Thursday, 10 June 2021

රාජ්‍ය පරිපාලනය අර්ථකතනය

 

රාජ්‍ය පරිපාලනය යන අංශය සීඝ‍්‍රයෙන් වර්ධනය වන්නේ දෙවන ලෝක  යුද්ධයෙන් පසු කාලය තුළ ඉස්මතු වන සුබසාධන රාජ්‍යය සංකල්පය සම`ගය. නිර්බාධවාදී රාජ්‍යය සංකල්පයට අනුව රාජ්‍යයට පැවරුනේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණි. නමුත් සුබසාධකවාදය ඉදිරිපත් වීමත් සම`ග ධනවාදයේ ව්‍යාප්තිය සම`ග ඉස්මතු වු විවිධ සමාජ ආර්ථික ප‍්‍රශ්ණ විසදීම ස`දහා රාජ්‍යයේ මැදිහත් වීම වැඩි වන්නට විය. එයාකාරයට වර්ධනය වු කාර්යභාරයන් ඉටු කරගැනීම ස`දහා කාර්යක්ෂම ස්ථාවර නිළධාරි පැලැන්තියක අවශ්‍යතාවය ඉස්මතු වු  අතර එම නිසා සෑම රාජ්‍යයක් විසින්ම වෘත්තිමය නිළධාරී පැලැන්තියක් වර්ධනය කර ගතී. ඒ අනුසාරයෙන් රාජ්‍ය පරිපාලනය දෙවන ලෝක යුද්ධයෙන් පසු වර්ධනය වන ආකාරය දැකිය හැකිය.

රාජ්‍ය පාරිපාලනය යනු කුමක්ද යන්න විමසීමට පෙර පරිපාලනය යනු කුමක්ද යන්න විමසිය යුතුය. මේ අනුව පාරිපාලනය යන්නට ඉංග‍්‍රීසි භාෂාවේ දී භාවිත කරන්නේ ්ාපසබසිඑර්එසදබ යන්නය. මෙය ලතින් භාෂාවේ ්ා සහ ඵසබසිඑර්රු යන වචනවලින් බි`දී ආවකි. ්ා යන්නහි අර්ථය ”හට” යන්න වන අතර ඵසබසිඑර්රු යන්නෙහි තේරුම සේවය කිරීම හෝ  සැලකීමය. මෙ සරළව ගත් කල්හි පරිපාලනය යනු ”සැළකීම, රැුකබලා ගැනීම, හා පාලනය හෝ රාජ්‍යය කටයුතු පරිපාලනය කිරීමයි.” මේ අනුව ෆිලික්ස් ඒ නිග්‍රෝ පෙන්වා දෙන්නේ ”පරිපාලනය යනු මහජනයා හා භෞතික වස්තූන් සංවිධානය හා උපයෝගි කරගෙන යම් ඉලක්කයක් සපුරා ගැනීමයි. මේ අනුව පරිපාලනය මුලික කරුණු දෙකක් මත පදනම් වන බව පෙනේ. එනම්,

1. සාමුහික වෑයම

2.පොදු අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම

මේ අනුව පරිපාලනය යන කි‍්‍රයාවලිය සමාජයේ සෑම ක්ෂේත‍්‍රයකටම පොදු වේ. එය,

x සුපිරි වෙළ`දසැලක්

x බැංකුවක් 

x විශ්වවිද්‍යාලයක් 

x පාසලක් 

x රෝහලක්

x පළාත් පාලන ආයතනයක්

යන සෑම ක්ෂේත‍්‍රයකම පවතී. ඉහත තත්ත්්වයන් විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ පරිපාලනය යන්න අදාළ වන්නේ රාජ්‍යය අංශයට පමණක් නොවන බවයි. එය පෞද්ගලික අංශයටද අදාළ වේ. ලෙනාඞ් ඞී. වයිට් පෙන්වා දෙන්නේ ”පරිපාලනය හා හැඩය හා අභිමතාර්ථය අනුව ද රාජ්‍ය හා පෞද්ගලික ආයතන තුළ විවිධ මට්ටමින් කි‍්‍රයාත්මක වුවත් ඒ තුළින්  දිවයන පොදු එක`ගතාවයක් නැතහොත් අනන්‍යතාවයක් දැකිය හැකි බවයි. පරිපාලනය පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශයේ සැළසුම්ගත පරිපාලන රටාවක් බිහිකිරීමට පදනම සපයයි.

පරිපාලනය වනාහි රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම අදාළ වන්නකි. ඒ අනුව රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශයේ කටයුතු වඩාත් ක‍්‍රමානුකූලව සහ සැළසුම්සහගතව කි‍්‍රයාත්මක කිරීම ස`දහා උපයෝගි කරගනු ලබන කි‍්‍රයාවලිය පරිපාලනය ලෙසින් හැදින්විය හැකිය. තවත් ආකාරයකට ප‍්‍රකාශ කරන්නේ නම් ප‍්‍රතිපත්ති හා තීරණ කි‍්‍රයාවට නංවනු ලබන කි‍්‍රයාදාමය පරිපාලනය වශයෙන්ද හැදින්විය හැකිය.

ඉහත ආකාරයේ පරිපාලන කි‍්‍රයාවලියක් රාජ්‍ය අංශය තුළ පවතින අතර, එය රාජ්‍යය පරිපාලනයයි. නුතන රාජ්‍යයේ පරිපාලන, සුබසාධක සංවර්ධනය හා සංස්ථාගත කි‍්‍රයාවලීන්ගේ ස්වරූපය නිසා රාජ්‍ය පරිපාලනය පිළිබ`ද අවධාරණය හා භාවිතය පිළිබ`ද වැ`දගත්කම වැඩි වී ඇත. චාල්ස්. ඒ. බෙයර්ඞ්ගේ අදහස වන්නේ පරිපාලනය තරම් වෙනත් විෂයක් වැදගත් නොවන බවයි.ලෙපෙව්ස්කි පවසන අන්දමට ශිෂ්ටාචාරය රැුදී පවතින්නේ විද්‍යාවක් හෝ දර්ශනවාදයක් ගොඩනැගීමේ අප සතු හැකියාව මෙන්ම ශිෂ්ටාචාරයේ අවශ්‍යතා ඉටුකළ හැකි පරිපාලන කි‍්‍රයාවලියකට හිමිකම් කියන රජයක් මත පමණි. රාජ්‍යය පරිපාලනය යන යෙදුමෙන් කරුණු දෙකක් අදහස් වේ. එනම්,

1. ශාස්ත‍්‍රීය විමර්ශනය 

2. අධ්‍යයනයට ලක්වන විෂයක් මෙන්ම කි‍්‍රයාවලියක් වීම.

කි‍්‍රයාවලියක් ලෙස රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම හා බලාත්මක කිරීම නිදසුන් වේ. බොහෝ විද්වතුන් විසින් තමාට ආවේණික වු ක‍්‍රමවේද, කාල පරාසයන් හා පරිසර තත්ත්වයන් යටතේ රාජ්‍ය පරිපාලනය අර්ථ දක්වා  ඇති අතර, පිළිගත් නිශ්චිත වු ක‍්‍රමවේදයක් නොමැත. 

රාජ්‍ය පරිපාලනයේ මව දේශපාලන විද්‍යාවයි. එනම්, රාජ්‍ය පරිපාලනයේ විද්‍යාවක් ලෙස හැඣීරීමට සිදුවනුයේ දේශපාලන විද්‍යාව තුළ එය පිළිසි`ද ගැනීමෙන් පසුවය. රාජ්‍ය පරිපාලනය අනිවාරයෙන්ම දේශපාලනය හා බද්ධ වන්නකි. රාජ්‍ය පරිපාලනය පිළිබ`ද ප‍්‍රථමයෙන්ම විද්‍යාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කළ පුද්ගලයා වන්නේ ලෙනාඞ් ඞී වයිට් ය. ඔහු පෙන්වා දෙන්නේ ”ආඞ්ඩුවේ බල අධිකාරිය විසින් තීරණය කරන ලද රාජ්‍යය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නංවමින් ඒවායේ අරමුණු සාධනය කරලීම ස`දහා කි‍්‍රයාත්මක වන සමස්ත කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනය වන බවයි.” මීට අමතරව රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු නිර්වචන කිහිපයක් පහත පරිදි ස`දහන් කළ හැකිය.

රාජ්‍ය නීතිය විධිමත්ව හා සවිස්තරාත්මකව කි‍්‍රයාවට නැංවීම රාජ්‍ය පරිපාලනයයි.

-වුඞ්රෝ විල්සන්

ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය රාජ්‍ය පරිපාලනය

-පර්සි මක්වින් 


රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැංවීමේ සමස්ත කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනය

මර්සන්

රාජ්‍යයේ අධිකාරි බල ආයතන මගින්  ප‍්‍රකාශයට පත් කෙරෙන රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නංවමින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම හා සම්බන්ධ කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනයයි.

මාර්ෂල්. ඊ. ඩිමොස්

රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ විධායක කාර්යයන් සම්බන්ධ සමස්ත කි‍්‍රයාදාමය වේ.

හර්බට්. ඒ. සයිමන්

රාජ්‍ය පරිපාලනය දේශපාලනමය වටිනාකම කි‍්‍රයාවට නංවන ප‍්‍රධාන ක්ෂේත‍්‍රයේ ලෙස හදුන්වා දිය හැකිය. රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ පුද්ගලයා සාමුහික උත්සහයන් සම්බන්ධීකරණය කිරීම ලෙස දැක්විය හැකිය. එය රාජ්‍යයේ රටානුගත කි‍්‍රයාවලියයි.

ජේ. එම්. පීෆ්නර් සහ ආර්.ප්‍රෙස්නස්

ඉහත තත්ත්වයන් විමසීමේ දී පැහැදිලි වන්නේ රාජ්‍ය පරිපාලනය යනු ”ආණ්ඩුවේ තීරණ නැතහොත් රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැංවීම අන්තරගත සමස්ත කි‍්‍රයාදාමය රාජ්‍ය පරිපාලනය” වන බවයි.

රාජ්‍ය පරිපාලනය පිළිබ`ද හදුන්වමින් ෆීලික්ස් ඒ නිග්‍රෝ පෙන්වා දෙන්නේ ”ආණ්ඩුවේ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන අංශ තුනේ පවතින අන්තර් කි‍්‍රයාකාරිත්වය රාජ්‍ය පරිපාලනය බවයි.” නමුත් ඇතැම් අය පෙන්වා දෙන්නේ රාජ්‍ය පරිපාලනය තුළින් අර්ථකතනය වන්නේ ආණ්ඩුවේ විධායක හස්තය පමණක් වන බවයි. මන්ද යත් විධායකයේ කාර්ය වන්නේ පරිපාලනයයි. එය රාජ්‍ය කටයුතුවල අදාළ බැවින් පරිපාලනය යනුවෙන් හැදින්විය හැකි බව ඔවුන්ගේ මතයයි. මේ සම්බන්ධයෙන් පිළිගත් පොදු අදහසක් දැකිය නොහැක. කෙසේ වෙතත් අදවන විට පරිපාලනය යන සාධකය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම  ඕනෑම සංවිධානයක් තම අරමුණු ඉටුකර ගැනීමේ හැකියාව රදා පවතිනුයේ එය සතු පරිපාලනයේ සාර්ථකත්වය මතය. මෙය රාජ්‍යටද අදාළ වේ. විශේෂයෙන් අදවන විට, රාජ්‍ය අංශය සතු සම්පත් අරපිරිමැස්මෙන් ලාභදායිව යොදා ගනිමින් කි‍්‍රයාවට නංවන්නේ මෙම රාජ්‍ය පරිපාලනය මගිනි. එහෙයින් රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවක විධායක හස්තයද වේ. එමෙන්ම එය ශිල්පීය කි‍්‍රයාකාරකම් ඉටුකරන්නා වු අංශය ද වේ.

රාජ්‍ය පරිපාලනය යනු එක් අතකින් ආණ්ඩුවේ වැඩ කටයුතු සංව්ධානය කිරීම, සැළසුම් කිරිම, කි‍්‍රයාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත කි‍්‍රයාදාමයයි. නැතහොත් ආණ්ඩුව විසින් සම්පාදනය කොට විධානය කරනු ලබන නීති හා වෙනත් අණපනත් ප‍්‍රයෝගික වශයෙන් කි‍්‍රයාවට නංවන යාන්ත‍්‍රණයයි. එම යාන්ත‍්‍රණයට 

x අමාත්‍යාංශ

x දෙපාර්තමේන්තු

x බද්ධ සමාගම් 

x සංස්ථා

x අධිකාරි

යන යාන්ත‍්‍රණයන් අයත් වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වු සමාජ සංවර්ධනයත් විශේෂයෙන්ම සමාජ සංරක්ෂණය හා ප‍්‍රසිද්ධ සුභසාධන සේවාවන් වර්ධනය වී සුබසාධන රාජ්‍ය මතුවීමත් සම`ගම පරිපාලන සතු ව`ගකීම් සම්භාරයද අතිවිශාල විය. 1917 න් පසුව සමාජවාදය සම`ග රාජ්‍ය පරිපාලනය සතු වන කාර්යභාරය ද තවදුරටත් වර්ධනය විය. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලනයේදී අවශ්‍යය වන කරුණු කිහිපයකි. එනම්,

1. ශිල්පිය දැනුම 

2. ව්‍යාපාරික ලෙස කි‍්‍රයා කිරීම

4. ව`ගකීම දැරීම


පරිපාලන සේවය

පරිපාලන සේවා විභාගය පිළිබ`දව නවක උපාධිධාරීන්ට මෙන්ම රාජ්‍ය සේවයේ අවබෝධයක් නැත. එකල පැවති සිවිල් සේවය දිසාපති මෙන්ම උපදිසාපති වශයෙන් නම් කෙරුණි. නමුත් මෙය වර්තමානයේ දී හදුන්වන් ලබන්නේ ශි‍්‍ර ලංකා පරිපාලන සේවය යන්නයි. ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේට අදාළව අමාත්‍යය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ම`ගින් පනවනු ලබන සියලූම ප‍්‍රතිපත්ති ලේකම්තුමාගේ අනුමැතිව ඇතිව ශි‍්‍ර ලංකා පරිපාලන සේවා ශාඛාව ම`ගින් කි‍්‍රයාත්මක කරනු ලබයි.

ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ ඉතිහාසය

1796 වර්ෂයේ දී ශි‍්‍ර ලංකාව මුහුදු බඩ පළාත් බි‍්‍රතාන්‍යයට යටත් වීමෙන් පසු එම ප‍්‍රදේශවල පරිපාලන කටයුතු මධුරාසියේ සිට කි‍්‍රයාත්මක වු පෙරදිග ඉන්දීය වෙළ`ද සමාගමේ නිළධාරීන් වෙතින් සිදුවිය. එහිදී ඇති වු ප‍්‍රායෝගික ගැටලූ මත 1802 වර්ෂයේදී පරිපාලන කටයුතු ස`දහා නිළධාරීන් පිරිසක් බි‍්‍රතාන්‍යයෙන් මෙරටට පත් කරන ලදී.

එය මෙරට සිවිල් සේවයේ ආරම්භ වු අතර පසුව මෙම සේවය බි‍්‍රතාන්‍ය සිවිල් සේවය පදනම් කරගනිමින් 1833 දී ලංකා සිවිල් සේවය වශයෙන් නම් කරනු ලැබීය. එය 1963 වසරේ දී එවකට පැවති ප‍්‍රාදේශීය ආදායම් පාලන නිළධාරී සේවයද ඇතුළත් වෙමින් ලංකා පරිපාලන සේවය ලෙස නම් කරනු ලැබීය. පසුව 1972 දී ශි‍්‍ර ලංකාව ජනරජයක් වීමෙන් පසු ශි‍්‍ර ලංකා පරිපාලන සේවය ලෙස නම් කරනු ලැබ මෙරට ප‍්‍රමුඛතම සිවිල් සේවාව වශයෙන් කි‍්‍රයාත්මක වේ.


ම්801 සිට 1833 කෝල්බෲක් කොමිසම දක්වා සිවිල් සේවය

ලංකාවේ එවකට පැවති සිවිල් සේවයේ වැදගත් ම තනතුරු සදහා තෝරා පත්කරගන්නා ලද්දේ නෝර්ත් ආණ්ඩුකාරවරයා සම`ග දිවයිනට පැමිණි නව දෙනා අතුරෙන් සහ ලංඩනයේ රාජ්‍ය ලේකම්වරයා විසින් තෝරා ගන්නා ලද නිළධාරී 24 දෙනාගෙන්ය. මෙම තෝරා ගැනීම් ස`දහා සුදුසුකම් ලෙස වඩාත්ම සැලකුනේ ඔවුන්ගේ සමාජ සම්බන්ධකම් සහ දැනඇදුනුම්කම් වු අතර, අධ්‍යාපන සුදුසුකම් ස`දහා සිදු කෙරුණේ අඩු තක්සේරුවකි. රජය සම`ග සමීප සම්බන්ධකම් ඇති එංගලන්තයේ තරුණයන් හට දැන හැදුනුම්කම් මත සිවිල් සේවයේ පත්වීමක් ලබාගැනීම වඩාත් පහසුවිය.

