Monday, 12 November 2018

මුරුංගා රෑපලාවන්‍යගාරය


ඉන්දියාව ප්‍රමුඛව ලෝකයේ අනෙකුතු රටවල් පුරා ව්‍යංජන හා සුප් සැකසීමේ දී පමණක් නොව රෑපලාවන්‍ය කටයුතු සදහා ද මුරුංගා යොදා ගන්නේ ගුණාත්මක බව හොදින් ම හදුනාගෙන තිබෙන නිසායි. කාන්තාවන්ගේ රෑප සම්පත්තිය වැඩිදියුණු කිරීම සදහා මෙම අරුම පුදුම අමුද්‍රව්‍යයේ වැදගත්කම වටහා ගනිමින් ලෝකයේ පුරා නිපදවෙන මුරුංගා රෑපලාවන්‍ය නිශ්පාදනය ජනප්‍රිය වෙමින් පවතී.
වයෝවෘද්ධ වීම පාලනය කිරීම
සමමත වයස් ගත වීමේ ලක්ෂණ පහල වීමට ආරම්භ වීම තමන්ගේ ලස්සන ගැන හිතන ඕනෑම කාන්තාවගේ හිතට එක් කරන්නේ වේදනාවක්. නමුත් ඔබට පුලුවන් මුරංගා යොදා ගෙන මේ ලක්ෂණ පාලනය කරන්න. මුරුංගා තෙල් හා මුරුංගා පවුඩර් සමේ ඇති රුළි වැටීම් පාලනය කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේම සමට භාහිරින් ඇතිවන හානි වළක්වන්නත් මුරුංගා වලට පුලුවන්. මුරුංගා ඔබේ මුහුණේ සම ශක්තිමත් කිරීමට සහ කැළැල් ඉවත් කර තරුණ පෙනුමක් ලබා ගැනීමට උදව් වෙනවා.
දෙතොල් මෘදු කිරීමට
දෙතොල් වියළී ගිය විට කාන්තාවගේ මුහුණේ සුන්දරත්වය අඩු වෙනවා. මෙම දෙතොල් වියළිමේ ගැටළුව විසදා ගන්නත් මුරුංගා තෙල් ඔබට උපකාරී වෙනවා. දෙතොල්වල ආලේපය කිරීම සදහා නිපද වු මුරුංගා තෙල් සහිත ලිප් බාම් ඇතුළු තවත් නිශ්පාදන විවිධ රටවල භාවිතා කෙරෙනවා. මුරුංගා තෙල්වලට පුලුවන් ඔබේ දෙතොල් වල ඇති වියළි බව නැති කොට, ඒවාට මෘදු බවක් ලබා දෙන්න.
සමේ පැහැපත් බව වැඩිකර ගැනීම
මුරුංගා ඉස්ම ආලේප කිරීමෙන් ඔබට පැහැපත් සමක් උදා කර ගත හැකියි. එමෙන්ම කැළැල් මත මුරුංගා ඉස්ම අලේප කිරීමෙන් සම මත ඇති කැළැල් ඉවත් කරගන්න ඔබට පුලුවන්
කුරුළෑවලට එරෙහිව අනුව සටන් කිරීම
මුරුංගා තෙල්වල ඇන්ටි බැක්ටීරියා අඩංගුයි. මේ නිසා මුරුංගා සම මත ආලේප කිරීමෙන් බැක්ටීරියා ඉවත් වී කුරුලෑ හටගැනීම පාලනය වෙනවා.එමෙන්ම මේ වෙන කොටත් කුරුළෑ හටගෙන ඇති ස්ථානවල මුරුංගා තෙල් හෝ කොළ ඉස්ම ආලෙප කිරීමෙන් කුරුළෑ අඩුකර ගත හැකිය.
විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා උපකාරි වෙනවා
සමේ කුරුළෑ සහ වෙනත් ආසාදනයන් ඇති වීමට එක් හේතුවක් වන්නේ රුධිරයේ විෂබීජ අඩංගු වීමයි. මුරුංගා පවුඩර් හෝ මුරුංගා බීජ පාරිභෝජනය කිරීම ඔබේ රුධිරය පිරිසිදු කිරීමට උපකාරි වෙනවා.නිසැකවම පැහැදිලි වු සමක් ඔබට හිමි වේ.
සම මත ඇති විශාල සිදුරු වසා දමයි.
මුරුංගාවල අඩංගු කොලජන් ප්‍රෝටීනය සම මත ඇති සිදුරු අඩුවීම සදහා ක්‍රියා කරනවා. ඇදී ඇති සම තද කිරීමක් මේ මගින් සිදුකරයි.
සුන්දර කෙස් කළඹකට
මුරුංගා පවුඩර් යෙදීමෙන් ඔබගේ හිසකෙස් වලට ඉතාම ලස්සන පෙනුමක් ලබා ගත හැකි අතර දිගු. ඝන හා සෙඛ්‍ය සම්පන්න කෙස් කළඹක් ලබා ගත හැකිය. එහි ඇති ප්‍රති බැක්ටීරියා අම්ල හේතුවෙන් ඔබේ හිස් කඹලේ ඉස්සොරි සහ පොතු ගැලවී යාම සුවවෙනු ඇත. 
මුරුංගා face මාස්ක් එකක්
මී පැණි මේස හැන්දක්, ලෙමන් යුෂ මේද හැදි භාගයක් සහ රෝස වතුර මේස හැන්දක් සමග මුරුංගා පවුඩර් මේස හැන්දක් මිශ්‍ර කරන්න. උදෑසන ඔබේ මුහුණෙහි ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ එය තබා, පසුව මද උණුසුම් ජලයෙන් සොදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ පිස දමා , පසුව සුමට හා මෘදු බවක් ලබා ගැනීම සදහා ඔබේ මුහුණේ මොයිස්චරයිසි ක්‍රීම් එකක් ආලේප කරන්න.


