Thursday, 26 April 2018

මනුස්සකම



සංකීර්ණ සමාජ පරිසරයන්  සමග උරෙනුර ගැටෙන මිනිසාට විවිධ වු පුද්ගල කණ්ඩායම්, විවිධ ආයතන සහ විවිධ ඉගෙනුම් කණ්ඩායම් සමග ගනුදෙනු කරන්නට සිදුවේ. ඔය අතරෙදි තමයි අපේම කියලා සලකන අපේ ම ජාතියේ උන්, අපේ ප‍්‍රදේශයෙන් ගිය උන්, අපේ ගමෙන් ගිය උන් අපිට මුණගැහෙන්නේ ඒ වගේ පුද්ගලයන් බොහෝ දෙනෙක් හමුව ඇතත් ඔවුන්ගේන් උපකාරයක් ලබාගැනීම ඉබ්බාගෙන් පිහාටු ගන්නාක් වැනිය. දිනක් යම් ආයතනයකට ගිය මට ‘ඔය නංගි කොහෙද’, ‘එතකොට ඔය නංගි කොහෙද’ කිය කියා අසාගෙන විත් ඔන්න මගෙනුත් අහනවා අවසානෙට ගමේ නම කිව්ව සැනින් ‘මමත් ඒ පැත්තෙනි’ යැයි කියන්නේ මුළාදැනි මෙන්, සැනසුම් සුසුම් ලත් මා ‘අනේ හොදයි’ යැයි, පවසනුයේ නිහතමානිවයි. අපේ පැත්තේ නම් වැෙඩි කරලා දේවි යැයි සිතා මමත් ආඩම්බර වුනා ඔන්න, ටික වේලාවකින් එම පුද්ගලයා ‘අපෝ එහෙද’ යැයි කියා සමච්චලයට මා දෙසා බලා මා ගොෙඩි යැයි සගවන වචනයකුත් කියා මගේ මිත‍්‍රයන් සමග ඔහු ද හරි හරියට සිනාවිය. කරගෙන යාමට පැමිණි රාජකාරිය කර අවසන් වන තුරුම මට ඔහු ඇනයක් විය. ඔහු එතන ප‍්‍රධානියා නොවුවාද ප‍්‍රධානියා මෙන් කටයුතු කරන්නට විය. මගේ රාජකාරිය අවසන් වන තරුම මා දෙස බැලූවේ හොර වැඩකට පැමිණි හෙරක් ලෙසය. මිත‍්‍රයන් ද විශ්මයෙන් මා දෙස බැලූවේ ඔහුගේ ඒ කි‍්‍රයාව දැකීමෙනි ඔවුන් තුළ ද ලත් කලකිරීමෙනි. එකී කි‍්‍රයාවලිය  මම නම් දුටු පමණින් සිතුවේ ඉගීනීමෙන් ලත් රුකියාවක් නොවන බවය. අපේ ම උන් අපිට ම වල කපන්නේ මෙහෙමයි. කසේරුකාව ඉදිමුණාට ඔවුනුත් මිනිස්සු තමන්ටවත් අවංක නැති මිනිසත්කම තවකෙකුට පිරිනමන්නේ කෙසේ ද යන්්න මට ඇති ගැටලූවයි. අපේ අටේ බොහෝමයක් මිනිස්සුන් ට ඔලූවක් තිබුණට මොළය ඉදිමිලා, සිතක් තිබුණට එය මුදලට ධනයට, බලයට උකසට තියලා, කොන්දක් තිබුණට ඒකත් උජාරුවට ඉදිමිලා. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවටයි, එහෙවු ජාතියක සංහිදියාව උගහට තමා තුළ සාමය පසුව අනෙකා තුළ සාමය තමා කවුද කියා හදුනන්නේ නැති ගෝති‍්‍රක යුගයට එහා ජීවත් වන හිතක් පපුවක් නැති කුහක ජාතියක් වුනේ කොහොම ද, අපේ රට, අපේ ජාතිය, අපේ ගම, අපේ කම සහ අපේ ආගමක් හදුනන්නේ නැති ජාතියකට සංහිදියාව වචනය ලගින්වත් තියන්න පුළුවන් ද අම්මපා, තමන්ගේ එකෙක් අමාරුවෙන් ඉහලට යනකොට කකුලෙන් අදිනවා නම්, එකිනෙකා උදවු කරගැනීමට මැලි අමන ජාතියක් නම් ‘සංහිදියාව’ හුදෙක් වචනයකට සීමා කරමු. මුලින් තමා ආදර්ශයට ගෙන රටට රටේ ජානතාවට ආදරය කරමු. මනුස්සකම් කුණු කොල්ලේට නොවිකුණා කරුණාව, දයාව, තවකෙකුට ගරු කිරීමට, උදවු උපකාර කරන්්න ඒ වගේ ම පෙරළා කෙළෙහිගුණ දක්වන ජාතියක් වෙමු. ඉදිමුණු මොළගෙඩි, ඉදිමුණ කසේරුකා දිග හැර කරුණාවන්ත හදවතකින් ලොව දකින්න පුරුදු වෙමු. තමන්ගේ එකාව උස්තැන්හි තබන අනිකාට සෙවණැල්ලක් වන ජාතියක් වෙමු.   



                                                                         චලනි කරුණාතිලක
                                                                         කැලණිය විශ්වවිද්‍යාලය 
   

පොෂ් වී රොස් වීම



ගොඩාරියක් කොල්ලෝ කෙල්ලෝ හිතන් ඉන්නේ පොස් වුනාම ඒ අය තරම් වැදගත් අය කවුරුත් නෑ කියලා. ලස්සන කෙල්ලෝ කොල්ලෝ හිතන් ඉන්නේ තියෙන විදිය ඉන්න විදිය වෙනස් වුනාම කතාකරන විදිය වෙනස් කරාම ගොඩාක් අය වැදගත් ලූ. කෙල්ලෝ කොණ්ඩෙ වනන්නේ වැදගත් කමට එහා ගිය විඥ්ඥානයකින් උනාට අනිත් කෙල්ලෝ කොල්ලෝ දිහා බලන්නේ නම් වපරින් වගේ මොකද ගොඩාක් අය වැදගත්කම පෙන්වන්නේ මවාගත් කතා බහෙන් මවා ගත් අදුමෙන් පැලදුමින් කොණ්ඩ මෝස්තරෙන් විතරයි. හැදියාව සිලාචාරකම නම් ප‍්‍රාථමික අවධියේ ය. පොස් ඇත්තෝ ටිකක් උඩින් යන්නේ ඔවුන්ට වැජබෙන්නට ඇති එකම ආභරණය නාඩියට එහාට මෙහාට නොවැටෙන නොනැමෙන කෙහෙrලිය. ඇතැම් අය බාගෙට පොෂ් ය ඔවුන් තවකෙකු දෙස බලා අපෝ මොකද්ද අනේ ඔය ඇදල ඉන්න විදිය. අපෝ ප්ජයසබට නෑනි ඔය වගේ අල්ලාප සල්ලාප ගොඩාරියක් අතර මැද අසරණ වෙන අය නම් එමෙටයි. මිනිස්සුන් තවකෙකු මනින වැදගත් ම මිනුම් දන්ඩත් මේකයි. බුද්ධිමත් බව ඇති හැකි බව සමාජ ස්ථාවරය සමාජ ජාල භාවිතය,ීප්රඑ චයදබැ එකක් භාවිතා කිරීම වැදගත්කම මනින මිනුම් දඩු අතර වේ. ඇදුම පිළිවෙළට නැත්නම්, සමාජ ජාල භාවිතයෙක් නොවේ නම්  එයාව නම් හිගන්නෙක් තරමට සලකයි. තමන් ජීවත් විය යුත්තේ සමාජයේ අනෙකා ජීවත් විය යුතු අන්දමටයි. ඒ කියන්නේ දැන් ්චචකැ චයදබැ එකක් තිබේ නම් චදිය  අය අතර චදිය  වේ. ඇතැම් මිනිස්සු තමන් කරන වදඉ එකේ තරම පෙන්වන්නේ ඇදුමෙන් මෙන්ම කැඩුණු ඉංග‍්‍රීසි භාෂාවෙන් ය. පොෂ් නැත්තෝ ගොඩයෝ වෙති. ජ්පචමි එකේ ගොඩයෝ සහ කසබැ දෙන අය ලෙස වර්ගයන් දෙයාකාරයකි. කසබැ දෙන්නේ නම් චදිය අයයි. ගොඩාක් කොල්ලෝ චදිය වෙන්නේ ිසං ච්ජන හදාගන්නයි. ඇදුමේ මෝස්තරය ගැන හිතන්නැතත් කොණ්ඩෙයි රුවුලයි යහමින් යැවීම පොෂ් සංස්කෘතියේ එක් වෙනසකි. ඒ කොණ්ඩය පාට කිරීමත් එක් මොස්තරයක්, විවිධ මොස්තර වලට කොණ්ඩය කැපීමත් පොස් කමයි. බලන් ඉන්න අයට නම් එක වානර යුගයේ ගෝත‍්‍රික යුගය නියෝජනය කිරීමකි. ගොඩක් අය පොෂ් වෙන්න වඩාත් සුදුසු ම සාධකය සුදු හමක් ලැබීමයි. සුදු වෙන්්න හදන කෙල්ලෝ වගේම කොල්ලොත් කැමති. ස්වභාවික ලස්සන සම කොණ්ඩය හැඩවෙන තාරුණයට මහත් සම්පතක් නමුත් එහි සීමා මෙන්ම පරාසයන් අතර නොගැලපීම් ඇත. පොෂ් වීම විටෙක රොස් වීමකි. පොස් වී හැති වැටෙන තාරුණ්‍යයට අවසානයේ දී ස්වභාවික සුන්දරත්වයත් අහිමි වි රොස් වීමට සිදුවීම නම් කනගාටුවට කරුණකි.


