Sunday, 4 November 2018

අර්තාපල් අල ශිතකරණය දැමීමේ දී මදක් සිතන්න.





කවුරුත් දන්නා අර්තාපල් අල ගැනයි අද කියන්න යන්නේ. ගොවියෙකුගේ වෙළද සැලෙන්, සුපිරි වෙළද සැලෙන් ලොකු ලොකු ගෝනිවල එන අර්තාපල් ගෙදර ගෙනවිත් පවතින නැවුම් බව ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට උත්සහ කරයි. මේ කියන නැවුම් බව ආරක්ෂා කරන්න සීතකරණය හොදම ස්ථානයක්. ඒ වගේම අර්තාපල් අල ශිතකරණයේ තබා ගැනීම හරිද නමුත් අර්තාපල් අල ශිතකරණය තුළ තැබීම පිළිකා අවධානම වැඩි කළ හැකිය.මෙය රසායනික විද්‍යාත්මකව තහවුරු කර ඇත.

ශිතකරණය තුළ පවතින සිසිල් උෂ්ණත්වය සීනි තුළ පිෂ්ඨය පරිවර්තනය කිරීමට හේතුවන බව Mirror වාර්තාව වාර්තා කරයි. ඔබ 250 F ට වැඩි උෂ්ණත්වවලදී අර්තාපල් පිස ගන්නා විට එම සීනි අැමයිනෝ අම්ලය සමග ඇස්ප්රැගන් සමග ඒකාබද්ධ වන අතර ඇක්රිලයිමයිඩ් නමැති රසායනික ද්විත්වයක් නිෂ්පාදනය කරයි. ඇක්රිලයිමයිඩ් යනු කඩදාසි, ඩයි වර්ග සහ ප්ලාස්ටික් සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් මෙන්ම, පානීය ජලය හා අපද්‍රව්‍ය එම නිසා ආහාර ශිතකරණයට දැමීමේ දී මදක් සිතන්න.

Reader’s deject 

stress and work





සතුටින් ඉන්න අපි හැම කෙනෙක් ම කැමතියි. ඒත් එදිනෙදා ජීවිතේ මුහුණ දෙන්න වෙන බාධක ගැටළු එක්ක නම් හැබැයි සතුටින් ඉන්න එක ටිකක් අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි ස්නායු විද්‍යාව අනුව තහවුරු කරලා තියෙනවා මේ දේවල් කලොත් ඔබට සතුටින් ඉන්න පුලුවන් කියලා.

1.      වරකට එක ගැටලුවක් විසදන්න.

කාංසාව සහ තරහ ඇති වෙන්නට සහ මානසික ආතතිය ඇති වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි අපි ඔළුවේ ප්‍රශ්ණ ගොඩ ගහගෙන ඉන්න එක අන්තිමට අපි දොඩම් ගොඩ බදා ගත්තා වගේ එකක්වත් විසද ගන්න බැරුව ජීවිතෙත් අවුල් කරගෙන ප්‍රශ්ණත් වැඩිකර ගන්නවා. අපේ තරහව නිසා තවකෙකු අපහසුවට පත්වන අවශ්ථා බොහෝය. හිතේ සැහැල්ලුවට ඔබට ඇති ගැටලු අනුපිළිවලින් පෙළගස්වන්න.

2.      හිතේ කිසිම දෙයක් හිරකරගෙන ඉන්න එපා



හිතට ුකක් ප්‍රශ්ණයක් ආවම ඒක ගැනම තැවෙමින් කල්පනා කර කර ඉන්නවා. ඒ වෙනුවට ඔබේ හිතට වද දෙන දේවල් හෝ කාටහරි බනින්න අවශ්‍ය නම් ඒවා කොළයක ලියන්න. මෙහෙම කරද්දී අපේ මොළයේ සෙරටොනීන් ස්‍රාවය වෙලා හිතට සහනයක් ලබා දෙන අතරේ අපේ ගැටළු වලට විසදුමක් ගෙන එනවා. විශේෂයෙන් කෙනෙකුට බනින්න තියෙන දෙයක් කොළයක ලියලා එය විනාශ කර දමන්නට පුලුවන් නම් සිත් රිදවා ගන්නේ නැතිව හිතේ තියන ආතතිය නැති කරගන්න පුලුවන්. දිනපොත් ලිවීම මීට හොදම නිදසුනකි.



3.      අනිත් අයත් එක්ක කතා කරන්න.



ගොඩාක් අය හිත අවුල් ගියාම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඒ ගැන හිත හිත ඉන්නවා. හැබැයි ඔබට හොදටම විශවාසවන්ත කෙනෙක් එක්ක හිතේ තියන ගැටලුව ගැන කතා කරන්න පුලුවන් නම්, හිතේ තියන දුක යනකල්ම බදාගෙන අඩන්න පුලුවන් නම් එයින් ඔබේ හිතට දැනෙන පාළුව කාන්සිය නැති කරන්න උදව්වන මොළයේ ප්‍ර‍දේශ වලින් ඔබ තනි නැති බවට විශ්වාසයක් සිත තුළ ගොඩ නගන්නට උපකාරි වේ.



4.      අලුත් දෙයක් අත්හදා බලන්න

සතුටින් ඉන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න එක. ඒක සමහර විට ඔබට වෙච්ච කරදරයක් හරි, මොනවා හරි ඔබ මෙතෙක් නොකරපු දෙයක් ගිටාර ගහන්න ඔබ ආසනම් ඒක ඉගෙන ගන්න උත්සහ කළොත් එය ක්‍රම ක්‍රමයෙන් ඉගෙන ගනිද්දී ඔබට අමුතුම සතුටක් ලබද්දී ස්‍රාවය වන ඩෝපමීන් නිසා තමයි අපට මේ සහනය ඇති වෙන්නේ, ඉතින් ජීවිතයට අලුතින් හැකියාවක් ඇති කරන ගමන් හිතත් සත=ටින් තියා ගන්න පුලුවන්



5.      ස්තූති කරන්න

අපිට උදව් කරන අයට වැඩිය ස්තුති කරන්නට අකමැති උනත් චීනය, ජපානය වැනි හොද සංස්කෘතියක් නැති බටහිර රටවල් පවා පොඩි උදව්වක් කළ කෙනෙක්ට වුනත් ස්තූතිය පුද කැරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ස්නායු විද්‍යාව අනුව තහවුරැ කළ දෙයක් තමයි අපි කෙනෙක්ට ස්තූති කරද්දින් ඒ වෙනුවෙන් ජනනය වන සෙරටානීන් නිසා අපේ සිත තුළ ඇතිවන ධනාත්මක හැගීම් නිසා දුක්බරගතිය නැතිවෙලා යන බව.

                                                                                                අන්තර්ජාලය ඇසුරින්



                                                                       






Thursday, 9 August 2018

Digital marketing හි SEO ගැන දන්නවාද


ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් තම අලෙවිකරණ කටයුතුවලට නැඹුරුවීම දිනෙන් දින ඉහළ යයි. ශ‍්‍රී ලංකාවද පසුගිය වසර කිහිපයක කාලයක සිට මෙම ක්ෂේත‍්‍රය කෙරෙහි තම අවධානය යොමු කර ඇත. ලාංකික සංචාරක හෝටල් ක්ෂේත‍්‍රය, සංචාරක කර්මාන්තය මෙන්ම වෙළද ප‍්‍රජාව ද තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගැනීමේ පහසු මගක් ලෙස දැන් දැන් ඩිජිටල් අලෙවිකරණය වෙත යුහුසුලූ වේ. එමෙන්ම දේශපාලන පක්ෂ, රාජ්‍ය සමාගම්, සමාජ සහයෝගිතා කණ්ඩායම් මේ කෙරෙහි අවධානය යොමු කර ඇති බව අපි කාටත් නොරහසකි. අන්තර්ජාල වෙළඳාම පුළුල් පරාසයක් ඔස්සේ දිවෙයි. ඩිජිටල් අලෙවිකරණය ^Digital Marketing&"  විද්‍යුත් වෙළෙඳකරණය ^e-commerce ලෙසද අන්තර්ජාල අලෙවිකරණය හඳුන්වයි. මෙය එකවරම රටවල් ගණනාවක සිටින පුද්ගලයන්ට සැනින් තොරතුරු යැවිය හැකි මාධ්‍යයකි. බොහෝ දියුණු රටවල මෙන්ම ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවද තමන්ට අවැසි භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමට පෙළෙඹී තිබේ. මෙමගින් කාලය හා මුදල් යන දෙකම ඉතිරි කර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. වර්තමාන ආයතනය සතුව වෙබ් අඩවියක් ඇත්නම් ඩිජිටල් අලෙවිකරණය මගින් විශාල වාසි අත්කරගත හැකිය.