                                                              චලනි අයේෂා
                                                                   Health සගරාව

Sunday, 4 November 2018

අර්තාපල් අල ශිතකරණය දැමීමේ දී මදක් සිතන්න.





කවුරුත් දන්නා අර්තාපල් අල ගැනයි අද කියන්න යන්නේ. ගොවියෙකුගේ වෙළද සැලෙන්, සුපිරි වෙළද සැලෙන් ලොකු ලොකු ගෝනිවල එන අර්තාපල් ගෙදර ගෙනවිත් පවතින නැවුම් බව ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට උත්සහ කරයි. මේ කියන නැවුම් බව ආරක්ෂා කරන්න සීතකරණය හොදම ස්ථානයක්. ඒ වගේම අර්තාපල් අල ශිතකරණයේ තබා ගැනීම හරිද නමුත් අර්තාපල් අල ශිතකරණය තුළ තැබීම පිළිකා අවධානම වැඩි කළ හැකිය.මෙය රසායනික විද්‍යාත්මකව තහවුරු කර ඇත.

ශිතකරණය තුළ පවතින සිසිල් උෂ්ණත්වය සීනි තුළ පිෂ්ඨය පරිවර්තනය කිරීමට හේතුවන බව Mirror වාර්තාව වාර්තා කරයි. ඔබ 250 F ට වැඩි උෂ්ණත්වවලදී අර්තාපල් පිස ගන්නා විට එම සීනි අැමයිනෝ අම්ලය සමග ඇස්ප්රැගන් සමග ඒකාබද්ධ වන අතර ඇක්රිලයිමයිඩ් නමැති රසායනික ද්විත්වයක් නිෂ්පාදනය කරයි. ඇක්රිලයිමයිඩ් යනු කඩදාසි, ඩයි වර්ග සහ ප්ලාස්ටික් සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් මෙන්ම, පානීය ජලය හා අපද්‍රව්‍ය එම නිසා ආහාර ශිතකරණයට දැමීමේ දී මදක් සිතන්න.

Reader’s deject 

stress and work





සතුටින් ඉන්න අපි හැම කෙනෙක් ම කැමතියි. ඒත් එදිනෙදා ජීවිතේ මුහුණ දෙන්න වෙන බාධක ගැටළු එක්ක නම් හැබැයි සතුටින් ඉන්න එක ටිකක් අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි ස්නායු විද්‍යාව අනුව තහවුරු කරලා තියෙනවා මේ දේවල් කලොත් ඔබට සතුටින් ඉන්න පුලුවන් කියලා.

1.      වරකට එක ගැටලුවක් විසදන්න.