                                                                                                                   
චලනි කරුණාතිලක
                                                    




කම්කරු දිනයට පෙරවදනක්








                                                                                  
මිනිස්සුන්ගේ සතුට සොයන ජිවිතයට මුදල් ඛේදවාඡුකයක් බවට පත්ව
ඇත. මුදල සහ ජීවිතය අතර පවතින සතුට තාවකාලිකයි බව දන්නේ සුළු පිරිසකි. මුදල් ජීවත්විමේ සාධකයක් විනා රැුස්කරගත යුත්තක් නොවේ. ලෝකයේ බොහෝ දෙනෙක් වැජබෙනුයේ සතුටට වඩා මුදල පසුපස පන්නමින්ය. අපේ රටේ ලොකු ලොකු යැයි හගවන පිරිස් ද මුදල කර පින්නාගත් ණය වී හෝ සුඛෝපභෝගි රථයක යන උදවියයි. මේ අය කොයි දේටත් මුදල් විසිකරනුයේ නොසිදෙන ධන ආකරයක් පහල වුනාක් මෙනි. කොයි දේටත් විසි කරන මුදල මොකක්දෝ පිනකට දානයකට ද පිරිනමයි. කොහොම වුනත් දනට පිනට නැමෙන්නේ නාමය බලවත් කරගන්න විනා ඉන් ලබන තෘප්තියකට නෙමෙයි. ධනය සමග කරට කර බලය එක්කාසු කිරීම නියම කටගැස්මක් යැයි නිතර සිතති. මොකද බලයට සියල්ල දන ගැස්විය හැකි බවයි. එකී ධන ගැස්විම ඉදිරියේ තවකෙකු නිවටයන් මෙන් දන ගසන්නේ නම් එයයි බලයේ අසීමිත සතුට,මෙම කාරණාව සමග අතෘප්ත කර සමාජ ආකල්ප මෘග්ධ සමාජයක් වටා ඒකරාශී වි ඇත. ධනය තුළ ගොඩ නැගෙන බලය රැුකගන්න බොහෝ පිරිස් උත්සහ කරනුයේ අසීමිත තේජවන්ත බවකිනි. තමාගේ ආරක්‍ෂාව තමාට සපුරා ගත නොහැකිව තවකෙකුගෙන් අධි ආරක්‍ෂකත්වය අපේක්‍ෂා කරනුයේ එම නිසා නොවේ ද, එහෙම ආරක්‍ෂකත්වය පිරිවරා සිටීම ඔවුන් සලකනුයේ ගරුනම්බු පිදීමක් ලෙසය. තවත් පුද්ගයෙක් තවත් පුද්ගලයෙක් ආරක්‍ෂා කිරීම දේශයක බලය පෙන්විමක් නොව පුද්ගලයෙක් තුළ හට ගන්නා මමත්වය රුකගැනීමක් , බලය ඉදිරියේ දෙකට නැමෙන ජාතියක් බිහි කිරීම හෝ අනාරක්‍ෂිත රටටක් බව ඒතතු ගැන්විමකි. ප‍්‍රභූ පුද්ගලයින් ආරක්‍ෂා කරන දිළින්දා නොසලන රටක් යැයි ඒත්තු ගන්වනුයේ  රටේ ජීවත්වන පුද්ගල භූමිකාව අනුවයි. රටක ජීවත්වන ප‍්‍රභූයැයි සම්මත පැළැන්තිය වටා පෙළගැසෙන්නෙත් මිනිස්සු මය නමුත් ඒ පින්තකා නොව රාජ්‍ය සේවය පිණිසයි. එකී ධනයත් බලයත් මුල් කරගත් සමාජ ක‍්‍රමය මිනිසා විසින් ඇතිකරගනු ලබන විනාශයකි. මධ්‍යයම ප‍්‍රාන්තික මිනිසාත් ප‍්‍රභූ පැළැන්තියේ ඉදුල් කට ගාමින් සිටී. උසස් යැයි හගවන්නේ බුද්ධියෙන් විනා ඇදුමෙන් වාහනයෙන් නොවන බව වැජබෙන තමන්ටත්, තමන්ගේ ස්වාමියාගෙන් වැජබෙන බිරින්දෑවරුන් ද දුවට ද පුතාට ද වරිගේ හත්මුතු පරම්පරාවටත් කාරුණිකව මතක් කර දෙන්නෙමි. සමාජය තුළ කි‍්‍රයාත්මක වන විෂමාකල්ප මැද ගෙවෙන ජීවිතයන්හි එක් පරිච්චේිදයක් පිළිබදව හෝ කතාවට ලක් වෙනවාද, උජාරුවට පාරම්බන මැයි දිනය තුළින් හුදෙක් කම්කරුවාගේ ප‍්‍රශ්ණ දෙස බලනවා නොව තවකෙකුගේ මමත්වය හෝ බලය ඉස්මතු කරවිම කම්කරු දිනයේ ඒකායන අරමුණ විය. තවකෙකු තලාපෙලන බලාත්මක අරගලයකි කම්කරු දිනය . සැබෑ කම්කරු දිනයක සෙවනැල්ල සොයන කම්කරු දිනයේ ඛේදවාචකය ප‍්‍රභූ යැයි පිරිසෙහි පාලන ආධිපත්‍යයට යටව ඇත.
                                                                   
                                                            චලනි කරුණාතිලක
                                                            කැලණිය විශ්වවිද්‍යාලය

Tuesday, 23 January 2018

කතිරයට පෙර

                                         






දේශපාලන ඇත්තෝ හරි හරියට මංගල කටයුත්තට සුදානම් වෙතිි. මිනිසුන්ගේ දුක හදුනන ජාතියේ උතුමන් පිරිසකි. ඔන්න දැන් හැමෝම එයාලගේ අළුත් වෙස් මහුණුත් ඔප කරගෙන වස්දොස් හැර බලා ඉන්නේ ලග එන තොයිලෙට හොද අඩවුවක් අල්ලන්නම් කියාය. කාලෙකට පස්සේ වාසියක් පසුපස හඹා යන ඇතැම්හු කාරිය කෙරෙන තුරු තමයි රුවටිල්ල. තොයිලෙන් පස්සේ හැමෝම එකිනෙකා නොහදුනති. ඒක තමයි පුදුමය මේ තොයිලේ. කැපුවත් රතු, කොළ, නිල් යන පාට  කියන හැමෝම පාට මාරු කරන්නේ කාටත් නොදැනෙන ලෙසයි. කටුස්සන් මෙන් පාට මාරු කරන ඇතැම්හු ජාතියේ උතුම් පෞර්ෂත්වය ලෙස සලකති. ඔවුන් දෙසා බාන ෙබිගල් නම් අඩුවක් නෑ අපිත් ඉතින් නොදැනුනා සේ  ඔවුන්ව උස්තැන තබයි. මෙවර කාන්තා නියෝජනය අමුතුවෙන් ගල එළි බසී. කාන්තා දේශපාලනයේ හුදෙක් උදාසීන මට්ටමක පවතී. ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුවද ඔවුන් හුදෙක් දේශපාලනය පිළිබද දැනුමක් නොමැති හුදු නියෝජනක් පමණි. කෙසේ වෙසත් අපේ ප‍්‍රශ්ණ විසදන ඔවුන්ගේ කාර්යයභාරය විය යුත්තේ රට අගතියට පත් නොකරන නුසුදුස්සන්ට හොර රහසේ රැුකියා ලබා දෙන සුදුස්සෝ තලා පෙලා නොදමන්නම් විය යුතුය. කකා බිබී රටට වින නොකරන සෑබෑ නායකයකු ගුණගරුක නායකයෙකු වේ නම් යෙහෙකි. වැල යන අත මෙස්ස ගැසීම බොහෝ දෙනා කරනු ලබන්නකි. වැල යන අත මැස්ස ගැසීම දේශපාලනයේ රුවටිල්ල මුලිනුපුටා දැමීම සදහා ඡුන්ද අපේක්‍ෂකයන් පමණක් නොව ඡුන්ද දායකයන්ද වංක භාවයට පාර කැපීම නොකල යුතුය. බොහෝ ඡුන්ද අපේක්‍ෂකයින් අවංක නොවන්නේ බල ලෝබයෙන් එහා ගිය ධන ලෝභය මුල් කරගෙනය. වේදීකාවක් මත ගිරිය කඩන් බෙරියන් දෙනවට වඩා නිහඩ ගුණ ගරුක සේවය  හිස නමා අගය කළ යුතුය. රට තුළ පවතින ආරථිකමය සමාඡුීය දේශපාලන ගැටළු විසදීමේහි ලා දේශපාලන බලපරාක‍්‍රමයේ අවධානය යොමු වේ නම් රට ද පුද්ගල කි‍්‍රයාකාරකම් ද නිරාකරණය වීම රටේ ඉදිරි ගමනට ශක්තියක් වේ. එසේ නම් තම මඩිය තර නොකර රටේ සංවර්ධනයත්, අභිවෘද්ධියත් පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. කෙසේ නමුත් ඡුන්දය පාවිච්වි කරපු අයයි නොකරපු අය බොහෝ දෙනෙක් වාසි බලාගනයි කතිරේ ගහන්නේ කාරි නෑ මොකද මහජන නියෝජිතයෝනි. වැල යන අතටයි ජනතාව මැස්ස ගහන්නෙත්, පැටලූණ නූල් බෝලය වගේ පක්‍ෂ කලවන් වුන ඡුන්දය දැමීමේ දී කවුරුත් සැළකිලි මත් විය යුතුය. දැන් සියලූ පාට පක්‍ෂ මාරු වී වර්ණ විපර්යාසයකට පත්ව ඇත. ඡුන්දය පාවිච්වි කිරීමේ දී බුද්ධිමත් අයුරින් කටයුතු කිරීම ඔබ සතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් උල්ලංඝනයෙන් එහා ගිය සහපත් මැතිවරණ කි‍්‍රයාවලියක් සදහා හීන මානයෙන් එහා ගිය විවෘත අදහස් හෙළිදරවු කිරීම සියලූ ඡුන්ද දායකයින්ගේ විනිවිදභාවයයි. හුරන් කන විකුණන් කන දේශපාලනයක් නොව සදාචාරත්මක අවංක දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීම පවතින්නේ නියෝඡුිතයින් තොරනු ලබන ඔබයි. කතිරෙට පෙර ඔඛේ මානය ට හිතීමට ඉඩක්    

රන් කිර අම්මේ





කට ගෑ රන්කිර
ණය ගැති  සක්වලය තරම්
පිළුණු දෙතනේ
සෙනේ තිබුණද 
මහ මෙර තරම්
විශ්වයේ වෙන යමක් ඇත්ද
මවු සෙනේ තරම්
වියලූණු පොලෝ ගැබ
දිනෙක සිප ගනී 
නැවුම් වැසි දියෙන්


