Sunday 4 November 2018

stress and work





සතුටින් ඉන්න අපි හැම කෙනෙක් ම කැමතියි. ඒත් එදිනෙදා ජීවිතේ මුහුණ දෙන්න වෙන බාධක ගැටළු එක්ක නම් හැබැයි සතුටින් ඉන්න එක ටිකක් අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි ස්නායු විද්‍යාව අනුව තහවුරු කරලා තියෙනවා මේ දේවල් කලොත් ඔබට සතුටින් ඉන්න පුලුවන් කියලා.

1.      වරකට එක ගැටලුවක් විසදන්න.

කාංසාව සහ තරහ ඇති වෙන්නට සහ මානසික ආතතිය ඇති වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි අපි ඔළුවේ ප්‍රශ්ණ ගොඩ ගහගෙන ඉන්න එක අන්තිමට අපි දොඩම් ගොඩ බදා ගත්තා වගේ එකක්වත් විසද ගන්න බැරුව ජීවිතෙත් අවුල් කරගෙන ප්‍රශ්ණත් වැඩිකර ගන්නවා. අපේ තරහව නිසා තවකෙකු අපහසුවට පත්වන අවශ්ථා බොහෝය. හිතේ සැහැල්ලුවට ඔබට ඇති ගැටලු අනුපිළිවලින් පෙළගස්වන්න.

2.      හිතේ කිසිම දෙයක් හිරකරගෙන ඉන්න එපා



හිතට ුකක් ප්‍රශ්ණයක් ආවම ඒක ගැනම තැවෙමින් කල්පනා කර කර ඉන්නවා. ඒ වෙනුවට ඔබේ හිතට වද දෙන දේවල් හෝ කාටහරි බනින්න අවශ්‍ය නම් ඒවා කොළයක ලියන්න. මෙහෙම කරද්දී අපේ මොළයේ සෙරටොනීන් ස්‍රාවය වෙලා හිතට සහනයක් ලබා දෙන අතරේ අපේ ගැටළු වලට විසදුමක් ගෙන එනවා. විශේෂයෙන් කෙනෙකුට බනින්න තියෙන දෙයක් කොළයක ලියලා එය විනාශ කර දමන්නට පුලුවන් නම් සිත් රිදවා ගන්නේ නැතිව හිතේ තියන ආතතිය නැති කරගන්න පුලුවන්. දිනපොත් ලිවීම මීට හොදම නිදසුනකි.



3.      අනිත් අයත් එක්ක කතා කරන්න.



ගොඩාක් අය හිත අවුල් ගියාම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඒ ගැන හිත හිත ඉන්නවා. හැබැයි ඔබට හොදටම විශවාසවන්ත කෙනෙක් එක්ක හිතේ තියන ගැටලුව ගැන කතා කරන්න පුලුවන් නම්, හිතේ තියන දුක යනකල්ම බදාගෙන අඩන්න පුලුවන් නම් එයින් ඔබේ හිතට දැනෙන පාළුව කාන්සිය නැති කරන්න උදව්වන මොළයේ ප්‍ර‍දේශ වලින් ඔබ තනි නැති බවට විශ්වාසයක් සිත තුළ ගොඩ නගන්නට උපකාරි වේ.



4.      අලුත් දෙයක් අත්හදා බලන්න

සතුටින් ඉන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න එක. ඒක සමහර විට ඔබට වෙච්ච කරදරයක් හරි, මොනවා හරි ඔබ මෙතෙක් නොකරපු දෙයක් ගිටාර ගහන්න ඔබ ආසනම් ඒක ඉගෙන ගන්න උත්සහ කළොත් එය ක්‍රම ක්‍රමයෙන් ඉගෙන ගනිද්දී ඔබට අමුතුම සතුටක් ලබද්දී ස්‍රාවය වන ඩෝපමීන් නිසා තමයි අපට මේ සහනය ඇති වෙන්නේ, ඉතින් ජීවිතයට අලුතින් හැකියාවක් ඇති කරන ගමන් හිතත් සත=ටින් තියා ගන්න පුලුවන්



5.      ස්තූති කරන්න

අපිට උදව් කරන අයට වැඩිය ස්තුති කරන්නට අකමැති උනත් චීනය, ජපානය වැනි හොද සංස්කෘතියක් නැති බටහිර රටවල් පවා පොඩි උදව්වක් කළ කෙනෙක්ට වුනත් ස්තූතිය පුද කැරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ස්නායු විද්‍යාව අනුව තහවුරැ කළ දෙයක් තමයි අපි කෙනෙක්ට ස්තූති කරද්දින් ඒ වෙනුවෙන් ජනනය වන සෙරටානීන් නිසා අපේ සිත තුළ ඇතිවන ධනාත්මක හැගීම් නිසා දුක්බරගතිය නැතිවෙලා යන බව.

                                                                                                අන්තර්ජාලය ඇසුරින්



                                                                       






No comments:

Post a Comment

අදහස්