංකීකරණය, සිවිල් සේවයේ කාර්්‍යයක්ෂමතාව, ආකල්ප හා පොදු ප‍්‍රතිරූපය කෙරෙහි බලපෑ හෙයින් නිලබල තන්ත‍්‍රයේ අනුහුරු වීමේ කි‍්‍රයාවලිය පහසු වුයේ ය. තව ද හුදු නීතිය හා සාමය පවත්වා ගැනීමෙන් බදු එකතු කිරීමේ ත් කාර්යයයන්ට වඩා ජාතිය ගොඩ නැගීමේ කාර්යය වැදගත් වන්නේ ය යන කරුණට සංවිධානමය වශයෙන් හා ආකල්පමය වශයෙන් අනුහුරුවීමේ කි‍්‍රයාවලිය මෙම තත්ත්වය වඩාත් සංවිධානය කරලීය.

නිදහසින් පසු සිවිල් සේවය නිලබල තන්ත‍්‍රයේ ප‍්‍රතිචාරශීලිභාවය අවශ්‍ය වු වකවානුවක්  

1948 දී නිදහස ලැබීමත් සම`ග අනුවර්තනය වීමේ ඉතා ම වැදගත් අදියරකට නිලතල යන්ත‍්‍රය මුහුණ පෑවේය. නිදහස් ජනතාවකගේ අභලාෂයන් මුදුන් පත් කරගැනීමට වෙර වඩන ස්වාධීන රාජ්‍යයක ව`ගකීම් ඉටු කිරීම දැන් ඔවුනට පැවරුණේය. ආර්ථිකය හැඩගැස්වීමේ හා සමාජ ශුභ සාධනය ඇති කිරීමේ ව`ගකීමද නව රජය වෙත පැවරිණි. සියලූම ඌන සංවර්ධත රටවලට මෙන් ම ලංකාණ්ඩුවට ද සංවර්ධන කි‍්‍රයාදාමයන් වැඩිදියුණු කිරීමේලා වැඩි කාර්යයභාරයක් පවරා ගැනීමට සිදු ව තිබිණි. ආර්ථික වර්ධනය හා සමාජ ශුභසාධනය සදහා වු අවධාරණය හේතුවෙන් සිවිල් සේවය නව මුහුණුවරක් ගැනීම අවශ්‍ය විය. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ ඇති කරන ලද ඇතැම් වෙනස්කම් හේතු කොටගෙන සිවිල් සේවය නිදහස් රටකට සරිලන ආකාරයේ වෙනස්වීම්වලට යම් පමණකට නැඹුරුව තිබුණේ වී නමුත්, ආර්ථික සංවර්ධනය ස`දහා වන වැදගත් කාර්යයන් මෙහෙයවීම සදහා ඔවුන් පොළඹවාලීම අවශ්‍ය විය. සිවිල් සේවය මෙම අනුවර්තනයට හා සැකැස්මට අවශ්‍ය පරිදි හැඩගැසෙනු ඇත යන විශ්වාසය මත එය ප‍්‍රමුඛතම පරිපාලන සේවාව වශයෙන් ස්ථාපනය කැරිණි. මීට තවත් හේතුවක් වුයේ 1948 දී දේශපාලන බලය හිමිකර ගත් නායකත්වය, ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේද බලතල සහිතව සිටීමයි. සමාජ පසුබිම, දර්ශනය, ප‍්‍රවණතා හා ආකල්ප අතින් දේශපාලන නායකත්වය සහ සිවිල් සේවය අතර පැවති සමානතා මෙම අනුවර්තනයට තවත් පහසුවක් විය. සමාජ සංස්කෘතික මුලයන් අතින් දේශපාලන නායකයන් හා නිලබල තන්ත‍්‍රය අතර පැවති මෙම සමානත්වය හේතු කොට ගෙන දෙපාර්ශ‍්‍රවය අතර සුහදශීලි සබ`දතාවක් ගොඩ නැගුණි.

නි`දහස ලැබීම හා ආර්ථික හා සමාජ සංවර්ධන අභිලාෂ

ඌන සංවර්ධිත බොහෝ රටවල මෙන්ම නි`දහසින් පසු ලංකාවෙහි ද දේශපාලඥයන් තමන් වෙත පැවරුණු කාර්යභාරය ලෙස කල්පනා ලෙස පසුබෑමකට ලක් ව තිබු ආර්ථිකය නවීකරණය කිරීම හා එමගින් ජීවණ තත්ත්වය නංවාලීම ඔස්සේ වර්ධනය වන ජනගහනයට අවශ්‍ය ඵලදායි රැුකියා අවශ්‍යතා ව්‍යාප්ත කිරීමයි. දේශපාලන නායකත්වයේ ආර්ථික චින්තනය විප්ලවීය වෙනසකට භාජනය නොවුවද 1931 පටන් අඛණ්ඩ වෙනස්කම් ඇති වී තිබිණි. දිවයිනේ ආර්ථිකය විවිධාංගිකරණය කිරීම එහි මුඛ්‍ය පරමාර්ථය විය. කෘෂිකර්මය ව්‍යාප්ත කිරීම හා ආහාර නිශ්පාදනය නංවාලීම කෙරෙහි ඇති වුයේ නවතම උද්‍යෝගයකි. කාර්මික සංවර්ධන අවශ්‍යතාවද හදුනා ගනු ලැබිණි. මේ සියල්ලටම වඩා වැ`දගත් වුයේ තම රටේ ආර්ථික සම්පත් පිළිබ`ද වැඩි පාලනයක් ලාංකිකයනට හිමිවිය යුතුය යන හැගීම් ය.

බදවා ගැනීමේ පටිපාටිය

2.1 රාජ්‍ය සේවයේ සෑම තනතුරකටත්, ඉදින් යම් තනතුරක් කිසියම් ශ්‍රේණියකට නොහොත් සේවයකට අයත් වන්නේ නම් ඒ සෑම ශ්‍රේණියකට නොහොත් සේවයකටත්, තනතුරෙහි වැටුප් පරිමාණය, අවශ්‍යය සුදුසුකම්, වයස් සීමාවන් සහ අදාළ අනෙකුත් විස්තර නිශ්චිතව ඇතුළත් කර අදාළ දෙපාර්තමේන්තුව විසින් බ`දවා ගැනීමේ පටිපාටියක් පිළියෙල කර 2.2 සිට 2.5 දක්වා වු උපවගන්ති ප‍්‍රකාර අනුමැතිය ලබා ගත යුතුයි. 

2.1.1 රාජ්‍ය සේවයෙහි තනතුරක් ස`දහා දැනටමත් අනුමත කර ගෙන ඇති බ`දවා ගැනීමේ පටිපාටි ඉදිරියේ දි කළ හැකි සංශෝධනයන්ට යටත්ව තවදුරටත් බල පැවැත්වේ. 

2.1.2 මෙහි දෙවනි පරිශිෂ්ටනයෙහි දැක්වෙන ආකෘතිය අනුව බදවා ගැනීමේ කෙටුම්පත් පටිපාටි පිළිවෙල කලයුතුය.

