හැදින්වීම
ආණ්ඩුවක ප්‍රධානම කාර්යය වන්නේ ප්‍රශ්ණ විසදීමය. ප්‍රශ්ණ විසදීම ස`දහා තීරණ ගත යුතුය. ආණ්ඩුවක තීරණ ගැනීමේ කි‍්‍රයාදාමයට සීමාවක් නැත. එය අඛණ්ඩවම සිදුවන්නා වු කි‍්‍රයාදාමයක් වේ. නිදසුනක් ලෙස පහත සදහන් කරුණු පෙන්වා දිය හැකිය.
· මෑතකාලීන අන්තර්ජාතික අර්බුධයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද?
· බදු වැඩිකළ යුතු ද නැත්නම් ආණ්ඩුවේ සේවාවන් කපා හැරිය යුතුද ?
· ආර්ථික වර්ධනය හා පරිසර සංරක්ෂණය අතර සබ`දතාවය පවත්වා ගන්නේ කෙසේ ද?
· පවතින නීති වෙනස් කරනවාද ? නැත්නම් එම නීති එසේම තිබෙන්නට හරිනවාද
· අන්තර්ජාලය හරහා මතුකර ඇති ප්‍රශ්ණවලට කුමක් කළ යුතුද?
· ජනතාවගේ හදිසි සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කරන්නේ කෙසේද ?
· රථවාහන ත`දබ`දය අඩුකර ගැනීමට කුමක් කළ යුතුද
යනාදි ප්‍රශ්ණ ආණ්ඩුවක් දෛනිකව මුහුණ දෙන ප්‍රශ්ණ වේ.
මේ කරුණුවලින් එක් දෙයක් පැහැදිලි වේ. දේශපාලනයට කිසිදු විටෙක නිදා සිටිය නොහැකි බව සහ ආණ්ඩුවට කිසිදු විටෙක සුළු හෝ විවේකයක් ලබා ගත නොහැකි බවයි. ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්ණවල අවසානයක් දැකිය නොහැකිය. සිදුවීම්වල අවසානයක් දැකිය නොහැකිය. ආණ්ඩුව දිගින් දිගටම තීරණගත යුතුය. මෙම තීරණ ගැනීමේ දී විකල්ප හදුනා ගත යුතුය. එමෙන්ම එම විකල්ප අතුරින් වඩාත් සුදුසු සහ උචිත විකල්ප තෝරාගත යුතුය. පසුව ප්‍රතිපත්ති තීරණය කළ යුතුය. ප්‍රතිපත්ති තීරණය කිරීම සහ කළමනාකරණය කිරීම යන විෂයය මගින් අනාවරණයඉ කරන්නේ ඉහතින් සදහන් කරන ලද සමස්ත කි‍්‍රයාදාමය වේ.
ප්‍රතිපත්තියක් යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ”නිල වශයෙන් එක`ගතාවයකට පැමිණි තීරණ ගැනීම සදහා පාදක කරගන්නා සාමාන්‍ය අදහස් සමුච්ඡුයන් හෝ සැළසුම් කණ්ඩායම්ය. නමුත් ”රාජ්‍ය ප්‍රතිපත්ති” යන්න ඉහත දැක්වු තත්ත්වයට වඩා වෙනස් විශේෂිත දෙයක් වේ. රාජ්‍ය ප්‍රතිපත්ති යනු ”ජනතාවගේ ප්‍රශ්ණ විසදීම ස`දහා රාජ්‍ය නිළධාරීන් විසින් කි‍්‍රයාවට නංවන දිගුකාලීන කි‍්‍රයාපටිපාටියකින් යුත් ආණුඩුවේ තීරණ හෝ සැළසුම්” වේ.
