Tuesday, 5 June 2018

නිර්මාණාත්මක ගීයක අරුත

                         චාරු දේහේ නුරා මා දෑසේ මැවේ


චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත‍්‍රියේ රැු සදේ ඈ සිනා ශ‍්‍රීය දේ //
චාරු දේහේ නුරා.....

පිහින පීනා රසෝඝේ
සරාගී විලේ රාත‍්‍රී යාමයේ //
ඇගේ දෑසේ ප‍්‍රමෝදේ
නුරා ගී නැගේ
ජිවිතේ යෞවනේ
පේ‍්‍රමයේ ජීවිතේ

චාරු දේහේ නුරා...

සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවෝ //
මිහිතලාවේ තුසිතේ
මැවේ මා හදේ//
ජිවිතේ යෞවනේ
පේ‍්‍රමයේ මී වනේ

චාරු දේහේ නුරා....
                                                                       ගායනය     අමරසිරි පීරිස්
                                                                       පද රචනය  පේ‍්‍රම කීර්තිද අල්විස්
                                                                       සංගීතය     අමරසිරි පීරීස්


”ගයාගීති ගිතං” ගායනා කරන්නේ ගීතයයි. ගීතය අතිශයින් ම භාවාත්මක වුවකි. මානව චිත්ත සන්තානය ඒකාත්මික කරන්නකි. ගීතය ඒ තරමට ම හෘදයංගම වුවකි. මානව චිත්ත සන්තානය ඒකාත්මික කරන්නකි. ගීතය ඒ තරමටම හෘදයාංගම වුවකි. එය විසදීමට නොව විදීමට බිහිවන්නකි. එය ඒ තරමටම ආස්වාද ජනකය. විවිධ නිර්මාණ කරුවෝ විවිධ තේමාවන් යටතේ ගීත නිර්මාණ කරති. එයට සීමා මායිම්  වැට කඩුලූ නැත. එය විශ්ව සාධාරණ වුවකි. ත්‍රෛකාලීන පැවැත්මක් සහිත වුවකි. එවන් ගීතය සංවේදී මනස හෘදයාංගමව ස්පර්ශ කරන්නකි. සංවේදී නොවු මනසට ඒ සදහා ආමන්ත‍්‍රණය කරන්නකි. ගීතය තුළ ශබ්ධ රසය මෙන් ම අර්ථ රසය ද සාපේක්‍ෂව අන්තර්ගත විය යුතුමය. එය වඩාත් සාර්ථක වන්නේ එවිටය.
ගීතයක් නිර්මාණය වන්නේ අංග තුනක සංකලනයෙනි. ගීත ප‍්‍රබන්ධය, තනුව සහ ගායනය යන අංග තුන ගීතයක හොදින් සුසංයෝගී වී ඇත්තම් :්‍ය්රපදබහ* එම ගීතය සාර්ථක ගීතයක් ලෙස හදුනාගත හැකිය.
එවැනි වු ආකාරයේ සුසංයෝගයකින් සැදුම් ලත් ”චාරු දේහේ නුරා” ගීතය තුළින් මනාව ඔපවත් වේ. මෙම ගීතය සදහා අපුර්වතම පදවැල් ගෙතීමට සමත් අප ආදරණීය කලා කරුවානන් ගීත පද රචක පේ‍්‍රම කීර්ති ද අල්විස් සුරීන්ගේ පද සංයෝජනයත් අමරසිරි පීරීස් සංගීත මුසුවෙන් ද ඔහුගේ ම හඩ මාතූර්වයෙන් ඔපවත් වු  මෙම ගීතය හුදෙක් සහෘද සිත් කකියන ලයාන්විත වුත්, හඩ මාතූර්වයකින් සුපෝෂිත වු ගීතයකි.
ගීතයේ ප‍්‍රස්තූතය වනුයේ යෞවනය, පේ‍්‍රමය, සෘංගාරය යන සියල්ල එකට කැටිකොට ගත් ඉතාම අලංකාර වු පද වැල් සමුදායකින් සුසැදි ගීතයකි.

                                චාරු දේහේ නුරා මා දෑසේ
                                මැවේ...
                                රාත‍්‍රියේ රූ සදේ ඈ සිනා ශ‍්‍රීය
                                දේ...

මෙම ගීතයේ තරුණයකු තරුණියක් වෙනුවෙන් හෝ පෙම්වතෙකු තම පෙම්වතිය වෙනුවෙන් සැමියකු තම බිරිද වෙනුවෙන් ඉපැදුණු සිතුවිලි ඉතා අලංකාරව ඉදිරිපත් කිරීමක් ලෙසින් ගීතය සුසංවිත වේ. මේ සදහා වඩාත් සමීප වනුයේ පෙම්වතෙකු හා පෙම්වතිය යන චරිත ද්විත්වයයි. රාගය ආදරය පදනම් වු මෙම ගීතයෙහි අපුර්වතම සංයමයක් මනාව ගලපා ඇත. මනුෂ්‍ය සංතානයෙහි රාගය ඇති වීම කෙරෙහි කරුණු කිහිපයක් පදනම් වේ. එනම් සද එළිය, සීතල, මල් සුවද සහ රාත‍්‍රිය පදනම් කරගනිමින් ය. එකී කාරණාව අපුර්වත්වයෙන් යෙදීමට රචකයාත්, සංගීතාඥ්ඥයාත් මනාව දායක වී ඇත.
ගීතයේ මුල් ම වචනාර්ථයෙන් ගීතයට අලංකාරයක් එක් කොට ඇත. ”චාරු” යනු ශෝභන සුන්දර යන්නයි. ඇයගේ රුව ගුණයෙන් අනුන වු ඇය දෙස ඇසි පිය නොහෙලා ඔහුට බලා සිටිය හැකි බව ඔහු සහෘදයාට හගවනු ලබන්නේ ඇයගේ අනුරාග දනවන සුන්දර රුව ඔහුගේ සිතේ (දෑසේ යන්න මෙහි දී අගවනු ලබන්නේ ඔහුගේ සිතේ ඇයගේ රුව දෑස ඉදිරිපිට මෙන් මැවීමයි* ජනිත වේ. එසේ දෑසේ ජනිත වීමට නම් ඇයගේ රූ සපුවෙහි අගනා වු හැඩය සහෘද මනසෙහි ද මැවේ. අපුර්වතම පද සංකලනයන්ගෙන් සුසැදී ගීතයේ ව්‍යාංගාර්ථවත් බොහෝ දේ විෂද කිරීමට කවියා තුළ ඇති ශක්තිය අගය කළ මනාය. රාත‍්‍රියට පායන සද කැලූම් කාන්තිය ඔහුට ආකර්ශනීයයි, ආදරණිය වේ. ඇයගේ සුන්දරත්වයට අගනා සමාන කිරීමක් ලෙස කවිය දෘශ්‍යමාන කරණු ලබන සදකැන් තුළින් ”දෘශ්‍ය ශෘංගාරය” මතු කරනු ලබයි. සදේ සෞම්‍ය බව නිබද සිසිලෙන් දෑස් ඉවතට ගැනීමට ඉඩ නොදේ. ඒ අයුරින් ම ඇගේ ගතේ කාන්තිය ඔහුව ජීවත් කරවනු ලබයි. සද කැලූම් නිබද සබදතා ශක්තිමත් කරවනු ලබන්නකි. විවාහය සහ සද අනුරාගයේ සංකේතයයි.



