ලංකාවේ සිනමාවට prosthetic කලාව
“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත”
යන කියමනට එකග විය හැකිය.
එයින් පරයා එක් දෙයකින් සීමා නොවු උපන්හපන්
ඇත්තෙක් ගැනයි අද කතාකරන්නේ, කලාව තමන් ලද අපුරු දායාදයක් බව පසක්කර ගනිමින් කලාවේ
රස තැන් ස්පර්ශ කරමින්යන ගමනේදී හොදම දේවල් ඉගෙන ගනිමින්, ජයග්‍රහණ
ලබමින් තවත් එක් පරපුරකට කලාව දායද කරන්න වෙර දරන අපුර්වතම වු තාරුණයාව අගයකරමු. කලාව පසුපස
හතිවැටෙමින් දුවන ඔහු නමින් ඔෂාන් යාපාඅමරසේකර.
ඔෂාන් අපි ඔබ ගැන විස්තරයකින් සාකච්චාව පටන් ගනිමු.
ගම මාතර වැලිගම. ජීවිතය ගෙවෙන්නේ කලාවත් එක්ක. මගේ සහජ
හැකියාවට ශක්තියක් වුනේ පාසල් අධ්‍යාපනයෙන් කිව්වොත් නිවැරදියි. ඒ මුලික අධ්‍යාපනය
ලැබු ගා/ අන්දුගොඩ කනිශ්ඨ විද්‍යාලයෙන් ඒ වගේම මාර/තෙලිජ්ජවෙල මධ්‍ය විද්‍යාලයෙන් අ.පො.ස
උසස්පෙළ හැදැරුවා. සියලු ගුරුහරුකම් සහ දෙමවිපියන්ගේ කැපවීම මැද්ෙද් උසස්පෙළ ඉහළින් සමත්වෙන්න මට පුලුවන් වුනා. ඒ
වගේම කැලණිය විශ්වවිද්‍යාලයට එන්න පාර කිව්වෙත් පාසල් අධ්‍යාපනයයි. සුපුරුදු විදියට
කලාකටයුතු කරගෙන යනවා ඒක මගේ විනෝදාංශයක්.
මොකක්ද මේ
prosthetic කියලා
කියන්නේ
ලංකාවේ සිනමාවට සුවිශේෂි වු වචනයක් කිව්වොත් නිවැරදි. සිනමාවේ
දී මෙය කලාවක් වශයෙන් හදුන්වා දෙන්න පුලුවන්. නිවැරදි වචනය වෙන්නේ prosthetic make upsfx කියලා. සිංහල වචනයෙන් කියනවානම් “කායවියච්ඡේද” කියලා
සිංහලෙන් හදුන්වන්න පුල්වන්. එහෙම වුනත් මෙහි නියම අර්ථය සිංහල අර්ථය තුළ නැ. ලෝක සිනමාව
සදහා මෙම කලාව 1940 ගණන්වල තිබු බව විශ්වාස කරනවා. නමුත් නිශ්චිත කාල
වකවානුවක් පිළිබද සදහන් වෙන්නේ නැහැ.
Prosthetic
කියන්ෙන් සිනමාෙව් ෙව්ෂ නිරෑපණයට ද
prosthetic සිනමාවේ Make up effect යන ක්‍රියාවලියේ
අන්තර්ගත එක්කොටසක් ලෙස හදුන්වන්න පුළුවන්. සිනමාවේ Make up අංශය තුළින් සිදුවන්නේ වේෂ නිරූපණ කටයුතුයි. prosthetic අංශය කියන්නේ ඇඹීම මුලික කරගත් කලාවක්. ලංකාවේ සිනමාවේ නම් Make up Artist විසින් prosthetic සිදුකරන්න උත්සහ කරනවා.