Thursday, 11 January 2018

තාක්‍ෂණිය හැඩරුව

හැඩකල තාක්‍ෂණයේ වල්මත් වු පිරිසකගේ තික්‍ෂණ බුද්ධියට ආමන්ත‍්‍රණය කිරීම උගහට නමුත් බොහෝ දෙනාගේ සමීපතම සබදතා අන්තර්ජාලයට සීමා වෙලා අම්මත් Face book තාත්තත් Face book ගෙදර දරුවත් Face book සමාජයේ දුරස්ථ ඛෙදවාචකයක් ඇරබීමට මත්තෙන් එයට පිළියම් යෙදිය යුත්තෝ අපිම ය. දෙමවුපියන් දරුවන්ට උපන් දින සුබ පතන්නේ ද Face book මගින් නැතහොත් අන්තර්ජාලය මගිනි. කාර්යයබහුල මිනිසුන් ද නිකරුණේ සිටින මිනිසුන් ද ඒකාකාරී ජීවිත රටාවේ සැනසුන් සුසුමක් ලබනුයේ Face book මගිනි. නමුත් කාලය රවටා ගැනීමක් මෙන්ම ඔවුනොවුන් රවටා ගැනීමකි. සෑබෑ මිතුරා සොයන්නේ likes comments මතය සැබෑ ආදරය සොයන්නේ මුදල සහ රූපය මතය. රැවටිලිකාර ආන්දොලනාත්මක සමාජයක් නිරතුරුව ගොඩ නගයි. මෙකී පලහිපවුවේ පැටලෙන අයට ඉන් මිදීමට නොසිතේ. මදක් සිතුවාද Smart phone එක නොමැතිව කොපමන වෙලාවක් සිටිය හැකි ද යනවග නමුත් ඔය Smart phone එක නොමැති දවසත ඔබ මානසික රෝගියෙක් වෙනවා නොඅනු මානයි. මොකද දෛනික ජීවිතයේ මෙන්ම ශරීර අංගයක් වි ඇත. කන්න බොන්න යන තැනත් likes එකක් comments කරන තුරු සිහියක් නැති ඔබ එයට වැටෙන likes ගනනට වැඩිය comments ගනන අපේක්‍ෂාවෙන් කන්න බොන්න ගත්ත දෙත් smart phone එකට සීමා කොට comments වලින් බඩ පුරවා ගනී. දිනෙන දින අපුරුcam වලින් photo uploard


කර ඒවා ලසස්නයි කියන තුරු බලා හිදී මන්ද මිනිසුන් ජීවත් වන මෙම යුගය දෙස බැලීමේදී මෙය වානර යුගයටත් එහා ගිය බුද්ධිහීනතාවයකි. සැබෑ ජීවිත කඩතොලු වු සමාජයේ බුද්ධිමය ආමන්ත‍්‍රණ උගහට පතපොතික් ලද දැනුමට තර්ක මතු කරන තාරුණයය හීනය. සමාජයේ කුඩා දරුවාගේ සිට තාක්‍ෂණික දැනුම ඉහල ගිය මුත් තර්කනය හා සිතීම පිළිබද ඇත්තේ අනුවණ අදහස් ය. පොත පතින් ලද දැනුමෙන් මහා ලොකු උපාධි අහස උසට නමුත් ඔවුන් සමාජ දැනුමෙන් අවම ය. දිනුම් කනුව යැයි සිතා හති වැටමින් දුවන්නේ ත්‍ඉ එකෙන් සමාජයේ වැජබෙන්න නොවේ ද මිනිසුන් සිතත සීමාව තාක්‍ෂණයත් සමග සීමාවෙලා තමා හා නොපෙනෙන ලෝකයත් එක්ක ගනුදෙනු කරනු ලබයි. බොහෝ දෙනා ලෝකය සමාජය ත්‍ඉ එකෙන් දකිනවා විනා ඉන් ඔබ්බට සමාජ ගැටලූ නොදකී. සමාජ ජාලා බොහොමයක සිදුවන්නේ කණ වැල අල්ලාගෙන යාමකි. තමනගේ මතයට ගැලපේ නම් එය ීය්රු වේ. එහි එතුළාන්තය හෝ සත්‍ය අසත්‍ය බව පිළිබද සීමා වේ. නමුත් මෙහි වැදගත් දේ නැතුවාම නොවේ. වැදගත් දේ පිටුපස ඇත්තේ හුදෙක් සමාජ ජාලා මාධය තුළ හුදකලා කරවන ආත්ම ගනුදෙනුවකි. තමා සිතන දේ නිවැරදි බව ස්වයං අර්ථකථන වලට ගැතිකම් ඇති පිරිස් නිර්මාණය මේ හරහා සීග‍්‍රයෙන් වර්ධනය  වේ. එක් අතකින් මුලින් සදහන් කළ පරිදි පවුල් සංස්ථා දෙදරා යාමත් පවුල තුළ එකිනෙකා හුදකලා වීමත් මුරණ්ඩු චර්යයා තුළ දරුවන් නොමග යාමත් අයහපත් ප‍්‍රතිපල අතරට ගැනේ. නමුත් සමාජයේ තාක්‍ෂණයෙත් තොර ඉදිරියක් නොමැත යන්න අර්ථකථන කළ හැකිය. එකී තාක්‍ෂණය එක් අතකින් ආන්දොලනාත්මක පක්‍ෂයක් නියෝජනය කිරීමත් තවත් අතකින් විනාශයක අභිමුඛයට පැමිණීමටත් හේතු සාදක 2 කි. එකක් තක්‍ෂණයේ ඒකාකාරි හැඩරුව තොරා ගැනීමත් එයිනුත් සමාජ ජාලා මාධය පිළිබද ඇති දැනීමෙහි අවමතාවයයි. තාක්‍ෂණය අවම භාවිතය සහ නිවැරදි භාවිතය ඔබ සහ අප සැමට නිවැරදි ජීවන රටාවක්්, කාල කළමනාකරණයත්, අර්ථවත් තාක්‍ෂණික භාවිතයට මග පාදයි. බොහෝ දෙනා හැල්මේ දුවනු විනා සමාජය සමග සහබන්ධුත්වය ගොඩ නගන සමාජ ජාලා භාවිතය අවම කිරීමට පියවර නොනැගීම සමාජ සබදතා දුරස්වීම් සහ පළුදුවීම් වලට හේතු වේ.
                                                     
                                                      
                                           

Wednesday, 13 September 2017

අශෝක හදගම



01.අශෝක හදගම පෞද්ගලික තොරතුරු

සම්පුර්ණ නම              
සුමිත් ජයලාල් අශෝක හදගම

අධ්‍යාපන තොරතුරු        
පාසල් මුලික ද්විතීක අධ්‍යාපනය ලබා ඔහු පළමු පන්තියේ ගණිත අංශයේ ගෞරව උපාධියක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ඔහු 1995 උ්රඅසජන විශ්ව විද්‍යාලයෙන් ලෙස සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය ලබා ගන්නා ලදී.


ඹහුගේ හූමිකාව          
 රජයේ සේවකයෙක් වන ඔහු මහ බැංකුවේ සහකාර අධිපති වේ. රාජ්‍යය සංස්ථාවක සේවය කළද මොහුගේ සෞන්දර්යය වපසරියෙහිලා දක්නට ඇති දැඩි කැමැත්ත මේ සදහා බලපාන්නට ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලවකවානුව තුළම ලැබු කාලාත්මක වපසරිය මේ සදහා හේතු චී ඇත.



02වේදිකා නාට්‍ය


අශෝක හදගම තම කුඑදුල් නිර්මාණයව පණ පොවනු ලැබුවේ 1985 වර්ෂයේදීය එනම්  ”හෙණ නාට්‍ය” හරහාය. ”හූමික නාට්‍ය” හරහාය දිවයින පුරා පවතින ජනවාර්ගික ප‍්‍රශ්ණය මුලික කරගනිමින් නිර්මාණය කිරීම විශේෂත්වයකි. සමාජ ප‍්‍රශ්ණ සාකච්චාවට ගැනීම මොහුගේ නිර්මාණ කෞෂල්‍යන්ගේ ප‍්‍රධාන ධාරාවකි. මෙකී හූමික නාට්‍ය හරහා එකී සමාජ පසුබිම සාකච්චාවට විවාදයට බදුන් කරමින් 1985 හොදම අධ්‍යක්ෂක සම්මානය මොහුට හිමි විය.එයින් නොනැවතුණු මොහු 1987 හෙණ නාට්‍ය නිර්මාණය කිරීමයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත විද්‍යා අංශයේ  විද්‍යාර්ථයෙක් වු මෙතුමා කලාවට බෙහෙවින් ඇලූම් කලහ. මොහු හෙණ නාට්‍ය මස්සේ ජ.වි.පෙ මතවාදය සමග සමගාමිච ගමන් කිරීම හේතුවෙන් අශෝක හදගම එදා පරම්පරාව අතර ප‍්‍රචලිත විය.
ඉන් අනතුරුව  1989 මාඝාත වේදිකා නාට්‍ය යි.
”මරණය නැත්නම් මව්බිම ඉන්දියන් වදුරු හමුදාව පන්නමු.” මෙම සටන් පාඨය මෙරට එක්තරා භීෂණ අවධියක් අප මතකයට ගෙන එයි. 1987-89 වනවානුව, රාජ්‍ය ත‍්‍රාසවාදය විසින් මුදා හරින ලද භීසනයට එරෙහි ව මෙරට තරුණයන් දැක්වු ප‍්‍රතිත‍්‍රාසවාදයේ අති භීෂණ යුගයකි. මාඝාත වේදිකාගත වු භීෂිත සමාජ පසුබිම නාට්‍යය පසුබිම නිෂ්පාදක අශෝක හදගමගේ ම වචනයෙන් මෙසේය: ”නාට්‍ය මුල්වරට රගදැක්වු දිනවල දර්ශනය අවසානයේ මට අතට අත දුන් බොහෝ අයගේ දෑත් සීතල ව, ගැහෙමින් තිබුණු අයුරු මට තාමත් මතකයි. එය එතරම් ම ඇග කිළි පොළා යන අත්දැකීමක් වුණා ඒ අයට ” (මාඝාත, පෙරවදන* (ගුණසේකර,2015:125*
මාඝාන වේදිකා නාට්‍ය රංග ගතවීම නිමිත කොට 1991 මුද්‍රණය වු සමරුකලාපයකට හදගමයන් අදහස් පල කලේ මෙලෙසිනි.
නිතියේ ඉතිහාසයේ විමර්ශනය කිරීමේදී සක්සුදක් සේ පැහැදිලි වන්නේ එය නිශ්පාදක සම්බන්ධකම් සුරැුකුම් උදෙසා තනා ගන්නා ලද මෙවලමක් බවය. වහලාත් වහල් හිමියාත් අතර තිබු පරතරයද, සම්බයද සුරුකුණේ එකල පැවතියා වු නිතිය හේතුවෙනි. නිතියේ ආධිපත්‍ය සෑම විට නිශ්පාදන හිමිකම් දරන්නා වු පන්තිය අත තිබිණි. වහලා වහල් බවින් නිදහස ලැබුවේ ඔහුව වහල් හිමියාව ඇද බැද තැබු නීති කොන්දේසි විරහිතව බිද වැටීමෙනි. (බිද දැමීමෙනි* ගෝත‍්‍ර වැඩවසම් ආදී අවදීන් පසුකරමින් අද අප වෙසන්නා වු  ධනේශ්වර ආර්ථික ක‍්‍රමයේ අවධි අවස්ථා තෙක් මිනිස් ඉතිහාසය අධ්‍යයනය කළහොත් එය නීති බිද දැමීමෙන් නීති සැකසීමෙන් ඉතිහාසයම බව පැහැදිලි වනු ඇත.
                                                                                   