මේ අයට ගෙවු වැටුප් ප‍්‍රමාණයන් ඔවුන් ඉසුලූ තනතුර සහ පුද්ගලයා අනුව වර්ෂයකට පවුම් 300- 3000 අතර පැවතිණි. සිවිල් සේවයේ ප‍්‍රධානියා ලෙස සැළකුණු ප‍්‍රධාන ලේකම්වරයාගේ වාර්ෂික වැටුප 3000 පමණ විය. 

බ‍්‍රිතාන්‍යයේ රාජ්‍ය ලේකම්වරයා විසින් තෝරා ගන්නා ලද පළමු සිවිල් සේවා නිළධාරි කණ්ඩායමට අයත්වුයේ වයස අවුරුදු 16-28 අතර ඉතා ලාබාල තරුණයන්ය. මෙලෙස ලාබාල අය තෝරා ගැනීමේ ඔවුන්ගේ පරමාර්ථය වුයේ එවැනි තරුණයන් තුළ ලංකාවේ දීර්ඝ කාලයක් සේවය කරමින් මෙරට පරිපාලනය හා රටේ තත්ත්වය සම්බන්ධයෙන් උගෙනුම ලැබීමේ හැකියාවක් ඇතැයි ද නිවර්තන කලාපීය රටවල කටුක තත්ත්වයන්ට හැඩගැසීමේ හැකියාවක් ඔවුන් තුළ තිබේ යයි ද යන පිළිගැනීමයි. මේ අයගේ සේවා උසස්වීම් ස`දහා පිළිගත් නිර්ණායකයන් දීර්ඝ කාලීන සේවය සහ ජේ්‍යෂ්ඨත්වය වු අතර, කුසලතාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදැක්විණි. මෙලෙස තෝරා ගත් ස්වල්ප දෙනෙකුගෙන් සැදුම්ලත් ලංකාවේ සිවිල් සේවාව ක‍්‍රමයෙන් සුවිශේෂි සේවාවක් හා වරප‍්‍රසාද ලත් පංතියක් බව වර්ධනය විය.

නෝර්ත් ආණ්ඩුකාරවරයාට පසුව මෙරට ආණ්ඩුකාර ධුරයට පත් වු මෙට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා විසින් මෙරට සිවිල් සේවය ස`දහා පුද්ගලයන් තෝරා ගැනීමේ දී අනුගමනය කළ මෙම පිළිවෙල සම්බන්ධයෙන් විරුද්ධත්වය දැක් වු අතර සේවයට ඇතුල්වන්නන් අවම වශයෙන් වයස අවුරුදු 22- 26 අතර අය විය යුතුය. යන්න ඔහුගේ පිළිගැනීම් විය. මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා වෙතින් වැඩභාර ගත් බර්න්ස් ආණ්ඩුකාරවරයා එවකට සිවිල් සේවයේ නියුතු පුද්ගලයන් සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය දක්වමින් කියා සිටියේ එවකට මෙරට සේවයේ නිරත සිවිල් නිළධාරීන් දස දෙනාගෙන් නව දෙනෙකු පාසල් හැරයාමේ ලාබාල වයසේ සිටි අය බවයි.

එවකට ලංකාවේ සිවිල් සේවයට ඇතුළු වන්නන් සදහා වයස් සීමාව අවු 20-23 අතර විය. නිවර්තන කලාපීය රටවල කටුක තත්ත්වයන්ට හැඩගැසීම ස`දහා තරුණ වයසේදීම සේවයට බදවා ගැනීම අවශ්‍ය කෙරිණි. මුල් කාලයෙහි දිවයිනෙහි සේවය කළ බි‍්‍රතාන්‍ය සිවිල් සේවකයන්ගෙන් වැඩි දෙනෙකුම අවුරුදු 20ට වැඩි කාලයක් සේවය කළ අතර, ඇතැම් අය විසින් දිවයින ස්ථිර වාසස්ථානයක් ලෙසද තෝරා ගැනුණි. සිවිල් සේවය තුළ බි‍්‍රතාන්‍ය ඒකාධිකාරය දිගින් දිගටම රදවා ගැනීම ස`දහා ද සේවයට ඉතා අඩු වයසින් ඇතුල් කරවා ගැනීම අවශ්‍ය කෙරිණි.


සංක‍්‍රාන්ති අවධිය - 1931-1946 දක්වා නිලබල තාන්ති‍්‍රක අනුවර්තනය ඇති වු වකවානුවක්  

 

සමාජ හා ආර්ථික වශයෙන් වැදගත් වු වෙනස් කම් රාශියක් ඇති වුයේ ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය පැවැත කාල පරිච්ඡේදය තුළ දීය. එබැවින් එම කාලපරිච්ඡේදය, ලංකා සිවිල් සේවයේ භූමකාව කෙරෙහි මහත් බලපෑමක් ඇති කළ සමාජ-ආර්ථික සංවර්ධන සමයක ආරම්භ වී යැයි පහසුවෙන්ම පැවසිය හැකිය. ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ මහජනතාවට අත්වුණු දේශපාලන බලතල හමුවේ, ආණ්ඩුවේ අරමුණු හා පරමාර්ථ බෙහෙවින් සංශෝධනය කළ යුතුවිය. දිවයිනේ යටත් විජිත පරිපාලනයේ ප‍්‍රධානතම අවිය වු සිවිල් සේවය කලින් පැවති තත්ත්වයට ඉදුරාම වෙනස් වු තත්ත්වයකට මුහුණ පෑවේය. වෙනත් අයුරකින් කිවහොත් ආණුඩුකාරවරයාගේ හා නිලලත් සාමාජිකයන්ගේ ආධිපත්‍යය යටතේ පැවති ව්‍යයස්ථාදායකය විසින් පාලනය කරනු ලැබු මෙහෙයවනු ලැබු සිවිල් සේවය, ජනතා ඡුන්දයෙන් පත්වුණු ව්‍යවස්ථාදායකයේ බලපෑමට නතු විය. ජනතා ඡුන්දයෙන් පත්වුණු මෙම ව්‍යවස්ථාදායකයේ අරමුණ වුයේ යටත් විජිත පරිපාලන යන්ත‍්‍රය, සමාජ හා ආර්ථික සංවර්ධන පිළිවෙල කි‍්‍රයාත්මක කිරීමේ යන්ත‍්‍රණයක් බවට පරිවර්තනය කිරීමයි. මෙහි අදහස නම් ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදුන්වා දීමත් සම`ග අනුවර්තනය (අනුහුරු වීම* පිළිබ`ද බලගතු අභියෝගයට මුහුණ දීමට ලංකා සිවිල් සේවයට සිදු වු බවයි. මෙහිලා ලංකාවේ අත්දැකීම අද්විතීය වුවකි. තෝරා පත් කරගත් ව්‍යවස්ථාදායකයත් සිවිල් සේවයත් අතර ඇති වුයේ අන්‍යෝන්‍ය අවබෝධයකි. මේ අතර ලාංකීකරණය, සිවිල් සේවයේ කාර්්‍යයක්ෂමතාව, ආකල්ප හා පොදු ප‍්‍රතිරූපය කෙරෙහි බලපෑ හෙයින් නිලබල තන්ත‍්‍රයේ අනුහුරු වීමේ කි‍්‍රයාවලිය පහසු වුයේ ය. තව ද හුදු නීතිය හා සාමය පවත්වා ගැනීමෙන් බදු එකතු කිරීමේ ත් කාර්යයයන්ට වඩා ජාතිය ගොඩ නැගීමේ කාර්යය වැදගත් වන්නේ ය යන කරුණට සංවිධානමය වශයෙන් හා ආකල්පමය වශයෙන් අනුහුරුවීමේ කි‍්‍රයාවලිය මෙම තත්ත්වය වඩාත් සංවිධානය කරලීය.

නිදහසින් පසු සිවිල් සේවය නිලබල තන්ත‍්‍රයේ ප‍්‍රතිචාරශීලිභාවය අවශ්‍ය වු වකවානුවක්  

1948 දී නිදහස ලැබීමත් සම`ග අනුවර්තනය වීමේ ඉතා ම වැදගත් අදියරකට නිලතල යන්ත‍්‍රය මුහුණ පෑවේය. නිදහස් ජනතාවකගේ අභලාෂයන් මුදුන් පත් කරගැනීමට වෙර වඩන ස්වාධීන රාජ්‍යයක ව`ගකීම් ඉටු කිරීම දැන් ඔවුනට පැවරුණේය. ආර්ථිකය හැඩගැස්වීමේ හා සමාජ ශුභ සාධනය ඇති කිරීමේ ව`ගකීමද නව රජය වෙත පැවරිණි. සියලූම ඌන සංවර්ධත රටවලට මෙන් ම ලංකාණ්ඩුවට ද සංවර්ධන කි‍්‍රයාදාමයන් වැඩිදියුණු කිරීමේලා වැඩි කාර්යයභාරයක් පවරා ගැනීමට සිදු ව තිබිණි. ආර්ථික වර්ධනය හා සමාජ ශුභසාධනය සදහා වු අවධාරණය හේතුවෙන් සිවිල් සේවය නව මුහුණුවරක් ගැනීම අවශ්‍ය විය. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ ඇති කරන ලද ඇතැම් වෙනස්කම් හේතු කොටගෙන සිවිල් සේවය නිදහස් රටකට සරිලන ආකාරයේ වෙනස්වීම්වලට යම් පමණකට නැඹුරුව තිබුණේ වී නමුත්, ආර්ථික සංවර්ධනය ස`දහා වන වැදගත් කාර්යයන් මෙහෙයවීම සදහා ඔවුන් පොළඹවාලීම අවශ්‍ය විය. සිවිල් සේවය මෙම අනුවර්තනයට හා සැකැස්මට අවශ්‍ය පරිදි හැඩගැසෙනු ඇත යන විශ්වාසය මත එය ප‍්‍රමුඛතම පරිපාලන සේවාව වශයෙන් ස්ථාපනය කැරිණි. මීට තවත් හේතුවක් වුයේ 1948 දී දේශපාලන බලය හිමිකර ගත් නායකත්වය, ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේද බලතල සහිතව සිටීමයි. සමාජ පසුබිම, දර්ශනය, ප‍්‍රවණතා හා ආකල්ප අතින් දේශපාලන නායකත්වය සහ සිවිල් සේවය අතර පැවති සමානතා මෙම අනුවර්තනයට තවත් පහසුවක් විය. සමාජ සංස්කෘතික මුලයන් අතින් දේශපාලන නායකයන් හා නිලබල තන්ත‍්‍රය අතර පැවති මෙම සමානත්වය හේතු කොට ගෙන දෙපාර්ශ‍්‍රවය අතර සුහදශීලි සබ`දතාවක් ගොඩ නැගුණි.

නි`දහස ලැබීම හා ආර්ථික හා සමාජ සංවර්ධන අභිලාෂ

ඌන සංවර්ධිත බොහෝ රටවල මෙන්ම නි`දහසින් පසු ලංකාවෙහි ද දේශපාලඥයන් තමන් වෙත පැවරුණු කාර්යභාරය ලෙස කල්පනා ලෙස පසුබෑමකට ලක් ව තිබු ආර්ථිකය නවීකරණය කිරීම හා එමගින් ජීවණ තත්ත්වය නංවාලීම ඔස්සේ වර්ධනය වන ජනගහනයට අවශ්‍ය ඵලදායි රැුකියා අවශ්‍යතා ව්‍යාප්ත කිරීමයි. දේශපාලන නායකත්වයේ ආර්ථික චින්තනය විප්ලවීය වෙනසකට භාජනය නොවුවද 1931 පටන් අඛණ්ඩ වෙනස්කම් ඇති වී තිබිණි. දිවයිනේ ආර්ථිකය විවිධාංගිකරණය කිරීම එහි මුඛ්‍ය පරමාර්ථය විය. කෘෂිකර්මය ව්‍යාප්ත කිරීම හා ආහාර නිශ්පාදනය නංවාලීම කෙරෙහි ඇති වුයේ නවතම උද්‍යෝගයකි. කාර්මික සංවර්ධන අවශ්‍යතාවද හදුනා ගනු ලැබිණි. මේ සියල්ලටම වඩා වැ`දගත් වුයේ තම රටේ ආර්ථික සම්පත් පිළිබ`ද වැඩි පාලනයක් ලාංකිකයනට හිමිවිය යුතුය යන හැගීම් ය.

බදවා ගැනීමේ පටිපාටිය

2.1 රාජ්‍ය සේවයේ සෑම තනතුරකටත්, ඉදින් යම් තනතුරක් කිසියම් ශ්‍රේණියකට නොහොත් සේවයකට අයත් වන්නේ නම් ඒ සෑම ශ්‍රේණියකට නොහොත් සේවයකටත්, තනතුරෙහි වැටුප් පරිමාණය, අවශ්‍යය සුදුසුකම්, වයස් සීමාවන් සහ අදාළ අනෙකුත් විස්තර නිශ්චිතව ඇතුළත් කර අදාළ දෙපාර්තමේන්තුව විසින් බ`දවා ගැනීමේ පටිපාටියක් පිළියෙල කර 2.2 සිට 2.5 දක්වා වු උපවගන්ති ප‍්‍රකාර අනුමැතිය ලබා ගත යුතුයි. 

2.1.1 රාජ්‍ය සේවයෙහි තනතුරක් ස`දහා දැනටමත් අනුමත කර ගෙන ඇති බ`දවා ගැනීමේ පටිපාටි ඉදිරියේ දි කළ හැකි සංශෝධනයන්ට යටත්ව තවදුරටත් බල පැවැත්වේ. 

2.1.2 මෙහි දෙවනි පරිශිෂ්ටනයෙහි දැක්වෙන ආකෘතිය අනුව බදවා ගැනීමේ කෙටුම්පත් පටිපාටි පිළිවෙල කලයුතුය.

පත් කිරීමේ බලය

4.1 පත් කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති අතර අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකු, දෙපාර්තමේන්තු, ප‍්‍රධානියෙකු, දිසාපති/ දිස්ති‍්‍රක් ලේකම්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලය මෙම බලතල කෙලින්ම කි‍්‍රයාත්මක කරනු ඇත.

4.2 අනිකුත් සියලූම වර්ගවල රජයේ නිලධරයන් පත් කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවා කොමිසමට පවරා ඇත.

4.2.1පහත ස`දහන් නිළධරයන් හැර රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියට අයත් අනෙකුත් සියලූම නිලධරයන් පත් කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිසම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරා ඇත.

(අ* ඒකාබද්ධ සේවයකට නොගැනෙන, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයෙකු සම්බන්ධයෙන් පත් කිරීමේ බලධරයා ජනාධිපති ලේකම්වරයාය

(ආ* අමාත්‍යාංශයක් යටතට නොගැනෙන සහ ඒකාබද්ධ සේවයකට අයත් නොවන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයෙකු සම්බන්ධයෙන් පත් කිරීමේ බලධරයා දෙපාර්තමේන්තු ප‍්‍රධානියාය.

4.2.2 ඒකාබද්ධ සේවයකට අයත් මාණ්ඩලික ශ්‍රේණියේ නිළධරයෙකු සම්බන්ධයෙන් පත් කිරීමේ බලධරයා රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

විශ‍්‍රාම වැටුප් හිමි තනතුර හා විශ‍්‍රාම වැටුප් හිමිකම

6.1 ස්ථිර තනතුරක් අවශ්‍යයෙන්ම විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් නොවන්නේය. විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් වශයෙන් සැලකෙන්නේ විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථාව යටතේ උප ලේඛනගත කරන ලද ස්ථිර තනතුරක් පමණකි. විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථාව යටතේ තනතුරක් එලෙස උප ලේඛන ගත කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බලය පිටය.

6.2 විශ‍්‍රාම වැටුප් හිමි නිළධරයෙකු වනාහි විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය යටතේ විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් ලෙස උප ලේඛනගත කර ඇති තනතුරකට විශ‍්‍රාම වැටුප් හිමි නිළධරයෙකු හැටියට පත් කරනු ලබන තැනැත්තෙකි.

6.3 විශ‍්‍රාම වැටුප් හිමි තනතුරක් දරන තැනැත්තෙකු අවශ්‍යයෙන්ම විශ‍්‍රාම වැටුප් හිමි තැනැත්තෙකු නොවන්නේය. උදාහරණයක් වශයෙන්, විශේෂ හේතු නිසා විශ‍්‍රාම වැටුප් හිමි තනතුරකට ගිවිසුමක් පිට හෝ විශ‍්‍රාම වැටුප් අහිමි පදනම මත හෝ පත්වීමක් දිය හැකිය.

වැටුප්

1.1වැටුප් නිගමනය කිරීමේ කාර්යය, ආයතන අධ්‍යයක්ෂක ජනරාල් සහ මහා භාණ්ඩාගාරයේ අයවැය අධ්‍යක්ෂ ජනරාල් අන්‍යොන්‍ය උපදෙස් ලබා ගනිමින් සමීප සහයෝගයකින් කි‍්‍රයා කළ යුතු කාර්යයකි. ඒ ඒ තනතුරුවලට හෝ ශ්‍රේණිවලට රාජ්‍ය සේවයේ තත්කාල වැටුප් ව්‍යුහය තුළ වැටුප් පරිමාණ නියම කරනුයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසිනි. අලූත් වැටුප් පරිමාණ සකස් කිරීමෙන්, පොදු වැටුප් ව්‍යුහය සමස්තයක් වශයෙන් ප‍්‍රතිශෝධනය කිරීමෙත් ව`ගකීම පැවරී ඇත්තේ මුදල් අමාත්‍යාංශය වෙතය.