නමුත් ඒක සාර්ථක නෑ. බොලිවුඞ් සහ වොලිවුඞ් තුළ වෙනම අංශයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
Make up අංශය සහ prosthetic කියන්නේ
කොටස් දෙකක්, මම දකින විදියට prosthetic කියන්නේ prosthetic කලාවටම විතරයි. prosthetic කලාව ශ්‍රි ලංකාවේ සිනමාවට අවශ්‍යයි. වර්තමානය වනවිට ලාංකීය සිනමාවේ මෙම
කලාව භාවිතය අවමයි, එය කණගාටුවට කාරණාවක්, ලාංකීය සිනමාව තුළ රුධිරය, බිහිසුණු
ජවනිකා පෙන්වීම සිනමා වාරණයට හේතු විය හැකි නිසා prosthetic කලාවේ පල නෙලා ගැනීම අසීරු වී ඇත.
ලාංකීය සිනමාව තුළ prosthetic භාවිතය පිළිබද ද ඇත්තේ අවම දැනුමක්. නමුත් ශ්‍රි ලාංකීය සිනමාවේ prosthetic නොවන වැඩකරලා තියෙනවා. ඒක මම දැක්කේ “සුදෝසුදු” චිත්‍රපටයේ
ගාමිණී ෆොන්සේකා රග පෑ ජවනිකාවක බෝම්බයට හසුවු ඔහුගේ මුහුණේ තිබුණ පිළිස්සුම්
තුවාල යි. නමුත් ඒ prosthetic නෙමෙයි. වර්තමාන චිත්රපටිවලත් prosthetic වැඩ
යම්තාක් දුරට කෙරිලා තියෙනවා.
prosthetic කලාව මිල අධික ක්‍රියාවලියක් විශාල ලෙස ආදායම් ලබන චිත්‍රපට සදහා වඩාත්
උචිත කලාවක් කිව්වොත් නිවැරදියි. මෙම ක්‍රියාවලිය සදහා විවිධ ඇඹීම් ද්‍රව්‍ය, ජෙලි
වර්ග සහ විවිධ ද්‍රව ද්‍රාවණයන් භාවිතයට ගනු ලබයි. ඒ වගේම ලංකාව තුළ මිලට ගත
නොහැකි රසායනික ද්‍රව්‍ය, වර්ණ මේ සදහා භාවිතයට ගනු ලබයි.
මෙම කලාව ලංකාවට හදුන්වා දෙන්න ඔබ සුදානම් ද ඒ කොහොම ද
ඔව් සුදානම්. මේ කලාව ගැන උනක් තියෙන කෙනෙක්ට මම උදව් කරන්න
සුදානම්. අනිත් දේ තමයි ප්‍රයෝජනයක් ඇති කෙනෙක්ට මේ කලාව කියා දෙන්න යන්න Davy Jones සර්ගේ ඉල්ලීමක් වුනා. මම මුලින්
ම මෙම කලාව ඉගෙන ගත් විශ්වවිද්‍යාලයෙන් පටන් ගත්තා. ශ්‍රි ලංකාවේ ප්‍රථම prosthetic work shop එක විදියට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ
විද්‍යාර්ථින් පිරිසකගෙන් ආරම්භ කලා. මම හිතෙනවා ලාංකීය සිනමාවට prosthetic
කලාව අවශ්‍ය යුගයක සිටින්නේ කියලා. ඉදිරියේ දී prosthetic exhibition එකක් Davy Jones සර්ගේ සහභාගිත්වයෙන්
සිදුකරන්න නියමිතයි. Work shop දිගටම කරගෙන යන්නත් සුදානම්.
