ගුරුවරයෙකුට ඉගෙනුම්ඵල හෙවත් සුවිශේෂී අරමුණු ලිවීමේ ප්‍රයෝජන
ඉගෙනුම් ක්‍රියාවලිය දියත් කිරීම (සංවර්ධනය කිරීම)
පාඩම සදහා ප්‍රබෝධයට පත් සිසුන් සඳහා, අවශ්‍යතාවය මතු වු සිසුන් සඳහා එසේත් නැත්නම් කුතුහලයෙන් යුතුව පාඩමට අවතීර්ණ වීමට බලා සිටින සිසුන් සඳහා දැන් පාඩම ඉදිරිපත් (විෂය කරුණු ) කිරීමේ අවස්ථාවයි.
● අනතුරුව මාතෘකාව කළු ලෑල්ලේ සටහන් කළ හැකිය සටහන් කිරීම.
● පාඩමේ විෂය අන්තර්ගතය පන්තියට ඉදිරිපත් කරන පිළිවෙළ (1 පියවර, 2 පියවර ......) සටහන් කිරීම
● මේ සඳහා සුවිශේෂි අරමුණු සාක්ෂාත් වන අයුරින් ක්‍රමෝපායන්ද සකස් කළ යුතුව ඇත.
( දේශනය, කණ්ඩායම් ක්‍රියාකාරකම්, සවන් දීම, සාකච්ඡාව, පාඨ කියවීම, කළු ලෑල්ල වෙත ගෙන ඒම, ශබ්ධ නගා කියවීම, ගායනය, නිර්මාණකරණය, තොරතුරු හුවමාරුව)
යනාදි ලෙස පාඩම සංවර්ධනය සඳහා සුවිශේෂි අරමුණු මහගු පිටුවහලක් දක්වයි. සුවිශේෂි අරමුණු වල අඩංගු ප්‍රජානන, ආවේදන සහ මනෝචාලක ශිෂ්‍යයා තුළින් සාක්ෂාත් වීම පාඩම සංවර්ධනය තුළින් මනාව පිළිබිඹු වේ.
ඉගෙනුම් ඵල හෙවත් සුවිශේෂි අරමුණු ලිවීම ගුරුවරයාට තම ඉගැන්වීමේ කාර්යක්ෂමතාව ඇගයීමට සහ වැඩි දියුණු කරගැනීමට අවස්ථාවක් සලසයි. යම් ඉගෙනුම් ඵලයක් සාක්ෂාත් කර ගැනීමට ශිෂ්‍යයන්ට අපහසු නම් ගුරුවරයාට තම ඉගැන්වීමේ ක්‍රමවේදයන් නැවත සලකා බැලීමටත් වඩාත් සුදුසු ක්‍රමයක් අනුගමනය කිරීමටත් හැකියාව ලැබේ. ප්‍රතිපෝෂණය වැනි ක්‍රියාමාර්ග මගින් පාඩමේ ඉදිරි පියවර දියත් කළ හැකි වේ.
ශිෂ්‍ය ඇගයීම පහසු වීම
“අධ්‍යාපනික ඇගයුම යනු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක යෙදී සිටින සිසුන් විෂය අන්තර්ගතයට අදාළව කෙතරම් දුරට විෂයය අරමුණු ළගා කරගෙන ඇත්දැයි සොයා බැලීම ජේ.සී.අගාවල් දක්වයි. (2025,ශාන්තරත්න)
තවද ඇගයීම් ක්‍රමවේදයන් නිවැරදිව තෝරා ගැනීමටත් පාඩම විධිමත්ව සංවිධානය කිරීමටත් හැකියාව ලැබේ. පාඩමක් ඉගැන්වීමේ දී ඇගයීම් අංශ දෙකකින් සිදු කළ හැකිය.
● සම්භවන ඇගයීම
● සම්පිණ්ඩන ඇගයීම
සම්භවන ඇඟයීම යනු පාඩම උගන්වන අතරතුර ප්‍රශ්න කරමින් පිළිතුරු විමසමින් සාකච්ඡාමය ස්වරෑපයක් පන්තියේ ඇති කිරීමකි.
