Sunday, 29 May 2022

සිනමාවෙහි හැඩහුරුව

 


රූපවාහිනී මාධ්‍ය බිහිවන්නේ ඊට පෙර පැවැති මාධ්‍යයන්ගේ තාක්ෂණික ශක්‍යතාවන් ආශ‍්‍රය කරගෙනය. ඒ අතරත් සිනමාවෙහි තාක්ෂණික තත්වයන් බොහෝ විට සෘජු ලෙසම රූපවාහිනී මාධ්‍යයෙහි වර්ධනය සඳහා බලපා ඇත. සිනමාවෙහි ඇති හැකියාවන් හා භාවිත කිරීමේ තාක්ෂණික ක‍්‍රම ඒ අයුරින්ම නොවූවත් රූපවාහිනී මාධ්‍ය බිහිවන්නේම සහ තවදුරටත් පවතින්නේ සිනමාවෙහි මූලික ව්‍යාකරණ ආශි‍්‍රතවය. ඒ අනුව සිනමාවෙහි රූපය භාවිතා කරන ආකාරය පිළිබඳ අධ්‍යයනයේදී බොහෝ විට එකම විෂය පථයක් ඔස්සේ අධ්‍යයනය කිරීමට සිදුවේ. සිනමාව මෙන්ම රූපවාහිනියද, විශේෂයෙන්ම රූපය හා ශබ්දය කේන්ද්‍රීය කොටගත් සංඥා පද්ධතියකි. එය සුවිශේෂ භාෂාවක් වන අතර මෙම භාෂාව තේරුම් ගැනීම සඳහා ප‍්‍රවේශය ලබාගත හැක්කේ සංඥාර්ථවේදය මඟිනි. දෘශ්‍ය භාෂාවේ ඇති විශේෂත්වය වන්නේ මානව විඥානයේ විවිධ තලවල පවතින විවිධ හා සංකීර්ණ මනෝභාවයන් සියුම්ව ප‍්‍රතිනිර්මාණය කිරීමෙහි ඇති හැකියාවයි.රූපවාහිනී මාධ්‍යයේ හා විශේෂයෙන්ම සිනමාවෙහි අර්ථ ජනනය කරන්නේ සංඥා හා සංඥා පද්ධති අතර පවතින සම්බන්ධතාවන් හරහාය. යම් දෘශ්‍ය කෘතියක අර්ථ ජනනය කිරීම කෙරෙහි එහි නිර්මාණකරු මෙන්ම පේ්‍රක්ෂකයාද සක‍්‍රීයව සම්බන්ධ වේ. නිර්මාණකරු විසින් ආඛ්‍යානයෙහි දාශ්‍ය සමෝධානය මගින් විවිධ අර්ථ නිෂ්පාදනය කරන අතර පේ‍්‍රක්ෂකයා ද එම ආඛ්‍යානවල සංඥා පද්ධති කියවීම මගින් විවිධ අර්ථ ජනනය කරයි. දෘශ්‍ය මාධ්‍යයෙහි ඇති මෙම සුවිශේෂත්වය නිසා එය සංඥාකාරක පද්ධතියක් ලෙස ද සැලකිය හැකිය. එහි ඇති සියලූ සංඥාවක්ම සතු අර්ථ නිශ්චිත ඓතිහාසික සංස්කෘතික සෞන්දර්යක් තුළදී ක‍්‍රමානුකූලව සකස්වී ඇති අර්ථ පද්ධති වේ.

සංඥාර්ථවේදය මගින් දෘශ්‍ය මාධ්‍යයෙහි අන්තර්ගතයන්හි අර්ථ අධ්‍යයනය කිරීම ස`දහා න්‍යායික රාමුවක් සම්පාදනය කරනවා පමණක් නොව ඕනෑම සංස්කෘතික වියමනක් භාෂාවක් හැටියට කියවීමට අවශ්‍ය කරන ප‍්‍රවේශයක් ද නිර්මාණය කරයි. සංඥාර්ථවේදයට අනුව දෘශ්‍ය නිර්මාණයක අර්ථ ග‍්‍රහණය කරගත හැක්කේ නිර්මාණකරුගේ අරමුණු හෝ අදහස්, අදාළ පේ‍්‍රක්ෂකයාගේ අර්ථකථන විග‍්‍රහ කරමින් නොව සංකේත, වටිනාකම් හා ඒවා අතර පවතින සබඳතා පාදක කරගෙනය. එනම් අර්ථ නිෂ්පාදනය වන්නේ නිර්මාණකරු හෝ අදාළ ආඛ්‍යානය සමග නොවේ. සංඥාව අර්ථ සම්පේ‍්‍රෂණය නොකරන අතර එය අර්ථ නිර්මාණය කිරීමේ මාධ්‍යයක් වශයෙන් ක‍්‍රියා කරයි. මේ අනුව පැහැදිලි වන සත්‍යයක් වන්නේ රූපවාහිනී දෘශ්‍ය මඟින් පැහැදිලි ලෙසම යථාර්ථය පරාවර්තනය කරනවාට වඩා එය නිර්මිත කිරීමේ සංඥාකාරක පද්ධතියක් වශයෙන් ක‍්‍රියාකරන බවයි. සංඥාර්ථවේදය මඟින් චිත‍්‍රපටයේ, රූපවාහිනී ආඛ්‍යානයේ අර්ථ නිෂ්පාදනය හා සම්බන්ධ රූප පද්ධතිවල ව්‍යුහාත්මක සබඳතා විශ්ලේෂණය කරනු ලබයි. අර්ථය ජනනය වන්නේ නිර්මාණය/දෘශ්‍ය ආඛ්‍යානය හා පේ‍්‍රක්ෂකයා අතර ඇතිවන සම්බන්ධය හේතුවෙනි. පේ‍්‍රක්ෂකයා යම් දෘශ්‍ය ආඛ්‍යානයක් කියවනු ලබන්නේ අර්ථය හරහායි.

සෑම දෘශ්‍ය රාමුවක් මඟින්ම අර්ථයක් ජනනය කරනු ලබන අතර එය සංඥා හරහා සිදුකරනු ලබයි. අදාළ ආඛ්‍යානය ගොඩනගනු ලබන නිර්මාණකරුවා පංචේන්ද්‍රියන් හරහා යථාර්ථය ග‍්‍රහණය කරගෙන එහි පඨිතය (Text)  නිර්මාණය කරනු ලබයි. එය නැවැත පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණය කරගනු ලබන්නේ ද, සංඥා හරහාම වේ. මෙහිදී නිර්මාණකරු විසින් පළමුව යථාර්ථය පරාවර්ථනය කර ගැනීම, තම මනස තුළ එය අර්ථකථනය කර ගැනීම, අදාළ පඨිතය නිර්මාණය කිරීම හා එය පේ‍්‍රක්ෂකයා වෙත සම්පේ‍්‍රෂණය කිරීම යන කි‍්‍රයාවලිය සිදුකරනු ලබයි. සිනමා මාධ්‍යයේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේදී ද යථාර්ථය පරාවර්ථනය කරගන්නේ තාක්ෂණය භාවිතයෙන් කැමරාව මගිනි. පරාවර්තනය කරගත් යථාර්ථය සංඥා බවට පත්කරගත් පසු පේ‍්‍රක්ෂකයාට ලබාදීම සිදුකරන අතර පේ‍්‍රක්ෂකයා හා නිර්මාණකරු අතර සම්බන්ධය සංඥා හරහා ගොඩනැගීම සිදුවේ. යම් පඨිතයක් සඳහා යථාර්ථය පරාවර්ථනය කිරීමේදී අදාළ සිදුවීම විස්තර කිරීම (Descriptive Information), විධානික තොරතුරු (Prescriptive Information), තොරතුරට වටිනාකමක් ලබාදීම (Valuable) සහ ප‍්‍රතිමානික (Normative) තොරතුරු ඇතුලත් වේ.

එක් රූපයක් අනෙකට දක්වන සම්බන්ධතා පද්ධතිය තුළ අර්ථ ජනනය වීම සිදුවේ. ඒ අනුව සිනමාවේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේ වැඩසටහන් තුළත් අර්ථ ජනනය වීම සිදුවන්නේ එක් එක් රූපයේ පවතිින ස්වයංසාධනීය ගුණයක් නිසා නොව රූප අතර පවතින වෙනස්කම් හෝ භේදතා සංකල්පය තුළය. සිනමාව මෙන්ම සිනමාවෙහි ව්‍යාකරණ භාවිතා කරන රූපවාහිනී මාධ්‍යයෙත් දෘශ්‍ය නිර්මාණ, කෘති අවබෝධකර ගැනීම සඳහා සංඥාර්ථවේදී ප‍්‍රවේශය තීරණාත්මක සාධකයක් වන්නේ එමනිසාය. බ‍්‍රව්ඩි සහ මාර්ෂල් (Broudy & Marshal 1998) දක්වන පරිදි සංඥාර්ථවේදය යනු සළකුණුවල (Sign) න්‍යායයි. වාග් විද්‍යාව භාෂාවක සංඥා පද්ධතිය පිළිබඳව වූ න්‍යාය වන්නාසේම සංඥාර්ථවේදය සිනමාවෙහි, චිත‍්‍රපටයෙහි සංකේත පද්ධතිය පිළිබඳව වූ න්‍යායයි. වෙනත් සාහිත්‍යමය භාෂා මෙන් සිනමා භාෂාව අර්ථකතනය කිරීමට යාම යථාර්ථවාදී නොවන නමුත් සිනමාව හා රූපවාහිනී මාධ්‍යයේ විශේෂ අධ්‍යක්ෂණයක් හරහා විශේෂ සංකේත (Codes) හා සංඥා (Sign) භාවිතා කරමින් ගොඩනගන්නාවූ සුවිශේෂී ව්‍යුහයක් හෝ ව්‍යාකරණයකින් සමන්විත වේ. ලෙවි ස්ටුවට්ස් (Levi-Strauss) ගේ සිටම සංඥාර්ථවේදීන් මේ පිළිබඳ විග‍්‍රහ කිරීමට උත්සාහ දරා තිබේ. කිසියම් භාෂාවකින් ලියවුන යම් සාහිත්‍ය වියමනක් (Literature Text) අප එම භාෂාවේ සංකේත හා සංඥා-අක්ෂර, වචන භාවිතයෙන් කියවන ආකාරයෙන්ම රූපවාහිනී හෝ සිනමා මාධ්‍යයේ ඇතැම් ප‍්‍රතිරූප (Visual Images) කියවීම සඳහාද සිනමාත්මක භාෂාවේ සංඥා සහ සංකේත පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වේ. යම් භාෂාවක් හා දෘශ්‍ය මාධ්‍ය අතර මෙවැනි විභේදනයක් පවතින අතරම සුවිශේෂ සමානතා ද දෘශ්‍ය මාධ්‍ය සංඥාර්ථ හරහා අධ්‍යනය කළ හැකිය. ජේම්ස් දක්වන්නේ (James 1982) සෝෂියර් විසින් භාෂාව විචාර ක‍්‍රමවේදයක් (Method for Analysis) වශයෙන් හඳුන්වාදීමත් සමග සිනමා විචාරය සඳහාද සංඥාර්ථවේදය භාවිතා කරන්නට පටන්ගෙන ඇති