1.2 අලුත් තනතුරක් ස`දහා නියම කළ යුතු වැටුපක් හෝ වැටුප් ප‍්‍රමාණයක් තීරණය කිරීම, එවැනි වැටුපක් හෝ වැටුප් පරිමාණයක් පවත්නා වැටුප් ව්‍යුහය තුළට ගැනෙන්නේ නම් මහා භාණ්ඩාගාරයේ හා ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ එක`ගතාවය මත සිදු කෙරේ.

1.3 එසේ අනුමත කළ ගාස්තු ප‍්‍රමාණ හා වැටුප් පරිමාණ අනුව වැටුප් ගෙවිය යුතුය. ඇස්තමේන්තුවල වෙනත් ගාස්තු ප‍්‍රමාණ හෝ පරිමාණ හෝ ස`දහන් වු පමණින් අනුමත ගාස්තු ප‍්‍රමාණ හෝ පරිමාණ වෙනස් නොකළ යුතුය.

1.4 මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඇති කරන ලද, වැටුප් පරිපාණ නියමව නැති අලූත් තනතුරුවලට වැටුප් පරිමාණ නියම කිරීම ස`දහා වන සියලූම අලූත් යෝජනා ගැන ඉහත 1.2 හි පරිදි කටයුතු කළ අතර, එවැනි පුර්ව එක`ගතාවයක් නොමැතිව එම යෝජනා ඊළ`ග මුදල් වර්ෂයේ ඇස්තමේන්තුවලට ඇතුළත් කළ යුතුය.

1.5 යම් වැටුපක් ප‍්‍රතිශෝධනය කළ විට එසේ කළ යුතු බවට කරන ලද නියෝගයේ අන් අයුරකින් නිශ්චිත වශයෙන් ස`දහන් කර නැත්නම් ප‍්‍රතිශෝධිත වැටුප් කි‍්‍රයාත්මක විය යුත්තේ එම ප‍්‍රතිශෝධනය නියෝග කළ දින සිටය.

1.6 නිවාඩු ලබා නොගෙන සේවයට නොපැමිණි කාල පරිච්ඡේදයක් සම්බන්ධයෙන් නිළධරයෙකුට විරුද්ධව ගත හැකි විනයානුකූල කි‍්‍රයා මාර්ග කුමක් වුව ද ඔහුට එම කාල පරිච්ාඡු්දය වෙනුවෙන් වැටුප් කිසිවක් නොගෙවිය යුතුය.

1.7 වැඩ තහනම් කරන් ලැබ සිටින නිළධරයෙකුගේ පඩිනඩි 7 වගන්තිය යටතේ තීරණය කළ යුතුය.

1.8 සිය තනතුර අත් හැර ගිය නිළධරයෙකුට තනතුර අත්හැර ගිය දා සිට කිසිම වැටුපක් හිමිනොවේ. එසේම ඔහුට ගෙවිය යුතු කවර මුදලකින් වුවද කලින් දැන්වීමක් නොකිරීම වෙනුවෙන් මසට වැටුපට සමාන මුදලක් අය කර ගත යුතුය.


19 වන සංශෝධනය යටතේ පරිපාලන සේවයේ සිදු වු වෙනස්කම්

විගණන සේවා කොමිසන් සභාව, ප‍්‍රසම්පාදන කොමිසන් සභාව ස්ථාපිත කිරීම. 

19වන සංශෝධනය මගින් දුෂණය පිටුදැකීම ස`දහා දැනට පවතින කොමිෂන් සභාවලට අමතරව තවත් කොමිෂන් සභා දෙකක් පිහිටු වීමට යෝජනා කරන ලදී. ඒ ප‍්‍රසම්පාදන කොමිසන් සභාව හා විගණන කොමිසන් සභාව කොමිෂන් සභා දෙකයි. මෙම ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් බලාපොරොත්තු වන්නේ සියලූම රජයේ ආයතන විසින් කරනු ලබන භාණ්ඩ සහ සේවා වැඩ උපදේශක සේවා ස`දහා පටිපාටි හා උපමාන අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමටත්, විශේෂයෙන් එම භාණ්ඩ හා සේවා සපයා ගැනීම ස`දහා කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගැනීම පිළිබ`ද සොයා බලා ඒ කටයුතු නියමිත පරිදි සිදු වී නොමැති නම් ඒ පිළිබ`ද අවශ්‍ය පියවර ගැනීමය.

19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවීමට යෝජනා කරන ලද ප‍්‍රසම්පාදන කොමිසන් සභාවට කි‍්‍රයාපාටි හා උපමාන සකස් කිරීමටත් රජයේ ආයතන අනුව ඒ උපමාන අනුව කටයුතු කරනවාදැයි සොයා බැලීමටත් බලතල ලබා දී ඇති නමුත් ඒ කි‍්‍රයා පටිපාටි හා උපමානවලට අනුව අනුකූලව කටයුතු නොකරන ආයතන සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට බලය ලබා දෙන විධිවිධාන ඇතුළත් නොකරන ලදී.

19වන සංශෝධනය හදුන්වා දුන් මේ විධිවිධානවලින් කොමිෂන් සභාවට කටයුතු කළ හැකි වන්නේ ඔවුන් විසින් විමර්ශනය කොට සොයා ගනු ලබන දුෂිත කි(යාවක් උචිත බලධරයන් වෙත වාර්තා කිරීම පමණි. ඒ සංශෝධනයේ උචිත බලධරයන් වෙත වාර්තා කිරීම පමණි. ඒ සංශෝධනයේ උචිත බලධරයන් කවුරුද යන්න අර්ථනිරූපණය කර නැත. යම් රාජ්‍ය ආයතනයක පාලක මණ්ඩලයට ඉහළින් ඇති එකම ආයතනය ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ ඒ අයත් වන ආයතනය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාය.

මේ අනුව කොමිෂන් සභාව විසින් සොයා ගනු ලබන යම් දුෂණයක් පිළිබ`දව වාර්තා කළ හැකි වන්නේ අමාත්‍යවරයකු නම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට කොමිසන් සභාවට පුලූවන්කමක් නැත. මක් නිසාද යත් කොමිෂන් සභාවට විමර්ශනය කළ හැක්කේ රාජ්‍ය ආයතනයකට එරෙහිව පමණි. මේ සංශෝධනයේ දැක්වෙන රාජ්‍යය ආයතනය යන අර්ථ නිරූපනයට ජනාධිපතිවරයා හෝ අමාත්‍යය මණ්ඩලය හෝ අමාත්‍යවරයා හෝ ඇතුළත් නොවේ. ඒ අනුව ජනාධිපතිවරයා හෝ අමාතය මණ්ඩලය හෝ පිළිබ`දව කළ හැකි විමර්ශනයක් නැත. 

නමුත් මෙම ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවට සාමාජිකයන් පත්කිරීමත් සිදු කර නැත. ඒ පිළිබ`ද කිසිදු චෝදනාවක් විපක්ෂයද සිදු කර නැත. තමන් බලයට පත් වු විට මේ කොමිෂන් සභාව පාරාවළල්ලක් වනු ඇති බව ඔවුහු දනිති. මෙයින් පැහැදිලි වන්නේ දුෂණය දුරු කිරීම තම අරමුණ බවට 19 වන සංශෝධනය ප‍්‍රවර්ධනය කළ අයගේ කියාපෑම් සම්පුර්ණ ප්‍රෝඩාවක් වෙයි.


20 වන සියවසේ සංශෝධනය යටතේ පරිපාලන සේවයේ සිදු වු වෙනස්කම් 

අල්ලස් කොමිෂන් සභාවට දී තිබුණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම ඉවත් කිරීම. 

මෙහි ප‍්‍රතිවිපාකය වන්නේ අනාගත ආණ්ඩුවකට සරළ බහුතරයකින් ( පාර්ලිමේන්තුවේ අඩක් ඡුන්දය දීමෙන් * කොමිෂන් සභාව අහෝසි කිරීමට හැකි වීමය. වර්තමානයේ දී එහි අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම හේතු කරගෙන එය අහෝසි කිරීමේ උත්සහයකට එසේ කිරීම ස`දහා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන්ගෙන් 2/3 බහුතරයක් ඡුන්දය දීම අවශ්‍යය කෙරේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට / වරියට තිබේ.

මෙය කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට හානිකර අන්දමින් බලපාන්නා වු රාජ්‍ය සේවාවේ ස්වාධීනත්වය බි`ද දැමීමේ ප‍්‍රතිවිපාකයන් ඇති කරන්නා වු සංචරණය නොකරුණු බලයක් කොමිෂන් සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට/වරියට ලබා දෙයි. වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කොමිෂන් සභාවේ සාමාජිකයින් පත්කිරීමට හා ඉවත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යය වේ.

අධිකරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ තනි බලය ජනාධිපතිවරයාට/වරියට තිබේ.

යෝජිත සංශෝධනය යටතේ ඔවුන්ගේ ශේෂ්ඨත්වය හා ප‍්‍රථම අවස්ථා අධිකරණයක විනිසුරුවරයෙකු/ වරියක වශයෙන් සේවය කිරීමේ අධිකරණමය පලපුරුද්ද නොසලකා ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් දෙදෙනෙකු අධිකරණ සේවා කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට/වරියට හැකිය. වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පත්වීම් කිරීමේ දී විනිසුරුවන්ගේ ජේ්‍යෂ්ඨත්වය සලකා බැලිය යුත්තේ කෙසේ දැයි පැහැදිලිව දක්වයි.

මැතිවරණ කොමිසන් සභාවේ බලතල අඩුකිරීම 

යෝජිත සංශෝධනය මැතිවරණ හෝ ජනමත විචාරණයක් පැවතීම සෘජුවම විෂය කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන උපමාන සීමා කර 104 ආ(අ*(,* ව්‍යවස්ථාව හදුන්වා දීමට උත්සහා කරයි. රාජ්‍ය සේවයට සම්බන්ධ හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ පරිපාලන සීමාව තුළට වැටෙන කිසිදු කාරණයකට අදාළ උපමාන නිකුත් කිරීමට සාමාජිකයින් පත් කිරීමට හා මැතිවරණ කොමිෂන් සභාවට බලය නොපරනු ඇත.

ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභා අහෝසි කිරීම

මෙය 19වන සංශෝධනය 156 හා සිට 156 ඌ දක්වා ව්‍යවස්ථා ම`ගින් හදුන්වා දෙනු ලැබු අතර යෝජිත සංශෝධන යටතේ අහෝසි කරනු ඇත.





 සාහිත්‍යය විමර්ශනය / පුර්ව අධ්‍යයන විමර්ශනය

සාහිත්‍ය විමර්ශනය පර්යේෂණ යෝජනාවලියක ඇති වැ`දගත්ම අංගයකි. සාහිත්‍යය විමර්ශනය යන්නෙන් අ`දහස් කරන්නේ, අධ්‍යයනයට භාජනය කරන තේමාවට නැතහොත් ගැටලූවට සම්බන්ධව පවත්නා ශාස්ති‍්‍රය ඥානය, විචාරාත්මක ඇස්තමේන්තුවකට ලක් කිරීමයි. එය පවතින ශාස්ති‍්‍රය සාහිත්‍යය, අදාළ න්‍යාය, සංකල්ප, විග‍්‍රහ, තොරතුරු, නිගමන යනාදිය සම`ග විචාරාත්මක සංවාදයට එළඹීමට පර්යේෂකයාට අවකාශ සපයයි. පර්යේෂණ යෝජනාවලිය ලියන අවස්ථාවේ දී සකස් කරන හරවත් සාහිත්‍යය විමර්ශනයක් නිබන්ධනය ලියන අවස්ථාවේදී ද ප‍්‍රයෝජනවත්ය.

යෝජිත පර්යේෂණය ම`ගින්, පර්යේෂණයට ලක් කෙරෙන කේෂ්ත‍්‍රය හා සම්බන්ධ ව, සංක්ෂිප්ත විමර්ශනයක් සැළැස්මේ මෙම පියවරෙහි ඇතුළත් කළ යුතු වේ. එම`ගින් මීට පෙර මෙම ගැටලූවට අදාළ ක්ෂේත‍්‍රය ආශි‍්‍රතව සිදු කරන ලද, ප‍්‍රමුඛ ඒවායින් තම පර්යේෂණයේ යුක්තභාවය තහවුරු කළ යුතු වේ. එහිදී තමන් අවධානයට ලක් කිරීමට යෝජිත ක්ෂේත‍්‍රය, මෙන් ම පුර්ව අධ්‍යයනවලට ම`ග හැරී ඇති අන්දම, මෙන්ම පුර්ව අධ්‍යයනවල අන්තර්ගතය, පර්යේෂයකයින්ගේ නම්, අදාළ පර්යේෂණ කෘති/පර්යේෂණ වාර්තා ලිපි, ආදිය ඇතුළත් මුලාශ‍්‍ර දත්ත උපුටා දක්වමින්, සම්පිණ්ඩිත ව මෙම පියවර ලිවිය යුතුය.

සාහිත්‍යය විමර්ශනය තුළින් ගැටලූව හදුනා ගැනීමට මෙන්ම පර්යේෂණ ක‍්‍රමවේදය සකස් කර ගැනීමට ද පහසුවක් වේ. සාහිත්‍යය විමර්ශනයේ දී අංශ 4ක් යටතේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ජාතික අධ්‍යාපන හා පර්යේෂණ හා ඇ`ගයීමේ මධ්‍යස්ථානය පෙන්වා දේ.

x සාමන්‍ය සාහිත්‍ය

x පෙර සාහිත්‍ය අනාවරණ 

x යෝජිත අධ්‍යයනයට සමාන වු සුවිශේෂි අධ්‍යයනය

x ක‍්‍රමවේදය හා සම්බන්ධ හා සාහිත්‍යය 

සාහිත්‍යය විමර්ශනය යනු සාහිත්‍ය මුලාශ‍්‍ර විස්තර කිරීම නොවේ. යෝජිත පර්යේෂණය ස`දහා පෙර අනාවරණයක් කොතෙක් දුරට වැ`දගත් වේ දැයි හේතු සහිතව විග‍්‍රහ කිරීමයි.

සාහිත්‍ය විමර්ශණයේ දී න්‍යායාත්මක විමර්ශනය හා අනුභාවික යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකක් යටතේ විස්තර කළ හැකිය.

සාහිත්‍යය විමර්ශනයකදී වැ`දගත් වන කරුණු 05කි.

x පර්යේෂණ ගැටලූව ඉස්මතු කිරීම

x සංසන්දනය කිරීම

ඒ ස`දහා වාද, විවාද, තර්ක ආදිය පිළිබ`ද අවධානය යොමු කළ යුතුය. තම න්‍යාය සම`ග සංසන්දනය තම න්‍යායේ පරතරය තේරුම් ගනිමින් ඊට වැඩි අවධානයක් යොමු කිරීම තම ක‍්‍රමය හා තෝරා ගත් පර්යේෂණයේ න්‍යායන්, ක‍්‍රමවේදය, අඩුපාඩු සහ එහි පවතින විද්‍යාත්මකභාවය සොයා බැලීම ආවරණය නොවු කරුණු සොයා ගැනීම.

x සමාන අසමානතා 

ක‍්‍රමවේදය, අරමුණ, තේමාව ආදියෙහි කුමන පර්යේෂණයේද වඩාත් සාර්ථකව ඉදිරිපත් කර ඇත්තේ ? ඊට හේතු කුමන ප‍්‍රවේශයද වඩාත් හො`ද සහ යුක්ති සහගත.


x විවේචන

යුක්ති සහගත බව හා වලංගුභාවය උපුටා දැක්වීම ම`ගින් විවේචනයට ලක් කිරීම.


x පර්යේෂකයාගේ පර්යේෂණ න්‍යායන් තම න්‍යාය වෙනස් වන්නේ කෙසේද (ක‍්‍රමවේදය, අරමුණ, තේමාව*


සාහිත්‍යය විමර්ශනයේ පියවර


1පියවර

අදාළ සාහිත්‍ය පිළිබ`ද පුළුල් ග‍්‍රන්ථ නාමාවලියක් සකස් කර ගනී. 

පළ වී ඇති ග‍්‍රන්ථ මෙන්ම, ශාස්ති‍්‍රය ස`ගරාවල ලිපි ද, පළ නොවී ඇති අත්පිටපත්, වාර්තා ආදියද මෙය එකතු කළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත් වී ඇති ශාස්ති‍්‍රය සාහිත්‍යය සහ මුද්‍රණය කර ඇති ශාස්ති‍්‍රය සාහිත්‍යය හා මුද්‍රණය කර නැති පශ්චාත් උපාධි නිබන්ධන යන මේවාය. ග‍්‍රන්ථවලිය සකස් කිරීමේ දී පස් ආකාර සාහිත්‍යයක් ගැන සොයා බලයි.