පත් කිරීමේ බලය

4.1 පත් කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති අතර අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකු, දෙපාර්තමේන්තු, ප‍්‍රධානියෙකු, දිසාපති/ දිස්ති‍්‍රක් ලේකම්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලය මෙම බලතල කෙලින්ම කි‍්‍රයාත්මක කරනු ඇත.

4.2 අනිකුත් සියලූම වර්ගවල රජයේ නිලධරයන් පත් කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවා කොමිසමට පවරා ඇත.

4.2.1පහත ස`දහන් නිළධරයන් හැර රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියට අයත් අනෙකුත් සියලූම නිලධරයන් පත් කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිසම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරා ඇත.

(අ* ඒකාබද්ධ සේවයකට නොගැනෙන, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයෙකු සම්බන්ධයෙන් පත් කිරීමේ බලධරයා ජනාධිපති ලේකම්වරයාය

(ආ* අමාත්‍යාංශයක් යටතට නොගැනෙන සහ ඒකාබද්ධ සේවයකට අයත් නොවන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයෙකු සම්බන්ධයෙන් පත් කිරීමේ බලධරයා දෙපාර්තමේන්තු ප‍්‍රධානියාය.

4.2.2 ඒකාබද්ධ සේවයකට අයත් මාණ්ඩලික ශ්‍රේණියේ නිළධරයෙකු සම්බන්ධයෙන් පත් කිරීමේ බලධරයා රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

විශ‍්‍රාම වැටුප් හිමි තනතුර හා විශ‍්‍රාම වැටුප් හිමිකම

6.1 ස්ථිර තනතුරක් අවශ්‍යයෙන්ම විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් නොවන්නේය. විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් වශයෙන් සැලකෙන්නේ විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථාව යටතේ උප ලේඛනගත කරන ලද ස්ථිර තනතුරක් පමණකි. විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථාව යටතේ තනතුරක් එලෙස උප ලේඛන ගත කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බලය පිටය.

6.2 විශ‍්‍රාම වැටුප් හිමි නිළධරයෙකු වනාහි විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය යටතේ විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් ලෙස උප ලේඛනගත කර ඇති තනතුරකට විශ‍්‍රාම වැටුප් හිමි නිළධරයෙකු හැටියට පත් කරනු ලබන තැනැත්තෙකි.

6.3 විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් දරන තැනැත්තෙකු අවශ්‍යයෙන්ම විශ‍්‍රාම වැටුප් හිමි තැනැත්තෙකු නොවන්නේය. උදාහරණයක් වශයෙන්, විශේෂ හේතු නිසා විශ‍්‍රාම වැටුප් හිමි තනතුරකට ගිවිසුමක් පිට හෝ විශ‍්‍රාම වැටුප් අහිමි පදනම මත හෝ පත්වීමක් දිය හැකිය.

වැටුප්

1.1වැටුප් නිගමනය කිරීමේ කාර්යය, ආයතන අධ්‍යයක්ෂක ජනරාල් සහ මහා භාණ්ඩාගාරයේ අයවැය අධ්‍යක්ෂ ජනරාල් අන්‍යොන්‍ය උපදෙස් ලබා ගනිමින් සමීප සහයෝගයකින් කි‍්‍රයා කළ යුතු කාර්යයකි. ඒ ඒ තනතුරුවලට හෝ ශ්‍රේණිවලට රාජ්‍ය සේවයේ තත්කාල වැටුප් ව්‍යුහය තුළ වැටුප් පරිමාණ නියම කරනුයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසිනි. අලූත් වැටුප් පරිමාණ සකස් කිරීමෙන්, පොදු වැටුප් ව්‍යුහය සමස්තයක් වශයෙන් ප‍්‍රතිශෝධනය කිරීමෙත් ව`ගකීම පැවරී ඇත්තේ මුදල් අමාත්‍යාංශය වෙතය.

1.2 අලුත් තනතුරක් ස`දහා නියම කළ යුතු වැටුපක් හෝ වැටුප් ප‍්‍රමාණයක් තීරණය කිරීම, එවැනි වැටුපක් හෝ වැටුප් පරිමාණයක් පවත්නා වැටුප් ව්‍යුහය තුළට ගැනෙන්නේ නම් මහා භාණ්ඩාගාරයේ හා ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ එක`ගතාවය මත සිදු කෙරේ.

1.3 එසේ අනුමත කළ ගාස්තු ප‍්‍රමාණ හා වැටුප් පරිමාණ අනුව වැටුප් ගෙවිය යුතුය. ඇස්තමේන්තුවල වෙනත් ගාස්තු ප‍්‍රමාණ හෝ පරිමාණ හෝ ස`දහන් වු පමණින් අනුමත ගාස්තු ප‍්‍රමාණ හෝ පරිමාණ වෙනස් නොකළ යුතුය.

1.4 මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඇති කරන ලද, වැටුප් පරිපාණ නියමව නැති අලූත් තනතුරුවලට වැටුප් පරිමාණ නියම කිරීම ස`දහා වන සියලූම අලූත් යෝජනා ගැන ඉහත 1.2 හි පරිදි කටයුතු කළ අතර, එවැනි පුර්ව එක`ගතාවයක් නොමැතිව එම යෝජනා ඊළ`ග මුදල් වර්ෂයේ ඇස්තමේන්තුවලට ඇතුළත් කළ යුතුය.

1.5 යම් වැටුපක් ප‍්‍රතිශෝධනය කළ විට එසේ කළ යුතු බවට කරන ලද නියෝගයේ අන් අයුරකින් නිශ්චිත වශයෙන් ස`දහන් කර නැත්නම් ප‍්‍රතිශෝධිත වැටුප් කි‍්‍රයාත්මක විය යුත්තේ එම ප‍්‍රතිශෝධනය නියෝග කළ දින සිටය.

1.6 නිවාඩු ලබා නොගෙන සේවයට නොපැමිණි කාල පරිච්ඡේදයක් සම්බන්ධයෙන් නිළධරයෙකුට විරුද්ධව ගත හැකි විනයානුකූල කි‍්‍රයා මාර්ග කුමක් වුව ද ඔහුට එම කාල පරිච්ාඡු්දය වෙනුවෙන් වැටුප් කිසිවක් නොගෙවිය යුතුය.

1.7 වැඩ තහනම් කරන් ලැබ සිටින නිළධරයෙකුගේ පඩිනඩි 7 වගන්තිය යටතේ තීරණය කළ යුතුය.

1.8 සිය තනතුර අත් හැර ගිය නිළධරයෙකුට තනතුර අත්හැර ගිය දා සිට කිසිම වැටුපක් හිමිනොවේ. එසේම ඔහුට ගෙවිය යුතු කවර මුදලකින් වුවද කලින් දැන්වීමක් නොකිරීම වෙනුවෙන් මසට වැටුපට සමාන මුදලක් අය කර ගත යුතුය.


