Saturday 28 May 2022

Protect the baby

 අයිතිවාසිකම් යනු


මිනිසාට තම සමාජ ජීවිතය යහපත් අයුරින් පවත්වා ගෙන යාමට අවශ්‍ය කොන්දේසි අයිතිවාසිකම් ලෙස මහාචාර්ය ලැස්කි හදුන්වා දී ඇත. යම් රාජ්‍යයක ස්වාභාවය කුමක් ද යන්න තීරණය කිරීම සදහා යොදාගත හැකි හොදම මිනුම් දණ්ඩ එම රාජ්‍ය විසින් පුරවැසියන්ට ප්‍රධානය කර ඇති අයිතිවාසිකම්වල ස්වාභාවය බව ලැස්කි තවදුරටත් ප්‍රකාශ කරයි. වයිල්ඩ් දක්වා ඇති ආකාරයට; “සමාජ ජීවිතයක් ගත කිරීමේ දී ඉටු කළ යුතු සමාජ කාර්යයන් සපුරාලීම සදහා පුරවැසියන් තුළින් ඉදිරිපත් වන සාධාරණ ඉල්ලීම් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැකිය” අයිතිවාසිකම් සම්බන්ධයෙන් හොබ්හවුස් පහත සදහන් අදහස ඉදිරිපත් කර ඇත.

“යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන, අනුන් අපෙනුත් අප අනුන්ගෙනුත් ආපේක්ෂා කරන සමාජ ඉඩ ප්‍රස්ථාවන් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැකිය. තාර්කික සමාජ සත්ත්වයෙකු වීමටත්, සමාජ විසින් පුද්ගලයින්ගේ අපේක්ෂා කරන්නා වු සමාජ කාර්යයන් ඉටු කිරීම සදහාත් මිනිසුන්ට අයිතිවාසිකම් අවශ්‍ය වේ. අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ සෑම අයිතිවාසිකමක්ම සාමාජීය යුතුකමක් හා සමග හකට බැදී පැවතීමය”

යහපත් සමාජ ජීවිතයක් ගත කිරීම පිණිස තම පෞද්ගලිකත්වය වර්ධනය කරගැනීමට මිනිසාට අවශ්‍ය සමාජ ඉඩප්‍රශ්ථාවන් අයිතිවාසිකම් ලෙසස ැලකෙන බව ඉහත දැක් වු නිර්වචනය මගින් පැහැදිලි වේ. නමුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ අයිතිවාසිකම් වු කලී හුදෙක් පුද්ගල මමත්වය වර්ධනය කර ගැනීමසදහා පමණක් පවතින දෙයක් නොවන බවය


අයිතිවාසිකම් වර්ගීකරණය


මානව හිමිකම් අවබෝධකර ගැනීමේ පහසුව සඳහා විවිධාකාරයෙන් වර්ගීකරණය කළ හැක. එහෙත් මානව හිමිකම් යනු හිමිකම්වල සමස්ථයක් බවත් අයිතිවාසිකම් එකිනෙකට බැදී පවතින බවත් අන්තර් රදාපැවැත්මක් සහිත අඛණ්ඩ පැවැත්මකින් යුක්ත දෙයක් ලෙස තේරුම් ගත යුතුය.

ස්වාභාවික අයිතිවාසිකම්


ස්වාභාවික අයිතිවාසිකම් පිළිබඳ අදහස ප්‍රචලිතව පැවති අවධියේ ඒ පිළිබඳ පසුබිම් අඳහස් ඉදිරිපත් කළ ඉංග්‍රිසි රචකයෙකු වුයේ තෝමස් පේන් ය. ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳ පැරණිම වර්ගීකරණය ඉදිරිපත් කළේය. ඔහුට අනුව මානව හිමිකම් සිවිල් සහ ස්වාභාවික වශයෙන් දෙයාකාර වේ. ඔහුට අනුව මිනිසා සිවිල් සමාජයට ප්‍රවිශ්ඨ වුයේ ස්වාභාවික අයිතිවාසිකම් රුගෙනය. සිවිල් සමාජය තුළ මිනිසා හිමිකර ගන්නා සෑම අයිතිවාසිකමක්ම හිමිකර ගන්නේ උපතින්ම රැගෙන ආ ස්වාභාවික අයිතිවාසිකම් පදනම් කරගනිමින්ය. (Every civil rights grows out of a  right)