ඩිජිටල් අලෙවිකරණයේ  හි ප‍්‍රධාන අංශ 3කි.
1. සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණය : (SEO - Search Engine Optimization&'
2. සෙවුම් යන්ත‍්‍ර අලෙවිකරණය ^SEM - Search Engine Marketing&'
3. සමාජ ජාල අලෙවිකරණය   (SMM - Social Media Marketing&'

ඩිජිටල් අලෙවිකරණයේ ක‍්‍රියාකාරී ප‍්‍රධානම අංශයකි. සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණ (SEO - Search Engine Optimization&.වෙබ් අඩවියක් ඇත්නම් එය සෙවුම් යන්ත‍්‍රයන්හි මූල පදයන් ^Keyword ඇතුළත් කළ විට මුල්ම සෙවුම් ප‍්‍රතිඵල අතරට එන්නට නම් එම වෙබ් අඩවිය අනිවාර්යෙන්ම සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තිකරණයට ලක් කළ යුතුය. එමගින් ඔබට සෙවුම් යන්ත‍්‍ර මිත‍්‍ර ^Search Engine Friendly වෙබ් අඩවියක් හිමිකරගත හැකිය. දැනට ලෝකයේ භාවිතා වන ප‍්‍රධාන සෙවුම් යන්ත‍්‍ර 3කි. එනම් Google" Yahoo හා Bing ය. එහි ප‍්‍රධාන තැන උසුලන්නේ Google" ය. ඔවුන් කාලයෙන් කාලයට තම සෙවුම් යන්ත‍්‍රයට විවිධ භාවිතයට පහසු අංශ එකතු කිරීම මීට හේතුවයි.
ීෑධ යනු කුමක් web අඩවි Search engine result page එකෙහි ඉහළ ස්ථානයකට ගෙන එ්ම සදහා  භාවිත කරන සියලූම ක‍්‍රමවේදයන් වේ. SEO යනු කෙටි යෙදුමක් (Abbreviation). එනම් මෙහි දිගු නම ^Search Engine Optimitation) ලෙස හදුන්වයි. සිංහල නම සෙවුම් යන්ත‍්‍ර ප‍්‍රශස්තකරණයයි. මෙය ඉතා තරගකාරී තාක්‍ෂණික මෙවලමක් වේ. වෙබ් අඩවි හිමිකරුවන් විසින් මසකට ලක්‍ෂ ගණන් වියදම්කර තම වෙබ් අඩවිය කෙසේ හෝ සෙවුම් යන්ත‍්‍ර නොහොත්  Search engine උදහරණ ලෙස Google, yahoo, bing වැනි යෙදවුම් යන්ත‍්‍රවල ඉහළම යෙදවුම් ප‍්‍රතිඵලවල දිස්කරගැනීමට උත්සහ කරයි.

 ප‍්‍රධාන අරමුණු
Google, Yahoo, Bing,MN ,Ask, ABOUT  වැනි Search engine  වල result page එකෙහි ඉහළින් ම  web අඩවිය ප‍්‍රදර්ශනය වු විට එයට විශාල පිරිසක් පිවිසීමේ හැකියාව වැඩිය. එසේ Search engine result page එකෙහි ඉහළ ස්ථානයක ඔබගේ web අඩවිය පවතින විට කිසිදු ගෙවීමකින් තොරව විශාල පිරිසක් web අඩවි වෙත ගෙන්වා ගැනීමට හැකිවනු ඇත.

Friday, 27 July 2018

පුවත්පත සහ සංහිදියාව



වික‍්‍රමරත්න පවසන ආකාරයට විධිමත් අධත්‍ාපන පද්ධති සහ අවිධිත් සන්නිවේදන ක‍්‍රම මඟින් තොරතුරු ලබාගැනීමත් සාරධර්ම ගොඩනැගීමත් සිදුකෙරේ. මිනිස් සිත්සතන් හැඩගස්වනු ලබන හා ඔවුන්ගේ ක‍්‍රියාවන් මෙහෙයවන බලගතු මෙවලම් ලෙස පාසල් හා ජනමාධ්‍ය හදුන්වා දිය හැකිය.(වික‍්‍රමරත්න,2001:83)
සන්නිවේදනය හා සමාජය යන පොතෙහි ජනමාධ්‍ය යන්න විවරණය වී ඇත්තේ මෙසේය.
ජනමාධ්‍ය යනු පෞද්ගලිකත්වයෙන් ඇත් වු හෙවත් නිෂ්පුද්ගල සන්නිවේදනය යන අර්ථය දෙන දෘශ්‍යමය වු හෝ ශ‍්‍රව්‍යමය හු හෝ ග‍්‍රාහකස්ථානකට සෘජු ලෙස යොමු වු සංදේශාවලියකි. එහිලා ජනමාධ්‍ය යනු රූපවාහිනිය, ගුවන් විදුලිය,චලන චිත‍්‍ර හෙවත් චිත‍්‍රපට,පුවත් පත්, සඟරා පොත් සහ එළිමහන් දැන්වීම් පුවරු වශයෙන් සැලකිය හැකිය.(සන්නිවේදනය හා සමාජය,2010:29)
ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයකට සන්නිවේදනය ද ඉතා අවශ්‍ය අංගයකි. මෙම පාලන ක‍්‍රම තුළ සන්නිවේදනය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවනවා නම් ඒ තුළ නියම පාලනයක් පැවතිය නොහැකිය. සන්නාවේදන ක‍්‍රියාවලිය  දුර්වල නම් අනෙකුත් කිසිදු අයිතිවාසිකමක් ද ආරක්‍ෂා නොවේ. සමාජයේ මුලික සන්නිවේදන ක‍්‍රියාවලිය සිදුවන්නේ ජනමාධ්‍ය හරහාය. ජනමාධ්‍ය හතරවන රාජ්‍යය ලෙසද හදුන්වන්නේ මේ හේතුව නිසාය. ඒ අනුව පෙනී යන්නේ ජන මාධ්‍ය හරහා සමාජයට සුවිශාල බලපෑමක් කල හැකි බවයි.
සන්නිවේදනය යන්න මානව ගවේෂණ මාර්ග රාශියක් සමඟ බැදී පවතින්නකි. ඇමරිකානු මනෝ විද්‍යාඥයකු වන ජර්ගන් රුමේධ දක්වා ඇති පරිදි සන්නිවේදන යන සංකල්පය මත මනෝ විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය යනාදි වශයෙන් විෂයන් හතලිහනට අධික සංඛ්‍යාවක් සමඟ අත්‍යන්තයෙන් බැදී පවතී. එහෙයින් එය නිර්වචනයකින් පමණක් සන්නිවේදනය යන්න ක‍්‍රමාණුකූලව විග‍්‍රහ කොට දැක්විය නොහේ. (දිසානායක,1974:06 )

