Thursday 26 April 2018

මනුස්සකම



සංකීර්ණ සමාජ පරිසරයන්  සමග උරෙනුර ගැටෙන මිනිසාට විවිධ වු පුද්ගල කණ්ඩායම්, විවිධ ආයතන සහ විවිධ ඉගෙනුම් කණ්ඩායම් සමග ගනුදෙනු කරන්නට සිදුවේ. ඔය අතරෙදි තමයි අපේම කියලා සලකන අපේ ම ජාතියේ උන්, අපේ ප‍්‍රදේශයෙන් ගිය උන්, අපේ ගමෙන් ගිය උන් අපිට මුණගැහෙන්නේ ඒ වගේ පුද්ගලයන් බොහෝ දෙනෙක් හමුව ඇතත් ඔවුන්ගේන් උපකාරයක් ලබාගැනීම ඉබ්බාගෙන් පිහාටු ගන්නාක් වැනිය. දිනක් යම් ආයතනයකට ගිය මට ‘ඔය නංගි කොහෙද’, ‘එතකොට ඔය නංගි කොහෙද’ කිය කියා අසාගෙන විත් ඔන්න මගෙනුත් අහනවා අවසානෙට ගමේ නම කිව්ව සැනින් ‘මමත් ඒ පැත්තෙනි’ යැයි කියන්නේ මුළාදැනි මෙන්, සැනසුම් සුසුම් ලත් මා ‘අනේ හොදයි’ යැයි, පවසනුයේ නිහතමානිවයි. අපේ පැත්තේ නම් වැෙඩි කරලා දේවි යැයි සිතා මමත් ආඩම්බර වුනා ඔන්න, ටික වේලාවකින් එම පුද්ගලයා ‘අපෝ එහෙද’ යැයි කියා සමච්චලයට මා දෙසා බලා මා ගොෙඩි යැයි සගවන වචනයකුත් කියා මගේ මිත‍්‍රයන් සමග ඔහු ද හරි හරියට සිනාවිය. කරගෙන යාමට පැමිණි රාජකාරිය කර අවසන් වන තුරුම මට ඔහු ඇනයක් විය. ඔහු එතන ප‍්‍රධානියා නොවුවාද ප‍්‍රධානියා මෙන් කටයුතු කරන්නට විය. මගේ රාජකාරිය අවසන් වන තරුම මා දෙස බැලූවේ හොර වැඩකට පැමිණි හෙරක් ලෙසය. මිත‍්‍රයන් ද විශ්මයෙන් මා දෙස බැලූවේ ඔහුගේ ඒ කි‍්‍රයාව දැකීමෙනි ඔවුන් තුළ ද ලත් කලකිරීමෙනි. එකී කි‍්‍රයාවලිය  මම නම් දුටු පමණින් සිතුවේ ඉගීනීමෙන් ලත් රුකියාවක් නොවන බවය. අපේ ම උන් අපිට ම වල කපන්නේ මෙහෙමයි. කසේරුකාව ඉදිමුණාට ඔවුනුත් මිනිස්සු තමන්ටවත් අවංක නැති මිනිසත්කම තවකෙකුට පිරිනමන්නේ කෙසේ ද යන්්න මට ඇති ගැටලූවයි. අපේ අටේ බොහෝමයක් මිනිස්සුන් ට ඔලූවක් තිබුණට මොළය ඉදිමිලා, සිතක් තිබුණට එය මුදලට ධනයට, බලයට උකසට තියලා, කොන්දක් තිබුණට ඒකත් උජාරුවට ඉදිමිලා. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවටයි, එහෙවු ජාතියක සංහිදියාව උගහට තමා තුළ සාමය පසුව අනෙකා තුළ සාමය තමා කවුද කියා හදුනන්නේ නැති ගෝති‍්‍රක යුගයට එහා ජීවත් වන හිතක් පපුවක් නැති කුහක ජාතියක් වුනේ කොහොම ද, අපේ රට, අපේ ජාතිය, අපේ ගම, අපේ කම සහ අපේ ආගමක් හදුනන්නේ නැති ජාතියකට සංහිදියාව වචනය ලගින්වත් තියන්න පුළුවන් ද අම්මපා, තමන්ගේ එකෙක් අමාරුවෙන් ඉහලට යනකොට කකුලෙන් අදිනවා නම්, එකිනෙකා උදවු කරගැනීමට මැලි අමන ජාතියක් නම් ‘සංහිදියාව’ හුදෙක් වචනයකට සීමා කරමු. මුලින් තමා ආදර්ශයට ගෙන රටට රටේ ජානතාවට ආදරය කරමු. මනුස්සකම් කුණු කොල්ලේට නොවිකුණා කරුණාව, දයාව, තවකෙකුට ගරු කිරීමට, උදවු උපකාර කරන්්න ඒ වගේ ම පෙරළා කෙළෙහිගුණ දක්වන ජාතියක් වෙමු. ඉදිමුණු මොළගෙඩි, ඉදිමුණ කසේරුකා දිග හැර කරුණාවන්ත හදවතකින් ලොව දකින්න පුරුදු වෙමු. තමන්ගේ එකාව උස්තැන්හි තබන අනිකාට සෙවණැල්ලක් වන ජාතියක් වෙමු.   



                                                                         චලනි කරුණාතිලක
                                                                         කැලණිය විශ්වවිද්‍යාලය 
   

7 comments:

අදහස්