මෙම අයිතිවාසිකම්වලට ආවේණික වු වෙනස්කම් රාශියක් පේන් හදුන්වා දෙයි. පැවැත්මය (Existence)  මනුෂ්‍යාව ඇති අයිතිය හා සම්බන්ධ අයිතිවාසිකම් සියල්ල ප්‍රකෘති අයිතිවාසිකම්වලට අයත් වේ. එමෙන්ම පුද්ගලයෙකු තමාගේ සැප පහසුකම් සහ ප්‍රිති යසලසා ගැනීම සදහා ක්‍රියා කිරීමට ඇති අයිතිය එයට අයත් වේ.

සිවිල් අයිතිවාසිකම් ලෙස පේන් හදුනා ගන්නේ යම් යම් සමාජයක සාමාජිකයෙකු වීමේ අයිතිය හා සම්බන්ධව පවත්නා අයිතිවාසිකම්ය. සුරක්ෂිතතාව, ආරක්ෂාව හා ආශ්‍රිත සේම දෙයක්ම මෙයට ඇතුළත් වේ. පේන් ප්‍රකාශ කරන ආකාරයට මිනිසා සිවිල් සමාජයට පිවිසීමේ දී ඇතැම් ස්වාභාවික අයිතිවාසිකම් සමාජයට පවරනු ලැබේ. එසේ පවරනු ලැබුවත් පුද්ගලයා සමාජයේ සාමාජිකයෙකු ලෙස සිටින නිසා පවරනු ලැබු අයිතිවාසිකම් ගැන වුවද යම් යම් පාලනයක් පුද්ගලයා සතු වේ. ඔහු විශේෂයෙන් ප්‍රකාශ කරන දෙයක් වන්නේ චින්තනය පිළිබඳ පුද්ගලයාගේ අයිතිය සිවිල් සමාජයට කිසිදු විටෙක පවරා නැත. සෑම දේශපාලන සංවිධානයකම අරමුණ වන්නේ ස්වාභාවයෙන්ම මිනිසාට ලැබුණු මිනිසාගෙන් ඉවත් කළ නොහැකි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමය. එනම් නිදහස, ආරක්ෂාව සහ මර්ධනයට එරෙහි වීමය.

තෝමස් පේන් සැලකිලිමත් වුයේ ප්‍රංශ විප්ලවය විසින් ප්‍රභල ලෙස ඉදිරිපත් කළ පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ අදහස ප්‍රතිගාමී ප්‍රහාරයන් ඉදිරියේ ආරක්ෂා කිරීම හා සාධාරණීකරණය කිරීමය. එවැනි රැකවරණයන්ගෙන් පෝෂණය වු අයිතිවාසිකම් පිළිබඳ අදහස පසු කාලීනව වඩාත් පරපුර්ණ හා සංකීර්ණ සංකල්පයක් ලෙස ව්‍යාප්ත වේ.




අවුරුදු 18 සෑම පුද්ගලයෙකුම ළමයෙකු වන බව 1989 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥ්ඥප්තියේ පළමුවන ව්‍යවස්ථාව තුළින් නිර්වචනය කර ඇත. ඒ අනුව එකී පනතේ ඇති සියලු අයිතිවාසිකම් අවුරුදු 18 ට අඩු සෑම පුද්ගලයෙකුටම භුක්තිවිදීමට සැලැස්වීමත් ළමයාගේ ආරක්ෂාව, සංවර්ධනය, පැවැත්ම හා සහභාගිත්වය තහවුරු කර ලබා දීමත් සියලු වැඩිහිටියන්ගේ වඟකීමක් වේ. පොදු ජාත්‍යන්තර මතය මෙය වුවත් ශ්‍රි ලංකාවේ නීතියෙන් නීතියට වරදේ ස්වභාවය මත ළමයා යන්න නිර්මාණය වීමේ වයස් සීමාවන් වෙනස් වේ. එය එසේ වුවත්, පොදු පිඵීගැනීම සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනතේ 40වන වගන්තියේ ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් කළ යුතු බව දක්වා ඇත.