 මෙට්ස් සිනමා භාෂාව පිළිබඳව දැක්වූ අදහසට වඩා වෙනස් අදහසක් පීටර් වොලන් (Peter Wollen) ඉදිරිපත් කරන අතර ව්‍යාංගාර්ථයෙන් (Connotation/Sub Text) ඉදිරිපත් කරනු ලබන ප‍්‍රකාශනය සිනමා භාෂාවේ වැදගත් කොටසක් වන බව අවධාරණය කරයි. චිත‍්‍රපටයක කතා වස්තුවෙහි රංගනයේ යෙදෙන චරිතයන්හි ස්වභාවය, ඔවුන් කුමක් කරන්නේද යනාදී විවිධ ස්වරූප කතා වස්තුවෙහි වෙනත් සංඥා  (Clues) මඟින් හඟවන බව වොලන් අදහස් කරයි. මේ අනුව මුඛ්‍යාර්ථයෙහි මෙන්ම ව්‍යාංගාර්ථයෙහි අන්‍යොන්‍ය පැවැත්ම, සිනමා මාධ්‍යය, රූපවාහිනී මාධ්‍යය, චිත‍්‍රය (Painting) හෝ ඕනෑම දෘශ්‍ය මාධ්‍යයක් තේරුම් ගැනීමේදී අත්‍යවශ්‍ය වන අතර මෙම දෙකින් එකක් හැරදා ඉවත්විය නොහැකි බව අවධාරණය කරයි.

රූප කණ්ඩය (Shot) කුඩාම ඒකකය ලෙස හඳුනාගැනීමට උත්සාහ ගැනීම වෙනුවට පියර් පැවුලෝ පසෝලිනී (Pier Paolo Passolini) ගේ අධ්‍යයනය අනුව පැහැදිලි වන්නේ රූප ඛණ්ඩයක සංකේතාත්මක වස්තූන් මඟින් කුඩාම ඒකකයක් නිර්මාණය වන බවයි. මෙම කුඩාම ඒකකය පිළිබඳ හඳුනාගැනීම නිසා සිනමාවට ද්විත්ව උච්චාරණයක් (Double Articulation) තිබිය හැකි බව මොහුගේ අදහසයි. භාෂාවෙහි ශබ්දානු (Phonemes) සහ පදානු (Morphemes) සම්බන්ධවී වාක්‍ය සකස්වන අයුරින් සිනමාවේ දෘශ්‍ය ප‍්‍රතිරූපය (Visual Image) සහ ශබ්දය එක්වීමෙන් සංහිතාවන් (Syntagmas) නිෂ්පාදනය වන බව ස්ටෑම්ගේ (Stam, 2000) අදහසයි. ඒ අනුව එක් රූප කණ්ඩයකින් වෙනත් රූප කණ්ඩයකට චලනය වීමේදී චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයාට විවිධ අර්ථ සන්නිවේදනයක් කරයි. විවිධාකාරවූ සංඥාකාරක යොදාගනිමින් මේ අයුරින් නිර්මාණකරුවන් විසින් පේ‍්‍රක්ෂකයාගේ මනස තුළ විවිධ ආකාරයේ සංඥාකෘත හෙවත් අදහස් ආරෝපණය කිරීමට උත්සාහ දරයි. එම කාර්ය ඉතා සාර්ථක ලෙස කිරීම සඳහා රූපවාහිනී මාධ්‍යයේදී යොදාගනු ලබන විවිධ සංඥා කාරක වන ආලෝක තත්වයන්, නළු නිළියන්, රංගනය, කැමරාවෙහි තාක්ෂණය ආශි‍්‍රතව සෞන්දර්ය ගොඩනැගිය හැකි කැමරා චලනයන්, විවිධ වර්ගයේ රූප (Shots), සංගීතය, වේශනිරූපණය, දෘශ්‍ය ප‍්‍රයෝග, කලා අධ්‍යක්ෂණය ආදිය යොදාගනී. රූපවාහිනිය මඟින් නිෂ්පාදනය කොට බෙදාහරින නිර්මාණ තුළ අඩංගු සෑම සංඥාවක්ම සතු අර්ථ නිශ්චිත ඓතිහාසික සෞන්දර්යයක් තුළදී ක‍්‍රමානුකූලව සකස්වූ අර්ථ පද්ධති වේ. මේ අයුරින් නිර්මාණය කරනු ලබන දෘශ්‍යමය අර්ථ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වේ.

පීටර් වොලන්ගේ සිනමා විචාරයේ මූලිකාංග වනුයේ ප‍්‍රතිමාත්මක (Iconic) සහ සුව්‍යාත්මක (Indexical) ලක්ෂණයි. මෙට්ස් විසින් වාග් විද්‍යාත්මක භාෂාව සහ සිනමා භාෂාවෙහි මූලික එ්කක පිළිබඳ විචාරයක් කිරීමට උත්සාහ දරා තිබුණද වොලන්ගේ මතය වන්නේ  (Wollen 1972) වාග්විද්‍යාත්මක ප‍්‍රකාශනයකට වඩා සිනමාවෙහි සුවිශේෂ සංකේත හරහා කාව්‍යාත්මක (Poetic), නිර්මාණාත්මක ප‍්‍රකාශනයක් සිදුවන බවයි. සංඥාර්ථවේදය පිළිබඳ වොලන්ගේ විග‍්‍රහයේදී මෙට්ස්ගේ අදහසක් වන සිනමාවේ සංඥාර්ථවේදය යනු සිනමාත්මක පණිවිඩයෙහි, සන්දේශයෙහි භාවිතාකර තිබෙන ප‍්‍රධානතම හැඟවීමේ (Signifying) එ්කකවල පිළිවෙල සහ කාර්යය පිළිබඳ අධ්‍යයනය කිරීම යන මතය බැහැර කරයි. ඒ වෙනුවට දෘශ්‍ය සංරචනයේ සෞන්දර්ය පිළිබ`ද ප‍්‍රවේශයක් ඉදිරිපත් කර ඇත. මේ ස`දහා ඔහු විසින් ප‍්‍රධාන අංග තුනක් පිළිබ`දව අධ්‍යයනය කර තිබේ. එස්.එම්.අයිසන්ස්ටයින්්ගේ නිර්මාණාත්මක හ`දුන්වාදීම්, අධ්‍යක්ෂවරයාගේ කාර්යයේදී තේමාවල සහ රූපවල ප‍්‍රතිවර්තනය (Recurrence) සහ සංඥා පිළිබ`ද පොදු අධ්‍යයනයෙහි අංශයක් ලෙස සිනමා මාධ්‍ය අධ්‍යයනය කිරීම එම අංග තුන වේ.

ග්‍රෙගරි ක්‍යුරි (Gregory Currie) නැමැති සංඥාර්ථවේදියාගේ මතය වන්නේ (Currie, 1995) සිනමාත්මක නිරූපණය (Cinematic Representation) පූර්ණ වශයෙන්ම වාග්විද්‍යාත්මක (Linguistic)  හෝ තරමක් වාග්විද්‍යාත්මක (Quasi-Linguistic) හෝ දුරස්ථ වශයෙන් හෝ වාග්විද්‍යාත්මක (Remotely Linguistic) නොවන බවයි. විවිධ මට්ටමින් මෙට්ස් සහ වොලන් විසින් සිනමාවෙහි සංඥාර්ථවේදය පිළිබඳව පළකර තිබූ වාග්විද්‍යාත්මක ප‍්‍රවේශය ග්‍රෙගරි විසින් ප‍්‍රතික්ෂේප කරයි. සාහිත්‍යමය භාෂාව හා සම්බන්ධ පසුබිමක සිට සිනමාත්මක භාෂාව විග‍්‍රහ කිරීමට උත්සාහ දරා ඇති සියළුම උත්සාහයන් මොහු ප‍්‍රතික්ෂේප කරයි. මූලික වශයෙන්ම රූපවල චලනය, නිර්මාණය සමග පේ‍්‍රක්ෂකයා දක්වන සම්බන්ධතාව, නිර්මාණය ඉදිරිපත්කරන ආඛ්‍යානයෙහි ස්වභාවය පිළිබ`දව අවධානය යොමු කරන අතර මෙම මාධ්‍යයෙහි සංඥාර්ථ භාවිතය හා මනෝවිශ්ලේෂණාත්මක භාවිතය පිළිබ`දව විශේෂ අවධානය යොමු කරයි.

සංඥාර්ථවේදයට අනුව දෘශ්‍ය නිර්මාණයක අර්ථ ග‍්‍රහණය කරගත හැක්කේ නිර්මාණ කරුගේ අරමුණු හෝ අදහස්, අදාළ පේ‍්‍රක්ෂකයාගේ අර්ථකථන විග‍්‍රහ කරමින් නොව සංකේත, වටිනාකම් හා ඒවා අතර පවතින සබඳතා පාදක කරගෙනය. එනම් අර්ථ නිෂ්පාදනය වන්නේ නිර්මාණකරු හෝ අදාළ ආඛ්‍යානය සමග නොවේ. සංඥාව අර්ථ සම්පේ‍්‍රෂණය නොකරන අතර එය අර්ථ නිර්මාණය කිරීමේ මාධ්‍යයක් වශයෙන් ක‍්‍රියා කරයි. මේ අනුව පැහැදිලි වන සත්‍යයක් වන්නේ රූපවාහිනී දෘශ්‍ය මඟින් පැහැදිලි ලෙසම යථාර්ථය පරාවර්තනය කරනවාට වඩා එය නිර්මිත කිරීමේ සංඥාකාරක පද්ධතියක් වශයෙන් ක‍්‍රියාකරන බවයි. සංඥාර්ථවේදය මඟින් චිත‍්‍රපටයේ, රූපවාහිනී ආඛ්‍යානයේ අර්ථ නිෂ්පාදනය හා සම්බන්ධ රූප පද්ධතිවල ව්‍යුහාත්මක සබඳතා විශ්ලේෂණය කරනු ලබයි. මෙහි එක් රූපයක් අනෙකට දක්වන සම්බන්ධතා පද්ධතිය තුළ අර්ථ ජනනය වීම සිදුවේ. ඒ අනුව සිනමාවේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේ වැඩසටහන් තුළත් අර්ථ ජනනය වීම සිදුවන්නේ එක් එක් රූපයේ පවතිින ස්වයංසාධනීය ගුණයක් නිසා නොව රූප අතර පවතින වෙනස්කම් හෝ භේදතා සංකල්පය තුළය. සිනමාව මෙන්ම සිනමාවෙහි ව්‍යාකරණ භාවිතා කරන රූපවාහිනී මාධ්‍යයෙත් දෘශ්‍ය නිර්මාණ, කෘති අවබෝධකර ගැනීම සඳහා සංඥාර්ථවේදී ප‍්‍රවේශය තීරණාත්මක සාධකයක් වන්නේ එමනිසාය.