විද්‍යාවේ දියුණුවත් සමගම නිෂ්පාදන ක‍්‍රියාවලියේ වැදගත්කමක් නැති සත්වයන් යටතේ ගව ඝාතනයට එරෙහිව තීන්දුවක් ගන්නා විනිශ්චය කරුවකුගේ ඛේදවාචකය මෙම රංගනයෙන් විදහා දක්වයි. කෝලම් රංග සම්ප‍්‍රදායේ එක් වර්ධනීය පියවරක් ලෙස දොරට වඩවන මෙම නාට්‍යය හාස්‍යය වඩා අර්ථවත් වන අයුරින් භාවිත කළ සිංහල ගැමියාගේ ගුරුහරුකම් ද සහිත ව කරනු ලබන නව අත්හදා බැලීමකි.(මාඝාත, පෙරවදන*
මාඝාත ආරම්භයේ ”නාඩුකාරයෙක් මරාදාල” යන ප‍්‍රකාශය පේ‍්‍රක්ෂකයාට අසන්නට ලැෙබි. නීතියේ මළගම ඉන් ධ්වනිත වේ. වේදිකාව මත අලූතෙන් නිමැවෙන උසාවියේ නීතිය සුද්දාගේ ශූද්ධ වු නිමවුවකි. ”ගී‍්‍රක, රෝම හා ක‍්‍රිස්තියනි ශිෂ්ටාචාරයේ සිට පැවත එන මෙම උසාවියේ යුක්තිය පසිදලිය හැක්කේ සර්වබලධාරි දෙවියන් වහන්සේටත් පිස්සෙකුටත් පමණි. (මාඝාත, 12-13*. මෙහි නව නඩුකාරයා වන්නේ හොදින් ඉංග‍්‍රීසි කථා කරන මුදියන්සේලාගේ හරමානිස් පෙරේරා නමැති පිස්සෙකි. හරමානිස් විනිශ්චයකාරයාව පේ‍්‍රක්ෂයන්ට හදුන්වා දෙන්නේ කෝලම් නාට්‍ය සම්ප‍්‍රාදයාට සමීප ගුරුන්නාන්සේගේ චරිතයෙන් ය. යුක්ති ධර්මය සැබවින් ම ප‍්‍රාර්ථනා කරන පේ‍්‍රක්ෂකයාගේ හෘදය සාක්‍ෂිය අමතන්නේ තරුණයගේ චරිතය උපයෝගි කොට ගනිමිනි.
මාඝාත නිර්මාණකරු විසින් 87-89 භීෂණ සමයේ මෙරට ජනතාව අත්විදි චිත්ත රූප පේ‍්‍රක්ෂය මනසට කැදවනු ලබන්නේ බුදුගුණ අලංකාරයේ සදහන් විශාලා නුවර තුන්බිය විස්තරවන කවි කිහිපයකින් ය. ” දොර දොර මිනි බෙර, ගෙය ගෙය හඩය බියකර” (මාඝාත 20* මෙහි දී නාට්‍ය පේ‍්‍රක්ෂකයාගේ පසුබිම් යථාර්ථය වුයේ එවකට මන්සංධිවල රයර් සෑය මත දැවි දැවි ගිය තරුණ ජීවිතයයි. මෙලෙස මායාව තුළින් යථාර්ථය :ත්‍්බඒිඑසජ ඍැ්කසිප* නම් වු ඩොස්ටයෙව්ස්කිරංග රීතිය මාඝාත නිර්මාණකරු විසින් විවිධ අවස්ථාවන්වල ප‍්‍රතිභාපුර්ණව යොදාගනු ලැෙබි.
මාඝාත නාට්‍ය සජීවි සංවාද මවමින් ඉහත ලිපියට අනුව වැඩවසම් ක‍්‍රමය ධනේෂ්වර පංතිය පිළිබද  වස්තු විෂයික බවක් මාඝාත නාට්‍ය තුළින් විද්‍යමාන වේ. හදගමයන්ගේ දේශපාලන වපසරිය මේ සදහා බලපාන්නට ඇත. ඔහු සොවියට් රුසියානු දේශපාලනය අභාෂය කොට ඇතැයි සිතිය හැක. ඔහුට ඒ පිළිබද පුලූල් මානයක් ඇත.


03.ටෙලි නාට්‍ය


x ප‍්‍රභාතය

අවුරෝරා (1983*, භූමික (1984*,හෙණ (1987* සහ මාඝාත යන වේදිකා නාට්‍යාවලිය මගින් ලාංකේය රසික පර්ශදය වෙත අශෝක හදගම සිය මු\ාව ගෙන ගොස් 1990 වන විට ”ප‍්‍රභාතය ” සමග ටෙලිනාට්‍ය මාධ්‍යට පැමිණීම මේ හරහා අමුතුම ආකාරයේ හැඩයක් එක් කරමින් සෝප් ඔපෙරා ටෙලි නාට්‍යය කලාවේන් ඉවත් වීමට අනුබල සපයන්නෙකි.

x දුන්හිද අද්දර  ටෙලි නාට්‍ය ඔස්සේ සමාජයේ පවතින විශමතා දේශපාලනික පසුබිම අනාවරණය කරයි. හදගමගේ රූපවාහිනි කලා ප‍්‍රවේශය සනිටුවන් කරන 1994 රූපවාහිනියේ විකාශනය වු ”දුන්හිද අද්දර” ටෙලිනාට්‍ය තුළ මා දකින්නේ, මානව ජීවිතයේ සංකීර්ණත්වය පැහැදිලි කිරීමකට වඩා එහි පවතින දුශ්කරතාව කිසිදු යාන්ත‍්‍රණයකින් පිරිමසාලිය නොහැකි අතිශය සියුම් මෙන් ම අති සංකීර්ණ මානව ගතිකතාවයකින් විමසීමක් ලෙසය.

x දියකැට පහණ

         ප‍්‍රශ්චාත් නුතනවාදී දේශපාලනික කතිකාවතක් ඉස්මතු වීම

x සින්තටික් සිහින හදගමගේ රූපවාහිනී සිනමා භාවිතය ගතහොත් මෙරට මෙතෙක් ටෙලිනාට්‍ය හා සිනමා පටවලට බදුන් වු රූපණවේදය සහ ආඛ්‍යානයන්ටය වඩා වෙනස්, සාම්ප‍්‍රදායික වටිනාකම්වලට ඔබ්බෙන් පිහිටි සම්ප‍්‍රදාය විරෝධි ස්වභාවයක් ගනී. ඔහු සම්ප‍්‍රධාය විශ්වාසය, වටිනාකම් සහ එහිදී මානවයා ස්වභාවිකව කටයුතු කරන ආකාරය යන දෙඅංශයේ ගැටීමෙන් ජනිත වන, එහෙත්, සාමාන්‍යය හුදී ජන පහත් සංවේගය තුළ අපට නොපෙනෙන, නොවැටෙන මානය පිළිබද ව යම් ආකාරයක විතණ්ඩවාදී අර්ථකථනයක් ගෙනෙන ආකාරය විශේෂයෙන් ඔහුගේ තෙවන රූපවාහිනී නිර්මාණය වන ” දියකැට පහණ” කෘතිය තුළත්, පශ්චාත් නුතන දේශපාලනික සාකාච්චඡුාවක් සපයන දීර්ඝ මාලා නාටකයක් වන ”සින්තටික් සිහින” කෘතිය තුළත් මනාව දිස්වේ.

x මේ පාරෙන් එන්න
         ටෙලි නාට්‍ය හරහා සුනාමිය පාදක කරගනිමින් ගොඩ නැගුණ කතා පුවතකි. විශේෂයෙන් හඳගම මෙරට යුද්ධය හා උතුරු දකුණු සංවාදය පිළිබද ව දක්වන ලද විවේචනය ”මේ පාරෙන් එන්න කෘතිය තුළ විසංවාදයක් ඔස්සේ සංවාදය මවන ආකාරය අපුර්වය. ඔහු විසින් ප‍්‍රත්‍යුත්පාදනය මුල්කොටගෙන සමාජ ව්‍යුහයේ නොපෙනෙන, නොදකින, පවතින සම්භාව්‍ය ශිෂ්ට, සදාචාරමය උසස් ජන මනසට පටහැනි. දර්ශන රාමු තම සිනමා කෘති තුළට ගෙන එනු ලබන්නේ, සමාජය තුළ සැගව සිට ක‍්‍රියාකරනා දේශපාලනික ව්‍යාජය නිරූපණය කිරීමටය.

x නැගෙනහිර වෙරළෙන් ඇසෙන

හදගමගේ නැගෙනහිර වෙරළෙන් ඇසෙනා සදහා තේමාව වන්නේ අගනගරයේ සිට නාගරික සුන්දරත්නය නරඹන්න ගිය යෞවනයන් පිරිසකට අනපේක්‍ෂිත සුනාමියත් සමග මුහුණ පාන්නට සිදුවන සිදුවීම් වැලකි. යුධ පසුබිම පාදක කරගත් ටෙලි වෘතාන්තයකි. සුනාමිය අවසන් වීමත් සමග නිර්මාණය කරන ලද ටෙලි නාට්‍යයකි.            
                                   

04.චිත‍්‍රපට

x චන්ද කින්නරී

ඔහුගේ ප‍්‍රථම සිනමා දැක්ම වු චන්දකින්නරාවි පෙරදිග නමක් තිබුණ ද ඉන් විහිදුනේ  ඞී.එම්.ලොරන්ස්ගේ ක‍්‍රියැන්තිමම් මලේ සුවදය.
කාර්මික විප්ලවය මගින් යුරෝපයේ කම්කරුවන් සදාකාලික අදුරට ගෙනයාම ලෝරන්ස්ගේ කෙටිකතාවෙන් ගෙන හැර පෑවේ යම් සේද හදගමගේ චන්දකින්නරී විසින් විසිවන කන්තෝරුකාරයාගේ අන්ධකාරය, වැන්දඹු බිරිද කේන්ද්‍ර කොට ගෙන ගොඩ නැගුනේය. මෙකී චිත‍්‍රපටය නාට්‍යම ලක්ෂණවලින් යුක්තය. වේදිකාවේ අලංකාර සම්ප‍්‍රදාය සිනමාවෝචිත ලෙස සංකලනය කර ප‍්‍රමුඛතම සිනමාකරු වන්නේ ද හදගමයි. ප්‍රොසීනියම් වේදිකාවට ‐ එම රූප රාමුවට ඔහු දක්වන අසීමිත ඇල්ම ඔහුගේ රූප රචනයේ දී ඉස්මතු ව පෙනෙන ලක්‍ෂණයකි.