ළමා ආරක්ෂාව




ළමයින්ට විරුද්දව සිදුවන ප්‍රචණ්ඩත්වයන් සුරාකෑම් සහ අපයෝජනයන් වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය ළමා ආරක්ෂාව යටතේ සාකච්චා කරයි. (UNICEF)  මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ප්‍රචන්ඩත්වය, සුරාකෑම, නොසලකා හැරීම, ළමා අයිතිවාසිකම් උදුරාගැනීම සහ සියලු ආකාරයේ අපයෝජනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිකාර කිරීමට හා ඒවා වැළැක්වීමට නියමිත සඵලදායි ක්‍රියාපටිටාටින් හා ව්‍යුහයන් ඇතුළත් ක්‍රියාවලියක් ලෙස පැහැදිලි කළ හැකිය. 

ළමයින් ආරක්ෂා කර ගැනීම උදෙසා විවිධ වැළැක්වීමේ ක්‍රියාවලීන්ට අවතීර්ණ වීමත්, එවැනි තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියත් ළමා ආරක්ෂාවේදී ප්‍රමුඛතම කාර්යයන් වනු ඇත. ඒ අනුව ළමයාගේ ආරක්ෂාව ගිලිහෙන 

ළමා අපයෝජනය හා නොසලකා හැරීම

ප්‍රචණ්ඩත්වයෙන්

සුරාකෑම්

ළමයා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සංකල්පීය පැතිකඩ පිළිබඳ විග්‍රහ කර බැලීම අත්‍යාවශ්‍ය කරුණකි.


ළමා අපයෝජන


ළමා අපයෝජන යන වචනයේ සරළ අර්ථය විග්‍රහ කර බැලුව හොත් එකී වචනය “අප + යෝජනය යන වචන දෙකේ එකතුවකින් සැකසී ඇති බව පැහැදිලිය. “අප” යන්නෙහි අර්ථය වනුයේ වැරදි යන තේරුමයි. “යෝජනය” යෙදවීම යන්නයි. ඒ අනුව අපයෝජනය යනු  වැරදි යෙඳවීම යන වචනාර්ථය ගනී. අවුරුදු 18 අඩු ඕනෑම පුද්ගලයෙකු වැරදි ආකාරයේ යම් ක්‍රියාවකට යොදවා ගනිමින් හෝ යහපත් ක්‍රියාවක් නොකර හැරීමට සැළැස්වීමක් යම් පුද්ගලයෙකු විසින් සිදුකරයි නම් ඒ තුළ ළමා අපයෝජනයක් සිදුවන බව අර්ථගන්වනු ලබන බව සරලව පැහැදිලි කළ හැකිය. එහෙත් මේ පිළිබඳ වු පහත නිර්වචනයන් දෙස බලන විට අපයෝජනය යන්න වඩාත් ගැඹුරින් තේරුම් ගත හැකිය.

“සියලු ආකාරයේ කායික, මානසික, අඩු සැලකීම හෝ අනිසි ලෙස සැලකීම, ලිංගික අපයෝජනය. නොසලකා හැරීම, හෝ වාණිජ හෝ වෙනත් ආකාරයේ සුරාකෑමක් නිසා පැවැත්ම, සංවර්ධනය, ගෞරවය පිළිබඳ වගකීම විශ්වාසය හෝ බලයට බලපානු ලබන්නා ව ුසත්‍ය හෝ විය හැකි තත්ත්වයකි. දෙමව්පියන් හෝ වෙනත් රැකබලාගන්නන් විසින් කරනු ලබන ඕනෑම ආකාරයේ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් මේ සදහා අදාළ වන අතර, ළමා නිවාසයක දී වෙනත් ආයතනයක දී ජාලයකදී හෝ ළමයින් ගැවසෙන ප්‍රජාවක දී ළමා අපයෝජන සිදු විය හැකිය. (ලෝක සෞඛ්‍ය සංවිධානය)”



ළමා අපයෝජනවලට එරෙහි විය යුත්තේ ඇයි.