රූපවාහිනීි දෘශ්‍ය ප‍්‍රකාශනය ගොඩනැඟීමේදී රූපවාහිනියේ තාක්‍ෂණික මූලිකාංග පදනම් වේ. එනම් රූප සංරචනය, කැමරාකරණය සංස්කරණය, ආලෝකකරණය ආදියයි. මූලික වශයෙන් රූපවාහිනියේ ඉහත ක්ෂේත‍්‍ර මඟින් රූපවාහිනී සෞන්දර්ය පදනම් වේ. කෙසේ වුවත් රූපවාහිනියේ සමස්ත ශ‍්‍රව්‍ය දෘශ්‍ය ප‍්‍රකාශනයම සංඥාර්ථවේදී එළඹුමක් මත ක‍්‍රියාත්මක වේ. රූපවාහිනිය මඟින් ඉදිරිපත්වන සමස්ත ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය, සංඥාවන් හරහා එය ප‍්‍රකාශයට පත්වේ. සමස්ත රූපවාහිනීි සෞන්දර්ය මූලිකාංග සංඥාර්ථවේදය මත පදනම්වී තිබේ. රූපවාහිනිය සංඥාවන්ගේ ප‍්‍රකාශනයක් වේ. රූපවාහිනී රූප භාෂාවට අදාළ සංඥාවන් එහි අර්ථ නිෂ්පත්තිය සිදු කරයි. පිළිගත් සම්මත දෘශ්‍ය භාෂාවක් ආශ‍්‍රයෙන් රූපවාහිනී දෘශ්‍ය ප‍්‍රකාශනය මගින් අර්ථ ගොඩ නැගීම සිදු කරයි.

උම්බර්තෝ එකෝ (Eco, 1986)  සහ Garroni වැනි සංඥාර්ථවේදීන් පැසෝලිනීගේ අදහස සමඟ එකඟ නොවන අතර ඔහුගේ ද්විත්ව සුච්චාරණය පිළිබඳ අදහස ව්‍යාකූල එකක් බව අදහස් කරයි. එකෝගේ අදහසට අනුව වස්තූන් දැනටමත් අර්ථවත් ද්‍රව්‍ය වන අතර ඒවාට ද්විතීයික සන්ධානයක් නොපවතින බව අදහස් කරයි. තවදුරටත් ස්ටෑම් දක්වන පරිදි (Stam, 2000) භාෂාවෙහි ශබ්දානු (Phonemes) සහ පදානු (Morphemes) සම්බන්ධවී වාක්‍ය සකස්වන අයුරින් සිනමාවේ දෘශ්‍ය ප‍්‍රතිරූපය (Visual Image) සහ ශබ්දය එක්වීමෙන් සංහිතාවන් (Syntagmas) නිෂ්පාදනය වේ. එක් රූප කණ්ඩයකින් වෙනත් රූප කණ්ඩයකට චලනය වීමේදී චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයාට සන්නිවේදනයක් සිදුකරයි. මෙට්ස්ට අනුව කිසිම රූප කණ්ඩයක් තවත් එකකට සමානත්වයක් නොදක්වයි. එසේ නමුත් බොහෝ වෘත්තාන්ත චිත‍්‍රපට ව්‍යුහය (Film Structure) අතින් සමානත්වයක් දක්වන බවද ස`දහන් කරයි. එහෙත් මෙම න්‍යාය කඩාවැටෙන අවස්ථාවක් ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ බර්ඞ්ස් (The Birds) චිත‍්‍රපටයෙහි අන්තර්ගත වේ. ප‍්‍රධාන නිළිය (Female Protagonist) පාසැල් භූමියෙහි සිගරට් එකක් උරමින් හිදගෙන සිටින දර්ශනය සමග කුරුල්ලන් රැුස්වෙමින් සිටින දර්ශන සංස්කරණය වේ. අවසානයේ ඇය හාත්පස හැරී බලනවිට ඇගේ පසුපස කුරුල්ලන්ගෙන් පිරී තිබේ. මෙම රූප කණ්ඩ පෙළෙහි සංස්කරණය නැරැුඹූ විට පෙනී යන්නේ චරිතය රූප රාමුවෙන් ඉවත බැලූවිට ඊළග රූප ඛණ්ඩය චරිතය විසින් බැලූ දර්ශනය වුවත් එම න්‍යාය කඩකර ඇති බවයි.

සිනමා හා රූපවාහිනී භාෂාව ප‍්‍රතිමාත්මක, සංකේතාත්මක (Symbolic) සහ සුව්‍යාත්මක (Indexical) වේ. පරිඝණකයෙහි ඇති විධානයක් (Command) මුද්‍රණ යන්ත‍්‍රය (Printer) එහි පවතින ස්වභාවයෙන්ම (Actual Printer) නොවුනත් සංකේතාත්මකව මුද්‍රණය කරන්නයනුවෙන් සන්නිවේදනය කරයි. මෙහිදී දෘශ්‍ය ප‍්‍රතිරූපයක් මඟින් (Visual Image) ක‍්‍රියාවක් සඳහා හැඟවීමක් සිදුකරයි. රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය ආඛ්‍යානය මගින් ද ඒ ආකාරයෙන් හැ`ගවීමක් සිදුකරයි. මේ අනුව දෘශ්‍ය තිරය මත නිරන්තරයෙන්, වේගයෙන් වෙනස්වන විවිධ සංඥා, සංකේත හඳුනාගැනීම සඳහා සංඥාර්ථවේදය පිළිබඳ අවබෝධය, අධ්‍යයනය ඉතා වැදගත් වේ. සංඥාර්ථවේදය එක් අතකින් සංජනනාත්මක අත්දැකීම් තුළින් වටහාගත හැකි ඉන්ද්‍රිය සම්බන්ධී ඒකත්වයකින් (Technico-Censorial Unity) යුක්ත සුවිශේෂ භාෂාවක් බව ස්ටෑම් (Stam, 1992) විග‍්‍රහ කරයි. විවිධ අදහස් ප‍්‍රකාශනයේදී සිනමාව හා සංවිධිත භාෂාවන් ක‍්‍රම දෙකක් භාවිතා කරන අතර (Different Mode of Expressions) ඒ අනුව සිනමා භාෂාව යන්න සාහිත්‍යමය භාෂාවන් මඟින් හඳුනාගත නොහැකි ආවේණික ලක්ෂණවලින් යුක්ත බව පැහැදිලි වේ. තිරමාධ්‍ය සංකීර්ණ වියමනකින් යුක්ත ආඛ්‍යානයකින් සමන්විත වන අතර එය කියවීම ස`දහා සුවිශේෂ දැනුමක් සහිත විය යුතුවේ. එසේ නොවන විටදී අදාළ ආඛ්‍යානයෙහි අර්ථය සාර්ථක අයුරින් සන්නිවේදනය නොවේ. රේමන්ඞ් බෙලර් තර්ක කරන ආකාරයට (Bellour, 1975) චිත‍්‍රපටය පැහැදිලි කළ නොහැකි, ළඟාවිය නොහැකි (Unattainable Text) වියමනකි. ස්ටෑම් තවදුරටත් විග‍්‍රහ කරන පරිදි (Stam, 1992) සාහිත්‍යමය භාෂාවක් මෙන් නොව සිනමා භාෂාව උපුටා දැක්විය නොහැකි වියමනකින් (Text) යුක්ත වේ. එසේ නමුත් සාහිත්‍ය සහ සාහිත්‍ය විචාරවේදය වචන (Words) නැමැති සමාන මාධ්‍යය භාවිත කරයි. මෙය සිනමාව සහ සිනමා විචාරය සඳහා යොදා නොගනී. සිනමා මාධ්‍යයෙහි ප‍්‍රකාශනය සඳහා ප‍්‍රතිරූපය (Image),සංවාදය (Dialog), ශබ්ද (Noise), සංගීතය, ලිඛිත ද්‍රව්‍ය ආදී මාර්ග පහක් භාවිත වුනද, චිත‍්‍රපට විචාරයේදී භාවිත වන්නේ වචනය (Word) නැමැති එක් මාර්ගයක් පමණි. එමනිසා විචාර භාෂාව සිනමාත්මක භාෂාව විග‍්‍රහ කිරීමට ප‍්‍රමාණවත් නොවේ

 

සිනමාව හැදින්වීම

·                     හැඳින්වීම.



           

                       

            ප‍්‍රංශයේ ලැස්කෝ හා ස්පාඤ්ඤයේ අල්තමීරා යන ලෙන් චිත‍්‍ර අධ්‍යයනයේ දී පැහැදිලි වන්නේ අතීත මානවයාගේ පටන් චලනය සටහන් කිරීමට ගත් උත්සාහයයිචිත‍්‍ර ශිල්පයඡායාරූප ශිල්පය ආදී ලෙසින් ලොව නිර්මිත සන්නිවේදන මාධ්‍යයන්ගේ වර්ධනාත්මන අවස්ථාවක දී බිහි වූ හත් වන මාධ්‍ය ලෙස ද ගැනෙන සිනමාවවාර්තික නැතහොත් ප‍්‍රතිබිම්බ කලාවක් ලෙස සැලකේ.  සිනමාව රූපය හා ශබ්දය ආත්මකොට ගත් සංඥා පද්ධතියක් මත ක‍්‍රියාත්මකයසිනමාවෙහි එකී සුවිශේෂී භාෂාව අවබෝධ කරගත හැක්කේ සංඥාර්ථවේදය අධ්‍යයනයෙනිමානව විඥානයේ ඇති විවිධ වූ මානයන් සියුම් ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව දෘශ්‍ය භාෂාවට ඇති අතර නිර්මාණකරු විසින් එම කාර්යය ඉටු  කරනුයේ කතාවට අදාළ රූපය හා ශබ්දය එක්තැන් කිරීමෙනිඔහු විසින් සිනමා කෘතිය නිර්මාණයේ දී සංඥා හා සංඥා පද්ධති අතර පවත්වාගෙන යනු ලබන සම්බන්ධතාව ඔස්සේ අර්ථෝත්පාදනය කරන අතර එය සංජානනය කරගැනීමේ ශඛ්‍යතාවයෙන් යුතු ග‍්‍රාහක සමාජයක සක‍්‍රීය දායකත්වය ද සිනමාවේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වේශ‍්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක වන සිනමාවේ අර්ථ ග‍්‍රහණය කරගැනීමෙ දී එහි භාවිත සංකේතවටිනාකම් හා ඒ අතර පවත්නා සබඳතා මෙන් ම පේ‍්‍රක්ෂකයා ද වැදගත් කොට සැලකේමන්දයත් කතාව හා රූපය නිර්මාණකරු විසින් එක්තැන් කරනු ලබන අතර එය කියවනුයේ පේ‍්‍රක්ෂකයායිසංස්කෘතික සංදර්භය ආශි‍්‍රතව මෙහි එන සංඥාර්ථ ගොඩනැගුන ද සිනමාවට ඇත්තේ එක් පොදු භාෂාවක් බව සිනමා කරුවන්ගේ මතයයිඑනම් සිනමා කෘතියේ ආඛ්‍යානය පූර්ණ වශයෙන් ම නොවුනත් යම් තාක් දුරට හෝ ග‍්‍රහණය කර ගැනීමට එම නිර්මාණය අයත් සංස්කෘතිය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් අවශ්‍ය නොවේසිනමාවේ දී යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කෙරෙන බවට අදහස් ඉදිරිපත් වූවද සමාජ යථාර්ථය තත්ත්වාකාරයෙන් ම ප‍්‍රතිනිර්මාණයට සිනමාව තවමත් සමත් වී නොමැති අතර තවත් විටෙක සිනමාව සමාජ පිළිබිඹුවක් ලෙසින් ද විග‍්‍රහ කෙරේඒ කෙසේ වෙතත් සිනමාවේ විවිධ හැඩතල පවතීයිසිනමා කෘතියක් රසවිඳීමේ දී වේවාවිචාරය කිරීමේ දී හෝ වේවා එහි භාෂාවසිනමානුරූපී ආදී කොට සිනමාවේ ඇති මූලික ව්‍යාකරණ පිළිබඳ අවබෝධය අත්‍යාවශ යසිනමා කෘතියක් අවබෝධ කර ගැනීමේ දී තීරණාත්මක සාධකයක් වන සංඥාර්වේදය පිළිබඳ මනා වැටහීමක් ඇති වීම සඳහා එහි එන රූප හා ශබ්ද ඇසුරින් නිරූපිත සංකේත පද්ධතිය ද ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරයිසිනමා නිර්මාණයක දෘශ්‍ය රූපයෙන් මුඛ්‍යාර්ථය ජනිත වන අතර ඍජුව ඉදිරිපත් නොකර වක්‍රෝක්තියෙන් කියැවෙන්නේ ව්‍යංග්‍යාර්ථයයිපේ‍්‍රක්ෂකයා මත රඳා පවත්නා කලාවක් වන සිනමාව වෙත පේ‍්‍රක්ෂක අවධානය යොමු වන අංශ කිහිපයකිඑනම්,