19 වන සංශෝධනය යටතේ පරිපාලන සේවයේ සිදු වු වෙනස්කම්

විගණන සේවා කොමිසන් සභාව, ප‍්‍රසම්පාදන කොමිසන් සභාව ස්ථාපිත කිරීම. 

19වන සංශෝධනය මගින් දුෂණය පිටුදැකීම ස`දහා දැනට පවතින කොමිෂන් සභාවලට අමතරව තවත් කොමිෂන් සභා දෙකක් පිහිටු වීමට යෝජනා කරන ලදී. ඒ ප‍්‍රසම්පාදන කොමිසන් සභාව හා විගණන කොමිසන් සභාව කොමිෂන් සභා දෙකයි. මෙම ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් බලාපොරොත්තු වන්නේ සියලූම රජයේ ආයතන විසින් කරනු ලබන භාණ්ඩ සහ සේවා වැඩ උපදේශක සේවා ස`දහා පටිපාටි හා උපමාන අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමටත්, විශේෂයෙන් එම භාණ්ඩ හා සේවා සපයා ගැනීම ස`දහා කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගැනීම පිළිබ`ද සොයා බලා ඒ කටයුතු නියමිත පරිදි සිදු වී නොමැති නම් ඒ පිළිබ`ද අවශ්‍ය පියවර ගැනීමය.

19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවීමට යෝජනා කරන ලද ප‍්‍රසම්පාදන කොමිසන් සභාවට කි‍්‍රයාපාටි හා උපමාන සකස් කිරීමටත් රජයේ ආයතන අනුව ඒ උපමාන අනුව කටයුතු කරනවාදැයි සොයා බැලීමටත් බලතල ලබා දී ඇති නමුත් ඒ කි‍්‍රයා පටිපාටි හා උපමානවලට අනුව අනුකූලව කටයුතු නොකරන ආයතන සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට බලය ලබා දෙන විධිවිධාන ඇතුළත් නොකරන ලදී.

19වන සංශෝධනය හදුන්වා දුන් මේ විධිවිධානවලින් කොමිෂන් සභාවට කටයුතු කළ හැකි වන්නේ ඔවුන් විසින් විමර්ශනය කොට සොයා ගනු ලබන දුෂිත කි(යාවක් උචිත බලධරයන් වෙත වාර්තා කිරීම පමණි. ඒ සංශෝධනයේ උචිත බලධරයන් වෙත වාර්තා කිරීම පමණි. ඒ සංශෝධනයේ උචිත බලධරයන් කවුරුද යන්න අර්ථනිරූපණය කර නැත. යම් රාජ්‍ය ආයතනයක පාලක මණ්ඩලයට ඉහළින් ඇති එකම ආයතනය ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ ඒ අයත් වන ආයතනය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාය.

මේ අනුව කොමිෂන් සභාව විසින් සොයා ගනු ලබන යම් දුෂණයක් පිළිබ`දව වාර්තා කළ හැකි වන්නේ අමාත්‍යවරයකු නම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට කොමිසන් සභාවට පුලූවන්කමක් නැත. මක් නිසාද යත් කොමිෂන් සභාවට විමර්ශනය කළ හැක්කේ රාජ්‍ය ආයතනයකට එරෙහිව පමණි. මේ සංශෝධනයේ දැක්වෙන රාජ්‍යය ආයතනය යන අර්ථ නිරූපනයට ජනාධිපතිවරයා හෝ අමාත්‍යය මණ්ඩලය හෝ අමාත්‍යවරයා හෝ ඇතුළත් නොවේ. ඒ අනුව ජනාධිපතිවරයා හෝ අමාතය මණ්ඩලය හෝ පිළිබ`දව කළ හැකි විමර්ශනයක් නැත. 

නමුත් මෙම ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවට සාමාජිකයන් පත්කිරීමත් සිදු කර නැත. ඒ පිළිබ`ද කිසිදු චෝදනාවක් විපක්ෂයද සිදු කර නැත. තමන් බලයට පත් වු විට මේ කොමිෂන් සභාව පාරාවළල්ලක් වනු ඇති බව ඔවුහු දනිති. මෙයින් පැහැදිලි වන්නේ දුෂණය දුරු කිරීම තම අරමුණ බවට 19 වන සංශෝධනය ප‍්‍රවර්ධනය කළ අයගේ කියාපෑම් සම්පුර්ණ ප්‍රෝඩාවක් වෙයි.


20 වන සියවසේ සංශෝධනය යටතේ පරිපාලන සේවයේ සිදු වු වෙනස්කම් 

අල්ලස් කොමිෂන් සභාවට දී තිබුණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම ඉවත් කිරීම. 

මෙහි ප‍්‍රතිවිපාකය වන්නේ අනාගත ආණ්ඩුවකට සරළ බහුතරයකින් ( පාර්ලිමේන්තුවේ අඩක් ඡුන්දය දීමෙන් * කොමිෂන් සභාව අහෝසි කිරීමට හැකි වීමය. වර්තමානයේ දී එහි අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම හේතු කරගෙන එය අහෝසි කිරීමේ උත්සහයකට එසේ කිරීම ස`දහා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන්ගෙන් 2/3 බහුතරයක් ඡුන්දය දීම අවශ්‍යය කෙරේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට / වරියට තිබේ.

මෙය කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට හානිකර අන්දමින් බලපාන්නා වු රාජ්‍ය සේවාවේ ස්වාධීනත්වය බි`ද දැමීමේ ප‍්‍රතිවිපාකයන් ඇති කරන්නා වු සංචරණය නොකරුණු බලයක් කොමිෂන් සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට/වරියට ලබා දෙයි. වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කොමිෂන් සභාවේ සාමාජිකයින් පත්කිරීමට හා ඉවත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යය වේ.

අධිකරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ තනි බලය ජනාධිපතිවරයාට/වරියට තිබේ.

යෝජිත සංශෝධනය යටතේ ඔවුන්ගේ ශේෂ්ඨත්වය හා ප‍්‍රථම අවස්ථා අධිකරණයක විනිසුරුවරයෙකු/ වරියක වශයෙන් සේවය කිරීමේ අධිකරණමය පලපුරුද්ද නොසලකා ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් දෙදෙනෙකු අධිකරණ සේවා කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට/වරියට හැකිය. වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පත්වීම් කිරීමේ දී විනිසුරුවන්ගේ ජේ්‍යෂ්ඨත්වය සලකා බැලිය යුත්තේ කෙසේ දැයි පැහැදිලිව දක්වයි.