පුවත්පත එතෙර හා මෙතෙර මහත්සේ ප‍්‍රචලිත වුයේ තොරතුරු සම්පාදන මාධ්‍යය වශයෙන්ය. එය සොයා ගැනීමත් සමඟම එක් සොයා ගැනීමත් සමඟම එක් මුලාශ‍්‍රයකින් (source )බහුතරයකට තොරතුරු සැපයීම් සඳහා මුදාණය කරන ලද පුවත්පත මුලින්ම දුත මෙහෙවරක් (Courier Service) බව පෙනේ. හඩ දුතයකු ක‍්‍රියාවට නැගිණි. මුදාිත අකුරවල පවතින මහිමය මේ අනුව තක්සේරු කරගත හැකිය. පුවත් සම්පාදනය පත‍්‍රය ප‍්‍රවෘත්ති පති‍්‍රකාව යන්න අනුව news paper (නිව්ස් පේපර්) බවට පත්විය. පුවත් සොයාගෙන පැමිණිම දුෂ්කර කාර්යයක් වුවද සමාජ ක‍්‍රමෝපාය (Social strategy) අනුව සූක්‍ෂම ක‍්‍රියාදාමය විය. නවතම යන්න අපරදිග හදුන්වනු ලැබුවේ (Newne) (නිව්නස්) යනුවෙනි. මේ අනුව නවතම පුවත් සෙවීමේ පදනම විය. තමත් සමහරු දස දිසාවට ගොස් ලබාගන්නා පුවත් හේතුවෙන North, East, West, South යන්න මුල් අකුරු ගෙන පුවත් (N.E.W.S) ගැන සැලසුම් වු බවක් හඟවති. ඒත් නවතම යන්න වඩාත් නිවැරදියයි අපි සලකමු.(මහේන්දා,2015:104)
මුදිත මාධ්‍ය තුළ භාෂාව භාවිතයේ දී
බියෙන් හෝ බැදීමෙන් හෝ තොරව හැකි සෑම අයුරින්ම ජනතා හිත සුව පිණිස අව්‍යාජව කැපවීම ස්වකීය යුතුකම හා වඟකීම බවට පත්කර ගත් මුදාිත හා විද්‍යුත් මාධ්‍ය, භාෂාව උපයෝගී කොට ගෙන ජනතාව සමඟ සන්නිවේදනයෙහි යෙදෙන්නේය, ඒ කාර්යභාරය ඉටු කිරීමේ දී ජනතාවට තොරතුරු සැපයීමම පමණක් නොව වරින් වර ස්මතුවන හෝ දැනටද ඉස්මතුව පවත්නා හෝ ජාතික ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම, ජන ජීවිතය සමඟ  නිරක්තරයෙන් බැදෙන හා ජන ජීවිතයට වැදගත් වන සමාජ ආර්ථික හා අධ්‍යාපන හා දේශපාලන යනාදි කරුණු පිළිබඳව පුළුල් දැනුමක් හා පැහැදිලි අවබෝධයක් ඔහුනට ලබාදීම  ආනන්දයෙන් ප‍්‍රඥාව  කරා ජනතාව ගෙන යා හැකි අන්දමේ සාහිත්‍ය සහ අනෙක් කලා විෂය මලින් ඔවුන්ගේ රසාස්වාද ශක්තිය නංවාලීම යනාදියද මාධ්‍ය වෙත පැවරෙන වගකීම් වශයෙන් පවත්නේය.
20 වෙනි සංවත්සරය ලංකාදීප විශේෂ අතිරේකයේ අතීත පුවත් පත පිළිබඳ කතා කිරීමේදී
පුවත් පත් ප‍්‍රවාහය එක්තරා  ආකාරයකට මේ රටේ ජන මතය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සර්වජන ඡුන්ද බලය යනාදිය ගැන විශාල අවදි කිරීමක් ජනමතයක් සංවිධානය කිරීමක් කර මේ රටේ සමාජය ගොඩ නැගීමට පුවත් පත් දායක වුවාය යන්න ඉතාම පැහැදිලිය.(ලංකාදීප විශේෂ අතිරේකය,2010)
මාධ්‍ය ක්ෂේත‍්‍රවල ඇතැමුන් ඉතා සහාසික අන්දමින් භාෂාව විකෘති කරන, කෙලෙසන මෙවැනි යුගයක අත්‍යවශ්‍ය කාර්යයකි.(ලංකාදීප විශේෂ අතිරේකය)
ජන මාධ්‍ය කාර්යයභාරය යටතේ සංස්කෘතික ප‍්‍රවර්ධනය යටතේ,
සෑම ජාතියකටම සෑම ජන කොට්ඨාසයකට තමන්ට අනන්‍යයවු සංස්කෘතියක් තිබේ. එය බාහිර සංස්කෘතීන් සමඟ ගැටි පෝෂණය වීම නිරතුරුවම සිදුවන්නකි. ජාතියක ජන කොට්ඨාසයක හෝ සංස්නෘතිය හදුනා ගැනීම, ආරක්‍ෂා කිරීම හා ප‍්‍රවර්ධනය සඳහා ජන මාධ්‍ය දායක විය යුතුය. විවිධත්වය සමඟ ඒකත්වය පවත්වා ගැතීම සඳහා සංස්කෘතින ප‍්‍රවර්ධනය අත්‍යයවශත්‍ය වේ.(ලංකාදීප විශේෂ අතිරේකය,2010:03)
පෙරේරා  දක්වන ආකාරයට මහජනතාවට වැදගත් වන්නා වු (බලපාන්නා වු)කරුණු පිළිබඳ ප‍්‍රවෘත්ති මත, විවේචන සහ තොරතුරු සාධාරණ ලෙස නිවැරඳිව, අගති විරහිතව,මධ්‍යස්ථව, සහ ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් ජනතාවට සේවය කිරීම පුවත්පත් කලාවේ මුලික අරමුණ වේ. සදොස්, පදනම් විරහිත, අවිනීත, නොමඟ යවන සහ විකෘති කරන ලද දෑ පල කිරීමෙන් වැළකිය යුතුය.(ලංකාදීප විශේෂ අතිරේකය,2010:57)
සෙසු ජනමාධ්‍ය වඩා වැඩි විශ්වාසයක් හා ලැඳියාවක් සමාජය තුළ පුවත්පත් සම්බන්ධයෙන් පවතී. ප‍්‍රකට මාධ්‍ය විශාරද පැන්සිස් විලියම්ස් මෙසේ කියයි.”තමා ජීවත්වන යුගයේ සමාජ තත්ත්වය වෙනත්  ඕනෑම ජනමාධ්‍යයකට වඩා පැහැදිලිව පුවත්පත පෙන්වා දෙයි. එය සමාජය නම්වු දේශයේ වායු පීඩන මානකයක් (වායු පීඩනය මනිනු ලබන යන්ත‍්‍රයක් බදුය.)”
පුවත් පත් නිදහස යනු ප‍්‍රකාශකයන් හෝ පුවත් පත් කලාවේදීන් හෝ සතු වරප‍්‍රසාදයක් නොවේ. හය සමස්ථ ජාතියටම හිමි වු මුලික අයිතියකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම හෝ බිඳවැටීම පුවත් පත් නිඳහස හා බැඳී පවතී.(පෙරේරා,
පුවත් පත තම නිඳහස බුක්ති විදීමේ දී මාධ්‍ය ආචාර ධර්ම පිළිපැදිය යුතු වේ.
ආචාර ධර්ම යනු හැසිරීමේ ප‍්‍රමිතියයි. එබැවින් ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිපැදීම මඟින් ජනමාධ්‍යයන්ගේ ප‍්‍රමිතිය ඉහළ නැංවීමට පුළුවන.
එහෙත් ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීමට බලපාන හේතු රුසක් තිබේ. එනම්
ජනමාවේදීන්ගේ දැනුමේ උ‍්‍රෟනතාවන්
දේශපාලන දර්ශනයක කොටුවීමෙන් ඇතිවන පක්‍ෂග‍්‍රාහි 
සංහිඳියාව යනු ඉංග‍්‍රිසි භාෂාවේ  “REST” යන්න යොදා ගනු ලබයි. සංහිඳියාව අර්ථ දැක්වීමේ දී ”මානසික හෝ ආත්මික සන්සුන්,ශාන්ත ” යන අර්ථය දැක්විය හැකිය.
 Peace of mind or spirit සංහිඳියාව යන්න merriam_webstar.com dictionary හි දක්වයි.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල සංවර්ධනයට බාධා පමුණුවන අභ්‍යන්තරික කැරලි සහ සිවිල් අරගල විශේෂයෙන් ම හානි පමුණුවයි. මෙම සිවිල් අරගල මෙහෙයවනු ලබන්නේ පෞද්ගලික අරමුණක් සදහාද නැතිනම් සමාජ අසාධරණය සඳහාද යන්න විශේෂයෙන්ම සාකච්චඡුාවට භාඡුනය විය යුතු කරුණකි.
 මෙවැනි ආකාරයේ සිවිල් යුද්ධ නිර්මාණය වීමට ජාතිවාදය බලපානු ලබයි.
ජගත් ව්‍යවහරය තුළ, ජාතිවාදය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ යම් ජයවාර්ගික කණ්ඩායමක අභිප‍්‍රායයන් උදෙසා අන් ජනවර්ගයන් අවතක්සේරු කරමින් තමාගේ ජනවර්ගය සඳහා වඩාත් කැපවීමය. එයින් රාජ්‍යය නමැති සංස්ථාව අනිවාර්යෙන්ම අදහස් නොවේ. එහෙත් ජාතික නමැති විශේෂළ පදය යෙදෙන්නේ ජාතික රාජ්‍යයක් සදහාය.    