සම්පිණ්ඩිත ඇඟයීම යනු අවසාන මිනිත්තු 5-10 කාලයක දී පාඩමේ අරමුණු ලගා කර ගත්තාද යන්න විමසා දැන ගැනීමට ප්‍රශ්න කිරීමකි. මේ සඳහා කෙටි, සරළ , එක් විෂය කරුණක් අඩංගු සුදානම් කරගත් ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු ය. එම ප්‍රශ්න වාචිකව, ලිඛිතව විමසිය හැකිය.
පාඩමක් අවසානයේ දී ඇගයීමක දී සුවිශේෂිව සලකා බලනු ලබන්නේ සමස්ත පාඩමේ චර්යාමය අරමුණු සපුරා ගෙන තිබේද යන්න අනාවරණය කර ගැනීමට ලිඛිත හෝ වාචික පැවරුමක් ඉදිරිපත් කළ හැකි වේ. මෙම ඇගයීම විභාග ක්‍රමයකට වඩා ශිෂයන් ප්‍රතිපෝෂණය කිරීමක් වේ.
ඉගෙනුම් උපකරණ හා ඉගෙනුම් ක්‍රම ගොඩනගා ගැනීමට
සුවිශේෂි අරමුණු ගොඩ නගා ගැනීමේ දී පහසුවෙන් ඉගැන්වීම් ක්‍රම දියත් කළ හැකි වේ.ගුරු කේන්ද්‍රිය ක්‍රමවලින් බැහැරව ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රම තුළ ශිෂ්‍යයා රදවා ලබා ගැනීමට ද හේතු වේ. එනම් බුද්ධි කලම්බනය, නාට්‍යකරණය, කණ්ඩායම් ක්‍රමය වැනි ක්‍රම අනුගමනය කළ හැකිය. නිතරම ශිෂ්‍යා අරමුණු කරා ලගා වී ඇති දැයි නිරීක්ෂණයට කළු ලෑල්ල පරිහරණය හෝ වෙනත් දෘශ්‍යධාර උපයෝගී කරගන්නට අවශ්ථාව ලබා දීම. තවද සැගවුණු විෂයය කරුණු සිසුන් අතරින් ඉදිරිපත් වීමට ඉඩ සැලැස්වීම. යම් වැඩක් ලබා දුන් පසු එක එල්ලේ විවේචනයන් කරා ගමන් නොකිරීම. නාට්‍යකරණය වැනි අවස්ථා ගොඩ නැගීම මෙය ප්‍රාථමික පංතිවලදී ද, ද්විතීක අධ්‍යනයේ දී සිංහල, සමාජ අධ්‍යනය වැනි විෂයයන්හිදී බහුල වශයෙන් යොදා ගන්නට හැකිය. ප්‍රායෝගික ඉගැන්වීමේ දී විනාඩි 15ක පමණ කෙටි නාට්‍යකින් විෂය කරුණු ඉදිරිපත් කර පාඩම ගොඩ නගන්නට හැකිය.කණ්ඩායම් ක්‍රමය තුළින් ද සියලුම ශිෂ්‍යයන්ට සියලු කරුණු ගවේෂණයට හැකියාව ලැබෙන අයුරින් දියත් කළ යුතුය. කාණ්ඩායම් සාමාජික සංඛ්‍යාව 4-8 දක්වා වීම වඩා සුදුසු වේ. කණ්ඩායම් අතර තම පාඩමේ අරමුණුවලට උචිත අයුරින් අහඹු ලෙස, නම්වල අකාරාදි පිළිවෙලට, පන්තියේ අසුන්ගෙන සිටින පිලිවෙලට නාමලේඛන අනුපිළිවෙලට, සමාජමිතික පරීක්ෂණ අනුව ද බෙදා වෙන් කළ හැකිය.
ශිෂ්‍ය අවධානය සහ සහභාගීත්වය වැඩි වීම
පැහැදිලි ඉගෙනුම් ඵල මගින් ශිෂ්‍යයා පාඩම අවසානයේ ළඟා කරගත යුතු දැනුම, කුසලතා සහ ආකල්ප මොනවාදැයි ගුරුවරයාට නිශ්චිතව හඳුනාගත හැකිය. මෙය ශිෂ්‍යයාගේ ප්‍රගතිය නිවැරදිව ඇගයීමට සහ ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට උපකාරී වේ.