පිටරටවල පලවී ඇති නැතහොත් තුලනාත්මක සාහිත්‍යය

මේ රටේ පල කර ඇති සාහිත්‍යය

න්‍යායික සාහිත්‍යය

අනුනාමික සාහිත්‍යය

මුද්‍රණයෙන් ඵල නොකළ සාහිත්‍යය


ලෝක මට්ටමේ නැතහොත් තුලනාත්මක සාහිත්‍යය

පිටරටවල මුද්‍රිත පොත්වල මෙන්ම ශාස්ති‍්‍රය ස`ගරාවලද විශේෂයෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට තමන්ගේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ තුලනාත්මක සාහිත්‍යය ගැන දැනුමක් තිබිය යුතු යැයි අපේක්ෂා කෙරේ. 


න්‍යායික සාහිත්‍යය

මේවා සාමාන්‍යයෙන් පවතින්නේ විශ්වීය මට්ටමේ සාහිත්‍යයේ ය. ලංකාවේ පළවන ශාස්ති‍්‍රය සාහිත්‍යයේ න්‍යායික සාකච්චා දක්නට ලැබෙන්නේ අඩුවෙනි.


මුද්‍රණයෙන් පළ නොවු සාහිත්‍යය

මේවා ඛාණ්ඩ 2කි. 

පළමු වැන්න පශ්චාත් උපාධිවලට ඉදිරිපත් කර, එහෙත් මුද්‍රණයෙන් පළ වී නැති නිබන්ධනය

දෙවැන්න ප‍්‍රතිපත්ති අධ්‍යයනයන් ස`දහා රජයේ ආයතන, විදේශ ආධාර දෙන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන යනාදිය විසින් කර ඇති සමීක්ෂණ වාර්තාය


(2* දෙවැනි පියවරේදි තම සාහිත්‍යය විමර්ශනය පියවර 03කින් කිරීමට පර්යේෂකයාට පුලූවන 


2 පියවර

තම සාහිත්‍ය විමර්ශනය පියවර 03කින් සමන්විත විය යුතුය. 

විමර්ශනය කරන එක් එක් කෘතියේ ඇති ප‍්‍රධාන තර්ක විග‍්‍රහය හා නිගමනය සාරාංශ කිරීම.

ඉහත විග‍්‍රහයේ හා තර්කවල ඇති ශක්තිය මෙන්ම අඩුපාඩුද සාකච්චා කිරීමයි. 

මෙහිදී විමර්ශනය කරන සාහිත්‍යයන් තමන්ගේ යෝජිත පර්යේෂණයට ලැබෙන ආලෝකය ගැන කෙටියෙන් විස්තර කිරීමට ද පර්යේෂකයාට පුලූවන


3 පියවර

විමර්ශනය කරන සාහිත්‍යය සමස්තයක් ලෙස ගෙන එක් එක් කෘතීන් විමර්ශනය කිරීමේ දී ලබාගත් විචාරාත්මක අ`දහස් සංයෝග කර යළි ඉදිරිපත් කිරීමක් කළ හැකිය. පවත්නා දැනුම සමස්ථයක් වශයෙන් ගත්විට එහි ඇති හිස්තැන් හදුනාගෙන ඒවාට අවධානය යොමු කිරීමට ඉඩ ලැබෙන්නේ එවිටය.


සාහිත්‍යය විමර්ශනය හැදින්වීමේ දී ඔබගේ අරමුණ විය යුත්තේ තම අධ්‍යයන ක්ෂේත‍්‍රයට අදාළව මේවන තෙක් පැවති ස්ථාපිත ඥානය එහි ප‍්‍රබලතා සහ දුබලතා ද සම`ගින් පාඨකයා වෙත ගෙන ඒමයි. සාහිත්‍යය විමර්ශනය මගින් උපදේශනාත්මක සංකල්පයකින් යුක්තව නිශ්චිත විවරණයක් කළ යුතු වෙයි. එය පවත්නා කෘති ලයිස්තුව පිළිබ`ද හුදු විස්තරයක් හෝ ඒවා පිළිබ`ද සාරාංශවල එකතුවක් නොවිය යුතුය. සාර්ථක සාහිත්‍යය විමර්ශනයක් කිරීමට දෙයාකාරයක හැකියාවක් තිබිය යුතුය.

1. තොරතුරු අන්වේෂණය - සාහිත්‍යය කාර්්‍යක්ෂමව සුපරීක්ෂා කොට ඵලදායි කෘති සොයා ගැනීමට ඇති හැකියාව

2. විවේචනාත්මක අර්ඝනය - අපක්ෂපාති හා වටිනා අධ්‍යයන හදුනා ගැනීමට විවේචනාත්මක මුලධර්ම භාවිතා කිරීමට ඇති හැකියාව


මෙලෙස සාහිත්‍ය විමර්ශන ම`ගින් වැ`දගත් කාර්යයන් කිහිපයක් ඉටු වේ. ඒවා නම්

පර්යේෂණය මගින් මැනවින් විවරණිත ක්ෂේත‍්‍රයක් නැවත පිරීක්සීම නොකෙරෙන බව නිශ්චිත ලෙස දැනගැනීම.

පර්යේෂණය ස`දහා පදනම සැකසු පුර්වගාමීන් හදුනා ගැනීම.

පර්යේෂණ ගැටලූව පිළිබ`ද ඔබගේ දැනුම ප‍්‍රදර්ශනය කිරීම.

පර්යේෂණ ගැටලූවට අදාළ න්‍යායික හා පර්යේෂණාත්මක වාදවිෂයන් පිළිබ`ද ඔබගේ අවබෝධය ප‍්‍රදර්ශනය කිරීම.

අදාළ සාහිත්‍යයික තොරතුරු විචාර පුර්වක අර්ඝනය කිරීමෙහිලා ඔබගේ හැකියාව පෙන්වා දීම.

පවත්නා සාහිත්‍යය සමෝධානය කිරීමට සහ සංස්ලේෂණය කිරීමට ඇති හැකියාව පෙන්වා දීම.

පර්යේෂණය ස`දහා නව න්‍යායික අන්තර්දෘෂ්ඨීන් හෝ නව හැඩයන් සහිත සංකල්පික රාමුවක් සම්පාදනය කිරීම. 


සාහිත්‍යය විමර්ශනය තේමාත්මක වර්ගීකරණය


හුදෙක් සාහිත්‍ය විමර්ශනය සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම පර්යේෂණ කි‍්‍රයාවලියෙහි යෙදෙන්න් පොදුවේ මුහුණ දෙන අභියෝග සහ අඩුපාඩු රාශියකි. එනම්,

x හුදෙක් ග‍්‍රන්ථනාමාවලියක් පමණක් ඉදිරිපත් කිරීම.

x කෘති ගැන කෙටි හැදින්වීමක් පමණක් ඉදිරිපත් කිරීම.

x විමර්ශනයක් කළත් එය කෘතිවල අකාරදිමය අනුපිළිවෙලට ඉදිරිපත් කිරීම

පළමුවන දෙක කිසිසේත්ම සාහිත්‍යය විමර්ශනයක් නොවන අතර තුන්වැන්න ගුණාත්මක වශයෙන් දුප්පත් සාහිත්‍යය විමරශනයකි. සාහිත්‍යය විමර්ශනය ගුණාත්මක ලෙස ඉහළ මට්ටමකින් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ හැක්කේ සාහිත්‍යය විමර්ශනය තේමාත්මකව ව්‍යුහයක් තුළ සංවිධානය කොට ඉදිරිපත් කිරීමෙනි. එසේ කිරීමට විමර්ශිත සාහිත්‍යය තේමාත්මක ලෙස වර්ගීකරණය කළ යුතුය. එම තේමාත්මක වර්ගීකරණය තුළින් පර්යේෂකයාගේ විචාරාත්මක හැකියාව ද ප‍්‍රදර්ශනය වේ. විමර්ශිත සාහිත්‍යය තේමාත්මක වර්ගීකරණය අනුව සංවිධානය කිරීමට නොයෙක ක‍්‍රම තිබිය හැකිය. 

විමර්ශනය කරන සාහිත්‍යය වර්ගීකරණය කරන තේමා සහ ශිර්ෂ කල් ඇතිව තීරණය කළ යුතු දෙයක් නොවේ. ඒවා විමර්ශනයට භාජනය කළ සාහිත්‍යයේ සමස්තය තුළින් මතුවිය යුතුය. එලෙස නිර්මාණාත්මකව සහ තේමාත්මකව ව්‍යුහගත කරන සාහිත්‍යය විමර්ශනයකින් තම පරීක්ෂණයට දෙන පණිවුඩය නම් තමන් පරිණත ශාස්තිී‍්‍රය ශික්ෂණයක් අත්පත් කරගෙන ඇත යන්නයි.


සාහිත්‍ය විමර්ශනයක් පර්යේෂකයාට පර්යේෂණ කාර්්‍යයේදි පහත ආකාරයෙන් වැදගත් වේ

x තමන් අධ්‍යයනය කරන තේමාවට සම්බන්ධව පවත්නා ශාස්ති‍්‍රය සාහිත්‍යයේ ඇති හිස්තැන් හ`දුනාගැනීමට එම`ගින් පර්යේෂකයාට හැකිය

x තමන් අධ්‍යයනය කරන තේමාවට අදාළ ඉතාම සමකාලීන අධ්‍යයන න්‍යාය, විග‍්‍රහ ගැන හදුනා ගැනීමට ඒම`ගින් පර්යේෂකයාට හැකියාව ලැබේ.

x ශාස්ති‍්‍රය පර්යේෂණ සාහිත්‍යය හදුනාගැනීම ම`ගින් තමන්ගේම පර්යේෂණ ගැටලූව, පර්යේෂණ ප‍්‍රශ්ණ, විධික‍්‍රම, න්‍යායකරණය යන මේවා වඩාත් තියුණු සහ සුසංගත කර ගැනීම ස`දහා එම සාහිත්‍යයේ ආලෝකය පර්යේෂකයාට ආධාර කරයි.

x තමන් ගවේෂණය කරනු ලබන ගැටලූව අලූත් එකක් බව පෙන්වා දීමට පර්යේෂකයාට හැකිවිය යුතුය. මෙය කළ හැකි වන්නේ හරවත් සාහිත්‍යය විමර්ශනයක් මගිනි.



මෙවැනි සාහිත්‍ය විමර්ශනයන් තුළින් පර්යේෂණයටත් පර්යේෂකයාටත් මහ`ගු පිටුවහලක් සපයයි. ඒ අනුව පර්යේෂකයා පරිණත ශාස්ති‍්‍රය ශික්ෂණයකින්, පුලූල් දැක්මකින් යුක්ත හරවත් පර්යේෂණයක් සිදු කිරීමේ පර්යේෂකයා සතු ශක්තිය සන්නද්ද කිරීම, විචාරාත්මක සාහිත්‍යය විමර්ශන හැකියාව සාහිත්‍යය විමර්ශනය තුළින් පර්යේෂකයා හිමිකර ගනු ලබයි. එනම් මතුපිටින් කෙරෙන නොගැඹුරු, සරල සාහිත්‍යය විමර්ශනයකින් තොර ශාස්තී‍්‍රය කෞශල්‍ය පිළිබ`ද ඥාන විචාර තුළින් පුලූල් දැක්මක් මෙන්ම පුලූල් අවබෝධයකට ම`ගපෙන්වනු ලබයි. පර්යේෂණයේ ක‍්‍රමවත් සාහිත්‍යය විමර්ශනයක් තුළින් සාර්ථක උපන්‍යාසයක් ගොඩනගා ගත හැකි වේ. මේ මගින් පර්යේෂණවල දී සාහිත්‍යය විමර්ශණය සිදු කිරීමේ වැ`දගත්කම විග‍්‍රහ කළ හැකිය.


රාජ්‍ය ප‍්‍රතිපත්ති


හැදින්වීම


ආණ්ඩුවක ප‍්‍රධානම කාර්යය වන්නේ ප‍්‍රශ්ණ විසදීමය. ප‍්‍රශ්ණ විසදීම ස`දහා තීරණ ගත යුතුය. ආණ්ඩුවක තීරණ ගැනීමේ කි‍්‍රයාදාමයට සීමාවක් නැත. එය අඛණ්ඩවම සිදුවන්නා වු කි‍්‍රයාදාමයක් වේ. නිදසුනක් ලෙස පහත සදහන් කරුණු පෙන්වා දිය හැකිය.


·         මෑතකාලීන අන්තර්ජාතික අර්බුධයට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද?


·         බදු වැඩිකළ යුතු ද නැත්නම් ආණ්ඩුවේ සේවාවන් කපා හැරිය යුතුද ?


·         ආර්ථික වර්ධනය හා පරිසර සංරක්ෂණය අතර සබ`දතාවය පවත්වා ගන්නේ කෙසේ ද?


·         පවතින නීති වෙනස් කරනවාද ? නැත්නම් එම නීති එසේම තිබෙන්නට හරිනවාද


·         අන්තර්ජාලය හරහා මතුකර ඇති ප‍්‍රශ්ණවලට කුමක් කළ යුතුද?


·         ජනතාවගේ හදිසි සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කරන්නේ කෙසේද ?


·         රථවාහන ත`දබ`දය අඩුකර ගැනීමට කුමක් කළ යුතුද


                                             යනාදි ප‍්‍රශ්ණ ආණ්ඩුවක් දෛනිකව මුහුණ දෙන ප‍්‍රශ්ණ වේ.


මේ කරුණුවලින් එක් දෙයක් පැහැදිලි වේ. දේශපාලනයට කිසිදු විටෙක නිදා සිටිය නොහැකි බව සහ ආණ්ඩුවට කිසිදු විටෙක සුළු හෝ විවේකයක් ලබා ගත නොහැකි බවයි. ආණ්ඩුව මුහුණ දෙන ප‍්‍රශ්ණවල අවසානයක් දැකිය නොහැකිය. සිදුවීම්වල අවසානයක් දැකිය නොහැකිය. ආණ්ඩුව දිගින් දිගටම තීරණගත යුතුය. මෙම තීරණ ගැනීමේ දී විකල්ප හදුනා ගත යුතුය. එමෙන්ම එම විකල්ප අතුරින් වඩාත් සුදුසු සහ උචිත විකල්ප තෝරාගත යුතුය. පසුව ප‍්‍රතිපත්ති තීරණය කළ යුතුය. ප‍්‍රතිපත්ති තීරණය කිරීම සහ කළමනාකරණය කිරීම යන විෂයය මගින් අනාවරණයඉ කරන්නේ ඉහතින් සදහන් කරන ලද සමස්ත කි‍්‍රයාදාමය වේ.


ප‍්‍රතිපත්තියක් යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ”නිල වශයෙන් එක`ගතාවයකට පැමිණි තීරණ ගැනීම සදහා පාදක කරගන්නා සාමාන්‍ය අදහස් සමුච්ඡුයන් හෝ සැළසුම් කණ්ඩායම්ය. නමුත් ”රාජ්‍ය ප‍්‍රතිපත්ති” යන්න ඉහත දැක්වු තත්ත්වයට වඩා වෙනස් විශේෂිත දෙයක් වේ. රාජ්‍ය ප‍්‍රතිපත්ති යනු ”ජනතාවගේ ප‍්‍රශ්ණ විසදීම ස`දහා රාජ්‍ය නිළධාරීන් විසින් කි‍්‍රයාවට නංවන දිගුකාලීන කි‍්‍රයාපටිපාටියකින් යුත් ආණුඩුවේ තීරණ හෝ සැළසුම්” වේ.


නිදසුන් ලෙස ආණුඩුව විසින් බලශක්ති භාවිතා කිරීම සම්බන්ධයෙන් ගල් අ`ගුරු සහ න්‍යශ්ඨික බලය යොදා ගැනීම වෙනුවට තෙල් සහ සුළං බලයෙන් කි‍්‍රයා කරන විදුලි පහන් භාවිතයට මාරු වුවහොත් එය පාරිසරික ප‍්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලැබේ. පාසැල් හැර යාමේ වයස් මට්ටම ඉහළ දැමුවහොත් හෝ ප‍්‍රාථමික අධ්‍යාපනය ස`දහා කරන වියදම ද්විතික අධ්‍යාපනය සදහා වියදම් කළහොත් එවැනි තත්ත්වයන් හදුන්වන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ලෙසය. මේ කරුණු දෙස බැලීමේ දී පෙනී යන්නේ ආණ්ඩුවක් විසින් කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්ති සංඛ්‍යාව මෙපමණකැයි කිව නොහැකි  බවය. එමෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් වේ. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ වන අවස්ථා ද දැකිය හැකිය.


රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනයේ දී උත්සහ ගන්නේ පහත දක්වා ඇති ප‍්‍රශ්ණ හා සම්බන්ධ කි‍්‍රයාදාමය විමර්ශනය කිරීමයි.


·         ආණ්ඩුව විසින් ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්නේ කෙසේ ද


·         ඒ සදහා සහභාගි වන පුද්ගලයන් සහ ආයතන මොනවාද


·         ජනතා ඉල්ලීම්වලට ආණ්ඩුව ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන ප‍්‍රශ්ණය


වෙනත් ආකාරයකට කියනවා නම් රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනයේ දී අවධානය යොමු කළ යුතු මුලික කරුණු 4ක් පෙන්වා දිය හැකිය.