ශ්‍රී ලංකාවේ ජාතිය යන්න රට හා ජනරජය යන්නට සමාන සහ විකල්ප ව්‍යවහරයක් නොවේ. ජාතිවාදය යන්න දේශපේ‍්‍රමය යන්න පාසල්වල ඉගෙන්වීමට භාවිත වන පාඩම් පොත්වලදී හැර, ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාරවන්නේ කලාතුරකිනි. එහි එවැනි අඳහසක් දක්නට ලැබෙන්නේ විදේශකයින් විසින් රචිත ලිපිවල පමණි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ විදේශිකයින් විසින් රචිත ලිපිවල පමණි. ශ්‍රී ලංකාවේ ජාතිය යන්නට සිිංහල/දෙමළ හෝ මුස්ලිම් යන්න සදහන් කරනු ලැබේ.
ජාතික සමඟිය තහවුරු කිරීමේදී ජාතිය යනු කුමක් ද ජාතික සමගිය ගොඩ නැගීමට ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය විමසීමේදී
ජාතික සමගිය ගැන කථා කිරීමේදී ජාතිය යනු කුමක් ද යන්න ඉතා වැදගත්ය. ජාතිය යනු රටක මහා ජාතිය නොවේ. බොහෝ රටවල් බහුවාර්ගික සංයුතියක් ඇති රටවල්ය. ඒ සංයුතියේ සමස්ථය ජාතිය ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේදී නම් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් යුත් සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය ලෙස සැලකිය යුතුය.(දිසානයක,2005:113)
වික‍්‍රමරත්න පවසන ආකාරයට සාමය නමැති අතිදීර්ඝ ඉලක්කයට ලගාවීම උදෙසා ජනමාධ්‍යයවේදීන් වාර්තාකරණය කෙසේ දායක වන්නේ යන්න පිළිබඳව සැබවින්ම ජනමාධ්‍ය වේදීන් විසින් සිතා බැලිය යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ සාමයට බලපාන එක් ප‍්‍රධානම තර්ජනයක් නම් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් යන පිරිස අතර ඇති ගැටුම් ප‍්‍රවර්ධනය වන අන්දමින් ඇතැම් ජනමාධ්‍යයන් මගින් ක‍්‍රියාකිරීමය. මෙය දැනුවත්ව සහ නොදැනුවත්ව ද,  සෘජුව සහ වක‍්‍රව ද සිදුවේ.
ක්‍නවාර්ගික සාමය ඇතිකිරීමේදී මාධ්‍යවේදීන්ට පැවරෙන වඟකීම ඉමහත්ය. එහෙත් මෙම වඟකීම තේරුම් ගෙන තිබේ ද තරඟකාරිත්වය මත පදනම් වීම නිසාත්, අදිසි දේශපාලන හස්තයන් නිසාත් ඒ වඟකීම බොහෝ තැන්වලදී අමතක වී ගොසිනි.
ජනමාධ්‍ය නිදහස් අද බහුලව සාකච්ඡුා කෙරෙන මාතෘකාවක ඒ සමඟම නීතිය පිළිබඳව ද  වාද විවා ද පැවැත්වෙනු අසන්නට ලැබේ. මේ නිසාම ජනමාධ්‍ය නිඳහස සහ ඒ හා බැදෙන නීතිය කුමන ආකාරදැයි සරළව සොයා බැලීම ට අඳහස් කරමු.
වාර්තාකරණයයේ දී පුද්ගලයින්/ස්ථාන හදුනාගැනීම
අපරාධකරුවන් හදින්වීමේදී ජනවාර්ගික සම්භවය අනුව ඔවුන් හැදින්ටීම නොකළල යුතුය. එමඟින් වැරදි හැඟීමක් ඇතිටීමට හැකිය. ඔවුගේ ජාතිය මුල්කරගෙන සමාජය ඉදිරියේ ඔහු දාමරිකයකු ලෙස හැදින්ටීම වැරදි සහගතය මක්නිසාදයත් ඔහු අපරාධකාරයකු වී ඇත්තේ ජාතිය නිසා නොවන හෙයිනි.
මේ නිසා අපරාධකරුවන් හැඳින්වීමේ දී ජනමාධ්‍යයවේදීන් යොදාගත යුතු හොදම මාර්ගය ලෙෂ දැක්විය හැකිවන්නේ ඔහු සිටින ප‍්‍රදේශය අනුව හදුන්වාදීම මගිනි.(දිසානයක,:83)
සාමය මාධ්‍ය ගැටුම් සාමකාමි ලෙස විසඳා ගැනීම සඳහා දායකත්වයක්,සමාජ වඟකීමක් ලෙස ජනමාධ්‍ය විශේෂ මාධ්‍යයක් ලෙස අර්ථ දක්වා ඇත. මෙම සංකල්පය පුළුල් ලෙස සාකච්චා නර ඇති වුවද සන්නිවේදන න්‍යායේ ඉදිරි දර්ශනය සිට එහි පසුබිම් දර්ශනය කිසිදු තක්සේරුවක් සි දු වී නැත. දේශපාලනයේ කාර්යභාරය හෝ මිලිටරි නිසා ගැටුම් සාමකාමි ලෙස විසදීමේ දී ක‍්‍රියාකාරිව සහභාගි වීමට ජනමාධ්‍ය කාර්යයභාරය විය නොහැකිය. කෙසේ නමුත් මාධ්‍යයට ගැටුම් සාමකාමිව විසදීමට දායක වීමට කිසදු අපහසුවක් නැත. කෙසේ වෙතත් එහි ඇති බලපෑම් සීමා වේ. දශක තුනක කාලයත් පුරා සාමය මාධ්‍ය සාකච්චා කිරීමෙන් පසු බොහෝ ප‍්‍රශ්ණ නොවිසු දුණු නිසා මෙම දායකත්වය තවත් පර්යේෂණ සඳහා වැදගත්වන කරුණු කිහිපයක් ඇත.,2004:483 )
මෙම ප‍්‍රශ්ණයේ දී ජනමාධ්‍යවේදීන් සමඟ එකතු වී ජනමාධ්‍ය සදහා වු ආචාරධර්ම මාලාවක් ඇති කරගත යුතුය. ඒ සදහා මාර්ගෝපදේශ කිහිපයක් ඉදිරිපත් කරයි. ජනමාධ්‍යවේදීන් ජනවාර්ගික ගැටුම් ගැන වාර්තා කිරීමේදී ඊට සම්බන්ධ සියලූ පැති සහ අදාල ජන කොට්ඨාශවල ගැටළු ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රශ්ණයේ ආරම්භය හා යථාර්ථය ජනතාවට එවිට දැනගත හැකිවනු ඇත.
බොහෝ ජනමාධ්‍යවේදීන් කිසිම අවශ්‍යතාවයක් නැතිව යම් යම් අයගේ ජනවර්ගය සහ ආගම සඳහන් කරන්නට පෙළගැසී ඇත. මෑතකදී වෛද්‍යවරයෙකු රෝගී කාන්තාවක් දුෂණය කරන්නට උත්සහ කිරීමේ පුවතක් වාර්තා කිරීමේදී බොහෝ ජනමාධ්‍යවේදීන් වෛද්‍යවරයා දෙමළ යැයි සදහන් කළේය. ඔහුලේ දෙමළකම මෙතැකට අදාළ වන්නේ කෙසේද
සිංහල ,දෙමළ, මුස්ලිම් කවුරුත් වංචා දුෂණවල යෙදේ. සමහර සිංහල පුවත් පත්් මේවා වාර්තා කිරීමේදී සොරා බඩු ගෙන ආ පුද්ගලයා සිංහල නම් ජාතිය සඳහන් කරන්නේ නැත. ඔහු දෙමළ හෝ මුස්ලිම්   ජාතිය සදහන් කරන්නේ නැත. ඔහු දෙමළ හෝ මුස්ලිම් නම් ජාතිය සඳහන් කරති. මේ නිසා කාලයකදී දෙමළ මුස්ලිම් නම්  දුෂිතය යන හැගීමක් ඇතිවිය හැකිය. (රාජපක්‍ෂ,2003:07 පිටුව)
ජනවාර්ගික වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු පොදුවේ පිළිගත යුතු දෑ
x සැබවින්ම සිංහල/දෙමළ/මුස්ලිම් ගැටුමක් කියා දෙයක් නොමැත. ශ්‍රී ලංකාව බහුවිධ සමාජයකි. එහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පුද්ගල නිදහස අනුමත. මේවා සැබවින්ම ජනවාර්ගික හෝ ආගමික ගැටුම් නොවේ.
x උද්වේගකාරි ප‍්‍රවෘත්ති වාර්තා තවත් ගැටුම් පැතිරියාමට හේතුවිය හැකි බැවින් ඒවායින් වැළකී සිටිය.
x සිංහල, දෙමළ, සහ මුස්ලිම් ජනවාර්ගික වෙනස්කම් ගැන සදහන් කිරීමේදී ඔවුන් අතර පවත්නා පොදු සංස්කෘතිකමය භාවිතයන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. ඔවුන්ගේ සංස්කෘතිමය සංවේදිතාවන්ට හිංසාකාරි වන කරුණු සඳහන් කිරීමෙන් ජනමාධ්‍ය වැළකී සිටිය යුතුය