පිහින පීනා රසෝඝේ
සරාගී විලේ රාත‍්‍රී යාමයේ
ඇගේ දෑසේ ප‍්‍රබෝදේ නුරා ගී
මැවේ...
ජීවිතේ...
යෞවනේ...        පේ‍්‍රමයේ...    මීවනේ...

”රසෝඝය” යනු රසය නමැති දිය පහර යන අර්ථය දේ ඔහුත් ඇයත් එක් ව ගත කරනු ලබන සුයාමය ඔහුට කෙතරම් සුන්දර රාත‍්‍රියක් ද යන්න ඉතා අලංකාරව මෙම පද පෙළින් මනාව ගලපා ඇත. ”පිහින පිනා තුළින්” ද රසය නමැති දිය පහරේ යන වචනාර්ථයෙන් ද ඔහුගේ මනස කුල්මත් කරවනු ලබන ඔවුන් දෙදෙනාගේ කායික මානසික රමණය තුළ පිනවමින් රාත‍්‍රිය ගෙවයි. ”රසය” යන්න තුළින් කෙතරම් රාගිකව හා ආදරණියව වෙළී ඇති ද කියතොත් ඔවුන් ජීවිතය දෙදෙනෙකු එකතු චීමේ ඇති රසය විදී එය කෙතරම් ද යත් රසය නමැති ගංගාව ඉතා ප‍්‍රචණ්ඩව ගලා යන මුත් එහි පීනා විනෝද වන තරමටම එය මිහිරිය. ව්‍යාංගාර්ථවත් පද සංකලනයක් යෙදීම තුළින් අදහස් මනාව තිවෘ කිරීමට සමත් වේ. ”ඇගේ දෑසේ ප‍්‍රමෝදේ” යන්න තුළින් කායික රමණයේ දී ඔවුන්ගේ ඇති සතුට, උනන්දුව, පිබිදීම ඇයගේ දෙනෙතෙහි ඇති රාගික ප‍්‍රබෝධය දැකීම ඔහු සිත තව තවත් රසය සොයා යෑමට ඇය කරනු ලබන ආරාධනාවක් ලෙසින් ඔහුට දැනේ. එය කෙතරම් සුන්දර ද යත් ඔහුට අනුරාගයේ ( නුරා යනු පස්කම් සැපය පිළිබද යන අරුත දේ* හි ඔහු සිත තුළ මවාලයි. මේ ඔහුගේ ජීවිතයයි. තාරුණ්‍යයේ  ආදරය, රාගය කැටි වු පස්කම් සැපයම විදගනු ලබන ආකාරය අලංකෘත ලෙස විෂද කරනු ලබයි. ඔහුගේ තාරුණ්‍යය පේ‍්‍රමය එමෙන් ම මෙය ඔහුට ”මී වන” හා සමවේ. ”මී වන” යනු විශාල වු වපසරියක පැතිරුණු සුන්දර දසුනකි.  ”මී පැණි” සෞභාග්‍ය අරුත ගෙන දේ. එකී රසය ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යට කෙතරම් වු රසයක් ඒ තුළින් විදහා දක්වනු ලවයි ද යන්න හැගවේ.


සීත මිහිදුම් වලාවෝ වෙළිලා
සදේ තාරකාවේ
මිහි තලාවේ තුසිතේ මැවේවා
හදේ...
ජිවිතේ
යෞවනේ ...  පේ‍්‍රමයේ ... මී වනේ...


