Thursday, 26 January 2023

2023 ඡන්දයට ෙපර - අයිතිවාසිකම් යනු

 




අයිතිවාසිකම් යන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැඳගත් කොන්දේසියක් ලෙස සලකනු ලැබේ. වර්තමානයේ ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල අයිතිවාසිකම් යන්න ඉතා වැඳගත් මාතෘකාවක් බවට පත්ව තිබේ. මිනිසාට පරිපුර්ණ ජීවිතයක් ගතකිරීම උදෙසා අයිතිවාසිකම් යන්න ඉතා වැදගත් මාතෘකාවක් බවට පත්ව තිබේ. මිනිසාට පරිපුර්ණ ජිවිතයක් ගතකිරීම උදෙසා අයිතිවාසිකම් අත්‍යවශ්‍යය වේ. ඒ අනුව මිනිසාට සමාජගත ජීවිතයක් සාර්ථක අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත් සංකල්පයක් ලෙස අයිතිවාසිකම් තවදුරටත් හදුන්වා දියහැකිය. 

අයිතිවාසිකම් වර්ගීකරණය තුළ මානව අයිතිවාසිකම්වලට හිමිවන්නේ ප්‍රමුඛතාවයකි. මානව අයිතිවාසිකම් පිළිබඳ ලෝක ඉතිහාසය හා වර්ධනය පිළිබඳ සලකා බැලීමේ දී මානව අයිතිවාසිකම් යනු මනුෂ්‍යාට උරුම වන්නා වු අත්‍යවශ්‍යය මුලික හා ස්වාභාවික අයිතිවාසිකම් සමුහයක් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. මානව අයිතිවාසිකම්වල ඉතිහාසය මානවයාගේ ඉතිහාසය තරම්ම පැරණි වේ. මානවයා ශිෂ්ඨසම්පන්න මිනිසෙකු වුයේ කවදාදැයි මේ වනතුරු නිශ්චිත නිගමනයකට පැමිණීමට ගවේෂකයන් සමත්ව නැත. නමුත් නොදියුණු යුගයේ මානවයා අශිෂ්ඨ වෙනත් තත්ත්වයන්ට සමාන ලෙස තවත් එක් සත්වයෙකු ලෙස ජීවත්ව,ක්‍රමයෙන් මානවයාගේ මනස පරිණාමයට පත් වී බුද්ධිය වර්ධනය වීමෙන් ශිෂ්ඨ මිනිසෙකු බවට පරිවර්තනය විය. මානව සංහතියේ සංවර්ධනයන් සමඟ මිනිසා සංකීර්ණ අක්ෂර වචන සහිත නුතන මානව භාෂාව නිර්මාණය කරගෙන ඇත. මානව භාෂාව නිසා මිනිසාට සමාජය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකිවීමෙන් මිනිසා සමාජශීලියෙකු බවට පත්විය. මේ නිසාම මිනිසාට සංස්කෘතියක් හිමි වු අතරම එමගින් සමාජය තුළ අන්‍යයන් හා අවමන් සහගත සැගකීම්වලට භාජනය නොවීමටත් ජීවත්වීමේ අයිතියටත් යනාදි වශයෙන් ස්වාභාවික අයිතිවාසිකම් රැසකට වර්තමානයේ දී මිනිසා හිමිකම් ලබා සිටී. 



මුලික නීතිය හෙවත් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතට අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් ඇතුළත් කිරීම නුතන ව්‍යවස්ථ තුළ දැකගත හැකි ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ එක් උපායක් ලෙසද අණ්ඩුක්‍රම සම්පාදනයක් මෙම අයිතිවාසිකම් හදුනාගෙනය. එනම් මුලික අයිතිවාසිකම් යනු එක් එක් රාජ්‍යයන් විසින් මානව අයිතිවාසිකම් සමුහය අතරින් අත්‍යාවශයෙන්ම රැකිය යුතුයැයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ඇතුළත් කර ඇති නෛතික හා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන වේ. මෙයින් පැහැදිලි වන කරුණක් වන්නේ සෑම රටකම පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙය අදාළ නොවේ. එක් රටක් පිළිගන්නා මුලික අයිතිවාසිකමක් වෙනත් රටක් විසින් පිළිනොගන්නා ස්වාභාවයක් ද පවතී. මානව අයිතිවාසිකම් නොබෙදිය හැකි සංකල්පයකි. නමුත ් මුලික අයිතිනාසකි මක් එසේ නොවේ. ඒ අනුව විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය පිළිගත් බොහෝ රටවල් තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය හා තත්ත්වය සැලකිල්ලට ගෙන යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගන්නා ලදී. ඒ අනුව ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත් කර එයට මුලිකත්වය දීම හේතුවෙන් ඒවා මුලික අයිතිවාසිකම් ලෙස හැදින්වේ. 


No comments:

Post a Comment

අදහස්