 

               o   තිරයේ සිදුවන ක‍්‍රියාකාරකම් වෙත

o   එකිනෙක චරිත වෙත

o   කැමරා සිදුවීම් හෝ දර්ශන වෙත



        භාෂාවකට වචන පැවතිය ද සිනමා භාෂාව එසේ නිශ්චිත වන්නක් නොවේසිනමාව වූ කලි කැමරාව වැනි තාක්ෂණික භාවිතාවන් හා නිර්මාණශිලීත්වය එක්තැන් වූ කලාවකිස්ටෑම්ගේ විග‍්‍රහය අනුව සිනමා භාෂාව අංශ පහක් ඔස්සේ ප‍්‍රකාශිතයඑනම්,

 

               o   චලන රූප

o   පටිගත කළ වාග් විෂයීක ශබ්ද

o   සුවිශේෂ ව්‍යවහාර

o   කතිකාව      

o   කලාත්මක භාෂාව

ඉහත සංඝටකයන් ආඛ්‍යානාණුකූලව කලාත්මකව හා නිර්මාණශිලීව එක්තැන් කිරීමෙන් සාර්ථක සිනමා නිර්මාණයක් ග‍්‍රාහක ගත කිරීමට හේතු සාධක වනු නොඅනුමානයසිනමාවේ භාවිත ආලෝකයශබ්ද හා කැමරා කෝණ ආදී තාක්ෂණික ක‍්‍රමවේදයන් වඩාත් නිර්මාණශීලීව ගොනු කිරීම එහි කලාත්මක රසය වර්ධනයට හේතු සපයන බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් ප‍්‍රසන්න විතානයන්ගේ සුවිශේෂී සිනමා නිර්මාණයක් වන "පුරහඳ කළුවර චිත‍්‍රපටය'' පිළිබඳව තාක්ෂණික අංශය වෙත වැඩි නැඹුරුවක් දක්වමින් සිදු කළ විචාරාත්මක විග‍්‍රහයක් මෙහි අන්තර්ගත වේ.

 


 

Saturday, 28 May 2022

Protect the baby

 අයිතිවාසිකම් යනු


මිනිසාට තම සමාජ ජීවිතය යහපත් අයුරින් පවත්වා ගෙන යාමට අවශ්‍ය කොන්දේසි අයිතිවාසිකම් ලෙස මහාචාර්ය ලැස්කි හදුන්වා දී ඇත. යම් රාජ්‍යයක ස්වාභාවය කුමක් ද යන්න තීරණය කිරීම සදහා යොදාගත හැකි හොදම මිනුම් දණ්ඩ එම රාජ්‍ය විසින් පුරවැසියන්ට ප්‍රධානය කර ඇති අයිතිවාසිකම්වල ස්වාභාවය බව ලැස්කි තවදුරටත් ප්‍රකාශ කරයි. වයිල්ඩ් දක්වා ඇති ආකාරයට; “සමාජ ජීවිතයක් ගත කිරීමේ දී ඉටු කළ යුතු සමාජ කාර්යයන් සපුරාලීම සදහා පුරවැසියන් තුළින් ඉදිරිපත් වන සාධාරණ ඉල්ලීම් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැකිය” අයිතිවාසිකම් සම්බන්ධයෙන් හොබ්හවුස් පහත සදහන් අදහස ඉදිරිපත් කර ඇත.

“යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන, අනුන් අපෙනුත් අප අනුන්ගෙනුත් ආපේක්ෂා කරන සමාජ ඉඩ ප්‍රස්ථාවන් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැකිය. තාර්කික සමාජ සත්ත්වයෙකු වීමටත්, සමාජ විසින් පුද්ගලයින්ගේ අපේක්ෂා කරන්නා වු සමාජ කාර්යයන් ඉටු කිරීම සදහාත් මිනිසුන්ට අයිතිවාසිකම් අවශ්‍ය වේ. අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ සෑම අයිතිවාසිකමක්ම සාමාජීය යුතුකමක් හා සමග හකට බැදී පැවතීමය”

යහපත් සමාජ ජීවිතයක් ගත කිරීම පිණිස තම පෞද්ගලිකත්වය වර්ධනය කරගැනීමට මිනිසාට අවශ්‍ය සමාජ ඉඩප්‍රශ්ථාවන් අයිතිවාසිකම් ලෙසස ැලකෙන බව ඉහත දැක් වු නිර්වචනය මගින් පැහැදිලි වේ. නමුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ අයිතිවාසිකම් වු කලී හුදෙක් පුද්ගල මමත්වය වර්ධනය කර ගැනීමසදහා පමණක් පවතින දෙයක් නොවන බවය


අයිතිවාසිකම් වර්ගීකරණය


මානව හිමිකම් අවබෝධකර ගැනීමේ පහසුව සඳහා විවිධාකාරයෙන් වර්ගීකරණය කළ හැක. එහෙත් මානව හිමිකම් යනු හිමිකම්වල සමස්ථයක් බවත් අයිතිවාසිකම් එකිනෙකට බැදී පවතින බවත් අන්තර් රදාපැවැත්මක් සහිත අඛණ්ඩ පැවැත්මකින් යුක්ත දෙයක් ලෙස තේරුම් ගත යුතුය.

ස්වාභාවික අයිතිවාසිකම්


ස්වාභාවික අයිතිවාසිකම් පිළිබඳ අදහස ප්‍රචලිතව පැවති අවධියේ ඒ පිළිබඳ පසුබිම් අඳහස් ඉදිරිපත් කළ ඉංග්‍රිසි රචකයෙකු වුයේ තෝමස් පේන් ය. ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳ පැරණිම වර්ගීකරණය ඉදිරිපත් කළේය. ඔහුට අනුව මානව හිමිකම් සිවිල් සහ ස්වාභාවික වශයෙන් දෙයාකාර වේ. ඔහුට අනුව මිනිසා සිවිල් සමාජයට ප්‍රවිශ්ඨ වුයේ ස්වාභාවික අයිතිවාසිකම් රුගෙනය. සිවිල් සමාජය තුළ මිනිසා හිමිකර ගන්නා සෑම අයිතිවාසිකමක්ම හිමිකර ගන්නේ උපතින්ම රැගෙන ආ ස්වාභාවික අයිතිවාසිකම් පදනම් කරගනිමින්ය. (Every civil rights grows out of a  right)

මෙම අයිතිවාසිකම්වලට ආවේණික වු වෙනස්කම් රාශියක් පේන් හදුන්වා දෙයි. පැවැත්මය (Existence)  මනුෂ්‍යාව ඇති අයිතිය හා සම්බන්ධ අයිතිවාසිකම් සියල්ල ප්‍රකෘති අයිතිවාසිකම්වලට අයත් වේ. එමෙන්ම පුද්ගලයෙකු තමාගේ සැප පහසුකම් සහ ප්‍රිති යසලසා ගැනීම සදහා ක්‍රියා කිරීමට ඇති අයිතිය එයට අයත් වේ.

සිවිල් අයිතිවාසිකම් ලෙස පේන් හදුනා ගන්නේ යම් යම් සමාජයක සාමාජිකයෙකු වීමේ අයිතිය හා සම්බන්ධව පවත්නා අයිතිවාසිකම්ය. සුරක්ෂිතතාව, ආරක්ෂාව හා ආශ්‍රිත සේම දෙයක්ම මෙයට ඇතුළත් වේ. පේන් ප්‍රකාශ කරන ආකාරයට මිනිසා සිවිල් සමාජයට පිවිසීමේ දී ඇතැම් ස්වාභාවික අයිතිවාසිකම් සමාජයට පවරනු ලැබේ. එසේ පවරනු ලැබුවත් පුද්ගලයා සමාජයේ සාමාජිකයෙකු ලෙස සිටින නිසා පවරනු ලැබු අයිතිවාසිකම් ගැන වුවද යම් යම් පාලනයක් පුද්ගලයා සතු වේ. ඔහු විශේෂයෙන් ප්‍රකාශ කරන දෙයක් වන්නේ චින්තනය පිළිබඳ පුද්ගලයාගේ අයිතිය සිවිල් සමාජයට කිසිදු විටෙක පවරා නැත. සෑම දේශපාලන සංවිධානයකම අරමුණ වන්නේ ස්වාභාවයෙන්ම මිනිසාට ලැබුණු මිනිසාගෙන් ඉවත් කළ නොහැකි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමය. එනම් නිදහස, ආරක්ෂාව සහ මර්ධනයට එරෙහි වීමය.

තෝමස් පේන් සැලකිලිමත් වුයේ ප්‍රංශ විප්ලවය විසින් ප්‍රභල ලෙස ඉදිරිපත් කළ පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ අදහස ප්‍රතිගාමී ප්‍රහාරයන් ඉදිරියේ ආරක්ෂා කිරීම හා සාධාරණීකරණය කිරීමය. එවැනි රැකවරණයන්ගෙන් පෝෂණය වු අයිතිවාසිකම් පිළිබඳ අදහස පසු කාලීනව වඩාත් පරපුර්ණ හා සංකීර්ණ සංකල්පයක් ලෙස ව්‍යාප්ත වේ.