ඔවුන්ගේ මනරම් ආලිනංගනය පරිසරය සුන්දරත්වය මත තව තවත් තිවෘර වන බවය. සද තරු වසා ගත් සීතල මීදුම වාළාකුළු වෙලි රාත‍්‍රිය තවත් පේ‍්‍රමයට ම සිත කැදවයි. ඒ තුළින් ඔහු ආදරයෙන් රාගයෙන් මුසපත් වී ඇයට තුරුළු වීමට සිත් දෙයි. ඇය හා එක්ව ගත කරකු ලබන රාත‍්‍රීය අමුතු ලොවක් මැවුවා සේය.  තුසිතය යනු දෙව්ලොවකි. නමුත් ඔහුට මේ මහ පොලව මතු පිට (මිහිතලාවේ ”මිහි” මහ පොලව යන අරුත ද දක්වයි* තුසිත දෙව්ලොව මිහිතලය මත බව සිත පිරී ඇත. ආලිංගනය අවසානයේ ඔහුට දැනෙන සතුට ”දෙව්ලොව” යන වචනාර්ථයෙන් අපුර්වත්වයෙන් රාගාන්විත පේ‍්‍රමයේ අර්ථය, සතුට සහෘද මනසක ආලිංගනයක් ඇති කරයි. ඔහුගේ ජීවිතය පේ‍්‍රමය තාරුණ්‍යයේ සුන්දරම සිදුවීම් ජාලයයි. පැණි මෙන් රසවත් සම්භෝගයක් ලෙස ඔහුට බොහෝ සේ දැනේ. ඔහුට දැනෙන මිහිරි ජීවිතය ඔහු අපුර්වත්වයෙන් අගය කරයි.
ආදරය සමග ගොඩ නැගෙන රාගය පේ‍්‍රමය සමගම ගොඩ නැගෙන්නෙකි. එකී සුන්දර ආලිංගනය මත ආදරයේ ඇති සුන්දරත්වය ලගා කරගනු ලබයි. ලිංගිකත්වයට අවතීර්ණය වීමට ඇය සතු ඇති සුන්දරත්වය, සිත ආදරය සහ රාගාන්විත සිතුවිලිවලින් අන්ධ වන අයුරු එකී කාර්යයට අවතීර්ණ වීමත් අපුර්වතම පද සංකලනයක් දැක ගත හැකිය. සිංහල භාෂා භාවිතයෙහි ඇති අපුර්වත්වය ගීතයේ අර්ථයන් වෙත සමීප කරනු ලබයි. ගීතයට බොහෝ වශයෙන් යොදා ගෙන ඇත්තේ පරිසර අලංකාරත්වයන්ය. පරිසර සුන්දරත්වයේ සමීපත්වය ලිංගික ජීවිත සාර්ථකත්වය සදහා අපුර්වත්වයෙන් යොදාගෙන ඇත. සුන්දර රාතී‍්‍ර අහස, සුන්දර දිය දහරාවන්, සීතල මිහිදුම්, වළාවෝ , තාරකාවෝ සහ මී වනය යන වචනාර්ථයන් තුළින් සුවබර පරිසරයක් ඔවුන්ගේ ආලිංගනයට සුව කැදවන බවයි. ආලිංගනයට සුදුසු පරිසරය සහ මානසිකත්වය, කායික සැහැල්ලූව නිර්මාණය කරගන්නා අයුරුත් පියවරෙන් පියවර සබදතා වෙත ඇරමුණු ගොඩ නැගෙන අයුරු සහ ජීවිතය ජීවත් කරවන අයුරු දනවයි. ඒ නිසාමයි ඔවුන්ගේ ජීවිතය යෞවනේ පේ‍්‍රමයේ මී වනයක් බවට පත්වන්නේ. ජීවිතයේ සුන්දර වු කාරණයක් අපුර්වත්වයෙන් යුත් පද සංකලනයත් සමග ගලපා ඇත.
මෙම සංගීත හැඩ පිළිබද බැලීමේ දී ”චාරු දේහේ නුරා මා දෑසේ මුවේ” ගීතයට ගීතමය පසුබිමින් වින්දනාත්මක පරිචයක් ලගා කරවමින් ගීතයේ භාවිතයට ගෙන ඇති හඩ මාධුර්වයක් එහි වින්දනයට සාර්ථකත්වයට උපරිම මෙහෙයක් කොට ඇත. සංගීත භාණ්ඩ භවිතයේදී ගීතයේ දී ගීතයේ අර්ථ තව තවත් ධ්වනිත කිරීමට හේතු විය.සංගීත භාණ්ඩ අතර,
තබ්ලාව
ී්ංදචයදබැ
ගෙජ්ජි
වයලිනය
ගිටාරය
රිදම් ගිටාරය
ස්වර මණ්ඩලය
තබ්ලාව සහ ගෙජ්ජි භාවිතය තුළින් ”සරාගි බව” නිරූපණය කරනු ලබයි. (චාරු ලතා දේහේ....* යුත් ස්ත‍්‍රිය නිසැකවම සරාගී විය යුතුය. වචනාර්ථයට ගැලපෙන අයුරින් සංගීත භාණ්ඩ යොදා ගැනීමේ සංගීතඥ්ඥ විශාරදත්වය හේතු වේ. මෙකී භාණ්ඩ භාවිතය හුදෙක් ඉන්දියානු ”කතක් නර්තනය” මගින් සිදු කරනු ලබන භාව ප‍්‍රකාශනයන්ට වඩාත් සමීප වේ. මන්ද යත් ”කතක් නර්තනය” තුළින් සාරාගි ස්ත‍්‍රි නර්තනය දෘෂ්‍යමාන වේ. එනම් ඉන්දියනු සරාගී ස්ත‍්‍රීන් (අභිසරිකා නර්තනය* තුළ ඉහත සදහන් ගෙජ්ජි සහ තබ්ලා භාවිතය දක්නට ලැබේ. එවැනි කතක් නර්තනයක් ”දෙව්දාස්” චිත‍්‍රපටයේ දක්නට ලැබේ.
මීළග සංගීත භාණ්ඩයක් ලෙස ී්ංදචයදබැ සහ වයලීනය තුළින් තීවෘ භාව ප‍්‍රකාශනයක් ලබාදිය හැකි බටහිර වාද්‍ය භාණ්ඩ දෙකකකි. වාතය මුසු කර ගනිමින් නිදහසේ ක‍්‍රියාත්මක වන වාද්‍ය භණ්ඩ ද්විත්වයකි. (අසබා සබිඑරමපැබඑ* ගායනයට පහසු වාද්‍ය භාණ්ඩ ද්විත්වයක්   :ීඑරසබට* වන මෙය අපූර්වතම භවයන් නිර්මාණයක් සදහා ගීතයට මනා අයුරින් දායක වී ඇත.