මැතිවරණ කොමිසන් සභාවේ බලතල අඩුකිරීම 

යෝජිත සංශෝධනය මැතිවරණ හෝ ජනමත විචාරණයක් පැවතීම සෘජුවම විෂය කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන උපමාන සීමා කර 104 ආ(අ*(,* ව්‍යවස්ථාව හදුන්වා දීමට උත්සහා කරයි. රාජ්‍ය සේවයට සම්බන්ධ හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ පරිපාලන සීමාව තුළට වැටෙන කිසිදු කාරණයකට අදාළ උපමාන නිකුත් කිරීමට සාමාජිකයින් පත් කිරීමට හා මැතිවරණ කොමිෂන් සභාවට බලය නොපරනු ඇත.

ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභා අහෝසි කිරීම

මෙය 19වන සංශෝධනය 156 හා සිට 156 ඌ දක්වා ව්‍යවස්ථා ම`ගින් හදුන්වා දෙනු ලැබු අතර යෝජිත සංශෝධන යටතේ අහෝසි කරනු ඇත.





 සාහිත්‍යය විමර්ශනය / පුර්ව අධ්‍යයන විමර්ශනය

සාහිත්‍ය විමර්ශනය පර්යේෂණ යෝජනාවලියක ඇති වැ`දගත්ම අංගයකි. සාහිත්‍යය විමර්ශනය යන්නෙන් අ`දහස් කරන්නේ, අධ්‍යයනයට භාජනය කරන තේමාවට නැතහොත් ගැටලූවට සම්බන්ධව පවත්නා ශාස්ති‍්‍රය ඥානය, විචාරාත්මක ඇස්තමේන්තුවකට ලක් කිරීමයි. එය පවතින ශාස්ති‍්‍රය සාහිත්‍යය, අදාළ න්‍යාය, සංකල්ප, විග‍්‍රහ, තොරතුරු, නිගමන යනාදිය සම`ග විචාරාත්මක සංවාදයට එළඹීමට පර්යේෂකයාට අවකාශ සපයයි. පර්යේෂණ යෝජනාවලිය ලියන අවස්ථාවේ දී සකස් කරන හරවත් සාහිත්‍යය විමර්ශනයක් නිබන්ධනය ලියන අවස්ථාවේදී ද ප‍්‍රයෝජනවත්ය.

යෝජිත පර්යේෂණය ම`ගින්, පර්යේෂණයට ලක් කෙරෙන කේෂ්ත‍්‍රය හා සම්බන්ධ ව, සංක්ෂිප්ත විමර්ශනයක් සැළැස්මේ මෙම පියවරෙහි ඇතුළත් කළ යුතු වේ. එම`ගින් මීට පෙර මෙම ගැටලූවට අදාළ ක්ෂේත‍්‍රය ආශි‍්‍රතව සිදු කරන ලද, ප‍්‍රමුඛ ඒවායින් තම පර්යේෂණයේ යුක්තභාවය තහවුරු කළ යුතු වේ. එහිදී තමන් අවධානයට ලක් කිරීමට යෝජිත ක්ෂේත‍්‍රය, මෙන් ම පුර්ව අධ්‍යයනවලට ම`ග හැරී ඇති අන්දම, මෙන්ම පුර්ව අධ්‍යයනවල අන්තර්ගතය, පර්යේෂයකයින්ගේ නම්, අදාළ පර්යේෂණ කෘති/පර්යේෂණ වාර්තා ලිපි, ආදිය ඇතුළත් මුලාශ‍්‍ර දත්ත උපුටා දක්වමින්, සම්පිණ්ඩිත ව මෙම පියවර ලිවිය යුතුය.

සාහිත්‍යය විමර්ශනය තුළින් ගැටලූව හදුනා ගැනීමට මෙන්ම පර්යේෂණ ක‍්‍රමවේදය සකස් කර ගැනීමට ද පහසුවක් වේ. සාහිත්‍යය විමර්ශනයේ දී අංශ 4ක් යටතේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ජාතික අධ්‍යාපන හා පර්යේෂණ හා ඇ`ගයීමේ මධ්‍යස්ථානය පෙන්වා දේ.

x සාමන්‍ය සාහිත්‍ය

x පෙර සාහිත්‍ය අනාවරණ 

x යෝජිත අධ්‍යයනයට සමාන වු සුවිශේෂි අධ්‍යයනය

x ක‍්‍රමවේදය හා සම්බන්ධ හා සාහිත්‍යය 

සාහිත්‍යය විමර්ශනය යනු සාහිත්‍ය මුලාශ‍්‍ර විස්තර කිරීම නොවේ. යෝජිත පර්යේෂණය ස`දහා පෙර අනාවරණයක් කොතෙක් දුරට වැ`දගත් වේ දැයි හේතු සහිතව විග‍්‍රහ කිරීමයි.

සාහිත්‍ය විමර්ශණයේ දී න්‍යායාත්මක විමර්ශනය හා අනුභාවික යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකක් යටතේ විස්තර කළ හැකිය.

සාහිත්‍යය විමර්ශනයකදී වැ`දගත් වන කරුණු 05කි.

x පර්යේෂණ ගැටලූව ඉස්මතු කිරීම

x සංසන්දනය කිරීම

ඒ ස`දහා වාද, විවාද, තර්ක ආදිය පිළිබ`ද අවධානය යොමු කළ යුතුය. තම න්‍යාය සම`ග සංසන්දනය තම න්‍යායේ පරතරය තේරුම් ගනිමින් ඊට වැඩි අවධානයක් යොමු කිරීම තම ක‍්‍රමය හා තෝරා ගත් පර්යේෂණයේ න්‍යායන්, ක‍්‍රමවේදය, අඩුපාඩු සහ එහි පවතින විද්‍යාත්මකභාවය සොයා බැලීම ආවරණය නොවු කරුණු සොයා ගැනීම.

x සමාන අසමානතා 

ක‍්‍රමවේදය, අරමුණ, තේමාව ආදියෙහි කුමන පර්යේෂණයේද වඩාත් සාර්ථකව ඉදිරිපත් කර ඇත්තේ ? ඊට හේතු කුමන ප‍්‍රවේශයද වඩාත් හො`ද සහ යුක්ති සහගත.


x විවේචන

යුක්ති සහගත බව හා වලංගුභාවය උපුටා දැක්වීම ම`ගින් විවේචනයට ලක් කිරීම.


x පර්යේෂකයාගේ පර්යේෂණ න්‍යායන් තම න්‍යාය වෙනස් වන්නේ කෙසේද (ක‍්‍රමවේදය, අරමුණ, තේමාව*


සාහිත්‍යය විමර්ශනයේ පියවර


1පියවර

අදාළ සාහිත්‍ය පිළිබ`ද පුළුල් ග‍්‍රන්ථ නාමාවලියක් සකස් කර ගනී. 

පළ වී ඇති ග‍්‍රන්ථ මෙන්ම, ශාස්ති‍්‍රය ස`ගරාවල ලිපි ද, පළ නොවී ඇති අත්පිටපත්, වාර්තා ආදියද මෙය එකතු කළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත් වී ඇති ශාස්ති‍්‍රය සාහිත්‍යය සහ මුද්‍රණය කර ඇති ශාස්ති‍්‍රය සාහිත්‍යය හා මුද්‍රණය කර නැති පශ්චාත් උපාධි නිබන්ධන යන මේවාය. ග‍්‍රන්ථවලිය සකස් කිරීමේ දී පස් ආකාර සාහිත්‍යයක් ගැන සොයා බලයි.