·         රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ස්වාභාවය හා වැදගත්කම


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති ජීවණ චක‍්‍රය


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති ව්‍යුහයන්


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට බලපාන සාධක


·         තීරණ ගැනීමේ නි්‍යායන්


අර්ථකථන


”රාජ්‍ය නිළධාරීන් කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්ති වේ.”


                                                             නිකලොස් හෙන්රි :භසජයදක්ි ්‍යැබරහ*


”ආණ්ඩුව විසින් කිරීමට හෝ නොකිරීමට තීරණය කරන ලද  ඕනෑම දෙයක් රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”    


                                                             තෝමස් ඩයි.


”එක් දේශපාලන රැුගුම්කරුවෙකු හෝ දේශපාලන රැුගුම්කරුවන් කිහිප දෙනෙකු විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව යම් දෙනලද තත්ත්වයක් තුළ සාක්ෂාත් කරගත යුතු ඉලක්ක සහ ඒවා සාක්ෂාත් කර ගැනීම උදෙසා යොදා ගැනෙන කි‍්‍රයාමාර්ග දැක්වෙන අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ තීරණවලින් සමන්විත ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”


                                                              විලියම් ජේකින්ස්


ඔහු තවදුරටත් ප‍්‍රකාශ කරන ආකාරයට අරමුණු ඉටුකර ගැනීම ස`දහා ආණුඩුව කි‍්‍රයාත්මත වන ආකාරය පෙන්නුම් කරන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මගිනි.


”පරිපාලන තීරණ සහ කි‍්‍රයාවන් ව`ගකීමෙන් යුතුව ඉටුකිරීම සදහා පරිපාලන යාන්ත‍්‍රණය මෙහෙය වන නීති රීති රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස සැළකිය හැකිය.”


                                                              මාර්ෂල් ඊ ඞීමොක්


මෙම අර්ථකථන අනුව පෙනී යන්නේ ”දේශපාලන සමාජයක් මුහුණ දෙන ප‍්‍රශ්ණ විසදීම සදහා ආණුඩුව විසින් තීරණය කොට කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්ති ලෙස හදුනාගත හැකි බවයි.


රාජ්‍ය ප‍්‍රතිපත්තිවල මුලික ලක්ෂණ


·         රාජ්‍ය ප‍්‍රතිපත්තිවල පවතින ලක්ෂණ පහත පරිදි පෙන්වා දිය හැකිය.


·         නිශ්චිත අරමුණු හා ඉලක්කයක් තිබීම


·         සෑම රාජ්‍ය ප‍්‍රතිපත්තියකටම නිශ්චිත අරමුණක් ඇත. බොහෝ විට එම අරමුණ පොදු යහපත මුල්කරගත් අරමුණු වේ. එමෙන්ම ඒවා ජනතා ඉල්ලීම්වලට අනුකූල විය යුතු අතර, සෑම ප‍්‍රතිපත්තියක් තුළින්ම ඉටුකර ගැනීමට අපේක්ෂා කරන නිශ්චිත ඉලක්කයක් ඇත.


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති මුලික නීතියට අනුකූල විය යුතුවීම.


·         මෙයින් අදහස් වන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධිකරණ නීරීක්ෂණයට යටත් වන බවයි. විශේෂයෙන් ඔනෑම ප‍්‍රතිපත්තියක් රටේ මුලික නීතියට අනුකූල ද නැද්ද යන්න පරීක්ෂා කිඍමට අධකරණයට බලය ඇත.


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති පුද්ගලයින්ගේ හා සමාජ පැවැත්ම සම්බන්ධයෙන් වැදගත් වීම


·          ඕනෑම පුද්ගලයෙක් ඉපිද මිය යන තෙක් ජීවත් වන්නේ රාජ්‍යයක් තුළය. එම නිසා කිසිදු විටෙක රාජ්‍යයේ බලපෑමෙන් මීදීමට හැකියාව නැත. මේ අනුව මිනිසුන්ගේ සමාජ පැවැත්ම විෂයෙහි රාජ්‍ය ප‍්‍රතිපත්ති මගින් ප‍්‍රබල බලපෑමක් එල්ල කෙරේ. මේ අනුව මිනිසුන් පාරේ ගමන් කළ යුත්තේ කුමන පැත්තෙන් ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා මුදල් අයකරනවා ද ආණුඩුව සපයන සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මුදල් අයකල යුතුද යනාදී ආකාරයෙන් මිනිස් සෑම අංශයක් කෙරෙහිම රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධ වේ.


 


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය ගැටුම්කාරි ස්වාභාවයක් ගැනීම


·         රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය තර`ගකාරි දේශපාලන බලවේගවල ගැටුම් හා එග`ගතාවයන් තුළින් සිදුවන්නකි. රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ඇති වැදගත්කම හේතුකොට ගෙන එය දේශපාලන බල අරගලයේ වැඩිම අවධානයක් යොමු වන ක්ෂේත‍්‍ර බවට පත්ව ඇත. ඒ නිසා අණ්ඩුවකට කුමන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා ද යන්න පහසු නැත. විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්ති අවසාන වශයෙන් තීරණය වන්නේ දේශීය හා අන්තර්ජාතික වශයෙන් කි‍්‍රයාත්මක වන තරගකාරි හා ගැටුම්කාරි දේශපාලන හා අනෙකුත් බලවේගවල ස්වාභාවය මතය. විශේෂයෙන් ව්‍යවස්ථාදායකය , විධායකය, අධිකරණය අනෙකුත් රාජ්‍යයන්, අන්තර්ජාතික සංවිධාන, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් , මහජන මතය යනාදි සෑම බලවේගයකම බලපෑම මත සිදුවන අවසාන නිමැවුමක් ලෙස රාජ්‍ය ප‍්‍රතිපත්ති හදුන්වා දිය හැකිය.


·         රාජ්්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී කිසිදු ආණ්ඩුවකට තමන්ට අභිමත ලෙස කටයුතු කළ නොහැකිය. ඒ සදහා විවිධ සීමාවන් පවතී. එම සීමා පහත පරිදි වේ.


·         කාලය ප‍්‍රමාණවත් නොවීම


·         සම්පත් හි`ගකම (මානව හා භෞතික*


·         වෙන් රාජ්‍යවලින් එල්ලවන බලපෑම


·         එකිනෙකට පටහැනි ජනතා ඉල්ලීම


·         දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම්වල බලපෑම


·         රාජ්‍ය නිළධාරීන්ගේ බලපෑම් හා මතිමතාන්තර


·         ප‍්‍රාදේශීය බලමධ්‍යස්ථානවල බලපෑම


·         ආණ්ඩුවේ අභ්‍යන්තර බෙදීම්වල බලපෑම


·         ඉහත තත්ත්වයන් විමසන විට පෙනී යන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය විවිධ දේශපාලන, ආර්ථික, සමාජ බලවේගවල සීමාවන්ට යටත්ව සිදුවන්නක් බවයි.


·         අනෙක් තීරණ සම`ග බැදීම


·         රාජ්‍ය ප‍්‍රතිපත්තිවල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවා හුදකලා නොවන බවයි. විශේෂයෙන්ම තර`ගකාරි රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී එකිනෙකට සම්බන්ධ නොවු විවිධ අමාත්‍යාංශවල තීරණ සම`ග යම් තීරණ බැදේ.


උදාහරණ විශ්වවිද්‍යාලයක් ගොඩනැගීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ විට ඒ ස`දහා රජයට පවරා ගත් ඉඩම සත්ව ගොවිපළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටිය හැකිය. තවද රෝහලක් සෑදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිය. ආරක්ෂක අමාත්‍යාංශය එය හමුදා කදවුරක් ඇති කිරීමට ඉල්ලා සිටිය හැකිය.


ඉහත තත්ත්වයන් තුළ පෙනෙන්නේ එක් ප‍්‍රතිපත්තියක් සම්පාදනයේ දී අනෙක් ප‍්‍රතිපත්තිය සම`ග බැදෙන බවයි. මේ අනුව ප‍්‍රතිපත්ති සම්පාදනය ඒකීය කි‍්‍රයාදාමයක් තුළ සිදු නොවේ.


වර්තමාන රාජ්‍ය ප‍්‍රතිපත්ති අවසානයක් ලෙස සැළකිය නොහැක. වර්තමානයේ කි‍්‍රයාත්මක වන රාජ්‍ය ප‍්‍රතිපත්ති අතීතයේ කි‍්‍රයාවට නංවන ප‍්‍රතිපත්තීන්ගෙන් වෙන් කර හදුනා ගැනීම අපහසුය. එමෙන්ම වර්තමාන ප‍්‍රතිපත්තිය අනාගත ප‍්‍රතිපත්ති සම`ග බැදේ. එම පසුබිම තුළ එක් ප‍්‍රතිපත්තියක් දිගින් දිගට ගමන් කළ හැක.


උදාහරණ මාර්ග තදබදය සම`ග ඇති වු ප‍්‍රශ්ණයක් ස`දහා වර්තමාන ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී මාර්ග පද්ධතිය පුළුල් කිරීමට පිළිබ`ද ප‍්‍රතිපත්තියකට ආණ්ඩුව එළඹුන ද ප‍්‍රශ්ණය අවසන් නොවේ. විධිමත් මාර්ග පද්ධතියක් ඇති නිසා වාහන අධිවේගයෙන් ගමන් කොට මාර්ග අනතුරු ඇති වී එය වෙනත් ප‍්‍රතිපත්තියක් සම්පාදනයට හේතු වේ. තවද මාර්ග පද්ධතිය දියුණු බැවින් වාහන ඉල්ලූම ඉහළ ගොස් පෙරට වඩා මාර්ග තදබදය ඉහළ යාමට හැකිය.


ඉහත තත්ත්වයන් තුළ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය අවසානයක් දැකිය නොහැකි චක‍්‍රයක් බවට පත්වේ.


 


 


 


Tuesday, 1 January 2019

මාධ්‍ය විචාරය

 