අවුරුදු 18 සෑම පුද්ගලයෙකුම ළමයෙකු වන බව 1989 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥ්ඥප්තියේ පළමුවන ව්‍යවස්ථාව තුළින් නිර්වචනය කර ඇත. ඒ අනුව එකී පනතේ ඇති සියලු අයිතිවාසිකම් අවුරුදු 18 ට අඩු සෑම පුද්ගලයෙකුටම භුක්තිවිදීමට සැලැස්වීමත් ළමයාගේ ආරක්ෂාව, සංවර්ධනය, පැවැත්ම හා සහභාගිත්වය තහවුරු කර ලබා දීමත් සියලු වැඩිහිටියන්ගේ වඟකීමක් වේ. පොදු ජාත්‍යන්තර මතය මෙය වුවත් ශ්‍රි ලංකාවේ නීතියෙන් නීතියට වරදේ ස්වභාවය මත ළමයා යන්න නිර්මාණය වීමේ වයස් සීමාවන් වෙනස් වේ. එය එසේ වුවත්, පොදු පිඵීගැනීම සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනතේ 40වන වගන්තියේ ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් කළ යුතු බව දක්වා ඇත.

ළමා ආරක්ෂාව




ළමයින්ට විරුද්දව සිදුවන ප්‍රචණ්ඩත්වයන් සුරාකෑම් සහ අපයෝජනයන් වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය ළමා ආරක්ෂාව යටතේ සාකච්චා කරයි. (UNICEF)  මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ප්‍රචන්ඩත්වය, සුරාකෑම, නොසලකා හැරීම, ළමා අයිතිවාසිකම් උදුරාගැනීම සහ සියලු ආකාරයේ අපයෝජනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිකාර කිරීමට හා ඒවා වැළැක්වීමට නියමිත සඵලදායි ක්‍රියාපටිටාටින් හා ව්‍යුහයන් ඇතුළත් ක්‍රියාවලියක් ලෙස පැහැදිලි කළ හැකිය. 

ළමයින් ආරක්ෂා කර ගැනීම උදෙසා විවිධ වැළැක්වීමේ ක්‍රියාවලීන්ට අවතීර්ණ වීමත්, එවැනි තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියත් ළමා ආරක්ෂාවේදී ප්‍රමුඛතම කාර්යයන් වනු ඇත. ඒ අනුව ළමයාගේ ආරක්ෂාව ගිලිහෙන 

ළමා අපයෝජනය හා නොසලකා හැරීම

ප්‍රචණ්ඩත්වයෙන්

සුරාකෑම්

ළමයා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සංකල්පීය පැතිකඩ පිළිබඳ විග්‍රහ කර බැලීම අත්‍යාවශ්‍ය කරුණකි.


ළමා අපයෝජන


ළමා අපයෝජන යන වචනයේ සරළ අර්ථය විග්‍රහ කර බැලුව හොත් එකී වචනය “අප + යෝජනය යන වචන දෙකේ එකතුවකින් සැකසී ඇති බව පැහැදිලිය. “අප” යන්නෙහි අර්ථය වනුයේ වැරදි යන තේරුමයි. “යෝජනය” යෙදවීම යන්නයි. ඒ අනුව අපයෝජනය යනු  වැරදි යෙඳවීම යන වචනාර්ථය ගනී. අවුරුදු 18 අඩු ඕනෑම පුද්ගලයෙකු වැරදි ආකාරයේ යම් ක්‍රියාවකට යොදවා ගනිමින් හෝ යහපත් ක්‍රියාවක් නොකර හැරීමට සැළැස්වීමක් යම් පුද්ගලයෙකු විසින් සිදුකරයි නම් ඒ තුළ ළමා අපයෝජනයක් සිදුවන බව අර්ථගන්වනු ලබන බව සරලව පැහැදිලි කළ හැකිය. එහෙත් මේ පිළිබඳ වු පහත නිර්වචනයන් දෙස බලන විට අපයෝජනය යන්න වඩාත් ගැඹුරින් තේරුම් ගත හැකිය.

“සියලු ආකාරයේ කායික, මානසික, අඩු සැලකීම හෝ අනිසි ලෙස සැලකීම, ලිංගික අපයෝජනය. නොසලකා හැරීම, හෝ වාණිජ හෝ වෙනත් ආකාරයේ සුරාකෑමක් නිසා පැවැත්ම, සංවර්ධනය, ගෞරවය පිළිබඳ වගකීම විශ්වාසය හෝ බලයට බලපානු ලබන්නා ව ුසත්‍ය හෝ විය හැකි තත්ත්වයකි. දෙමව්පියන් හෝ වෙනත් රැකබලාගන්නන් විසින් කරනු ලබන ඕනෑම ආකාරයේ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් මේ සදහා අදාළ වන අතර, ළමා නිවාසයක දී වෙනත් ආයතනයක දී ජාලයකදී හෝ ළමයින් ගැවසෙන ප්‍රජාවක දී ළමා අපයෝජන සිදු විය හැකිය. (ලෝක සෞඛ්‍ය සංවිධානය)”



ළමා අපයෝජනවලට එරෙහි විය යුත්තේ ඇයි.


ළමා අපයෝජනය නිසා හුදෙක් එකී වින්දිත ළමයාට සිදු වන පුද්ගල බලපෑමට එහා ගිය සමාජ ආර්ථික, පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එක් පසකින් වින්දිත ළමයින් තුළ හටගන්නා කායික, මානසික, සමාජීය, අධ්‍යාත්මක සංවර්ධනය කෙරෙහි ඇති කරනු ලබන ඝෘණාත්මක හා වේදනාකාරී බලපෑම සුළු පටු නොවේ. ළමයා තුළ හටගනු ලබන කායික තුවාල, වර්ධනය සීමා වීම, ඉලෙනුම් ආබාධ, චර්යාත්මක අක්‍රමතා, සායනික ගැටළු, විෂාදය, පශ්චාත් කම්පන ආතතිය, ඇබ්බැහිය, සියදිවි නසාගැනීම, සෞඛ්‍ය ගැටලු ආදී තත්ත්වයන් රැසක් නිර්මාණය විය හැකි අතර, එය ජීවිත කාලය පුරා අපයෝජනයට පත් වු ළමයා කම්පනය පත් කිරීම බරපතල තත්ත්වයක් විය හැකිය. අනෙක් පසින් සමාජ, සංස්කෘතික පැවැත්මට සිදු වන හානිය මෙන්ම මෙකී තත්ත්වයන් පාලනය කිරීම උදෙසා සමාජය විසින් දරන්නා වු ආර්ථික හා මානව පිරිවැය ද සුළු පටු නොවනු ඇත.


ළමයාගේ අයිතිය


මිනිස් සමාජයේ කුඩාම ඒකකය පවුල වන අතර එය විවිධාකාර ස්වරූප ගනී. පවුල තුළ මුලික කොටස් ඛණ්ඩනය කිරීමේ දී පළමුව ළමයින්ද, දෙවනුව කාන්තාවන් ද, තෙවනුව වැඩිහිටියන් ද වශයෙන් යොදා ගනී. ඒ අනුව පවුල තුළ ළමයින්ට ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ නීතියේ රැකවරණය ලැබිය යුතු පළමු කොට්ඨාශය ළමයින් වන නිසාය.



ළමයා යනු

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව ළමයා යනු, නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස, වයස අවුරුදු 18 ට අඩු සියලුම මනුෂ්‍යයින්ය. 

ජාත්‍යන්තර නීතියට අනුව මෙන්ම දේශීය නීතිය අනුවද සාමාන්‍ය පිළිගැනීම වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයින්ට බලපාන විවිධ නීතින් තුළ ඝමයා යන්න විවිධාකාරයෙන් හදුනා ගෙන ඇත. 


පනත/ මුලාශ්‍රය වයස අවුරුදු

ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනත 14

1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත 14

සාප්පු හා කාර්යාල සේවක ආඥා පනත 14

අයාල ආඥා පනත 16

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත 18

2005 අංක 16 දරණ සුනාමි (විශේෂ විධි විධාන පනත) 18

1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) 18

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත 18

නඩත්තු ආඥා පනත 18

කුල වැද්දීමේ ආඥා පනත 18

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත 18


ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ඹබසඑැා භ්එසදබි ක්‍දබඩැබඑසදබ දබ එයැ ඍසායඑි දf එයැ ක්‍යසකා)

මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සාමය හා සංවර්ධනය තහවුරු කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවිය. 1989 වර්ෂයේ නොවැම්බර් මස 20 දින එක්සත් ජාතීන් විසින් ළමා අයිතීන් පිළිබඳ සම්මුතිය අත්සන් කරන ලදී. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය 1990 සැප්තැම්බර් 22 වන දා සිට ක්‍රියාත්මක විය. වගන්ති 54කින් යුත් මෙම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය මගින් ලොව පුරා සිටින ළමයින් උදෙසා අයිතිවාසිකම් හදුන්වා දෙන ලදී. එහි දී ළමයින්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා සමාජ ආරක්ෂාව මුලික අවශ්‍යතා වශයෙන් හදුන්වා දෙමින් ළමයින් හට ක්‍රිඩා කිරීමට, තම අදහස් ප්‍රකාශ කිරීමට හා විනොදයෙන් සිටීමට ඇති අවශ්‍යතාව ද සදහන් කරන ලදී.



01 වගන්තිය - ළමයා පිළිබඳ නිර්වචනය

වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂයෙකුම ළමයෙකු ලෙස සැලකේ.

02 වගන්තිය - වෙනස් කොට නොසැළකීමේ අයිතිය 

ළමයින් කවුරුන් වුව ද, කුමන වයසක වුව ද, කිසියම් ආබාධයක් සහිත වුව ද, කුමන වර්ණයකින් යුක්ත වුව ද, කුමන ජාතියකට අයත් වුවද, කුමන භාෂාවකින් කතා කලද ඒ සැමටම කිසිදු ආකාරයේ වෙනසකින් තොරව මෙම අයිතීන් හිමි විය යුතුය.

03 වගන්තිය - ළමයාගේ උපරිම යහපත 

ළමයින් සම්බන්ධ ව ක්‍රියාකරන විට දී සහ ඔවුන් පිළිබඳ ගන්නා තීරණ වලදී ළමයාගේ උපරිම යහපත සලසා ක්‍රියා කළ යුතුය.

20 වගන්තිය - පවුලක් නොමැති ළමයින්ට රැකවරණය

ළමයාගේ දෙමව්පියන් නොමැත්තේ නම් සහ දෙමව්පියන් සමඟ සිටීම අනාරක්ෂිත නම් ළමයාට විශේෂ ආරක්ෂාව සහ ආධාර ලබා ගැනීමට අයිතියක් ඇත.