ළමා අපයෝජනය නිසා හුදෙක් එකී වින්දිත ළමයාට සිදු වන පුද්ගල බලපෑමට එහා ගිය සමාජ ආර්ථික, පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එක් පසකින් වින්දිත ළමයින් තුළ හටගන්නා කායික, මානසික, සමාජීය, අධ්‍යාත්මක සංවර්ධනය කෙරෙහි ඇති කරනු ලබන ඝෘණාත්මක හා වේදනාකාරී බලපෑම සුළු පටු නොවේ. ළමයා තුළ හටගනු ලබන කායික තුවාල, වර්ධනය සීමා වීම, ඉලෙනුම් ආබාධ, චර්යාත්මක අක්‍රමතා, සායනික ගැටළු, විෂාදය, පශ්චාත් කම්පන ආතතිය, ඇබ්බැහිය, සියදිවි නසාගැනීම, සෞඛ්‍ය ගැටලු ආදී තත්ත්වයන් රැසක් නිර්මාණය විය හැකි අතර, එය ජීවිත කාලය පුරා අපයෝජනයට පත් වු ළමයා කම්පනය පත් කිරීම බරපතල තත්ත්වයක් විය හැකිය. අනෙක් පසින් සමාජ, සංස්කෘතික පැවැත්මට සිදු වන හානිය මෙන්ම මෙකී තත්ත්වයන් පාලනය කිරීම උදෙසා සමාජය විසින් දරන්නා වු ආර්ථික හා මානව පිරිවැය ද සුළු පටු නොවනු ඇත.


ළමයාගේ අයිතිය


මිනිස් සමාජයේ කුඩාම ඒකකය පවුල වන අතර එය විවිධාකාර ස්වරූප ගනී. පවුල තුළ මුලික කොටස් ඛණ්ඩනය කිරීමේ දී පළමුව ළමයින්ද, දෙවනුව කාන්තාවන් ද, තෙවනුව වැඩිහිටියන් ද වශයෙන් යොදා ගනී. ඒ අනුව පවුල තුළ ළමයින්ට ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ නීතියේ රැකවරණය ලැබිය යුතු පළමු කොට්ඨාශය ළමයින් වන නිසාය.



ළමයා යනු

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව ළමයා යනු, නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස, වයස අවුරුදු 18 ට අඩු සියලුම මනුෂ්‍යයින්ය. 

ජාත්‍යන්තර නීතියට අනුව මෙන්ම දේශීය නීතිය අනුවද සාමාන්‍ය පිළිගැනීම වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයින්ට බලපාන විවිධ නීතින් තුළ ඝමයා යන්න විවිධාකාරයෙන් හදුනා ගෙන ඇත. 


පනත/ මුලාශ්‍රය වයස අවුරුදු

ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනත 14

1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත 14

සාප්පු හා කාර්යාල සේවක ආඥා පනත 14

අයාල ආඥා පනත 16

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත 18

2005 අංක 16 දරණ සුනාමි (විශේෂ විධි විධාන පනත) 18

1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) 18

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත 18

නඩත්තු ආඥා පනත 18

කුල වැද්දීමේ ආඥා පනත 18

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත 18


ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ඹබසඑැා භ්එසදබි ක්‍දබඩැබඑසදබ දබ එයැ ඍසායඑි දf එයැ ක්‍යසකා)

මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සාමය හා සංවර්ධනය තහවුරු කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවිය. 1989 වර්ෂයේ නොවැම්බර් මස 20 දින එක්සත් ජාතීන් විසින් ළමා අයිතීන් පිළිබඳ සම්මුතිය අත්සන් කරන ලදී. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය 1990 සැප්තැම්බර් 22 වන දා සිට ක්‍රියාත්මක විය. වගන්ති 54කින් යුත් මෙම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය මගින් ලොව පුරා සිටින ළමයින් උදෙසා අයිතිවාසිකම් හදුන්වා දෙන ලදී. එහි දී ළමයින්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා සමාජ ආරක්ෂාව මුලික අවශ්‍යතා වශයෙන් හදුන්වා දෙමින් ළමයින් හට ක්‍රිඩා කිරීමට, තම අදහස් ප්‍රකාශ කිරීමට හා විනොදයෙන් සිටීමට ඇති අවශ්‍යතාව ද සදහන් කරන ලදී.



