Thursday 10 June 2021

සු සැට ආභරණ


අාභරණ



හෙළ කුළ සිරිතට විරිතට, සිරිකත ලෙස කුළගෙට පියමන් කරන දිනයට සිංහල ආරෙට නියම සිංහල ඔසරියෙන් හැඩවීමට වර්ථමානයේ තරුණියන් බොහෝ සේ ප්‍රියකරනවා. සම්ප්‍රධානුකුල ඔසරියෙන් හැඩවිම යනු හුදෙක් ඔසරිය ඇදීමම නොවෙයි. සම්ප්‍රධානුකුල ඔසරිය අංග සම්පුරණ වීමට නම් ආභරණ කට්ටලය නිවැරදිව තිබීමද අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. නිවැරදි ආභරණ කට්ටළය කියන්නේ මොකක්ද, අභරණ කට්ටලයේ කොටස් මොනවද, ඒවායේ තේරුම් මොනවාද, පළදින්න හේතු මොනවද කියලා අපි කතාකරමු.

නළල් පටිය

තැල්ල කියන්නේ මනාලියක් වීමේ සංකේතයක්. නළල් පටිය සහ ඉර හඳ විශේෂවන්නේ එම නිසයි. මෙහිදීත් රන් තැල්ල ඉතා විශේෂයි. එයින් කියවෙන්නේ දෙදෙනෙකු දෙපැත්තකින් පැමිණ මැදින් එකතු වීමයි. නළල් පටිය පලදීමේදී පිරිත් ගායනා කිරීම සිදුකර, මනාලියගේ මව අතින් එය පැළදවීම නිවැරදි සිරිතයි.

ඉර හඳ

ඉර හඳ පැළදීමෙන් අදහස් වෙන්නේ ඉර හඳ පවතින තුරු විවාහය පැවත්ම සිදු වේවායි යන්නයි.

කඩුක්කන්

කන් සැරසීමට බාවිතා කරන කරාබු මෙයින් අදහස් කෙරේ. මෙයට නිශ්චිත මෝස්තරයක් පෙන්වා නැති බැවින් මනාලිය වඩාත් සුන්දර වන ආකාරයට, ඇඳුමට කොන්ඩ මෝස්තරයට ගැලපෙන ආකාරයට වර්තමානයේදී කඩුක්කන් දමනු ලබයි.

මාල

සම්ප්‍රධානුකුල මාල කට්ටලය පතිනි දෙවියන්ගේ අභරණ කට්ටලය ලෙස මතයක් පවතී. එම නිසා මාල කට්ටලය මනාලියට කලඑළියක් ගෙන එනවා පමණක් නොවෙයි, ආරක්ෂාවක් ආශීර්වාදයක් ගෙන එන දෙයක් ලෙස හැඳින්විය හැක.
නිවැරදි මාල කට්ටලය සඳහා මාල දහයක් අඩංගු වේ. ඒ මෙසේය;
පදක්කම් මාල පහක්
පෙති මාල එකක්
අගස්ති මාල එකක්
කරමාලය
ගෙඩි මාලය
මකර මාලය
විශේෂයෙන් මකර මාලය තුළින් සියලු වස් දොස් දුරුකරනු ලබයි.

අත් පළදනා

අත් සැරසීම සඳහා බන්ඩි වළලු, සැලි වළලු සහ අතැගිලි පැලදීම කරනු ලබයි.

හවඩිය

ඉනේ හැඩය මානව ඔප් නංවා පෙන්වීමට හවඩිය අඳිනු ලබයි.

අතීතයේදී චේචිනම නමින් හදුන්වනු ලබූ අභාරණයක්ද තිබී ඇත. මෙය ආරක්ෂාවක් ලෙස යොදාගත් බවට මතයක් තිබේ. කෙසේ නමුත් අද වන විට මේ චේචිනම නම් ආභරණය භාවිතයෙන් ඈත් වී ඇත.

No comments:

Post a Comment

අදහස්