දේශපාලන ඇත්තෝ හරි හරියට මංගල කටයුත්තට සුදානම් වෙතිි. මිනිසුන්ගේ දුක හදුනන ජාතියේ උතුමන් පිරිසකි. ඔන්න දැන් හැමෝම එයාලගේ අළුත් වෙස් මහුණුත් ඔප කරගෙන වස්දොස් හැර බලා ඉන්නේ ලග එන තොයිලෙට හොද අඩවුවක් අල්ලන්නම් කියාය. කාලෙකට පස්සේ වාසියක් පසුපස හඹා යන ඇතැම්හු කාරිය කෙරෙන තුරු තමයි රුවටිල්ල. තොයිලෙන් පස්සේ හැමෝම එකිනෙකා නොහදුනති. ඒක තමයි පුදුමය මේ තොයිලේ. කැපුවත් රතු, කොළ, නිල් යන පාට කියන හැමෝම පාට මාරු කරන්නේ කාටත් නොදැනෙන ලෙසයි. කටුස්සන් මෙන් පාට මාරු කරන ඇතැම්හු ජාතියේ උතුම් පෞර්ෂත්වය ලෙස සලකති. ඔවුන් දෙසා බාන ෙබිගල් නම් අඩුවක් නෑ අපිත් ඉතින් නොදැනුනා සේ ඔවුන්ව උස්තැන තබයි. මෙවර කාන්තා නියෝජනය අමුතුවෙන් ගල එළි බසී. කාන්තා දේශපාලනයේ හුදෙක් උදාසීන මට්ටමක පවතී. ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුවද ඔවුන් හුදෙක් දේශපාලනය පිළිබද දැනුමක් නොමැති හුදු නියෝජනක් පමණි. කෙසේ වෙසත් අපේ ප‍්‍රශ්ණ විසදන ඔවුන්ගේ කාර්යයභාරය විය යුත්තේ රට අගතියට පත් නොකරන නුසුදුස්සන්ට හොර රහසේ රැුකියා ලබා දෙන සුදුස්සෝ තලා පෙලා නොදමන්නම් විය යුතුය. කකා බිබී රටට වින නොකරන සෑබෑ නායකයකු ගුණගරුක නායකයෙකු වේ නම් යෙහෙකි. වැල යන අත මෙස්ස ගැසීම බොහෝ දෙනා කරනු ලබන්නකි. වැල යන අත මැස්ස ගැසීම දේශපාලනයේ රුවටිල්ල මුලිනුපුටා දැමීම සදහා ඡුන්ද අපේක්‍ෂකයන් පමණක් නොව ඡුන්ද දායකයන්ද වංක භාවයට පාර කැපීම නොකල යුතුය. බොහෝ ඡුන්ද අපේක්‍ෂකයින් අවංක නොවන්නේ බල ලෝබයෙන් එහා ගිය ධන ලෝභය මුල් කරගෙනය. වේදීකාවක් මත ගිරිය කඩන් බෙරියන් දෙනවට වඩා නිහඩ ගුණ ගරුක සේවය හිස නමා අගය කළ යුතුය. රට තුළ පවතින ආරථිකමය සමාඡුීය දේශපාලන ගැටළු විසදීමේහි ලා දේශපාලන බලපරාක‍්‍රමයේ අවධානය යොමු වේ නම් රට ද පුද්ගල කි‍්‍රයාකාරකම් ද නිරාකරණය වීම රටේ ඉදිරි ගමනට ශක්තියක් වේ. එසේ නම් තම මඩිය තර නොකර රටේ සංවර්ධනයත්, අභිවෘද්ධියත් පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. කෙසේ නමුත් ඡුන්දය පාවිච්වි කරපු අයයි නොකරපු අය බොහෝ දෙනෙක් වාසි බලාගනයි කතිරේ ගහන්නේ කාරි නෑ මොකද මහජන නියෝජිතයෝනි. වැල යන අතටයි ජනතාව මැස්ස ගහන්නෙත්, පැටලූණ නූල් බෝලය වගේ පක්‍ෂ කලවන් වුන ඡුන්දය දැමීමේ දී කවුරුත් සැළකිලි මත් විය