කලාව සම්ප‍්‍රදායේ කොටසක් වී ඇති බැවින් බොහෝ මාධ්‍ය කරුවන් දකින පරිදි එය සාමාන්‍ය වෘත්තියභාවක් වී තිබේ.එයට හේතුව එය අනන්‍යතා දේශපාලනයෙන් ශක්තිමත් වු මුල් බැසගත් වෘත්තාමය දර්ශනයක කොටසක් වී තිබිමයි. රට හාත්පසින්ම වෙනස් අයුරින් සාම පුවත් පත් කලාව මේ සියලූම සම්ප‍්‍රදායන් හා උපකල්පන විචාරාත්මක ලෙෂ යළි පරික්‍ෂාකර බැලීමට පුවත්පත් කලාවේදීන් උනන්දුකරයි. එය වැඩදායක හා ධනාත්මක ලෙස යළි පරික්‍ෂාකර බැලීමට පුවත් පත් කලාවේදීන් උනන්දු කරයි. එය වැඩදායක හා ධනාත්මක ලෙස මැදිහත්කාර භූමිකාවක් ඉටුකිරීමට පුවත්පත් කලාවේදීන් සකස් කරයි.(උයන්ගොඩ,2010.පි08)

විශ්ව ප‍්‍රකාශනයේ 30 වන වගන්තියට අනුව අන්‍යයන්ගේ අයිතිවාසිකම් අහිමි කරන අන්දමින් අපට කැමති දෙයක් ප‍්‍රකාශ කළ නොහැකිය. යන්න ගම්‍යමාන වේ. මෙයින් අවධාරණය කරන්නේ අප කැමති දෙයක් ප‍්‍රකාශ කළ හැකිය. යන පරම අයිතිය භාෂණයේ නිදහසට ඇතුළත් නොවන බවයි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර ප‍්‍රඥ්ඥප්තියේ 19වන වගන්තියෙන් ලබා දී තිබෙන අඳහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හෙවත් ලේඛනයේ භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස එම වඟන්තියේම ( වන පරිච්ඡේදයේ (අ) සහ (ආ) යන වගන්ති මගින් සීමා කර තිබේ.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 19 වන වගන්තියේ භාෂණයේ ලේඛනයේ හා ප‍්‍රකාශනයේ නිදහස දක්වා තිබේ. එම නිදහස විශ්ව ප‍්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් සීමා කර තිබේ.
(2) වගන්තිය මෙසේය.
සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතුය.යන්නයි(රාජපක්‍ෂ,2003:65)



උපුටා ගන්නා ලද මුලාශ දක්වා අැත.