කාංසාව සහ තරහ ඇති වෙන්නට සහ මානසික ආතතිය ඇති වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි අපි ඔළුවේ ප්‍රශ්ණ ගොඩ ගහගෙන ඉන්න එක අන්තිමට අපි දොඩම් ගොඩ බදා ගත්තා වගේ එකක්වත් විසද ගන්න බැරුව ජීවිතෙත් අවුල් කරගෙන ප්‍රශ්ණත් වැඩිකර ගන්නවා. අපේ තරහව නිසා තවකෙකු අපහසුවට පත්වන අවශ්ථා බොහෝය. හිතේ සැහැල්ලුවට ඔබට ඇති ගැටලු අනුපිළිවලින් පෙළගස්වන්න.

2.      හිතේ කිසිම දෙයක් හිරකරගෙන ඉන්න එපා



හිතට ුකක් ප්‍රශ්ණයක් ආවම ඒක ගැනම තැවෙමින් කල්පනා කර කර ඉන්නවා. ඒ වෙනුවට ඔබේ හිතට වද දෙන දේවල් හෝ කාටහරි බනින්න අවශ්‍ය නම් ඒවා කොළයක ලියන්න. මෙහෙම කරද්දී අපේ මොළයේ සෙරටොනීන් ස්‍රාවය වෙලා හිතට සහනයක් ලබා දෙන අතරේ අපේ ගැටළු වලට විසදුමක් ගෙන එනවා. විශේෂයෙන් කෙනෙකුට බනින්න තියෙන දෙයක් කොළයක ලියලා එය විනාශ කර දමන්නට පුලුවන් නම් සිත් රිදවා ගන්නේ නැතිව හිතේ තියන ආතතිය නැති කරගන්න පුලුවන්. දිනපොත් ලිවීම මීට හොදම නිදසුනකි.



3.      අනිත් අයත් එක්ක කතා කරන්න.



ගොඩාක් අය හිත අවුල් ගියාම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඒ ගැන හිත හිත ඉන්නවා. හැබැයි ඔබට හොදටම විශවාසවන්ත කෙනෙක් එක්ක හිතේ තියන ගැටලුව ගැන කතා කරන්න පුලුවන් නම්, හිතේ තියන දුක යනකල්ම බදාගෙන අඩන්න පුලුවන් නම් එයින් ඔබේ හිතට දැනෙන පාළුව කාන්සිය නැති කරන්න උදව්වන මොළයේ ප්‍ර‍දේශ වලින් ඔබ තනි නැති බවට විශ්වාසයක් සිත තුළ ගොඩ නගන්නට උපකාරි වේ.



4.      අලුත් දෙයක් අත්හදා බලන්න

සතුටින් ඉන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න එක. ඒක සමහර විට ඔබට වෙච්ච කරදරයක් හරි, මොනවා හරි ඔබ මෙතෙක් නොකරපු දෙයක් ගිටාර ගහන්න ඔබ ආසනම් ඒක ඉගෙන ගන්න උත්සහ කළොත් එය ක්‍රම ක්‍රමයෙන් ඉගෙන ගනිද්දී ඔබට අමුතුම සතුටක් ලබද්දී ස්‍රාවය වන ඩෝපමීන් නිසා තමයි අපට මේ සහනය ඇති වෙන්නේ, ඉතින් ජීවිතයට අලුතින් හැකියාවක් ඇති කරන ගමන් හිතත් සත=ටින් තියා ගන්න පුලුවන්



5.      ස්තූති කරන්න

අපිට උදව් කරන අයට වැඩිය ස්තුති කරන්නට අකමැති උනත් චීනය, ජපානය වැනි හොද සංස්කෘතියක් නැති බටහිර රටවල් පවා පොඩි උදව්වක් කළ කෙනෙක්ට වුනත් ස්තූතිය පුද කැරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ස්නායු විද්‍යාව අනුව තහවුරැ කළ දෙයක් තමයි අපි කෙනෙක්ට ස්තූති කරද්දින් ඒ වෙනුවෙන් ජනනය වන සෙරටානීන් නිසා අපේ සිත තුළ ඇතිවන ධනාත්මක හැගීම් නිසා දුක්බරගතිය නැතිවෙලා යන බව.

                                                                                                අන්තර්ජාලය ඇසුරින්