පිටරටවල පලවී ඇති නැතහොත් තුලනාත්මක සාහිත්‍යය

මේ රටේ පල කර ඇති සාහිත්‍යය

න්‍යායික සාහිත්‍යය

අනුනාමික සාහිත්‍යය

මුද්‍රණයෙන් ඵල නොකළ සාහිත්‍යය


ලෝක මට්ටමේ නැතහොත් තුලනාත්මක සාහිත්‍යය

පිටරටවල මුද්‍රිත පොත්වල මෙන්ම ශාස්ති‍්‍රය ස`ගරාවලද විශේෂයෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට තමන්ගේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ තුලනාත්මක සාහිත්‍යය ගැන දැනුමක් තිබිය යුතු යැයි අපේක්ෂා කෙරේ. 


න්‍යායික සාහිත්‍යය

මේවා සාමාන්‍යයෙන් පවතින්නේ විශ්වීය මට්ටමේ සාහිත්‍යයේ ය. ලංකාවේ පළවන ශාස්ති‍්‍රය සාහිත්‍යයේ න්‍යායික සාකච්චා දක්නට ලැබෙන්නේ අඩුවෙනි.


මුද්‍රණයෙන් පළ නොවු සාහිත්‍යය

මේවා ඛාණ්ඩ 2කි. 

පළමු වැන්න පශ්චාත් උපාධිවලට ඉදිරිපත් කර, එහෙත් මුද්‍රණයෙන් පළ වී නැති නිබන්ධනය

දෙවැන්න ප‍්‍රතිපත්ති අධ්‍යයනයන් ස`දහා රජයේ ආයතන, විදේශ ආධාර දෙන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන යනාදිය විසින් කර ඇති සමීක්ෂණ වාර්තාය


(2* දෙවැනි පියවරේදි තම සාහිත්‍යය විමර්ශනය පියවර 03කින් කිරීමට පර්යේෂකයාට පුලූවන 


2 පියවර

තම සාහිත්‍ය විමර්ශනය පියවර 03කින් සමන්විත විය යුතුය. 

විමර්ශනය කරන එක් එක් කෘතියේ ඇති ප‍්‍රධාන තර්ක විග‍්‍රහය හා නිගමනය සාරාංශ කිරීම.

ඉහත විග‍්‍රහයේ හා තර්කවල ඇති ශක්තිය මෙන්ම අඩුපාඩුද සාකච්චා කිරීමයි. 

මෙහිදී විමර්ශනය කරන සාහිත්‍යයන් තමන්ගේ යෝජිත පර්යේෂණයට ලැබෙන ආලෝකය ගැන කෙටියෙන් විස්තර කිරීමට ද පර්යේෂකයාට පුලූවන


3 පියවර

විමර්ශනය කරන සාහිත්‍යය සමස්තයක් ලෙස ගෙන එක් එක් කෘතීන් විමර්ශනය කිරීමේ දී ලබාගත් විචාරාත්මක අ`දහස් සංයෝග කර යළි ඉදිරිපත් කිරීමක් කළ හැකිය. පවත්නා දැනුම සමස්ථයක් වශයෙන් ගත්විට එහි ඇති හිස්තැන් හදුනාගෙන ඒවාට අවධානය යොමු කිරීමට ඉඩ ලැබෙන්නේ එවිටය.


සාහිත්‍යය විමර්ශනය හැදින්වීමේ දී ඔබගේ අරමුණ විය යුත්තේ තම අධ්‍යයන ක්ෂේත‍්‍රයට අදාළව මේවන තෙක් පැවති ස්ථාපිත ඥානය එහි ප‍්‍රබලතා සහ දුබලතා ද සම`ගින් පාඨකයා වෙත ගෙන ඒමයි. සාහිත්‍යය විමර්ශනය මගින් උපදේශනාත්මක සංකල්පයකින් යුක්තව නිශ්චිත විවරණයක් කළ යුතු වෙයි. එය පවත්නා කෘති ලයිස්තුව පිළිබ`ද හුදු විස්තරයක් හෝ ඒවා පිළිබ`ද සාරාංශවල එකතුවක් නොවිය යුතුය. සාර්ථක සාහිත්‍යය විමර්ශනයක් කිරීමට දෙයාකාරයක හැකියාවක් තිබිය යුතුය.

1. තොරතුරු අන්වේෂණය - සාහිත්‍යය කාර්්‍යක්ෂමව සුපරීක්ෂා කොට ඵලදායි කෘති සොයා ගැනීමට ඇති හැකියාව

2. විවේචනාත්මක අර්ඝනය - අපක්ෂපාති හා වටිනා අධ්‍යයන හදුනා ගැනීමට විවේචනාත්මක මුලධර්ම භාවිතා කිරීමට ඇති හැකියාව


මෙලෙස සාහිත්‍ය විමර්ශන ම`ගින් වැ`දගත් කාර්යයන් කිහිපයක් ඉටු වේ. ඒවා නම්

පර්යේෂණය මගින් මැනවින් විවරණිත ක්ෂේත‍්‍රයක් නැවත පිරීක්සීම නොකෙරෙන බව නිශ්චිත ලෙස දැනගැනීම.

පර්යේෂණය ස`දහා පදනම සැකසු පුර්වගාමීන් හදුනා ගැනීම.

පර්යේෂණ ගැටලූව පිළිබ`ද ඔබගේ දැනුම ප‍්‍රදර්ශනය කිරීම.

පර්යේෂණ ගැටලූවට අදාළ න්‍යායික හා පර්යේෂණාත්මක වාදවිෂයන් පිළිබ`ද ඔබගේ අවබෝධය ප‍්‍රදර්ශනය කිරීම.

අදාළ සාහිත්‍යයික තොරතුරු විචාර පුර්වක අර්ඝනය කිරීමෙහිලා ඔබගේ හැකියාව පෙන්වා දීම.

පවත්නා සාහිත්‍යය සමෝධානය කිරීමට සහ සංස්ලේෂණය කිරීමට ඇති හැකියාව පෙන්වා දීම.

පර්යේෂණය ස`දහා නව න්‍යායික අන්තර්දෘෂ්ඨීන් හෝ නව හැඩයන් සහිත සංකල්පික රාමුවක් සම්පාදනය කිරීම. 