පුවත් පත සහ සමාජ වගකීම


මානව සන්නිවේදනය මානව ශිෂ්ටාචාරය තරමටම පැරණිය. සත්ත්ව සන්නිවේදනයෙන් ආරම්භ වි මානවයින් අතර පුද්ගලාන්තර සන්නිවේදනයක් බවට වර්ධනය වි වත්මන් දියුණු ලෝකයේ චන්ද්‍රිකා තාක්‍ෂණය දක්වා තාක්‍ෂණය ඉදිරියට ගිය ආකාරය දීර්ඝ කතා පුවතකි. ඒ අතර පුවත් පතට හිමි වන්නේ වැදගත් ස්ථානයකි.
ක‍්‍රිස්තු පුර්ව 59 වැනි වර්ෂයේ දී ”ඇක්ටා ඩියුර්නා” (Acta diurnal) නම් වු ලෝකයේ ප‍්‍රථම පුවත් පත එළි දුටු දා සිට මේ දක්වා කාලයේ දී පුවත් පත් කලාව හා පුවත් පත් කර්මාන්තය තුළ සිදු වි ඇත්තේ විශ්මිත පරිවර්තනයකි. ශ්‍රී ලංකාවේ මුලින් ම බිහි වුයේ ඉංග‍්‍රිසි පුවත් පත්ය. සිංහල පුවත් පත්වල ඉතිහාසය ශ්‍රී ලංකාවේ ජාතික ආගමික පුනරුදය සමඟ බැදී පවතී. මුල් කාලයේ දී බිහි වු විවිධ ජාතික පත් කලක දී අභාවයට පත් විමෙන් පසුව මේ දක්වා පවතින ප‍්‍රථම ජාතික පුවත් පත් සේ සැලකිය හැකි දිනමිණ සහ සළුමිණ යන පුවත් පත් බිහිවිය. මුලින් සවස පුවත් පතක් ලෙස ආරම්භ වු ”ලංකාදීපය ” වැඩි කලක් යන්නට මත්තෙන් උදෑසන පලවන ජාතික පුවත් පතක් බවට පත්විය. ලංකාදීපය මෙරට පුවත් පත් කලාවේ නව යුගයක ආරම්භය සන්ටුවන් කළේය. කාලය ගෙවී යත්ම දවස, දිවයින හා ලක්බිම වැනි ජාතික මට්ටමේ තවත් පුවත් පත් ද පාඨකයා අතට පත් විම ලංකාදීපය ආරම්භ කළ සෘජු වක‍්‍ර ප‍්‍රතිඵලයකි.
ලංකාදීපයට පසුව බිහි වු මේ හැම සිංහල පුවත්පතක් ම පාහේ එක් පැත්තකින් ජාතිකවාදි නැඹුරුවකින් යුක්ත වු අතර තවත් පැත්තකින් රුඩිකල්වාදි ස්වරූපයක් ඉසිලීය. මේ සෑම සිංහල පුවත් පතකම අඩුවැඩි වශයෙන් කිසියම් ආකාරයක ප‍්‍රගතිශීලි සහ රුඩිකල්වාදි ස්වභාවයක් දක්නට ලැබුණි.
මාධ්‍ය දෙස පොදුවේ විමසා බැලීමේදී ඇමරිකාෙවි ඇල්බර්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්යයවරයෙකු වන විලියම් මෙලඩි පවසන අන්දමට මාධ්‍ය නිදහසට සහ අදහස් පල කිරීමේ අයිතියට ප‍්‍රධානම බාධාව එල්ල වී ඇත්තේ එක් පැත්තකින් රාජ්‍යයේත් අනෙක් පැත්තකින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ග‍්‍රහණයට හසුවී ඇති මාධ්‍යයෙනි. මාධ්‍ය හිමිකාරිත්වයේ ඒකාධිකාරය හිමි කරගෙන සිටින අය අදහස් වෙළඳ පොළේද ඒකාධිකාරයක් පවත්වා ගැනීමට උත්සහ කරයි. ඔවුන් එසේ කරන්නේ එක් පැත්තකින් දේශපාලන බලය රදවා ගැනීමේ  චේතනාවන් නිසාය. ෙමි නිසා සිදුවන්නේ විවිධ අඳහස් උදහස් පලකිරීෙමි අයිතිය වරප‍්‍රසාද ලත් අතලොස්සකට පමණක් සීම වීමය. මහජනතාවට සිදු වී ඇත්තේ මාධ්‍ය හරහා ඔවුන් පළ කරන අදහස්වලට සවන් දීමට නැරඹීමට හෝ කියවීමට පමණි.
උදාහරණයක් ලෙස හලාල් ප‍්‍රශ්ණය සිංහ ලේ යන මත ව්‍යාප්තිය දැක්ය හැකිය. මේ නිසා සිදු වන්නේ විවිධ අදහස් උදහස් පල කිරීමේ අයිතිය වරප‍්‍රසාද ලත් අතලොස්සකට පමණක් සීමාවීමය. මහජනතාවට සිදුව ඇත්තේ මාධ්‍ය හරහා ඔවුන් පළ කරන අදහස්වලට සවන් දීමට නැරඹීමට හෝ කියවීමට පමණි.
ජනමාධ්‍ය පිළිබඳ කීර්තිමත් විශාරදයකු වන ඇමරිකාවේ නොආමි චොම්ස්කි කියන පරිදි ”වර්තමාන ජනමාධ්‍ය සත්‍ය සොයා යන මෙවලමක් ය. යන විශ්වාසය සම්පුර්ණයෙන් ම මිත්‍යාවකි.
ඒ වගේම පුද්ගල මතයන් මෙන්ම පුද්ගල මනස වෙනස් කිරීමෙහිලා ද ජනමාධ්‍ය උත්සහ කරනු ලබයි.
වියට්නාම යුද්ධය නිකර ගුවාවේ හා එල්සෙල්ව දෝරයේ ඇති වු අර්බුධ ඇෆ්ගනිස්ථානය හා ඉරානයට ඇමරිකානු හමුදා යැවීම සහ කාම්භෝජයේ ජන ඝාතන යන සෑම සිදුවීමක් ම ඇමරිකානු මතය උපක‍්‍රමශීලි ලෙස ලෝක ජනමතයට කාවැද්දීමට බටහිර ජනමාධ්‍ය උත්සාහ දරා ඇතැයි චොම්ස්කි වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව මාධ්‍ය තුළින් මත නිර්මාණය කිරීම සුලබය. ඒ අනුව මත ගොඩ නඟනවා සේම එම මතයන්හි නිරවද්‍ය පැතිකඩක් ද වාර්තාකල යුතු වේ.
ජනවාර්ගික සාමය ඇතිකිරීමේ දී මාධ්‍යවේදීන්ට පැවරෙන වඟකීම ඉමහත්ය. වඟකීම් තේරුම් ගෙන නොතිබීමත් තරඟකාරිත්වය මත පදනම් විමත්, අත්දැකීම් අඩුකම සහ නොමේරුකම නිසාත් අදිසි දේශපාලන හස්තයන් නිසාත් ඒ වඟකීම් බොහෝ තැන්වලදී අමතක වී ගොසිනි. ඇතැම් විට උවමනාවෙන්ම අමතක කර ඇත.(වික‍්‍රමරත්න,2001:15*
ජන මාධ්‍යයේ සමාජ වගකීම හා සාමය පිළිබඳ කතා කිරීමේදී Thomas hanitzsch:2014*  දක්වන ආකාරයට ගැටුම් සාමකාමි විසදුමට සාම මාධ්‍යයක් ඇතිකිරීමෙහිලා ජන මාධ්‍යය වගකීම විශේෂ කොට සලකනු ලබයි. මෙම සංකල්පය පුළුල් ලෙස සාකච්චා කර ඇති නමුත්
දශක තුනක අධික කාලයක් තිස්සේ රටේ ප‍්‍රධානම ව්‍යසනය වු ජනවාර්ගික ගැටලූව උත්සන්න වීමට ශ්‍රී ලාංකීය පුවත් පත් කලාවේදීන් දැන හෝ නොදැන සෘජු කාර්යයභාරයක් ඉටුකර ඇත.
ජනවාර්ගික අර්බුධයෙන් පසු රට අපේක්‍ෂා කරනු ලබන සාමය ගොඩනැගීමට ජනමාධ්‍ය අතරින් ද පුවත් පත සියල්ලන්ගේ සාක්‍ෂරතාව මත පදනම් වු ප‍්‍රධාන මාධ්‍යයක් වශයෙන් ජාතීන් අතර පවත්නා ආකල්ප හැගීම් චර්යාවන් පාලනයට හේතු වේ. එමගින් බහුවිධ සමාජයක් නියෝජනය කරන ජනමාධ්‍ය සතු ප‍්‍රධාන කාර්යය වන්නේ ජනතාවලේ සිතුම් පැතුම් තේරුම් ගැනීමයි. බහුවිධ සමාජ යථාර්ථය මැනවින් අවබෝධ කරගනිමින් ස්වකීය මාධ්‍ය භාවිතාව ක‍්‍රියාවේ යෙඳවීමයි.
යටත් විජිත සමයෙන් පසු ලංකාවේ පාලන පංතිය රටේ බහුවාර්ගික යථාර්ථය නිසියාකාරව අවබෝධ කොටලෙන කටයුතු කිරීමට අපොසත් වීම නිසා උද්ගත වු මෙරට ජනවාර්ගික දේශපාලන අර්බුධයෙන් පසු ශ්‍රී ලාංක‍්‍රිය මුදාණ මාධ්‍යයන්හි ජාතික පුවත් පත් සංහිදියාව අර්ථවත් ලෙස යොදා ගන්නේ කෙසේ ද යන්න මෙමගින් යෝජනා කරනු ලැබේ.
තත් විෂය සම්බන්ධයෙන් පුවත් පත් කතුවැකි, විශේෂාංග සහ අනෙකුත් ලිපි පළ කිරීමේ දී සිංහල හා දෙමළ පුවත් පත් ස්වකීය පුවත් පතෙන් ප‍්‍රමාණාත්මක ඉඩක් ලබා දී ඇත් ද යන්න සොයා බැලීම. යුද්ධයෙන් පසු ජාතික සංහිදියාවක් අපේක්‍ෂා කරන ජාතීන් තුළ එකී අභිප‍්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා පුවත් පත පසුබිම් වන අතර එබැවින් සිංහල හෝ දෙමළ පාඨකයාට එම අර්බුධයෙන් මිදීමෙන් අනතුරුව සංහිදියාව යන්නහි අරුත අර්ථාන්විතව විදගැනීමට සැලැස්විය යුතුය. මෙරට සංහිදියාව බලාපොරොත්තු වන දෙමළ, සිංහල අන්ත දෙකට අවැසි ජාතික සංහිදියාව පුවත් පත හරහා සාධනීය ලෙස වාර්තා නොවීම මත නතුවන ජනවාර්ගික අර්බුධ වලට මැදිවිය හැකිය.
ජනමාධ්‍ය විසින් වාර්ගික කේන්ද්‍රීය භාවයක් හෝ වෙනත් පටු සීමාවන් හෝ ඒ ක‍්‍රියා කරන්නාවු ජනමාධ්‍ය විසින් වාර්ගික කේන්ද්‍රීය භාවයන් හෝ වෙනත් පටු සීමාවන් හෝ එ් වෙත ගමන් නොකරනු ලැබීමත් සමාජ බහුවිධත්වය තත්වාකාරයෙන් ම නියෝජනය වන පරිදි ස්වකෘය ආකෘතිය හා අන්තර්ගතය Stucctures content නොකෙරේ. එවැන්නක් ප‍්‍රායෝගිකව ඉටු කළ නොහැකිය. මෙහිලා මුලිකව ම අපේක්‍ෂා කෙරෙන්නේ සමාජයේ පවත්නා ඒ ඒ ජනවර්ගයේ හෝ කණ්ඩායම් හෝ ඒ කෙරෙහි පිළිකෙව් කටයුතු හෝ වාර්ගික අඟතීන් Racial prejudice හෝ නිර්මාණය කිරීමට තුඩු දෙන කරුණු වාර්තා කිරීමෙන් විවිධ අර්බුධ ඇති විය හැක.
විශේෂයෙන් ජනවාර්ගිකත්වය පදනම් කරගෙන දේශපාලනික හෝ යුධ ගැටුම් නිර්මාණය වු සමාජයක ජනමාධ්‍ය භූමිකා අතිශය මැදිහත්කමක් උසුලයි. එවන් සමාජයක එක් ජනවර්ගයක් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා පැවැත්ම සාක්‍ෂාත් කිරීම නොව ධරණීය සාමයක් ගොඩ නැන්වීමේ ගොඩ නැංවීමේ කාර්යය මෙන් ම එක් ජන කොට්ඨාසයක් අතර සාමය ස්ථාපිත වන ආකාරයේ සමාජ පසුබිමක් ජන මාධ්‍ය තුළ සිදු නොවන්නේ එකී පරමාර්ථ නිරායාසයෙන් සිදු නොවන බැවිනි.