33 වන වගන්තිය - වෙනත් ආකාරයේ අපයෝජන

රජය විසින් පැන වු ළමා ශ්‍රමික අවම වයස සපිරූ ළමන්ට වුවද අධ්‍යාපනය හා සෞඛ්‍යට බාධා වන කටයුතු හා සුරා කෑමෙන් ආරක්ෂා වීමට අයිතියක් ඇත.

34 වන වගන්තිය - ලිංගික අපයෝජනය 

ළමයින් කිසිදු ලිංගික ක්‍රියාවකට යෙඳවීම හෝ පෙළඹවීම නොකර ආරක්ෂා කළ යුතුය.


35 වන වගන්තිය - විකිණීම හා පැහැරගෙන යාම

ළමුන් පැහැරගෙන යාමට, වෙළදාම් කිරීමට හෝ විකිණීමට කිසිවෙකුට අවසරයක් නැත. එවැන්නක් සිදුවිම වැළැක්වීමට සෑම උත්සහයක්ම ගත යුතුය.


36 වන වගන්තිය - ළමා ජාවාරම් සහ ළමයින්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වලින් නිදහස 

මත්දාව්‍ය භාවිතයෙන් සෑම ළමයෙකුම ආරක්ෂා කළ යුතුය.

එවැන් මත්දාව්‍ය නිශ්පාදනය කිරීම සඳහා හා බෙදා හැරීම සඳහා ළමයින් යොදාගැනීම වැලැක්වීමට නිසි පියවර ගත යුතුය.

සෑම ළමයෙකුම : 

ලිංගික සුරාකෑම් හා අපයෝජනයන්ගෙන් 

ගණිකා වෘත්තියෙහි යෙදවීමෙන්

ළමා අසභ්‍ය ප්‍රකාශන හා දාව්‍යවලින් මෙන්ම අනෙකුත් අනීතික ලිංගික ක්‍රියා වලින් ආරක්ෂා කළ යුතුය.

සෑම රාජ්‍යයන් විසින්ම :

අපහරණයන් හා

ළමා ජාවාරම් හෝ විකිණීම් වැනි ළමයාගේ යහපතට හානිදායක වන ක්‍රියාවන්ගෙන් ළමයා ආරක්ෂා කිරීමට දායක විය යුතුය. 

37 වන වගන්තිය - වධහිංසා කිරීම හා නිදහස අහිමි කිරීම

කිසිම ළමයෙකු, වධහිංසාවකට, කෲර අමානුෂික හා වද හංසාවකට ලක් නොකළ යුතුය. 

මරණීය දණ්ඩනයට ලක් කිරීම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීම මගින් කිසිම ළමයෙකුගේ ස්වාධීනත්වය අනීතික ලෙස හෝ අත්තනෝමතික ලෙස අහිමි නොකළ යුතුය.

තම ස්වාධීනත්වය අහිමි කරනු ලැබු සෑම ළමයෙකුටම නෛතික හෝ වෙනත් සුදුසු ආධාර ලබා ගැනීම සඳහා ප්‍රවේශයට අයිතිය ඇත.

එමෙන්ම තම පවුලේ සාමාජිකයන් හා සබඳතා පවත්වාගෙන යාමට අවසර ලබා දිය යුතුය.


38 වන වගන්තිය - සන්නද්ධ අරගල 

සන්නද්ධ අරගල පවතින අවස්ථාවන්හි දී ළමයින්ට ආරක්ෂාව ලබා දිය යුතුය.

ළමයින් සම්බව්ධ වන සන්නද්ධ අරගල වේ නම්, සෑම රාජ්‍යයක්ම ජාත්‍යන්තර මානුෂවාදී නීතියට ගරු කරමින් කටයුතු කළ යුතුය.

යුද්ධයෙන් පීඩාවන්ට ලන් වු ළමයින්ට රජය විසින් ආරක්ෂාව හා රැකවරණය සලසා දිය යුතුය.


39 වන වගන්තිය - පුනරුත්තාපන රැකවරණය

කිසියම් ළමයෙකු 

නොසලකා හැරීමකට, අයුතු ප්‍රයෝජනයට යොදා ගැනීමකටඅපයෝජනයකට හෝ වධහිංසාවකට භාජනය වී ඇති හෝ වෙනයම් ආකාරයක කෘර අමානුෂික හෝ වෙනස් කොට සැලකීමට හෝ 

සන්නද්ධ ගැටුමකට මැදි වී සිටින විට දී එම ළමයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය සඳහා උචිත පියවර ගැනීම.



40 වන වගන්තිය - ළමයා හා නීතිය 

ළමයෙකු යම් නීතියක් කඩකර ඇති විට දී, ඊට අදාළව කටයුතු කරන ආයතන දරුවාගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කළ යුතු වේ.

එවැනි අවශ්ථාවලදී : නීතිය ඉදිරියේ වරදකරු වනතුරු එම ළමයා නිවැරදිකරුවෙකු ලෙස සලකනු ලැබිය යුතුය.

ළමයෙකුට එරෙහිව පවතින චෝදනාව දැනුම් දිය යුතුය. එවැනි කරුණකදී දරුවාගේ පවුලේ අයට විත්තිවාචකය සුදානම් කිරිමට හැකිවනු ඇත.

ළමයින්ට අදාළ නඩු කටයුතු නිසි බලය සහිත අධිකරණයක් මගින් කඩිනමින් සිදු කළ යුතුය.

ළමයින්ට සාක්ෂි ලබා දීම සඳහා හෝ පාපොච්චාරණය කිරීම සඳහා බලපෑම් නොකළ යුතුය.

ළමයාට අධිකරණයේ භාවිතවන භාෂාව තේරුම් ගත නොහැකි විටකදී භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා දිය යුතුය.


41  වන වගන්තිය - පවත්නා ඉහළ නීති තත්ත්වයන්  රැකගැනීම

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ඇති මට්ටමට වඩා ඉහළ මට්ටමකින් රටේ ළමා අයිතිවාසිකම් රැකේ නම්, ඉහළ මට්ටම පවත්වා ලත යුතුය.


42 හා 54 වන වගන්තිය - පවත්නා නීති ක්‍රියාත්මක

සියළුම වැඩිහිටියන් ප්‍රඥල්තිය ගැන දැනගත යුතුය. තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනගැනීමට ළමුන්ටද අයිතියක් ඇත.

මෙම ප්‍රඥප්තියේ වගන්ති 54 කි. වගන්ති 42 සිට 45 දක්වා, ප්‍රඤල්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට වර්තා කිරීම පිළිබඳ රාජ්‍යයන් සතු වගකීම විස්තර කෙරේ.

වගන්ති 46- 54 දක්වා ප්‍රඥප්තියට ඇතුළත් වීම සඳහා රාජ්‍යයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැක්වේ.



ළමයින් විකිණීම, ගණිකා වෘත්තියේ යෙඳවීම සහ අසභ්‍ය ප්‍රකාශවලට ඇතුළත් කරගැනීම පිළිබඳව ළමා අයිතිවාසිකම් සම්මුතියට කරන ලද වෛකල්පිත ගිවිසුම :ධචඑසදබ්ක ඡරදඑදජදක එද එයැ ක්‍දබඩැබඑසදබ දබ එයැ ඍසටයඑි දf එයැ ක්‍යසකා දබ එයැ ි්කැ දf ජයසකාරුබල ජයසකා චරදිඑසඑමඑසදබ

 ්බා ජයසකා චදරබදටර්චයහ*


ළමා අයිතිවාසිකම් පිළිබඳ දේශීය නීතිය


1978 අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව   - 12 (4) ව්‍යවස්ථාව 

රටක මුලික හා උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (4) මගින් ළමයින්ගේ අයිතිවාසිකම් රැකගැනීම හා ආරක්ෂා කිරීම සඳහා විශේෂිත විධිිවිධාන සලසමින් නීති සම්පාදනය කිරීමට රජයට බලය පවරා ඇත.


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - 12 (13) ව්‍යවස්ථාව

ළමයින් හා යෞවනයන් කායික, මානසික, සදාචාරාත්මක, ආගමික හා සමාජීක වශයෙන් පුර්ණ වර්ධනයට පත්වන බව බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් හා වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකි වන පරිදි රජය ඔවුන් කෙරේ විශේෂ අවධානයක් හා වැඩපිළිවෙලක් තහවුරු කරනු ඇතැයි මෙහි සඳහන වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් නීතිය මගින් බලාත්මක කර ඇති ළමා අයිතිවාසිකම්


ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමා අයිතිවාසිකම් 1978 ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන

2 වගන්තිය - වෙනස් කොට නොසැලකීම 12(2) ව්‍යවස්ථාව - වෙනස්කොට නොසැලකීම

12 හා 13 වගන්තිය - අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඇති අයිතිය 14 (1) (අ) - භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස

14 වගන්තිය - සිතීමේ නිඳහස, හෘදය සාක්ෂියේ නිදහස හා ආගමික නිඳහස 10 ව්‍යවස්ථාව - සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස හා ආගමික නිදහස 

15 වගන්තිය - ඇසුරු කිරීමේ නිඳහස 14 (1) (ඇ) ව්‍යවස්ථාව -සමාගමයේ නිදහස

36 වගන්තිය- වධහිංසාවලින් මිදීමේ නිඳහස 11 ව්‍යවස්ථාව - වධහිංසාවලින් මිදීමේ නිදහස 


ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ


ළමයින්ට සිදුවන අපරාධ හා හිංසන වැළැක්වීමේ ප්‍රතිපාදන ප්‍රථමවරට අන්තර්ගත කරන ලද්දේ 1883 දණ්ඩ නීති සංග්‍රහය තුළය. විවිධාකාර වැරදි අර්ථ දක්වා ඊට ලැබිය යුතු දණ්ඩන නියමයන් පිළිබඳ විස්තර දැක්වීම දණ්ඩ නීති සංග්‍රහයට අයත් මුලික කාර්යයභාරයයි. දණ්ඩ නීති සංග්‍රහය වරින්වර සංශෝධනය කරමින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පුලුල් ප්‍රතිපාසන ගෙන එන ලදී.


 

ආශ්‍රිත ග්‍රන්ථ


ද සොයිසා, එච්. ඕ. ඒ. (2006) දේශපාලන විද්‍යාවේ මුලික සිද්ධාන්ත. සරසවි ප්‍රකාශකයෝ, කොළඹ

ළමා ආරක්ෂාව පිළිබඳ අත්පොත (2019) ජනාධිපති කාර්යාලය සහ ජාතික ළමා ආරක්ෂාව අධිකාරිය


චලනි කරුණාතිලක

Friday, 27 May 2022

ඉතාලියන් රූපවාහිනි සහ ගුවන් විදුලියට බලපාන ආචාර ධර්ම සංග්‍රහය




මෙම ලියවිල්ල, ˜‍ආචාර ධර්ම සංග්‍රහය˜‍  යනුවෙන් හඳුන්වනු ලබන අතර, RAI - ඉතාලි රේඩියෝ සහ ටෙලිවිෂන් ස්පෑම් (මෙහි කෙටි නාමය RAI) පාර්ශ්වකරුවෙකුගේ කාර්යයන් ඉටු කිරීමේදී එය අන්තර් ක්‍රියාකාරී වේ.