ඔෂාන් කුඩා කල සිටම කලාවට ප්‍රියකල අයෙක් ද
ඔව් චිත්‍ර කලාවට ආදරෙයි. පෙර පාසල් අවධියේ චිත්‍ර පොත
සතියෙන් ඉවරවෙනවා. ඒ තරමට ම චිත්‍ර අදිනවා. ගෙදරින් බැනුනුත් අහනවා. පෙර පාසල් යන කාලෙත්
ජයග්‍රහණ ලබලා තියෙනවා. පෙරපාසල් අවධියෙන් පටන් ගත් චිත්‍ර කලාව කලාප, පළාත්
වගේම සමස්ත ලංකා තරග තෙක් මාව ගෙන ආවා. මේ
කාලයේ දී චිත්‍ර කලාවට විතරක් ම සීමාවුනේ නෑ. මුර්ති කලාවටත් දැඩි ඇල්මක් ප්‍රියතාවක්
තිබුණා. විශේෂ උත්සව අවශ්ථාවලදී ගොක් කොළ පොල්තෙල් පහන හදන්නේ මමයි. උසස්පෙළ වෙන කොට
කලාවට පදනම වැටිලා ඉවරයි. එහෙම කිව්වේ පාසලෙන් ලැබුණු අත්තිවාරම මට ආලෝකයක් වුණ නිසායි.
පාසල් ජීවිතය තුළ ඒ පදනම ශක්තිමත් කරා “විදු කිදු යුරු”
චිත්‍ර හා මුර්ති ප්‍රදර්ශනය මගේ
ජිවිතය තව තවත් ආලෝකමත් කරා කිව්වොත් නිවැරදි.
විශ්වවිද්‍යාල කලා ජීවිතය කොහොමද මේ ගමනට පාර පෙන්නුවේ
කැලණිය විශ්වවිද්‍යාලයට තේරීම භාග්‍යයක්. මම නිතරම කියපු
දෙයක් තමයි “අ.පො.ස උසස් පෙළින් ලංකාවෙන් පළමු වෙනියා වුනත් මම කරන්නේ
චිත්‍ර” කියන
එක. මට චිත්‍ර කලාව ජීවිතය වගේ ඇත්තටම කිව්වොත් ආශාවකට වඩා උනක්. මේ විදියට කැලණිය
විශ්වවිද්‍යාලයට චිත්‍ර කරන්න ආව මට අලුත් විෂයක් ගැන අහන්න ලැබුණා. ඒ තමයි ප්‍රතිබිම්බ
කලා අධ්‍යයනය මේ විෂය තුළ සිනමාව ගැඹුරට හදාරන්න මට අවශ්ථාව ලැබුණා. කලාත්මකව අකුරු
ලීවිමේ හැකියාව විශ්වවිද්‍යාලයෙන් ලැබුණ තවත් එක් හැකියාවක්, ඒ
කොහොම ද කියනවා නම් සටන් පාඨ ලිව්වා,
කලා උළෙලහි නිර්මාණ කටයුතුවලදී
පුර්ණ දායකත්වය දුන්නා. කලාවට හොදම තෝතැන්න වුනේ විශ්වවිද්‍යාලය තමයි. ඔය දේවල් එක්ක
මම විශ්වවිද්‍යාලයට “සිත්තරා”
වුනා.
චිත්‍ර කලාව ඇගේ තිබුණ නිසා ප්‍රතිබිම්බ කලාව යන විෂය තෝරා
ගත් නිසාත් අද සුවිශාල ජයග්‍රහණ අත්පත් කරගෙන අවසන්. ප්‍රතිබිම්බ කලා අධ්‍යයනය මට බහුවිෂයික
දැනුම් තෝතැන්නක් වුනා.
ඔබේ ජයග්‍රහණ prosthetic ගමන කරා යන්න මග
පෙන්නුවා කිව්වොතින් නිවැරදි ද
ඇත්තෙන් ම ඔව්. මගේ ජයග්‍රහණ සහ හැකියාව prosthetic ඉගෙන ගන්න හේතුවක් වුනා. මම
සිත්තරෙක් ලෙස මගේ අනන්‍යතාවය විශ්වවිද්‍යාලය තුළ එළිදැක්වුයේ “සළරූසිත්තම්
2015” ප්‍රදර්ශනයෙන් එදින ප්‍රථමවරට මාගේ කුළුදුල් කෙටි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය
කෙරුණා. තව දෙයක් තමයි විශ්වවිද්‍යාල ජීවිතය අවසන් වන විට මම කෙටි චිත්‍රපට 16ක්
සිදුකරලා අවසන් ඒ ගැන මම අසීමිත සතුටක් ලබනවා.