නිදසුන් ලෙස ආණුඩුව විසින් බලශක්ති භාවිතා කිරීම සම්බන්ධයෙන් ගල් අ`ගුරු සහ න්‍යශ්ඨික බලය යොදා ගැනීම වෙනුවට තෙල් සහ සුළං බලයෙන් කි‍්‍රයා කරන විදුලි පහන් භාවිතයට මාරු වුවහොත් එය පාරිසරික ප්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලැබේ. පාසැල් හැර යාමේ වයස් මට්ටම ඉහළ දැමුවහොත් හෝ ප්‍රාථමික අධ්‍යාපනය ස`දහා කරන වියදම ද්විතික අධ්‍යාපනය සදහා වියදම් කළහොත් එවැනි තත්ත්වයන් හදුන්වන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ලෙසය. මේ කරුණු දෙස බැලීමේ දී පෙනී යන්නේ ආණ්ඩුවක් විසින් කි‍්‍රයාවට නංවන ප්‍රතිපත්ති සංඛ්‍යාව මෙපමණකැයි කිව නොහැකි බවය. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් වේ. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය ප්‍රතිපත්ති අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ වන අවස්ථා ද දැකිය හැකිය.
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනයේ දී උත්සහ ගන්නේ පහත දක්වා ඇති ප්‍රශ්ණ හා සම්බන්ධ කි‍්‍රයාදාමය විමර්ශනය කිරීමයි.
· ආණ්ඩුව විසින් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ කෙසේ ද
· ඒ සදහා සහභාගි වන පුද්ගලයන් සහ ආයතන මොනවාද
· ජනතා ඉල්ලීම්වලට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන ප්‍රශ්ණය
වෙනත් ආකාරයකට කියනවා නම් රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනයේ දී අවධානය යොමු කළ යුතු මුලික කරුණු 4ක් පෙන්වා දිය හැකිය.
· රාජ්‍ය ප්රතිපත්තිවල ස්වාභාවය හා වැදගත්කම
· රාජ්‍ය ප්‍රතිපත්ති ජීවණ චක්‍රය
· රාජ්‍ය ප්‍රතිපත්ති ව්‍යුහයන්
· රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට බලපාන සාධක
· තීරණ ගැනීමේ නි්‍යායන්
අර්ථකථන
”රාජ්‍ය නිළධාරීන් කි‍්‍රයාවට නංවන ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති වේ.”
නිකලොස් හෙන්රි :භසජයදක්ි ්‍යැබරහ*
”ආණ්ඩුව විසින් කිරීමට හෝ නොකිරීමට තීරණය කරන ලද ඕනෑම දෙයක් රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”
තෝමස් ඩයි.
”එක් දේශපාලන රැුගුම්කරුවෙකු හෝ දේශපාලන රැුගුම්කරුවන් කිහිප දෙනෙකු විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව යම් දෙනලද තත්ත්වයක් තුළ සාක්ෂාත් කරගත යුතු ඉලක්ක සහ ඒවා සාක්ෂාත් කර ගැනීම උදෙසා යොදා ගැනෙන කි‍්‍රයාමාර්ග දැක්වෙන අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ තීරණවලින් සමන්විත ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”
විලියම් ජේකින්ස්
ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ආකාරයට අරමුණු ඉටුකර ගැනීම ස`දහා ආණුඩුව කි්රයාත්මත වන ආකාරය පෙන්නුම් කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති මගිනි.
”පරිපාලන තීරණ සහ කි්රයාවන් ව`ගකීමෙන් යුතුව ඉටුකිරීම සදහා පරිපාලන යාන්ත්‍රණය මෙහෙය වන නීති රීති රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”
මාර්ෂල් ඊ ඞීමොක්
මෙම අර්ථකථන අනුව පෙනී යන්නේ ”දේශපාලන සමාජයක් මුහුණ දෙන ප්‍රශ්ණ විසදීම සදහා ආණුඩුව විසින් තීරණය කොට කි‍්‍රයාවට නංවන ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස හදුනාගත හැකි බවයි.
