Saturday 7 July 2018

ටැබ් එකේ කතන්දරේ


සමාජයේ අරගලය පසෙක දුවනවා, දේශපාලනය තවත් පසෙක දුවනවා. මේ අතර මෙද්දේ ගමේ අහිංසක දරුවන් නිදහස් අධ්‍යාපනයේ උරුමය සොයනවා. දේශීය නිදහස් අධ්‍යාපනය තුළ සමාජයේ නව්‍යමන් පෙත් විවර කිරීම අරුමයක් නොව, නමුත් නිදහස් අධ්‍යාපන හැදැරීම තුළ සමස්්ත ශිෂ්‍ය ප‍්‍රජාවම එකම අධ්‍යාපන, සමාජීය, අධ්‍යාපනිය මට්ටමක නැත. නමුත් නාගරික අර්ධ නාගරික මෙන්ම  ග‍්‍රාමීය යන සියල්ලෝම ම සම වරප‍්‍රසාද දීම අරඹා ඇති මුත් එහි ආරම්භය එතරම් සාර්ථක නොවේ. ටැබ් එකක් ලබා දීම තුළ ගොඩ නැගිය යුතු තර්ක විතර්ක ඇත. දරුවන් තාක්‍ෂණයට කැමති නමුත් සාර්ථක ඉගෙනුම් වපසරියක් ඉන් නිර්මාණය කළ නොහැක, දරුවන් යනු කුතුහලය විමසීම මෙන්ම නොදන්නා දේ සොයා බැලීමයි.
සමාජයේ බොහෝ දෙනා අන්තර්ජාලය භාවිත කරති මෙයින් බොහෝ දෙනා සමාජ ජාලා මාධ්‍ය වෙත දක්වන නැඹුරුව වැඩියි. කුඩා දරුවන් ද බොහෝ විට විමසන්නේ සමාජයේ කතා වෙන සමාජය තුළ ගැවසෙන ඔවුන්ට ස්පර්ශ කිරීමට නොහැකි වපසරියක්් වෙත නැඹුරු වීමයි. දුෂ්‍ය වු සමාජයක් වර්තමානය තුළ නිර්මාණය වන්නේ එක් අතකින් අන්තර්ජාලය අනිත් අතින් මත් රකුසාට ගොදුරු වීමයි. එවන් වපසරියක එවැනි කි‍්‍රයාමාර්ග සදහා පිළියම් යොදනු වෙනුවට නුහුරු නුපුරුදු ටැබ් එක පාසලට ගෙන ඒම අනුමත නොකල යුතුය. ග‍්‍රාමීය පාසල් තුළ පවතින ඉගෙනුම් පරිසරය ටැබ් එක හා සමව පවතින තාක්‍ෂණික ලෝකයක් නොවේ. කුසට අහරක් නැති, නිල ඇදුම මසා ගන්න අතමිට සරු  නැති හරියට දාන්න සපත්තු දෙකක් නැති, පාසලට හරි හැටි උගන්නන්න ගුරුවරු නැති පාසල් සංස්කෘතියක් තුළ ටැබ් සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි උචිත අනුචිත භාවය කෙබදු ද යන්න සොයා බැලීම ට දේශපාලඥයින් ට නොහැකි වී ඇත. අධ්‍යාපනයේ වපසරිය පිළිබද ඔවුන් තුළ කිසිදු අවබෝධයක් නොමැත. අතලොස්සක් පාසල් තුළ ක‍්‍රමානූකුල ඉගෙනුම් පද්ධතියක් හරි හැටි කි‍්‍රයාත්මක නොවේ. මන්ද දුශ්කර යැයි කියන නි්‍යාය මත ඔවුන් හුදකලා වී අධ්‍යාපනය අහිමි වී ඇත. පාසලට පැමිණෙන ගුරුභවතුන් හොර රහසේ ස්ථාන මාරු වීම් හදා ගන්නෙත් ඔය ටැබ් දෙන්න යන පුද්ගලයන් හරහාමය.
ටැබ් එක අතට දෙන්න පෙර ඉංග‍්‍රිසි දැනුම දෙන්න ගුරුවරයෙක් දෙන්න. එවිට එය තවත් සාර්ථක වේ. මෙයින් සිදුවන්නේ නන්නත්තාර ඉගෙනුම් පද්ධතියක් නිර්මාණය කිරීම නොවේ ද, ටැබ් දෙනවා යැයි පාරම්බන මහත්තුරු ගම බලා නගරයට ආවොතින් හොදයි. ජවතාව ගැන එතරම් හිතන ජනතා හිතවතෙක් ලෙස මෙයිට වඩා බුද්ධිය මෙහෙය විය යුතුය. රටේ ප‍්‍රශ්ණ පසෙක තබා හෝ ලග එන ඡුන්දයට දත ආයා සිටිය හැකි නම් එය අපුරුවට සිදු කරයි. සමාජයේ සියලූ සිදුවීම් පිළිබද පර්යේෂණ කළ යුත්තේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් නොව පර්ලිමේන්තු යන ඇත්තෝ ය. යහපත් සමාජයක් විනිවිද දැකීමේ හැකියාව ලිමැඩියන් ට නොව ලිදෙන් ගොඩ ආ වුන්ට පමණි.


2 comments:

අදහස්