කාන්තා හිංසනයට ඉඩ ෙනාතබන්නට
දිගු ඉතිහාසයක් කරා දිවෙන ලාංකීය සමාජ සංස්කෘතිය තුළ එකී අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට නිතැතින්ම අපට හැකි වී ඇත. අපටම ආවේණික වු සදාචාරාත්මක සම්ප‍්‍රදායක් හා සාරධර්ම රැුසක් ශි‍්‍ර ලාංකිකයන් වු අපට උරුම වී ඇත. මව, පියා, දු පුතුන් ප‍්‍රධානව සැකසුණු පවුල් සංස්ථාව අප සමාජය තුළ සංකේතානුගතව ඇත. මේ අනුව ස්වාමියාගෙන් භාර්යාවට, භාර්යාවගෙන් ස්වාමියාට, ඔවුන්ගෙන් දරුවන්ට, වැඩිහිටියන්ගෙන් බාලයන්ට ආදි වශයෙන් ඉටුවිය යුතු කාර්යය කොටස් බෞද්ධ ඉගැන්වීමෙන් ඔප් නැංවී සදාචාරාත්මක රාමුවක යුතුකම් හා වත්පිළිවෙත් ජාලයක් ලෙස පවතී. එකී සදාචාර රාමුව තුළ කාන්තාව යනු මව, දියණිය, සොහොයුරිය මෙන්ම බිරිද ප‍්‍රධාන භූමිකාවන් රැුසක් කාන්තාව නියෝජනය කරනු ලබයි.
දණ්ඩ නීති සංග‍්‍රහයේ කාන්තාව ලෙස වර්ග කර ඇත්තේ වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි යන්නයි.
කෙසේ නමුත් වර්තමානයේ දී හිංසනය සදහා නීති සම්පාදනය බලාත්මක වේ. හිංසනය යනු පුද්ගලිකව ප‍්‍රසිද්ධියේ කාන්තාවට සිදුකරනු ලබන කායික, මානසික හා ලිංගික පීඩාව, තර්ජනය හා බලහත්කාරය සහ අත්තනෝමතික නිදහස අහිමි කිරීමයි. හිංසනය ප‍්‍රධාන කොටස් 03 යි
x ශාරීරික
x මානසික
x ලිංගික
හිංසනයට ලක්වන කාන්තා පසුබිම විමසා බැලීමේ දී විවාහයට පත් කාන්තාවන්, අවිවාහක, රෝගි, මානසික ආබාධ සහිත, අසරණ අවතැන් වු කාන්තාවන් ඒ වගේම වැන්දඹුවන් දුරබැහැර සේවයේ යෙදෙන්නියන් ආදී අය වේ. හිංසනයට ලක්වන ස්ථාන නිවාස, ප‍්‍රවාහන සේවාවන් (බස්, වෑන්, ති‍්‍රවීල්, දුම්රිය සේවාවන්* රාජකාරි ස්ථාන, වැඩබිමේ, මගතොටේ දී විදේශීය සේවා ඒජන්සි, අවතැන් කදවුරුවලදී, සිනමාශාලාවන් වලදී සිදුවිය හැකිය.
හිංසනයේ ප‍්‍රතිඵල අතර මරණය, සියදිවිනසා ගැනීම, දික්කසාද වීම, රෝගී වීම, වෙන්වීම, දරුවන්ගේ ශාරීරික මානසික කඩා වැටීම, නැදෑයින් අතර ගැටුම් ඇතිවීම, සමාජයෙන් වෙන්ව ජීවත්වීම. වැනි කාරණාවන්ට මුහුණ පාන්නට සිදු වේ. මෙකී හේතු පදනම් කරගනිමින් විෂාදය වැනි මානසික රෝගයන්ට ද මුහුණ පෑමට ලක් වේ.
කාන්තා අයිතිවාසිකම් පිළිබ`ද අවධානයට ලක් කිරීමේ දී කාන්තාව සදහා වරප‍්‍රසාදයන් රාශියක් හිමිකර දී ඇත.
x 1923 දී ”ජාතික කාන්තා සංගමය” කාන්තාවන්ට, පිරිමින්ට හා සම අයිතිය දැඩිව ඉල්ලා සිටින ලදී.
x 1952 ”කාන්තා දේශපාලන අයිතිය” එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් පවත්වනු ලබන සමුළුව
1975- 1985 වසර දහසයක කාලය ”එක්සත් ජාතින්ගේ කාන්තා දශකය” යනුවෙන් හදුන්වා ඇත.
x මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ 1975 සාමය සංවර්ධනය සමානත්මතාවය මුලික වශයෙන් සාකච්චා කිරීම :ඹෘ්‍යඍ*
x 1980 1995 බ්ලීජින් නුවර දී කාන්තාවන් පිළිබද විශේෂ අවධානයක් යොමු කර ඇත.
x 1989 කාන්තාවන්ට එරෙහිව සියලූ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතීන් කරුණු 199 ක් සම්මත විය.
x 1993 ශි‍්‍ර ලංකාවේ කාන්තා ප‍්‍රඥ්ඥප්තිය සම්මත විය.
x 1998 ළමා හා කාන්තා කාර්යංශය සම්මත විය.
x 1994 රාජිකා කුමාරි මෙනවිය කාන්තා කටයුතු පිළිබ`ද එක්සත් ජාතික සංවිධාන විශේෂ නියෝජිතවරියක් ලෙස පත් විය.
x 1999 වෛකල්පිත ගිවිසුමකින් කාන්තාවන්ට පුද්ගලිකව පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම ට ඇති හැකියාව ඇතිවිය.
x දේශපාලන හා ඡුන්ද අයිතිය තහවුරු කිරීමට හැකිවිය.
x බේදයකින් තොරව රැුකියා කරන ස්ථානයේ නිසි වැටුප් ලැබීමට කාන්තාවන්ට ඇති අයිතිය.
නමුත් මෙකී අයිතිවාසිකම් හමුවේ කාන්තාවට නිසි ගෞවරවය නොලැබීම මුලික හේතු සාධකයයි. හිංසනයට ලක් වු කාන්තා අයිතිය, නීතිය බලාත්මක වු නමුත් හිංසනයෙන් පසු ඇය කරා පැම්ණෙන මානසික ව්‍යාකුලතාව සහ අසරණභාවයන් හමුවේ ඇය නැවත මානසික හිංසනයකට යටත්වේ.
”එමෙන්ම 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(2* ව්‍යවස්ථාවෙන් ලිංගිකත්වය මත කිසිදු පුරවැසියෙකුට අසාධාරණයක් කළ නොහැකි බව ප‍්‍රකාශ වේ. එමෙන්ම 12(4* වැනි ව්‍යවස්ථාවෙන් කාන්තාවන්ගේ අභිවෘද්ධිය අරමුණු කරගෙන සම්පාදනය කරනු ලබන කිසිම විශේෂ ප‍්‍රතිපත්තියක් තහනමට ලක් නොකරන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශිතය”(දේශපාලන විද්‍යාව වෙළුම් 6 කලාපය*
1978 දී ශි‍්‍ර ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(2* උපවගන්තිය මගින් ස්ති‍්‍රන්ට හා පුරුෂයන්ට අසමාන අයුරින් සැලකීමෙන් මිදීමේ නිදහස ද ඇතුළු මානව හිමිකම් මෙන් ම ස්ති‍්‍රන්ට හා පුරුෂයන්ට එක හා සමානව සැලකීම ද තහවුරු කොට ඇත.(දේශපාලන විද්‍යාව වෙළුම් 6 කලාපය*
Chalani Karuíthilake
No comments:
Post a Comment
අදහස්