මම ලේඛකයෙක් විදියට පොත් දෙකක් මේවන විට ලියමින් ඉන්නවා.
ඒ අතරින් එකක් “හෙළසිනමාවේ අක්මුල්”
මේ පොතේ දී සිනමාවේ අප්‍රසිද්ධ චරිත
100 ක
ජීවිත කතාවන්ගේ එකතුවක් ලෙස දෙවැනි පොත “ලාංකීය සිනමාවේ හොලිවුඞ් සළකුණ” කියන
පොත මයික් ජේ විල්සන් මහතා ගැන සිදුකෙරෙන චරිතාප්‍රදානයක්.
විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යයනාංශය මගින් සංවිධානය
කරනු ලැබු “More film festival” එකේ “ආලිංගන” කෙටි චිත්‍රපටය තුන්වන ස්ථානයට හිමිකර ගනු ලැබුවා. රාජ්‍ය
භාෂා ආයතනය මගින් සංවිධානය කරන ලද සහජීවනය තේමා කරගත් “ස්වප්නය” කියන
කෙටි චිත්‍රපටය සදහා තුන්වන ස්ථානය හිමිවුනා. මේ අවුරුද්දේ සිග්නීස් සම්මාන උළෙලේ
දී “අවරෝධාලෝක”
චිත්‍රපටය සදහා විශේෂ කුසලතා
සම්මානය හිමිවුණා. යෞවන සම්මාන උළෙල් දී
ද එම චිත්‍රපටය හොදම දහදෙනා අතරට තේරි පත්වුණා. ඉදිරියේ දී එම උළෙලින් ද
හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා.
මම තවත් වෙලාවකට නිහතමානි සේවයක් කරන නිහඩ ගුරුවරයෙක් මම
දුප්පත් පාසල්වල දරුවන් සොයා ගිහින් ඔවුන්ට මගේ දැනුම ලබාදෙනවා. මම දහම්පාසල්
ගුරුවරයෙක් ලෙසත් සේවයකරනවා. මම කලාවත් හැකියාත් සමග තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා.
කලාවේ ජයග්‍රහණ පිළිබද තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ හැකියාව prosthetic වලට පාරා කියන්න ඇති
මෙම prosthetic
කලාව පිටුපස ඔබට උදව් කළ බොහෝ දෙනෙක් ඇති ඒ ගැනත් මතක් කරමු ද
ඔව් ඒ අයව අනිවාරයෙන් මතක් කරන්න ඕනි. පළමුවෙන් ම ජනසන්නිවේදන
අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය ගයාන් මදුෂංක අයියාටත් ස්තූති වන්ත වෙන්න ඕනි. ඔහු
තමයි මාව “Film team production house” හි
එරල් කෙලී සර්ට හදුන්වා දුන්නේ. එරල්කෙලී සර් ඇතුළු “Film team
production house” එකේ සියලුම දෙනාත් ගෞවරවයෙන් මතක් කරන්න ඕනේ. විශේෂයෙන් ම prosthetic ගුරුදෙපළ වනDavy
Jones සහ Abbie Bingham මගේ ජිවිතේ දයාබර, නිහතමානි
ගුරු දෙපළක්. ගුරු මුශ්ඨියෙන් තොරව කියාදුන්නා. ලංකාවට ආවේණික මේ කලාව ඔවුන් උගන්වා
තනියම මාහට වැඩකරන්න දී, නිහතමානිව සතුටු වී,
මේ කලාවෙන් අනාගතය සකසා දී මාව
තව තවත් දිරිමත් කළ දෙපළට හාදයාංගම ස්තූතිය පුදකරනවා.
අවසාන වශයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ කලාව ගැන ඉගෙන
ගන්න උනන්දුවක් ඇති අයට කියලා දෙනන් කැමතියි. ඒ සදහා මාගේ විද්‍යුත් ලිපිනය oshan.yapa@gmail.com දුරකථනඅංකයෙන් ද 071 654 4120 මාව සම්බන්ධ කළහැකිය.