Monday 26 November 2018

බලය, ලිංගිකත්වය සහ දේශපාලනයට මීනීමරා ගන්නා සමාජය තුරන් කරමු.



සමාජයේ ඇසෙන සිදුවීම්, දකින දේවල්වලට වගකිව යුත්තෝ කවරහු ද? රොබට් නොක්ස් දැකපු එදා හෙළ දිව අපිට තාමක් තියෙනවා. වෙනස් වුනේ මිනිස්සුයි. සමාජයේ මිනිස්සු ජීවත් වෙන්නේ පිටකර ගත නොහැකි වු පීඩනයකින්. තවත් එකෙක් සමග වාද විවාද කිරීම, කුලල් කා ගැනීම සාමාන්‍ය වෙලා රටේ උත්තරීතර සභාව තුළ රටේ ප‍්‍රශ්ණ විසදන්නෝ හැසිරෙන්නේ හවසට බාර් එකට සෙට් වෙන බේබද්දෝ ගානට ය. රටක ඉදිරි ගමන සංවර්ධනය වීමෙහිලා පාලක පන්තිිය රටට ආදර්ශයක් විය යුතු විනා එය උත්තරීතර පර්ලිමේන්තුව රගහලක් නොකර ගත යුතුයි. මේ කලබල මැද්දේ නොසන්සුනු තා මැද්දේ ඇමතිලාට නිල් චිත‍්‍රපට බලන්නත් වෙලා තිබිලා. පුදුම රටක් යැයි විටෙක හිනෙවා. ඔවුනොවුන් එකතු වී රට විනාශ කරනවා. කවුරුත් බලයට ආසාවේ කෙල පෙරනවා යතාර්ථය ඒකයි. සල්ලිවලට  ඕනම ජරාවක් බාර ගන්නා රටක බලයත් සල්ලිවලට දෝලනය වෙනවා. ඡන්දදායකයෝ අසරණ වී සිටින්නේ මෙහෙම පිරිසක් ද රට හදන්න යැව්වේ කියලා. කොහොම හරි දේශපාලනය අතිනුත් රට අරාජිකයි. කලකිරීමක් සහ ශෝකාන්තයක් ඉතිරිකරමින් ඉකුත් සතිය ගෙවුනි.
ඒ අතර පාසල් යන දරුවෝ මීනී මරුවෝ වෙලා පාසල් පද්ධතියේ වැරුද්දක් ද, හැදු වැඩු දෙමව්පියන්ගේ වැරුද්දක් ද, ජීවත් වන පරිසරයේ වැරුද්දක් ද. පේ‍්‍රමය, තණ්හාව, කාමය, නොලැබීම සහ වෛරය අතර මිනිසුන් දෝලනය වෙනවා. පාලකයා දුසිරිත් නම් රට වැසියාද දුසිරිත් වේ ලූ. ළමයා මොනවා ද ඉගෙන ගත්තේ විනය ගරුක පාසල් පද්ධතියක වැඩෙන දරුවා ද මේ , ගුණ ගරුක සමාජයක් බිහිවීමට අවශ්‍ය පියවර ගන්නේ නම් මැනවි. මන්ද රටේ යුද්ධය නැති කරාට වැඩක් නෑ. සමාජයේ මිනිස්සු අනාක්‍ෂිත නම්, වර්තමාන සමාජ භූමිකාව රගමඩලක් වගේ ඇතැමෙක් පාරේ මාරා ගන්නවා. තවත් එකෙක් ඒක වීඩියෝ කරනවා. තාක්‍ෂණය වැරදි නෑ මිනිසුන්ගේ ආධ්‍යාත්මය, දියුණු මනස වල් වැදිලා. තවකෙක් යටපත් කර ඉදිරියට යාම විනා පණ අදින මිනිසෙක්, තවකෙකුගේ පීඩනයට ලක් වන්නෙක් බේරා ගැනීමට මින්සුන් පසුබට නොවිය යුතුයි. මේක අපේ රට අපිට ලස්සන ගුණ සුවද හදවත් ඇති මිනිසුන් ඇති රටක් අවශ්‍යයි. පාලකයාගේ සිට සමාජය වෙනස් විය යුතුයි. සමාජය වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය කොතන ද රට යන විදියට ජීවත් වීම ඉදිරි අනාගතයට භයානකය. දුසිරිත වෙනුවට ශිෂ්ඨ සමාජයක් ගොඩ නැගීමට පෙළ ගැසෙමු. අපි සමාජයේ ඇසෙන දකින දේවල් හීනෙකින් වත් නොවුණු දේවල්, සත්තු දඩයම් කරනවා මෙන් මිනිස්සු දඩයම් කරන්නේ මිනිස්සුමයි. කොතනින් ද වැරදුනේ. රට තුළ පෙනෙන දේ මෙයයි නමුත් නොපෙනෙන දේ කෙතෙක් ඇත් ද.
විනාශ වීමට යන රට යළි ගොඩ නගමු. කුලල් කා ගන්නා සමාජයක් නොව සාමකාමී සමාජයක් ලෙස අත්වැල් බැදගමු. සුදුසු පාලකයන් පත් කරමු. දරුවන්ට හොද නරක කියා දෙන දැහැමි සමාජයක් ගොඩ නැගීමට අතිවැල් බැදගමු. ලස්සන ලංකාව දුසිරිතෙන් නොවසනු. සමාජයට නව්‍යකරණයක් අවශ්‍යයයි. බලය, ලිංගිකත්වය සහ දේශපාලනයට මීනීමරා ගන්නා සමාජය තුරන් කරමු.

චලනි කරුණාතිලක

No comments:

Post a Comment

අදහස්