ගීතයේ වින්දනාත්මක ශක්තියකින් අපූර්වතම වූ සංයමයන් භාවිත කර තිබීම අපූර්වත්වයකි. ඒ සදහා ලීඞ් ගිටාරය භාවිතයේ දී එ්කාකාරිත්වයෙන් මිදුණු එනම් යම් චංචල ස්වාභාවයක් වාද්‍ය භණ්ඩය ඔස්සේ ලබාදෙනු ලබයි.
රිදම් ගිටාරය භවිතය ගායකයාට පහසුවක් ලබා දෙනු ලබයි. එනම් වාද්‍යයේ අඛණ්ඩභාවයත් සන ගීතයේ ජයදරාි වාදනය කිරීම තුළ එකී සරල භාවය ලගාකර ඇත. රිදම් ගිටාරයේ ඇති ලයන්විත හඩ හෙතුවෙන් ගීතයේ රාගික හැගීම් උද්දීපනය කරයි.
මෙහි ස්වර මණ්ඩලය පිළිබද සලකා බැලීමේ දී ”නැවතුම් භාවය” ගෙන දෙයි. ගීතයේ ”පූර්ව කොටස” තුළ මෙකී නැවතුම් භාවය දක්නට ලැබේ.
ගීතයේ ලය භාවිතය (ගීතයේ වේගය* මෙම ගීතයේ ලය මධ්‍යම භාවයෙන් යුක්තයි. මෙම ගීතයට ආභාෂය හින්දුස්ථානී ආභාෂයයි. එනම් උත්තර භාරතීය හින්දුස්ථානී ගීත ආභාෂය පුර්ණ වශයෙන් ගීතයට ලැබී ඇත. මෙම ගීතය සදහා මූලික වූ රාගයක් නැත. නමුත් මෙහි ශාස්ත‍්‍රීය ලක්‍ෂණ මොනවට පෙන්නුම් කරනු ලබයි.
ගීතයේ පද රචකයානන් පේ‍්‍රම කීර්තී ද අල්විස් සූරීන්ගේ පද සංකලනයෙන් බලපොරොත්තු වූ තේමාව සදහා වඩාත් සමීප වීමටත්, හැගීම් උද්දීපනය කිරීමටත් සංගීත කරුවාට හැකිවී ඇත. එනම් මෙහි සංගීතඥ්ඥ අමරසිරි පීරිස් ශාස්ත‍්‍රීය සංගීතයේ පරතෙර ස්පර්ශකොට ඇති හෙයින් ඔහු මෙහි ගායකයා වීමත් තුළ මෙහි අර්ථයත්, රසයත් රැුකීමට මනා ලෙස දායක වී ඇත. එතුමාගේ ගැඹුරු හඩ මෙම ගීතය ස්වාභවිකත්වය කරා රුගෙන යයි. එනම්, ඔහුගේ හඬේ ප‍්‍රබලත්වය ශ‍්‍රාවකයාට තව තවත් සිත් කැන්දයි.
ගීතයේ ලය ශක්තිමත් වීමෙන් අනතුරුව ගීතයට සංගිත කරුවානන් සංයමය ආරක්‍ෂා කර ඇති අයුරු (අන්තරා* අවසාන කොටසෙහි ”ලග්ගි” වාදනය කරන විට ඉතා සංයමයෙන් නියමිත මත‍්‍රා අනුව ගැයීම මෙකි සංයමය තුළ සංගීත කරුවාගේ ශික්‍ෂණය ප‍්‍රගුණ කරනු ලබයි.
මීළගට වාදන කොටස් හා ගීතාංග සැලකිල්ලට ගැනීමේදී මෙම ගීතය ගායනා කරනු ලබන්නේ :ෑ_ පසබැර ිජ්කැ* පිහිටා ගායනා කරනු ලබයි. ගීතයට අපූර්වතම තාලයක් එක් කරනු ලබන කෙහෙර්වා තාලය වඩා වැදගත් වේ. ගීතයේ මාත‍්‍රා හතරෙන් හතර ගමන් කිරීම තුළ අපූර්වතම ලයාන්විත බවක් සහ සංයමයන් ගීතයට ලබාදී ඇත.
ගීතයේ පූර්ව වාදනය අතුරුවාදනය :ෂබඑරදාමජඑසදබ* :ෂබඑැරකමාැ* දෙකම එකකි. වරින් වර සිදුවන ඊරු්න තුළින් චංචල භාවය පෙන්නුම් කරනු ලබයි. විටින් විට තබ්ලා වාදනය තුළින්  හතරෙන් හතර ගමන් කරන මාත‍්‍රා වලින් පසුව විවිධ හැඩතල වෙත ගමන් කිරීමක් දක්නට ලැබේ.
ගීතයේ හැඩ රුවට අනුව මෙහි පූර්ව, ස්ථායි, අතුරු, අන්තරා යනුවෙන් කොටස් හතරකට බෙදා වෙන්කර ඇති අතර පූර්ව කොටස යනු ගීතයේ ගායකයාට පෙර පවතින කොටසත්, ස්ථායි කොටස  යනු පූර්ව කොටසින් අනතුරුව හමුවන ගායනයත් ය. මෙහි අතුරු කොටස් ලෙස ගීතයේ විරාමයන් ගත හැකිය. අන්තරා කොටස ගීතයේ අවසානය පිළිබිබු කරන ගායන කොටස වේ. මෙහි සථායි හා අන්තරා කොටස් දෙක ගීතාංග වශයෙන් පවතී.
ගීතයේ අවසානය කරා ලගා වීමේ දී තබ්ලාවෙන් ”ලග්ගි පද”  වාදනය කිරීමත් දක්නට ලැබේ. ඒ තුළ දැඩි චංචලකාරී ස්වාභාවය උත්සන්න වීමත් පෙන්නුම් කරයි. එසේනම් ඒ කුමක් දැයි විග‍්‍රහ කර බැලීමේ දී සරාගී භාවයේ අනුලෝමව ගමන් කිරීමේ කූටප්ප‍්‍රාප්තිය පෙන්නුම් කරනු ලබයි. මෙහි එන සියල්ලක් ද කතක් නර්තනය හා බැදේ.
මේ අනුව ගීතයට උපරිම සාධාරණයක් සිදුකිරීමට රචකයානන් වු පේ‍්‍රම කීර්තිද අල්විස් සුරීන් ද, සංගීතය යෙන් සහ ගායනයෙනුත් මනා ලෙස දායක වු අමරසිරි පීරිස් මහතානන් ගීතයේ අර්ථ රසයත් ශබිද රසයත් මනා ලෙස ආරක්‍ෂාකර ඇත.