Thursday, 19 July 2018

තීරු ලිපි රචනය



ලෝක ප‍්‍රකට මහා ලේඛකයන් මහා ගත්කතුවරුන් සියල්ලම පාහේ තම ආරම්භක ලේඛන ජනතාගත කිරීම සදහා පුවත්පත් සමග කටයුතු කළ බව පෙනේ. ඒ අනුව තීරු රචකයෙකු හෝ විශේෂාංග රචකයෙකු වශයෙන් අර්නර්ස්ට් හෙවිරෙව් මෙන්ම වොල්ටර් ලිප්මාන් වැන්නන් ද දක්වා පුවත් පත සාහිත්‍යකරණය සහ සන්නිවේදනය යන කරුණු එකිනෙකට බැදි ඇති බවට සාධක දක්වයි. විශේෂයෙන් සාහිත්‍යකරණයේ දී අමුදාව්‍ය අත්දැකීම් කොටගත් නිර්මාණාත්මක ලේඛනයන් දැකගත හැකි අතර සන්නිවේදනයේ දී සංදේශය සකස් කර ගැනීම සදහා නිර්මාණය වඩාත් බලපායි. 
නිර්මාණකරණයේ දී අත්දැකීම් ප‍්‍රතිභාව ව්‍යුත්පත්තිය පරිකල්පනය බහුශ‍්‍රැතතා ව. සතතාභ්‍යාසය අවශ්‍ය වන්නාක් මෙන් ම සන්නිවේදනයේ දී අත්දැකීම් සිදුවීම් ගැටලූ හෝ මත බවට පත්වන අතර ඉතිරි සියල්ලම ඊට ද වලංගුය. එහෙත් ඒ සදහා පුවත් පත් මාධ්‍ය වේදියාට තම විශිෂ්ඨඥානය ප‍්‍රථමයෙන් අවශය වන්නේ ලේඛනයේ ස්වභාවය අනුවය. මනා ශික්‍ෂණයෙන් පුළුල් ප‍්‍රතිභාවක් තිරුලිපි කතුවැකි හා විශේෂාංග යන රචනා ක‍්‍රම තුනේ දීම එකසේ වැදගත් වේ.
නිර්මාණය යනු සමාජ ඵෙතිහාසික අනන්‍යතාවය  අතිනුත් අද්විතීය බවෙනුත් මෙන් ම අසාමාන්‍ය බවෙන් ද යුත් සුවිශේෂි මිනිස් කි‍්‍රයාකාරිත්වයෙන් ද බිහිවන ගුණාත්මක වු අලූත් දෙයක් කි‍්‍රයාකාරිත්වයේ දී තමා අවට ජීවත්වන ලොකය වෙනස් කිරීම ප‍්‍රතිනිර්මාණය කිරීම හෝ ඊට බලපෑමක් කිරීමේ හැකියාවක් ඇත. ඒ කාරණාව තීරුලිපියට ද බලපාන අතර වස්තු බීජය හා සංදේශය මත නිර්මාණාත්මකව බසහසුරුවනු ලබයි. එහිදී ලේඛකයාගේ නිර්මාණාත්මක ක‍්‍රියාකාරිත්වය සංස්කෘතිය තුළ ව්‍යුත්පත්තිය වේ. ඒ සදහා මෙම ලේඛන සිදුකරනුයේ ඵෙතිහාසික කටයුත්තකි.
මෙම තීරුලිපි ලේඛන ක‍්‍රමයේ දී උපන්‍යාස උපදේශය උපමා සංකේත භාවිතය හෙවත් කිසියම් සංකල්පයක් වක්‍රෝක්තියෙන් හෝ සංසන්දනාත්මකව හෝ ඉදිරිපත් කිරීම. ආප්තෝපදේශ පිරුඵ වර්ණනා දෙබස්  නාට්‍යාංග කාව්‍යයෝක්ති උද්ධෘත පාඨ ගාථා ගීතිකා ශ්ලෝක යන සියල්ලම භාවිතා කෙරේ. ඒවායෙහි ජීවමය ගුණය බලපෑම සදහා සංදේශයට බලයක් ලැබෙනුයේ ඒ මගිනි. ඒ අතර කතුවැකියටත් තීරුලිපියටත් යම් සමාජ දේශපාලන ආගමික සංස්කෘතික මතවාදයක් ගොඩ නැගීමටත් ඒවා ආධ්‍යාගාරයෙන් යුතුව ප‍්‍රකාශ කිරීමෙන් ජීවයක් ඇත. එසේ ම එකී සංදේශය පැහැදිලිවත් නිරවුල්වත් ග‍්‍රාහකයා වෙත ලබා දීමේ අපුර්වත්වය සිදුකරනුයේ නිර්මාණාත්මක ලේඛන ක‍්‍රමය විසින් ය. එහි ඇති සංවේදී බව හා තියුණු බව ග‍්‍රහකයාට බලපෑමක් කිරීමට හේතු වේ. එහි ප‍්‍රධාන මෙවලම භාෂාව නිර්මාණාත්මකව තම කාර්යය කෙරෙහි යොදවා ගන්නා අයුරු මත රදා පවතී. එබැවින් තීරු කතුවැකි හා විශේෂාංග ලේඛනයේ දී නිර්මාණාත්මක හැකියාව ප‍්‍රබල සාධකයකි.
තීරු ලිපියක කතුවැකියක තවත් ලක්‍ෂණයකි සංක්‍ෂිප්ත බව ඒ නිසා ලේඛනයාට තමා යොදා ගන්නා සෑම වචනයක් ම කෙරෙහි සැලකිලිමත්වීමට සිදුවේ. එබැවින් ඒවායේ අනවශ්‍ය නිරර්ථක දැ දැකගත නොහැක්කේ එය පුවත් පත් වාර්තාවක් වෙනස් වන්නේ ද මේ නිර්මාණාත්මක බව නිසාය.
ලෝකයේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද අතීතයේ පටන් තීරු කතුවැකකිවලින් තත්කාලීන සමාජ ප‍්‍රශ්ණ ආගමික දේශපාලන සංස්කෘතිමය ප‍්‍රශ්ණ නිර්මාණාත්මක ආකෘතියක බහාලමින් කතිකාවන්ට බදුන්කර ඇත.
තීරු කතුවැකකි විශේෂාංග යන ත‍්‍රිවිධ ලේඛනකරණයේ සිද්ධි පුවත් හෝ මත ප‍්‍රතිනිර්මාණාත්මක ආකෘතිවල නිරන්තර අත්හදා බැලීම් ද කෙරේ. ඒ සදහා ගදය පද්‍ය විරිදු සංවාද ක‍්‍රම පවා තීරු ගතුවැකකි සදහා යොදා ගන්නා බව පෙනේ. තවත් විටෙක රංග කලාවේ භාවිත සංවාද හෝ උපමා නතුවැකි. මෙහි සරළ කතා කලාවක් ද වශයෙන් විටින් විට වෙනස් අත්හදා බැලීම් කරනුයෙු්  ද මේවායේ නිර්මාණාත්මක ගුණය සමාජගත කරනු පිණිසය.
මෙවැනි ලේඛනවලදී ඇතැම් අනුසාංගික කරුණු වුව අතිශයෝක්තියෙන් තොරව යොදා ගන්නා බව පෙනේ. සෑම විධයක්ම සියුම් නිරීක්‍ෂණයකින් නිර්මාණාත්මක රීතියකට හැරවීමෙන් ඒවා දිගු කලක් තිස්සේ මතකයේ පවතී. ඒ සදහා ඒවාහි ගැබ් වු සොලිප්ත බවමතුකර ගැනීමේ හැකියාව ද වේ.
පුවත් පත් තීරු කතුවැකි විශේෂාංග පාඨක පිණිස විස්තීරණ වන තරමටම ඔවුන් පිඵීබද අවබෝධයෙන් සංදේශය සකස් කරගත යුතුය.ජීවත්වන සමාජය සෑම ලේඛකයෙකගේ ම නිර්මාණයට වස්තු බීජය අත්දැකීම් සපයන තෝතැන්නක් වන බැවින් අත්දැකීම් ප‍්‍රතිනිර්මාණයේ විශ්වාසනීය බව තහවුරු කිරීම සදහා උපයෝගී කරගන්නා බස අදාළ අනුභූතීන්ට ගැලපෙන්නක් ද විය යුතුය. 
එය විටෙක ලේඛකයාට හුරුපුරුදු කටවහර විය හැකිය. ලේඛකයාගේ නිර්මාණාත්මක බව අගුනි අසහාය නිපුණත්වය විසින් පාඨකයා සිය කෘතිය කෙරෙහි පිබිදීමක් රදවා ගැනීමට ඒ සදහා හැකිවේ. වගතුග වැනි තීරු රචනාවලදී මානවසිංහගේ නිතරම ගැමි වහරේ යුගල පද භාවිතා කිරීම නිසා ඒවා ඉතා ජනපි‍්‍රය වීමට හේතු වේ.
වර්තමාන තීරු කතුවැකකි එකම ලියවිල්ලක් ලෙස අවසානයේ තම මතය වෙත පාඨක අවධානය යොමු කිරීමක් දැකිය හැක නමුත් අතීත තීරුවල උප ශීර්ෂ යටතේ එකම ප‍්‍රස්තූතයක් විවිධාකාරයෙන් කතා කළහ.
ප්ලේටෝ ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් නිර්මාණාත්මක බව පිළිබදව සවිඥානික බව බලපාන බව පෙන්වා දුන්හ. සෑම කලා කෘතියකම තිබිය යුතු නිර්මාණාත්මක ගුණය තීරු කතුවැකකි හා විශේෂාංග සදහාම අවශ්‍ය බව මෙහිදී පෙන්වා දෙන අතර ඒ සදහා ඔවුන්ගේ සවිඥානිකත්වය ප‍්‍රශ්තූතය හා බැදෙන සිද්දි මත ගැටුම් තොරා ගන්නා අයුරින් පැහැදිලි වේ එබැවින් පුවක්පතක නිර්මාණාත්මක ලේඛකයා සාහිත්‍යය ලේඛකයෙකුටත් වඩා සවිඥානික හා නිර්මාණාත්මක හැකියාවෙන් පොහොසත් අයෙකු විය යුතුය. 
පුවත් පත ආරම්භ වු දා පටන්ම එහි තීරු භාවිත වු බව දැකිය හැකිය තීරුවකින් සිදුවුයේ කිසියම් පිටුවක ඉතිරි වු හිඩැස පිරවීමයි ඒ සදහා කෙටියෙන් ලියැවුණු  ඕනෑම විටෙක භාවිතයට ගත හැකි සෙකකැර  නමින් හැදින්වු කෙටි ලේඛන යොදා ගනිති. මුල්කාලවලදී ඒවා අවශ්‍ය වුයේ ඊයම්වලින් අකුරු අමුණා තැනුණු පිටුවකම පහසුවෙන් වෙනත් කොටසක් සකස් කර ගැනීම උගහටවු බැවිනි. පසෙක තබා තිබු දැ ප‍්‍රයෝජනයට ගැනීමෙනි.
වර්තමානය වන විට පෞද්ගලික මට්ටමේ අදහස් ප‍්‍රකාශ මතිමතාන්තර මේ ඔස්සේ ව්‍යාප්ත එම නිසා තීරු රචනාව වඩාත් වැදගත් ස්ථානයකම පැමිණ තිබේ. ඒවාට දිනපතා සතිපතා මාස්පතා වශයෙන් දේශපාලනයේ පටන් විනෝදාංශ දක්වා වු විශාල පරාසයක් ආවරණය කළ හැකිය. ඒවා අතිශයින් සංවේදි හා සජීවි බවකින් යුක්ත වනුයේ ඉලක්ක කණ්ඩායම සදහා ගෙන එන සංදේශය වඩාත් තහවුරු කිරීමේ අටියෙනි
පුවත්පතක මෙසේ සතිපතා තීරුවත් සතිපතා තීරුවත් ලිවීම නිසා ම එසේ ලියනු ලබන තැනැත්තා columnist යනුවෙන් විස්තර වන්නේ මෙසේය. journalist who regularly writes an article commenting on politics, currents events etc for news paper or magazine
 දේශපාලන කාලීන සිදුවීම් පිළිබද විවරණ සපයමින් සතිපතා පුවත්වලට හෝ සගරාවලට ලියන ජනමාධ්‍යවේදියා එසේ හදුන්වා ඇත. තීරු ලිපියක අන්තර්ගතය ලේඛන අදහස් සමග බොහෝ දුරට සම්බන්ධව ලියවෙන අතර එය එක් අතකට ලේඛක අදහසකි. මතයකි. නමුත් එය පෞද්ගලික මතය පොදු බවට පත් කිරීමට මේ ලේඛකයන් සතු ලේඛන සක්‍යතා හේතු වේ.


