Monday 12 November 2018

මුරුංගා රෑපලාවන්‍යගාරය


ඉන්දියාව ප්‍රමුඛව ලෝකයේ අනෙකුතු රටවල් පුරා ව්‍යංජන හා සුප් සැකසීමේ දී පමණක් නොව රෑපලාවන්‍ය කටයුතු සදහා ද මුරුංගා යොදා ගන්නේ ගුණාත්මක බව හොදින් ම හදුනාගෙන තිබෙන නිසායි. කාන්තාවන්ගේ රෑප සම්පත්තිය වැඩිදියුණු කිරීම සදහා මෙම අරුම පුදුම අමුද්‍රව්‍යයේ වැදගත්කම වටහා ගනිමින් ලෝකයේ පුරා නිපදවෙන මුරුංගා රෑපලාවන්‍ය නිශ්පාදනය ජනප්‍රිය වෙමින් පවතී.
වයෝවෘද්ධ වීම පාලනය කිරීම
සමමත වයස් ගත වීමේ ලක්ෂණ පහල වීමට ආරම්භ වීම තමන්ගේ ලස්සන ගැන හිතන ඕනෑම කාන්තාවගේ හිතට එක් කරන්නේ වේදනාවක්. නමුත් ඔබට පුලුවන් මුරංගා යොදා ගෙන මේ ලක්ෂණ පාලනය කරන්න. මුරුංගා තෙල් හා මුරුංගා පවුඩර් සමේ ඇති රුළි වැටීම් පාලනය කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේම සමට භාහිරින් ඇතිවන හානි වළක්වන්නත් මුරුංගා වලට පුලුවන්. මුරුංගා ඔබේ මුහුණේ සම ශක්තිමත් කිරීමට සහ කැළැල් ඉවත් කර තරුණ පෙනුමක් ලබා ගැනීමට උදව් වෙනවා.
දෙතොල් මෘදු කිරීමට
දෙතොල් වියළී ගිය විට කාන්තාවගේ මුහුණේ සුන්දරත්වය අඩු වෙනවා. මෙම දෙතොල් වියළිමේ ගැටළුව විසදා ගන්නත් මුරුංගා තෙල් ඔබට උපකාරී වෙනවා. දෙතොල්වල ආලේපය කිරීම සදහා නිපද වු මුරුංගා තෙල් සහිත ලිප් බාම් ඇතුළු තවත් නිශ්පාදන විවිධ රටවල භාවිතා කෙරෙනවා. මුරුංගා තෙල්වලට පුලුවන් ඔබේ දෙතොල් වල ඇති වියළි බව නැති කොට, ඒවාට මෘදු බවක් ලබා දෙන්න.
සමේ පැහැපත් බව වැඩිකර ගැනීම
මුරුංගා ඉස්ම ආලේප කිරීමෙන් ඔබට පැහැපත් සමක් උදා කර ගත හැකියි. එමෙන්ම කැළැල් මත මුරුංගා ඉස්ම අලේප කිරීමෙන් සම මත ඇති කැළැල් ඉවත් කරගන්න ඔබට පුලුවන්
කුරුළෑවලට එරෙහිව අනුව සටන් කිරීම
මුරුංගා තෙල්වල ඇන්ටි බැක්ටීරියා අඩංගුයි. මේ නිසා මුරුංගා සම මත ආලේප කිරීමෙන් බැක්ටීරියා ඉවත් වී කුරුලෑ හටගැනීම පාලනය වෙනවා.එමෙන්ම මේ වෙන කොටත් කුරුළෑ හටගෙන ඇති ස්ථානවල මුරුංගා තෙල් හෝ කොළ ඉස්ම ආලෙප කිරීමෙන් කුරුළෑ අඩුකර ගත හැකිය.
විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා උපකාරි වෙනවා
සමේ කුරුළෑ සහ වෙනත් ආසාදනයන් ඇති වීමට එක් හේතුවක් වන්නේ රුධිරයේ විෂබීජ අඩංගු වීමයි. මුරුංගා පවුඩර් හෝ මුරුංගා බීජ පාරිභෝජනය කිරීම ඔබේ රුධිරය පිරිසිදු කිරීමට උපකාරි වෙනවා.නිසැකවම පැහැදිලි වු සමක් ඔබට හිමි වේ.
සම මත ඇති විශාල සිදුරු වසා දමයි.
මුරුංගාවල අඩංගු කොලජන් ප්‍රෝටීනය සම මත ඇති සිදුරු අඩුවීම සදහා ක්‍රියා කරනවා. ඇදී ඇති සම තද කිරීමක් මේ මගින් සිදුකරයි.
සුන්දර කෙස් කළඹකට
මුරුංගා පවුඩර් යෙදීමෙන් ඔබගේ හිසකෙස් වලට ඉතාම ලස්සන පෙනුමක් ලබා ගත හැකි අතර දිගු. ඝන හා සෙඛ්‍ය සම්පන්න කෙස් කළඹක් ලබා ගත හැකිය. එහි ඇති ප්‍රති බැක්ටීරියා අම්ල හේතුවෙන් ඔබේ හිස් කඹලේ ඉස්සොරි සහ පොතු ගැලවී යාම සුවවෙනු ඇත. 
මුරුංගා face මාස්ක් එකක්
මී පැණි මේස හැන්දක්, ලෙමන් යුෂ මේද හැදි භාගයක් සහ රෝස වතුර මේස හැන්දක් සමග මුරුංගා පවුඩර් මේස හැන්දක් මිශ්‍ර කරන්න. උදෑසන ඔබේ මුහුණෙහි ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ එය තබා, පසුව මද උණුසුම් ජලයෙන් සොදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ පිස දමා , පසුව සුමට හා මෘදු බවක් ලබා ගැනීම සදහා ඔබේ මුහුණේ මොයිස්චරයිසි ක්‍රීම් එකක් ආලේප කරන්න.


                                                              චලනි අයේෂා
                                                                   Health සගරාව

No comments:

Post a Comment

අදහස්