Thursday, 26 April 2018

මනුස්සකම



සංකීර්ණ සමාජ පරිසරයන්  සමග උරෙනුර ගැටෙන මිනිසාට විවිධ වු පුද්ගල කණ්ඩායම්, විවිධ ආයතන සහ විවිධ ඉගෙනුම් කණ්ඩායම් සමග ගනුදෙනු කරන්නට සිදුවේ. ඔය අතරෙදි තමයි අපේම කියලා සලකන අපේ ම ජාතියේ උන්, අපේ ප‍්‍රදේශයෙන් ගිය උන්, අපේ ගමෙන් ගිය උන් අපිට මුණගැහෙන්නේ ඒ වගේ පුද්ගලයන් බොහෝ දෙනෙක් හමුව ඇතත් ඔවුන්ගේන් උපකාරයක් ලබාගැනීම ඉබ්බාගෙන් පිහාටු ගන්නාක් වැනිය. දිනක් යම් ආයතනයකට ගිය මට ‘ඔය නංගි කොහෙද’, ‘එතකොට ඔය නංගි කොහෙද’ කිය කියා අසාගෙන විත් ඔන්න මගෙනුත් අහනවා අවසානෙට ගමේ නම කිව්ව සැනින් ‘මමත් ඒ පැත්තෙනි’ යැයි කියන්නේ මුළාදැනි මෙන්, සැනසුම් සුසුම් ලත් මා ‘අනේ හොදයි’ යැයි, පවසනුයේ නිහතමානිවයි. අපේ පැත්තේ නම් වැෙඩි කරලා දේවි යැයි සිතා මමත් ආඩම්බර වුනා ඔන්න, ටික වේලාවකින් එම පුද්ගලයා ‘අපෝ එහෙද’ යැයි කියා සමච්චලයට මා දෙසා බලා මා ගොෙඩි යැයි සගවන වචනයකුත් කියා මගේ මිත‍්‍රයන් සමග ඔහු ද හරි හරියට සිනාවිය. කරගෙන යාමට පැමිණි රාජකාරිය කර අවසන් වන තුරුම මට ඔහු ඇනයක් විය. ඔහු එතන ප‍්‍රධානියා නොවුවාද ප‍්‍රධානියා මෙන් කටයුතු කරන්නට විය. මගේ රාජකාරිය අවසන් වන තරුම මා දෙස බැලූවේ හොර වැඩකට පැමිණි හෙරක් ලෙසය. මිත‍්‍රයන් ද විශ්මයෙන් මා දෙස බැලූවේ ඔහුගේ ඒ කි‍්‍රයාව දැකීමෙනි ඔවුන් තුළ ද ලත් කලකිරීමෙනි. එකී කි‍්‍රයාවලිය  මම නම් දුටු පමණින් සිතුවේ ඉගීනීමෙන් ලත් රුකියාවක් නොවන බවය. අපේ ම උන් අපිට ම වල කපන්නේ මෙහෙමයි. කසේරුකාව ඉදිමුණාට ඔවුනුත් මිනිස්සු තමන්ටවත් අවංක නැති මිනිසත්කම තවකෙකුට පිරිනමන්නේ කෙසේ ද යන්්න මට ඇති ගැටලූවයි. අපේ අටේ බොහෝමයක් මිනිස්සුන් ට ඔලූවක් තිබුණට මොළය ඉදිමිලා, සිතක් තිබුණට එය මුදලට ධනයට, බලයට උකසට තියලා, කොන්දක් තිබුණට ඒකත් උජාරුවට ඉදිමිලා. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවටයි, එහෙවු ජාතියක සංහිදියාව උගහට තමා තුළ සාමය පසුව අනෙකා තුළ සාමය තමා කවුද කියා හදුනන්නේ නැති ගෝති‍්‍රක යුගයට එහා ජීවත් වන හිතක් පපුවක් නැති කුහක ජාතියක් වුනේ කොහොම ද, අපේ රට, අපේ ජාතිය, අපේ ගම, අපේ කම සහ අපේ ආගමක් හදුනන්නේ නැති ජාතියකට සංහිදියාව වචනය ලගින්වත් තියන්න පුළුවන් ද අම්මපා, තමන්ගේ එකෙක් අමාරුවෙන් ඉහලට යනකොට කකුලෙන් අදිනවා නම්, එකිනෙකා උදවු කරගැනීමට මැලි අමන ජාතියක් නම් ‘සංහිදියාව’ හුදෙක් වචනයකට සීමා කරමු. මුලින් තමා ආදර්ශයට ගෙන රටට රටේ ජානතාවට ආදරය කරමු. මනුස්සකම් කුණු කොල්ලේට නොවිකුණා කරුණාව, දයාව, තවකෙකුට ගරු කිරීමට, උදවු උපකාර කරන්්න ඒ වගේ ම පෙරළා කෙළෙහිගුණ දක්වන ජාතියක් වෙමු. ඉදිමුණු මොළගෙඩි, ඉදිමුණ කසේරුකා දිග හැර කරුණාවන්ත හදවතකින් ලොව දකින්න පුරුදු වෙමු. තමන්ගේ එකාව උස්තැන්හි තබන අනිකාට සෙවණැල්ලක් වන ජාතියක් වෙමු.   



                                                                         චලනි කරුණාතිලක
                                                                         කැලණිය විශ්වවිද්‍යාලය 
   

පොෂ් වී රොස් වීම



ගොඩාරියක් කොල්ලෝ කෙල්ලෝ හිතන් ඉන්නේ පොස් වුනාම ඒ අය තරම් වැදගත් අය කවුරුත් නෑ කියලා. ලස්සන කෙල්ලෝ කොල්ලෝ හිතන් ඉන්නේ තියෙන විදිය ඉන්න විදිය වෙනස් වුනාම කතාකරන විදිය වෙනස් කරාම ගොඩාක් අය වැදගත් ලූ. කෙල්ලෝ කොණ්ඩෙ වනන්නේ වැදගත් කමට එහා ගිය විඥ්ඥානයකින් උනාට අනිත් කෙල්ලෝ කොල්ලෝ දිහා බලන්නේ නම් වපරින් වගේ මොකද ගොඩාක් අය වැදගත්කම පෙන්වන්නේ මවාගත් කතා බහෙන් මවා ගත් අදුමෙන් පැලදුමින් කොණ්ඩ මෝස්තරෙන් විතරයි. හැදියාව සිලාචාරකම නම් ප‍්‍රාථමික අවධියේ ය. පොස් ඇත්තෝ ටිකක් උඩින් යන්නේ ඔවුන්ට වැජබෙන්නට ඇති එකම ආභරණය නාඩියට එහාට මෙහාට නොවැටෙන නොනැමෙන කෙහෙrලිය. ඇතැම් අය බාගෙට පොෂ් ය ඔවුන් තවකෙකු දෙස බලා අපෝ මොකද්ද අනේ ඔය ඇදල ඉන්න විදිය. අපෝ ප්ජයසබට නෑනි ඔය වගේ අල්ලාප සල්ලාප ගොඩාරියක් අතර මැද අසරණ වෙන අය නම් එමෙටයි. මිනිස්සුන් තවකෙකු මනින වැදගත් ම මිනුම් දන්ඩත් මේකයි. බුද්ධිමත් බව ඇති හැකි බව සමාජ ස්ථාවරය සමාජ ජාල භාවිතය,ීප්රඑ චයදබැ එකක් භාවිතා කිරීම වැදගත්කම මනින මිනුම් දඩු අතර වේ. ඇදුම පිළිවෙළට නැත්නම්, සමාජ ජාල භාවිතයෙක් නොවේ නම්  එයාව නම් හිගන්නෙක් තරමට සලකයි. තමන් ජීවත් විය යුත්තේ සමාජයේ අනෙකා ජීවත් විය යුතු අන්දමටයි. ඒ කියන්නේ දැන් ්චචකැ චයදබැ එකක් තිබේ නම් චදිය  අය අතර චදිය  වේ. ඇතැම් මිනිස්සු තමන් කරන වදඉ එකේ තරම පෙන්වන්නේ ඇදුමෙන් මෙන්ම කැඩුණු ඉංග‍්‍රීසි භාෂාවෙන් ය. පොෂ් නැත්තෝ ගොඩයෝ වෙති. ජ්පචමි එකේ ගොඩයෝ සහ කසබැ දෙන අය ලෙස වර්ගයන් දෙයාකාරයකි. කසබැ දෙන්නේ නම් චදිය අයයි. ගොඩාක් කොල්ලෝ චදිය වෙන්නේ ිසං ච්ජන හදාගන්නයි. ඇදුමේ මෝස්තරය ගැන හිතන්නැතත් කොණ්ඩෙයි රුවුලයි යහමින් යැවීම පොෂ් සංස්කෘතියේ එක් වෙනසකි. ඒ කොණ්ඩය පාට කිරීමත් එක් මොස්තරයක්, විවිධ මොස්තර වලට කොණ්ඩය කැපීමත් පොස් කමයි. බලන් ඉන්න අයට නම් එක වානර යුගයේ ගෝත‍්‍රික යුගය නියෝජනය කිරීමකි. ගොඩක් අය පොෂ් වෙන්න වඩාත් සුදුසු ම සාධකය සුදු හමක් ලැබීමයි. සුදු වෙන්්න හදන කෙල්ලෝ වගේම කොල්ලොත් කැමති. ස්වභාවික ලස්සන සම කොණ්ඩය හැඩවෙන තාරුණයට මහත් සම්පතක් නමුත් එහි සීමා මෙන්ම පරාසයන් අතර නොගැලපීම් ඇත. පොෂ් වීම විටෙක රොස් වීමකි. පොස් වී හැති වැටෙන තාරුණ්‍යයට අවසානයේ දී ස්වභාවික සුන්දරත්වයත් අහිමි වි රොස් වීමට සිදුවීම නම් කනගාටුවට කරුණකි.