01 වගන්තිය - ළමයා පිළිබඳ නිර්වචනය

වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂයෙකුම ළමයෙකු ලෙස සැලකේ.

02 වගන්තිය - වෙනස් කොට නොසැළකීමේ අයිතිය 

ළමයින් කවුරුන් වුව ද, කුමන වයසක වුව ද, කිසියම් ආබාධයක් සහිත වුව ද, කුමන වර්ණයකින් යුක්ත වුව ද, කුමන ජාතියකට අයත් වුවද, කුමන භාෂාවකින් කතා කලද ඒ සැමටම කිසිදු ආකාරයේ වෙනසකින් තොරව මෙම අයිතීන් හිමි විය යුතුය.

03 වගන්තිය - ළමයාගේ උපරිම යහපත 

ළමයින් සම්බන්ධ ව ක්‍රියාකරන විට දී සහ ඔවුන් පිළිබඳ ගන්නා තීරණ වලදී ළමයාගේ උපරිම යහපත සලසා ක්‍රියා කළ යුතුය.

20 වගන්තිය - පවුලක් නොමැති ළමයින්ට රැකවරණය

ළමයාගේ දෙමව්පියන් නොමැත්තේ නම් සහ දෙමව්පියන් සමඟ සිටීම අනාරක්ෂිත නම් ළමයාට විශේෂ ආරක්ෂාව සහ ආධාර ලබා ගැනීමට අයිතියක් ඇත.

33 වන වගන්තිය - වෙනත් ආකාරයේ අපයෝජන

රජය විසින් පැන වු ළමා ශ්‍රමික අවම වයස සපිරූ ළමන්ට වුවද අධ්‍යාපනය හා සෞඛ්‍යට බාධා වන කටයුතු හා සුරා කෑමෙන් ආරක්ෂා වීමට අයිතියක් ඇත.

34 වන වගන්තිය - ලිංගික අපයෝජනය 

ළමයින් කිසිදු ලිංගික ක්‍රියාවකට යෙඳවීම හෝ පෙළඹවීම නොකර ආරක්ෂා කළ යුතුය.


35 වන වගන්තිය - විකිණීම හා පැහැරගෙන යාම

ළමුන් පැහැරගෙන යාමට, වෙළදාම් කිරීමට හෝ විකිණීමට කිසිවෙකුට අවසරයක් නැත. එවැන්නක් සිදුවිම වැළැක්වීමට සෑම උත්සහයක්ම ගත යුතුය.


36 වන වගන්තිය - ළමා ජාවාරම් සහ ළමයින්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වලින් නිදහස 

මත්දාව්‍ය භාවිතයෙන් සෑම ළමයෙකුම ආරක්ෂා කළ යුතුය.

එවැන් මත්දාව්‍ය නිශ්පාදනය කිරීම සඳහා හා බෙදා හැරීම සඳහා ළමයින් යොදාගැනීම වැලැක්වීමට නිසි පියවර ගත යුතුය.

සෑම ළමයෙකුම : 

ලිංගික සුරාකෑම් හා අපයෝජනයන්ගෙන් 

ගණිකා වෘත්තියෙහි යෙදවීමෙන්

ළමා අසභ්‍ය ප්‍රකාශන හා දාව්‍යවලින් මෙන්ම අනෙකුත් අනීතික ලිංගික ක්‍රියා වලින් ආරක්ෂා කළ යුතුය.

සෑම රාජ්‍යයන් විසින්ම :

අපහරණයන් හා

ළමා ජාවාරම් හෝ විකිණීම් වැනි ළමයාගේ යහපතට හානිදායක වන ක්‍රියාවන්ගෙන් ළමයා ආරක්ෂා කිරීමට දායක විය යුතුය. 

37 වන වගන්තිය - වධහිංසා කිරීම හා නිදහස අහිමි කිරීම

කිසිම ළමයෙකු, වධහිංසාවකට, කෲර අමානුෂික හා වද හංසාවකට ලක් නොකළ යුතුය. 