ගුරුවරයා ශිෂ්‍යයන්ට පාඩමේ අරමුණු පැහැදිලිව ඉදිරිපත් කරන විට ඔවුන්ට ඉගෙනුම් ක්‍රියාවලියේ වැදගත්කම සහ තම අභියෝගයන් පිළිබඳව අවබෝධයක් ලැබේ. එමගින් ශිෂ්‍යයන්ගේ ඉගෙනීමට ඇති උනන්දුව සහ පාඩමට සහභාගී වීමේ ප්‍රවණතාව වැඩි වේ.
සුවිශේෂී අරමුණු (ීචැජසසෙජ ධඉවැජඑසඩැ) ලියන විට සැලකිලිමත් විය යුතු කරුණු
පාඩමක් සඳහා සුවිශේෂී අරමුණු :ීචැජසසෙජ ධඉවැජඑසඩැ) ලියන විට පහත කරුණු 5 පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. මෙම කරුණු සාමාන්‍යයෙන් ීඵ්ඍඔ ලෙස හඳුන්වනු ලබන අතර එමගින් අරමුණු පැහැදිලිව මැනිය හැකි සහ ඵලදායී බව සහතික කරයි.(ද සිල්වා,2011)
ීචැජසසෙජ - නිශ්චිත අරමුණු පැහැදිලි සහ නිශ්චිත විය යුතුය (සුවිශේෂි වීම)
සුවිශේෂි වීම යනු තෝරා ගත් විෂයය අරමුණුය. උදාහරණ ලෙස - (පොදු අරමුණ ) ශිෂ්‍යයා ආශිර්වාද ක්‍රියා යන්න හදුනා ගෙන ලේඛනයේ දී නිවැරදිව භාවිතා කරයි. තවද මෙහි සුවිශේෂි අරමුණු ප්‍රජානන, ආවේදන සහ මනෝ චාලක ලෙස අරමුණු ගොඩ නැගීම.
සුවිශේෂි අරමුණු -
ප්‍රජානන - ශිෂ්‍යයා ආශිර්වාද ක්‍රියා යනු කුමක් දැයි අර්ථ දක්වයි.
ශිෂ්‍යයා ආශිර්වාද ක්‍රියා සඳහා නිදසුන් පවසයි.
ශිෂ්‍යයා ලේඛනයේ දී ආශිර්වාද ක්‍රියා නිවැරදිව භාවිතා කරයි.
ඵැ්ිමර්ඉකැ - මැනිය හැකි
අරමුණු මැනිය හැකි බව යනු පාඩමේ සුවිශේෂි අරමුණු ලියන විට ඉතාම වැදගත් සාධකයක් සරළව කිව්වොත් පාඩම අවසානයේ දී සිසුන් ඉලක්ක ගත දැනුම හෝ හැකියාව ලබාගෙන ඇත්දැයි අපට නිශ්චිතව මැනිය හැකි වීමයි. සිසුන් අරමුණ සාක්ෂාත් කර ඇත්දැයි තක්සේරු කිරීමට ඔබට හැකි විය යුතුය. මෙය මැනිය හැකිය. සුවිශේෂි අරමුණු තුළ මනෝ චාලක ක්ෂේත්‍රය තුළ
උදාහරණ - ශිෂ්‍යයා ආශිර්වාද ක්‍රියා පද යොදා වාක්‍යවල හිස්තැන් පුරවයි.
ආශිර්වාද ක්‍රියා පුරුෂ තුනේම වර නගා ලියයි.
ආශිර්වාද ක්‍රියා යොදා වාක්‍ය 5 ගොඩ නගයි.
සුභ පැතිමේ හා අසුභ පැතීමේ ආශිර්වාද ක්‍රියා වගුගත කරයි.
ශිෂ්‍යයා දක්වන කාර්යය සාධනය මැනීමට හැකිය. ශිෂ්‍යයා දක්වන කාර්යය සාධනය මැනීමට පැහැදිලි නිර්ණායක භාවිත කළ හැකිය. එම අරමුණුවලින් අවධාරණය වු ඉගෙනුම් අත්දැකීම් ලගා කර ගැනීම (ඛැ්රබසබට ෑංචැරසැබජැ) පංතියට ශිෂ්‍ය ප්‍රතිමානවලට අනුකූවීම අවශ්‍යයි. එමෙන්ම පාඩම සංවර්ධනය තුළ විනාඩි 40 කාලච්ඡේදයකින් පාඩම නිමකළ හැකි ලෙස විෂයය අන්තර්ගතයට ගැලපෙන පරිදි අරමුණු සකස් කළ හැකිය සහ කාලය අදාළ පියවර ඔස්සේ මැනිය හැකිවිය යුතුය.