නීතියෙන් සහ සේවා කොන්ත්‍රාත්තුව මගින් නියාමනය කරන ලද රාජ්‍ය අංශයේ ප්‍රචාරක බලපත්‍රලාභියා වන්නේ RAI .මෙම ආයතනය විසින් ගුණාත්මක වැඩසටහන්කරණයට අදාළව රූපවාහිනීල ගුවන්විදුලිල ශ්‍රව්‍ය්‍ර දෘෂ්‍ය සහ බහුමාධය ඉදිරිපත් කිරීමක් සහතික කළ යුතුය . ඉතාලියේ සහ යුරෝපීය වෘත්තීය සමිති, ප්‍රේක්ෂකයන්ගේ සංවේදීතාව සහ බාල වයස්කාර රැකවරණය, ස්ත්‍රී චරිතය හා මානව, සංස්කෘතික හා වෘත්තිය අභිමානය, ගෞරවාදරයට පාත්‍රව සිටින, පුරවැසියන්ගෙන් උපුටා ගත හැකි නිෂ්පාදන පරාසය හා නිෂ්පාදන කාර්යක්ෂමතාවයකින් සමන්විත රාජ්‍ය සේවයේ සුබවාදී ආකල්පයකි. වැඩසටහනේ මට්ටමට අදාළව, වානිජ ගුවන්විදුලි සහ රූපවාහිනිය සම්බන්ධයෙන් කාර්යසාධනයේ සුවිශේෂීත්වය හා දායක ගාස්තුවේ පිරිවැය සම්බන්ධව කටයුතු ඉටු කිරීමට අපේක්ෂා කෙරේ
 මෙම විෂය පථය සඳහා ප්‍රමුඛතා අරමුණු වන්නේ
නිදහස, සම්පූර්ණත්වය, විනිවිදභාවය, වෛෂයිකත්වය, අපක්ෂපාතීත්වය, සාධාරණත්වය සහ බහුත්වභාවය පිළිබඳ තොරතුරු අන්තර්ගත වීම.
සමාන අවස්ථා සීමා කිරීමට බාධා ඉවත් කිරීම සඳහා ස්ත්‍රීන්ගේ අභිමානය හා සංස්කෘතික ප්‍රගතිය සඳහා පූර්ණ ගෞරවය ඇතිව ලෝකය තුළ කාන්තා භූමිකාවන් බහුලව ඇති සැබෑ සහ අස්ථී නොවන ආකාරයෙන් නිරූපනය කිරීම් තක්සේරු කිරීම.
ගුණාත්මකභාවයෙන් යුක්ත නිදහස් විනෝද වීම සඳහා සුදුසු විකාශනයක් ඇතිකිරීම.
ඩ  යුරෝපීය හා අන්තර්ජාතික දැක්ම මගින්, යුරෝපීය හා ජාත්‍යන්තර දැක්මක් සහිත යුරෝපීය සහ ජාත්‍යන්තර දැක්මක් මගින් බහුත්වභාවය, සම්පූර්ණත්වය, අපක්ෂපාතීත්වය, වෛෂයිකත්වය, මානව අභිමානය, වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය, තොරතුරු සහතික කිරීම සඳහා ප්‍රමාණවත්, ඵලදායී සහ පක්ෂපාති ප්‍රතිවිරෝධතා සහතික කිරීම, ප්‍රජාව තුළ විවේචනාත්මක, සිවිල් සහ ආචාරධර්ම චින්තනය වර්ධනය කිරීම, ප්‍රවෘත්ති සඳහා ඇති අයිතිය , වගකීම, සත්‍යතාවේ සත්‍යය සහ පුරවැසියන්ගේ අයිතිය පිළිබඳව දැනුම් දීම සඳහා කටයුතු කිරීමත් මෙහි ඇතුළත් වේ.
ඩ  තොරතුරු සහ ඉගෙනීම සහතික කිරීම සඳහා සමබර සහ විවිධාකාර වැඩසටහන් මාලාවක් සහතික කිරීම.
ඩ  සංස්කෘතිය හා නිර්මාණශීලිත්වය, අධ්‍යාපනය සහ ඉගෙනීම හා ඇගයීම සඳහා වූ මානසික ආකල්පය සහ නරඹන්නාගේ විවේචනාත්මක හැඟීම වර්ධනය කිරීම සඳහා උනන්දු කරවීම.
ඩ  ජාතික හා දේශීය ඓතිහාසික, කලාත්මක, භාෂාමය හා පාරිසරික උරුමයන් වැඩිදියුණු කිරීම.
ඩ  ඉතාලිය, ලෝකය හා ඉතාලිය පිළිබඳ යුරෝපීය හා ජාත්‍යන්තර සන්දර්භය තුළ ගැඹුරු දැනුමක් ප්‍රවර්ධනය කිරීම.
ඩ  ඉතාලි සාම සාධක සහ විදේශ කටයුතු මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතා මූලාරම්භයන් වැඩිදියුණු කිරීම.
 පාර්ශ්වකරුවෙකු යනු RAI හි උනන්දුවක් දක්වන සියලූ‍ දෙනා ය. රට, කොටස්කරුවන්, ව්‍යවස්ථාපිත ආයතන, සේවකයින්, ආශි්‍රතයන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, උපදේශකයින්, හවුල්කරුවන්, නියෝජිතයන්, වෙළඳුන්, භාවිතා කරන්නන්, ජාතික, ප්‍රාජා හෝ ජාත්‍යන්තර අධීක්ෂණය සහ පාලන අධිකාරීන්.
 
 
ආචාර ධර්ම පද්ධතිය
 
ඩ  පුද්ගලයාගේ අභිමානය හා පුද්ගලිකත්වය හා දරුවන්ගේ ශාරීරික, මානසික හා සදාචාරාත්මක ප්‍රකාශනය සමග සැසඳීම, අශිෂ්ට, ප්‍රචණ්ඩ හෝ නුරුස්සන දර්ශන නැරඹීමෙන් වැළකී සිටීම. ජාතික අනන්‍යතාවය මෙන්ම දේශීය හා භාෂාමය සුලූ‍තරයන්ගේ සංරක්ෂණය.
ඩ  රටේ දේශපාලන හා ආර්ථීක පරිනාමය සහ නවීකරණ ගැටළු.
ඩ  එහි යුරෝපීය හවුල්කරුවන් සමඟ දේශපාලන හා ආර්ථීක සබඳතා පිළිබඳ විකාශනය සහ ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රධාන අංගයන් ව්‍යාප්ත කිරීම.
ඩ  දැඩි ලෙස ආර්ථීක හා සමාජීය වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල, යුරෝපීය සංගමයෙන් පිටස්තර රටවල දේශපාලන, ආර්ථීක හා සමාජ සංවර්ධනය පිළිබඳ තොරතුරු.
ඩ  සංස්කෘතිය, ඉතිහාසය, සම්ප්‍රදායන් සහ උරුමය වැඩිදියුණු කිරීම.
ඩ  පරිසරයට ගරු කිරීම.
ඩ  දෛනික ජීවිතයේ යථාර්ථය නියෝජනය කිරීම.
ඩ  රැකියා සහ රැකියා තත්ත්වයන් ප්‍රවර්ධනය කිරීම.
ඩ  සිවිල් අයිතිවාසිකම්, සහයෝගීතාව, ස්ත්‍රීවාදය, සමාන අවස්ථා සහ ඒකාබද්ධතාවය සම්බන්ධ ගැටළු.
ඩ  පුරවැසියන්ගේ ආරක්ෂාව, ප්‍රචණ්ඩත්වය, අපරාධ, බිඳවැටීම් හා සමාජ අක්‍රමිකතා පිළිබඳ වාර්තා කිරීම.
ඩ  පවුල කෙරෙහි අවධානය යොමු කිරීම.
ඩ  දරුවන්ගේ හා අවධානම් සහිත කණ්ඩායම්වල සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව.
ඩ  ආන්තික ජනතාවගේ නියෝජනයන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
ඩ  පුද්ගල නිදහස සීමා කිරීම සඳහා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
ඍAෂ හි විශේෂ ස්වභාවය මෙම සංග්‍රහයෙන් ආවරණය වන ගැටළු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, සමාගමේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම හා එහි සේවකයින්ගේ සහ අනෙකුත් තුන්වන පාර්ශ්වයන්ගේ හැසිරීම මඟ පෙන්වනු ලබන මූලික මාර්ගෝපදේශයන් ලෙස සැලකේ.
ඩ  ව්‍යාපාරික අරමුණු නිර්ණය කිරීම සඳහා අධ්‍යඬ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරී විසින් නීති සංග්‍රහයේ මූලධර්ම සැලකිල්ලට ගත යුතුය¦
ඩ  විධායකය විසින් නීති සංග්‍රහයේ අඩංගු මූලධර්මයන්ට ගැළපෙන පරිදි අභ්‍යන්තර හා බාහිර වගකීම් භාර ගැනීම, විශ්වාසය, සහයෝගිතාව සහ අන්න්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මගින් විධායක නිලධාරීන් විසින් ලබා දෙයි.
ඩ  සේවකයින්, සහායකයින්, උපදේශකයින්, සැපයුම්කරුවන් සහ හවුල්කරුවන් නීති සංග්‍රහය මගින් අවශ්‍ය වන මූලධර්ම, අරමුණු සහ කැපවීම් අනුගමනය කරමින්
ආචාරධර්ම පිළිගැනීම යනු RAI හි කොටස් හිමියන්, පාරිභෝගිකයින් සහ සැපයුම්කරුවන්, භාවිතා කරන්නන් හා, සාමාන්‍යයෙන්, RAI ක්‍රියාත්මක වන සමස්ත සිවිල් හා ආර්ථීක සන්දර්භය සමඟ සම්බන්ධතා තුළ විශ්වාසනීයත්වය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවේශයකි.
මෙම ප්‍රවේශය අභ්‍යන්තර සන්නිවේදන සහ බාහිර වශයෙන්, විනිවිදභාවය හා අපක්ෂපාතී ප්‍රතිපත්ති සහ නිසි හා කාලෝචිත තොරතුරු සඳහා වූ සන්නිවේදන අරමුණු කරගත් ආචාර ධර්ම වලට අදාළ ආචාර ධර්ම වලට සමීප සම්බන්ධකම් ඇත.
හැසිරීම් පිළිබඳ නිශ්චිත මූලධර්මයන් අනුගමනය කිරීම, සංශෝධිත පරිදි 2001 ජුනි 8 දිනැති අංක 213 දරණ ව්‍යවස්ථාදායක නියෝගයේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව RAI හි කැපවීම පිළිබිඹු කිරීමකි.