මරණීය දණ්ඩනයට ලක් කිරීම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීම මගින් කිසිම ළමයෙකුගේ ස්වාධීනත්වය අනීතික ලෙස හෝ අත්තනෝමතික ලෙස අහිමි නොකළ යුතුය.

තම ස්වාධීනත්වය අහිමි කරනු ලැබු සෑම ළමයෙකුටම නෛතික හෝ වෙනත් සුදුසු ආධාර ලබා ගැනීම සඳහා ප්‍රවේශයට අයිතිය ඇත.

එමෙන්ම තම පවුලේ සාමාජිකයන් හා සබඳතා පවත්වාගෙන යාමට අවසර ලබා දිය යුතුය.


38 වන වගන්තිය - සන්නද්ධ අරගල 

සන්නද්ධ අරගල පවතින අවස්ථාවන්හි දී ළමයින්ට ආරක්ෂාව ලබා දිය යුතුය.

ළමයින් සම්බව්ධ වන සන්නද්ධ අරගල වේ නම්, සෑම රාජ්‍යයක්ම ජාත්‍යන්තර මානුෂවාදී නීතියට ගරු කරමින් කටයුතු කළ යුතුය.

යුද්ධයෙන් පීඩාවන්ට ලන් වු ළමයින්ට රජය විසින් ආරක්ෂාව හා රැකවරණය සලසා දිය යුතුය.


39 වන වගන්තිය - පුනරුත්තාපන රැකවරණය

කිසියම් ළමයෙකු 

නොසලකා හැරීමකට, අයුතු ප්‍රයෝජනයට යොදා ගැනීමකටඅපයෝජනයකට හෝ වධහිංසාවකට භාජනය වී ඇති හෝ වෙනයම් ආකාරයක කෘර අමානුෂික හෝ වෙනස් කොට සැලකීමට හෝ 

සන්නද්ධ ගැටුමකට මැදි වී සිටින විට දී එම ළමයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය සඳහා උචිත පියවර ගැනීම.



40 වන වගන්තිය - ළමයා හා නීතිය 

ළමයෙකු යම් නීතියක් කඩකර ඇති විට දී, ඊට අදාළව කටයුතු කරන ආයතන දරුවාගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කළ යුතු වේ.

එවැනි අවශ්ථාවලදී : නීතිය ඉදිරියේ වරදකරු වනතුරු එම ළමයා නිවැරදිකරුවෙකු ලෙස සලකනු ලැබිය යුතුය.

ළමයෙකුට එරෙහිව පවතින චෝදනාව දැනුම් දිය යුතුය. එවැනි කරුණකදී දරුවාගේ පවුලේ අයට විත්තිවාචකය සුදානම් කිරිමට හැකිවනු ඇත.

ළමයින්ට අදාළ නඩු කටයුතු නිසි බලය සහිත අධිකරණයක් මගින් කඩිනමින් සිදු කළ යුතුය.

ළමයින්ට සාක්ෂි ලබා දීම සඳහා හෝ පාපොච්චාරණය කිරීම සඳහා බලපෑම් නොකළ යුතුය.

ළමයාට අධිකරණයේ භාවිතවන භාෂාව තේරුම් ගත නොහැකි විටකදී භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා දිය යුතුය.


41  වන වගන්තිය - පවත්නා ඉහළ නීති තත්ත්වයන්  රැකගැනීම

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ඇති මට්ටමට වඩා ඉහළ මට්ටමකින් රටේ ළමා අයිතිවාසිකම් රැකේ නම්, ඉහළ මට්ටම පවත්වා ලත යුතුය.


42 හා 54 වන වගන්තිය - පවත්නා නීති ක්‍රියාත්මක

සියළුම වැඩිහිටියන් ප්‍රඥල්තිය ගැන දැනගත යුතුය. තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනගැනීමට ළමුන්ටද අයිතියක් ඇත.

මෙම ප්‍රඥප්තියේ වගන්ති 54 කි. වගන්ති 42 සිට 45 දක්වා, ප්‍රඤල්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට වර්තා කිරීම පිළිබඳ රාජ්‍යයන් සතු වගකීම විස්තර කෙරේ.