මැනිය හැකි ක්‍රියා පද ලෙස
නම් කරන්න, විස්තර කරන්න, හදුනා ගන්න, ගණනය කරන්න, ලයිස්තු ගතකරන්න,සසඳන්න, ප්‍රතිසංස්කරණය කරන්න. වෙන් කරන්න, සාදන්න. වැනි පද වේ. එ අතර පැනිය නොහැකි ක්‍රියා පද තේරුම් ගන්න, දැනගන්න, අගය කරන්න, විශ්වාස කරන්න, දකින්න, අත්දකින්න
මැනිය නොහැකි ක්‍රියාපද භාවිත කරන විට ශිෂ්‍යයා අදාළ මාතෘකාව තේරුම් ගෙන ඇත්දැයි යන්න නිශ්චිතව මැනිය නොහැකිය.
්ජයසැඩ්ඉකැ - ළඟා විය හැකි
පාඩමක සුවිශේෂි අරමුණු ලිවීමේ දී ලගා විය හැකි බව කියන්නේ සිසුන්ට එම අරමුණු සාර්ථකව ඉටුකර ගත හැකි ද යන්නයි. එම අරමුණුවල පවතින යථාර්ථවාදී බවයි. අරමුණු සැකසීමේ දී ,
සිසුන්ගේ හැකියාවන්ට අනුකූල වීම , පවතින සම්පත් හා කාලය, සාර්ථකත්වය පිළිබඳ හැගීම
අරමුණු සිසුන්ගේ දැනුම මට්ටමට සහ පාඩමේ කාල රාමුවට ගැලපෙන ළඟා විය හැකි ඒවා විය යුතුය. අධික ලෙස දුෂ්කර හෝ සරල අරමුණු යොදා නොගත යුතුය.
උදාහරණ ලෙස ආවේදන ක්ෂේත්‍රය තුළ ශිෂ්‍යයා ආශිර්වාද ක්‍රියාව ප්‍රාර්ථනා ක්‍රියා යනුවෙන් ද හැදින්වෙන බව පිළිගෙන අදහස් දක්වයි. එදිනෙදා ජීවිතයේ දී නොයෙකුත් ප්‍රාර්ථනා කිරීම සඳහා ආශිර්වාද ක්‍රියා යොදා ගැනීමට පෙළබෙයි. තවද ආශිර්වාද ක්‍රියා සුභ මෙන්ම අසුභ ප්‍රාර්ථනා ලෙස ප්‍රකාශකල හැකි බව පිළිගෙන අදහස් දක්වයි.
වැරදි උදාහරණයක් ලෙස සිසුන් සිසුන් සංකීර්ණ ගණිත ගැටලු 10ක් විසදනු ලබයි.
නිවැරදි උදාහරණයක් සිසුන් එකතු කිරීම් සහ අඩු කිරීම් අඩංගු සරළ ගණිත ගැටලු 5ක් විසඳනු ඇත.
ඍසකස්ඉසකසඑහ - විශ්වාසනීය බව
පාඩමක සුවිශේෂි අරමුණු ලිවීමේ දී අදාළ බව යනු ඒ අරමුණු සිසුන්ගේ ජීවිතයට, දැනට ඉගෙන ගන්නා විෂය කරුණුවලට සහ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට කෙතරම් වැදගත් ද යන්නයි. මේ තුළින් උනන්දුව හා පෙළඹවීම, ගැඹුරු අවබෝධය මෙන්ම දැනුම භාවිතය
අරමුණු සමස්ත විෂය මාලාවට සහ පාඩමේ ප්‍රධාන අරමුණට අදාළ විය යුතුය. සිසුන්ගේ ඉගෙනීමට සෘජුවම සම්බන්ධ නොවන අරමුණු ඇතුළත් කිරීම නොකළ යුතු වේ.
උදාහරණ ලෙස - (පොදු අරමුණ ) ශිෂ්‍යයා ආශිර්වාද ක්‍රියා යන්න හදුනා ගෙන ලේඛනයේ දී නිවැරදිව භාවිතා කරයි. ඉහත පොදු අරමුණ මනෝ චාලක තුළින් ඒත්තු ගැන්වේ.
