Thursday 12 July 2018

Spider web rose

ස්පයිඩර් වෙබ්  ක‍්‍රමය






ස්ප‍්‍රයිඩර් වෙබ් මැහුම් ක‍්‍රමය සදහා අවශ්‍ය දාව්‍ය
ලිනන් හෝ පොප්ලින් රෙදි
ස්ට‍්‍රැපස්ටි ඉදිකටුව
කැරලි නුල් හෝ බේබි රිබන්



ස්ප‍්‍රයිඩර් වෙබ් මුහුම් ක‍්‍රමය බොහෝ විට  මල් නිර්මාණයේ දී වඩාත් උචිත වේ. මෙම ක‍්‍රමය මකුළු දැලක හැඩය ගන්න නිසා ඒ නමින් හදුන්වා ඇත. මෙම ක‍්‍රමයේ වඩාත් අලංකාර රෝස මල් නිර්මාණය කරන බැවින් මෙම ක‍්‍රමය ස්පයිඩර් වෙබ් රෝස් ක‍්‍රමය ලෙස හදුන්වයි. ඔබේ කැමැත්ත  රෝස මලේ ප‍්‍රමාණයට අනුව ලිනන් හෝ පොප්ලින් රෙද්ද මත රවුමක් ඇද ගන්න. පසුව එම රවුම හරි මැද ලකුණු කරගන්න. ඒ මත සම කොටස් පහට බෙදාගන්න. රූප සටහන් මගින් දක්වා ඇති ආකාරයට වෘත්තයේ හරි මැද ( අරය) ට සමාන දුරින් ස්ථාන 5ක්  සලකුණු කර ගන්න. පසුව කැරලි නුලක් භාවිතයෙන්,

1 පියවර  වෘත්තයේ හරි මැදින් ( අරය) පොප්ලින් හෝ ලිනන් රෙද්දට යටින් ඉදිකටුව ඉහළට ඔසවන්න. ඉහළට ගෙන ආ ඉදිකටුව පසුව එය ලකුණු කර ගත් එක් සලකුණක් (පළ‍මු සලකුණ) තුළින් පහළට ගෙන යන්න.

2 පියවර   අනතුරුව නැවතත් වෘත්තය හරි මැදින් (අරය) ඉදිකටුව ඉහළට ගෙන එන්න. ඉහළට ගෙන ආ ඉදිකටුව, නැවතත් සලකුණු කර (2 සලකුණ) තැනින් නැවත ඉදිකටුව පහළට ගෙන එන්න. පසුව එය  පියවරින් පියවර  මසා නිම කිරීම.
 



දැන් අලංකාර ලෙස රෝස මල මසා ගැනීම සදහා බේබි රිබන් ඔබට කැමති වර්ණයෙන් තෝරාගන්න. මුලින්ම මසා ගත් රවුමෙහි හරි මැදින් (අරය) පොප්ලින් රෙද්දට යටින් ඉදිකටුව ඉහළට ගෙන එන්න අනතුරුව රූප සටහන් පෙන්වා දෙන ආකාරයට එම ඉදිකටුව නුලක් හැර නුලක් අතරින් ඉදිකටුව යවමින් නිර්මාණාත්මකව මෙය සිදුකරගන්න.
   
                                                                                                                  චලනි කරුණාතිලක
                      

5 comments:

අදහස්