 
 
2. සදාචාරාත්මක හා වෛෂයික පදනම්
ඍAෂ අනුගමනය කරයි, එහි මෙහෙවර ඉටු කරන ඉලක්කයන් ලූ‍හුබැඳීම තුලින් පහත දැක්වෙන ආචාර ධර්ම වලට අනුකූල වේ.
සාධාරණත්වය හා විනිවිදභාවය
කාර්යසාධකත්වය හා යහපත් විශ්වාසයකින් කටයුතු කිරීම සහ නිර්ව්‍යාජ හැසිරීම් පවත්වා ගෙන යාම සහ ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන සමග සිය මධ්‍යම සහ ප්‍රයන්ත ප්‍රකාශන මෙන්ම සියලූ‍ තුන්වන පාර්ශ්‍රවයන් සමග සත්‍ය වශයෙන්ම කටයුතු කිරීම, තොරතුරු, විනිවිද පෙනෙන කි්‍රයාවන් සහ පූර්ණ විශ්වසනීයත්වය.
අවංකභාවය
නීත්‍යානුකූල නොවන, නීති විරෝධී ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීම හා සාමාන්‍ය ආචාරශීලී භාවය හා ගෞරවය සහ ගරුත්වය පිළිබඳ පොදු හැඟීමකට අනුකූල නොවේ.
නීතිය සමඟ අනුකූල වීම
රේඩියෝ හා රූපවාහිනී උපකරණවල හිමිකාරිත්වය මත ගෙවිය යුතු ගාස්තුවට අදාළ සියලූ‍ම ප්‍රාථමික හා ද්විතීයික රෙගුලාසි වලට අනුකූලව, RAI ක්‍රියාත්මක වන රටවල් වල නීති හා රෙගුලාසි, සමාගම් ක්‍රියාපිළිවෙත් සහ අභ්‍යන්තර රෙගුලාසි, ආචාර ධර්ම පද්ධතිය සහ වෙනත් සමාගම් ප්‍රතිපත්ති.
බහුත්වවාදය
ජනමාධ්‍ය වෙත පිවිසීමේදී නිදහස හා බහුත්වභාවය සහතික කිරීම, තොරතුරු නිදහසේ ආරක්ෂාව වැනි සෑම පුරවැසියෙකුටම අදහස් හා අදහස් ප්‍රකාශය කිරීමේ නිදහස ආරක්ෂා කිරීම, විවිධ දේශපාලන, සමාජීය, සංස්කෘතික හා ආගමික මතයන් ප්‍රකාශ කිරීම, ජාතික අනන්‍යතාව සහ ඓතිහාසික මතකය ආරක්ෂා කිරීම රටේ සහ යුරෝපීය සංස්කෘතික උරුමය, භාෂාමය සහ ජනවාර්ගික සංස්කෘතික විවිධත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති අයිතිවාසිකම් හා නිදහස ගරු කිරීම, විකාශන පද්ධතියේ මූලික මූලධර්ම වේ.
බහුතරවාදය, එහි පුළුල්තම අර්ථයෙන්, සමස්තයක් වශයෙන් හා සෑම ක්‍රියාවකදීම RAI විසින් ගරු කළ යුතු අතර ක්‍රමලේඛයේ පැහැදිලි සාක්ෂි සොයාගත යුතුය. පුරවැසියන් සඳහා මාර්ගෝපදේශයන් සකස් කරන විවිධාකාර තත්වයන් සහ විකල්පයන් සියල්ලගේම පිරිවැටුමේ සියළුම පිරිවිතාවන්හි බහුතරය වෙත යොමු විය යුතු ය. තොරතුරු වල බහුත්වවාදය, සන්නිවේදනයේ ස්වභාවය, සමාජ බහුවිධත්වය, සංස්කෘතික බහුත්වවාදය, වාර්ගික බහුත්වවාදය සහ ප්‍රාදේශීය බහුවිධය තුළ ආගමික බහුත්වවාදය, ස්ත්‍රීපුරුෂ භාවය හා වයස්ගත වූ බහුත්වවාදය, ආශි්‍රත බහුත්වවාදය.
වෘත්තීයවාදය
සියලූ‍ම කි්‍රයාකාරකම් අතිශය සැලකිලිමත් සහ වෘත්තීය තදබලකමකින් හා අන්්න්‍යෝන්‍ය ගෞරවයෙන් හා සහයෝගයෙන් යුතුව කටයුතු කරන්න. ජනමාධ්‍යවේදීන් සහ සියලූ‍ම කි්‍රයාකාරීන් විසින් පුද්ගල ආචාරධර්මයට ගරුකිරීමේ වගකීම ඇතිව නිදහසේ මූලධර්මය ඒකාබද්ධ කිරීමට අවශ්‍ය වන වෘත්තීය සදාචාරය සමග දැඩි අනුකූලත්වය තහවුරු කිරීම.
අපක්ෂපාතීත්වය
වැඩසටහන් ක්‍රමලේඛනවලදී වුවද, ඕනෑම උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකු හෝ පුද්ගලයෙකු හෝ පුද්ගලයකුට අනුග්‍රහ දැක්වීම වැළැක්වීම. වයස, ලිංගික හැසිරීම්, ලිංගික හැඩගැස්ම, ජාතිය, භාෂාව, ආගම, ජාතිකත්වය, දේශපාලන හෝ සමිති අදහස්, පුද්ගලික හා සමාජ තත්වයන් පිළිබඳ වෙනසක් නොකළ යුතුය.
 
 
 
මෙම ලියකියවිල්ලෙහි අවධාරණය කර ඇති විශේෂ කරණා
මෙහි ප්‍රධාන වශයෙන් ම වැදගත් කොට සලකනු ලබන්නේ නීතිය, සාධාරණත්වය, නිදහස මුලික කොට සලකනු ලැබේ. නිදහස් මාධ්‍ය වටපිටාවක් හිමිකර තිබේ. මාධ්‍ය ප්‍රේඬයා පිළිබද වගකීමෙන් යුක්තව කටයුතු කරන්නක් බැවින් මෙහි ප්‍රේඬකයන් විශාල ඉඩක් ලබා දී ඇත. එනම් කාන්තාව සහ ළමයා වෙත විශේෂ අවධානයක් ලක් කර ඇත.  වෘත්තීය මට්ටම තුළ ගෞරවාන්විතව පුද්ගල අභිමානය ආරඬා කරන්නේ කෙසේ ද යන්න රවධාරණයට ලක් කර තිබිම. වෘත්තීය ලෙෂ සැලකීමේ දී වෘත්තීය සීමාවකට යටත් ව නොපවතී. නමුත් අප රට තුළ එකී වෘත්තීය වලංගුභාවය දේශපාලන වෘත්තියට සීමා වේ.
මාධ්‍යයේ දී එක් සීමාවකට කොටු නොවීම අගය කළ යුතු වේ. එනම් (බහුත්වභාවය) යන්න තුළින් සියලූ දෙනා පිළිබද මාධ්‍යය ගෞරවය වගකීම තිබිය යුතුය මේ තුළින්
                                                 නිදහස
                                                 සත්‍යයභාවය
                                                 අපඬපාතිත්වය
                                                 සදාචාරාත්මකභාවය යන කරුණු අවධානයට ලක් කර ඇත. මෙම ලියකියවිල්ල හුදෙක් ඉගෙනුම් පරිසරයක් වෙත අවධානයට ලක් කර ඇත. මාධය පරිසරය යම් ආකාරයක ඉගෙනුම් මාධ්‍යක් ලෙසය.
දෛනික ජීවිතයේ යථාර්ථය පිළිබද සදහන් කර ඇත. මාධ්‍ය හුදෙක් යථාර්ථය නියෝජනය නොකරන බවයි. යම් ආකාරයක සැඟවුණු යථාර්ථයක් මාධ්‍ය තුළ ඇති බවක් පැහැදිලි වේ. මාධ්‍ය තුළ කවර ආකාරයකින් වුවද පෞද්ගලිකත්වය, පුද්ගල අයිතිවාසිකම් පිළිබද පුර්ණ ලෙස අඟය කර ඇත. තවද දේශීයත්වය, භාෂාව, අගය කිරීම සුරඬිත කිරීම මෙම ආචාර ධර්ම පද්ධතියෙහි සදහන් කර ඇත. මාධ්‍ය නිදහස අඟය කර ඇති අතර විනෝදාස්වාදය මාධ්‍ය තුළ අගය කරමින් එහි ගුණාත්මකභාවය ආරඬා කිරීම මෙහි දක්වා ඇත.
 ප්‍රවෘත්ති
වගකීම
සත්‍යතාවය
පුරවැසියන්ගේ අයිතිය
 
මාධය වැඩසටහන් අන්තර්ගතය
සංස්කෘතිය
අධ්‍යාපනය
මානසික ආකල්ප
නරඹන්නන්ගේ විවේචනාත්මක හැගීම්
 
ජාතිකත්වය පිළිබද හැගීම මාධ්‍ය තුළ අවලෝකණය
දේශීය
ඓතිහාසිකත්වය
කලාත්මකභාවය
භාෂාව
පාරිසරික උරුමය
 
පුද්ගලත්වය පිළිබද දැඩි අවධානය
පුද්ගල අභිමානය
පෞද්ගලිකත්වය ආරඬා කිරීම
 
දරුවන් පිළිබද අවධානය
ශාරිරික, මානසික සහ සධාචාරාත්මක බව
අශිෂ්ඨ, ප්‍රචණ්ඩ, නුරුස්සන දර්ශන ප්‍රචාරය නොකිරීම
 
 
විශේෂ අවධානය යොමු කිරීම්
රටේ දේශියත්වයට ගරු කිරීම
රටේ ආර්ථික පරිහානිය පිළිබද අවධානය
නවීකරණ ගැටළු පිළිබද අවධානය
තවද වැඩි අවධානයක් සිවිල් අයිතිවාසිකම් , සහයෝගීතාවය, පිළබද අවධාරණයෙන් බැලීම. මෙහි සමාජයේ නිතර කතා බහට ලක්වෙන ප්‍රචණ්ඩත්වය, අපරාධ, බිදවැටීම, සමාජ අක්‍රමිකතා සහ පුද්ගල අයිතිවාසිකම්
විශේෂිත අවධාරණය කර ඇති කරුණු තුළින් ආයතනික සංග්‍රහය තව තවත් සක්තිමත් කර ඇත. එනම්,
සදාචාරාත්මක හා වෛෂියික පදනම
සදාචාරාත්මක හා විනිවිදභාවය
අවංකභාවය
නීතිය සමග අනුකුලවීම.
බහුත්වවාදය
වෘත්තියවාදය
අපඬපාතිත්වය
 
ඉහත කරුණු පිළිබද සැලකිල්ලක් දක්වමින් මාධය ක්‍රියාත්මක විය යුතු බව අවධානයට ලක් කෙරේ. මෙම සංග්‍රහය මානව හිතවාදී මෙන්ම දේශියත්වය ගරු කරන ලියකියවිල්ලකි. මෙහි නීතිය යන්න විශේෂ අවධාණයට ලක් කරමින් ආචාර ධර්ම වඩාත් ශක්තිමත් කිරීමට උත්සහ දරා ඇත.