උදාහරණ - ආශිර්වාද ක්‍රියා පුරුෂ තුනේම වර නගා ලියයි.
ආශිර්වාද ක්‍රියා යොදා වාක්‍ය 5 ගොඩ නගයි.
සුභ පැතිමේ හා අසුභ පැතීමේ ආශිර්වාද ක්‍රියා වගුගත කරයි.
වැරදි උදාහරණ - සිසුන් ග්‍රීසියේ පැරණි කාසි වර්ග 5ක් නම් කරනු ඇත.
නිවැරදි උදාහරණ - සිසුන් ආර්ථික ක්‍රියාවලියේ මුදලේ වැදගත්කම විස්තර කරනු ලබයි.
ඔසපැ - කාල නිර්ණය
අරමුණු යම් නිශ්චිත කාල රාමුවක් තුළ සම්පූර්ණ කළ හැකි ඒවා විය යුතුය. සාමාන්‍යයෙන් මෙය පාඩම අවසානයේදී සිසුන් සපුරා තිබිය යුතු ඉලක්කයකි. සමස්ත පාඩමෙන් ශිෂ්‍යයා ආශිර්වාද ක්‍රියා ලේඛනයේ දී නිවැරදිව භාවිතයට දැන සිටිය යුතුය. සමස්ත පාඩම් සංවර්ධනය තුළ පියවර ආකරයෙන් බෙදා කාලය පියවරෙන් පියවර යාම අරමුණු සාක්ෂාත් කිරීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.
සුවිශේෂි අරමුණු ලිවීමෙන් කාල නිර්ණයෙහි ඇති වාසි ලෙස කාලය නාස්තිවීම අවම වේ. පාඩම සංවර්ධනයේ දී පියවර සඳහා විනාඩි 05 පළමු පියවර වශයෙන් විනාඩි 5, දෙවන පියවර විනාඩි 10 ක් වශයෙන් කාලය වෙන් කරනු ලබයි. මේ මගින් පාඩම අතර තුර සිදුවිය හැකි කාල නාස්තිය අවම කරයි. ඉගෙනුම් ප්‍රතිඵල සහතික කිරීම ඒනම් එක් එක් අරමුණ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් වන නිසා, ශිෂ්‍යාට ඉගෙන ගැනීමට අවශ්‍ය සියලු කරුණු ආවරණය වන බවට සහතික විය හැකිය. තවද කා©ක්ෂමතාවයද වැඩි කර ගත හැකිය. එනම් සෑම අරමුණක්ම නිශ්චිත කාල රාමුවක් තුළ සාක්ෂාත් කර ගැනීමට උත්සහ කරන නිසා ඉගැන්වීමේ කාර්යක්ෂමතාව වැඩිවේ.
අවසානයේ දී ඇස්තමේන්තු කාලයේ එකතුව විනාඩි 40 කට ගණනය කරනු ලබයි. සියලු පියවරයන්හි දී මානා ලෙස කාලය ගැලපීම ශිෂ්‍ය ක්‍රියාකාරකම් , ගුරු පැහැදිලි කිරීම් මෙන්ම අවසානයේ ඇගයීම සඳහා වන කාලය පිළිබඳ සැලකිලිමත්ව විධිමත්ව සුවිශේෂි අරමුණු ඉටුවන අයුරින් කාලය කළමනාකරණය කරගත හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
ද සිල්වා, ඩී.සී (2011) ගුරුවරුන් සඳහා ප්‍රායෝගික ඉගැන්වීමට උපදෙස්, කොළඹ 10: ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
බණ්ඩාර, එව්.එම් ශාන්ත රත්න (2025). සිසුන් තක්සේරු කිරීම. ඉසිරි ප්‍රකාශනහා මුදාණ
ගුණවර්ධන, රාජා. අබේපාල, රෝලන්ඩ්(2017). අධ්‍යාපන අරමුණු වර්ගීකරණය, කොට්ටාව: සාර ප්‍රකාශන
ජයවීර, ඒ.එම්.එස් (2002) ශ්‍රී ලංකා පාසල් විෂයමාලා ප්‍රතිපත්තියක් වෙත, දෙහිවල: ශ්‍රී දේවී ප්‍රින්ටර්ස් ප්‍රයිවෙට් ලිම්ටඩ්