සාහිත්‍යය විමර්ශනය තේමාත්මක වර්ගීකරණය


හුදෙක් සාහිත්‍ය විමර්ශනය සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම පර්යේෂණ කි‍්‍රයාවලියෙහි යෙදෙන්න් පොදුවේ මුහුණ දෙන අභියෝග සහ අඩුපාඩු රාශියකි. එනම්,

x හුදෙක් ග‍්‍රන්ථනාමාවලියක් පමණක් ඉදිරිපත් කිරීම.

x කෘති ගැන කෙටි හැදින්වීමක් පමණක් ඉදිරිපත් කිරීම.

x විමර්ශනයක් කළත් එය කෘතිවල අකාරදිමය අනුපිළිවෙලට ඉදිරිපත් කිරීම

පළමුවන දෙක කිසිසේත්ම සාහිත්‍යය විමර්ශනයක් නොවන අතර තුන්වැන්න ගුණාත්මක වශයෙන් දුප්පත් සාහිත්‍යය විමරශනයකි. සාහිත්‍යය විමර්ශනය ගුණාත්මක ලෙස ඉහළ මට්ටමකින් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ හැක්කේ සාහිත්‍යය විමර්ශනය තේමාත්මකව ව්‍යුහයක් තුළ සංවිධානය කොට ඉදිරිපත් කිරීමෙනි. එසේ කිරීමට විමර්ශිත සාහිත්‍යය තේමාත්මක ලෙස වර්ගීකරණය කළ යුතුය. එම තේමාත්මක වර්ගීකරණය තුළින් පර්යේෂකයාගේ විචාරාත්මක හැකියාව ද ප‍්‍රදර්ශනය වේ. විමර්ශිත සාහිත්‍යය තේමාත්මක වර්ගීකරණය අනුව සංවිධානය කිරීමට නොයෙක ක‍්‍රම තිබිය හැකිය. 

විමර්ශනය කරන සාහිත්‍යය වර්ගීකරණය කරන තේමා සහ ශිර්ෂ කල් ඇතිව තීරණය කළ යුතු දෙයක් නොවේ. ඒවා විමර්ශනයට භාජනය කළ සාහිත්‍යයේ සමස්තය තුළින් මතුවිය යුතුය. එලෙස නිර්මාණාත්මකව සහ තේමාත්මකව ව්‍යුහගත කරන සාහිත්‍යය විමර්ශනයකින් තම පරීක්ෂණයට දෙන පණිවුඩය නම් තමන් පරිණත ශාස්තිී‍්‍රය ශික්ෂණයක් අත්පත් කරගෙන ඇත යන්නයි.


සාහිත්‍ය විමර්ශනයක් පර්යේෂකයාට පර්යේෂණ කාර්්‍යයේදි පහත ආකාරයෙන් වැදගත් වේ

x තමන් අධ්‍යයනය කරන තේමාවට සම්බන්ධව පවත්නා ශාස්ති‍්‍රය සාහිත්‍යයේ ඇති හිස්තැන් හ`දුනාගැනීමට එම`ගින් පර්යේෂකයාට හැකිය

x තමන් අධ්‍යයනය කරන තේමාවට අදාළ ඉතාම සමකාලීන අධ්‍යයන න්‍යාය, විග‍්‍රහ ගැන හදුනා ගැනීමට ඒම`ගින් පර්යේෂකයාට හැකියාව ලැබේ.

x ශාස්ති‍්‍රය පර්යේෂණ සාහිත්‍යය හදුනාගැනීම ම`ගින් තමන්ගේම පර්යේෂණ ගැටලූව, පර්යේෂණ ප‍්‍රශ්ණ, විධික‍්‍රම, න්‍යායකරණය යන මේවා වඩාත් තියුණු සහ සුසංගත කර ගැනීම ස`දහා එම සාහිත්‍යයේ ආලෝකය පර්යේෂකයාට ආධාර කරයි.

x තමන් ගවේෂණය කරනු ලබන ගැටලූව අලූත් එකක් බව පෙන්වා දීමට පර්යේෂකයාට හැකිවිය යුතුය. මෙය කළ හැකි වන්නේ හරවත් සාහිත්‍යය විමර්ශනයක් මගිනි.



මෙවැනි සාහිත්‍ය විමර්ශනයන් තුළින් පර්යේෂණයටත් පර්යේෂකයාටත් මහ`ගු පිටුවහලක් සපයයි. ඒ අනුව පර්යේෂකයා පරිණත ශාස්ති‍්‍රය ශික්ෂණයකින්, පුලූල් දැක්මකින් යුක්ත හරවත් පර්යේෂණයක් සිදු කිරීමේ පර්යේෂකයා සතු ශක්තිය සන්නද්ද කිරීම, විචාරාත්මක සාහිත්‍යය විමර්ශන හැකියාව සාහිත්‍යය විමර්ශනය තුළින් පර්යේෂකයා හිමිකර ගනු ලබයි. එනම් මතුපිටින් කෙරෙන නොගැඹුරු, සරල සාහිත්‍යය විමර්ශනයකින් තොර ශාස්තී‍්‍රය කෞශල්‍ය පිළිබ`ද ඥාන විචාර තුළින් පුලූල් දැක්මක් මෙන්ම පුලූල් අවබෝධයකට ම`ගපෙන්වනු ලබයි. පර්යේෂණයේ ක‍්‍රමවත් සාහිත්‍යය විමර්ශනයක් තුළින් සාර්ථක උපන්‍යාසයක් ගොඩනගා ගත හැකි වේ. මේ මගින් පර්යේෂණවල දී සාහිත්‍යය විමර්ශණය සිදු කිරීමේ වැ`දගත්කම විග‍්‍රහ කළ හැකිය.


රාජ්‍ය ප‍්‍රතිපත්ති


හැදින්වීම


ආණ්ඩුවක ප‍්‍රධානම කාර්යය වන්නේ ප‍්‍රශ්ණ විසදීමය. ප‍්‍රශ්ණ විසදීම ස`දහා තීරණ ගත යුතුය. ආණ්ඩුවක තීරණ ගැනීමේ කි‍්‍රයාදාමයට සීමාවක් නැත. එය අඛණ්ඩවම සිදුවන්නා වු කි‍්‍රයාදාමයක් වේ. නිදසුනක් ලෙස පහත සදහන් කරුණු පෙන්වා දිය හැකිය.


·         මෑතකාලීන අන්තර්ජාතික අර්බුධයට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද?


·         බදු වැඩිකළ යුතු ද නැත්නම් ආණ්ඩුවේ සේවාවන් කපා හැරිය යුතුද ?


·         ආර්ථික වර්ධනය හා පරිසර සංරක්ෂණය අතර සබ`දතාවය පවත්වා ගන්නේ කෙසේ ද?


·         පවතින නීති වෙනස් කරනවාද ? නැත්නම් එම නීති එසේම තිබෙන්නට හරිනවාද


·         අන්තර්ජාලය හරහා මතුකර ඇති ප‍්‍රශ්ණවලට කුමක් කළ යුතුද?


·         ජනතාවගේ හදිසි සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කරන්නේ කෙසේද ?


·         රථවාහන ත`දබ`දය අඩුකර ගැනීමට කුමක් කළ යුතුද


                                             යනාදි ප‍්‍රශ්ණ ආණ්ඩුවක් දෛනිකව මුහුණ දෙන ප‍්‍රශ්ණ වේ.