සද දඩයම
අශෝක හදගමගේ සෑම නිර්මාණයනයක් තුළම කිසියම් දෘශ්ටියක් සංවාද තලයක් දැකිය හැකිවීම විශේෂ ලක්ෂණයකි.ඔහු මිනිස් ජීවිත විග‍්‍රහ කරන්නේ සෞන්දර්යාත්මක ස්වය වින්දනීය කාලයක පිහිටමින් හෝ සිවිල් සමාජය පිනවීමේ අභිලාෂයෙන් නොවේ. නුතනත්ව සමාජයේ ව්‍යාජෝක්තිය පාවිච් කලේ එක්තරා දුරකට ප්‍රේක්‍ෂකයා චිත‍්‍රපවයෙන් දුරස් කරන්නටය. නමුත් ප‍්‍රශ්චාත් නුතන සිනමාවේ හි ව්‍යාජෝක්තිය යනු සත්‍යය හා අතිශයෝක්තිය සටෝපකරභාවය ප‍්‍රශ්ණ කරන්නකි. අශෝක හදගමයන්ගේ



සද දඩයම මේ මගේ සදයි යන කෘතීන් තුළ මේකී ලක්‍ෂණය ඉතා ප‍්‍රාථමික තලයකින් නිර්මාණය වේ. ඉතාලි ජාතික සිනමාකරු පෙද්රෝ අල්මෝද්වාර් කිවුබාවේ ෆර්නැන්දො පෙරේස් බි‍්‍රතාන්‍යයේ පීටර් ග‍්‍රීනාවේ වැනි සිනමා කරුවන්ගේ මෙන් අශෝක හදගමගේ සිනමා ශෛලියෙහි දක්නට ඇති සුවිශේෂ ලක්‍ෂණය වන්නේ අඛයානගත අසංවිධිත භාවයයි බැලූ බැල්මට එය අසංවිධිත භාවයක් ප‍්‍රකට කලද යටිපෙළ ඉතා ප‍්‍රබල සංධිත අර්ථ මතු කරයි. මෙම කෘතියෙහි බොහෝ විට අත්දකින්නේ ප‍්‍රංශ, ජර්මන්, යුරෝපීය සිනමා සම්ප‍්‍රදායන් තුළ මෙන්ම රුසියානු අධි යථාර්ථවාදී දාර්ශනික සිනමා භාවිතය තුළය.

x මේ මගේ සදයි

විවිධ ශෛලීන් ඒකරාශි කිරීම චරිතවල පාරිසරික සම්බන්ධතා බිදීම ආඛ්‍යානයේ අසංවිධිත බව සියල්ල හාස්‍යයට ලක් කිරීම අධිතාත්විකත්වය වැනි ලක්‍ෂණ මේ සිනමා කෘති තුළින් ප‍්‍රබන්ධ කතාවලත් දැකිය හැකිය. පීටර් ග‍්‍රීනවේ බි‍්‍රතාන්‍ය ගොඩාඞ් ප‍්‍රංශය පෙද්රෝ අල්මෝද්වාර් ඉතාලිය මෙබදු ක‍්‍රමයේ සිනමාකෘතිවලට ප‍්‍රකට අධ්‍යක්‍ෂකවරුය. ප‍්‍රබන්ධ කතාව ගතහොත් මාකේස් කොළොම්බියාව ඉනාලෝ කැල්මිනෝ ඉතාලිය ටෝනි මොරිසන් ඇමරිකාව ගුන්වර් ග‍්‍රාස් ජර්මනිය වැනි ලේඛකයෝ මේ වර්ගයේ නවකතාවලට ප‍්‍රකට වෙති.
මේ ඥනයට අනුව හදගම මේ දෙඅංශයෙන් වඩාත්ම ලංවන්නේ ප‍්‍රබන්ධ කථාවටය. එබැවින් අදළ ප‍්‍රබන්ධ කථා කිහිපයක් නිදසුන් කොට දැක්වීමට කැමැත්තෙමි.
1928 උතුරු කොළොම්බියාවේ උපත ලද ගේබි‍්‍රයෙල් හාසියා මාකේස් පුවත්පත් කලාවේදියෙකි. ඉන්දාජාලික යථාර්ථවාදය නම් කථන ක‍්‍රමයට ප‍්‍රකට ඔහු කථා රුසකින්ම ඉදිරිපත් කරන මැකැන්ඩෝ නම් ප‍්‍රදේශයේ පුදුමාකාර සිදුවීම්වලින් ගහන ස්ථානයකි එය විසින් නිර්මාණය කරන ලද කල්පිතයකි මේ ස්ථානය නගරයක්ද නොවේ ගමක් ද නොවේ වරෙක එය රූස්ස කදු මැද ඇති වගුරු බිමකි. තවත් වරෙක පාඑවට ගිය දුම්රිය පොළකි. මාර්කේස් මේ ස්ථානය භාවිත කරන්නේ මුඑ ලොවටම එබී බලන කවුඑවක් ලෙසිනි. ඛැ්ෙ ිඑරදපල භද දබැ අරසඑැි එද ජදකදබැක  යන ප‍්‍රබන්ධවල මැකැන්ඩෝ කල්පිතය දැක්වේ.                                            
අශෝක හදගම මේ මගේ සදයි චිත‍්‍රපටයට පසුබිම කර ගත්තේ ද එවන් වපසරියකි එය ගමන් නොවේ. නගරයක් ද නොවේ විශාල අගයන් ඊට අඩු පොළොවක් ඇති ශුෂ්ක කලාපයකි. නමුත් එහි වසන්නවුන්ට නම් එසේ නැත. එක් අතකින් යුද්ධයත් අනෙක් අතකින් රස්නයත් විසින් මිනිසුන් පෙළනු ලැබේ. එහෙත් මෙකී මිනිස්සු නිදහසේ හැසිරෙති. තමන්ගේම දුකට වැරැුද්දට සිනාසෙති.

තනි තටුවෙන් පියාඹන්න

මෙම චිත‍්‍රපටය රැඩිකල්වාදි චිත‍්‍රපටයකි. හදගමගේ රැුඩිකල් සිතුවිලි හා පොදු ජනයාගේ බියගුලූ සිතුවිලි එකිනෙක හමුවන ගැටෙන හා පොදු සම්මුතියකට ආ යුතු ලක්‍ෂ්‍යයෙහි චිත‍්‍රපටය තැබෙයි. ජීවිත විඥානය විසින් විඥානය සකසනු ලබන බව පිළිගැනීමයි හදගමගේ පෞද්ගලික විඥානය සහ සමාජ විඥානය අතර තනි තටුවෙන් පියාඹන්න දෝලනය වේ. පරිකල්පන සූක්‍ෂමතාවය වෙනුවට බියගුල්ලන්ගේ බියගුලූ දුපත් සංස්කෘතිය කණපිට හැරවීමෙහිලා ආක‍්‍රමික වන හදගමගේ තනි තටුවෙන් පියාඹන්න අයත්වන්නේ ජිප්සීස් කලාවට යැයි කියනු ලැබේ.
ජිප්සීස් කලාව යනු හදගම යනු බටහිර සංස්කෘතික යටත් විජිතවාදයේ ඒජන්තයකු යැයි හදුන්වනු ලැබේ. හදගම සිනමාවට නගන ගැහැණිය ද බටහිර පිරිමියකු මෙන් ජීවත් වීමට උත්සහ කරන්නියකි. හදගමයන් බටහිර ඊනියා කාන්තා විමුක්ති න්‍යාපාරය බටහිර ගැහැණුන් පිරිමින් බවට පත් කිරීම ආභාසයන්ට ලක් කිරීම.
හදගම කලක් ජනතා විමුක්ති පෙරමුණේ ඇති හොද හිතක් පැවැත් වුයේ ය. ඔකලත් මොහුට දේශ සීමා නොතිබුණා විය හැකිය. මාක්ස්වාදීන්ට ද ඇත්තේ යුරෝපීය හා ඇමරිකානු දේශසීමාය. මාක්ස්වාදීන් ද පියැඹුවේ තනි තටුවෙන්මය හදගම තනි තටුවෙන් ප‍්‍රශ්චාත් නුතනවාදී දිශාවකට පියඹා ඇත.
තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය තුළ ඊැබාසඑ ූමැැබ චිත‍්‍රපටයේ කුලානයන් විසින් දුෂණය කොට තලා පෙලා නිරුවත් කරන තරුණ පුලාන් ගම හරහා නිරුවතින් යන අවශ්ථාව සමාජයට යම් අර්ථකතනයක් ලබා දීමට උත්සහ කර ඇත.

තනි තටුවේ කාන්තාව මගින් ද අශෝක හදගම යම් අර්ථයක් මතු කරනු ලැබේ.
සංස්කෘතියට පහර ගැසු ලජ්ජා කෘතිය  හා සමාන සංස්කෘතික පහර ගැසීමක් තනි තටුවෙන් ද අපේක්‍ෂා කර ඇත.



x අක්‍ෂරය

මෙම චිත‍්‍රපටිය අතිශය ගැඹුරු නිර්මාණයකි. එය බලසම්පන්නය (දුබල සිත් ඇත්තවුන් සසල කරවන

සුලූය* අපේ සියලූම පුජනීය වනාන්තර වෙත එල්ල වු දැඩි පහරකි. වෘත්තාන්තය තුළින් විවාහමය සමාජ විද්‍යාත්මක සංස්කෘතික ආයතන වෙත යොමු වී තිබෙන උපහාසාත්මක පහරක් සේ සැලකිය යුතු එහි යටි පෙළ( *වටහා ගැනීමට විවේචකයන්ට අසීරු වීමට ඉඩ ඇත්තේය