                                                                                                                   
චලනි කරුණාතිලක
                                                    




කම්කරු දිනයට පෙරවදනක්








                                                                                  
මිනිස්සුන්ගේ සතුට සොයන ජිවිතයට මුදල් ඛේදවාඡුකයක් බවට පත්ව
ඇත. මුදල සහ ජීවිතය අතර පවතින සතුට තාවකාලිකයි බව දන්නේ සුළු පිරිසකි. මුදල් ජීවත්විමේ සාධකයක් විනා රැුස්කරගත යුත්තක් නොවේ. ලෝකයේ බොහෝ දෙනෙක් වැජබෙනුයේ සතුටට වඩා මුදල පසුපස පන්නමින්ය. අපේ රටේ ලොකු ලොකු යැයි හගවන පිරිස් ද මුදල කර පින්නාගත් ණය වී හෝ සුඛෝපභෝගි රථයක යන උදවියයි. මේ අය කොයි දේටත් මුදල් විසිකරනුයේ නොසිදෙන ධන ආකරයක් පහල වුනාක් මෙනි. කොයි දේටත් විසි කරන මුදල මොකක්දෝ පිනකට දානයකට ද පිරිනමයි. කොහොම වුනත් දනට පිනට නැමෙන්නේ නාමය බලවත් කරගන්න විනා ඉන් ලබන තෘප්තියකට නෙමෙයි. ධනය සමග කරට කර බලය එක්කාසු කිරීම නියම කටගැස්මක් යැයි නිතර සිතති. මොකද බලයට සියල්ල දන ගැස්විය හැකි බවයි. එකී ධන ගැස්විම ඉදිරියේ තවකෙකු නිවටයන් මෙන් දන ගසන්නේ නම් එයයි බලයේ අසීමිත සතුට,මෙම කාරණාව සමග අතෘප්ත කර සමාජ ආකල්ප මෘග්ධ සමාජයක් වටා ඒකරාශී වි ඇත. ධනය තුළ ගොඩ නැගෙන බලය රැුකගන්න බොහෝ පිරිස් උත්සහ කරනුයේ අසීමිත තේජවන්ත බවකිනි. තමාගේ ආරක්‍ෂාව තමාට සපුරා ගත නොහැකිව තවකෙකුගෙන් අධි ආරක්‍ෂකත්වය අපේක්‍ෂා කරනුයේ එම නිසා නොවේ ද, එහෙම ආරක්‍ෂකත්වය පිරිවරා සිටීම ඔවුන් සලකනුයේ ගරුනම්බු පිදීමක් ලෙසය. තවත් පුද්ගයෙක් තවත් පුද්ගලයෙක් ආරක්‍ෂා කිරීම දේශයක බලය පෙන්විමක් නොව පුද්ගලයෙක් තුළ හට ගන්නා මමත්වය රුකගැනීමක් , බලය ඉදිරියේ දෙකට නැමෙන ජාතියක් බිහි කිරීම හෝ අනාරක්‍ෂිත රටටක් බව ඒතතු ගැන්විමකි. ප‍්‍රභූ පුද්ගලයින් ආරක්‍ෂා කරන දිළින්දා නොසලන රටක් යැයි ඒත්තු ගන්වනුයේ  රටේ ජීවත්වන පුද්ගල භූමිකාව අනුවයි. රටක ජීවත්වන ප‍්‍රභූයැයි සම්මත පැළැන්තිය වටා පෙළගැසෙන්නෙත් මිනිස්සු මය නමුත් ඒ පින්තකා නොව රාජ්‍ය සේවය පිණිසයි. එකී ධනයත් බලයත් මුල් කරගත් සමාජ ක‍්‍රමය මිනිසා විසින් ඇතිකරගනු ලබන විනාශයකි. මධ්‍යයම ප‍්‍රාන්තික මිනිසාත් ප‍්‍රභූ පැළැන්තියේ ඉදුල් කට ගාමින් සිටී. උසස් යැයි හගවන්නේ බුද්ධියෙන් විනා ඇදුමෙන් වාහනයෙන් නොවන බව වැජබෙන තමන්ටත්, තමන්ගේ ස්වාමියාගෙන් වැජබෙන බිරින්දෑවරුන් ද දුවට ද පුතාට ද වරිගේ හත්මුතු පරම්පරාවටත් කාරුණිකව මතක් කර දෙන්නෙමි. සමාජය තුළ කි‍්‍රයාත්මක වන විෂමාකල්ප මැද ගෙවෙන ජීවිතයන්හි එක් පරිච්චේිදයක් පිළිබදව හෝ කතාවට ලක් වෙනවාද, උජාරුවට පාරම්බන මැයි දිනය තුළින් හුදෙක් කම්කරුවාගේ ප‍්‍රශ්ණ දෙස බලනවා නොව තවකෙකුගේ මමත්වය හෝ බලය ඉස්මතු කරවිම කම්කරු දිනයේ ඒකායන අරමුණ විය. තවකෙකු තලාපෙලන බලාත්මක අරගලයකි කම්කරු දිනය . සැබෑ කම්කරු දිනයක සෙවනැල්ල සොයන කම්කරු දිනයේ ඛේදවාචකය ප‍්‍රභූ යැයි පිරිසෙහි පාලන ආධිපත්‍යයට යටව ඇත.
                                                                   
