hand embroider දන්වැල් මැස්ම භාවිතයෙන්
විසිතුරු නිර්මාණකරණය තුළ බොහෝමයක් කාන්තාවන් උනන්දුවනවා සේම පහසුවෙන් විසිතුරු නිර්මාණයක් කරගැනීමට උනන්දුවක් දක්වයි. සාම්ප්‍රදායික ආකාරයේ සිතුවම් සදහා විසිතුරු නිර්මාණකරණය සිදුකරන ආකාරය මෙසේය. මුලික වශයෙන් මෙම විසිතුරු නිර්මාණකරණයේ දී යොදා ගනු ලබන රෙදි විශේෂය පිළිබද සැලකිලිමත් විය යුතුය. ලිනන් රෙදි වර්ගය භාවිතයට ගනු ලබන්නේ ඉදිකටුව පහසුවෙන් හසුරුවා ගත හැකි බැවිනි. ඒ වගේ ම භාවිත නුල් පිළිබද සලකා බැලීමේ දී කැරලි නුල් මෙන්ම වුල් නුල් ද භාවිතයට ගත හැකිය. කැරලි නුල නම් පොටවල් 6 ම භාවිතයෙන් වඩාත් අලංකාර නිර්මාණයක් කරගත හැකිය. මෙහිදී භාවිත නුල් මත අලංකාරය අඩු වැඩි වීම සිදුවේ. මේ සදහා වඩාත් යෝග්‍ය ඉදිකටුවක් තෝරා ගැනීම සුවිශේෂි වේ. ටැපැස්ටි‍්‍ර නම් ඉදිකටු වර්ගය නිර්මාණය සදහා යෝග්‍ය වේ. මෙය දන්වැල් මැස්ම මුලික කරගත් අලංකාරයකි.
මුලික වශයෙන් කළු ලිනන් රෙද්ද මත සුදු නුල භාවිතය අලංකාරයක් එක් කරන අතරම එය වඩාත් උචිත වන්නේ ලියවැල්, නැට්ටුවෝ, සීගිරි අප්සරාවන්, කුවේණි මෙන්ම මොනාලිසා වැනි සාම්ප්‍රදායික සිතුවම් හැඩ ගැන්විම සදහාය.
ඒ වගේම ලිනන් රෙද්ද නොමැති අවශ්ථාවකදී අයිලා රෙද්ද භාවිත කළ හැකිය. මෙම නිර්මාණය සදහා වෙනත් මැහුම් ක්‍රම ද භාවිත කළ හැකිය.
මැහුම් උපදේශිකා
සජානි කොඩිකාර
සංස්කෘතික මධ්‍යස්ථානය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment
අදහස්