වගන්ති 46- 54 දක්වා ප්‍රඥප්තියට ඇතුළත් වීම සඳහා රාජ්‍යයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැක්වේ.



ළමයින් විකිණීම, ගණිකා වෘත්තියේ යෙඳවීම සහ අසභ්‍ය ප්‍රකාශවලට ඇතුළත් කරගැනීම පිළිබඳව ළමා අයිතිවාසිකම් සම්මුතියට කරන ලද වෛකල්පිත ගිවිසුම :ධචඑසදබ්ක ඡරදඑදජදක එද එයැ ක්‍දබඩැබඑසදබ දබ එයැ ඍසටයඑි දf එයැ ක්‍යසකා දබ එයැ ි්කැ දf ජයසකාරුබල ජයසකා චරදිඑසඑමඑසදබ

 ්බා ජයසකා චදරබදටර්චයහ*


ළමා අයිතිවාසිකම් පිළිබඳ දේශීය නීතිය


1978 අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව   - 12 (4) ව්‍යවස්ථාව 

රටක මුලික හා උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (4) මගින් ළමයින්ගේ අයිතිවාසිකම් රැකගැනීම හා ආරක්ෂා කිරීම සඳහා විශේෂිත විධිිවිධාන සලසමින් නීති සම්පාදනය කිරීමට රජයට බලය පවරා ඇත.


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - 12 (13) ව්‍යවස්ථාව

ළමයින් හා යෞවනයන් කායික, මානසික, සදාචාරාත්මක, ආගමික හා සමාජීක වශයෙන් පුර්ණ වර්ධනයට පත්වන බව බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් හා වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකි වන පරිදි රජය ඔවුන් කෙරේ විශේෂ අවධානයක් හා වැඩපිළිවෙලක් තහවුරු කරනු ඇතැයි මෙහි සඳහන වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් නීතිය මගින් බලාත්මක කර ඇති ළමා අයිතිවාසිකම්


ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමා අයිතිවාසිකම් 1978 ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන

2 වගන්තිය - වෙනස් කොට නොසැලකීම 12(2) ව්‍යවස්ථාව - වෙනස්කොට නොසැලකීම

12 හා 13 වගන්තිය - අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඇති අයිතිය 14 (1) (අ) - භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස

14 වගන්තිය - සිතීමේ නිඳහස, හෘදය සාක්ෂියේ නිදහස හා ආගමික නිඳහස 10 ව්‍යවස්ථාව - සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස හා ආගමික නිදහස 

15 වගන්තිය - ඇසුරු කිරීමේ නිඳහස 14 (1) (ඇ) ව්‍යවස්ථාව -සමාගමයේ නිදහස

36 වගන්තිය- වධහිංසාවලින් මිදීමේ නිඳහස 11 ව්‍යවස්ථාව - වධහිංසාවලින් මිදීමේ නිදහස 


ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ


ළමයින්ට සිදුවන අපරාධ හා හිංසන වැළැක්වීමේ ප්‍රතිපාදන ප්‍රථමවරට අන්තර්ගත කරන ලද්දේ 1883 දණ්ඩ නීති සංග්‍රහය තුළය. විවිධාකාර වැරදි අර්ථ දක්වා ඊට ලැබිය යුතු දණ්ඩන නියමයන් පිළිබඳ විස්තර දැක්වීම දණ්ඩ නීති සංග්‍රහයට අයත් මුලික කාර්යයභාරයයි. දණ්ඩ නීති සංග්‍රහය වරින්වර සංශෝධනය කරමින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පුලුල් ප්‍රතිපාසන ගෙන එන ලදී.


 

ආශ්‍රිත ග්‍රන්ථ


ද සොයිසා, එච්. ඕ. ඒ. (2006) දේශපාලන විද්‍යාවේ මුලික සිද්ධාන්ත. සරසවි ප්‍රකාශකයෝ, කොළඹ

ළමා ආරක්ෂාව පිළිබඳ අත්පොත (2019) ජනාධිපති කාර්යාලය සහ ජාතික ළමා ආරක්ෂාව අධිකාරිය


චලනි කරුණාතිලක

1 comment:

අදහස්