Thursday, 12 July 2018

Spider web rose

ස්පයිඩර් වෙබ්  ක‍්‍රමය






ස්ප‍්‍රයිඩර් වෙබ් මැහුම් ක‍්‍රමය සදහා අවශ්‍ය දාව්‍ය
ලිනන් හෝ පොප්ලින් රෙදි
ස්ට‍්‍රැපස්ටි ඉදිකටුව
කැරලි නුල් හෝ බේබි රිබන්



ස්ප‍්‍රයිඩර් වෙබ් මුහුම් ක‍්‍රමය බොහෝ විට  මල් නිර්මාණයේ දී වඩාත් උචිත වේ. මෙම ක‍්‍රමය මකුළු දැලක හැඩය ගන්න නිසා ඒ නමින් හදුන්වා ඇත. මෙම ක‍්‍රමයේ වඩාත් අලංකාර රෝස මල් නිර්මාණය කරන බැවින් මෙම ක‍්‍රමය ස්පයිඩර් වෙබ් රෝස් ක‍්‍රමය ලෙස හදුන්වයි. ඔබේ කැමැත්ත  රෝස මලේ ප‍්‍රමාණයට අනුව ලිනන් හෝ පොප්ලින් රෙද්ද මත රවුමක් ඇද ගන්න. පසුව එම රවුම හරි මැද ලකුණු කරගන්න. ඒ මත සම කොටස් පහට බෙදාගන්න. රූප සටහන් මගින් දක්වා ඇති ආකාරයට වෘත්තයේ හරි මැද ( අරය) ට සමාන දුරින් ස්ථාන 5ක්  සලකුණු කර ගන්න. පසුව කැරලි නුලක් භාවිතයෙන්,

1 පියවර  වෘත්තයේ හරි මැදින් ( අරය) පොප්ලින් හෝ ලිනන් රෙද්දට යටින් ඉදිකටුව ඉහළට ඔසවන්න. ඉහළට ගෙන ආ ඉදිකටුව පසුව එය ලකුණු කර ගත් එක් සලකුණක් (පළ‍මු සලකුණ) තුළින් පහළට ගෙන යන්න.

2 පියවර   අනතුරුව නැවතත් වෘත්තය හරි මැදින් (අරය) ඉදිකටුව ඉහළට ගෙන එන්න. ඉහළට ගෙන ආ ඉදිකටුව, නැවතත් සලකුණු කර (2 සලකුණ) තැනින් නැවත ඉදිකටුව පහළට ගෙන එන්න. පසුව එය  පියවරින් පියවර  මසා නිම කිරීම.
 



දැන් අලංකාර ලෙස රෝස මල මසා ගැනීම සදහා බේබි රිබන් ඔබට කැමති වර්ණයෙන් තෝරාගන්න. මුලින්ම මසා ගත් රවුමෙහි හරි මැදින් (අරය) පොප්ලින් රෙද්දට යටින් ඉදිකටුව ඉහළට ගෙන එන්න අනතුරුව රූප සටහන් පෙන්වා දෙන ආකාරයට එම ඉදිකටුව නුලක් හැර නුලක් අතරින් ඉදිකටුව යවමින් නිර්මාණාත්මකව මෙය සිදුකරගන්න.
   
                                                                                                                  චලනි කරුණාතිලක