විචාරය පිළිබඳව බටහිර විචාරකයන් අතර ප්ලේටෝගේ -රිපබ්ලික් ජනරජය, ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත‍්‍රය, සහ 15 වන සියවසේ ශතවර්ශයේ සිට ඇදහැලූණු යුරෝපයේ පුනරුද සමය අධ්‍යයනය කිරිමෙන් හඳුනාගත හැකි ය. නූතන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ප‍්‍රමුඛ ආචාර්යවරයෙකු වන ආතර් අසාර් බජර් විසින් මාධ්‍ය විශ්ලේෂණ ශිල්ප ක‍්‍රම 04ක් දක්වා ඇත.
ජනමාධ්‍ය කි‍්‍රයාකාරිත්වය කවරාකාර ද යන්න මාධ්‍ය අන්තර්ගතය විශ්ලේෂණය කිරීමට ආතර් අසාර් බජර් විසින් ඵැාස් ්බ්කහිසි ඔැජයබසුමැි නම් කෘතිය තුළ සඳහන් කරයි.
1. සංඥාර්ථවේදී මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය
2. මාක්ස්වාදී මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය
3. මනෝ විශ්ලේෂණවාදී මාධ්‍ය ශිල්ප ක‍්‍රමය
4. සමාජ විද්‍යාත්මක මාධ්‍ය විශ්ලේෂණ ශිල්ප ක‍්‍රමය
1. සංඥාර්ථවේදී මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය
සංඥාර්ථවේදය වාග් විද්‍යාවේ විෂය ක්ෂේත‍්‍රයකි. ස්විස් ජාතික ෆර්ඩිනන්ඩි සොව්සියෝ නැමති මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කරන ලදී. 1857-1913 තුළ ජිනීවා විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කරන ලද දේශන සහ ඇමරිකා එක්සත් ජනපද මහාචාර්ය චාර්ල්ස් පියර්ස් (1839-1914* විසින් ඉදිරිපත් කර ඇති සංඥා විද්‍යාව මත පදනම් වෙමින් මාධ්‍ය හා මාධ්‍ය සන්දේශ විග‍්‍රහ කිරීම මෙහි ස්වභාවයයි. තෝමස් එම් ස්ටෙයින්ෆැට් දක්වන ආකාරයට සන්නිවේදනය යනු තොරතුරු සංඥා සංකේත ආශි‍්‍රත කි‍්‍රයාවලියයි. සන්නිවේදනයට අනුව සෑම මාධ්‍ය සන්දේශයක්ම මූලික විග‍්‍රහ දෙකකින් සකස්ව ඇත.එනම් සංඥපිතය හා සංඥාපකයයි.
සෑම සන්දේශයක් ම අර්ථ නිෂ්පාදනයේ දී නිරන්තරයෙන්ම ද්‍රව්‍යමය මෙවලමක් සංකේතයක් ලෙස භාවිතා කරයි. මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය තුළ නිරන්තරයෙන් දැකිය හැක්කේ සංඥා, සංකේත, දෘශ්‍ය මාධ්‍ය, ශ‍්‍රව්‍ය හා ලේඛන මාධ්‍ය තුළ යොදා ගැනීමයි. ඒ අනුව මාධ්‍ය විශ්ලේෂණය කිරීමේ දී ඒවායේ අන්තර්ගතය හඳුනාගැනීමත් හුදු මතුපිට ආකර්ශණයට ඔබ්බෙන් ගැබ්ව තිබෙන අර්ථ මැනවින් හඳුනා ගැනීම අවශ්‍යය. ඒ අනුව සංඥාර්ථෙවේදී මාධ්‍ය විශ්ලේෂණය දක්වන පරිදි ග‍්‍රාහකයා විසින් මාධ්‍ය හුදු නරඹන්නක් හෝ ශ‍්‍රවණය කරන්නක් හෝ කියවන්නක් නොවී ගැඹුරු විශ්ලේෂණයකින් කියවිය යුතු බව මෙමගින් පෙන්වා දෙයි. සෑම සංඥාවක් හා සංකේතයක්ම යම් සමාජකට අර්ථගෙන එන්නේ නිෂ්චිත සංස්කෘතික පරිසරයක් තුළ ය. මේ අදහස් රෝලන්ඞ් බාත් විසින් ඉදිරිපත් කර ඇත. සංඥාර්ථවේදය මුසු විවිධ චිත‍්‍රපටි නිර්මාණය වී ඇත.
2. මාක්ස්වාදී මාධ්‍ය විශ්ලේෂණ ශිල්ප ක‍්‍රමය 
සම්භාව්‍ය මාක්ස්වාදය ඉදිරිපත් කොට ඇත්තේ කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් මානව ජන සමාජය තුළ මාධ්‍ය කි‍්‍රයාකාරිත්වයේ දක්නට ලැබෙන බලය පිළිබඳ අදහස මෙම විශ්ලේෂණය සඳහා පදනම් වෙයි. සම්භාව්‍ය මාක්ස්වාදයේ මූලික දර්ශනය වශයෙන් හඳුනාගත හැකි පන්ති විභේදනය හා සමාජ අසමානතාවය දුරලීමට නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් මගින් ධනපති පන්තිය නැති කළ යුතුය යන අදහස මාධ්‍ය කි‍්‍රයාකාරිත්වයේ බල තුලනය සමග බද්ධ කොට දැක්වීම එහි අදහසයි. ඒ අනුව මාධ්‍ය නිරන්තරයෙන් පන්ති විභේදනය ඇති කරවන්නක් වන අතර අනෙක් අතට ජනමාධ්‍ය පාදක කොටගෙන ධනපති පන්තියේ දෘෂ්ඨිමය සමවාදය ජීවන අපේක්ෂා යනාදී අනෙක් සුලූ පන්තිය වෙත ප‍්‍රක්ෂේපණය කිරීමේ මෙවලමක් ලෙස ජනමාධ්‍ය නිරන්තරයෙන් කටයුතු කරනවා යන්න මෙම විශ්ලේෂණයේ දී පාදක කරයි. මාක්ස්වාදී විචාරයට අනුව ජනමාධ්‍ය ඔස්සේ ගොඩනැගෙන මාධ්‍ය සංස්කෘතිය, ජනපි‍්‍රය සංස්කෘතිය නිරන්තරයෙන් කටයුතු කරනවා යන්න මෙම විශ්ලේෂණයේ දී පාදක කරයි. මාක්ස්්වාදී විචාරයට සංස්කෘතිය නිරන්තරයෙන් සුපිරි පැලැන්තියේ ජීවන අපේක්ෂා හා පදනම් කරගන්නා බව මෙහි දී දැකිය හැකි ය. මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ විමසීමේ දී මහාචාර්ය ඩග්ලස් කෙන්ලර් දක්වන අදහස වන්නේ ජනමාධ්‍ය නිරන්තරයෙන් බලය හා ධනය සහිත පන්තියේ සමවාදය අනෙක් සුලූතර සමාජය වෙත විසුරුවා හරින බවයි. මාධ්‍ය තුළ නිරූපණය වන විවිධ සාදක බලය හා ධනය නැමති සංකල්ප සමග මුසු කරමින් දේශපාලන විද්‍යාත්මක හා ආර්ථික විද්‍යාත්මක කෝණයෙන් සමස්ත මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය විමර්ශනය කිරීම මාක්ස්වාදී ශිල්ප ක‍්‍රමයේ දී හඳුනාගත හැකි ය. මෙහි පුරෝගාමීන් ලෙස අන්තෝනියෝ ශ‍්‍රාම්ස්කි, ලූවී අලූතුසර්, ඩැනියෙල් චාන්ද්ලර් වැනි මාක්ස්වාදී විචාරකයන්ගේ මාධ්‍ය විශ්ලේෂණයෙන් කතිකාවකාවන් වැදගත් කොට සලකයි.
03. මනෝ විශ්ලේෂණවාදී මාධ්‍ය විශ්ලලේෂණ ක‍්‍රමය
නූතන මනෝ විද්‍යාවේ කර්තෘවරයෙකු වන සිග්මන් ප්‍රොයිඞ් වියනා විශ්වවිද්‍යාලයේ දී ඉදිරිපත් කොට ඇති මනෝ විද්‍යාත්මක දේශන ඔස්සේ පසුකාලීනව මනෝ විශ්ලේෂණය බිහිවිය. ඒ් අනුව මනසේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ සියුම් විශ්ලේෂණයක් ඉදිරිපත් කොට ඇත. සෑම මානව කි‍්‍රයාකරකමක්ම සවිඥානය මෙන්ම අවිඥානය මත පදනම් වෙමින් සිදුවන බව පෙන්වා දෙයි. ඒ අනුව මනස කොටස් තුකට බෙදා දක්වයි.
01. උඩු සිත-:ෂෘ*
02. යටිසිත-(ෑඨධ*
03. අධි අහම-:ීඹඡුෑඍ ෑඨධ*
යනුවෙන් තල තුනකින් දක්වා ඇත. සෑම මානව කි‍්‍රයාකාරකමක් ම මානවයාගේ මතුපිට පෙනෙන වාගාලාපය, භාවිත මත පදනම් වෙමින් හඳුනාගත නොහැකිය යන්න මනෝ විශ්ලේෂණවාදයේ තර්කයයි. ඒ අනුව මාධ්‍ය ඔස්සේ මිනිසාගේ යටිසිත තුළ තැන්පත් ව ඇති චින්තන,අදහස් හා හැගුම් ප‍්‍රකාශ කිරීමට හැකි ය යන අදහස මෙහි දී හඳුනාගත හැකි ය. මාධ්‍ය භාවිතාව තුළ සෑම විටම විවිධ සවිඥානිකයන් සෘජුව ප‍්‍රකාශ කරනවා යන්න මෙහි අදහසයි.
ජනමාධ්‍ය සමකාලීන කි‍්‍රයාකාරිත්වය පිරික්සීමේ දී එහි නිරූපිත බොහෝමයක් වැඩසටහන්, වාර්තා ශෛලීන් එම මානව සමාජයේ මනස සහ ජන විඥානය නිරන්තරයෙන් පාදක කරගන්නා බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ. මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය යනු මනසේ ප‍්‍රතිනිර්මාණයක් වන බවත්, එම මනසේ විවිධ ස්ථරයන්ට සමානුරූපීව සවිඥානිකව හා අවිඥානිකව කි‍්‍රයාත්මක වන ආකාරය මෙහි දි පැහැදිලි කරයි. විශේෂයෙන්ම මෙයින් ඉදිරිපත් කරන්නේ ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන් ම මිනිසාට සෘජුව ප‍්‍රකාශ කළ නොහැකි එහෙත් ඒවා අවිඥානිකව මිනිස් මනසේ කාලාන්තරයක් තැන්පත්ව ඇත. අවිඥානික රුචිකත්වයන්, ආශාවන්, අවශ්‍යතාවන් සියුම්ව ජන සමාජය වෙත ලබාදෙන ආකාරයත්, ඒ හේතුකොටගෙන ඇති වන සියුම් සමාජ මනෝවිද්‍යාත්මක බලපෑමත් මෙහිදී මනෝ විද්‍යාත්මක විශ්ලේෂණ ප‍්‍රස්තුතය බවට පත්වෙයි.
04. සමාජ විද්‍යාත්මක මාධ්‍ය විශ්ලේෂණ ක‍්‍රමය.
ජනමාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සහ එහි සමාජ බලපෑම පිළිබඳව මුල්ම විග‍්‍රහය බිහි වූයේ සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශයකිනි. ෆෝල් ලැසාස්ෆෙල්ඞ්, එලිග‍්‍රා කැට්ස්, විල්බර් ශ‍්‍රාම්, එවරට් එම් රොජර්ස් යනාදීන් ඒ අතර කැපී පෙනේ. 
ජනමාධ්‍ය සහ සමාජය අතර ඇතිි සබඳතාව අනුපූරක තත්ත්වයකි. සමාජ විද්‍යාත්මක සංකල්පනා විශ්ලේෂණ පාදක කොට ගනිමින් මාධ්‍ය අන්තර්ගතය හා කි‍්‍රයාකාරිත්වය විමසීමට ලක් කිරීම මෙහි ස්වභාවයයි. ඒ අනුව මාධ්‍ය නිරන්තරයෙන් සාමාජීය ස්වභාවය හා රැුචිකත්වය තේමා කොට ගන්නවා යන්න මෙහි තවත් අදහසකි. මෙහි දී මාධ්‍ය සාමාජීය විද්‍යාත්මක පදනමක පිහිටමින් මානව සමාජයේ අපේක්ෂා මුදුන්පත් කරන ආකාරය පෙන්වා දෙනු ලැබේ. ප‍්‍රජාව, ජන ආගම, ආගම, කුලය, පන්තිය, වාර්ගිකත්වය වැනි සාමාජීය විද්‍යාත්මක ස්වභාවය මාධ්‍ය හා සම්බන්ධ වන ආකාරය මෙහි දී පෙන්්වා දෙනු ලැබේ. ඒ අනුව ජනමාධ්‍ය යනු හුදු තාක්ෂණික හෝ ද්‍රව්‍යමය භාවිතාවක් නොව සමකාලීන සමාජය නිරූපණය කරන එම සමාජයේ විද්‍යාත්මක විද්‍යාත්මක ගති ලක්ෂණ මැනවින් විදහාපාන ප‍්‍රකාශනයක් ලෙස විග‍්‍රහ කෙරේ. මෙහිදී මූලික වශයෙන් කි‍්‍රයාත්මක කෙරෙන්නේ සමාජ විද්‍යාව තුළ භාවිත මූලික මූලික සංකල්ප හා න්‍යායන් ජන මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සහ එහි සමාජ බලපෑම හා සම්බන්ධයෙන් ගෙන විග‍්‍රහයක නිරත වීමයි.
මෙයට අමතරව මාධ්‍ය හා එහි කි‍්‍රයාකාරිත්වය සකී‍්‍රයව විවරණය කිරීමෙහිලා නොයෙකුත් විචාර අධ්‍යයනයන් මේ වන විට භාවිත කරන ආකරයක් දැකගත හැකි ය. මේ අතර වඩාත් නවීනව භාවිත කරන විචාර අධ්‍යයනයන් අතර පශ්චාත් නූතන මාධ්‍ය විචාරය සහ තාක්ෂණික මාධ්‍ය වැදගත් වේ.
05. පශ්චාත් නූතනවාදී මාධ්‍ය විචාරය
පශ්චාත් නූතනවාදය පදනම් කොටගෙන ඒ ඇසුරෙන් මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය විවරණය කිරීම මෙම විචාර අධ්‍යයනයෙහි ස්වභාවයයි. පශ්චාත් නූතනවාදය යනු 1960 දශකයේ දී මූලික වශයෙන් කලා, ලේඛනය, සංගීතය, රංග කලාව යනාදී ක්ෂේත‍්‍රයන් හා සම්බන්ධව යුරෝපයේ 1980 හා 1990 යන දශකයන්හි බෙහෙවින් ව්‍යාප්ත විය. මෙය තුළ අතීතයේ සිට වර්තමානය දක්වා වන කාල පරිච්ඡේදය තුළ අඩංගු නොයෙකුත් කලා, සාහිත්‍ය හා සමාජ සංස්කෘතික මතවාද හා විග‍්‍රහයන් අඩංගු වේ. ඒ අනුසාරයෙන් බිහිව ඇත්තේ කිසිඳු නිෂ්චිත න්‍යායක පරිධියකට යටත් නොවන යම් ආකාරයක ගතානුගතික අදහස් වලින් තොර විප්ලවකාරී නමුත් අසම්මත ගණයේ බුද්ධිය අදහස් මාලාවකි. මෙය සාරය වශයෙන් ගෙන මාධ්‍ය හා සමාජය විග‍්‍රහ කිරීම මෙම විචාර අධ්‍යයනයෙහි ගත ස්වභාවයයි. 
මෙහි දී විශේෂයෙන් ම යුරෝපයේ බිහි වූ සමාජ සංස්කෘතික මතවාදය ඔස්සේ පැනනැගුණු නව දර්ශයනුගත විග‍්‍රහයක් හඳුනාගත හැක. එය ඉදිරිපත් කළ අය අතර ජැක්විස් ලේඛාන්, මිචේල් ෆූකෝ, පුන්සුවා ලියෝටා, ජිල් ඩෙලූස්,මාර්ටින් හයිඩෙගර්, අන්තෝනීයෝ ශ‍්‍රාම්ස්කි, ජැක්විස් ඩෙරිඩා, රෝලන්ඞ් බාත්, ජොක් බ්‍රොඩිලාඞ් වැනි අයගේ ශ‍්‍රාස්ත‍්‍රීය දායකත්වය කැපී පෙනේ.
එමෙන්ම පශ්චාත් නූතනවාදී අදහස් ඉන් සුළු කාලයකට පසුව ඉමහත් විවේචනයට ද බඳුන් විය. පශ්චාත් නූතනවායේ හරය හරිහැටි අවබෝධ කරගත් තවත් එක් ප‍්‍රවේශයක් වන්නේ පශ්චාත් නූතනවාදී අදහස් වලට එරෙහිව කි‍්‍රයාත්මක වූ ශ‍්‍රාස්තී‍්‍රය සම්භාෂණ ද මෙනෙහි කිරීමෙනි. ඒ මගින් කියා පෑවේ මෙමගින් සම්ප‍්‍රදාය, ඉතිහාසය, සහ සමාජ සංස්කෘතික වටිනාකම් නොසකා විකාරරූපි අදහස් වලට ශාස්ත‍්‍රීය වටිනාකමක් ලබා දීමක් ලෙස පශ්චාත් නූතනවාදය සමාජයේ සම්භාෂණයට පාත‍්‍ර වන බවයි. මෙම අදහස් ඉදිරිපත් කළ අය අතර ෆ්‍රෙඞ්රික් ජෙම්සන්, ටෙරී ඊගල්ටන් ජුර්ගන් හබර්මාස් දැක්විය හැකි ය.
විශේෂයෙන් ම ඩෙරීඩා ෆූකෝ වැනි අය සන්නිවේදනය හා මාධ්‍යයට අදාළව පළ කළ පශ්චාත් නූතනවාදී අදහස් හා ජුර්ගන් හබර්මාස් විසින් ඔහු ඉදිරිපත් කළ මාධ්‍ය හා සන්නිවේදන තාර්කිකත්වය පිළිබඳ ගැඹුරු අදහස් බඳුන් කර ඇත.
එසේම බටහිර යුරෝපීය දර්ශනවාදය අනුසාරයෙන් බිහිව ඇති මෙම විචාරාභාසය ආසියාතික රටවලට කොතරම් සාධාරණීයත්වයක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව කථිකාවවට ලක්ව තිබේ. අනෙක් අතට පශ්චාත් නූතනවාදී අදහස් ආසියාතික රටවලට ගැළපෙන අයුරින් සකස් කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ අය අතර ඉන්දියානු ගයාතී‍්‍ර වක‍්‍රවර්ති ස්විපිවැක්, චීනයේ ෂූ ඩොං පං, ජපානයේ නඞීම් සකායි, පිලිපීනයේ වින්ස් රෆාල් සහ හොංකොංහි රේ චෞ යන ශාස්ත‍්‍රඥයින් කැපී පෙනේ. මේ අය පශ්චාත් නූතනවාදයේ අගය පිළිබඳ නිශ්චිත අදහසක් පළ නොකරයි.
06. තාක්ෂණික මූලික මාධ්‍ය විචාරය
ජන මාධ්‍ය මූලික වශයෙන් ම තාක්ෂණික උපකරණයකි. ජන සන්නිවේදන අධ්‍යයනයේ දී බෙහෙවින් පෙළඹෙන්නේ එහි න්‍යායික හා නිර්මාණාත්මක පැතිකඩ හැදෑරීමටයි. නමුත් ඒ හා සමාන අවධානයක් ජන මාධ්‍යයෙහි තාක්ෂණික හා විද්‍යාත්මක අංශය හැදෑරීම කෙරෙහි ඉංජිනේරු විද්‍යාව, සන්නිවේදන ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය යනාදී ක්ෂේත‍්‍රයන් මෙහි දී මාධයෙහි තාක්ෂණික පැතිකඩ විශ්ලේෂණාත්මකව හදාරනු ලැබේ.
තාක්ෂණික මූලික මාධ්‍ය විචාරයේ දී සිදු කරන්නේ මාධ්‍ය හා එහි කි‍්‍රයාකාරිත්වය ජනමාධ්‍ය තාක්ෂණික මෙවලම් භාවිතය හා සමග ගෙන විවරණය කිරීමෙනි. තවද මාධ්‍ය තාක්ෂණය හා එහි ස්වභාවය මානව සමාජයට දක්වන සෘජු හා වක‍්‍ර බලපෑම් කවරාකාර ද යන්න ගෝලීය හා ජාතික වශයෙන් හඳුනා ගැනීමයි. මානව පරිණාමය තුළ මේ වන විට විද්‍යාව බවට පත්ව ඇත්තේ ජනමාධ්‍ය කි‍්‍රයාකාරිත්වයයි. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය තාක්ෂණය මේ වන විට ඉතාම සීඝ‍්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇත. තත්ත්පර කිහිපයකින් පිටපත් කිහිපයකින් පිටපත් මිලියන ගණනාවක ප‍්‍රකාශනයක් එකවර ලබා ගත හැක. විද්‍යුත් මාධ්‍ය තාක්ෂණය මානව පරිණාමයේ වේගයේ සීමාව පවා ආක‍්‍රමණය කර ඇත.
අන්තර්ජාලය, ජාල අධ්‍යයනය, ජංගම දුරකථනය, සමාජ ජාල මාධ්‍ය යන වන මාධ්‍ය රටාවන් මාධ්‍ය තාක්ෂණයෙහි ම ප‍්‍රතිඵල හඳුනාගත හැක. ඒවායේ නූතන සමාජ ගෝලීය බලපෑම අතිවේගයෙන් මානව සමාජය වෙනස් කිරීමට හේතු වී ඇත.
සිනමා හා රූපවාහිනී මාධ්‍ය තාක්ෂණයන් අති නවීන යාන්ති‍්‍රක හා ඉලෙක්ට්‍රොනික ප‍්‍රකාශන සමග බද්ධව කි‍්‍රයා කරයි. එමෙන්ම නව විද්‍යාත්මක කථිකාවන් සහ සොයා ගැනීම් තාක්ෂණිකව මෙන්ම නිර්මාණාත්මකව ජනමාධ්‍ය තුළ භාවිත කිරීමට මෙම තාක්ෂණික මාධ්‍ය විචාරයේ දී ඇයයුමට පාත‍්‍ර කෙරේ. ඒ අනුව තාක්ෂණික මූලික සිද්ධාන්තය මුල් කරගනිමින් සිනමා නිර්මාණ බොහොමයක් බටහිර රටවල නිර්මාණය වී ඇත.
මාධ්‍යයේ කි‍්‍රයාවලිය විශ්ලේෂණය කිරීමේ දී පෙරදිග හා අපරදිග සිද්ධාන්ත භාවිතා කරන ආකාරය මේ අනුව අවබෝධ කරගතහැකි ය. මාධ්‍ය කි‍්‍රයාවලිය විශ්ලේෂණය කිරීමේ දී පෙරදිග නිර්මාණකරුවන් සාම්ප‍්‍රදායික මාධ්‍යයන් වන සාහිත්‍ය කලාව, නාට්‍ය, ගද්‍ය පද්‍ය නිර්මාණ ඇසුරින් ස්වකීය අදහස් ප‍්‍රකාශ කිරීමය උත්සාය දරා ඇත. මාධ්‍ය දර්ණනයේ ඉතිහාසය පිළිබඳව විමර්ශනය කිරීමේ දී මුල් කාලයේ පැවතියේ ස්වාභාවිකවාදයයි. ඉතිහාසයේ ඇති වන පළමු විචාරවාදය වන්නේ මෙයයි. වේදිකා නාට්‍ය කාලව තුළින් මෙය පෝෂණය වී තිබුණි. ස්වභාවික සංවාද, ස්වභාවික රූපක, ස්වභාවික දෘශ්‍යමය දේ සඳහා භාවිතා කර තිබුණි.
ඡුායාරූප කලාව, සිනමාව ,නාට්‍ය වැනි කලා නිර්මාණ මෙම යුගයේ දී බිහි වූ නිර්මාණයන් ය.
ඉන්පසුව බිහිවන්නේ යථාර්තවාදයයි. ස්වභාවිකවාදය ඉක්මවා යථාර්ථය ගවේෂණය කිරීම මෙම යුගයේ දී අපේක්ෂාව වී තිබුණි. සත්‍ය හා අසත්‍ය අතර තුළනාත්මක ගවේෂණයක් මෙම යුගයේ දී සිදු විය. මාක්ස්වාදය මේ සඳහා බලපා තිබුණි. මාධ්‍ය තූළින් සෑම විටම යථාස්වභාවය පෙන්නුම් කිරීම මෙම යුගයේ දී සිදු විය.
යථාර්තවාදයෙන් ඔබ්බට යන අධියථාර්ථවාදී යුගය ඉන් පසුව පැමිණ තිබේ. එම යුගයේ දී යම් දෙයක සාමාන්‍ය ප‍්‍රමාණ්‍යවෙනස් කර එය විකෘති කර ඉදිරිපත් කිරීම මෙම යුගයේ නිර්මාණයන්ගෙන් සිදු විය. ලංකාවේ පැරණි කලාවන් තූළ අධියථාර්ථවාදය ගැබ්ව තිබුණි.
පසුව ප‍්‍රකාශනවාදය පැමිණීම සිදු විය. 20 වන සියවසේ් ජර්මනියෙන් මෙය ආරම්භ විය. මෙය යථාර්ථවාදයට විරුද්ධව ඇතිවන ගොඩනැගීමකි. සත්‍ය සදාකාලික වන බව පෙන්නුම් කිරීමට මින් උත්සාහ ගෙන තිබේ. ඒ සඳහා සිනමාව, චිත‍්‍ර කලාව වැනි මාධ්‍ය උප්‍යුක්ත කරගෙන තිබුණි. 
19 වන සියවසේ දී ඇති වන විචාරවාදය වන්නේ සංකේතවාදයයි. ස්වභාවිකවාදයත් යථාර්ථවාදයත් ආපසු හැරවීමක් ලෙසෙ මය හඳුන්වා දිය හැකි ය. කෘති‍්‍රම බවක් මේ තුළ දැකිය හැකි ය. පරිකල්පනයට, මනෝ ලෝකවලට මුල්තැනක් ලබා දී තිබුණි.
20 වන සියවසේ මුල් භාගයේ සිට නව්‍යවාදය ආරම්භ වෙයි. ප‍්‍රංශය, ජර්මනිය වැනි රටවලින් මෙය ආරම්භ වෙයි. කාර්මීකරණයෙන් පසුව ආ ප‍්‍රබල විචාරවාදයක් ලෙසින් මෙය පෙන්වා දිය හැකි ය. ආගම, කලාව, සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය යල්පැන ගිව දේවල් ලෙස සලකන ලදී. 
පශ්චාත් නව්‍යවාදය සකලවිධ සංකල්පයන් කඩා බිඳ දමමින් පැමිණි විචාරවාදයකි. සියලූ දේම ප‍්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරන බවත් සෑම දෙයක් දෙසම අලූත් ආකාරයෙන් බැලීමක් සිදු වෙයි. ඒ අනුව බලන කල්හි පැහැදිලි වන්නේ මානව සමාජය පරිණාමය වෙමින් විකාශනය වීමත් සමග සමාජයේ පැවති සාම්ප‍්‍රදායික මාධ්‍ය වෙනුවට නූතන මාධ්‍යයන්ගේ ආගමනය වීම සිදු විය. ඒත් සමග සමාජය තුළ සන්නාවේදන කි‍්‍රයාවලිය පෝෂණය වීමේ මාධ්‍යයේ කි‍්‍රයාවලිය ද කාර්ය භාර්ය ද සංකීර්ණ වන්නට විය. මාධ්‍ය මගින් ඉදිරිපත් වන සන්දේශන්ගේ ගුණදොස් ප‍්‍රකාශ කිරීමට වෙනම පිරිසක් නිර්මාණය විය. ඒ අනුව මාධ්‍යයේ කි‍්‍රයාවලිය විශ්ලේෂණය කිරීමේ දී පෙරදිග හා අපරදිග විචාරවාදයක් ගණනාවක් ඇති විය. ඒ අනුව ගද්‍ය පද්‍ය සාහිත්‍යයෙන් ආරම්භ වී අද වන විට නවීන තාක්ෂණික කි‍්‍රයාවලීන් සමග මාධ්‍ය සන්දේශයන් ග‍්‍රාහකගත වෙයි. ඒ අනුව මාධ්‍ය කි‍්‍රයාවලිය විශ්ලේෂණයෙහිදී මාධ්‍ය පිළිබඳ පෙරදිග සහ අපරදිග සිද්ධාන්ත භාවිතා කරන ආකාරය මැනවින් අවබෝධ කරගත හැකි ය.