මේ කරුණුවලින් එක් දෙයක් පැහැදිලි වේ. දේශපාලනයට කිසිදු විටෙක නිදා සිටිය නොහැකි බව සහ ආණ්ඩුවට කිසිදු විටෙක සුළු හෝ විවේකයක් ලබා ගත නොහැකි බවයි. ආණ්ඩුව මුහුණ දෙන ප‍්‍රශ්ණවල අවසානයක් දැකිය නොහැකිය. සිදුවීම්වල අවසානයක් දැකිය නොහැකිය. ආණ්ඩුව දිගින් දිගටම තීරණගත යුතුය. මෙම තීරණ ගැනීමේ දී විකල්ප හදුනා ගත යුතුය. එමෙන්ම එම විකල්ප අතුරින් වඩාත් සුදුසු සහ උචිත විකල්ප තෝරාගත යුතුය. පසුව ප‍්‍රතිපත්ති තීරණය කළ යුතුය. ප‍්‍රතිපත්ති තීරණය කිරීම සහ කළමනාකරණය කිරීම යන විෂයය මගින් අනාවරණයඉ කරන්නේ ඉහතින් සදහන් කරන ලද සමස්ත කි‍්‍රයාදාමය වේ.


ප‍්‍රතිපත්තියක් යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ”නිල වශයෙන් එක`ගතාවයකට පැමිණි තීරණ ගැනීම සදහා පාදක කරගන්නා සාමාන්‍ය අදහස් සමුච්ඡුයන් හෝ සැළසුම් කණ්ඩායම්ය. නමුත් ”රාජ්‍ය ප‍්‍රතිපත්ති” යන්න ඉහත දැක්වු තත්ත්වයට වඩා වෙනස් විශේෂිත දෙයක් වේ. රාජ්‍ය ප‍්‍රතිපත්ති යනු ”ජනතාවගේ ප‍්‍රශ්ණ විසදීම ස`දහා රාජ්‍ය නිළධාරීන් විසින් කි‍්‍රයාවට නංවන දිගුකාලීන කි‍්‍රයාපටිපාටියකින් යුත් ආණුඩුවේ තීරණ හෝ සැළසුම්” වේ.


නිදසුන් ලෙස ආණුඩුව විසින් බලශක්ති භාවිතා කිරීම සම්බන්ධයෙන් ගල් අ`ගුරු සහ න්‍යශ්ඨික බලය යොදා ගැනීම වෙනුවට තෙල් සහ සුළං බලයෙන් කි‍්‍රයා කරන විදුලි පහන් භාවිතයට මාරු වුවහොත් එය පාරිසරික ප‍්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලැබේ. පාසැල් හැර යාමේ වයස් මට්ටම ඉහළ දැමුවහොත් හෝ ප‍්‍රාථමික අධ්‍යාපනය ස`දහා කරන වියදම ද්විතික අධ්‍යාපනය සදහා වියදම් කළහොත් එවැනි තත්ත්වයන් හදුන්වන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ලෙසය. මේ කරුණු දෙස බැලීමේ දී පෙනී යන්නේ ආණ්ඩුවක් විසින් කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්ති සංඛ්‍යාව මෙපමණකැයි කිව නොහැකි  බවය. එමෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් වේ. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ වන අවස්ථා ද දැකිය හැකිය.


රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනයේ දී උත්සහ ගන්නේ පහත දක්වා ඇති ප‍්‍රශ්ණ හා සම්බන්ධ කි‍්‍රයාදාමය විමර්ශනය කිරීමයි.


·         ආණ්ඩුව විසින් ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්නේ කෙසේ ද


·         ඒ සදහා සහභාගි වන පුද්ගලයන් සහ ආයතන මොනවාද


·         ජනතා ඉල්ලීම්වලට ආණ්ඩුව ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන ප‍්‍රශ්ණය


වෙනත් ආකාරයකට කියනවා නම් රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනයේ දී අවධානය යොමු කළ යුතු මුලික කරුණු 4ක් පෙන්වා දිය හැකිය.


·         රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ස්වාභාවය හා වැදගත්කම


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති ජීවණ චක‍්‍රය


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති ව්‍යුහයන්


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට බලපාන සාධක


·         තීරණ ගැනීමේ නි්‍යායන්


අර්ථකථන


”රාජ්‍ය නිළධාරීන් කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්ති වේ.”


                                                             නිකලොස් හෙන්රි :භසජයදක්ි ්‍යැබරහ*


”ආණ්ඩුව විසින් කිරීමට හෝ නොකිරීමට තීරණය කරන ලද  ඕනෑම දෙයක් රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”    


                                                             තෝමස් ඩයි.


”එක් දේශපාලන රැුගුම්කරුවෙකු හෝ දේශපාලන රැුගුම්කරුවන් කිහිප දෙනෙකු විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව යම් දෙනලද තත්ත්වයක් තුළ සාක්ෂාත් කරගත යුතු ඉලක්ක සහ ඒවා සාක්ෂාත් කර ගැනීම උදෙසා යොදා ගැනෙන කි‍්‍රයාමාර්ග දැක්වෙන අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ තීරණවලින් සමන්විත ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”


                                                              විලියම් ජේකින්ස්


ඔහු තවදුරටත් ප‍්‍රකාශ කරන ආකාරයට අරමුණු ඉටුකර ගැනීම ස`දහා ආණුඩුව කි‍්‍රයාත්මත වන ආකාරය පෙන්නුම් කරන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මගිනි.


”පරිපාලන තීරණ සහ කි‍්‍රයාවන් ව`ගකීමෙන් යුතුව ඉටුකිරීම සදහා පරිපාලන යාන්ත‍්‍රණය මෙහෙය වන නීති රීති රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”


                                                              මාර්ෂල් ඊ ඞීමොක්


මෙම අර්ථකථන අනුව පෙනී යන්නේ ”දේශපාලන සමාජයක් මුහුණ දෙන ප‍්‍රශ්ණ විසදීම සදහා ආණුඩුව විසින් තීරණය කොට කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස හදුනාගත හැකි බවයි.


රාජ්‍ය ප‍්‍රතිපත්තිවල මුලික ලක්ෂණ


·         රාජ්‍ය ප‍්‍රතිපත්තිවල පවතින ලක්ෂණ පහත පරිදි පෙන්වා දිය හැකිය.


·         නිශ්චිත අරමුණු හා ඉලක්කයක් තිබීම


·         සෑම රාජ්‍ය ප‍්‍රතිපත්තියකටම නිශ්චිත අරමුණක් ඇත. බොහෝ විට එම අරමුණ පොදු යහපත මුල්කරගත් අරමුණු වේ. එමෙන්ම ඒවා ජනතා ඉල්ලීම්වලට අනුකූල විය යුතු අතර, සෑම ප‍්‍රතිපත්තියක් තුළින්ම ඉටුකර ගැනීමට අපේක්ෂා කරන නිශ්චිත ඉලක්කයක් ඇත.