අශෝක හදගමගේ අක්‍ෂරය මනෝ විශ්ලේෂණවාදයට අනුකූලව ක්‍ෂතියකින් (ඔර්මප්* යුක්ත නිර්මාණයකි.  ක්‍ෂතිය යනු සංකේතකරණය කළ නොහැකි සිදුවීම් ය.
ක්‍ෂතිය යනු සවිඥානිකව තේරුම්ගත නොහැකි දෙයක් පෙන්වා දෙයි.
                                                                       සිග්මන් ෆ්‍රොයිඞ්
මෙකී සිදුවීම් හුදු භාහිරින් සිදුවන්නක් නොවේ අශෝක හදගමයන්ගේ අක්‍ෂරය චිත‍්‍රපටයට ප‍්‍රස්තූත වනුයේ න්‍ධභ්ඔ්‍ය්ඵ ඨඛ්’ෑඍ අධ්‍යක්‍ෂණය කළ ඊෂඍඔ්‍ය චිත‍්‍රපටය උදාහරණයට ගනිමු.
ඊෂඍඔ්‍ය යනු සිත් සසල කරවන සංශයතාවය මනෝවිද්‍යාත්මක ගැඹුරින් පෙන්වන විශ්ෂ්ඨ චිත‍්‍රපටයකි.අක්‍ෂරය චිත‍්‍රපවය හා ගැලපීමට ප‍්‍රථමයෙන් මනෝවිද්‍යාත්මක ගැඹුරින් පෙන්වන විශිෂ්ඨ චිත‍්‍රපටයකි. මනෝ විශ්ලේෂණ ප‍්‍රවේශයක් දීම සදහා කතාවේ සාරාංශය මෙසේය.
ඇනා නිකෝල් කිඞ්මන් අවුරුදු 10ක වැන්දඔුවකි. ඇය අනාගතේ ගැන සිතා යළිත් විවහා වීමට යයි. ඒ ෙක්‍ා්සප් සමග ආරවුල් ඇති කරගනී. ඔහු ක්‍ෂතීයස මග සමග පොරබදයි. එය සවිඥානික කර ගනියි. එහු ගමන් කරන්නේ සංකේතයටයි. එකී ක‍්‍රියාදාමයම අක්‍ෂරය තුළ දැකගන හැකිය.
අක්‍ෂරය චිත‍්‍රපටයේ ක්‍ෂතීය අවශ්ථා
කෞතුකාගාරයේ ආරක්‍ෂකයාට නඩුකාරවරියගේ  ප‍්‍රබන්ධය ක්‍ෂතීයකි. එහු එම ක්‍ෂතිය සමග පොරබදී ඔහු ඒ තුළින් සවිඥානයට පිවිසෙයි. සංකේතයට පිවිසෙයි. අක්‍ෂරය ෆැන්ටසියකි. අක්‍ෂරය තුළ ෆැන්ටසි කරන්නේ කුමක්ද
නඩුකාරිය හා ඇයගේ ස්වාමියා අතර ලිංගික සංසර්ගයක් සිදුනොවේ.
වැඩිහිටි ස්ත‍්‍රයක හා පිරිමි ළමයෙකු එකට නෑම ක්‍ෂතියක් නොවේ වැඩිහිටි ස්ත‍්‍රිය කුඩා පිරිමි ළමයෙක්ට සිප ගැනීම ක්‍ෂතියක් නොවී ලංකාවේ එවැනි දේ ඇත්ත ලෝකයේ ඹ්තෑ තරම් සිදු වි සිදුවෙමින් සිදුවීමට ඉඩතිබිය දීත් මායාමය සිනමා කෘතියක් තුළ එවැනි දර්ශනයක් දැකීමෙන් වික්‍ෂිප්තශාවයටත් සංත‍්‍රාසයටත් සහසිකත්වයටත් පත
                   
                  හදගම මිනිසුන්ගේ චරිතයන්හි මනෝභාව මාර්ගයෙන් මානසික ප‍්‍රවණතාවන් පෙන්නුම් කිරීම සදහා උත්සහ ගනියි. ඔහුගේ අක්ෂරය සිනමා නිර්මාණයෙන් ප්‍රොයිඩියානු ඊඩිපස් සංකීර්ණය :ධැාසචමි ක්‍දපචකැං*  දැකිය හැකිය. අක්‍ෂරය චිත‍්‍රපටය ග‍්‍රීක ඛේදාන්ත නාට්‍යයක හැඩරුව අත්‍යන්තයෙන් ම වැළදගත් නිර්මාණයකි.





x විදු

විදු හා ඔහුගේ මව පාසැලේ සූදානම් කොට තිබෙන විශාල රැුස්වීමක් හා දේශපාලනඥයාගේ ඡුන්ද රැුස්වීමක් අතර දෝලනය වෙති. අවසානයේ දේශපාලනඥයාගේ රැුස්වීම වර්ජනය කිරීමට අදිටන් කර ගන්නා දෙදෙනා ම දෘඪතර ලෙස එම ආස්ථානයේ ම පිහිටා සිටිති.

විදුහල්පති ද නම්මා ගැනීමට දේශපාලනඥයා දරන තැත ද ව්‍යර්ථ කෙරේ.

පළමු ව හොඳින් කියා, දෙවැනි ව පගාව දී, තෙවැනි ව බලාත්කාරකම් හා මැරවරකම් ද කඩාකප්පල්කාරී ක‍්‍රියා ද කොට දේශපාලනඥයාට මේ තිදෙනා නම්මා ගැනීමට, ඔවුන්ගේ බල බිඳීමට බැරි වේ. එපමණක් නො ව දේශපාලනඥයාගේ පුතා හා විදුහල්පතිගේ දුව ද නොයෙක් ලෙසින් විදුට සහාය දෙති. අවසානයේ දී මේ ගැටුමින් දේශපාලනඥයා පැරදී මේ පුද්ගලයෝ ජය ගනිති. විදුගේ මව මුඩුක්කුවාසී ගණිකාවකි; තව ද ගැට කපන්නියකි. විදු වැල්ලේ කොලූවෙකි. මොවුහු ලූම්පිත කම්කරු පන්තියට අයත් ය. තව ද විදු ද විදුහල්පතිගේ දුව ද දේශපාලනඥයාගේ පුතා ද දසවියේ පමණ දරුවෝ ය. මොවුන්ට මෙලෙස දේශපාලන විරෝධය පෑමට දේශපාලන විඥානයක් ද ප‍්‍රතිරෝධය පෑමට හා පිළිමල් වීමට චිත්ත ධෛර්යයක් ද ලැබුණේ කෙසේ ද? රුසියාවේ පීඩිත ස්ත‍්‍රීන් පාන් බේකරිවලට පහර දීමෙන් 1905 පළමු රුසියානු විප්ලවය පුපුරා ආවේ ය. මුද්‍රණ කම්කරු ලියන් මුද්‍රණාලවලට රජය තැබූ මුද්‍රා කැඞීමෙන් 1917 රුසියානු විප්ලවය පුපුරා ආවේ ය. 1953 දී ශ‍්‍රී ලංකාවේ රත්ගම පීඩිත ස්ත‍්‍රීහු දුම්රියවලට ගමන් කරන්ට ඉඩ නො දී රේල් පාර මැද කිරිබත් උයාගෙන අනුභව කළහ. 1917 දී රුසියාවේ දුම්රිය පෝටර්වරු දුම්රිය ස්ථානාධිපතීන්ගේ ආසන ආක‍්‍රමණය කොට ඔවුන්ගේ වැඩ කළහ. මේවා ගැන අසා හෝ කියවා ඇති අය මෙහි දී මෙසේ අසන්ට පුළුවන: ලූම්පිතයන්ට හා දරුවන්ට එවැනි ධෛර්යයක් ලැබෙන්ට බැරි ද? රුසියාවේ දී ලැබුණේ නම් මෙහි දී ලැබෙන්ට බැරි ඇයි?

සමානකම් පෙනෙන සැම දෙයක් ම සමාන ය යන තර්ක ක‍්‍රමයට අනුව නම් මේ ප‍්‍රශ්නය සරි ය. එහෙත් සමානකම් පෙනෙන සැම දෙයක් ම සමාන නැත. ඒ උණ රෝගියාත් මේ උණ රෝගියාත් සමාන නැත. මේ සීනි රාත්තලත් ඒ සීනි රාත්තලත් සමාන නැත. ග‍්‍රීක දාර්ශනිකයෙකු කියූ පරිදි එක ගඟට දෙවරක් බසින්ට බැරි ය. ස්ත‍්‍රීන් බේකරි කැඞීමත් මුද්‍රණාල මුද්‍රා කඩා ඇතුළු වීමත් සිදු වූයේ බාහිර ලෝකයෙහි විප්ලව ගිනිදැල් නැඟ එමින් තිබෙන අතර ය. රත්ගම ස්ත‍්‍රීන් රේල් පාරේ කිරිබත් උයා ගෙන අනුභව කළේ මුළු ලංකාව පුරා හර්තාලය නැඟ එමින් තිබිය දී ය. මේ ගැට කපන ගණිකාවට ඒ ධෛර්යය ආවේ කොහින් ද? එය අහසින් කඩා පාත් වී ද? විදුට හා අනෙක් ළමයින් දෙදෙනාට මේ මන්ත‍්‍රී ධුරාපේක්ෂකයාට විරෝධය දැක්විය යුතු ය යන විඥානය කඩා පාත් වූයේ කොහෙන් ද? මෙවැනි දැයෙහි දීත් ළමයින් කරන්නේ අවිඥානක ව වැඩිහිටියන් අනුගමනය කිරීම යි. ඔවුන්ට අනුකරණය කිරීමට වැඩිහිටියන්ගේ එබඳු චර්යාවක් මෙහි වී ද? එබඳු කිසිවක් නැති ව මේ දරුවන් මෙසේ ක‍්‍රියා කරන්නේ කෙසේ ද? ‘‘විදු‘‘ පිළිබඳ ව මා සමඟ කථා කළ ඇතැම් අය පැවසුවේ හඳගමයන්ගේ චිත‍්‍රපටයේ හරය සම්මත යථාර්ථවාදී දෘෂ්ටිකෝණයට අසු නො වන බව යි; ෆැන්ටසි වැනි අධියථාර්ථවාදී රීතීන් ද චිත‍්‍රපටයේ පරිහරණය කොට ඇති බැවින් ඒ පිළිබඳ ව කරන විග‍්‍රහයක දී එම කරුණු ද සැලකිල්ලට ගත යුතු බව යි.

චිත‍්‍රපටයක හෝ වේවා වෙනත්  ඕනෑ ම කලා නිර්මාණයක හෝ වේවා තමන් කැමති රීතියක් පරිහරණය කිරීමේ අයිතිය නිර්මාණකරුවාට ඇත. ඒ පිළිබඳ ව අපි ප‍්‍රශ්න නො කරන්නෙමු. එය කලාකරුවාගේ නිදහස යි. කලාව යථාර්ථය ඥානනය කිරීමේ සුවිශේෂ විධියකි. කලාව ජීවිතය ඥානනය කරයි. කලාවේ විධය ජීවිතය යි; මෙය ම යථාර්ථය යි. එහෙත් කලාකරුවා කුමන රීතියක් පරිහරණය කළත් කලා කෘතියකින් ලෝකය හා මිනිසා සම්බන්ධ සත්‍යය ප‍්‍රකාශ කළ යුතු ම ය. මේ සිනමාවේ දේශපාලනය ඇතැයි බොහෝ දෙනා කියා තිබෙනු දුටුවෙමි.
ඔවුන් දේශපාලනය ලෙස අනන්‍ය කොට ඇත්තේ ඡුන්දාපේක්ෂකයාට සහයෝගය නො දී ප‍්‍රතිරෝධය පෑම යි. මොහුගේ ප‍්‍රතිවිරෝධී අපේක්ෂකයා විප්ලවවාදියෙකු වූයේ නම් හෝ විප්ලවයට සේවය කරන සන්ධානයකට අයත් වූයේ නම් හෝ මේ දක්වන ප‍්‍රතිවිරෝධය ප‍්‍රගතිශීලී දේශපාලනයක් වන්ට ඉඩ තිබිණ.