රාජ්‍ය ප්රතිපත්තිවල මුලික ලක්ෂණ
· රාජ්‍ය ප්රතිපත්තිවල පවතින ලක්ෂණ පහත පරිදි පෙන්වා දිය හැකිය.
· නිශ්චිත අරමුණු හා ඉලක්කයක් තිබීම
· සෑම රාජ්‍ය ප්රතිපත්තියකටම නිශ්චිත අරමුණක් ඇත. බොහෝ විට එම අරමුණ පොදු යහපත මුල්කරගත් අරමුණු වේ. එමෙන්ම ඒවා ජනතා ඉල්ලීම්වලට අනුකූල විය යුතු අතර, සෑම ප්‍රතිපත්තියක් තුළින්ම ඉටුකර ගැනීමට අපේක්ෂා කරන නිශ්චිත ඉලක්කයක් ඇත.
· රාජ්‍ය ප්‍රතිපත්ති මුලික නීතියට අනුකූල විය යුතුවීම.
· මෙයින් අදහස් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති අධිකරණ නීරීක්ෂණයට යටත් වන බවයි. විශේෂයෙන් ඔනෑම ප්‍රතිපත්තියක් රටේ මුලික නීතියට අනුකූල ද නැද්ද යන්න පරීක්ෂා කිඍමට අධකරණයට බලය ඇත.
· රාජ්‍ය ප්‍රතිපත්ති පුද්ගලයින්ගේ හා සමාජ පැවැත්ම සම්බන්ධයෙන් වැදගත් වීම
· ඕනෑම පුද්ගලයෙක් ඉපිද මිය යන තෙක් ජීවත් වන්නේ රාජ්‍යයක් තුළය. එම නිසා කිසිදු විටෙක රාජ්‍යයේ බලපෑමෙන් මීදීමට හැකියාව නැත. මේ අනුව මිනිසුන්ගේ සමාජ පැවැත්ම විෂයෙහි රාජ්‍ය ප්‍රතිපත්ති මගින් ප්‍රබල බලපෑමක් එල්ල කෙරේ. මේ අනුව මිනිසුන් පාරේ ගමන් කළ යුත්තේ කුමන පැත්තෙන් ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා මුදල් අයකරනවා ද ආණුඩුව සපයන සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මුදල් අයකල යුතුද යනාදී ආකාරයෙන් මිනිස් සෑම අංශයක් කෙරෙහිම රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ වේ.
· රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය ගැටුම්කාරි ස්වාභාවයක් ගැනීම
· රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය තර`ගකාරි දේශපාලන බලවේගවල ගැටුම් හා එග`ගතාවයන් තුළින් සිදුවන්නකි. රාජ්‍ය ප්රතිපත්තිවල ඇති වැදගත්කම හේතුකොට ගෙන එය දේශපාලන බල අරගලයේ වැඩිම අවධානයක් යොමු වන ක්ෂේත්‍ර බවට පත්ව ඇත. ඒ නිසා අණ්ඩුවකට කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා ද යන්න පහසු නැත. විශේෂයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති අවසාන වශයෙන් තීරණය වන්නේ දේශීය හා අන්තර්ජාතික වශයෙන් කි‍්‍රයාත්මක වන තරගකාරි හා ගැටුම්කාරි දේශපාලන හා අනෙකුත් බලවේගවල ස්වාභාවය මතය. විශේෂයෙන් ව්‍යවස්ථාදායකය , විධායකය, අධිකරණය අනෙකුත් රාජ්‍යයන්, අන්තර්ජාතික සංවිධාන, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් , මහජන මතය යනාදි සෑම බලවේගයකම බලපෑම මත සිදුවන අවසාන නිමැවුමක් ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති හදුන්වා දිය හැකිය.
· රාජ්්ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී කිසිදු ආණ්ඩුවකට තමන්ට අභිමත ලෙස කටයුතු කළ නොහැකිය. ඒ සදහා විවිධ සීමාවන් පවතී. එම සීමා පහත පරිදි වේ.