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති මුලික නීතියට අනුකූල විය යුතුවීම.


·         මෙයින් අදහස් වන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධිකරණ නීරීක්ෂණයට යටත් වන බවයි. විශේෂයෙන් ඔනෑම ප‍්‍රතිපත්තියක් රටේ මුලික නීතියට අනුකූල ද නැද්ද යන්න පරීක්ෂා කිඍමට අධකරණයට බලය ඇත.


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති පුද්ගලයින්ගේ හා සමාජ පැවැත්ම සම්බන්ධයෙන් වැදගත් වීම


·          ඕනෑම පුද්ගලයෙක් ඉපිද මිය යන තෙක් ජීවත් වන්නේ රාජ්‍යයක් තුළය. එම නිසා කිසිදු විටෙක රාජ්‍යයේ බලපෑමෙන් මීදීමට හැකියාව නැත. මේ අනුව මිනිසුන්ගේ සමාජ පැවැත්ම විෂයෙහි රාජ්‍ය ප‍්‍රතිපත්ති මගින් ප‍්‍රබල බලපෑමක් එල්ල කෙරේ. මේ අනුව මිනිසුන් පාරේ ගමන් කළ යුත්තේ කුමන පැත්තෙන් ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා මුදල් අයකරනවා ද ආණුඩුව සපයන සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මුදල් අයකල යුතුද යනාදී ආකාරයෙන් මිනිස් සෑම අංශයක් කෙරෙහිම රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධ වේ.


 


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය ගැටුම්කාරි ස්වාභාවයක් ගැනීම


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය තර`ගකාරි දේශපාලන බලවේගවල ගැටුම් හා එග`ගතාවයන් තුළින් සිදුවන්නකි. රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ඇති වැදගත්කම හේතුකොට ගෙන එය දේශපාලන බල අරගලයේ වැඩිම අවධානයක් යොමු වන ක්ෂේත‍්‍ර බවට පත්ව ඇත. ඒ නිසා අණ්ඩුවකට කුමන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා ද යන්න පහසු නැත. විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්ති අවසාන වශයෙන් තීරණය වන්නේ දේශීය හා අන්තර්ජාතික වශයෙන් කි‍්‍රයාත්මක වන තරගකාරි හා ගැටුම්කාරි දේශපාලන හා අනෙකුත් බලවේගවල ස්වාභාවය මතය. විශේෂයෙන් ව්‍යවස්ථාදායකය , විධායකය, අධිකරණය අනෙකුත් රාජ්‍යයන්, අන්තර්ජාතික සංවිධාන, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් , මහජන මතය යනාදි සෑම බලවේගයකම බලපෑම මත සිදුවන අවසාන නිමැවුමක් ලෙස රාජ්‍ය ප‍්‍රතිපත්ති හදුන්වා දිය හැකිය.


·         රාජ්්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී කිසිදු ආණ්ඩුවකට තමන්ට අභිමත ලෙස කටයුතු කළ නොහැකිය. ඒ සදහා විවිධ සීමාවන් පවතී. එම සීමා පහත පරිදි වේ.


·         කාලය ප‍්‍රමාණවත් නොවීම


·         සම්පත් හි`ගකම (මානව හා භෞතික*


·         වෙන් රාජ්‍යවලින් එල්ලවන බලපෑම


·         එකිනෙකට පටහැනි ජනතා ඉල්ලීම


·         දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම්වල බලපෑම


·         රාජ්‍ය නිළධාරීන්ගේ බලපෑම් හා මතිමතාන්තර


·         ප‍්‍රාදේශීය බලමධ්‍යස්ථානවල බලපෑම


·         ආණ්ඩුවේ අභ්‍යන්තර බෙදීම්වල බලපෑම


·         ඉහත තත්ත්වයන් විමසන විට පෙනී යන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය විවිධ දේශපාලන, ආර්ථික, සමාජ බලවේගවල සීමාවන්ට යටත්ව සිදුවන්නක් බවයි.


·         අනෙක් තීරණ සම`ග බැදීම


·         රාජ්‍ය ප‍්‍රතිපත්තිවල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවා හුදකලා නොවන බවයි. විශේෂයෙන්ම තර`ගකාරි රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී එකිනෙකට සම්බන්ධ නොවු විවිධ අමාත්‍යාංශවල තීරණ සම`ග යම් තීරණ බැදේ.


උදාහරණ විශ්වවිද්‍යාලයක් ගොඩනැගීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ විට ඒ ස`දහා රජයට පවරා ගත් ඉඩම සත්ව ගොවිපළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටිය හැකිය. තවද රෝහලක් සෑදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිය. ආරක්ෂක අමාත්‍යාංශය එය හමුදා කදවුරක් ඇති කිරීමට ඉල්ලා සිටිය හැකිය.


ඉහත තත්ත්වයන් තුළ පෙනෙන්නේ එක් ප‍්‍රතිපත්තියක් සම්පාදනයේ දී අනෙක් ප‍්‍රතිපත්තිය සම`ග බැදෙන බවයි. මේ අනුව ප‍්‍රතිපත්ති සම්පාදනය ඒකීය කි‍්‍රයාදාමයක් තුළ සිදු නොවේ.


වර්තමාන රාජ්‍ය ප‍්‍රතිපත්ති අවසානයක් ලෙස සැළකිය නොහැක. වර්තමානයේ කි‍්‍රයාත්මක වන රාජ්‍ය ප‍්‍රතිපත්ති අතීතයේ කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්තීන්ගෙන් වෙන් කර හදුනා ගැනීම අපහසුය. එමෙන්ම වර්තමාන ප‍්‍රතිපත්තිය අනාගත ප‍්‍රතිපත්ති සම`ග බැදේ. එම පසුබිම තුළ එක් ප‍්‍රතිපත්තියක් දිගින් දිගට ගමන් කළ හැක.


උදාහරණ මාර්ග තදබදය සම`ග ඇති වු ප‍්‍රශ්ණයක් ස`දහා වර්තමාන ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී මාර්ග පද්ධතිය පුළුල් කිරීමට පිළිබ`ද ප‍්‍රතිපත්තියකට ආණ්ඩුව එළඹුන ද ප‍්‍රශ්ණය අවසන් නොවේ. විධිමත් මාර්ග පද්ධතියක් ඇති නිසා වාහන අධිවේගයෙන් ගමන් කොට මාර්ග අනතුරු ඇති වී එය වෙනත් ප‍්‍රතිපත්තියක් සම්පාදනයට හේතු වේ. තවද මාර්ග පද්ධතිය දියුණු බැවින් වාහන ඉල්ලූම ඉහළ ගොස් පෙරට වඩා මාර්ග තදබදය ඉහළ යාමට හැකිය.


ඉහත තත්ත්වයන් තුළ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය අවසානයක් දැකිය නොහැකි චක‍්‍රයක් බවට පත්වේ.