කෙසේ වෙතත් කටේ කිරි සුවඳ වත් නො ගිය දස හැවිදිරි දරුවෙකු තුළින් නම් නායකයෙකු පහළ විය නො හැකි ම ය. මෙවැනි නිරූපණ ගත යුත්තේ අධ්‍යක්ෂවරයාගේ මනෝ විකාර ලෙස ය. අනෙක් සැලකිය යුතු ප‍්‍රශ්නය නම් මෙකියන නායකයා පහළ වන්නේ කවර සමාජ පන්තියකින් ද යන්න යි. සිනමාවේ එන හැටියට නම් ඔහු පහළ වන්නේ ලූම්පිත නිර්ධන පන්තියෙනි (ඛමපචැබචරදකැඑරස්එ*. මෙය මෙතෙක් සිදු වූ පන්ති අරගළයන්ගේ ඉතිහාසය විකෘත කිරීමකි. ලූම්පිත නිර්ධන පන්තිය ‘‘සමාජ රොඩුපොත්ත‘‘ කියා ‘‘කොමියුනිස්ට් ප‍්‍රකාශන‘‘යෙහි හැඳින්වූ මාක්ස් හා එංගල්ස් එය ඉතා මත් භයානක පන්තිය ලෙස නම් කළෝ ය.

මීළඟට මාක්ස් මේ පන්තිය ගැන කථා කළේ ”18එය ඊරමප්සරු” නම් කෘතියෙහි ය. එහි කියා තිබෙන පරිදි මේ පන්තිය ‘‘අනික් පන්තිවල අහක දමන කුණුකන්දල් ය,‘‘ ‘‘විසිර ගිය ජන ගණයකි.‘‘ එයට ඇතුළත් වන්නෝ නම් ‘‘ධනපති පන්තියේ විනාශ වී ගිය, සාහසික අපශාඛාවකි; පාදඩයෝ ය; මුදා හළ සොල්දාදුවෝ ය; නිතර හිරේ වැටෙන්නෝ ය; ගැට කපන්නෝ ය; ගණිකා මඩම් පවත්වන්නෝ ය; කඩමාලූ ආදිය අවුලා ජීවත් වන්නෝ ය.‘‘
බලය සඳහා තම අරගලයේ දී ලූවී බොනපාට් රඳා සිටියේ මේ සමාජ ඛණ්ඩය මත ය. පසු කාලයේ දී ෆැසිස්ට්වාදය නැඟ ඒමේ දී ඊට මේ පන්තිය උපකාරී විය.



ඉනිඅවන්


මිනිසෙකු වන්නට උත්සහ කරන ත‍්‍රස්තවාදියා
ඉනි අවන්-ඉනියවන්
ඉන් පසු ඔහු සොඳුරු මිනිසෙකි.

ඉනි අවන්.... යනු ”ඉන් පසු ඔහු” යන්නය. ඉනියවන් අරුත ”සොඳුරු මිනිසා” ය. මේ වචන දෙකම සිංහලෙන් සහ දමිල භාෂාවෙන් හඳුන්වන චිත‍්‍රපටයක්. දැන් තිරගත වේ. සිංහලෙන් ඉනි අවන් ය. දෙමළෙන් ඉනියවන් ය.

ඉනි අවන්... අශෝක හඳගම නිර්මාණය කළ අලූත්ම චිත‍්‍රපටයයි. සිංහල නොව දමිළ චිත‍්‍රපටයකි. චිත‍්‍රපටයකට භාෂාව බාධාවක් නොවන නිසාම සිංහල පේ‍්‍රක්ෂකයන්ට ද ඉනි අවන් විවෘතය. සිංහලෙන් උප සිරැුසි සහිතය.

”ඉනි අවන්” පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයකු වටා දිවෙන කතාවකි. කතානායකයා ඔහු ය. ඔහුව චිත‍්‍රපටයේ හඳුන්වන්නේ ද ඔහු නමිනි. ‘චන්දකින්නරී‘ට පසු හඳගම හැ¥ කිසිම චිත‍්‍රපටයක චරිතවලට නම් නැත. ‘විදු‘ චිත‍්‍රපටයේ නම වුවත් එවැනි නමකින් චරිතය හැඳින්වූයේ නැත. ඉනිඅවන් චරිත ද එසේමය. නම් නැත.


x ඇගේ ඇස අග


වින්ඞ්ස්ක‍්‍රීනය මතට හී මෙන් වැටෙන වැහි කැට එසැණින්ම ඒ මත ගලා යයි. සර්පයන් මෙන් ඇදී යන     එකී වැහි ධාරා මාර්ගය අපැහැදිලි කරයි. වයිපරය ඒ මේ අත පැද්දෙමින් තැත් දරන්නේ මාර්ගය පැහැදිලි කර දීමට ය. නැවත නැවතත් එක ම දේ සිදු වේ. වැහි කැට වැටේ. වයිපරය පැද්දෙමින් ඒවා පිස දමයි. ආශාවන් හා බුද්ධිය ද අප මෙහෙයවන්නේ එලෙස ය. අනෙක් අතට එහි නිමාවක් නැත. හරියට සංසාර චක‍්‍රය වගේ ය.


හඳගම මේ අත ගසා ඇත්තේ අතිසංකීර්ණ සංසිද්ධියක් විග‍්‍රහ කිරීමටය එහි වූ සියුම් මනෝභාවයන් ස්පර්ශ කිරීමට ය; මායාවෙන් නොහොත් බොරු සුචරිතවාදයේ අළුවලින් වැසී ඇති ගිනි අඟුරු මතු කිරීමට ය. සදාතනික සත්‍යයන් පිටු දකින්නට නොහැකි බව කියා පෑමට ය. හඳගම කවදත් එහෙම ය. සිය වේදිකා නාට්‍ය මෙන් ම ටෙලි නාට්‍ය හරහා ද ඔහු සිය චින්තනය මෙහෙය වූයේ මෙකී යථාර්ථය ඔසවා තැබීමට ය.
ඇගේ ඇස අග’ සම්බන්ධයෙන් ඔහු දැරූ එකී ප‍්‍රයත්නය කෙතරම් දුරට සාර්ථක වී ඇති ද? මෙහි සිටින මහාචාර්යවරයා හා ඔහුගේ බිරියගේ චරිත, හඳගම නිරූපණය කරන්නේ පිරිමියා සහ ගැහැනියගේ සැබෑ ජීව විද්‍යාත්මක පදනමේ සිට මිස, සංස්කෘතික වශයෙන් මවා පා ඇති කුහක සුචරිතවාදයට ගැති වී නොවේ. එහෙත් හඳගමගේ එකී ප‍්‍රයත්නයට බාධා කරනුයේ ද මේ චරිත ම වීම අපූරු ඝට්ටනයකි. හඳගම තම අරමුණු සමඟ ගැටෙන්නට තමා විසින් ම ගොඩ නැගූ චරිතවලට අවස්ථාව සලසනු ලැබීම අපූරු ය. මෙහි සිටින මහාචාර්යවරයා හා ඔහුගේ බිරිය එකී ඝට්ටනය නිරූපණය කරන ප‍්‍රධාන චරිත ය. සීමා හා නීති පැනවිය නොහැකි වූ පේ‍්‍රමය හා ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔවුනොවුන් විසින් ම පනවා ගනු ලබන නීති රීති, ගිනි පුපුරු වසා ඇති අළු බව හඳගම පෙන්වා දෙන්නේ එකී චරිත නිරූපණය මඟිනි.
මධ්‍යම පාන්තික විවාහ සංස්ථාවේ පැවැත්ම සඳහා සිදුවිය යුතු යථාර්ථයේ සහ ෆැන්ටසියේ මුණගැසීමක් ලෙසට නොව, මේ ඝට්ටනය මෙහෙයවන ගැඹුරු සමාජ ව්‍යුහයක් (ධනේෂ්වර ආර්ථික ක්‍‍්‍රමය, රාජ්‍යය, පීතෘමූලිකවාදය, සංස්කෘතිය -උදාර සිංහල, බෞද්ධ* නොසලකා සෞන්දර්යාත්මකව සහ කලාත්මකව කරන පරිමාණික මායාවක් ලෙසයි. මේ අවමවාදී අවකාශය, මෙම සංසිද්ධීය සමාජීය වශයෙන් කොටුකිරීමට/සීමිත කිරීමට දරන මෙම වෑයමට බුද්ධාගම සහ පන්සල ඈඳාගැනීම සිංහල බෞද්ධ පුරුෂාධිපත්‍ය සංස්කෘතික සමීකරණය සම්පූර්ණ කිරීමක් බවට පත්වේ.

05.කෙටිකතා


”හදගම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප‍්‍රථම පන්ති සමාර්ථයක් සහිතව උපාධිය ලබාගන්නත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට පිළිගනු ලබන්නේ ඹහු ප‍්‍රසිද්ධියේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදියෙකු ලෙස පෙනී සිටීම නිසා යනු මගේ අවබෝධයයි ”(වර්ණකුලසුරිය,2013:107*
                                         
නාට්‍යකරුවෙකු සිනමාකරුවෙකු සේම හදගම කවියකු හා කෙටිකතා කරුවෙකු ලෙසද සිය අනන්‍යතාව ප‍්‍රකට කළා නිතර ලියන්නෙකු නොවුවත් මොහුගේ කවි හා කෙටි්කතා පුවත්පත්වල පලවී ඇත හදගමගේ එකී ේකකතා එකතුව අම්මා සහ සද එළිය කෙටිකතා සංග‍්‍රහය දැක්විය හැකිය
එම කෙටිකතාවේ පිදුම මෙසේ දැක්විය හැකිය
භෞතික විද්‍යාවත්
ගණිතයත්
ඉගෙනගන්න
සරසවියට පැමිණ මට
ඔහු
එතෛක් මා දකිමින් සිටි ජිවිතය දෙස
වෙනත් කෝණයකින් බලන්නට
කියා දුන්නේය
ඌන සංවර්ධිත ජීවිතය
ගැඹුරින් පහුරු ගා බලන්නට
පළමුවරට මා පෙළඔවු
ඒ තරුණ මිනිසාට
උපාලි ජයවීර සොසුරාට
මේ පොත පිදේ
හදගමයන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට බද්ධ වෙමින් සිය කලා හා සමාජ ජීවිතය ආරම්භ කළ හදගම පසුකාලීනව ජවිපේ අර්ථ ගැන්ටු පටු සීමා මායිම් තුළ කොටු නොවී ඉන් පිටතට පැන ගත්තා ඔහු වඩාත් නිදහස් හා විමසුම් ඇසින් ලෝකය දෙස බලන්නට වුණා.
අම්මා සහ සද එළිය