මාධ්‍ය විචාරය


යමක් පිරික්සීමෙන් විමසා බැලීම විචාරය යන්නෙන් සරල ව දැක්විය හැකිය. මානව සමාජය බිහි වූ මුල් වකවානුවේ සිට ම තමන්ගේ පාරිසරික සම්බන්ධතා, මානව සම්බන්ධතා හා මනෝ ක‍්‍රියාකාරකම් විවිධාකාරයෙන් විමසා බැලීමට පුද්ගලයා ක‍්‍රියා කළ බව පෙනේ. මෙහි විශේෂත්වයක් ඇති වන්නේ සමාජයේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද විවිධ නිර්මාණ විමසා බැලීමට ජනයා ක‍්‍රියා කිරීමෙනි. ජනයා අතර සිටි අපූර්ව චින්තනයකින් යුක්ත වූවෝ මෙම නිර්මාණ සාමාන්‍ය ජනයාට සාපේක්ෂව වෙනස් ලෙස විමසීමට ක‍්‍රියා කළහ. නාට්‍ය, සාහිත්‍ය, චිත‍්‍ර, ආදී විවිධ නිර්මාණ මේ ආකාරයෙන් විමසීමට ලක් විය. එපමණක් නොව ඒ ඒ නිර්මාණ ස්වරූපයට අනුව විවිධ විචාර න්‍යායයන් ද බිහි වූ බව ඉතිහාසය පිරික්සා බලන විට පෙනේ. ඒ අනුව නාට්‍ය විචාරය, කාව්‍ය විචාරය, සාහිත්‍ය විචාරය ආදී වශයෙන් විවිධ ස්වරූපයේ විචාර ක‍්‍රම බිහි විය. ඒවා මත පදනම්ව මාධ්‍ය විචාරය ද ඇරඹී තිබේ. 
මාධ්‍ය විචාරය හඳුනා ගැනීම
මාධ්‍ය විචාරයේ ස්වභාවය
පෞරාණික නාට්‍ය විචාරය, සාහිත්‍ය විචාරය, කාව්‍ය විචාරය ආදී විවිධ විචාර ක‍්‍රම විධි පදනම් කර ගෙන මාධ්‍ය විචාරය ගොඩ නැංවී ඇත. පසු කාලයේ දී මාධ්‍ය විචාරය සඳහා අනන්‍ය ලක්ෂණ සහිත විචාර ක‍්‍රම විධි ගොඩ නැගිණ. මාධ්‍ය විචාරය සඳහා නව මිණුම් ද`ඩු යොදා ගන්නට සිදු වී ඇත. මාධ්‍ය නිර්මාණකරුගෙන් වෙන් වූ මාධ්‍ය විචාරය ස්වාධීන අනන්‍යතාවකින් යුක්තය. මාධ්‍යයේ සුවිශේෂ ලක්ෂණ මත පදනම් වූ මාධ්‍ය භාෂාව අර්ථකථනය කරමින් එම මාධ්‍ය නිර්මාණ සමාජය සමග ඇති කර ගන්නා ගනුදෙනුව මාධ්‍ය විචාරය මගින් හෙළිදරව් කෙරේ. යම් මාධ්‍ය නිර්මාණයක් විවරණය කරනුයේ එම මාධ්‍ය විචාරකයාගේ ස්වාධීන අනන්‍යතාව මතයි. මාධ්‍ය නිර්මාණය පිළිබඳ ව විශ්ලේෂණයක් හා සංශ්ලේෂණයක් ද මාධ්‍ය විචාරය මගින් සිදුවෙයි. මාධ්‍ය විචාරය යනු නිර්මාණකරුගේ නිර්මාණාත්මක දෘෂ්ඨිය හා නිර්මාණ කාර්යය නිර්මාණයට සම්බන්ධ නො වූ බාහිර පාර්ශ්වයක් විසින් අර්ථ දැක්වීමක් ලෙස දැක්විය හැකිය. මාධ්‍ය විචාරය යනු එම මාධ්‍යයේ සුවිශේෂ ගුණාංග මත පදනම් ව, එම මාධ්‍ය නිර්මාණයේ හැඩ රුව නැවත විනිශ්චයකට ලක් කිරීමක් ද වෙයි. 
----------------------------------------------------------------------
මාධ්‍ය විචාරයේ සමාජීය අවශ්‍යතාව
මාධ්‍ය ග‍්‍රහණය කර ගන්නා සාමාන්‍ය ජනයාට එය විනිවිද දැකීමට ඇති හැකියාව අවමය. ඒ නිසා විචාරයක සහාය අවශ්‍යය. සංජානනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට මාධ්‍ය විචාරකයාගේ විවරණය ග‍්‍රාහකයාට වැදගත් වෙයි. මාධ්‍ය විචාරය මගින් මාධ්‍ය විවරණය කිරීම නිසා නිර්මාණකරුවන්ට තම නිර්මාණ පු`එල් ලෙෂ විමර්ශනය කරන්නට හැකියාව ලැබේ. මාධ්‍ය විචාරය මගින් ග‍්‍රාහකයන්ගේ ග‍්‍රාහක ශක්තිය ඉහළ නැංවෙන නිසා, ඒ මගින් ග‍්‍රාහකයන් හා මාධ්‍ය අතර කෙරෙන ගනුදෙනුව වඩාත් ඉහළ මට්ටමකට ළ`ගාවෙයි. නව නිර්මාණ බිහි කිරීම සඳහා තම චින්තනය මෙහෙයවීමට මාධ්‍ය විචාරය මගින් නිර්මාණකරුවන්ට මග පෙන්වීමක් ලැබීම ද මෙහි වැදගත්කමකි. සමාජීය ප‍්‍රවේගයන්ට අනුගාමී ව මාධ්‍ය නිර්මාණ දිශාගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම මාධ්‍ය විචාරය මගින් ලැබේ. 
----------------------------------------------------------------------------------
මාධ්‍ය විචාරයේ මූලිකාංග
මාධ්‍යකරුවන් මාධ්‍ය නිර්මාණ කළ යුතුය. මාධ්‍ය නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ මාධ්‍ය මගිනි. මාධ්‍ය නිර්මාණ ග‍්‍රහණයට ග‍්‍රාහකයන් සිටිය යුතුය. මාධ්‍ය නිර්මාණ විචාරය මගින් මාධ්‍ය නිර්මාණ හා ග‍්‍රාහකයා අතර සම්බන්ධය විවරණය කරයි. ඒ අනුව මාධ්‍ය විචාරයේ මූලිකාංග ලෙස මාධ්‍යකරුවන් - මාධ්‍ය නිර්මාණය - මාධ්‍ය - ග‍්‍රාහකයා හා මාධ්‍ය විචාරකයා දැක්විය හැකිය. මාධ්‍යකරුවන් වශයෙන් පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය හා චිත‍්‍රපට යන බහුජන මාධ්‍යයන්හි නියැලී සිටින්නන් පමණක් මීට ඇතුළත් කර ගැනේ.