                                                            චලනි කරුණාතිලක
                                                            කැලණිය විශ්වවිද්‍යාලය

Tuesday, 23 January 2018

කතිරයට පෙර

                                         






දේශපාලන ඇත්තෝ හරි හරියට මංගල කටයුත්තට සුදානම් වෙතිි. මිනිසුන්ගේ දුක හදුනන ජාතියේ උතුමන් පිරිසකි. ඔන්න දැන් හැමෝම එයාලගේ අළුත් වෙස් මහුණුත් ඔප කරගෙන වස්දොස් හැර බලා ඉන්නේ ලග එන තොයිලෙට හොද අඩවුවක් අල්ලන්නම් කියාය. කාලෙකට පස්සේ වාසියක් පසුපස හඹා යන ඇතැම්හු කාරිය කෙරෙන තුරු තමයි රුවටිල්ල. තොයිලෙන් පස්සේ හැමෝම එකිනෙකා නොහදුනති. ඒක තමයි පුදුමය මේ තොයිලේ. කැපුවත් රතු, කොළ, නිල් යන පාට  කියන හැමෝම පාට මාරු කරන්නේ කාටත් නොදැනෙන ලෙසයි. කටුස්සන් මෙන් පාට මාරු කරන ඇතැම්හු ජාතියේ උතුම් පෞර්ෂත්වය ලෙස සලකති. ඔවුන් දෙසා බාන ෙබිගල් නම් අඩුවක් නෑ අපිත් ඉතින් නොදැනුනා සේ  ඔවුන්ව උස්තැන තබයි. මෙවර කාන්තා නියෝජනය අමුතුවෙන් ගල එළි බසී. කාන්තා දේශපාලනයේ හුදෙක් උදාසීන මට්ටමක පවතී. ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුවද ඔවුන් හුදෙක් දේශපාලනය පිළිබද දැනුමක් නොමැති හුදු නියෝජනක් පමණි. කෙසේ වෙසත් අපේ ප‍්‍රශ්ණ විසදන ඔවුන්ගේ කාර්යයභාරය විය යුත්තේ රට අගතියට පත් නොකරන නුසුදුස්සන්ට හොර රහසේ රැුකියා ලබා දෙන සුදුස්සෝ තලා පෙලා නොදමන්නම් විය යුතුය. කකා බිබී රටට වින නොකරන සෑබෑ නායකයකු ගුණගරුක නායකයෙකු වේ නම් යෙහෙකි. වැල යන අත මෙස්ස ගැසීම බොහෝ දෙනා කරනු ලබන්නකි. වැල යන අත මැස්ස ගැසීම දේශපාලනයේ රුවටිල්ල මුලිනුපුටා දැමීම සදහා ඡුන්ද අපේක්‍ෂකයන් පමණක් නොව ඡුන්ද දායකයන්ද වංක භාවයට පාර කැපීම නොකල යුතුය. බොහෝ ඡුන්ද අපේක්‍ෂකයින් අවංක නොවන්නේ බල ලෝබයෙන් එහා ගිය ධන ලෝභය මුල් කරගෙනය. වේදීකාවක් මත ගිරිය කඩන් බෙරියන් දෙනවට වඩා නිහඩ ගුණ ගරුක සේවය  හිස නමා අගය කළ යුතුය. රට තුළ පවතින ආරථිකමය සමාඡුීය දේශපාලන ගැටළු විසදීමේහි ලා දේශපාලන බලපරාක‍්‍රමයේ අවධානය යොමු වේ නම් රට ද පුද්ගල කි‍්‍රයාකාරකම් ද නිරාකරණය වීම රටේ ඉදිරි ගමනට ශක්තියක් වේ. එසේ නම් තම මඩිය තර නොකර රටේ සංවර්ධනයත්, අභිවෘද්ධියත් පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. කෙසේ නමුත් ඡුන්දය පාවිච්වි කරපු අයයි නොකරපු අය බොහෝ දෙනෙක් වාසි බලාගනයි කතිරේ ගහන්නේ කාරි නෑ මොකද මහජන නියෝජිතයෝනි. වැල යන අතටයි ජනතාව මැස්ස ගහන්නෙත්, පැටලූණ නූල් බෝලය වගේ පක්‍ෂ කලවන් වුන ඡුන්දය දැමීමේ දී කවුරුත් සැළකිලි මත් විය යුතුය. දැන් සියලූ පාට පක්‍ෂ මාරු වී වර්ණ විපර්යාසයකට පත්ව ඇත. ඡුන්දය පාවිච්වි කිරීමේ දී බුද්ධිමත් අයුරින් කටයුතු කිරීම ඔබ සතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් උල්ලංඝනයෙන් එහා ගිය සහපත් මැතිවරණ කි‍්‍රයාවලියක් සදහා හීන මානයෙන් එහා ගිය විවෘත අදහස් හෙළිදරවු කිරීම සියලූ ඡුන්ද දායකයින්ගේ විනිවිදභාවයයි. හුරන් කන විකුණන් කන දේශපාලනයක් නොව සදාචාරත්මක අවංක දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීම පවතින්නේ නියෝඡුිතයින් තොරනු ලබන ඔබයි. කතිරෙට පෙර ඔඛේ මානය ට හිතීමට ඉඩක්    

රන් කිර අම්මේ





කට ගෑ රන්කිර
ණය ගැති  සක්වලය තරම්
පිළුණු දෙතනේ
සෙනේ තිබුණද 
මහ මෙර තරම්
විශ්වයේ වෙන යමක් ඇත්ද
මවු සෙනේ තරම්
වියලූණු පොලෝ ගැබ
දිනෙක සිප ගනී 
නැවුම් වැසි දියෙන්