එම කෘතියේ පෙරවදන හදගම සදහන් කරන්නේ මෙසේය.
මේවා මේ රටේ ඒ ඒ කාලවල සිදු වු ඇගට දැනෙන කිසියම් දේශපාලනික සිද්ධියකට මා තුළ වු ප‍්‍රතිචාරයත් ක්‍ෂණික ප‍්‍රකාශන ලෙස එළි දැක්වු ඒවා මේ එකක්වත් මා මාස ගනන් ලියමින් නුවත සංස්කරණය කරමින් නැවත නැවත ලියමින් සැකසු ඒවා නොවේයි. එක හුස්මට ලියාගෙන ගිය එවා ඒ නිසාම මේවා කෙටිකතා හෝ කෙටිකතා නොවේ හෝ විය හැකියි.  
කෙ ටිකතා එකතුවක් ලෙස මගේ මේ රවනා පල කරමුයි හෙන්රි යෝජනා කළ විට දෙපාරක් හිතන්නට වුයේ එයයි ටිකක් දිගට හිතාගෙන යාමේ දී එසේ කිරීමේ වරදක් නැති බවපසක් වුනා. එ් නිගමනයට බලපෑ හේතු අතර ප‍්‍රධාන වුනේ පසුගිය වසර 10 තුළ මගේ චින්තනයේ වු පරිනාමය මේ රචනා තුළින් පිළිබිඔු වීමත් රටේ සමාජ දේශපාලනික පරිසරය තුළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ විරෝධාකල්පයන් නියෝජනය කළ තරුණයකු එහි පරිසරය සහ සංකල්පීය වශයෙන් ගැටෙන අයුරු මේ රචනා තුළ පරාවර්තනය වීමත්ය.
කෙටිකතා පොතේ එන සෑම කෙටිකතාවකටම පෙර සටහනක් සමගම එම කෙටිකතා ලියු වසරත් රවන ටිට තමන්ගේ වයසත් හදගම සදහන් කිරීම එසේ උදහරණයක් සැලකිල්ලට ගැනීමේ දී
ඒ අනුව වයස අවුරුදු 28 දී 1991 දී ලියු හාවා කෙටිකතාවේ පෙර සටහන මේ ආකාරයට සදහන් වේ.
”සෝවියටි දේෂයේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමත් ඉන්පසු ඇති වු අර්බුදකාරී  වතාවරණ යන වෛෂිකව විස්තර කරන්න පුඑවන් ආර්ථික විද්‍යාව හෝ දේශපාලන විද්‍යෘව ඇසුරෙන් එහෙත් කුඩා කළ සිටම සෝවියට් දේශයටත් ලෙනින්ටත් ඔක්තොම්බර් විප්ලවයටත් පෙම් බැද අප තුළ එම සිදුවීම ඇති කල මානසික කම්පනය සුඑපටු නොවෙයි. ඒ අපි කලාව සාහිත්‍ය හදුනා ගත්තේ සොවියට් රුසියානු ලේඛකයන්ගෙන් නිසා වෙල් ඉපනැල්ලට වඩා ජීවිතේටද ැකලා නෙතිබුන ස්ටෙප්ස් තණප බිම අපේ සිත් තුළ චමත්කාර රූප මවන්න සමත් වුනා සාමලා අමරලා වෙනුවට අපේ වීරයන් වුයේ සාමෙල්ලා නතාෂලා”

06.අන්තර් සංස්කෘතීන්ගේ අභාෂය
x සයිමන් නවගත්තේගම ආභාෂය

හදගම ඔහුගේ සමස්ත කලා භාවිතය තුළ ම සියුම් ලෙෂත් ගැඹුරු ලෙසත් සාකච්චා කරන්නේ මේ රටේ ලිංගික දේශපාලනයයි සමස්ත සමාජයේ ම බලය හා පැවැන්ම තීරණය කරන ලිංගික දේශපාලනය පිළිබද රූප මාධ්‍ය තුළින් මේ රටේ ඉතා දැනුවත්ව නිර්භවයට අත ගැසු නිර්මාණයක හා සෘජු ලෙසම සාකච්චාවට භාජනය කළ නිර්මාණකරුවා අශෝක හදගම බව මම අවධාරණය කරමි මොහුට මේ ආභාෂය එතැයි සිතන ගද්‍ය සාහිත්‍ය තුළ ඒ කාර්යයට නිර්භයව අත ගැසු නිර්මාණකරුවා සයිමන් නවගත්තේගමයි ඔහුගේ නිර්මාණ සමස්තයක් ඊට නිදසුන් සපයයි. හදගම ඔවුගේ

ප‍්‍රභාතය
දුන්හිද අද්දර
දියකැට පහන
සිනතටික් සිහින
                                         

වැනි ටෙලි නාට්‍ය තුළින් මෙන්ම

චන්ද කින්නරී
මේ මගේ සදයි
සද දඩයම
තනි තටුවෙන් පියාඹන්න
විදු
                                        වැනි නිර්මාණ තුළින් ඊට නිදසුන් සපයයි.

x ලතින් ඇමරිකානු ආභාෂය

ලතින් ඇමරිකානු චිත‍්‍රපටයන් තුළ අශෝක හදගම ජීවත් වීමට උත්සහ දරා ඇත.




x රුසියානු සාහිත්‍ය ආභාෂය

රුසියානු සංස්කෘතික පොත පත තුළ රුඩිකල්වාදී සිතුවිලි අවරෝධනය වේ. මොහු ඒ හරහා තම නිර්මාණශීලි ආභාෂය ලබාගනී. රුසියානු පොත පත අතර අම්මා කෘතිය ප‍්‍රයෝජනයට ගැනීම. ඒ හරහා ඔහු තත්කාලීන සමාජයේ ඇති බොහෝ දේ විග‍්‍රහ කරනු ලබන්නේ රැුඩිකල්වාදී දෘශ්ටි කෝණයන් යොදාගෙන ඇත. නුතනවාදී රැුඩිකල් වාමාංශික දේශපාලන දැක්ම සිනමා මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගතහොත් හදගමගේ පුර්වගාමියා වනුයේ ධර්මසේන පතිරාජයි. රැුඩිකල් වාමාංශික නියෝජනයක් ලෙස ඔහුගේ ඹබරු ඇවිත් සිනමාව කෘතිය හැදින්විය හැකිය.
ඔබරු ඇවිත් චිත‍්‍රපටයේ නියෝජන මාදිලිය හදගමගේ පශ්චාත් ජ.වි.පෙ. අවධියේ කලා කෘතියක (උද: දියකැටපහණ, සින්තැටික් සිහින, මේ මගේ සදයි* නියෝජන මාදිලිය සමඟ සංසන්ධනය කර බැලූවහොත් ඉතා පැහැදිලි වේ.

x ප‍්‍රශ්චාත් නුතනවාදී සිනමාව

මායාවි යථාර්ථය මෙන්ම ඛණ්ඩනය, ප‍්‍රවර්ග සංකලනය වැනි ප‍්‍රශ්චාත් නුතනවාදී ලක්‍ෂණ භාවිතය නිසා විදුගේ අත්දැකීමට තියුණු සමාජ මානයක් හිමිවේ.

x සිසෝෆ‍්‍රීනියානු වීර චරිත ආභාෂය

දගමගේ වීර චරිත පිළිබද විග‍්‍රහය

චන්\කින්නරී නන්දා
සද දඩයම ධර්මරත්න
මේ මගේ සදයි දෙමළ තරුණිය
තනි තටුවෙන් පියාඹන්න පිරිමි ගැහැනිය
අක්‍ෂරය විනිශ්චයකාරවරිය
විදු රුවන්
ඉනිඅවන් රතිධරන්
ඇගේ ඇස අඟ මහාචාර්යතුමාගේ බිරිද

හදගමගේ චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිතයට නමක් තිබුණත් එම නම කතාකරනු අපට ඇසෙන්නේ කලාතුරෙකිනි. මේවා සිසෝෆීනියානු වීර චරිත දැයි විමසීම ම මෙහි ලා අදාළ වේ. ”සිසෝෆීනියානු වීර චරිත යනු යහපත් මානසිකත්වයක් නැත් භින්න උන්මාදයෙන් යුතු ,උන්මත්තක හෝ දුරස් වු තමන්ගේ ම ලෝකයට ජීවත්වන චරිත පිළිබද නාමකරණයකි.

07.අශෝක හදගමගෙන් පසු නව පරපුර
 
හදගම නියෝජනය කරන ලිංගිකත්වය මුලික කරගත් සමාජ දේශපාලන ප‍්‍රකාශන රීතියේත් අඛණ්ඩ අනුප‍්‍රාප්තිතයන් දැකීම අසීරුය. අනුව‐දෙදහා දශකවල ප‍්‍රතිභාසම්පන්න සිනමා කරුවෝ කිහිපදෙනෙක් ම නිර්මාණකරණයට එළඹියහ. (ජැක්සන් ඇන්තනී‐ජුලියට්ගේ භූමිකාව ‐ 1990*  (ප‍්‍රියන්ත කොළඹගේ ‐ දැහැණ 1990* (සුදත් රෝහණ‐ 2003 සුදු කළුවර*  වැනි නිර්මාණකරුවන් විවිධ තේමාවන් ධාරාවන් කර ගනු ලැබුවද සිනමාව අරභයා පැන නැගී සිනමා තහංචි විවිධ මතවාද හා විරෝධතා ද නව මාවත් ගවේෂණය සීම කළ බව පෙනේ.
ඔහුගේ රුඩිකල් මතවාද රුගෙන යන්නෙක් ලෙස,
ජැක්සන් ඇන්තනී
කමල් අද්දරාරච්චි
08.නිගමන

අශෝක හදගම යනු අද්‍යතනය වන විට සිනමාව, වේදිකාව හා රූපවාහිනිය යන මාධ්‍ය ත‍්‍රිත්වය සිසාරා සිය ප‍්‍රතිභාව වපුළ නිර්මාණකරුවෙක් ය. ඔහු විසින් පාදක කර ගනු ලැබු දෘශ්ටියත් සමාජ යථාර්තයත් එයින් ඔබිබට ගිය අන්තර්සංස්කෘතික මුහුණුවරත් දැකගත හැකිය. පුළුල් දෘශ්ටියක පිහිටා කටයුතු කරන සංස්කෘතික පසුබිමක් කලාත්ම ඇසක් දැකගත හැකිය. විවිධ රටවල්හි නිර්මාණකරණයන් ලිළිබද මනා දැක්මක් ඔහු සතුබව සාක්‍ෂාත් වේ. එකී විවිධ ආභාෂයන් ඔස්සේ නව නිර්මාණ කරනයේ නිර්මාණකරුවා වීමටත් ඔහු සමත් විය. නිර්මාණකරණයේ දී අන්තර් සංස්කෘතික වපසරිය වඩාත් වැදගත් බව කිව යුතුය.