මාධ්‍ය විචාරකයා
මාධ්‍යවේදියකු මෙන් ම ග‍්‍රාහකයකු ද ලෙස මාධ්‍ය විචාරකයාගේ ස්වභාවය විශේෂිතය. මාධ්‍ය විචාරකයා මාධ්‍යවේදී වෘත්තිය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තකු විය යුතුය. මාධ්‍ය විචාරකයා බුද්ධිමත් ග‍්‍රාහකයකු ලෙස සාමාන්‍ය ග‍්‍රාහකයන්ට වඩා වෙනස් ආකාරයකින් මාධ්‍ය විමර්ශනය කිරීමේ දක්ෂතාවක් සහිත පුද්ගලයෙකු විය යුතුය. අසාමාන්‍ය ලෙස ලෝකය විනිවිද දැකීමේ චින්තනයකින් යුක්ත විය යුතු අතර මාධ්‍ය විචාරකයා විවිධ මාධ්‍ය විචාර න්‍යායයන් හා දෘෂ්ඨීන් පිළිබඳ නිපුණතාවකින් යුක්ත ව තමන්ගේ ම අනන්‍යතාවකින් යුක්ත මාධ්‍ය විචාර කලාවක් ගොඩ නංවා ඇත්තකු වීම ද වැදගත්ය. මාධ්‍ය විචාරකයා මාධ්‍යයේ ද ග‍්‍රාහකයාගේ ද සමස්තයක් ලෙස සමාජ සංස්කෘතියේ ද වෘද්ධියක් අපේක්ෂා කරන්නකු විය යුතුය. මාධ්‍ය විචාරකයා මාධ්‍යවේදීන්ට - මාධ්‍යයට - මාධ්‍ය නිර්මාණයන්ට පහර දෙන්නකු නොව, සද් චේතනාවෙන් යුක්ත ව මග පෙන්වන්නකු වීම ද අතිශය වැදගත්ය. මාධ්‍ය විචාරකයා මාධ්‍ය කර්මාන්තය පවත්වා ගෙන යාමට උපකාර කරන්නකු විය යුතුය. 
------------------------------------------------------------------------------
මාධ්‍ය විචාරයේ අන්තර්ගතය
බහුජන මාධ්‍යයේ සමාන - අසමානකම්
බහුජන මාධ්‍යයේ දී පුවත්පත් - ගුවන් විදුලිය - හා රූපවාහිනිය මූලික වෙයි. මාධ්‍ය විචාරය සඳහා සාකච්ඡුා කිරීමේ දී මුද්‍රිත මාධ්‍ය වශයෙන් පුවත්පත් ද, සඟරා ද, පොත් ද අවධානයට ලක් කළ හැකිය. සිනමාව ප‍්‍රධාන වශයෙන් ම බහුජන මාධ්‍යයට අයත් නොවන නමුත්, මාධ්‍ය විචාරයේ දී සිනමාව ද විචාරයට ලක් කෙරේ. පොත් - පුවත්පත් - සඟරා - ගුවන් විදුලිය - රූපවාහිනිය - සිනමාව පොදුවේ මාධ්‍ය වුචත් එම මාධ්‍ය අතර විවිධ වෙනස්කම් තිබේ. කුමන මාධ්‍යයකින් වුවත් කරනුයේ ග‍්‍රාහකයා වෙත යම් ස්වරූපයකින් සංදේශයක් ඉදිරිපත් කිරීමයි. සියලූ මාධ්‍යයන්හි සමානකම වනුයේ ඒ මගින් සන්නිවේදන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වීමයි. ඒ ඒ මාධ්‍යයන්හි අසමානකම වනුයේ ඒ ඒ මාධ්‍යයට ආවේණික ලක්ෂණ සහිත ව වෙනස් ආකාරයන්ගෙන් සිය සන්නිවේදන ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීමයි. 
----------------------------------------------------------------------------------
මුුද්‍රිත මාධ්‍ය රීතිය
මුද්‍රිත මාධ්‍ය සමස්තයක් වශයෙන් හා සාපේක්ෂ ව උදාසීන මාධ්‍යයකි. මුද්‍රිත මාධ්‍ය සන්නිවේදනය සඳහා යොදා ගන්නා ප‍්‍රධාන උපකරණය භාෂාවයි. ඡුායාරූප හා සිත්තම් ද කාටුන් ද මුද්‍රිත මාධ්‍යයේ දී යොදා ගැනේ. අන්තර්ගතයට උචිත වන සේ හා පාඨකයාට ගැලපෙන සේ ව්‍යක්ත ලෙස භාෂාව යොදා ගැනීම මුද්‍රිත මාධ්‍යයේ රීතියයි. පොත් - සඟරා - පුවත්පත් යන මුද්‍රිත මාධ්‍ය නිෂ්පාදන තුළ විවිධ නිර්මාණ ස්වරූප ඉදිරිපත් කළ හැකිය. මුද්‍රිත මාධ්‍යයේ කුමන නිර්මාණ ස්වරූපයක් වුවත් මූලික වශයෙන් ග‍්‍රාහකයා විසින් කියවා ග‍්‍රහණය කර ගත යුතු වීම විශේෂත්වයයි. ඉලක්ක පාඨකයාට උචිත ලෙස භාෂාව හැසිරවීම පොත් හා ස`ගරාවල රීතිය වන අතර, පුවත්පත්වල දී පොදු පාඨකයා ඉලක්ක කර ගෙන භාෂාව හසුරුවනු ලැබේ. පොත් -ස`ගරා හා පුවත්පත් කියවීමේ පාඨක චර්යාව වෙනස් බැවින් එයට ගැලපෙන ලෙෂ භාෂාව ද, භාෂා රටාවන් ද, භාෂා ව්‍යවහාරය ද යොදා ගැනේ. කවි පොතක් කියවීම හා පුවත්පතක කවි පිටුව කියවීම අතර චර්යාත්මක වෙනසක් ඇත. නවකතා පොතක් වෙනුවට පුවත්පතක හෝ ස`ගරාවක කොටස් වශයෙන් පළ වන නවකතාවක අන්තර්ගතය, භාෂා රටාව හා භාෂා ව්‍යවහාරය අතර පැහැදිලි වෙනස්කම් පවතී. 
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ගුවන් විදුලි මාධ්‍ය රීතිිය
මිනිස් හ`ඩ - සංගීතය - ශබ්ද භාවිතය මගින් සන්නිවේදන කාර්යය ක‍්‍රියාත්මක කිරීම ගුවන් විදුලි මාධ්‍යයේ රීතියයි. ගුවන් විදුලි මාධ්‍යය ශ‍්‍රව්‍ය මාධ්‍යයක් පමණි. ගුවන් විදුලි මාධ්‍යයේ ශක්තිය වන්නේ ශ‍්‍රාවකයා තුළ පරිකල්පනය යොදා ගැනීමයි. ගුවන් විදුලි මාධ්‍යයේ දී සමස්තයක් වශයෙන් පොදු ශ‍්‍රාවකයාට ගැලපෙන සේ භාෂා ව්‍යවහාරයන් යොදා ගැනේ. භාෂාව සරල ලෙස යොදා ගැනීම ගුවන් විදුලියේ මූලික රීතියයි. විශේෂ ශ‍්‍රාවක කණ්ඩායම් ඉලක්ක කර ගෙන ඉදිරිපත් කරනු ලබන නිර්මාණවල දී එම ශ‍්‍රාවක පිරිසට ගැලපෙන ලෙස භාෂා ව්‍යවහාරයන් යොදා ගත යුතුය. ගුවන් විදුලි මාධ්‍යය තුළ විවිධ ස්වරූපයේ නිර්මාණ ඉදිරිපත් වන අතර, ඒ ඒ නිර්මාණවලට අදාළ ශිල්පීය ක‍්‍රම අනුගමනය කළ යුතුය. 
----------------------------------------------------------------------------------
රූපවාහිනී මාධ්‍ය රීතිය
රූපවාහිනිය ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයකි. රූපවාහිනී මාධ්‍යය පොදු ග‍්‍රාහකයන් ඉලක්ක කර ගන්නා නිසා, ඔවුන්ට පොදුවේ ගැළපෙන ආකාරයෙන් නිර්මාණ කළ යුතුය. ඇතැම්විට විශේෂ ග‍්‍රාහක කණ්ඩායම් සඳහා ද රූපවාහිනී නිර්මාණ කරනු ලබන අතර, එහි දී එම විශේෂ ග‍්‍රාහක කණ්ඩායමට ගැලපෙන පරිදි නිර්මාණ කළ යුතුය. දෘශ්‍ය රූපයන්ට ප‍්‍රමුඛතාව දීම රූපවාහිනියේ දී සිදුවෙයි. රූපවාහිනී තිරයේ කුඩා බව සමග සසඳමින් රූප ඉදිරිපත් කිරීම කළ යුතුය. රූපවාහිනිය නැරඹීම ගෘහස්ථ කාර්යයක් වන නිසා එයට උචිත වන සේ රූපවාහිනී නිර්මාණ කිරීම වැදගත්ය. ඒ ඒ රූපවාහිනී නිර්මාණ ස්වරූපයන්ට අනුකූල වන සේ ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍ය යොදා ගැනීම කළ යුතුය. 
----------------------------------------------------------------------------------
චලන මාධ්‍ය රීතිය
ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයකි. භාවිතය රූපවාහිනියට වඩා වෙනස් ආකාරයෙනි. රූපවාහිනියට වඩා දැවැන්ත තිරයක් සිනමාවේ දී යොදා ගැනේ. සිනමාව නැරඹීමට ඒ සඳහා ම සිනමා ශාලාවකට යා යුතුය. රූපවාහිනිය මෙන් නොව සිනමාව අඳුර සමග එක් වූ මාධ්‍යයකි. සිනමාව මගින් කෙරෙන නිර්මාණ වෘත්තාන්තමය ස්වරූපයක් ගනී. විවිධ අන්තර්ගතයන්, විවිධ ආකෘතීන් හා විවිධ ශෛලීන් යොදා ගෙන සිනමාව නිර්මාණය කළ හැකිය. කෙසේ වුවත් සිනමා භාෂාව වෙන ම අනන්‍යතාවක් ඇති ව යොදා ගන්නා ශිල්පීය ක‍්‍රම සමුදායකින් යුක්තය. 
----------------------------------------------------------------------------------
කලාත්මක, ශිල්පීය හා අන්තර්ගත විවරණය
කුමන මාධ්‍ය නිර්මාණයක් තුළ වුව ද, කලාත්මක බව, එම නිර්මාණ ස්වරූපයට අයත් ශිල්පීය ගුණාංග හා යෝග්‍ය අන්තර්ගතයක් තිබිය යුතුය. කලාත්මක බව සාපේක්ෂ වන අතර, එක් එක් නිර්මාණකරු විසින් විවිධ කලාත්මක සංකල්ප යොදා ගනී. විවිධ ශිල්පීය උපක‍්‍රම යොදා ගනිමින් සිනමාව නිර්මාණය කරනු ලබයි. අන්තර්ගතය විමර්ශනය කිරීම අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ඨි කෝණයෙන් කළ යුතුය. කලාත්මක උපාය මාර්ග හා ශිල්පීය ප‍්‍රයෝගයන් යොදා ගනිමින් රසිකයන්ගේ සිත් කෙසේ කම්පනය කරන්නේද? යන්න විචාරය තුළ අන්තර්ගත වීම වැදගත්ය. 
---------------------------------------------------------------------------
මාධ්‍ය විචාර ප‍්‍රවේශය
සංසන්දනය හා විශ්ලේෂණය
මාධ්‍ය විචාරයේ දී යම් නිර්මාණයක් වෙනත් නිර්මාණ සමග සංසන්දනය කිරීමට හා එම නිර්මාණය තනි ව ගෙන විශ්ලේෂණය කිරීමට සිදුවෙයි. සංසන්දනය මගින් යම් නිර්මාණයක් තවත් එකකට වඩා හොඳද? නරකද? සමානද? අසමාන ද? යන්න පිළිබඳ විවරණයක් කළ හැකිය. සංසන්දනය මගින් ඒ ඒ නිර්මාණයන්හි යොදා ගෙන ඇති විවිධ කලාත්මක සංකල්පය, ශිල්පීය ක‍්‍රම, සෞන්දර්යාත්මක ප‍්‍රවේගයන් හා අන්තර්ගතය ආදී බොහෝ දේ තක්සේරු කළ හැකිය. යම් මාධ්‍ය නිර්මාණයක් පෙර නිර්මාණයකට වඩා හොඳින් රසිකයා කම්පනය කරනු ලබන්නේදැයි තක්සේරු කිරීමට සංසන්දනය මගින් හැකිවෙයි. විශ්ලේෂණය මගින් යම් මාධ්‍ය නිර්මාණයක් එම මාධ්‍යයට අයත් සීමා රාමුව හා ශිල්පීය ආකෘතීන් තුළ කෙසේ කටයුතු කර ඇත්තේද? ඒ මගින් රසිකයා කෙබඳු කම්පනයකට ලක් කරන්නට සමත් වී ඇද්ද? යන්න තක්සේරු කළ හැකිය.

සෞන්දර්යාත්මක ප‍්‍රවේශය
ඕනෑ ම කලාත්මක නිර්මාණයක ප‍්‍රධාන ම කාර්යය වන්නේ සෞන්දර්යාත්මක වින්දනයක් රසිකයාට ලබා දීම බැවින්, ඕනෑ ම මාධ්‍ය නිර්මාණයක් සෞන්දර්යාත්මක ප‍්‍රවේශයකින් විවරණය කළ හැකිය. සෞන්දර්යාත්මක ප‍්‍රවේශයේදී මුලික පදනම ලෙස සැලකෙන්නේ සුන්දරත්වයයි. සෞන්දර්යය පිළිබඳ ව නිර්මාණකරුගේ ප‍්‍රතිපත්තිය හා දර්ශනය වෙන් ව හඳුනා ගැනීමකින් තොරව සෞන්දර්යය ප‍්‍රවේශය මගින් විවරණය කළ නොහැක. සෞන්දර්යය පිළිබඳ ව නිර්මාණකරුවන් තුළ විවිධ මතිමතාන්තර ඇත. ඒ අනුව ඔවුන් තම නිර්මාණ බිහි කරනු දක්නට ලැබේ. මාධ්‍ය නිර්මාණයෙහි අන්තර්ගත සෞන්දර්යාත්මක නියෝජනය යම් සමාජයකට පිළි ගත හැකි ද? යන්න තක්සේරු කළ යුතුය. සෞන්දර්යාත්මක ව යම් මාධ්‍ය නිර්මාණයක් විවරණය කරන්නට නම්, මාධ්‍ය විචාරකයාට සෞන්දර්යාත්මක සංකල්ප පිළිබඳ මනා නිපුණතාවක් තිබීම අවශ්‍ය වෙයි. සෞන්දර්යාත්මක ලෙස යම් නිර්මාණයක් තක්සේරු කිරීම මගින් එම නිර්මාණය පිළිබඳ සමස්ත විවරණයක් කළ නො හැක. ඇතැම්විට සෞන්දර්යාත්මක වශයෙන් ඉතා ඉහළ මට්ටමක ඇති මාධ්‍ය නිර්මාණයක් අන්තර්ගතය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ ඉතා පහළ මට්ටමක තිබිය හැකිය. යම් මාධ්‍ය නිර්මාණයක් කෙරෙහි රසිකයා ආකර්ෂණය කර ගනු ලබන්නේ සෞන්දර්යය මගින් වන නිසා, ඒ අනුව එම නිර්මාණය විවරණය කිරීමේ යථාර්ථයක් පවතී.

භාෂාත්මක ප‍්‍රවේශය
භාෂාව යනු ද්විත්ව ස්වරූපයක් ඇති සන්නිවේදන මෙවලමකි. ඒ නිසා එය නිර්මාණශීලී ලෙස මාධ්‍ය නිර්මාණවල දී අපූරුවට යොදා ගත හැකිය. සාමාන්‍යයෙන් භාෂාව භාවිත කිරීම හා මාධ්‍ය නිර්මාණවල දී භාෂාව භාවිත කිරීම අතර වෙනසක් පවතී. මාධ්‍ය නිර්මාණවල දී අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා භාෂාව ඉතා නිර්මාණශීලී ව භාවිත කළ හැකිය. මාධ්‍ය නිර්මාණවල අන්තර්ගතය රසිකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා භාෂාව ඉතා බලවත් මෙවලමක් ලෙස භාවිත කළ හැකි වීම ද විශේෂත්වයකි. ඒ ඒ මාධ්‍ය නිර්මාණයට අදාළ වන සේ භාෂාව නිවැරදි ව ලිඛිත භාෂාවක් ලෙස හෝ ඒ ඒ පුද්ගලයාට අනුබද්ධ වූ ව්‍යවහාරික භාෂාවක් ලෙස හෝ යොදා ගැනීමේ හැකියාව තිබේ. ඒ ඒ මාධ්‍යයට අදාළ ව භාෂා භාවිතය අතර වෙනස් කම් හා විශේෂතා ද පවතී. මාධ්‍ය විචාරයේ දී භාෂාත්මක ප‍්‍රවේශයට අනුව එය විවරණය කිරීමට නම් විචාරකයාට මාධ්‍ය නිර්මාණයන්හි භාෂා භාවිතය පිළිබඳ මනා නිපුණතාවක් තිබිය යුතුය. රුචිකත්වය වර්ධනය කිරීම සඳහා භාෂාව අදාළ මාධ්‍යයට උචිතව යොදා ගැනීම වැදගත්ය. යම් දෙයක් ප‍්‍රතිනිර්මාණයට භාෂාවේ ශක්තීන් උපරිමයෙන් යොදා ගත යුතුය.

සදාචාරාත්මක ප‍්‍රවේශය
සදාචාරය යනු මානව සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ ද, මානව සමාජය විසින් ම පිළි ගන්නා වූ ද ඇවතුම් - පැවතුම් සමුදායක් බැවින් මාධ්‍ය නිර්මාණයක් තුළ සදාචාරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නිර්මාණකරුට වගකීමක් තිබේ. සම්ප‍්‍රදායයන් හා සම්මතීන් බිඳ දැමීම කළ හැකි වුව ද. එය මානව සමාජයේ යහපතට සිදු විය යුතු බැවින් සදාචාරාත්මක විවරණයක් කළ යුත්තේ මානවවාදී ගුණයන්ගෙන් යුතුවයි. සදාචාරය යනු සාපේක්ෂ පිළි ගැනීමක් වන අතර, නිර්මාණකරු පිළි ගන්නා සදාචාරය සමාජය විසින් පිළි ගනු ලැබිය යුතු යැයි බල කිරීමක් මාධ්‍ය නිර්මාණය තුළින් සිදුවන්නේ දැයි විවරණය කළ යුතුය. මාධ්‍ය නිර්මාණ සැම විට ම බහුජනසමාජයක් ආමන්ත‍්‍රණය කරන බැවින් සදාචාරාත්මක ප‍්‍රවේශය යටතේ මාධ්‍ය නිර්මාණයක් විවරණය කිරීම යෝග්‍ය වෙයි. ඉහළ සෞන්දර්යාත්මක අගයකින් හා මනා භාෂා භාවිතයකින් යුතු වූ මාධ්‍ය නිර්මාණයක් සදාචාරාත්මක වශයෙන් පහළ අගයකින් හා මානව සමාජයට අහිතකර ආකාරයෙන් තිබිය හැකිය. මාධ්‍ය නිර්මාණය මගින් ඉදිරිපත් කරන සදාචාරාත්මක සංකල්පය පුළුල් සමාජයට පිළි ගත හැකිදැයි විචාරකයා විසින් විවරණය කළ යුතුය. ඇතැම් සාම්ප‍්‍රදායික සදාචාරාත්මක පිළිගැනීම් මාධ්‍ය නිර්මාණයේ දී විචාරත්මක ව විමසීම සමාජමය වශයෙන් අතිශය වැදගත් වෙයි.

දේශපාලනික ප‍්‍රවේශය
සමාජය හා සමාජ සම්බන්ධතා විවරණය කරනු ලබන විවිධ දේශපාලන මතවාද පවතී. දේශපාලන චින්තනය මගින් සමාජය විවිධ දිශාවන්ට යොමු කර ඇත. මාධ්‍ය නිර්මාණයක් මගින් ඉදිරිපත් කරනු ලබන ඕනෑ ම අන්තර්ගතයක් දේශපාලනික දෘෂ්ඨි කෝණයෙන් විවරණය කළ හැකිය. දේශපාලනික සංකල්ප පිළිබඳ ව සමාජය තුළ විවිධ මත ගැටුම් පවතී. දේශපාලනික ප‍්‍රවේශයේ දී පන්ති ගැටුම හා පන්ති සහිත සමාජය විවරණය කරන විවිධ දේශපාලනික මතවාද යොදා ගනිමින් ඕනෑ ම මාධ්‍ය නිර්මාණයක් සියුම් ලෙස විවරණය කළ හැකිය. දේශපාලනික ප‍්‍රවේශය මගින් මාධ්‍ය නිර්මාණ විවරණය කිරීමේ දී මාක්ස්වාදී විචාර සංකල්ප මනා ලෙස යොදා ගත හැකි වීමද විශේෂත්වයකි. දේශපාලනික සංකල්ප යොදා ගෙන මාධ්‍ය විවරණය කිරීමට නම් විචාරකයාට විවිධ දේශපාලනික සංකල්ප පිළිබඳ මනා නිපුණතාවක් තිබිය යුතුය.

ඓතිහාසික ප‍්‍රවේශය
මාධ්‍ය නිර්මාණයෙහි නිරුපණය වන ඓතිහාසික සාධක මත මෙය පදනම් වෙයි. ජීවන චරිත, ඓතිහාසික සිදුවිම්, යුග පෙරළි, පෞර්ෂයන්, දත්ත, වකවානු විමර්ශනය කෙරේ. ඓතිහාසික විචාර ප‍්‍රවේශයේ දී අර්ථකථන කෙරෙන්නේ වර්තමානය හා අනාගතය අරමුණු කරගෙනයි. ඓතිහාසික සිදුවීම් නව මානයන්ගෙන් විමසා බැලිය හැකිය. ඓතිහාසික සිදුවිම් ව්‍යාජකරණයෙන් වැළකී සිටීම වැදගත්ය. ඓතිහාසික විවරණයක් කිරීම සඳහා විචාරකයා තුළ ද පුළුල් ඓතිහාසික දැක්මක් හා අවබෝධයක් තිබිය යුතුය. ඓතිහාසික සිදුවීම් පිළිබඳ නිර්මාණකරු ඉදිරිපත් කරණු ලබන චිත‍්‍රය පිළිබඳව තක්සේරුවක් විචාරකයා වෙතින් ඉදිරිපත් වීම අවශ්‍ය වෙයි. ග‍්‍රාහකයාගේ ඓතිහාසික විඥානය පෝෂණය කිරීම ද වැදගත්ය.
උපුටා ගැනීම සුපිරි සන්නිවේදන පන්තියෙන්