Thursday, 11 January 2018

තාක්‍ෂණිය හැඩරුව

හැඩකල තාක්‍ෂණයේ වල්මත් වු පිරිසකගේ තික්‍ෂණ බුද්ධියට ආමන්ත‍්‍රණය කිරීම උගහට නමුත් බොහෝ දෙනාගේ සමීපතම සබදතා අන්තර්ජාලයට සීමා වෙලා අම්මත් Face book තාත්තත් Face book ගෙදර දරුවත් Face book සමාජයේ දුරස්ථ ඛෙදවාචකයක් ඇරබීමට මත්තෙන් එයට පිළියම් යෙදිය යුත්තෝ අපිම ය. දෙමවුපියන් දරුවන්ට උපන් දින සුබ පතන්නේ ද Face book මගින් නැතහොත් අන්තර්ජාලය මගිනි. කාර්යයබහුල මිනිසුන් ද නිකරුණේ සිටින මිනිසුන් ද ඒකාකාරී ජීවිත රටාවේ සැනසුන් සුසුමක් ලබනුයේ Face book මගිනි. නමුත් කාලය රවටා ගැනීමක් මෙන්ම ඔවුනොවුන් රවටා ගැනීමකි. සෑබෑ මිතුරා සොයන්නේ likes comments මතය සැබෑ ආදරය සොයන්නේ මුදල සහ රූපය මතය. රැවටිලිකාර ආන්දොලනාත්මක සමාජයක් නිරතුරුව ගොඩ නගයි. මෙකී පලහිපවුවේ පැටලෙන අයට ඉන් මිදීමට නොසිතේ. මදක් සිතුවාද Smart phone එක නොමැතිව කොපමන වෙලාවක් සිටිය හැකි ද යනවග නමුත් ඔය Smart phone එක නොමැති දවසත ඔබ මානසික රෝගියෙක් වෙනවා නොඅනු මානයි. මොකද දෛනික ජීවිතයේ මෙන්ම ශරීර අංගයක් වි ඇත. කන්න බොන්න යන තැනත් likes එකක් comments කරන තුරු සිහියක් නැති ඔබ එයට වැටෙන likes ගනනට වැඩිය comments ගනන අපේක්‍ෂාවෙන් කන්න බොන්න ගත්ත දෙත් smart phone එකට සීමා කොට comments වලින් බඩ පුරවා ගනී. දිනෙන දින අපුරුcam වලින් photo uploard


කර ඒවා ලසස්නයි කියන තුරු බලා හිදී මන්ද මිනිසුන් ජීවත් වන මෙම යුගය දෙස බැලීමේදී මෙය වානර යුගයටත් එහා ගිය බුද්ධිහීනතාවයකි. සැබෑ ජීවිත කඩතොලු වු සමාජයේ බුද්ධිමය ආමන්ත‍්‍රණ උගහට පතපොතික් ලද දැනුමට තර්ක මතු කරන තාරුණයය හීනය. සමාජයේ කුඩා දරුවාගේ සිට තාක්‍ෂණික දැනුම ඉහල ගිය මුත් තර්කනය හා සිතීම පිළිබද ඇත්තේ අනුවණ අදහස් ය. පොත පතින් ලද දැනුමෙන් මහා ලොකු උපාධි අහස උසට නමුත් ඔවුන් සමාජ දැනුමෙන් අවම ය. දිනුම් කනුව යැයි සිතා හති වැටමින් දුවන්නේ ත්‍ඉ එකෙන් සමාජයේ වැජබෙන්න නොවේ ද මිනිසුන් සිතත සීමාව තාක්‍ෂණයත් සමග සීමාවෙලා තමා හා නොපෙනෙන ලෝකයත් එක්ක ගනුදෙනු කරනු ලබයි. බොහෝ දෙනා ලෝකය සමාජය ත්‍ඉ එකෙන් දකිනවා විනා ඉන් ඔබ්බට සමාජ ගැටලූ නොදකී. සමාජ ජාලා බොහොමයක සිදුවන්නේ කණ වැල අල්ලාගෙන යාමකි. තමනගේ මතයට ගැලපේ නම් එය ීය්රු වේ. එහි එතුළාන්තය හෝ සත්‍ය අසත්‍ය බව පිළිබද සීමා වේ. නමුත් මෙහි වැදගත් දේ නැතුවාම නොවේ. වැදගත් දේ පිටුපස ඇත්තේ හුදෙක් සමාජ ජාලා මාධය තුළ හුදකලා කරවන ආත්ම ගනුදෙනුවකි. තමා සිතන දේ නිවැරදි බව ස්වයං අර්ථකථන වලට ගැතිකම් ඇති පිරිස් නිර්මාණය මේ හරහා සීග‍්‍රයෙන් වර්ධනය  වේ. එක් අතකින් මුලින් සදහන් කළ පරිදි පවුල් සංස්ථා දෙදරා යාමත් පවුල තුළ එකිනෙකා හුදකලා වීමත් මුරණ්ඩු චර්යයා තුළ දරුවන් නොමග යාමත් අයහපත් ප‍්‍රතිපල අතරට ගැනේ. නමුත් සමාජයේ තාක්‍ෂණයෙත් තොර ඉදිරියක් නොමැත යන්න අර්ථකථන කළ හැකිය. එකී තාක්‍ෂණය එක් අතකින් ආන්දොලනාත්මක පක්‍ෂයක් නියෝජනය කිරීමත් තවත් අතකින් විනාශයක අභිමුඛයට පැමිණීමටත් හේතු සාදක 2 කි. එකක් තක්‍ෂණයේ ඒකාකාරි හැඩරුව තොරා ගැනීමත් එයිනුත් සමාජ ජාලා මාධය පිළිබද ඇති දැනීමෙහි අවමතාවයයි. තාක්‍ෂණය අවම භාවිතය සහ නිවැරදි භාවිතය ඔබ සහ අප සැමට නිවැරදි ජීවන රටාවක්්, කාල කළමනාකරණයත්, අර්ථවත් තාක්‍ෂණික භාවිතයට මග පාදයි. බොහෝ දෙනා හැල්මේ දුවනු විනා සමාජය සමග සහබන්ධුත්වය ගොඩ නගන සමාජ ජාලා භාවිතය අවම කිරීමට පියවර නොනැගීම සමාජ සබදතා දුරස්වීම් සහ පළුදුවීම් වලට හේතු වේ.