· කාලය ප්‍රමාණවත් නොවීම
· සම්පත් හි`ගකම (මානව හා භෞතික*
· වෙන් රාජ්‍යවලින් එල්ලවන බලපෑම
· එකිනෙකට පටහැනි ජනතා ඉල්ලීම
· දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම්වල බලපෑම
· රාජ්‍ය නිළධාරීන්ගේ බලපෑම් හා මතිමතාන්තර
· ප්‍රාදේශීය බලමධ්යස්ථානවල බලපෑම
· ආණ්ඩුවේ අභ්‍යන්තර බෙදීම්වල බලපෑම
· ඉහත තත්ත්වයන් විමසන විට පෙනී යන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය විවිධ දේශපාලන, ආර්ථික, සමාජ බලවේගවල සීමාවන්ට යටත්ව සිදුවන්නක් බවයි.
· අනෙක් තීරණ සම`ග බැදීම
· රාජ්‍ය ප්රතිපත්තිවල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවා හුදකලා නොවන බවයි. විශේෂයෙන්ම තර`ගකාරි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී එකිනෙකට සම්බන්ධ නොවු විවිධ අමාත්‍යාංශවල තීරණ සම`ග යම් තීරණ බැදේ.
උදාහරණ විශ්වවිද්‍යාලයක් ගොඩනැගීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ විට ඒ ස`දහා රජයට පවරා ගත් ඉඩම සත්ව ගොවිපළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටිය හැකිය. තවද රෝහලක් සෑදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිය. ආරක්ෂක අමාත්‍යාංශය එය හමුදා කදවුරක් ඇති කිරීමට ඉල්ලා සිටිය හැකිය.
ඉහත තත්ත්වයන් තුළ පෙනෙන්නේ එක් ප්‍රතිපත්තියක් සම්පාදනයේ දී අනෙක් ප්‍රතිපත්තිය සම`ග බැදෙන බවයි. මේ අනුව ප්‍රතිපත්ති සම්පාදනය ඒකීය කි‍්‍රයාදාමයක් තුළ සිදු නොවේ.
වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති අවසානයක් ලෙස සැළකිය නොහැක. වර්තමානයේ කි‍්‍රයාත්මක වන රාජ්‍ය ප්‍රතිපත්ති අතීතයේ කි‍්‍රයාවට නංවන ප්රතිපත්තීන්ගෙන් වෙන් කර හදුනා ගැනීම අපහසුය. එමෙන්ම වර්තමාන ප්‍රතිපත්තිය අනාගත ප්‍රතිපත්ති සම`ග බැදේ. එම පසුබිම තුළ එක් ප්‍රතිපත්තියක් දිගින් දිගට ගමන් කළ හැක.
උදාහරණ මාර්ග තදබදය සම`ග ඇති වු ප්‍රශ්ණයක් ස`දහා වර්තමාන ප්‍රතිපත්ති සම්පාදනයේ දී මාර්ග පද්ධතිය පුළුල් කිරීමට පිළිබ`ද ප්රතිපත්තියකට ආණ්ඩුව එළඹුන ද ප්‍රශ්ණය අවසන් නොවේ. විධිමත් මාර්ග පද්ධතියක් ඇති නිසා වාහන අධිවේගයෙන් ගමන් කොට මාර්ග අනතුරු ඇති වී එය වෙනත් ප්‍රතිපත්තියක් සම්පාදනයට හේතු වේ. තවද මාර්ග පද්ධතිය දියුණු බැවින් වාහන ඉල්ලූම ඉහළ ගොස් පෙරට වඩා මාර්ග තදබදය ඉහළ යාමට හැකිය.
ඉහත තත්ත්වයන් තුළ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය අවසානයක් දැකිය නොහැකි චක්‍රයක් බවට පත්වේ.
No comments:
Post a Comment
අදහස්