යුතුය. දැන් සියලූ පාට පක්‍ෂ මාරු වී වර්ණ විපර්යාසයකට පත්ව ඇත. ඡුන්දය පාවිච්වි කිරීමේ දී බුද්ධිමත් අයුරින් කටයුතු කිරීම ඔබ සතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් උල්ලංඝනයෙන් එහා ගිය සහපත් මැතිවරණ කි‍්‍රයාවලියක් සදහා හීන මානයෙන් එහා ගිය විවෘත අදහස් හෙළිදරවු කිරීම සියලූ ඡුන්ද දායකයින්ගේ විනිවිදභාවයයි. හුරන් කන විකුණන් කන දේශපාලනයක් නොව සදාචාරත්මක අවංක දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීම පවතින්නේ නියෝඡුිතයින් තොරනු ලබන ඔබයි. කතිරෙට පෙර ඔඛේ මානය ට හිතීමට ඉඩක්
Tuesday, 23 January 2018
රන් කිර අම්මේ
කට ගෑ රන්කිර
ණය ගැති සක්වලය තරම්
පිළුණු දෙතනේ
සෙනේ තිබුණද
මහ මෙර තරම්
විශ්වයේ වෙන යමක් ඇත්ද
මවු සෙනේ තරම්
වියලූණු පොලෝ ගැබ
දිනෙක සිප ගනී
නැවුම් වැසි දියෙන්
Thursday, 11 January 2018
තාක්‍ෂණිය හැඩරුව
හැඩකල තාක්‍ෂණයේ වල්මත් වු පිරිසකගේ තික්‍ෂණ බුද්ධියට ආමන්ත‍්‍රණය කිරීම උගහට නමුත් බොහෝ දෙනාගේ සමීපතම සබදතා අන්තර්ජාලයට සීමා වෙලා අම්මත් Face book තාත්තත් Face book ගෙදර දරුවත් Face book සමාජයේ දුරස්ථ ඛෙදවාචකයක් ඇරබීමට මත්තෙන් එයට පිළියම් යෙදිය යුත්තෝ අපිම ය. දෙමවුපියන් දරුවන්ට උපන් දින සුබ පතන්නේ ද Face book මගින් නැතහොත් අන්තර්ජාලය මගිනි. කාර්යයබහුල මිනිසුන් ද නිකරුණේ සිටින මිනිසුන් ද ඒකාකාරී ජීවිත රටාවේ සැනසුන් සුසුමක් ලබනුයේ Face book මගිනි. නමුත් කාලය රවටා ගැනීමක් මෙන්ම ඔවුනොවුන් රවටා ගැනීමකි. සෑබෑ මිතුරා සොයන්නේ likes comments මතය සැබෑ ආදරය සොයන්නේ මුදල සහ රූපය මතය. රැවටිලිකාර ආන්දොලනාත්මක සමාජයක් නිරතුරුව ගොඩ නගයි. මෙකී පලහිපවුවේ පැටලෙන අයට ඉන් මිදීමට නොසිතේ. මදක් සිතුවාද Smart phone එක නොමැතිව කොපමන වෙලාවක් සිටිය හැකි ද යනවග නමුත් ඔය Smart phone එක නොමැති දවසත ඔබ මානසික රෝගියෙක් වෙනවා නොඅනු මානයි. මොකද දෛනික ජීවිතයේ මෙන්ම ශරීර අංගයක් වි ඇත. කන්න බොන්න යන තැනත් likes එකක් comments කරන තුරු සිහියක් නැති ඔබ එයට වැටෙන likes ගනනට වැඩිය comments ගනන අපේක්‍ෂාවෙන් කන්න බොන්න ගත්ත දෙත් smart phone එකට සීමා කොට comments වලින් බඩ පුරවා ගනී. දිනෙන දින අපුරුcam වලින් photo uploard

Subscribe to:
Posts (Atom)